ෆැන්ටසි ලෝකයක හිරවුනු ජාන විකෘති වූ සිංහල සර් !

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

    නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දෙද්දී පරණ දූෂිත අමන හොරු බහුතරයක් ඒ සඳහා නම් වී ඇති බවත් වියතුන් කැපී ඉවතට විසි වී ඇති බවත් ඔහු පවසයි.

    තම සමාජජාල ගිණුමේ සටහනක් තබමින් පවසයි.

    එම සම්පූර්ණ සම්පූර්ණ සටහන මෙහි දැක්වේ.

    මගේ දේශපාලනය

    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා ‘මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ ” යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර “පච” වීමද එයට තවත් හේතුවකි.

    නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

    නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන “සැකයෙන්” බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

    ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් “දුප්පත්කම” අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

    මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ “මල් බඳුන” ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

    සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.
    සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.

    අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි.
    නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර “වියත්මග” තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු “පරිසර ඇමති” වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

    – තිස්ස ජනනායක FB
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    thamange wade hariyata kalanum iwarane katawath kade yanne nathuwa,dn victim card eka gahala shape wenna hadanawa
    tution sirla dewathyen adahanna one set ekak neme,api ganak denawa egollo servivce ekak denawa echarai,hoda sirla ekek dennek innawa

    thissa thanikara mithyawa wapurunne,rawana labbawal kiyawa kiyawa