ෆිල්ම්ස් බලද්දි එන ප්‍රශ්න

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    සිංහල ෆිල්ම්ස්වල ෆයිට් එකක් යද්දි "ඩිශ්ම්, ඩිශ්ම්, බව්වා, බව්වා" කියලා සද්දයක් එන්නෙ කොහෙන්ද බං? :eek:
    ඒ මචං fight එක එහා පැත්තෙන් පෙරහැරක් යන සද්දේ..
     
    • Wow
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    පොඩිම කාලේ හින්දි ෆිල්ම් එහෙම බලද්දී, හිතුන දෙයක් තමා ලොකුවුනාම මටත් කෙල්ලෝ සෙට් කරගෙන ගස් ගල් අස්සේ සින්දු කිය කිය නටන්න වෙයිද කියන එක. 😣

    දැන් නම් ඉන්ග්ලිෂ්, දෙමල, හින්දි මොන ලබ්බ බැලුවත් පෙන දෙයක් තමා තුන් හතර දෙනා එක්කහු වෙලා ප්‍රධාන නළුවට ගහද්දි ඇයි ඔක්කොම එක පාර පැනල අරුට නෙලන්නේ නැතුව එකා එකා ඇවිල්ල නෙලන්නේ කියලා. උන් ගහගන්න කලින් කියනවද දන්නේ නෑ ඔක්කොම එක පාර පැනලා ගහන එක ඔට්ටු නෑ කියල. 🙄

    දෙමල, හින්දි ෆිල්ම් බලද්දී හිතෙන දෙයක් තමා හෙනම පට්ටම කැල්ලක් ප්‍රධාන නිලියට ඉඳලා ප්‍රධාන නළුවාටම සෙට් වෙන එක. එතකන්ම ඒකිට කොල්ලෙක් නෑ. මේ ග්‍රහලෝකේ වෙන දෙයක් නෙමෙයිනේ බන් ලොවෙත් ඕක. අවුරුදු 25ක් වුනත් කොල්ලෙක් නැතුව වේලි වේලි ඉඳල තමා අරුට සෙට් වෙන්නේ. 😏
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආලෝකවර්ෂ පන් හයදාහ දුරින් තියෙන ලෝක වලට දවස් දෙකතුනෙන් යන එක

    කලුකුහර වලින් යන තැන් කලින් තීරනය කරන්න පුලුවන් එක

    පිටසක්වලයො හැමඑකාම ඉංග්‍රීසි කතාකරන එක

    වාහන වල දොර හින්ජස් ගැලවෙන්න පයින් ගහන එක

    ඇන්කර්බෝල්ට් අල්ලල පොලොවට හයිකරල තියෙන යකඩ කනු අතින් ගලවල ගහනඑක.

    එක පාර ඊතල තුන හතරක් විදින්න පුලුවන් වෙන්න දුන්නෙ නූල ටෙන්ෂන් කරන්නෙ කොහොමද කියන එක.

    ෆිලුමෙ හොඳම හරිය යනකොට බ්ලූටූත් ස්පීකරේ බැට්‍රි ලෝ වෙනඑක, චූ බරවෙන එක, බඩගිනි වෙනඑක, නිදිමත වෙන එක
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,960
    113
    Vehicle chasing seen ekak yaddi speedometer eke ekasiya gaanata naginawa pennuwata vehicles yanne 40 ta withara pitin indan baladdi

    mulu jiwitha kaalema kari wada karapu un eka paratama winadi kipayak athulatha kura kumbiyekutawath karadarayak nathi honda minissu wena eka

    Kochchara loku time bomb ekak unath karaganna tiyena okkoma wada tika karagena safe distance ekakata duwaganna welawa ithuru weema

    99%kma jodu sex karaddi condom nodameema saha sex kirime athurupalayak widiyata kellata lamai nolabeema saha STD nowaladeema

    kochchara darunu widiyata guti kaawath, thuwala saha anathuru unath ewain loku wedanawak nodaneema saha adahaa gatha nohaki wegayakin ewa suwa weema

    hondin ayuda puhunuwa labu sathuran wisin awaranayak athuwa ithama salakillena thabana wedi pradana naluwaata nowadima saha kisima ilakkayak nomathiwa jiwithe palamu wathawata wedi thiyana pradana naluwage wedi paharawal sangawee sitina sathuranta wadi owun kshanikawa miya yaama

    boho ratawal wala police & tri forces e rate siduwana winashyanta ho wiyasanayanta gathayuthu kriyaamarga niwaradiwa nodana sitima saha hamudawee lokkan boho wita moda thirana ganima ho ema arakshaka andha walata pradana naluwagee ho niliyage plan ekakata anuwa wada karanna sidu weema

    wedi unda awasan wee ho nirayudawa sitina pradana naluwagee illeema paridi thamage pirima kama oppu kirimata thama athe athi ayuda wisi kara dama athi pain satanata gos sathurange jiwitha akalaye winasa weema

