ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා

    || ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා ||

    Titus-Thotawatte-photo-courtesy-biography-by-Nuwan-Nayanajith-Kumara.jpg

    අපේ දරුවන්ගේ නොමඳ ආදරය දිනූ ටයිටස් තොටවත්ත පසුගියදා අප අතරින් වියෝ විය. ඒ නිමිත්තෙන් තැබූ සටහනකි, මේ.

    කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ උපදේශක කවියකින් උපුටා ගත් ‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නො නඟී’ යන්න සිය ජීවිතයේ ආදර්ශ පාඨය කරගත් තොටවත්තයන් ඔහු නිර්මාණය කළ හඬ දෙකැවි රූපවාහිනි මැදිරිය තුළ ඒ පාඨය ලස්සන අතුරින් ලියවා අලවා තිබුණේ යන එන්නන්ට ද එහි ආදර්ශය ගන්නටය. එසේ ම වෙනත් පටිගත කිරීම් මැදිරිවල ‘නිශ්ශබ්ද වෙන්න’ යන්න වෙනුවට අලවා තිබුණේද තවත් නැවුම් පාඨයකි. ඒ ‘කට ඇරියොත් වචන ඔබනවා’ යන්නය. ඔහුගේ ‘හඳයා’ ළමා චිත‍්‍රපටය ඔහු හැඳින්වූයේ අමුතු විදියකටය. ඒ ‘8 සිට 80 තෙක් හැමෝටම බලන්න චිත‍්‍රපටයක්’ කියාය. ඔහු හැමදාම වෙනස් විදියට සිතූ වෙනස් විදියට වැඩ කළ මිනිසෙක් විය.

    අලූත් අලූත් දේට කැමති වූ ඔහු නවකයන්ට අත දීමටත් නොපැකිළව ඉදිරිපත් විය. ඔහු ඒ කාරිය පටන් ගත්තේ අද ශී‍්‍ර ලාංකීය සිනමාවේ දැවැන්තයාව සිටින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි. රජයේ චිත‍්‍රපට අංශයේ සේවය කරමින් සිටි ලෙස්ටර් හාපුරා කියා සිංහල වෘත්තාන්ත චිත‍්‍රපටයක් තනන්නට ඉල්ලා අස්වූ වේලේ කැමරා ශිල්පී විලී බ්ලේක් සමග ටයිටස්ද රජයේ චිත‍්‍රපට අංශයේ සේවයෙන් ඉල්ලා අස්ව ලෙස්ටර්ට සහයට ආවේය. සිංහල සිනමාව නව මගකට යොමු වූ ‘රේඛාව’ (1956* බිහි වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ සංස්කරණ දායකත්වය එදා සිට මුල්වරට සිනමාවට එක්වූ හැම නවක අධ්‍යක්ෂවරයකුට ම එකසේ ලැබුණේය. ‘ශී‍්‍ර ලංකාවේ තැනුණු එකම ළමා චිත‍්‍රපටය’ යැයි කටපුරා කිව හැකි ‘හඳයා’ ළමා චිත‍්‍රපටයෙන් පසු ඔහු සිය නිර්මාණකරණය මුළුමනින් ම ළමා පරපුර වෙනුවෙන් කැප කළේය. එයින් ළමා පරපුරට නව රස මාවතක් බිහි විය.

    චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු, සංස්කරණ ශිල්පියකු හා සිනමා ගුරුවරයකු වූ ටයිටස් තොටවත්තගෙන් විශාලම මෙහෙය ඉටුවූයේ මෙරට රූපවාහිනී ක්ෂේත‍්‍රයටය. එයිනිදු අපේ රූපවාහිනියට දෙබස් කැවීම හඳුන්වා දීම විශේෂයෙන් කැපී පෙනෙයි. නව නිර්මාණ බිහි කිරීම අතින් මෙන්ම තාක්ෂණය පැත්තෙන් හා ශිල්පීන් පුහුණු කිරීමෙන්ද ඔහු විශාල දායකත්වයක් සැපයුවේය. රූපවාහිනියට නව හඬ කැවීම් මැදිරියක් නිර්මාණය කිරීමට ද ඔහු කැප වූයේය.

    ඔහු හඬ කැවීම පටන් ගත්තේ රූපවාහිනිය ආරම්භ වීමටත් පෙර සිටය. මතු එන රූපවාහිනිය සඳහා ඒ හඬ කැවීම් කළේ රජයේ චිත‍්‍රපට අංශයේ මැදිරියක් තුළය. ජාතික රුපවාහිනියේ පමණක් නොව අනෙක් නාළිකාවල ද දැනට හපන්කම් පාන බොහෝ දෙනා පන්නරය ලැබුවේ ඔහුගෙනි. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා සෝමපාල රත්නායක හවුල් කර ගෙන අපූරු ළමා ගී රැුසක් නව නිර්මාණ ලෙස දෙබස් කැවූ කාටූන් ඔස්සේ ඉදිරිපත් කළේය. මේ ඉන් ගී දෙකකි.

