ෆුකුෂිමා බලාගාරයට

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ෆුකුෂිමා බලාගාරයට

    ෆුකුෂිමා බලාගාරයට ගුවනින් ජලය.

    ජපාන ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතිය සකී‍්‍රය කිරීම සදහා ගුවන් මගින් බලාගාරය වෙත ජලය ඉසීමට ජපාන බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා අද සදහන් කළා.

    සී.එච්.47 චිනුක්ස් වර්ගයේ හෙළිකොප්ටර් යොදා ගනිමින් මෙලෙස බලාගාරයට ජලය ඉසින බවයි වාර්තා වන්නේ. වරකට එමගින් ජලය ටොන් 7 ක් බලාගාරයට හෙළනු ලබනවා. මෙමගින් ප‍්‍රතිකි‍්‍රයාකාරක සිසිල්ව තබාගැනීමටත් ජලය තුළ එම කි‍්‍රයාවලිය සිදුවීම හරහා විකිරණ කාන්දුව අවම කර ගැනීමටත් ජපාන බලධාරින් බලාපොරොත්තු වනවා.

    කෙසේ වෙතත් එක්සත් ජනපද න්‍යෂ්ටික විශෙෂඥයෙකු පෙන්වා දෙන්නේ මුහුදු ජලය ඉසීම මගින් සාර්ථක ප‍්‍රතිඵල අත්නොවන බවයි. ලොව වෙනත් රටවල් කුමන ප‍්‍රකාශයන් සිදුකළ ද විකිරණ කාන්දුව අවම කර ගැනීමට ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ජපාන බලධාරීන් ප‍්‍රකාශ කළේ
    .
    පසුගිය සිකුරාදා ජපානයට ආසන්න මුහුදේ හටගත් රික්ටර් පරිමාණ ඒකක 9 ක ප‍්‍රබලතාවයකින් යුත් භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි තත්ත්වයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 5178 දක්වා ඉහල ගොස් තිබෙනවා.
    ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 2285 ක්. මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ
    .

    reply පාරකුත් දාන්න. හොදේ............