ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා

    අපේ දරුවන්ගේ නොමඳ ආදරය දිනූ ටයිටස් තොටවත්ත පසුගියදා අප අතරින් වියෝ විය. ඒ නිමිත්තෙන් තැබූ සටහනකි, මේ.

    කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ උපදේශක කවියකින් උපුටා ගත් ‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නො නඟී’ යන්න සිය ජීවිතයේ ආදර්ශ පාඨය කරගත් තොටවත්තයන් ඔහු නිර්මාණය කළ හඬ දෙකැවි රූපවාහිනි මැදිරිය තුළ ඒ පාඨය ලස්සන අතුරින් ලියවා අලවා තිබුණේ යන එන්නන්ට ද එහි ආදර්ශය ගන්නටය. එසේ ම වෙනත් පටිගත කිරීම් මැදිරිවල ‘නිශ්ශබ්ද වෙන්න’ යන්න වෙනුවට අලවා තිබුණේද තවත් නැවුම් පාඨයකි. ඒ ‘කට ඇරියොත් වචන ඔබනවා’ යන්නය. ඔහුගේ ‘හඳයා’ ළමා චිත‍්‍රපටය ඔහු හැඳින්වූයේ අමුතු විදියකටය. ඒ ‘8 සිට 80 තෙක් හැමෝටම බලන්න චිත‍්‍රපටයක්’ කියාය. ඔහු හැමදාම වෙනස් විදියට සිතූ වෙනස් විදියට වැඩ කළ මිනිසෙක් විය.

    අලූත් අලූත් දේට කැමති වූ ඔහු නවකයන්ට අත දීමටත් නොපැකිළව ඉදිරිපත් විය. ඔහු ඒ කාරිය පටන් ගත්තේ අද ශී‍්‍ර ලාංකීය සිනමාවේ දැවැන්තයාව සිටින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි. රජයේ චිත‍්‍රපට අංශයේ සේවය කරමින් සිටි ලෙස්ටර් හාපුරා කියා සිංහල වෘත්තාන්ත චිත‍්‍රපටයක් තනන්නට ඉල්ලා අස්වූ වේලේ කැමරා ශිල්පී විලී බ්ලේක් සමග ටයිටස්ද රජයේ චිත‍්‍රපට අංශයේ සේවයෙන් ඉල්ලා අස්ව ලෙස්ටර්ට සහයට ආවේය. සිංහල සිනමාව නව මගකට යොමු වූ ‘රේඛාව’ (1956* බිහි වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ සංස්කරණ දායකත්වය එදා සිට මුල්වරට සිනමාවට එක්වූ හැම නවක අධ්‍යක්ෂවරයකුට ම එකසේ ලැබුණේය. ‘ශී‍්‍ර ලංකාවේ තැනුණු එකම ළමා චිත‍්‍රපටය’ යැයි කටපුරා කිව හැකි ‘හඳයා’ ළමා චිත‍්‍රපටයෙන් පසු ඔහු සිය නිර්මාණකරණය මුළුමනින් ම ළමා පරපුර වෙනුවෙන් කැප කළේය. එයින් ළමා පරපුරට නව රස මාවතක් බිහි විය.

    චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු, සංස්කරණ ශිල්පියකු හා සිනමා ගුරුවරයකු වූ ටයිටස් තොටවත්තගෙන් විශාලම මෙහෙය ඉටුවූයේ මෙරට රූපවාහිනී ක්ෂේත‍්‍රයටය. එයිනිදු අපේ රූපවාහිනියට දෙබස් කැවීම හඳුන්වා දීම විශේෂයෙන් කැපී පෙනෙයි. නව නිර්මාණ බිහි කිරීම අතින් මෙන්ම තාක්ෂණය පැත්තෙන් හා ශිල්පීන් පුහුණු කිරීමෙන්ද ඔහු විශාල දායකත්වයක් සැපයුවේය. රූපවාහිනියට නව හඬ කැවීම් මැදිරියක් නිර්මාණය කිරීමට ද ඔහු කැප වූයේය.

    ඔහු හඬ කැවීම පටන් ගත්තේ රූපවාහිනිය ආරම්භ වීමටත් පෙර සිටය. මතු එන රූපවාහිනිය සඳහා ඒ හඬ කැවීම් කළේ රජයේ චිත‍්‍රපට අංශයේ මැදිරියක් තුළය. ජාතික රුපවාහිනියේ පමණක් නොව අනෙක් නාළිකාවල ද දැනට හපන්කම් පාන බොහෝ දෙනා පන්නරය ලැබුවේ ඔහුගෙනි. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා සෝමපාල රත්නායක හවුල් කර ගෙන අපූරු ළමා ගී රැුසක් නව නිර්මාණ ලෙස දෙබස් කැවූ කාටූන් ඔස්සේ ඉදිරිපත් කළේය. මේ ඉන් ගී දෙකකි.

