ඉස්සර ගම්වල බඩු විකිනුවේ සමුපකාරය හරහා. ඒවගේ බඩු ගෙනියන්න දැන් වගේ කවර දුන්නේ නැහැ. අපි අපිට ඕනේ බඩු ගන්න කවර ගෙනියන්න ඕනේ. සීනි කවර, ලුණු කවර ඒ කාලේ හැම ගෙදරකම වගේ තිබුණා.
එක ගමක සමුපකාරය කරගෙන ගියේ ෆොන්සේකා කියලා මනුස්සයෙක් හිත හොඳ නමුත් මොහු ඉතා කුඩා හිසක් ඇති කෙට්ටු මිනිසෙක් වුණා.
සමුපකාරය ට එන හැමෝම එක්ක හොදින් වැඩ කළා.
ඔන්න දවසක් සමුපකාරය හොරු කඩල, පොලිසියෙනුත් ඇවිල්ල oic පුටුවක් උඩ ඉන්නකොට අනිත් පොලිස් නිලධාරීන් හොරා ආවේ කොහොමද කියලා හොයන්න පටන් ගත්තා. උළු අයින් කරලාවත් බිත්ති කඩලවත් නැහැ.
දැන් මෙතනට රැස්වුණ ගම්මුන් අතර කසුකුසුවක් ඇති වුණා හොරා කොහොමද ආවේ කියලා.
ඉතින් සමූපකාරේ ගාව ම ගෙවල් තියෙන ආචිචකෙනෙක් කිව්වා මට පාන්දර දෙකට විතර සද්දෙ ඇහුනා ඔය ජනේලේ න් වත් ආවද දන්නේ නැහැ කියලා සමුපකාර ගොඩනැගිල්ලේ තිබ්බ පටු හිඩැස් තියෙන ලී පොලු ගහපු ජනේලයක් පෙන්නුවා.
ඕකෙන් කොහොමද බං මිනිහෙක් රිංගන්නේ, තරහ ගිය oic ඇහුවා.
මේ අතරේ සෙනග මැදින් මතුවූ ෆොන්සේකා, මොකද මහත්තයෝ බැරි කියලා තමන්ගේ කෙසග සිරුර ජනේලෙන් රිංගවා පෙන්නුවා.