    ‘මුහුද මගේ ගොඩ බිමයි

    මගෙ නැව නිවසට සමයි
    සියලූ සතුන් මගෙ තමයි
    දොස්තර හොඳහිත මමයි’

    ‘බෑයි කියල බෑයි කියල බෑ

    බෑයි කියල බෑයි කියල බෑ
    දුවේ පුතේ කිසිම දෙයක්
    බෑයි කියල බෑයි කියල බෑ’

    දොස්තර හොද හිත පලවෙනි කොටස මෙතනින් බලන්න

    තොටවත්තගේ හැම නිර්මාණයක් ම නැවුම්ය; රසවත්ය. ඒවාට නම් යෙදීම ද ඉතා රසවත්ය; නිර්මාණශීලීය. ඔහු තම සොහොයුරු වරලත් උවදෙසු මැවිසුරු (උපදේශක ඉංජිනේරු* ඊලියන් ද සිල්වා අනුව යමින් හෙළ ඌරුවට හුරු අපූරු නම්වලින් සිය දෙබස් කැවූ නිර්මාණ සැරසුවේය. ඒවා අපේම ඒවා මිස කිසිලෙසකින් විදෙස් ඒවා ලෙස අපට දැනුණේ නැත. ගලිවර්ස් ට‍්‍රවල්ස් ඒ අනුව ‘ගලිවර්ගේ සුවිසැරිය’ නම් විය. මෑන් විත් ද අයන් මාස්ක්, ‘යවෙස් ලූ මිනිසා’ විය. ඩොක්ටර් ඩූලිට්ල්, ‘දොස්තර හොඳහිත’ (1985* විය. බග්ස් බනි, ‘හා හා හරි හාවා’ (1986* විය. හා හා හරි හාවා සඳහා ඔහු පසුබිමින් ගායනයට යොදා ගත්තේ කුමාරතුංග මුනිදාසගේ සුප‍්‍රකට ‘හාවාගේ වග’ නම් කව් පෙළයි. එය තවත් නව නිර්මාණයක් ලෙස දරුවන්ගේ හදවත් තුළට කා වැදුණේය.

    ‘හා හා හරි හාවා’ බලන්න.

    ටී. ජී. එම්. ජූලියස් ද සිල්වාගේ සහ සිසිලියා සෙට්ටිනායකගේ පුත‍්‍ර රත්නයක් ලෙස 1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා, ‘ටයිටස් තොටවත්ත’ යනුවෙන් සිය නම පවා අලූත් කර ගත්තේ තම නව නිපැයුම්වලට සරිලන පරිද්දෙනි. 2011 ඔක්තෝබර් 15 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේ ඒ අලූත් නමිනි.
     
    • Like
    Reactions: Vidane

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඒව තමයි කාටුන් හප්පා......

    අනිවා මචෝ :yes:

    chooti kaale! :sorry:

    මතක්‌ වෙද්දිත් පොඩියට දුකක් එනව නේද මචාං?
    එක අතකින් අපි හරි වාසනාවන්තයි බං.. අපිට ලස්සන ළමා වියක් තිබ්බා කියල :D

    thanks for sharing macho! :) :)

    oka mokakda machan! :)
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    නියමයි මචෝ..වටිනා නුලක්.රෙප් දෙන්න බැලූ බන්...

    You must spread some Reputation around before giving it to Supunqw again.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ටයිටස් තොටවත්තයන්ගේ කාටුන් තම බන් දැන් ඉන්න පොඩි ළමයින්ටත් බලන්න දෙන්න ඕනේ.

    • දොස්තර හොද හිත.
    • පිස්සු පුසා
    • හා හා හරි හාවා
    • ගලිවර්

    ඔන්න බලනවානම් කාටුන්
    ;):yes::yes::D:D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දොස්තර හොඳ හිත මගේ නම් බොක්කටම වැදුන කාටූන් එකක්බන් හඬකැවීමේ හොඳ කම නිසා තමා ඒ....:D දැන් කව්ද බන් ඕවා බලන්නේ ගාර්ෆීල්ඩ් , බෙන් 10 නේ දැන් ඉන්න උන්ගෙන් ඇහුවොත් කටේ තියෙන්නේ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොස්තර හොඳ හිත මගේ නම් බොක්කටම වැදුන කාටූන් එකක්බන් හඬකැවීමේ හොඳ කම නිසා තමා ඒ....:D දැන් කව්ද බන් ඕවා බලන්නේ ගාර්ෆීල්ඩ් , බෙන් 10 නේ දැන් ඉන්න උන්ගෙන් ඇහුවොත් කටේ තියෙන්නේ :baffled:
    කතා කොල්ලාහ් වැඩක් නැත ඒ ගැන නම්..........:dull::dull:

