ෆින්ච් 156යි - මැකලම්ගේ වාර්තාවක් බිඳියි
Source : Ada derana

මෙතෙක් පන්දුවාර 20යි 20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරොන් ෆින්ච් සමත් විය.
ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගයේදීය.
එංගලන්තයේ රෝස් බොල් හි පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් විය.
එහිදී ෆින්ච් පන්දු 63දී ලකුණු 156ක් ලබාගත් අතර ඊට 6 පහර 14ක් හා 4 පහර 11ක් ඇතුළත්ය.
එම ලකුණු සංඛ්‍යාව මෙවැනි තරගයකදී පිතිකරු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර ඉහළින්ම ලියැවිණ.
මීට පෙර නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලේකැලේදී පන්දු 58දී ලකුණු 123ක් ලබාගෙන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාකර තිබුණි.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 21දා එම වාර්තාව පිහිටුවා තිබිණ.
කෙසේ වෙතත් මෙම තරගයේදී ඔස්ට්‍රේලියාවට අභියෝගයක් වෙමින් එංගලන්ත කණ්ඩායමේ ජොයි රූට් පන්දු 49දී ලකුණු 90ක් ලබා ගනිමින් නොදැවී පන්දුවට පහරදුන්නද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබා ගත හැකිවුයේ කඩුලු 6ක් දැවී ලකුණු 209කි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 39ක ජයක් හිමිවිය.