ෆාමසියක් කරන්නෙ මෙහෙමයි.(Extract from FB)
ඖෂධ අළෙවි කිරීම කියන්නෙ ලෝකයේ තිබෙන ලාභදායීම ව්‍යාපාර තුනෙන් එකක්.
1. අවි ආයුධ
2. මත් ද්‍රව්‍ය
3. ඖෂධ
මේකෙන් මුල් දෙක නීති විරෝධීයි. ඖෂධ වලින් කොටසක් නීති විරෝධී වුවත් කොටසක් නීති විරෝධී නැහැ. උදාහරණයක් විදිහට හෙරෝයින් කියන්නෙ ජර්මනියේ බේයර් කියන සමාගම, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් අදටත් නිපදවන පොපි පැලෑටියෙන් ලබා ගන්නා මැළියම හෙවත් "අබිං" නිස්සාරණය කරල ලබා ගත් දෙයක්. මේක හැදුවෙ දෙවන ලෝක යුද්දයේ දී ආබාධිත තත්ත්වයට පත් වන සෙබළුන්ගේ වේදනා නාශකයක් විදිහට. ඒක වේදනා නාශකයක් විදිහට ඉතාමත් සාර්ථක උනත්, ඇබ්බැහිකාරකයක් බව ටික කාලෙකින් තේරුම් ගියා. රෝගියා ඩිස්චාර්ජ් කලාට පස්සෙ, හොරොයින් ඔහුගේ ශරීරය විසින් හෙරෝයින් ඉල්ලා සිටින බව තේරුම් ගැනීම නිසා, වෛද්‍ය විද්‍යාවෙන් හෙරෝයින් තහනම් උනා. නමුත් පසු කාලීනව හෙරෝයින් ජාවාරමක් බවට පත් උනා. අද දක්වා එය ලෝකයේ සල්ලි උල්පතක් වන නීති විරෝධී ජාවාරමක් බවට පත්ව තිබෙනවා.
නීති විරෝධී ආර්ථික කටයුතු වල ස්වභාවයන් දෙකක් ආර්ථික විද්‍යාවේ දක්වා තිබෙනවා.
1. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නීති විරෝධී වීම (හෙරෝයින්, ගණිකා වෘත්තිය)
2. නීත්‍යානුකුල භාණ්ඩයක් හෝ සේවාවක්, නීති විරෝධී පුද්ගලයින් විසින් සැපයීම. (රෝගීන්ට ප්‍රථිකාර කිරීම නීති විරෝධී නොවුනද, වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍ය වරයෙකු එය සිදු කිරීම නීති විරෝධී වේ)
ඖෂධ වලට ඉහත සඳහන් දෙකම ඇතුළත් වෙනවා. ෆාමසියක් කරනවා නම් මේ දේ් දැනගන්න ඕන.
නීතියෙන් තහනම් වූ දේ සැපයීම වගේම ඖෂධවේදියෙකු නොමැතිව නීත්‍යානුකූල ඖෂධ ලබා දීම, හා වෛද්‍ය නිර්දේශ පත්‍රයක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම නීති විරෝධී බව තේරුම් ගන්න ඕන.
ෆාමසියක් කරනවා නම්,
1) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්න ඕන. මේකට තමයි අපි BRC එක කියල කියන්නෙ. මෙම සහතිකය ඖෂධහලේ ප්‍රදර්ශනය කළ යුතුයි. ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ආකාරය හා BRC එක ලබාගන්නා ආකාරය අප විසින් මීට පෙර ඵළ කළ පහත සබැදියෙන් කියවන්න.
2) ඖෂධවේදියෙකුගේ සේවය ඖෂදහල විනෘතව තැබෙන සෑම අවස්ථාවකම ලබා ගත යුතු අතර, ඔහුට නිකුත් කර ඇති බලපත්‍රය, ප්‍රදර්ශනය කළ යුතුයි.
3. දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් ඖෂධහල් සඳහා ලබා දෙන බලපත්‍රය. මෙය, සෑම වසරකටම වරක් අළුත් කල යුතුය. එයද ඖෂධ හලේ ප්‍රදර්ශනය කළ යුතුය.
යන ඒවා අනිවාර්ය වේ. එම සහතික තුනම ප්‍රදර්ශනය කළ යුතුය.