    ‘මුහුද මගේ ගොඩ බිමයි
    මගෙ නැව නිවසට සමයි
    සියලූ සතුන් මගෙ තමයි
    දොස්තර හොඳහිත මමයි’

    ‘බෑයි කියල බෑයි කියල බෑ
    බෑයි කියල බෑයි කියල බෑ
    දුවේ පුතේ කිසිම දෙයක්
    බෑයි කියල බෑයි කියල බෑ’

    දොස්තර හොද හිත පලවෙනි කොටස මෙතනින් බලන්න

    http://www.youtube.com/watch?v=J5Bj4a4vh_U&feature=player_embedded

    තොටවත්තගේ හැම නිර්මාණයක් ම නැවුම්ය; රසවත්ය. ඒවාට නම් යෙදීම ද ඉතා රසවත්ය; නිර්මාණශීලීය. ඔහු තම සොහොයුරු වරලත් උවදෙසු මැවිසුරු (උපදේශක ඉංජිනේරු* ඊලියන් ද සිල්වා අනුව යමින් හෙළ ඌරුවට හුරු අපූරු නම්වලින් සිය දෙබස් කැවූ නිර්මාණ සැරසුවේය. ඒවා අපේම ඒවා මිස කිසිලෙසකින් විදෙස් ඒවා ලෙස අපට දැනුණේ නැත. ගලිවර්ස් ට‍්‍රවල්ස් ඒ අනුව ‘ගලිවර්ගේ සුවිසැරිය’ නම් විය. මෑන් විත් ද අයන් මාස්ක්, ‘යවෙස් ලූ මිනිසා’ විය. ඩොක්ටර් ඩූලිට්ල්, ‘දොස්තර හොඳහිත’ (1985* විය. බග්ස් බනි, ‘හා හා හරි හාවා’ (1986* විය. හා හා හරි හාවා සඳහා ඔහු පසුබිමින් ගායනයට යොදා ගත්තේ කුමාරතුංග මුනිදාසගේ සුප‍්‍රකට ‘හාවාගේ වග’ නම් කව් පෙළයි. එය තවත් නව නිර්මාණයක් ලෙස දරුවන්ගේ හදවත් තුළට කා වැදුණේය.

    ‘හා හා හරි හාවා’ බලන්න.

    http://www.youtube.com/watch?feature=player_embedded&v=nl7LKJjqzm0

    ටී. ජී. එම්. ජූලියස් ද සිල්වාගේ සහ සිසිලියා සෙට්ටිනායකගේ පුත‍්‍ර රත්නයක් ලෙස 1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා, ‘ටයිටස් තොටවත්ත’ යනුවෙන් සිය නම පවා අලූත් කර ගත්තේ තම නව නිපැයුම්වලට සරිලන පරිද්දෙනි. 2011 ඔක්තෝබර් 15 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේ ඒ අලූත් නමිනි.
     
    Last edited:
    • Like
    Reactions: Dath

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ටයි මාමා ගේ කාටූන් එකක් බලන්න, හඩ නවපු කතාවක් බලන්න හවස පන්තියක් කට් නොකරපු එකෙක් මේ ලංකාවේ නැතිව ඇති.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ටයි මාමා ගේ කාටූන් එකක් බලන්න, හඩ නවපු කතාවක් බලන්න හවස පන්තියක් කට් නොකරපු එකෙක් මේ ලංකාවේ නැතිව ඇති.

    :(:(:(:(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ටයි මාමා ගේ කාටූන් එකක් බලන්න, හඩ නවපු කතාවක් බලන්න හවස පන්තියක් කට් නොකරපු එකෙක් මේ ලංකාවේ නැතිව ඇති.

