ෆොන්සේකාට_කළදේම_ගුණතිලකටත්______
ගුවන් හමුදාවට 60 වසරක් සපිරීමේ උත්සවයට දින තුනක් තිබියදී ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට විශ‍්‍රාම යෑමට සිදුව ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ බලපෑම හේතුවෙන් යැයි ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙවැනිම සිදුවීමකට හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාටද මුහුණදීමට සිදු වූ බවද යුද හමුදාවේ 60 වන සංවත්සරයට හමුදාපති ලෙස සහභාගී වීමට ඉඩ නොදී ඔහුව කිසිදු බලතලයක් නොමැති මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්කළ බවද රොෂාන් ගුණතිලක මහතාවද ගුවන් හමුදාපති ධූරයෙන් විශ‍්‍රාම ගන්වා එම තනතුරට පත්කර ඇති බවද එම ආරංචිමාර්ග හෙළිකරයි.
මේ මොහොතේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන විදෙස් රටක රාජ්‍ය පාලකයෙක් රහසිගත ආකාරයෙන් ප්‍රහාරක ගුවන් නියමුවන් ලබාදෙන්නැයි මෙරට පාලකයන්ගෙන් ඉල්ලා ඇති බවත් එසේ ප්‍රහාරක ගුවන් නියමුවන් ලබාදීමට ගුණතිලක මහතා අකමැති වීමත් ඔහු හා ආරක්ෂක බලධාරීන් අතර ගැටළු මතු වීමට හේතු වූයේ යැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ.