ළහිරු නොහොත් රෝ‍ද දෙකේ කඟවේනා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    iXemdWD.jpg


    ලහිරු යනු මුලු මොරටුවම ආදරය කරන කාගේත් සිත් දිනාගත් අයෙකි.මොරටුවේ බොහෝ දෙනෙක් ඔහු හැදින්වූයේ සුදු පුතා යන නමිනි.

    කුඩා කල සිටම සුහදශීලී අයෙක් වූ සුදු පුතා රථ වාහන වලට දැක්වුයේ දැඩි ආශාවකි.විශේෂයෙන්ම රෝද දෙකේ අශ්වයන් ලෙස ඔහු හැඳින්වු යතුරු පැදි වලට ඔහු දැඩි ලෙස ආදරය කලේය.

    ඇත්තටම කුඩා කල ලහිරු ඉතාම කීකරු ළමයෙක් විය.දෛවයේ සරදමකට දෝ ලහිරු ඉපදුනේ ඔහුගේ දෙමාපියන් ගජබා මෝටර් ක්‍රොස් යතුරුපැදි තරඟය නරඹා යලි කොලඹ එන අතරතුරයි.

    එදා දෙමාපියන් ආවේ හොන්ඩා 200 cc අධි වේගී බයික් රථයකයි.ලෝකයේ බයික් රථයක් මත උපත ලැබූ ප්‍රථම දරුවා ලෙස ලහිරු ඉතිහාස ගතවිය.ඉපදුන සැනින් ලහිරුගේ අත ගියේ බයික් එකේ හෝන් එකටයි.

    කුඩා බිළිඳා බයික් එකේ හෝන් එක නාද කිරීම එදා මව් පියන්වත් පුදුම කරවන්නක් විය.

    ලහිරුගේ හඳහන බැලූ ගමේ හාමුදුරුවන් කීවේ ලහිරුගේ නම රටේ හැමෝම කතාකරනු ඇති බවයි.ලහිරු ඉගිල්ලිලා රටේම ප්‍රසිද්ධ වෙනවා.කුඩා ලහිරු ඒ වචන දැඩි ලෙස හිතට ගත්තේය.

    "මම කවදහරි ඉගිල්ලෙනවා" ලහිරුගේ එදා පටන් එකම අරමුණ වූයේ එයයි...

    ඉගිල්ලෙන්න මට තටු නෑනෙ. අවුරුදු 6 ලහිරු එක වසරේදී ඉගිල්ලෙන ආකාරය කල්පනා කරන්නට විය.ඔහු එක්වරම පාසලේ විදුහල්පතිතුමාගේ බයික් එක දුටුවේය.ඔෆිස් එකට ගොස් හොරෙන්ම යතුර අතට ගත් ලහිරු විදුහල්පතිතුමාගේ බයික් එක රැගෙන පාරේ යන්නට විය.ලහිරු මුලින්ම බයික් එකක් පැද්දේ එදායි.

    මම ඉගිල්ලෙනවා වැනි හැඟීමක් ලහිරුට ඇතිවිය.කෙසේ හෝ සතියකට වරක්වත් පාසලෙන් බයික් එක හොරකම් කල ලහිරු මනාවට බයික් පැදීමට හුරු විය.මේ කිසිත් නොදත් විදුහල්පති තුමා බයික් එකේ පෙට්‍රල් ඉකමනට ඉවර වෙනව මේක හරියන වාහනයක් නෙවෙයි ලෙඩ ගොඩක් කියා එය විකුණා දැම්මේය..

    දෙමාපියන්ට බරක් නොවුන ලහිරු තම මහන්සියෙන්ම බයික් එකක් ගත්තේය.
    එය අධිබලැති එන්ජිමක් සහිත එකකි.ඔහු තමන් හම්බකල මුදලින් බයික් එකක් ගන්නාවිට වයස අවුරුදු 12 කි.ලහිරු මුදල් හම්බකල අන්දම කිසිවෙක් දැන සිටියේ නැත.