    :( :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටයි මාමාගේ කාටුන් වල තිබුන දෙබස් රසය ඊටපස්සෙ කවදාවත් ඇහුවෙ නෑ. ඒ වගේම ඒකාලේ හොද දෙබස් කවන ශිල්පීන් හිටියා. මතකනේ හා හා හරි හාවට හඩ කවපු සැමුවෙල් මාමා. ඒ අය ගැනත් අපි කතා කරන්න ඕනේ.
    ටයි මාමා අපේ ජීවිත කුඩා කාලෙදී රසවත් කරපු යෝධයෙක්‍.
    ඔහුට නිවන් සුව පතමු.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ටයි මාමාගේ කාටුන් වල තිබුන දෙබස් රසය ඊටපස්සෙ කවදාවත් ඇහුවෙ නෑ. ඒ වගේම ඒකාලේ හොද දෙබස් කවන ශිල්පීන් හිටියා. මතකනේ හා හා හරි හාවට හඩ කවපු සැමුවෙල් මාමා. ඒ අය ගැනත් අපි කතා කරන්න ඕනේ.
    ටයි මාමා අපේ ජීවිත කුඩා කාලෙදී රසවත් කරපු යෝධයෙක්‍.
    ඔහුට නිවන් සුව පතමු.

    හා හා හරි හාවා ට හඩ කැවුවේ ගැමුණු විජේසූරිය මාමා නේ ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හා හා හරි හාවා ට හඩ කැවුවේ ගැමුණු විජේසූරිය මාමා නේ ද?

    එහෙමද මචං මම හිතුවේ සැමුවෙල් මාමා කියල. ඉස්සර ඔය කට්ටියම සුපිරියට හඩ කවනවනේ. ඔය හඩ කවපු සුපිරි හඩ නලුවො ගැන ත්රෙඩ් එකක් දාන්න පුලුවන් නම් හොදයි මචං. නෙට් එකේ කොහෙවත් එයාල ගැන විස්තර නැ. ටයි මාමා ගැන නම් හොයා ගන්න තියනවා.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ගැමුණු විජේසූරිය කියන්නේ ගුවන් විදුලියේ ප්‍රසිද්ධ ම නාට්‍ය ශිල්පියෙක්. එයා ට කටහඩල් 7ක් විතර තිබුණ‍ා. මට මතකයි මම පුංවිම කාලේ ගුවන් විදුලියේ වෙළද සේවයේ ඉරිදා 9.45 ට ගියා සන්බීම් කැඩපත කියලා විකට වැඩසටහනක්. මම එතකොට 3 වසරේ. ඒ වැඩසටහනේ කතාවට හඩ කැවුවේ ගැමුණු මාමා විතරයි. මාර ලස්සන ජෝක් කතාව. හා හා හරි හාවගේ හඩත් තිබුණා ඒ හඩවල් අතර.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගැමුණු විජේසූරිය කියන්නේ ගුවන් විදුලියේ ප්‍රසිද්ධ ම නාට්‍ය ශිල්පියෙක්. එයා ට කටහඩල් 7ක් විතර තිබුණ‍ා. මට මතකයි මම පුංවිම කාලේ ගුවන් විදුලියේ වෙළද සේවයේ ඉරිදා 9.45 ට ගියා සන්බීම් කැඩපත කියලා විකට වැඩසටහනක්. මම එතකොට 3 වසරේ. ඒ වැඩසටහනේ කතාවට හඩ කැවුවේ ගැමුණු මාමා විතරයි. මාර ලස්සන ජෝක් කතාව. හා හා හරි හාවගේ හඩත් තිබුණා ඒ හඩවල් අතර.....

    ඔව් මචං ගැමුණු මාමා තමයි. මට නම පැටලුනා. 2007 මාර්තු 19 වෙනිද තමයි නැති වුනේ. :( එතුමා ගැන මිනිස්සු කතා කරනව මදි.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth

    ඔව් මචං ගැමුණු මාමා තමයි. මට නම පැටලුනා. 2007 මාර්තු 19 වෙනිද තමයි නැති වුනේ. :( එතුමා ගැන මිනිස්සු කතා කරනව මදි.
    ගැමුණු මාමා හඩ කැවීම් ශිල්පීන් අතර සුපිරි චරිතයක්.
    ඉස්සර ගැමුණු මාමා නැතිව ගායකයෙක් ගේ කැසට් එකක් විකුණන්න අමාරුයි.
    මොකද එයාගෙ කටහඩින් තමා ගුවන්විදුලියේ වෙළද දැන්වීම දාන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගැමුණු මාමා හඩ කැවීම් ශිල්පීන් අතර සුපිරි චරිතයක්.
    ඉස්සර ගැමුණු මාමා නැතිව ගායකයෙක් ගේ කැසට් එකක් විකුණන්න අමාරුයි.
    මොකද එයාගෙ කටහඩින් තමා ගුවන්විදුලියේ වෙළද දැන්වීම දාන්නේ

    ඔව් ' ආවා ආවා ආවා..... ඔන්න ආවා' කියලා කැසට් පීස්වල ඇඩ්කියන්නේ. :)