ළමුන් සිටින ලිංගික දර්ශන බෙදාහැරි තරුණයෙකු කොටුවෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113



    ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුදන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහාවන අමෙරිකා රජයේ පිහිටි ජාතික මධ්‍යස්ථානය මගින් ලබාදුන් වාර්තාවක ඇතුළත් තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ ෆේස්බුක් හරහා විදේශීය ජාතිකයින් වෙත ළමුන් සම්බන්ධ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ හා ඡායාරූප බෙදා හරින ලද පුද්ගලයෙකු පිළිබඳවය.

    ඒ අනුව අදාළ ගිණුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය, ඒ පිළිබඳව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    එහිදී සැකකරුට අයත් දුරකථන විශේලේෂණ පොලීසිය විසින් ලබාගෙන ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

    රාගම, කැන්දලියද්ද ප්‍රදේශයේදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 20 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි.

    සැකකරු සතුව තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකතනයක් හා පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබේ.

    සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    අතුරුදන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහාවන අමෙරිකා රජයේ පිහිටි ජාතික මධ්‍යස්ථානය මගින් ලබාදුන් වාර්තාවක ඇතුළත් තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
    මොකක්ද මේ සීන් එක
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    TG owner alluwe oka hindane,

    u code eka reveal karanna gov walata ona ona widiyata atha danna ida dunne na kiyala.

    eka hindama thama thamath godak ewun tg walin porn share karanne .
    facebook eken kara kiyanne allapu gedara gani balan iddi uba eliyata awith athe gahuwa wage thamayi,

    esanin gama watema news eka gihin aru balathkarakam kara kiala.