ෆෝර්මියුලා 1 ඉතිහාසයේ දුක්බර මතකයන් (1) Roger Williamson

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ෆෝර්මියුලා 1 ඉතිහාසයේ දුක්බර මතකයන් (1) Roger Williamson

    ෆෝමියුලා 1 ඉතිහාසයේ අමරණීය නමක් සටහන් කර මියැදුනු තරගකරුවෙක් ගැන මතක් කලොත් අපිට එක්වරම සිහියට එන්නේ Ayrton Senna බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒත් ඒ තරම් වැඩ්ඩෙක් නොවුනත් වඩාත් කතාබහට ලක්වුන සිදුවීමක් වගේම ෆොර්මියුලා තරග වලට නව නීති රාමුවක් එක්කිරීමට සමත් වෙච්ච තවත් අමරණීය තරගකරුවෙක් තමයි Roger Williamson කියන්නේ.

    index.jpg


    1971 සහ 1972 British Formula 3 Championship ජයග්‍රහනය කරන Williamson 1973දී පලමු ෆොර්මියුලා තරගාවලිය ලෙස British Grand Prix තරගාවලියට සහභාගි වෙනවා. ඊටපස්සේ 1973දිම තමන්ගේ දෙවන තරගය විදිහට නෙදර්ලන්තේ Zandvoort Circuit එකේ තිබ්බ Dutch Grand Prix තරගයේ අටවන ලැප් එකේදි අවාසනාවන්ත විදිහට Williamson අනතුරට ලක්වෙනවා.ටයරයක් පුපුරායාමෙන් මාර්ගයෙන් ඉවතට විසිවන Williamson ගේ රථය උඩුයටිකුරු වී එක්වරම ගිනිගැනීමට ලක්වෙනවා. අනතුරින් Williamson ට බරපතල හානියක් නොවුනත් රථය උඩුයටිකුරු වී තිබීමත් ගිනිගැනීමත් හේතුවෙන් ඔහුට ඉවතට පැමිනීම අසීරු වෙනවා. ට්‍රැක් එකේ ආරක්ෂාවට සිටින නිලදාරීන් පවා ගිනිගනිමින් සිටින රථයෙන් ඔහුව ඉවතට ගැනීමට අදිමදි කරද්දි Williamsonගේ මිත්‍රයෙක් වුන David Purley තරගය අතහැරලා Williamsonව බේරාගන්න ඉදිරිපත් වෙනවා.

    David Purley

    Purley_1.jpg


    ඒ මොහොතේ ලබා ගත් පහත චායාරූපය එම වසරේ සම්මානයටද පාත්‍ර වුනා

    david-purley-roger-williamson-crash-f1.jpg


    නමුත් ඔහුට ඒ සදහා නිසි සහයක් අනෙක් අයගෙන් ලැබෙන්නේ නෑ. ගිනිගන්නා රථය කීපවරක් අනෙක් අතට හැරවීමට උත්සහකලත් ඔහුට තනිවම එය කලනොහැකිබව තේරුම් ගන්නා David ආරක්ශකයෙකුගේ අතින් ගිනි නිවනය උදුරාගෙන ගින්න මැඩලීමට තනිවම උත්සාහ කලත් උත්සහය ව්‍යර්තවන බව හැගී යාමෙන් ඔහුගේ බලාපොරොත්තු දෑස් ඉදිරිපිටම කඩවී යනවා.


    David Purley බලාපොරොත්තු කඩවූ දෑසින් යුතුව.

    davidpurleyrogerwilliamsondutchgptragedycrash1973f1.jpg




    Roger Williamson මියගොස් සිටි අයුරු. තම හෙල්මටය අතැතිව මියගිය සගයා දෙස බලා සිටින David Purley.

    b09bac80f671a3f64d6292fb8164a25c.jpg



    David පසු අවස්ථාවකදී සදහන් කරනවා ඔහු Williamsonව බේරාගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී Williamson රථය තුලින් කෑගසන හඩ තමාට ඇසුණුබව. කෙසේ නමුත් පලමු ගිනි නිවන රථය පැමින ගින්න නිවාදමන විටත් Williamson තම ජීවිතය හැරදමාගොස් තිබුණා.

    ගිනි නිවන භටයන් සමග ගින්න නිවීමට උත්සාහ කරන David Purley.

    Roger%2520Williamson%2527s%2520Zandvoort%25201973.jpg


    ගින්න නිවා දැමූ පසු. මෙහි දකුනු පසින් සිටින්නේ David Purley ය.

