ෆේස් බුකියේ ග්‍රී යක්කු

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ෆේස් බුකියේ ග්‍රී යක්කු

    කෑල්ලගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ පොටෝ කෑලි දෙක තුනක් ඔන්න අප්ලෝඩ් කලා. තුක් නොදකින් පැයක් දෙකක් යනකොට ආවෙ නැද්ද ග්‍රීස් යක්කු ටික.

    "ශා ඔයා නම් ලස්ස නම් ලස්සනයි අනිත් අය නම් හරි නෑ"
    (අනේ පවු.....)
    "ඔයත් අනිත් අය වගේ රෙස්පට්ද අනේ"
    (නෑ මේ වෙන එකක්)

    අපෝ මෙහෙමත් ගෑණු පෙරේතයො. ෆේස්බුක් එකට දැන් බල්ලයි කොල්ලයි ඔක්කොම රින්ගගෙන විනාස වෙලා. සමාජ ජාලයක් උනහම කුඩු කාරයගෙ ගන්ජා කාරයගෙ බඩු කාරයගෙ (කියන්න ඕනෙම නිසයි කිවුවෙ) ඉඳන් ඔක්කොම ඕක අස්සට රින්ගනවනෙ. එක්කො ඇඟ බාගෙට වහගෙන ඉන්න පොටෝ කෑල්ලක් දාගෙන ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන කොල්ලො එක්ක චැට් කොරනවා. නැත්තන් කෙල්ලො එක්ක චැට් කොරනවා. කොන්දක් තියෙනව නම් ඔය වගේ ඒවා කරන්නෙ නෑ. කමෙන්ට් එකක් දාන්න ගියහම මෙලෝ රහක් නැති කමෙන්ට් දාන්නෙ. කෙල්ලෙක්ට නම් කියවන්නත් ලැජ්ජ හිතෙනවා ඇති. (මම කියන්නෙ නෑ මම පොරක් කියලා , මගෙත් වැරදි තියෙන්න පුලුවන් )

    කෙල්ලෙක් ෆේස්බුක් ඉන්නවා නම් දැන් හැටියට පොටෝ එකක් අප්ලෝඩ් කරන්න බෑ. අප්ලෝඩ් කරපු ගමන් ඔන්න එනවා "ඔයා හරි කියුට් අනේ" " ඔයාගෙ තව පොටෝ නැතෙයි?" ලොල්

    ඒ අස්සෙ ටික දවසකින් ඔන්න එනවා දුක් ගැණිවිලි කියාගෙන
    "මගෙ ගර්ල් දාලා ගියා, මගෙ ගර්ල් මාව මග අරිනවා"

    කෙල්ලගෙ වැරදි කිය කිය පස්සෙන් එනවා.


    ඊට පස්සෙ ෆෝන් නම්බර් එක ගන්න ට්‍රයි එක දෙන්නෙ
    "ඔයා ඔන්ලයින් එනව නම් මේකට මිස් කෝල් එකක් දෙන්න 07‍xxxx" (CLI නැති මොබයිල් ෆෝන් නෑනෙ)
    "ඔයාගෙ නම්බර් එක දෙන්නකො හලෝ මම දැන් වැඩිය එෆ් බී එන්නෙ නෑ"
    දෙන්නෙ නැත්තන් නැත්තන් ස්කයිප් සෙට් වෙන්න බලනවා.

    ඊට පස්සෙ ඉතින් හම්බෙන්න පොටක් පාදගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.
    "ඔයා ක්ලාස් යන්නෙ කොහෙද? කාගෙද? කීයටද තියෙන්නෙ?"

    අනේ ඉතින් ඕකට ටිකක් මෝඩ පහේ කෙල්ලෙක් නම් ඉතින් ඔය දුක අහලා ඌව සනසලා නලවලා දොයි කරන්නත් යනවා. අන්තිමට දොයියගෙන ඇහැරිලා බලද්දි සමහර අන්ගෝපාන්ග අඩුත් වෙලා. ඒත් සමහර කෙල්ලො දනන්වා ඔය වගේ "ග්‍රීස් යක්කුන්ගෙ " කනෙන් ලස්සනට රින්ගලා යන්න.

    කෙල්ලෙක් නම් ෆේස් බුක් එකට ආවම ෆේස්බුක් එකේ ඇති වෙන සම්බන්ධකම් ෆේස්බුක් එකේම සීමා කරගනන්වා නම් ගොඩක් කරදර අඩුයි. අඳුරන්නෙ නැත්තන් (ෆේස්බුකියෙන් අඳුරගත්ත අය නෙමෙයි) ෆෝන් නම්බර් දෙන්න එපා. විශේෂයෙන් ක්ලාස් ඇරෙන වෙලාවල් , ක්ලාස් යන්නෙ කොහෙද යන එන තැන් විස්තර කියන්න යන්න එපා. විශේෂයෙන් ස්කයිප් කෝල් වලදි අඳුරන්නෙ නැති අයට වෙබ් කැම් දාලා දෙන්නෙපා. ෆොටෝ දෙන්න යන්නත් එපා. ඔය කියපුවා කරාම වෙන්නෙ තමුන් මහ "මෝල් කෙල්ලෙක්" කියලා හිතන එක විතරයි. තමුන්ගෙ තත්වෙත් බාල්දු කරගෙන නිකන් බාල්දි පෙරලගන්න ඕනෙ නෑනෙ.

    "පිරිමි කවදාවත් කොන්ද පණ නැති වැඩ කරන්නෙ නෑ, පිරිමියෙක් කවදාවත් ගෑණියෙක්ට කරදරයක් කරන්නෙ නෑ. එහෙම කරනව නම් ඌ පිරිමියෙක් නෙමෙයි." :rofl:


    digiflirt.jpg


    http://ralapela.blogspot.com
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කියන්න ගියාම ඉතින් අපේ කරේ යන්ඩ එන්නෙ :3
    කට කෑවත් කියන එක කියලා දාන්නෙපැයි බන් :D