෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව

    Nethu-Dahan-Bindi-Cover.jpg



    [FONT=&quot]

    දහනව වසරක සුන්දර පාසල් සමය නිමා කළ මා නිදහස් සිතිවිලි කන්දරාවක් සිත දරා නිවසට ආවේ පියඹා යන සැහැල්ලුවකිනි. වෙනදා මෙන් අක්කාගේ ආදරණිය දෑස මා එන මගට යොමුව තිබෙනු දැක මා සිතේ ඈ ගැන ඉමහත් ආදරයක් ඇති විය. කර දමා තිබූ බෑගය ගලවා ඈ අතට විසි කල මා ඇගේ කම්මුලක් සිපගතිමි.[/FONT]


    [FONT=&quot]“මොකද අද මෙච්චර විසේ..?”[/FONT]

    [FONT=&quot]“ඔන්න සුදු අක්කි අද ඉඳලා ඔයාගෙ මුර වැඩේ ඉවරයි..”[/FONT]

    [FONT=&quot]ඈ දෙනෙත් විසල් කර මා දෙස බැලුවාය.[/FONT]

    [FONT=&quot]“මොන මුර වැඩේද..?”[/FONT]

    [FONT=&quot]“ඇයි හැමදාම මං එනකල් පාර බලන් මුර කරන එක. ඒක අදින් ඉවරයි. හෙට ඉදලා මං හැමදාම ගෙදර..”[/FONT]

    [FONT=&quot]සුන්දරව වැඩුනු තේ වගාව අතරින් නිවසට ඇදෙන අතරේ මම පැවසූවෙමි. අක්කා මදෙස බලා මාදුවට සිනාසුනාය. ඇගේ එම අහිංසක හිනාව අද්දර මට මුලු ලෝකයම අමතක කර දැමිමේ හැකියාව තිබිනි. ඒ මා අම්මාටත් අප්පච්චීටත් වඩා ඈට පෙම් කල නිසාවෙනි.[/FONT]

    [FONT=&quot]“සුදූ... විභාගෙ ලේසිද පුතේ..?”[/FONT]

    [FONT=&quot]මා නිවසට ගොඩවීමෙන් ප්‍රථම අප්පච්චී සුපුරුදු පරිදි මා අකමැතිම ප්‍රශ්නය විමසුවේය. කවදත් මා සිතැඟි තේරුම් ගැනීමට සමත් අක්කා ඔය වග මගෙන් නොවිමසන බව මට විශ්වාසය.[/FONT]

    [FONT=&quot]“අපේ සුදූට කවදද අප්පච්චී විභාගයක් අමාරු උනේ. එයා හොඳට ලියන්න ඇති.”[/FONT]

    [FONT=&quot]මා වෙනුවෙන් පිළිතුරු දුන්නේ අක්කාය. නිවසේ සිට අම්මාත් අපේ හඬ ඇසී සාලයට ආවේ සිනහව මුව රඳවාගෙනය. මගේ හිස අතගෑ ඕ අමුතුම ඉරියව්වකින් මදෙස බලා උන්නාය.[/FONT]

    [FONT=&quot]“යන්න පුතේ.. ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න. ඔයාට මහන්සිත් ඇතිනේ..”[/FONT]

    [FONT=&quot]ඈ එසේ පැවසූවද මට කිසිදු මහන්සියක් නොදැනුණි. උසස් පෙළ අවසාන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ පසු දැණුන නිදහස මෙතෙකැයි කිව නොහැක. ඉතිං ඒ නිදහස ගතට දැනුන විඩාවට යටපත් කරගෙන නැගී ගියේය.[/FONT]

    [FONT=&quot]“අක්කී දොළට යං. මට නාන්න ඕනෙ..”[/FONT]

    [FONT=&quot]“අනේ පුතේ මේ අව්වෙ ආපු ගමන් නාන්න එපා. ඇඟ හොදගෙන කාලා ඉන්න..”[/FONT]

    [FONT=&quot]“අනේ අම්මෙ.. අද විතරනේ..”[/FONT]

    [FONT=&quot]මාගේ මුරණ්ඩු ගති දන්නා නිසාවෙන් ඈ කිසිවක් දෙඩුවේ නැත. එයට මට අනුමැතිය ලැබුණා හා සමානය. ඔවුන් තිදෙනාම සාලයේ බලා ඉද්දී මා ඉහළ මාලයට දිව විත් කොට කලිසමකින් හා ස්කිනියකින් සැරසුනෙමි. ඉන් පසු ඉහළට පැමිණියාටත් වඩා වේගයෙන් පඩි පෙල බැස ආවෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කි මං හරි.. යං.........”[/FONT]

    [FONT=&quot]ඉතිං ඕ සිනාසුනා මිස මට කිසිවක් නොකීවාය. මගේ තුවාය රැගෙන එන විට මා උන්නේ මිදුල පිටුපස වූ ඔන්චිල්ලාව මතය.[/FONT]

    [FONT=&quot]“සුදූ අද නං ඇත්තටම ඔයාගෙ දාංගලේ වැඩියි. ඇයි අන්තිම දවසෙ කොල්ලෙක්ට කැමැත්තවත් දුන්නද..?”[/FONT]