    38964EE000000578-0-image-a-49_1474316632029.jpg
    [/IMG]

    2146bcf1cc76bc396af171e2a3a20329.jpg


    7adb867871432564b63fca15f36daa84.jpg


    හුස්ම ගැනීමට අපහසු වීම නිසා මරණය සිදුවී ඇති බව පරීක්ෂන වලදී පසුව අනාවරණය වුණා. අනතුර සිදු වූ අවස්ථාවේදී අනෙක් තරගකරුවන් මාර්ගයේ අතරමග නවතා තිබූ David Purleyගේ රථය අනතුරට ලක්වී ඇත්තේ යැයි සිතා ගිනිගන්නා රථය පිලිබදව තැකීමක් නොකර දිගටම ධාවනයේ යෙදීම නිසා ඔවුන්ගේ සහය නොලැබීමද මෙම මරණයට හේතු වුණා. තරග සංවිදානයේ තිබූ අඩුපාඩු ලෙස මාර්ග ආරක්ශකයින්ට ගින්නට ඔරොත්තු දෙන කබා නොතිබීමද දෝශදර්ශනයට ලක්වුණා. කෙසේනමුත් තම මිතුරා ව බේරාගැනීමට David Purley විසින් දැරූ ප්‍රයත්නය අගයමින් පසුකලෙක ජෝර්ජ් පදක්කමෙන් පවා ඔහුව ගෞරවයට පාත්‍රවුණා.

    GM_2010.jpg


    මියගිය Roger Williamson ගේ දේහය ආදාහනය කර දවාලූ අලු හෙලි නොකල ප්‍රදේශයකට යවන්න කටයුතු කර තිබුණා. මෙම අවාසනාවන්ත අනතුරෙන් පසු සියලුම මාර්ග ආරක්ශකයින්ට ගින්නට ඔරොත්තු කබා පැලදසිටීම අනිවාර්ය කරන අතරම එම තීරණයේ වැදගත්කම 1976 තරගාවලියේදී ඇතිවූ බිහිසුණු අනතුරකින් ප්‍රකට ධාවකයෙකු වන Niki Laudaගේ ජීවිතය සුලු පිලිස්සීම් හැරුණුකොට ඉතිරිකරදීමට ඉවහල් වුණා.

    Niki Lauda
    809251312.jpg


    David Purleyගේ මරණය සිදුවී වසර 30ක් ගතවූ පසු එනම් 2003 දී ලෝකඩින් තැනූ පිලිරුවක් ඔහුගේ උපන් ප්‍රදේශය වන Leicestershire හි පිහිටි Donington Park ධාවනපථය අසල ඉදිකරන්න එහි හිමිකරුවන් කටයුතු කලා.


    roger_williamson.jpg


    Ayrton Senna තරම් දක්ෂයන් නොවූවත් Roger Williamson සහ David Purley ගේ මිත්‍රත්වය ෆෝර්මියුලා 1 ඉතිහාසයේ සදා අනුස්මරණීය වන මතකයක් බවට පත්වුණා.

    e667d742247b6367626758f5b8ebeb58.jpg


    මේ වීඩියෝ එක ත්‍රෙඩ් එක කියවපු අය අනිවා බලන්න ට්‍රයි එකක් දෙන්න. :(:(:(



    විනාඩි 2.07 ක වීඩියෝ එකක්. ත්‍රෙඩ් එකේ කියල තියෙන දේවල් බැලුවට වඩා හුගක් සංවේදී වෙනවා මේ වීඩියෝ එක බැලුවම. මාර විදිහට දුකයි වීඩියෝ එකේ අවසන් මොහොත වෙනකොටත් Roger Williamson ජීවතුන් අතර හිටිය කියල හිතෙනකොට. :(:(:(:(:(:(:(:(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    F1 balana aya innawada? mama thread dannath hadala mehe F1 eccahara famous nathi nisa damme na. mama nam hardcore follow karanawa F1....

    ae dawas wala F1 races wala drivers la marena eka normal deyak gaanata thibe..echharata car eke safety nui,track eke safety nui adui.. dan nam ithn eke anith patta. safe wadi wela thiyenne dan
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    F1 balana aya innawada? mama thread dannath hadala mehe F1 eccahara famous nathi nisa damme na. mama nam hardcore follow karanawa F1....

    ae dawas wala F1 races wala drivers la marena eka normal deyak gaanata thibe..echharata car eke safety nui,track eke safety nui adui.. dan nam ithn eke anith patta. safe wadi wela thiyenne dan

    දාපන් මචං හදල :yes::yes:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    MV5BOWEwODJmZDItYTNmZC00OGM4LThlNDktOTQzZjIzMGQxODA4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    The merciless 1970s rivalry between Formula One rivals James Hunt and Niki Lauda.

    මේක ගැනත් දාන්නම් ඉදිරියේදී.:yes:

    හිතුවක්කාරයා;21766451 said:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :no::no:

    එල!