ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි

577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි

    ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 50කට වඩා ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. ඉන් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙක ඇතුළතය. එම කාර්යංශය පවසන්නේ ෆේස්බුක් වෙබ්අඩවියේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන ඒවායින් ඉතා අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර ඇති බවයි. ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම පාලනය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ඉල්ලා ඇතිබව පොලිස් ළමා හා කාර්යංශය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සන්දේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහතා පවසන්නේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, අනූෂ පැල්පිට මහතා පවසන්නේ එය පුද්ගල අයිතියක් බවයි. එමෙන්ම එය රටේ කීර්ති නාමයට හානියක් බවත් අන්තර්ජාල පරිහරණය අඩුවීමට හේතුවක් වනු ඇති බවත් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කරයි. පරිගණක සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටක එය ප්‍රායෝගික නොවන බවයි පැල්පිට මහතා සදහන් කරයි.. ************ උපුටා ගැනීම LANKA TRUTH.COM http://lankatruth.com/sin/index.php...-28-58&catid=35:2008-10-13-08-30-14&Itemid=63 **************
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඉතින් යකෝ ඒකට තමයි Facebook Security කියලා Option 1ක් තියෙන්නේ,,මුන් කාලකන්නි හෑත්ත ඔය මුකුත් දන්නේ නෑතුව Photos දාලා, photos view limit කරන්නේ නතුව ඔහේ Photos දාලා පස්සේ කෑගහනවා අනේ මෙහෙමත් මීහරක්