ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන වාහනයේ වතගොත මෙන්න

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි නිල රථය මෙතෙක් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක ‍ගමන්ගත් වාහනයක නොතිබූ සළකුණකින් සමන්විත වේ. ඒ එම රථයේ ඉදිරිපස සහ පසුපස තරු 5ක් සහිත පුවරු දෙකක් මගින් මෙහි ගමන් ගන්නේ ෆීල්ඩ් මාෂල් වරයෙකු බව සංකේතාත්මකව අනෙකුත් පාර්ෂවයන්ට හඳුනාගැනීමට ඉඩ සළසා දීමය.

    සරත් ෆොන්සේකා මහතාගේ නිල රථය වන්නේ බෙන්ස් S 400 මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයකි. මෙම මෝටර් රථයට යු.හ 5555 අංකය ලබාදී තිබේ. මෙවැනි මෝටර් රථයක මෙරට සාමාන්‍ය මිල රුපියල් මිලියන 34ක් පමණ වේ. මෙම මාදිලියේ රථ වඩාත් පරිසර හිතකාමී බව බෙන්ස් සමාගම සහතිකකර ඇත.


    017.jpg

    036.jpg
     
    • Like
    Reactions: SinhaRuba

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දේශපාලනය කරලා ආන්ඩුවේ වරප්‍රාසාද ගන්න එක තමයි තියෙන්නේ.රටේ සල්ලි වලින් මීට වඩා යමක් කරන්න ඕන.සරත් ෆොන්සේකා 2009 දේශපාලනය කරන්න ආවේ නැත්නම් මොන ෆීල්ඩ් මාෂල් කමක්වත් හම්බ වෙන්නේ නෑ.ඒක නිසා මේක දේශපාලනික පත්වීමක්.ගුවන් නාවික හමුදාපතිවරුත් දේශපාලනය කරානම් එයාලත් ෆීල්ඩ් ඔ‍ෆිසර්ස්ලා