    Visa nomathiwa asanin guwan ticket path labagena wenath rata walata gaman kirima saha thama maw rata bala nawatha paminimeedi duty free eken kisima kenek kisiwak miladi noganima

    Bohomayak awastha waladi pradana naluwata wiruddawa manushya gathanaya, manushya gathanayata thath kirima, sawadya manushya gathanaya, manawa himikam ullanganaya kirima, rajaye depola walata hani kirima, maarga neethi ullanganaya kirima, riya anathuru sidukota pala yaama, balapathra nomathiwa riya padaweema, adika wegayen riya padaweema ho wenath waradi sandaha civil usaviye nadu gonu novima

    udasana awadi wena pradana naluwage rawula wawi nothibeema
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: Kolama and rama_d

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වෙඩි තියනකොට දුවලා බේරෙන එක.
    (example: money heist එකේ එහෙම වෙඩි වදින්නෙම නැහැ . අවසානෙට ආපු සීසන් එකේ. )
     
    • Haha
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. සතුරාට එක වෙඩිල්ලක් බඩට කකුලට තිබ්බත් උ මැරිලා වැටෙන ව ෆිලුමේ කොල්ලගේ බඩට වැදුනත් උ ඇවිදිනවා

    2. කතාවට අදාළ නැති උනත් සුද්දෝ ඉන්න ෆිල්ම් එකේ කළු එකෙකුත් ඉඳීම

    3 ...
     
    • Haha
    Reactions: Kolama

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මට පෙන්නන්න බැරිම සීන් එක තමා ඔය ලැබ් එහෙක වගේ සයන්ටිස්ට් ල දෙන්නෙක් අතර සංවාදයක් යද්දි හෙනම බේසික් කාරණා අනිත් එකාට ඇඟිල්ලෙන් ඇනල කීම. ඇත්තටම ඕඩියන්ස් එකට තමා ඒ තොරතුරු දෙන්නෙ, ඒත් ඒක ගොන්.

    ඉන්ටර්ස්ටෙලර් එකේ වර්ම්හෝල් එකක් එලිපත්තෙ තියාගෙන ඩොකෙක් අරූට වර්ම්හෝල් 101 ලෙක්චර් එකක් දෙනව. යකෝ නාසා පයිලට් කෙනෙක් දන්නැද්ද ඕක.

    මම මගේ යාලුවෙක්ට ලැබ් එකකදි එකපාරටම කිව්වොත් විද්‍යුත් ක්ෂේත්‍රෙයි චුම්බක ක්ෂේත්‍රෙයි එකිනෙකට ලම්බකයි කියල ඌ මගෙන් අහයි ඇයි හුත්තො ඕක මට අමුතුවෙන් කියන්නෙ කොයිල්ද කියල.

    owata karanna deyak na bn. ehenam film eka balanna kalin therenne nathi unta wenama lecture ekak tyanna wenawane.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Vehicle chasing seen ekak yaddi speedometer eke ekasiya gaanata naginawa pennuwata vehicles yanne 40 ta withara pitin indan baladdi

    mulu jiwitha kaalema kari wada karapu un eka paratama winadi kipayak athulatha kura kumbiyekutawath karadarayak nathi honda minissu wena eka

    Kochchara loku time bomb ekak unath karaganna tiyena okkoma wada tika karagena safe distance ekakata duwaganna welawa ithuru weema

    99%kma jodu sex karaddi condom nodameema saha sex kirime athurupalayak widiyata kellata lamai nolabeema saha STD nowaladeema

    kochchara darunu widiyata guti kaawath, thuwala saha anathuru unath ewain loku wedanawak nodaneema saha adahaa gatha nohaki wegayakin ewa suwa weema

    hondin ayuda puhunuwa labu sathuran wisin awaranayak athuwa ithama salakillena thabana wedi pradana naluwaata nowadima saha kisima ilakkayak nomathiwa jiwithe palamu wathawata wedi thiyana pradana naluwage wedi paharawal sangawee sitina sathuranta wadi owun kshanikawa miya yaama

    boho ratawal wala police & tri forces e rate siduwana winashyanta ho wiyasanayanta gathayuthu kriyaamarga niwaradiwa nodana sitima saha hamudawee lokkan boho wita moda thirana ganima ho ema arakshaka andha walata pradana naluwagee ho niliyage plan ekakata anuwa wada karanna sidu weema

    wedi unda awasan wee ho nirayudawa sitina pradana naluwagee illeema paridi thamage pirima kama oppu kirimata thama athe athi ayuda wisi kara dama athi pain satanata gos sathurange jiwitha akalaye winasa weema

    Visa nomathiwa asanin guwan ticket path labagena wenath rata walata gaman kirima saha thama maw rata bala nawatha paminimeedi duty free eken kisima kenek kisiwak miladi noganima

