2019 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා
ෆෙඩරල් ලේඛනයේ නම සඳහන් වීමට මාස කිහිපයක් ගතවනු ඇති
- 12 11 2019 - 12:30 - 1807 views - ෂමිල පෙරේරා
යම් පුද්ගලයෙකු එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නම එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බව එක්සත් ජනපදය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙන පසුබිමක, එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටියේ යමෙකු පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නමක් එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට, “යම් පුද්ගලයෙකු සිය පුරවැසිභාවය අත්හැරීමෙන් පසු එම පුද්ගලයාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ සඳහන් වීමට මාස කිහිපයක් ගතවීමට පුළුවන්." යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී, එක්සත් ජනපද පුද්ගලිකත්වය සම්බන්ධ නීතියට ගරු කරන්නෙකු ලෙස තමාට එක් එක් තනි පුද්ගලයන්ගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම පුවත බොරුනම් විජය නිව්ස් පෙපර්ස් ආයතනයට වීරුදධව නඩු දැමිය හැක.
http://www.ada.http://www.ada.lk/bu...නම-සඳහන්-වීමට-මාස-කිහිපයක්-ගතවනු-ඇති/7-354327