( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)
පහතින් දක්වා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..
මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් “ආත්මා” වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන “බූදායි”(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට”The Laughing Buddha” යන අනවර්ථ නාමය යොදා අමතති…වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක…(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්‍යයන් ගැන කරුණාවෙන් විග්‍රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව “ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ” කීම නොවේ)
….අන්තරාය….
නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්‍රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති…ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්‍රව්‍යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්‍රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..
ඉතාම භයානක වන්නේ මෙකී “බුදායි” නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්‍ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා “විශ්ව සියපත” ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී…
සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි…අවධාරණය කොට කියමි..
“මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ…අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් ” මේ බුදුන්” යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව “බූදායි” නොහොත් ධාන්‍යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි…නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත…මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ”
( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )
….මෙන්න අපේ බුදු හාමුදුරුවෝ….
සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” වලින් සමන් විත වන සේක…එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය…(දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි)
1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙයෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම
අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න…සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න…අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි…අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන “බුදු රදුන් නම් මේ යැයි” ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක…බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..