ෆේස්බුක් අසත්‍ය ප්‍රතිචාරය ගැන ගයන්තගෙන&

BANXSU

Member
Jan 29, 2017
254
10
0
ෆේස්බුක් අසත්‍ය ප්‍රතිචාරය ගැන ගයන්තගෙන&

කෙසෙල් ගෙඩි කිහිපයක් අඩංගු පාර්සලයක සිය නම සහ ඡායාරූපය ඇතුළත් කර ගංවතුර ආධාර වශයෙන් බෙදා හැර ඇති බවට සඳහන් කරමින් සමාජ ජාල වෙබ් අඩවියේ පලවන අසත්‍ය ඡුයාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

අමාත්‍යවරයා ලිඛිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය ෆේස්බුක් සමාජ ජාලය වෙබ් අඩවිය හරහා තමන් වෙත එල්ල කළ මඩ ප‍්‍රහාරයක් බවත් මෙය ද්වේශ සහගත ලෙස කිසිවකු තමන්ට කළ අපහාසයක් බවත් ය.

තමන් සිය නම සහ ඡායාරූපය ඇතුළත් කරමින් කෙසෙල් ගෙඩි පාර්සල් බෙදා දීමක් සිදු නොකළ බවත් එයට ගාල්ලේ ජනතාවද සාක්කි දරන බවත් ඔහු සදහන් කළේය.


Source- ලංකාදීප .lk
 

Similar threads