ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි
ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 50කට වඩා ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. ඉන් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙක ඇතුළතය. එම කාර්යංශය පවසන්නේ ෆේස්බුක් වෙබ්අඩවියේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන ඒවායින් ඉතා අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර ඇති බවයි. ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම පාලනය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ඉල්ලා ඇතිබව පොලිස් ළමා හා කාර්යංශය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සන්දේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහතා පවසන්නේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, අනූෂ පැල්පිට මහතා පවසන්නේ එය පුද්ගල අයිතියක් බවයි. එමෙන්ම එය රටේ කීර්ති නාමයට හානියක් බවත් අන්තර්ජාල පරිහරණය අඩුවීමට හේතුවක් වනු ඇති බවත් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කරයි. පරිගණක සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටක එය ප්‍රායෝගික නොවන බවයි පැල්පිට මහතා සදහන් කරයි.. ************ උපුටා ගැනීම LANKA TRUTH.COM http://lankatruth.com/sin/index.php...-28-58&catid=35:2008-10-13-08-30-14&Itemid=63 **************