අපි 10 යට හොඳම :(

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්​



    (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

    කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.

    එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .

    මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බව පැවසේ.

    දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.


    පුහුණුකරුට - තිරිමාන්නට කොරෝනා​




    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

    මිකී ආතර් මහතා සමග ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයකින් තහවුරු කරයි.


    නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා​



    image_4bc1a6edd5.jpg
    (ජේ.කේ.එල්. චාමින්ද)


    නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි එම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (03) තහවුරු වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය හරිත අලූන්ගේ සඳහන් කළේය.

    කොළඹදී ඊයේ (2දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුන්ගේ පැවැසුවේ කොරෝනා ආසාදනය වීමෙන්
    ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සෞඛ්‍ය වෘත්තිකයන් තිගැස්මකට පත්ව ඇති බවය.

    දෙවැනි කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 දෙනකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ඔහු පැවැසීය.


    සෞඛ්‍ය වෘත්තිකයන් කොරෝනා වයිරසයට ගොදුරුවීම තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමකට ලක්විය හැකි බවද හරිත අලුත්ගේ පැවැසීය. ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තිකයන්ට විශ්වාසයෙන් යුතුව රාජකාරී කළ හැකි පරිසරයක් නිර්මාණය කිර්ම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක් බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ පැවැසීය.

    “අපි ඇත්ත කතා කරනකොට ජනතාව බිය කරන බිල්ලො මවනවා කියන චෝදනාව අපට තියෙනවා. අපි ඒ චෝදනාවට බයේ ඉන්නේ නෑ. යථාර්ථය රටට හෙළි කරනවා. ගයාන්ගේ වගේ මරණ ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.”

    උපුටා ගැනීම -මව්බිම පුවත්පත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,869
    113
    34
    Kalutara
    අර මාස ගානේ හම්බ බබෙක් කොවිඩ් හැදිලා මැරුණම වැළලුවා කියල වැලළුන උන් දැන් මේ බබා මැරිලා වැලලුවම මුකුත් කියල නැද්ද?
     
    • Like
    Reactions: hodakolla