කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,
class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා![]()
![]()
අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි
ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...
ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටංගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..
ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...
එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ...
හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...
ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ
ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..
අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,
campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්
නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...
පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.
දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...
අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,
![]()
slmarketer.com මෙන්න මේකට ගිහින් බලපන් උඹට උත්තරයක් හම්බවෙයි මම හිතන්නෙ.Machang freelancer wage site waling hamba wena payments ape local bank account ekakata adage kohomada? paypal support naha need lankawata.... credit card eke onemada? payoneer ekak link karaganda barida?
උබ වෙබ් ඩිසයින් සුපිරියටම ඉගෙන ගනින්..කවුරු වැඩ දුන්නේ නැතත් අනිවාර්යෙන්ම මන් උබට වැඩ දෙනවා
හොදට මතක තියා ගනින් බාගෙන ඉගෙන ගෙන නම් බැහැ..අනුන්ගේ DESIGN උස්සන්න බැහැ.. Full Responsive design දන්නවා නම් සල්ලි තමා
අප්පට සිරි මන් Freelancer කරන්න පටන් අරන් මාස 03කින් වගේ උබ පටන් ගත්තේ Freelancer..මට මතකයි උබව..දැන් උබ ලක්ෂ 05ක් හොයනවද?එලා කොල්ලෙක්නේ...
මන් මගදී නැවතුවා දැන් අයිමත් කරනවා...උබේ තැන එන්න ඕන මහන්සි වෙලා![]()
උඹල මොනවද බන් Freelancer කරන්නෙ ප්රෝගැමින්ද නැත්නම් වෙබ් ඩිවලොපින් ද? අපිවත් පොඩ්ඩක් දැනුවත් කරපල්ලකො.

මචං උඹ දැන් කොච්චර කල් වෙනවද ෆයිවර් වැඩ කරන්න පටන් අරන්. දැන් සාමාන්‍යෙයන් මාසෙකට කොච්චර විතර ඕඩර්ස් එනවද.(නිකන් ඇවරේජ් එකක් විදියට ගත්තාම)යම් ප්‍රගතියක් තියෙනවානම් ඒ තැනට එනන් මොනවගේ ක්‍රමද පාවිච්චි කලේ. ටිකක් පැහැදිලි කරපන්කො සේරටම දැනගන්න.මචන් මම වැඩ කරන්නෙ Fiverr එකෙ.මුලදි ඔර්ඩර්ස් ගන්න එක නම් ලෙසි නැ එ නිසා ගිග් එක හොන්දට හදන්න අනිත් ඔර්ඩර්ස් තිබෙන අයගෙ ගිග්ස් බලල අනිත් අයෙගෙ ඒවා කොපි කරන්න නම් එපා.මම දන්න දෙවල් කියල දෙන්නම් හබැයි ගිග් ලිස්ට් කරන්නෙ කොහොමද කියල නම් අහන්න එපා මම දන්නෙත් නෑ