ෆ්‍රී-ලාන්සින් හරහා රු. 500,000/= (A True Story)

electroniclab

Member
Sep 12, 2010
264
70
0
ෆ්‍රී-ලාන්සින් හරහා රු. 500,000/= (A True Story)

ෆ්‍රී-ලාන්සින් හරහා මාස 8ක් ඇතුලත Rs. 500,000/= උපයා ගත්තා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාශ නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට අමතරව Dell Streak 5 Android Tablet එකක් සහ, මීට ඉහතදී ලිපියක් මගින් විස්තර කරපු Syma s32g හෙලිකොප්ටරේ ගන්න පේපෑල් වෙත ෆ්‍රීලාන්ස් හරහා ලබාගත්ත ඩොලර් 380 එකතු වුනාම ෆීලාන්සිං වලින් හොයපු සම්පූර්ණ $$ ප්‍රමාණය ඩොලර් 4580ක්, ලංකාවේ මුදලින් නම් රු 500310/= ක්. මේ මුදල ලබාගන්න මාස 08ක් පමණ ගතවුනත් මම ෆ්‍රී-ලාන්සින් වැඩ සදහා ගතකලේ සතියකට දින 03ක් පමණ, එයත් රාත්‍රී කාලයේ දිනකට පැය 4ක් පමණ. ඉතින් මේ විස්තරේ ඵලකලේ ෆ්‍රීලාන්සින් වෙත යොමුවීමට ආසාවෙන් සිටින අය සහ මෙවැනි දේවල් වංචා සහගතයි යන හැගීමෙන් සිටින අයගේ සිත් ධෛර්යයමත් කරන්නයි.

mb.JPG
 
microwork3r

Member
Sep 17, 2011
127
5
0
බොරු දාන්න එපා බන්! ෆ්‍රීලාන්සර් එකෙන් එකම දවසේ දෙපාරක් පේ කරන්නෙ නැහැ $500ට අඩු නම්.. පට්ට බොරුවක් ගහලා ට්‍රැෆික් අදිනවා නෙ හිඟන බ්ලොග් වලට?
 
Last edited:

electroniclab

Member
Sep 12, 2010
264
70
0
බොරු දාන්න එපා බන්! ෆ්‍රීලාන්සර් එකෙන් එකම දවසේ දෙපාරක් පේ කරන්නෙ නැහැ $500ට අඩු නම්.. පට්ට බොරුවක් ගහලා ට්‍රැෆික් අදිනවා නෙ හිඟන බ්ලොග් වලට?

මෙතනදී ඔයා නොදන්න කාරණා කිහිපයක් තියෙනවා. පැහැදිලි කරලා දෙන්නම්. ෆී-ලාන්සින් වලදී USD වලින් විතරක් නෙවෙයි ගෙවීම් ලැබෙන්නේ. ඔය කියන දවසේ USD වලින් වගේම GBP වලින් තියෙන මුදලුත් moneybookers වලට transfer වෙලා තියෙනවා. ඔයාට සැක නම් මගේ Freelancer Profile එක බලලාම සැකය දුරු කරගන්න.

View My Freelancer Profile

අනිත් එක තමයි මම මේ ID එකෙන් ඇවිත් මගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් එළකිරි එකට Post කරන්න ගත්තේ elakiri එකේ වෙනින් members ලා මගේ බ්ලොග් පෝස්ට් එයාලගේ ID නමින් එකට දැම්ම නිසයි. සිංහල බ්ලොග් එකකට ට්‍රෑෆික් වැඩි කරගත්තා කියලා වාසියක් වෙන්නේ නැහැ. බ්ලොග් එකේ වැදගත් දෙයක් තිබිලා බලන කෙනෙක්ට වාසියක් වුනොත් මිසක්.
 
electroniclab

Member
Sep 12, 2010
264
70
0
Mokakda ban oya freelancer keyanna ?????matath poddak keyala deyankooooo..!!

මෙතනදී නම් Freelance කියන්නේ අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ දැනුම භාවිතා කරලා මුදල් සෙවීමේ ක්‍රමයකටයි. මෙහෙම හිතන්න, කෙනෙක්ට ඕනි වෙනවා එයාගේ වෙළද සැලේ එදිනෙදා සිදුවන ගනුදෙනු ක්‍රමවත්ව ගිනුම් තබා ගත හැකි software එකක්. නමුත් වෙළද පළේ තිබෙන software එකක මිළ එයාට දරා ගන්න බැහැ. ඉතින් එයා බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් දැනුම තියෙන කෙනෙක්ගෙන් එයාගේ අවශ‍යතාවයට ගැලපෙන software එකක් develop කර ගන්න. අන්න එතනදී ඒ software එක develop කරන කෙනා freelancer කෙනෙක් කියලා හැදින්වෙනවා.

ඒත් අපි බොහෝ වෙලාවට පෙළබෙන්නේ කෙටි ක්‍රම ඔස්සේ මුදල් හොයන්න මිසක් දෙයක් ඉගෙන ගෙන ඒ දැනුම භාවිතාවෙන් කීයක් හරි හොයා ගන්න නෙවෙයි. ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා Freelancing හරි අමාරු දෙයක් කියලා. නමුත් මම ඔප්පු කරලා පෙන්නුවා උනන්දුව තියෙනවා නම් මේ දේවල් අමරු නැහැයි කියන එක. සාමන්‍ය විදියට උසස් පෙළ සමතෙක් වගේම මම කරන ජොබ් එකට ෆීලාන්සින් වලදී කරන php, mysql වගේ දේවල් අදාල නැහැ. හුදෙක් විනෝදාංශයක් වශයෙනුයි php, mysql ඉගෙන ගත්තේ.
 
Last edited:

microwork3r

Member
Sep 17, 2011
127
5
0
මෙතනදී ඔයා නොදන්න කාරණා කිහිපයක් තියෙනවා. පැහැදිලි කරලා දෙන්නම්. ෆී-ලාන්සින් වලදී USD වලින් විතරක් නෙවෙයි ගෙවීම් ලැබෙන්නේ. ඔය කියන දවසේ USD වලින් වගේම GBP වලින් තියෙන මුදලුත් moneybookers වලට transfer වෙලා තියෙනවා. ඔයාට සැක නම් මගේ Freelancer Profile එක බලලාම සැකය දුරු කරගන්න.

View My Freelancer Profile

අනිත් එක තමයි මම මේ ID එකෙන් ඇවිත් මගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් එළකිරි එකට Post කරන්න ගත්තේ elakiri එකේ වෙනින් members ලා මගේ බ්ලොග් පෝස්ට් එයාලගේ ID නමින් එකට දැම්ම නිසයි. සිංහල බ්ලොග් එකකට ට්‍රෑෆික් වැඩි කරගත්තා කියලා වාසියක් වෙන්නේ නැහැ. බ්ලොග් එකේ වැදගත් දෙයක් තිබිලා බලන කෙනෙක්ට වාසියක් වුනොත් මිසක්.

Verified;) Sorry මචන් මම හිතුවෙ ට්‍රැෆික් අදින්න කරපු පචයක් කියලා:oo:
 
electroniclab

Member
Sep 12, 2010
264
70
0
Verified;) Sorry මචන් මම හිතුවෙ ට්‍රැෆික් අදින්න කරපු පචයක් කියලා:oo:

You are welcome Bro! මට ඕන කරන්නේ Freelancer එකේ හැමදාමත් දකින ඉන්දියන්, පකිස්ථාන් Flag අස්සේ ශ්‍රී ලංකාවේ Flag එකත් දකින්නයි. උදව්වක් ඉල්ලන ඕනි කෙනෙක්ට මම දන්න දෙයක් කියලා දෙන්න කැමතියි වගේම ට්‍රෑෆික් වලින් මුදල් හොයන එක මගේ style එක නෙවෙයි. කමෙන්ට් කලාට ස්තුතියි!!!!
 
electroniclab

Member
Sep 12, 2010
264
70
0
monaada uba karanne mchn ? :)

php සහ mysql වලින් custom application develop කරන එක තමයි. ඒවා හරිම සරල ඒවා, ඒත් කාගේ හරි අවශ්‍යතාවයකට හොදට fit වෙනවා.