෴කටින් දුගඳ හමන මාළුවාගේ කථාව෴
සැවැත්නුවර අචිරවතී නදියෙන් කෙවුලන් පිරිසකට රන්වන් මත්ස්‍යයෙක් දැලට අසුවිය. ඔවුහු ඒ රන්වන් මත්ස්‍යයා දැක සතුටුව කොසොල්රජු වෙත ගෙන ගියහ. රජු එම මාළුවා බුදු සමිදු වෙත ගෙන ගියේය.මේ මාළුවා රන්වන් පාට නමුදු මුඛය විවර කළ කල්හි මහා දුගඳක් පිටවේ.
මෙතෙම කාශ්‍යප බුදු සසුනේ පැවදිව අවුරුදු 20 000 ක් මහණ කම් කල කෙනෙකි .එකල මොහු ත්‍රිපිටකධාරී බහුශ්‍රැත ධර්ම කථික භික්ෂුවක් වී සිටියේය. ඒ පරියාප්ති ධර්මය දරාගෙන සිටි බැවින්ද පිරිවරද බොහෝවිය .පිරිවර නිසා බොහෝ ලාභ සත්කාර ද ලැබෙන්නට විය.හෙතෙම බහුශ්‍රැත මානයෙන් මත්ව ලාභ තණ්හාවෙන් මැඩුණේ අති පණ්ඩිත මානය
බැවින් අකැප දෑ කැප ලෙසද කැප දෑ අකැප ලෙස ද ,වැරදි සහිත දෑ නිවැරදි ලෙසද නිවැරදි දෑ වැරදි ලෙසද ධර්ම විනය වරදවා කීය. එහිදී ලජ්ජී පේසල භික්ෂූන් ඔහු හැර දැමීය.පසුව හෙතෙම දුරාචාරයේ යෙදෙමින් කාශ්‍යප සම්බුදු සසුනේ පරියාප්ති ධර්මය පසු බැස් වූ බැවින් ,කෙලෙසූ බැවින් අවීචි මහා නිරයේ උපන්නේය.
බුදු සසුනේ පැවදිව සිටි ඔහුගේ සොයුරු සෝධන තෙරුන් වහන්සේ රහත්වී පිරිනිවුණේය.භික්ෂුනී ශාසනයේ පැවදිව සිටි සාධින නම් මොහුගේ මව හා තාපතා නම් බාල නැගණිය මොහුගේ දෘෂ්ඨි ගෙන පේසල භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කොට එම නිරයේම උපන්නීය. බුද්ධාන්තරයක්ම අවීචියේ පැසී පසුව අවීචියෙන් මිදී තිරිසන් ආත්මයක් ලැබී මත්ස්‍යයෙකු වී උපන්නේය.පෙර මොහු කාශ්‍යප බුදු සසුනේ ධර්මය දේශනා කල හෙයින් බුදුගුණ කී පිනෙන් රන්වන් විය. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කළ පවින් මුවින් දුගඳ හමන්නට වූ බව වදාළ සේක.

තෙරුවන් සරණයි.
ධම්ම පදට්ඨ කථා-279 පිට