ෆේස්බුක්_ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෆේස්බුක්_ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම

    ෆේස්බුක් ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම




    මාස දෙකකට පමණ ඉහතදී තුම්මුල්ල ප්‍රදේශයේ අවන්හලක් තුලදී නොකියා ලුමියා නවීන පන්නයේ දුරකතනයක් සොරාගෙන තිබු අතර පසුගිය කාලය පුරාවටම එම සොරකම පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණේ එම සොරාගත් පුද්ගලයා එම දුරකතනයට සිම් පතක් ඇතුල් නොකිරීම හේතුවෙනි.

    නමුත් මාස දෙකකට පමණ පසු සොරාගත් පුද්ගලයා විසින් සිය පෙම්වතියගේ ජායාරුප කිහිපයක් එම දුරකථනය ඔස්සේ ලබාගෙන තිබෙනවා.

    ජංගම දුරකතනයේ හිමිකරු එම දුරකතනයෙන් ලබාගන්නා සියලු ජායාරුප සිය ෆේස්බුක් ගිණුම වෙත ස්වයංක්‍රියව එකතුවන ආකාරයට සදා තිබීම හේතුවෙන් පෙම්වතිය පෙනී සිටින ජායාරුපයක් හා පෙම්වතිය ඇඳේ වැතිර ඉන්නා ජායාරුපයක් සොරාගත් පුද්ගලයාටත් නොදැනීම ජංගම දුරකතනයේ හිමිකරුගේ ෆේස්බුක් ගිණුම වෙත එක්වී තිබෙනවා.

    ෆේස්බුක් වෙත එක්වූ ජායාරුප බලන්න පහතින්


    5769607165.jpg


    0280493782.jpg




    එම ජායාරුප ලබාගත් ස්ථානය සහ වේලාව ෆේස්බුක් ඔස්සේ පොලිසිය මගින් සොයාගත් පොලසිය සිදුකල සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේදී මෙම නැතිවූ දුරකථනය භාවිතා කර ඇති බවයි.

    ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසිය දුරකථන කොල්ලකරු සිටින ස්ථානය නිශ්චිතව හදුනාගෙන ඇති අතර පොලසිය එම ස්ථානයට යනවිටත් සැකකරු එම ස්ථානයෙන් පැනගොස් තිබුණි.

    පසුව සොරාගත් පුද්ගලකු හදුනන පුද්ගලයෙක් මගින් ඔහු අමතා ඇති අතර දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයට ගෙන බාරදීමට සොරාගත් පුද්ගලයා එකඟවී ඇත.

    දුරකථනය ගැනීමට බම්බලපිටියට ගිය විට එහි පැමිණ තිබුන දුරකථනය ඔස්සේ ජයාරූප ගතවූ සොරකම් පුද්ගලයාගේ පෙම්වතියයි. එහිදී පෙම්වතිය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඊට පසු දිනයේ සොරාගත් පුද්ගලයාද පොලිසියට බාරවිය.





    video 1


    video 2
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    පවු බන් කෙල්ල, මොන පදනමින්ද දන්නේ නෑ අත් අඩංගුවට ගන්න ඇත්තේ... කෙල්ලත් හොරකමට සම්බන්ද නැත්තන් අසාදාරනයක් වෙලා මීඩියා එකෙන් ඔහොම දැම්මම කොහොමද මුණ දෙන්නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පවු බන් කෙල්ල, මොන පදනමින්ද දන්නේ නෑ අත් අඩංගුවට ගන්න ඇත්තේ... කෙල්ලත් හොරකමට සම්බන්ද නැත්තන් අසාදාරනයක් වෙලා මීඩියා එකෙන් ඔහොම දැම්මම කොහොමද මුණ දෙන්නේ

    aru ekiwa issarahata dala berenna hadala.napunsakayekda koheda.