මීට අමතරව ෆාමසියක් කරනවා නම්, ඹෞෂධ ගබඩා කිරීම සඳහා සුදුසු උෂ්ණත්වයක් පවත්වාගෙන යා යුතුයි. මේ සඳහා එම ගොඩනැගිල්ල වායු සමනය කළ යුතුය. එසේම ගබඩා පහසුකම් අවශ්‍ය තරම් පැවතිය යුතුය. ෆාමසිය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අවට පරිසරය පවා පිරිසිදු විය යුතුය. කුණු ඇළක් අසල ගොඩනැගිල්ලක මෙවැන්නක් සඳහා අවසර නොලැබේ. මෙහි ප්‍රායෝගිකත්වය මා නොදන්නා අතර නීත්‍යානුකූල භාවය මෙය වේ.
වැදගත්ම කරුණ නම්, ෆාමසි සියල්ල අදාළ දිස්ත්‍රික්කයේ ඖෂධ පරීක්ෂක වරුන් විසින් අධීක්ෂණය කරනු ලැබීමය. මොවුන් PHI ලා නොවන අතර, PHI කෙනෙකු ලෙස සේවය කර අත්දැකීම් ලබා, උසස් වීම් ලද අය වේ. ඔබට පැය ගණනක් මහන්සි වුවද, සොයා ගත නොහැකි කල් ඉකුත් වූ ඖෂධ සියල්ල ඔවුන්ට තත්ත්පර 10 ක් තුළ සොයා ගත හැක !!!
තවත් වැදගත් කරුණක් වන්නේ, ෆාමසියක නිකුත් කරනු ලබන සියළු ඖෂධ හා වෛද්‍ය වරයා විසින් නිර්දේශ කළ බෙහෙත් තුණ්ඩුවේ ඇති දෑ, පොතක සටහන් කිරීම අනිවාර්ය වීමය. මෙය ප්‍රායෝගිකව සිදු නොවන අතර, දිනකට නිකුත් කරන බෙහෙත් තුණ්ඩු 500 ක් ඇත්නම් එයින් දෙකක් හෝ තුනක් පමණක් සටහන් කර, නමට පමණක් පොත පවත්වාගෙන යනු ලැබේ. නමුත් ඇතැම් ෆාමසි වල මෙම පොත නිසියාකාරව පවත්වාගෙන යනු ලැබේ. මෙම පොත ද ඖෂධ පරීක්ෂක වරුන්ගේ අධීක්ෂණයට ලක් වේ.
ඔබ, ඖෂධ හළක් පවත්වාගෙන යාමට අදහස් කරන්නේ නම්, ඖෂධවේදියෙකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය වන අතර, ඔවුන් එක් අයෙකු පමණක් සිටීම ප්‍රමාණවත් වේ. ඖෂධවේදියෙකු නොවන අය කිහිප දෙනෙක් තබා ගත හැකි අතර, ඔවුන්ට ඖෂධවේදියාගේ සහාය ලබා ගැනීමට හැකි විය යුතුය. එනම් ෆාමසිය විවෘතව තබන සෑම විටම ඖෂධවේදියා ෆාමසියේ සිටිය යුතුය. ලංකාවේ ඖෂධවේදීන් සඳහා ඩිප්ලෝමාවක් පමණක් ලබා දෙන අතර, උපාධියක් පිරිනමන්නේ නැත. නමුත් විදෙස් රටවල ඒ සඳහා උපාධියක් ලබා දෙයි. එබැවින් ලංකාවේ ඖෂධවේදියෙකු විදෙස් රැකියාවකට අයැදුම් කළ හොත්, ඔහුට හිමි වන්නේ "සහායක ඖෂධවේදියෙකු" ගේ තනතුර වේ.
බෙහෙත් වර්ග සියල්ලම පාහේ අදාළ සමාගම් විසින් ෆාමසියටම ගෙනැවිත් දෙනු ලැබේ. එබැවින්, ඒ සඳහා විශේෂ මහන්සියක් දැරීමට සිදු නොවේ.
නීතිමය තත්ත්වය එසේ වුවද, අළෙවිකරණයේ දී පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
වෛද්‍ය නිර්දේශයක් මත පමණක් ඖෂධ නිකුත් කිරීම අනිවාර්ය වුවද, නිඳන්ගත ආබාධ ඇති රෝගීන්, මීට වසර කිහිපයකට පෙර වෛද්‍ය වරයෙකුගෙන් ලබා ගත් බෙහෙත් තුණ්ඩුව රැගෙන ඖෂධ ලබා ගැනීමට පැමිණේ. එය ඇතැම් විට කෑලි වලට ඉරී ගිය තුණ්ඩුවකි. මෙහිදී ඔබ ඖෂධවේදියා නම් කරන්නේ කුමක්ද ?
