ෆොන්සේකාට-සමාව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ෆොන්සේකාට-සමාව

    ෆොන්සේකාට ජනවාරියේ ජනපති සමාව?


    _46837807_jex_535913_de27-1.jpg



    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ජනපති සමාව යටතේ 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස් කරතියි රජයේ ඉහල පෙළේ ආරංචි කියයි. මේ අනුව ඔහු 2012 ජනවාරි 01 වැනිදා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

    මේ අතර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් ෆොන්සේකාට නිදහස දෙන ලෙස ඉල්ලා තිබිණි. ෆොන්සේකාගේ බෑනාවන දණුන තිලකරත්නගේ හයිකෝප් සමාගමේ යුද හමුදාවට උපකරණ කීපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු වූ පොන්සේකාට මාස 30ක සිර දඬුවමක් නියම විය. ඒ සමග ඔහුගේ මන්ත‍්‍රීධූරයද අහිමිවිය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයින් වෙඩි තබා මරා දමන්නැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කළැයි කියන ප‍්‍රකාශයක් සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවීම සම්බන්ධයෙන් ෆොන්සේකාට එරෙහිව පැවැති නඩු විභාගයකින් පසුව ඔහුට රුපියල් 5000ක දඩයක් නියම කර තවත් තුන් වසරකට සිරගෙට නියමවිය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරෙන බලතල යටතේ ඔහුට නිදහස ලැබෙතියි දැනගන්නට ඇත.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පැවැසුවේ සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත් එහෙත් පැවැති සාකච්ඡුා මොනවාදැයි හෙළිකළ නොහැකි බවත්ය.





    ලංකාදීප