    Bohomayak awastha waladi pradana naluwata wiruddawa manushya gathanaya, manushya gathanayata thath kirima, sawadya manushya gathanaya, manawa himikam ullanganaya kirima, rajaye depola walata hani kirima, maarga neethi ullanganaya kirima, riya anathuru sidukota pala yaama, balapathra nomathiwa riya padaweema, adika wegayen riya padaweema ho wenath waradi sandaha civil usaviye nadu gonu novima

    udasana awadi wena pradana naluwage rawula wawi nothibeema
    Budu ammo yako 100%k ma aththa nennan :rofl:
     
    • Like
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් හෙන අවුල් කතාවේ වීරයා මැරෙන්නෙ නැති එක. සුපර්හීරෝ මූවී වල මේක කැත විදිහට තියෙන්නෙ. බලන්න පටන්ගන්නකොට දන්නව අදත් මූ මැරෙන්නෙ නෑ කියල
     
    • Haha
    Reactions: Kolama

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පිට සක්වල ජීවින් හැම වෙලේම ගහන්නේ ඇමරිකාවට. වැඩිපුරම New York වලට.
    ලෝකේ බේරගන්නේ හැම වෙලේම ඇමරිකාවේ ඉන්නේ 1-2 නෙක්.
    බුතයා හැම වෙලේම මුල්ලක හැංගිලා ඉඳලා කෑ ගහගෙන පනින එක.
    බුතයා එන්න කලින් ඌ ලයිට් on/off කරලා dim කරලා එන එක.
    හැම වෙලේම ප්‍රධාන චරිත බේරෙන්නේ 99 න් වීම.

    හැක් කරන කොම්පුටරේ හැම වෙලේම තියෙන්නේ on කරලා / ලැප් එක password නැතුව ලොක් කරලා
    කි බෝඩ් එකේ අකුරු දෙක තුනක් ගහපු ගමන් security කැඩිලා data කොපි වෙනවා/upload වෙනවා ඔක්කොම වෙනවා.
    හොරකම් කරන්න ඕන data ඔක්කොම හැම වෙලේම windows වලට open වෙලා ලෝඩ් වෙලා පෙන්නනවා.
    virus වල පවා UI ලස්සනට develop කරලා තියෙන්නේ. රතුපාට බෝඩර් එහෙම දාලා.
    රතුපාට button එකක් තියනවා එබුවම හැක් වෙලා යන / කෙලවිලා යන.

    ප්‍රධාන චරිතෙට ඉන්න පුතාට/දුවට/ගෑනිට අසාමාන්‍ය ආරක්ෂාවක් caring එකක් දෙනවා.
    හැබැයි ගෑනි/මිනිහා/ළමයා මැරුණා කියලා ගානක් වත් නෑ ටික වෙලාවක් ගියාට පස්සේ.

    ඒ තුවක්කු වල බුලට් ඉවර වෙන්නේ නෑ. මැගසින් මාරු කරන්න වෙන්නෙම නෑ.
    කොච්චර හතුරා එක්ක ගහ ගත්තත් තුවාලයක් වත් මුනේ නෑ. අඩුගානේ හිරෙන්නේවත් නෑ මුණ.

    පුටුවකට තියලා ගැට ගහලා මිනිස්සු දෙතුන් දෙනෙක් එකතුවෙලා හොම්බට ගැහුවත් ගානක් වත් නෑ අපහු කතා කරනවා.
    කොච්චර උඩකින් වැටුනත් නැගිටලා දුවනවා. ඇටයක් වත් කැඩෙන්නේ නෑ.

    ආ අමතක උනා..

    සයිලන්සර් ගහපු තුවක්කු වලින් එන්නේ හුලං සද්දයක් විතරයි. එහා පැත්තේ ඉන්න එකාවත් දන්නේ නෑ වෙඩි තියනවා.
     
    • Haha
    Reactions: Kolama

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ගන් ෆයිට් එකක් යද්දී නලුවට හෝ නිලියට වෙඩි තියන්න එන එවුන් වෙඩි නොතියා ලගට ගිහින් ෆයිට් කරන එක
    රෑ වෙලා ගෙදරට එද්දී බාගෙට දොර ඇරල තියෙනව දැක දැක අතුලට ගිහින් එක්කෝ රේප් වෙනව නැත්තම් මැරුම් කනව
    ෆයිට් එකක් අවසානෙදි සතුරා හෝ නලුවා බිම වැටිල ඉද්දි අනිත් එකා තුවක්කුව ලග තියාගෙනත් ඌව නොමරා ලොකු සීන් දාන්න ගිහින් ඉල්ලන් කනවා.
     
    • Haha
    Reactions: Kolama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මට නම් වෙන්නෙ මේ වගේ අවුල්

    ආතල් එක හොඳටම ගන්න කියලා සද්දෙ වැඩි කරපු ගමන් මහ රෑ පොඩි එකා ඇහැරන් ඇවිත් ඌටත් ෆිල්ම් එක බලන්න ඕන වීම සහ වෙන සියලුම දේවල් ඌට විස්තර කර දීමට වීම
    වතුර බෝතලේ ඉවරවීම
    චූ බර වීම
     
    • Haha
    Reactions: Kolama