ෆ*යා රෝහලට යන්න බෑ කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කොරෝනා ආසාදිත වූ ඇමති වාසු රෝහල්ගත වෙන්න බෑ කියයි… නිවසට වී සිටී.. රෝහලට ගෙනයන්න මෙහෙයුමක්..

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.


    එසේ පවසමින් ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බවද දැනගන්නට ඇත.


    සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඇමතිවරයා පවසා ඇත්තේ තමන් නිවසට වී සිටින බවයි.


    කෙසේ වෙතත් පවතින නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතයන් රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නිසා ඇමතිවරයා එම ස්ථානයකට ගෙන යාමට තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටිති.