෴අටමහා කුසල්෴

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    BUDU%2BSARANAI%2B%25281%2529.gif
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රාල මාමී මේ කාලේ තමයි පින් ගොඩක් කරගන්න පුලුවන් කාලේ
    ඒ පින් ඔයාට වගේම මේ ධර්ම දානයට බලපු සෑමට අනුමොදම් වේවා!!!!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උත්තරයක් හම්බ උනා...:rolleyes:

    http://www.lakehouse.lk/alokoudapadi/2013/12/18/_art.asp?fn=a13121819

    "අහෝසි කර්මය:- දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම අහෝසි කර්ම බවට පත් වේ. අහෝසි කර්මවල ස්වභාවය වන්නේ තමන් කරන ලද කුසල කර්ම බලගතු නම් සුළු සුළු අකුසල කර්මවලට විපාක දීමට අවස්ථාවක් නොලැබීමය. උදාහරණයක් වශයෙන් අටමහා කුසල්වලට අයත් පළමු පින්කම වන කඨින චීවර පූජාවක් වැනි ඉතා බලගතු කුසල ක්‍රියාවක් සිදු කරගෙන ඇති කෙනෙකුට තමා අතින් සිදු වී ඇති සුළු සුළු අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් උදා නොවීමය."

    :yes: ඔවු මෙන්න මෙහෙමත් ඒක වෙන්න පුළුවන්. මෙහෙම වෙන අහෝසි කර්මත් තියනවා. :)

    ඔතනදි මතක් කරන්න ඕන විශේෂ කරුණක් තියනවා. ඒ තමා බුදු රජාණන් වහන්සේම දේශනා කරලා තියනවා ඔය "කර්ම විෂය" ඉතා පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිරුණ එකක් කියලා. ඒක ඇත්ත. අපිට ඒක තේරුම් අරන් ඉවර කරන්න බැහැ. ඒක පුර්ණ වශයෙන් අවබෝධ වෙන්නේ බුදු කෙනෙකුට. අපිට තියෙන්නේ දල අවබෝධයක්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ආ සහෝදරය ඔයා උත්තරයක් දීල තිබුනද?
    එහෙනම් මට වැරදිලා වෙන්න ඇති මචන්...හාමුදුරුවො එහෙම කියල නැතිව ඇති...:sorry:
    ඒත් මට ඔතන අවුලක් තියෙනවා ඔය අහෝසි කර්ම එකේදි ....බුදු කෙනෙක් වෙන්න සෑහෙන්න පින් කරල තියෙන්න ඕනෙ..එහෙම වෙලත් බුදු බව ලැබුනාට පස්සෙත් බුදුහාමුදුරුවන්ට සමහර පව් පල දුන්න කියල තියෙනවනෙ....ඉතින් ඒ පව් අහෝසි නොවුන එක..අනික ඔයා කියපු දුටුගැමුනු රජතුමාගෙ සීන් එක....:oo:

    මම මේකට උත්තරයක් දුන්නා බන්. :) කර්ම විෂය අපිට විස්තර කරන්න අමාරු එකක්. බුදු කෙනෙකුට පල දෙන පාප කර්ම මොනවද?, දෙවියෙකු උප්පත්තියෙන් ලැබෙන දේවල් මොනවද?, කෙනෙක් ගැඹුරු මුහුදේ ආලෝකය විහිදන සත්වයෙක් වෙන්නේ කොහොමද? කියන ඒක ඉතාම පුළුල්/සංකීර්ණ කර්ම/පල ධර්මයක් මචන්. ඒ ඒ පාප කර්ම, පුණ්‍ය කර්ම සංසාරයේ මොන ආත්ම භාවයකදී ලබපු දෙයක්ද කියලා සාමාන්‍ය අපිට හොයන්න අමාරුයි. සමහර මහරහතන් වහන්සේලාට පවා පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඕකට උත්තරය කියන්න දන්නේ නැහැ. :)

    මේකට කියන්න තියෙන්නෙත් එහෙම දෙයක් බන්. :) දුටු ගැමුණු රජතුමා දැන් දිවය ලෝකයක දෙවි කෙනෙක් වෙලාලු ඉන්නේ. මෛත්‍රී බුදුන්ගේ දකුණු අගසවු නම වෙන්නේ දුටුගැමුණු රජතුමායි. එතකොට බලන්න... දුටු ගැමුණු රජු දිගටම දිව්‍ය ලෝකේ ඉඳලා අයෙ ඉපදෙන්නේ, මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ කාලයේ නම්, ඒ ආත්මේ අනිවාර්යෙන්ම මහරහතන් වහන්සේ නමක් වෙනවාමයි නේ. එතකොට දැන් අර දෙමල මිනිස්සු මරපු පාප කර්මය සම්පුර්ණයෙන්ම පල දෙන්න අවස්තාවක් තියනවද? නැහැ. එතකොට ඒ පල දෙන්න බැරි වෙන හැම පාප කර්මයම අහෝසි වෙනවා. එතකොට අර මුගලන් මහා රහතන් වහන්සේ සොරුන්ගෙන් පහර කාලා පිරිනිවන් පෑවා වගේ, කොටසක් පමණක් පල දෙන්න ඉඩ තියනවා. හරියටම කියන්න බැහැ.

    ඒ වගේමයි, දුටුගැමුණු රජු දේව ආත්මයෙන් චුත වෙලා අර පාප කර්ම විඳින්න නිරයේ යන්නත් පුළුවන්. සමහර විට ඒ පව ගෙවලා ඉවර වෙලා නැවත දේව ආත්මයක් ලබලා මෛත්‍රී බුදුන් දවස නැවත උපදිනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ විවිධ දේවල් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපිට ඒක වෙන්නේ කොහොමද කියලා උපකල්පනය කරන්නත් අමාරුයි. රහතන්වහ්සේ නමකට නම් අනාගතය දකින්න පුළුවන් නිසා සමහර විට කියන්න පුළුවන් වෙයි. අපිට හරියටම කියන්න බැහැ මචන්. එකයි මම කිවුවේ. :)
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    සහෝදරයා මට ප්‍රශ්නයක් තියෙනවා...
    ඇත්තටම අහෝසි කර්ම කියල දෙයක් තියෙනවද?ඒ කියන්නෙ තමන් කරපු පවක් පල නොදී තිබිය හැකිද?පල දීම ප්‍රමාද වෙන අවස්තා නම් තියෙන බව දන්නවා...අපි ඉස්කෝලෙ යන කාලෙ බුද්දාගම පොතේත් අහෝසිකර්ම කියල ජාතියක් තියෙනවා කියල දාල තිබ්බ මතකයි.ඒත් මම අහල තියෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවො අහෝසි කර්ම කියල ජාතියක් නෑ කියල කියල තියෙනවා...ඔය ගැන මට ප්‍රශ්නයක් ආවා අර ගබ්සාව ගැන ත්‍රෙඩ් එකේ....:oo:

    DdsEI0f.png
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ජොබ් එකක් කරන කාලෙක මාත් මෙහෙම දෙයක් කරන්න ඕනේ.තැන්ක්ස් මචන් බෙදා ගත්තට.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    රාල මාමී මේ කාලේ තමයි පින් ගොඩක් කරගන්න පුලුවන් කාලේ
    ඒ පින් ඔයාට වගේම මේ ධර්ම දානයට බලපු සෑමට අනුමොදම් වේවා!!!!

    බුදු සරනයි

    හැමෝටම පින් ත්‍රෙඩ් එකට සම්භන්ධ වුනාට.. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි.
    sahodaraya sthuthi. balanna mewage karunak unath kisima aulak nowenna kiyala thiyana hati. dharmaya hariyata igana gaththanam jevithe jayaganna puluwan
     
    ඔව් සහෝදරයා මුල මැද අග මනාකොට බොහොම ලස්සනට කියලා තියනවා. අපිට පිලිපදින්න තියන අපහසුව(බැඳීම් ආසාවල් නිසා)මිසක් ධර්මය අංග සම්පූර්නව දේෂනා කරලා තියනවා..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම මේකට උත්තරයක් දුන්නා බන්. :) කර්ම විෂය අපිට විස්තර කරන්න අමාරු එකක්. බුදු කෙනෙකුට පල දෙන පාප කර්ම මොනවද?, දෙවියෙකු උප්පත්තියෙන් ලැබෙන දේවල් මොනවද?, කෙනෙක් ගැඹුරු මුහුදේ ආලෝකය විහිදන සත්වයෙක් වෙන්නේ කොහොමද? කියන ඒක ඉතාම පුළුල්/සංකීර්ණ කර්ම/පල ධර්මයක් මචන්. ඒ ඒ පාප කර්ම, පුණ්‍ය කර්ම සංසාරයේ මොන ආත්ම භාවයකදී ලබපු දෙයක්ද කියලා සාමාන්‍ය අපිට හොයන්න අමාරුයි. සමහර මහරහතන් වහන්සේලාට පවා පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඕකට උත්තරය කියන්න දන්නේ නැහැ. :)

    මේකට කියන්න තියෙන්නෙත් එහෙම දෙයක් බන්. :) දුටු ගැමුණු රජතුමා දැන් දිවය ලෝකයක දෙවි කෙනෙක් වෙලාලු ඉන්නේ. මෛත්‍රී බුදුන්ගේ දකුණු අගසවු නම වෙන්නේ දුටුගැමුණු රජතුමායි. එතකොට බලන්න... දුටු ගැමුණු රජු දිගටම දිව්‍ය ලෝකේ ඉඳලා අයෙ ඉපදෙන්නේ, මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ කාලයේ නම්, ඒ ආත්මේ අනිවාර්යෙන්ම මහරහතන් වහන්සේ නමක් වෙනවාමයි නේ. එතකොට දැන් අර දෙමල මිනිස්සු මරපු පාප කර්මය සම්පුර්ණයෙන්ම පල දෙන්න අවස්තාවක් තියනවද? නැහැ. එතකොට ඒ පල දෙන්න බැරි වෙන හැම පාප කර්මයම අහෝසි වෙනවා. එතකොට අර මුගලන් මහා රහතන් වහන්සේ සොරුන්ගෙන් පහර කාලා පිරිනිවන් පෑවා වගේ, කොටසක් පමණක් පල දෙන්න ඉඩ තියනවා. හරියටම කියන්න බැහැ.

    ඒ වගේමයි, දුටුගැමුණු රජු දේව ආත්මයෙන් චුත වෙලා අර පාප කර්ම විඳින්න නිරයේ යන්නත් පුළුවන්. සමහර විට ඒ පව ගෙවලා ඉවර වෙලා නැවත දේව ආත්මයක් ලබලා මෛත්‍රී බුදුන් දවස නැවත උපදිනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ විවිධ දේවල් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපිට ඒක වෙන්නේ කොහොමද කියලා උපකල්පනය කරන්නත් අමාරුයි. රහතන්වහ්සේ නමකට නම් අනාගතය දකින්න පුළුවන් නිසා සමහර විට කියන්න පුළුවන් වෙයි. අපිට හරියටම කියන්න බැහැ මචන්. එකයි මම කිවුවේ. :)

    බොහොම පින් ඒ ගැන කියලා දුන්නට..:)