ෆොන්සේකා ගේ කතාව.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ඉස්සර ගම්වල බඩු විකිනුවේ සමුපකාරය හරහා. ඒවගේ බඩු ගෙනියන්න දැන් වගේ කවර දුන්නේ නැහැ. අපි අපිට ඕනේ බඩු ගන්න කවර ගෙනියන්න ඕනේ. සීනි කවර, ලුණු කවර ඒ කාලේ හැම ගෙදරකම වගේ තිබුණා.

    එක ගමක සමුපකාරය කරගෙන ගියේ ෆොන්සේකා කියලා මනුස්සයෙක් හිත හොඳ නමුත් මොහු ඉතා කුඩා හිසක් ඇති කෙට්ටු මිනිසෙක් වුණා.
    සමුපකාරය ට එන හැමෝම එක්ක හොදින් වැඩ කළා.

    ඔන්න දවසක් සමුපකාරය හොරු කඩල, පොලිසියෙනුත් ඇවිල්ල oic පුටුවක් උඩ ඉන්නකොට අනිත් පොලිස් නිලධාරීන් හොරා ආවේ කොහොමද කියලා හොයන්න පටන් ගත්තා. උළු අයින් කරලාවත් බිත්ති කඩලවත් නැහැ.

    දැන් මෙතනට රැස්වුණ ගම්මුන් අතර කසුකුසුවක් ඇති වුණා හොරා කොහොමද ආවේ කියලා.
    ඉතින් සමූපකාරේ ගාව ම ගෙවල් තියෙන ආචිචකෙනෙක් කිව්වා මට පාන්දර දෙකට විතර සද්දෙ ඇහුනා ඔය ජනේලේ න් වත් ආවද දන්නේ නැහැ කියලා සමුපකාර ගොඩනැගිල්ලේ තිබ්බ පටු හිඩැස් තියෙන ලී පොලු ගහපු ජනේලයක් පෙන්නුවා.

    ඕකෙන් කොහොමද බං මිනිහෙක් රිංගන්නේ, තරහ ගිය oic ඇහුවා.

    මේ අතරේ සෙනග මැදින් මතුවූ ෆොන්සේකා, මොකද මහත්තයෝ බැරි කියලා තමන්ගේ කෙසග සිරුර ජනේලෙන් රිංගවා පෙන්නුවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    ඉතින් ඕකෙන් ඔප්පු වෙන්නෙ නෑනේ ෆොන්සේකාමයි හොරා කියලා
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ඉතින් ඕකෙන් ඔප්පු වෙන්නෙ නෑනේ ෆොන්සේකාමයි හොරා කියලා
    ඔප්පු වුණ අයම නෙමෙයි නේ වරදිකරයෝ වෙන්නේ. අනිත් එක මේකේ එහෙම කියලත් නෑ
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔප්පු වුණ අයම නෙමෙයි නේ වරදිකරයෝ වෙන්නේ. අනිත් එක මේකේ එහෙම කියලත් නෑ
    කතාවනවත්තලා තියෙන විදිහෙන් පේන්නෙර් ෆොන්සේකස් වැරදිකාරයා උනා කියන බව
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කතාවනවත්තලා තියෙන විදිහෙන් පේන්නෙර් ෆොන්සේකස් වැරදිකාරයා උනා කියන බව
    ඒකෙන් කියන්නෙ ෆොනී කලින් ජනේලෙන් රිංගලා තියෙනවා කියලා . සමූපකාරේ මැනේජර් මොකද ජනේලෙන් රිංගන්ගනෙ යතුර තියෙද්දි . එතකොට ඌ මේන් සස්පෙක්ට්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම අහල තියෙන කතාව මීට වැඩිය තිබ්බා..

    කොහොම හරි ෆොන්සේකා ඇතුලට ගියාට ආයිත් එලියට එන්න බැරි උනා.ඇතුලේම හිර උනා.ඊට පස්සේ පොර කෑ ගහන්න ගත්තා මාව එලියට ගනිල්ලා කියලා.
    ඊට පස්සේ මැනේජරයා යතුරෙන් දොර ඇරන් ඇතුලට ගියාලු පොලිසිය එක්කලා.පස්සේ හොයලා බලනකොටලු දැක්කේ පිටිපස්සේ වොෂ් රූම් එකට යන දොරේ ඉබ්බා කඩලා කියලා.
    හොරාගේ කරුමෙට පොර අරන් දිව්ව පරිප්පුයි කඩලයි මුංඇට කව්පි ඔක්කොම අඩි තුනෙන් තුනට වගේ බිම හැලිලා තිබ්බා.පස්සේ කට්ටිය ඒක ෆලෝ කරන් කරන් ගිහින් අන්තිමේ නැවතුනේ පොලිසියේලු..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඒකෙන් කියන්නෙ ෆොනී කලින් ජනේලෙන් රිංගලා තියෙනවා කියලා . සමූපකාරේ මැනේජර් මොකද ජනේලෙන් රිංගන්ගනෙ යතුර තියෙද්දි . එතකොට ඌ මේන් සස්පෙක්ට්
    යතුර අමතක වෙලා ආපු දවස් තියෙන්ඩ පුලුවන්නේ. ඔය අපිත් ගෙදර යතුර නැති වෙලවල් වලට වහලෙන් බහින්නේ. මොකද ගෙදර අපේ නෙවෙයි කියලැයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යතුර අමතක වෙලා ආපු දවස් තියෙන්ඩ පුලුවන්නේ. ඔය අපිත් ගෙදර යතුර නැති වෙලවල් වලට වහලෙන් බහින්නේ. මොකද ගෙදර අපේ නෙවෙයි කියලැයි
    උබ දැකලා නැද්ද ඉස්සර කඩ , ඒවගෙ එළියෙන් ඉබ්බා දාන්නෙ යකඩ පොල්ලක් වගේ එකක් එක්ක දොර පියන් ඔක්කොම සෙට් වෙන්න . ඇතුලෙ ඇවිත් දොර අරින්න බෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උබ දැකලා නැද්ද ඉස්සර කඩ , ඒවගෙ එළියෙන් ඉබ්බා දාන්නෙ යකඩ පොල්ලක් වගේ එකක් එක්ක දොර පියන් ඔක්කොම සෙට් වෙන්න . ඇතුලෙ ඇවිත් දොර අරින්න බෑ.
    ඒ උනාට පිටිපස්සෙන් තව දොරක් තියෙනවනේ බහුතරේක