දියවැඩියාව වැනි රෝගයක් සඳහා, වසර ගණනාවක් ප්‍රථිකාර ගත යුතුය.බොහෝ විට එම කාලය පුරාම ලබා දෙන්නේ එකම ඖෂධයකි. නමුත් පැරණි බෙහෙත් තුණ්ඩුවකට බෙහෙත් නිකුත් කිරීම සඳහා නීතියෙන් ඉඩක් නැත. බෙහෙත් ලබා ගැනීමට එන විට නව වෛද්‍ය නිර්දේශ පත්‍රයක් අවශ්‍ය වේ. වෛද්‍ය වරයෙකු චැනල් කිරීමට රු. හාර පන් දාහක් අවශ්‍ය වේ. (රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, රසායනාගාර ගාස්තු, ගමන් ගාස්තු, කාලයේ පිරිවැය) බැලූ බැල්මට බෙහෙත් ගැනීමට එන රෝගියා ආර්ථික අතින් ඉතා පහළ අඩියක සිටින්නෙකි. ඖෂධවේදියා ඔබ නම්, ඔබ කරන්නේ කුමක්ද ? පැරණි බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් නිකුත් කරන්නේද ? වෛද්‍යවරයෙකු චැනල් කර නව තුණ්ඩුවක් ලබා ගෙන එන ලෙස පවසා ආපසු හරවා යවන්නේද ? මා, මෙවැනි අවස්ථාවක සිදු කළ යුතු දේ ඔබට නොකියමි. එය ඔබට අවබෝධ වෙත්වා !!!
අතේ තැල්මක් ඇති අයෙකු ඔබ ඖෂධවේදියා ලෙස සේවය කරන ෆාමසියට පැමිණේ. තැල්මට බෙහෙතක් ඔහු ඔබෙන් ඉල්ලයි. ඒ සඳහාද නීතිය අනුව, වෛද්‍ය නිර්දේශයක් ලබා ගෙන පැමිණිය යුතුය. රෝගියා, ඔබෙන් සහනයක් බලාපොරොත්තු වේ. ඔහු වෛද්‍ය වරයෙකු චැනල් කිරීමට කාලය, මුදල් නොමැති අයෙකු විය හැක. එවැනි අවස්ථාවක රෝගය විනිෂ්චය කිරීමේ හා ඊට අනුව "පොඩි බෙහෙතක්" නිකුත් කිරීමේ හැකියාව ඔබට තිබිය යුතුදැයි මා ප්‍රශ්න කරමි. එවැනි තත්ත්වයකදී කටයුතු කළ යුතු ආකාරයද ඔබට අවබෝධ වෙත්වා !!! ("ලෙඩා මළත් බඩ සුද්දයි" යනුවෙන් කතාවක්ද තිබේ)
කිසිදු අවස්ථාවක අවධානම් සහිත ඖෂධ වගකීම් විරහිතව අනවශ්‍ය පුද්ගලයන්ට නිකුත් නොකළ යුතුය. මෙම ලිපිය ලිවීමට පෙර මා විසින් මගේ ඖෂධවේදී මිතුරෙකු හමු වූ අතර, ඔහු විසින් පැවසූ එක් කරුණක් ඒ ලෙසම සඳහන් කරමි.
"මචං අනුමත උපත් පාළන පෙති තියනවා; ඒවා වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිකුත් කරන්න පුළුවන්. නමුත් අපි හිතමු ලිංගිකව එක් වෙලා පැය 72 කුත් ඉක්මවා ගිය අවස්ථාවක් ගැන. ඒ වගේ අවස්ථාවක බොන්න ඕන පෙති තියනවා. නමුත් ඒවා නිකුත් කරන්න අනිවාර්යෙන්ම වෛද්‍ය නිර්දේශයක් ඕන. එතනදී පෙති 5 ක් වගේ බොන්න ඕන. ඒ පෙත්තක් වෙන්නෙ රු. දෙසීයයි. ඒත් කිසිම වෛද්‍ය නිර්දේශයක් නැතිව සමහර ෆාමසි වලින් ඒ පෙති නිකුත් කරනවා. එක පෙත්තක් විකුනන්නෙ රු. දාහක් හෝ ඊට වැඩි මිලකට. මම නම් කවදාවත් ඒ වගේ දේවල් වෛද්‍ය නිර්දේශයක් නැතිව නිකුත් කරන්නෙ නැහැ. ගොඩක් අය මේ වගේ වෙලාවට ලැජ්ජාව නිසා වෛද්‍ය වරයෙකු හමු වෙන්න යන්නෙ නැහැ. නිකන්ම ඇවිත් පෙති ඉල්ලනවා. ඒව බිව්වාම අධික ලෙස රුධිරය පිට වෙනවා. ඊට පස්සේ හොස්පිට්ල් ඇඩ්මිට් වෙනවා. රෝහල් කාර්යය මණ්ඩලය දන්නවා සිද්ධ වෙලා තියන දේ. ඉතිං බැණ බැණ ප්‍රථිකාර කරනවා". මේ තමයි ඔහුගේ කතාව, ඔහුගේ වචන වලින්ම. මෙවැනි අවස්ථා වල තීරණ ගැනීමේ වගකීම ද මා ඔබටම පවරමි.
ඖෂධ මිල ගැනද යමක් කිව යුතුය. ලංකාවේ නීතිය අනුව බෙහෙත් වල පිරිවැයෙන් ලාභය තබා ගත හැක්කේ උපරිම වශයෙන් 15% කි. රු. සියයයේ බෙහෙතක් මෙ අනුව විකිණිය හැකි උපරිම මිල රු. 115 කි. නමුත්, බෙහෙත් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නා විට, අති විශාල ඩිස්කවුන්ට් එකක් ලැබේ. එනම් සාමාන්‍ය තත්ත්වය යටතේ රු. සියයට ලබා දෙන බෙහෙත් පෙත්තක්, අති විශාල තොගයක් ලපා ගන්නා විට, රු. 90 බැගින් ලබා ගත හැක. නමුත් එවැනි අවස්ථා වල වුවද එහි අළෙවි මිල රු. 115 ක් ලෙස සටහන් කළ හැක.
රාජ්‍ය ඔසුසළෙහි ඖෂධ මිල අඩු වීමට හේතුව වන්නේ එම ඖෂධ ඔවුන් විසින්ම නිපදවන ඒවා හෝ ගෙන්වන ඒවා වීම නිසාය. ඔවුන් විසින් ඔවුන්ට සත්‍ය වශයෙන්ම වැය වූ පිරිවැයට 15% ක ලාභයක් තබා ගෙන මිල ලකුණු කරනු ලැබේ. රු. සියයේ බෙහෙතක් විශාල ප්‍රමාණයකින් මිලදී ගන්නා විට, රු. 90 කට හිමි වේ නම්, රු. 100 ට 15% ක ලාභයක් සහිතව මිල සටහන් කළ හැකිව තිබියදී, ඔසුසළ මඟින්, මිල සටහන් කරන්නේ සත්‍ය මිල හෙවත් ඩිස්කවුන්ට් ලැබුන පසු මිල වන රු. 90 ට 15% ක ලාභය එකතු කොට මිල සටහන් කිරීමය. එබැවින් සාමාන්‍ය ෆාමසියකට වඩා රාජ්‍ය ඔසුසලේ ඖෂධ මිල අඩු ය. නමුත් රාජ්‍ය ඔසුසල විසින්ද තුන්වන පාර්ශවයන්ගෙන් ලබා ගන්නා ඖෂධ වල මිල, සාමාන්‍ය ෆාමසි වල මිලට බොහෝ දුරට සමානය.
ඔබ, ඔසුසලක් පවත්වාගෙන යන්නේ නම්, නිතරම සිහි තබා ගත යුතු කරුණක් ඇත. ඔබ වෙතට එන පාරිභෝගිකයා ලෙඩක් නිසා අසරණ වූ අයෙකු වේ. ඔහුට ඔබේ විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වේ. ඔහුට එය අස්වැසිල්ලකි. ඔහු කෙරෙහි සංවේදී භාවයක් ඔබ දක්වයි නම්, ව්‍යාපාරය කෙසේ වෙතත් මනුෂ්‍යත්වය අතින් ගත් විට ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙකි. එය දිට්ඨදම්මවේදනීය කර්මය ස්වරූපයෙන් ඔබට ඵළ දෙනු ඇත. එය බොහෝ විට මසකට ඉලක්කම් 6 ක ආදායමක් ලෙසින් ඵළ දීමට ඇති සම්භාවීතාව 100% කට ආසන්න ය