    අපි හැදුනේ ඔය දේවල් එක්ක.......
    අනික පට්ට පදිරි ජෝක්......
    එක සැරයක් රසාරෙ හිටපු පණ්ඩිත ඕල්මොරොංදං ලොක්ක මොකක් හරි කියල භගලවති ඉස්කෝලේ හාමිනේ ගෙන් අහනවා “නැද්ද භගලෙ?“ කියයලා. ලොක්කි ට මල පැනල කියනව “මේ පඩිතුමා, කියනව නම් නම හරියට කියනව, නිකං බගලෙ-අගලෙ ගාන්නේ නැතුව“ කියලා......
    ටයි මාමා කරපු හොදම වැඩසටහන ඔය එකක්වත් නෙවෙයි. ඩේවිඩ් කැරඩයින් ක්වායි චෑන් කේන් විදියට හිටපු “කන්ග් ෆූ“ පරණ සීරීස් එක උපසිරැසි යොදා එළි දැක්වීම..............
     
    කිමද අරුමය සොයුර ඔබ තේරෙන බසින් දොඩා ඇත.....:baffled:

    සිරා කතාව බං හොඳ මිනිස්සුන්ගේ ආයුස කොටයි බං වැඩි කලක් රැඳෙන්නේ නෑ......දුකම සීන් එක ඒකයි :(
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    adee anna cartoonnnnn

    නියමයි මචෝ..වටිනා නුලක්.රෙප් දෙන්න බැලූ බන්...

    You must spread some Reputation around before giving it to Supunqw again.

    podi kala matak una bn

    ටයිටස් තොටවත්තයන්ගේ කාටුන් තම බන් දැන් ඉන්න පොඩි ළමයින්ටත් බලන්න දෙන්න ඕනේ.

    • දොස්තර හොද හිත.
    • පිස්සු පුසා
    • හා හා හරි හාවා
    • ගලිවර්

    ඔන්න බලනවානම් කාටුන්
    ;):yes::yes::D:D

    දොස්තර හොඳ හිත මගේ නම් බොක්කටම වැදුන කාටූන් එකක්බන් හඬකැවීමේ හොඳ කම නිසා තමා ඒ....:D දැන් කව්ද බන් ඕවා බලන්නේ ගාර්ෆීල්ඩ් , බෙන් 10 නේ දැන් ඉන්න උන්ගෙන් ඇහුවොත් කටේ තියෙන්නේ :baffled:

    Good Post

    කතා කොල්ලාහ් වැඩක් නැත ඒ ගැන නම්..........:dull::dull:

    අපි හැදුනේ ඔය දේවල් එක්ක.......
    අනික පට්ට පදිරි ජෝක්......
    එක සැරයක් රසාරෙ හිටපු පණ්ඩිත ඕල්මොරොංදං ලොක්ක මොකක් හරි කියල භගලවති ඉස්කෝලේ හාමිනේ ගෙන් අහනවා “නැද්ද භගලෙ?“ කියයලා. ලොක්කි ට මල පැනල කියනව “මේ පඩිතුමා, කියනව නම් නම හරියට කියනව, නිකං බගලෙ-අගලෙ ගාන්නේ නැතුව“ කියලා......
    ටයි මාමා කරපු හොදම වැඩසටහන ඔය එකක්වත් නෙවෙයි. ඩේවිඩ් කැරඩයින් ක්වායි චෑන් කේන් විදියට හිටපු “කන්ග් ෆූ“ පරණ සීරීස් එක උපසිරැසි යොදා එළි දැක්වීම..............

    කිමද අරුමය සොයුර ඔබ තේරෙන බසින් දොඩා ඇත.....:baffled:

    සිරා කතාව බං හොඳ මිනිස්සුන්ගේ ආයුස කොටයි බං වැඩි කලක් රැඳෙන්නේ නෑ......දුකම සීන් එක ඒකයි :(

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලටයි ඇන්ඩ් බම්ප් වලටයි :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කතා කොල්ලාහ් වැඩක් නැත ඒ ගැන නම්..........:dull::dull:

    අපි හැදුනේ ඔය දේවල් එක්ක.......
    අනික පට්ට පදිරි ජෝක්......
    එක සැරයක් රසාරෙ හිටපු පණ්ඩිත ඕල්මොරොංදං ලොක්ක මොකක් හරි කියල භගලවති ඉස්කෝලේ හාමිනේ ගෙන් අහනවා “නැද්ද භගලෙ?“ කියයලා. ලොක්කි ට මල පැනල කියනව “මේ පඩිතුමා, කියනව නම් නම හරියට කියනව, නිකං බගලෙ-අගලෙ ගාන්නේ නැතුව“ කියලා......
    ටයි මාමා කරපු හොදම වැඩසටහන ඔය එකක්වත් නෙවෙයි. ඩේවිඩ් කැරඩයින් ක්වායි චෑන් කේන් විදියට හිටපු “කන්ග් ෆූ“ පරණ සීරීස් එක උපසිරැසි යොදා එළි දැක්වීම..............

    :yes::yes: Kung Fu tharam hondhata sub title dapu ekak thama dakke ne.