ෆෙඩරල් ලේඛනයේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    2019 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා

    ෆෙඩරල් ලේඛනයේ නම සඳහන් වීමට මාස කිහිපයක් ගතවනු ඇති
    - 12 11 2019 - 12:30 - 1807 views - ෂමිල පෙරේරා

    යම් පුද්ගලයෙකු එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නම එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බව එක්සත් ජනපදය පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙන පසුබිමක, එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටියේ යමෙකු පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නමක් එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට, “යම් පුද්ගලයෙකු සිය පුරවැසිභාවය අත්හැරීමෙන් පසු එම පුද්ගලයාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ සඳහන් වීමට මාස කිහිපයක් ගතවීමට පුළුවන්." යනුවෙන් පවසා සිටියේය.

    මෙහිදී, එක්සත් ජනපද පුද්ගලිකත්වය සම්බන්ධ නීතියට ගරු කරන්නෙකු ලෙස තමාට එක් එක් තනි පුද්ගලයන්ගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම පුවත බොරුනම් විජය නිව්ස් පෙපර්ස් ආයතනයට වීරුදධව නඩු දැමිය හැක.

    http://www.ada.http://www.ada.lk/bu...නම-සඳහන්-වීමට-මාස-කිහිපයක්-ගතවනු-ඇති/7-354327
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක බොරුවක් නෙමෙයි ඕක ඇත්ත.. ලිස්ට් එකේ නම එන්න කල් ගත වෙන්නේ දිනවුන්ස් කල දින සිට.. ඒ කියන්නේ ගෝටා ඇප්ලිකේෂන් එක බාර දුන්නු දිනේ ඉදලා නෙමෙයි.. මේ කෙස් එක කතා කරන එක බොරු වැඩක්.. ජනාදිපති උනාට පස්සේ ඔය ලිස්ට් එකේ හිටියත් එකයි නැතත් එකයි.. උදාහරනෙකට මෝඩි අගමැති වෙනකොට මෝදිට යුඇස් ට්‍රැවල් බෑන් එකක් තිබ්බා. නමුත් රාජ්‍ය නායකයෙක් උනාම එක අයින් කළා ඇමෙරිකන් උන්.. සරත් ෆොන්සේකා උනත් එහෙම තමයි ජනාදිපති උනානම් 2010 එයාටත් ඒ අවස්තාව උන් දෙනවා. රාජ්‍ය නායකයෝ උනාම ඕනෑම රටක් සලකන්නේ රාජ්‍ය නායකයෙක් හැටියට මිසක සිවිල් පුරවැසියෙක් වගේ නෙමෙයි.. මේ ප්‍රශ්නෙදි යුඇස් උන් ඕක ලෙවරේජ් එකක් හැටියට යුස් කරනවා මිසක ඇමෙරිකාව ඇතුලේ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ.. ඕකට නඩුවක් දැම්මත් දාන්න වෙන්නේ ලංකාවේ නීතියක් කැඩුවා කියලා ලංකාවේ මිසක ඇමෙරිකාවේ නෙමෙයි.. ඒ නිසා ඔය සම්බන්දව දැන් යුඇන්පී එකේ උන් කතා කරන එක තේරුමක් නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගඩාෆිටත් එහෙම සැලකුවද බං :P :rofl: