මේක ගැන හිතලමයි මමත් දැන් මාස 8ක විතර ඉඳන් ෆේස්බුක් ඩිඇක්ටිවේට් කලේ. ඒ කාලෙම තමයි මම ආයිත් එලකිරියට බැස්සෙ.
ෆේස්බූක් එකේ තියෙන්නෙ එක හොඳයි. ඒ තමයි කාලෙක ඉඳන් සෙට් වෙන්නෙ නැති යාලුවන් එක්ක ටච් එකේ ඉන්න පුලුවන් එක. ඒත් එකෙ නරක පැති ගොඩාක් තියනව. ලොකුම නරක දේ තමයි ඔබෙ ජීවිතේ රඳා පවතින්නෙ ගන්න තීරණ වලින්. ෆේස්බුක් එකෙන් කරල තියෙන්නෙ ඒ අපි ගන්න තීරණ හැම එකකම ස්වාදීනත්වයට බලපෑම් කරල තියන එක. ඔබ අනෙකාව අනුකරනය නොකරන කෙනෙක් උනත් ෆේස්බුක් එකේ ඔබ දැක්ක කියෙවුව හැමදේම තියෙන්නෙ ඔබේ යටි සිතට කාවැදිල. ඔබ කන්න යන තැන මොකක්ද කියන එක පවා තීරණය වෙන්නෙ ඒවගෙන්. ඉස්සර ස්වාධීනව හිතල ගත්ත තීරණේට දැන් ඔබ දැක්ක ඕපාදූප බලපානව. ඒක සරල දෙයක් විතරයි. ඒත් තව දේවල් තියනව. ඔබගෙ ජීවන ශයිලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව ඔබට දරාගන්න බැරි විදියට. රටේ මිනිස්සු හැමෝම ඕ ලෙවල් කරල ගෙදර දේශපාලනය කරන පොඩි එවුන් කියන දේ තමන්ගේ හෘද සාක්ෂිය පරයා විශ්වාසය කරන්න ගන්නව තමන් නොදැනීම. සරල කිව්වොත් මානසික ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැතිවෙනව.මූනුපොතෙන් නිර්මාණය වන රැලි වලින් සමාජය පාලනය වෙනව. රැල්ල හදන්නෙ කුමන්ත්රණ කරුවන් නැත්තම් හය හතර නොදන්නා පොඩි එවුන් නිසා ඒ රැල්ල සුනාමියක් වගේ. තනිකරම හානිකරයි.