ෆොන්සේකාට කිසිම දර්ශනයක් නෑ–ලාල් කාන්ත
සරත් ෆොන්සේකා මහතාට කිසිඳු පැහැදිලි දේශපාලන දර්ශනයක් හෝ ආර්ථික වැඩපිළිවෙලක් නොමැති බවත් ඔහුට ඇත්තේ හුදු රාජපක්ෂ විරෝධයක්, ආණ්ඩු විරෝධයක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා මේ බව පවසන්නේ දෙරණ රූපවාහිනිය සමහ සාකච්චාවකට සහභාගී වෙමිනි.
එහිදී ආදහස් දක්වන ලාක් ලාන්ත මහතා “ෆොන්සේකා මහතා ජිනීවා ප්රශ්නය පිලිබඳවත් කිසිවක් ප්‍රකාශ කලේ නෑ. ඔහු නිතරම මහින්ද විරෝධය,ආණ්ඩු විරෝධය විතරයි කතා කලේ .ඔහුට කිසිම දේශපාලන දර්ශනයක්වත් ආර්ථික වැඩපිළිවෙලක්වත් තිබුනේ නෑ.අපි ඔහු පසුගිය ජනාධිපතිවරණයට ගෙනාව තමයි.නමුත් ඔහු දිගටම දේශපාලනය කරන්න ආපු කෙනෙක් නෙවෙයි.ඔහුට තිබුනේ ව්‍යවස්ථාව වෙනස් කරල ජනාධිපතික්රමයත් වෙනස් කරල එතනින් ඔහුගේ ගමන අවසන් කරන්න” යැයිද පැවසීය.
මීට පෙර නොබෝදා ප්‍රකාශයක් කරමින් ලාල් කාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නැති බවත් අද ඔහු නිදහස් කරගැනීමේ උවමනාව වැඩියෙන්ම ඇත්තේ ඇමරිකාවට බවත්ය.
කෙසේ නමුත් 2009 දී ජනතා විමුක්ති පෙරමුණ තම සුපිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා කරලියට ගෙනවිත් අද වන විට ඔවුන් එකිනෙකට දේශපාලනව සතුරුව ක්‍රියා කරන මට්ටමකට පැමිණ තිබීම දේශපාලන අවස්ථාවාදය හොඳින්ම පෙනෙන සිදුවීමක් බව දෙශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
***පට්ට පට පට කියුවලු,මෝල් කාන්තට දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ,අපි නම් ඕක කියන්නේ 2010 ඉදන්.