ෆවුන්ඩේෂන් එක දාන්න උදව්වක් house construction

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    uba waradiyi. beam eke palala wadi una kiyala kisi sethak wenne na depth eka wadi un oth misak
    මං කියන්නේ සාමාන්‍යයෙන් කලුගල් බැම්මේ පලලටම බීම් එක දානවා කියන එකයි.
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මේ ක්‍රමය හරිද ?
    IMG_20201228_164259_compress57.jpg
    IMG_20201228_164306_compress45.jpg
     
    • Like
    Reactions: sidathsaumya

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Thanks ban.

    Youtube eke thiyenne tie beam usa athatane ban.

    Mehema karoth palala wadiy usa adui widiyada Hari?

    මහත්මයා ඔබ කියන විදිහ හරි
    බාස් කියන විදිහ වැරදියි
    ඊට කමෙන්ට් කරලා තියෙන Rochel මහතා ගේ අදහස සම්පුර්ණයෙන් වැරදියි

    1. තට්ටු 2 ක හෝ 3 ක ගෙයකට කළුගල් බැම්ම 18" වීම අවශ්‍යම නැත. පසේ ස්වභාවය, බිත්තියේ ස්වභාවය ( බිත්ති වර්ගය ,බිත්ති උස, බිත්තියේ පළල ආදී)අනුව කළු ගල් බැම්මේ පළල තීරණය කරගත හැක. කළුගල් බැම්මේ පහත කොටස 18" වුවද ඉහල කොටසේදී එය 12" ට කුඩා කරගත හැක (ඔබගේ අංක 1 සටහන පරිදි )

    2. බීම් එකක සවි ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව තීරණය වන්නේ එහි පළල අනුව නොව එහි උස අනුවය.මෙය ගොඩනැගිලි ඉදිකිරීමේ ශිල්පයේ සහ structural engineering මුලධර්මයකි. ඒ අනුව උස පැත්ත උඩ අතට පිහිටුවා බීම් එක හෝ ටයි බීම් එක දැමීම නිවැරදි ක්‍රමය වේ.සමහරවිට ඒ පැති 2 ම දිගින් සමානවූ ( 9"x 9") බීම් ද ඇත. (මේ හැරුණුවිට උඩ තට්ටු slab සඳහා විශේෂ අවස්ථා වල දමන band beams/slab beams වලදී පමණක් පළල උසට වඩා වැඩිවේ. එය ඔබගේ කරුණට අදාල නැත. එහි මුලධර්ම වෙනම විස්තර කිරීමට කාලයක් හෝ අවසථාවක් නැත )

    3. Rochel මහතා බාස් හරි කියන්නේ ඒ මහතා සඳහන් කර ඇති පරිදි (වැරදි ක්‍රමයට) ටයි බීම් දැමූ නිවාස ඕනා තරම් අපට දැකගැනීමට හැකි නිසාය.මමද මේ වැරදි ක්‍රමය දැක ඇත්තෙමි. සමහර බාස් උන්නැහේලාට තාක්ෂනය ගැන හොඳ දැනුමක් ඇති නමුත් සමහරු මෝඩ විදිහට වැරදි ක්‍රම අනුගමනය කරයි.

    4. මෙබඳු තාක්ෂණයට අදාල දේවල් elakiri.com වැනි සයිට් වල පලකිරීමමේ දී නිවැරදි අදහස් මෙන්ම විෂය ගැන හරිහැටි නොදන්නා අයගෙන් වැරදි උපදෙස් ලැබීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න. ගොඩනැගිලි ඉදිකිරීම් ගැනම ඇති FB pages වල මෙබඳු ප්‍රශ්න දැමීමෙන් වඩා නිවැරදි උපදෙස් ලබා ගත හැක

    5. ඔබ සඳහන කර ඇති ටයි බීම් එක ගෙයකට ,ගොඩනැගිල්ලකට අනිවාර්ය අංගයක් නොවන වගද මතක තබා ගන්න. ටයි බීම් දැමීමේ මුලික ප්‍රයෝජනය යම් ලෙසකින් foundation differential settlement අඩු කර ගැනීමටය.

    6. තද කබොක්/බොරළු වැනි පසක් ඇති තැනක ටයි බීම් නොදමා තට්ටු 2 හෝ 3 ක ගොඩනැගිල්ලක් සැදීමට පිළිවන. වසර 1980 ට පමණ පෙර අපේ රටේ ඉදිකළ තට්ටු 2 නිවාස වලට ටයි බීම් දැමීමක් බොහෝ දුරට නොකළ බව මා දැක තිබේ. සාමාන්‍ය හොඳ පසේ ඉදිකළ එවැනි නිවාස අදටත් කිසිම ගැටළුවක් නැතිව පවතිනා හැටිද දැක ඇත්තෙමි

    ඔබට මේ පිළිබඳව තවදුරටත් සැකයක් ඇත්නම් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ IESL Civil Engineer සාමාජිකයකුගෙන් උපදෙසක් ගන්න. වරලත් ඉංජිනේරුවන්ගේ ලිස්ට් එකක් එම සයිට් එකේ (www.iesl.lk) දමා ඇත. මෙබඳු සරල ප්‍රශ්නයකට නම් ඔවුන් නොමිලේ ඔබට උපදෙසක් දෙනු ඇත. ඇත්තටම මෙබඳු සරල දෙයක් ගොඩනැගිලි ශිල්පය ගැන දන්නා කාර්මික නිලධාරී මහතකු පවා දනී. අවම වශයෙන් එබඳු කෙනෙකුගෙන් වත් උපදෙසක් ගන්න.
    දැනට නවතින්නම්.
     
    • Like
    Reactions: focusman