    නමුත් ඒ සමයේ පාසලේ ගුරුවරු ගුරුවරියන් කිහිප දෙනෙක්ගේ රත්තරන් මාල ඔරලෝසු වලලු කිහිපයක් ඔවුන්ගේ අත්බෑග වලින් අතුරුදහන් වූ බව අසන්නය ලැබුනි.එදා ඒ ගුරුවරුන්ට උදව්වූ ලහිරු ඒ ගුරුවරුන් තම බයික් එකෙන්ම අංජනං බලන තැන් වලට එක්ක ගියේය.

    ලහිරු පාසල් යන සමයේ පටන් මිනිසුන්ට උදව් කලේ ඒ ආකාරයටයි..කෙසේ හෝ ලහිරුට ඔහුටම ගැලපෙන පෙම්වතියක් ලැබුනි.
    ඇයද කැමති උනේ ලහිරු සමග ඉගිල්ලීමටයි.ඔවුන් දෙදෙනා සැමට හොරෙන් බොහෝ දුර ඉගිල්ලී තිබුනි.

    අවසානයේ අවාසනාවකට ලහිරු අතින් අනතුරක් සිදුවිය.ජීවිත තුනක් මේ ලොවට අහිමිවිය.ඒ අනතුරත් සමග ලහිරුගේ අත්තටු සිඳෙනවා වැනි හැඟීමක් ඔහුට ඇතිවිය.

    සිදුවූ දේ සිදුවී හමාරය...

    ලහිරුගේ පෙම්වතිය මැරුන අයට පිහිටවීමට ඉදිරිපත්ව ඇත.මියගිය බිරිඳ හා දරුවන් වෙනුවෙන් ලහිරුගෙ පෙම්වතිය ඉදිරිපත් වී නැවත දරුවන් තිදෙනෙන් හදා දෙන්නට යනවාද කියා අපි දන්නේ නැත.කෙසේ හෝ ලහිරු දැන් කූඩුවේය.පොලීසියට කරන්නට වැඩක් ඇත.එනම් ලහිරුට ඉගිල්ලිමට ඇති ආශාව සම්පූරන කරදීමයි.නැතොත් ඇප ලබා එන අහිංසක ලහිරු යලි ඉගිල්ලෙන්නට යනු ඇත.උස් ස්ථානයකට ගොස් සුදු පුතා ඉගිල්ලෙන්න කියා ලහිරුට ඉගිල්ලෙන්නට ඉඩදීම පොලීසියේ වගකීමයි.

    ලහිරු ඉගිල්ලවන තෙක් රටම බලා සිටින්නේ ආසාවෙනි...,

    -මැන්ඩි-
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,387
    113
    මැදමහනුවර
    ඌට නතර කරගන්න පුළුවන් කම තියෙද්දී හප්පලා තියෙන්නේ

    බලපන්කෝ දෙවෙනි රූපෙ එච්චර බරක් දාන්යනවා කියන්නේ වැඩ්ඩෙක්
     
    • Like
    Reactions: Lankaputhra16

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    *roda deke modaya

    wena ratawala podi un kawadahari igilenawa kiyala hithagaththoth un ekata wada karanne wena widihakata. mun bike eken igilena un.
     
    • Like
    Reactions: Lankaputhra16

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෙල්ල සමහර විට ඒ ළමයින්ගේ තාත්තට ළම්යි තුන් දෙනෙක් හදලා දෙයි.. ඒත් අම්මට මොකද වෙන්නේ.. ඒකි කිසිම ලෑජ්ජාවක් නෑතිව සල්ලි වලින් වහන්න කතා කරනවා. අර කුණු ලෝභ මූසලා කුසලා පවුලක් ජීවත් කරවපු මිනිහෙක් මරලා ගෙයක් හදලා දෙන්නම් කියලා උසාවියේ පොරොන්දු වෙලා දෑන් මග අරිනවා.. ඕකටත් කල පව් වලට ගෙවන්න වෙනවා