    [FONT=&quot]“මං... මේ.. මං... කොල්ලෙක්ට කැමති වෙන්න.. ඔයාට පිස්සුද අක්කි.. මට ඔයා ඉන්දැද්දි මොකටද කොල්ලො..”[/FONT]

    [FONT=&quot]හයියෙන් සිනාසුන මා ඔන්චිල්ලාව වේගයෙන් ඉහලට ගතිමි. අක්කා තරවටුවක ස්වරූපයෙන් මදෙස බැලුවාය. එදවස අප පුංචි සන්දියේ ලණුව අත හැරී ගිය අයුරු අද මෙන් මතකය. ඉහළින් විසි වී ගිය මා වැටුණේ ගල් වැටි දෙකකටත් එහායිනි. ඇස් නිලංකාර වී ගිය ඒ මොහොතේ මට මතක තිබූ එකම දෙය අක්කාගේ මර ලතෝනිය පමණි. පැය ගණනාවකට පසු සිහිය එන විටදීත් මා ඉහ අද්දර උන් අක්කා හැඬූ කඳුළින් මදෙස බලා උන්නාය. අප්පච්චී එදිනම ඔන්චිල්ලාව කපා දමා තිබිණි. නමුත් කාලයකට පසු මගේ බලවත් ඉල්ලීම මත එය බඳිනු ලැබූවේ දහසක් නීති සමගිනි.[/FONT]

    [FONT=&quot]“මොකද ඒ පාර කල්පනාව..? නාන්න යන්නෙ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]ඔන්චිල්ලාවෙන් බැස ගත් මා ඈ සමඟ දොල පාරට පැමිණියෙමි. අපේ තේ වත්ත වැදින් ගලා ගිය එම දොල පාර තුරු වදුලක් අද්දරදී වඩාත් පුළුල්ව විලක් මෙන් සෑදී ඇත. නිවසේ නාන කාමර ඇතත් අප වඩාත් කැමති වූයේ මේ සීතල වතුර නෑමටය.[/FONT]

    [FONT=&quot]“ඔයා නාන්නෙ නෑ..?”[/FONT]

    [FONT=&quot]“මං උදේ නෑවා සුදූ.. ඔයා නාන්න. මං මෙතන ඉන්නම්..”[/FONT]

    [FONT=&quot]ඈ කවදත් දොලෙන් නෑවේ දිය රෙද්දක් හැඳගෙනය. නමුත් මා කිසි දවසක එය ප්‍රිය කලේ නැත. කෙතරම් තදට ඇන්දත් වතුරට බැසීමටත් ප්‍රථම එය ලිහී යයි. සුදූට ඕක හරියන්නෑ. ඔයා පුරුදු ඇඳුම ඇඳගෙන නාන්න. ඉතිං අම්මා කියයි. මා කොට කලිසම හා සැහැල්ලු ස්කිනිය හැඳ නෑමට පුරුදු වූයේ එසේය.[/FONT]

    [FONT=&quot]“සුදූ ඔයාට කියන්න දෙයක් තියෙනවා.”[/FONT]

    [FONT=&quot]ඒ දෑස අද අමුතුය. එහි ගැබ්ව ඇත්තේ සතුටද දුකද යන්න වටහා ගත නොහැකිව මා බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“මමත් මේක දන්නෙ ඊයෙ. වත්තෙ ගුණවතී නැන්දා මට යෝජනාවක් ගෙනල්ලා සුදූ.”[/FONT]

    [FONT=&quot]නෑම නවතා මා ක්ෂණිකව නැගී සිටියෙමි. ඈ මෙතෙක් කිසිඳු පෙම් සබඳතාවයක බැඳුනේ නැත. අප්පච්චී ඔය වග ගුණවතී නැන්දාට කියන්නට ඇත්තේ ඒ නිසාවෙනි. වත්තේ වැඩට පැමිණියද මගුල් කපුකම අමතර රැකියාවක් ලෙස කල ගුණවතී නැන්දා අපේ පවුලට ලැදිය.[/FONT]

    [FONT=&quot]“ඉතිං කවුද..? කොහෙද..?”[/FONT]

    [FONT=&quot]මගේ වචන පිට වූයේ මා සිතුවාට වඩා තරමක් වේගයෙනි. එබැවින් අක්කාගේ බැල්ම වෙනස් විය.[/FONT]

    [FONT=&quot]“ඔයාට දුකයි කියලා මං දන්නවා පැටියො. ඔයාව දාලා යන්න මමත් කැමති නෑ. ඒත් අපි හැමදාම අප්පච්චිට බරක් වෙන්නෙ කොහොමද..?”[/FONT]

    [FONT=&quot]ඈ ජීවිතය දෙස බැලුවේ මා මෙන් සරලව නොව ගැඹුරෙනි.[/FONT]

    [FONT=&quot]මෙතෙක් සිත රැඳි සැහැල්ලුව හිරු දුටු පිණි බිඳක් මෙන් අතුරුදන් විය. මා ජීවිතයේ වූ එකම සහෝදරිය, හොඳම යෙහෙළිය වූ ඈ නව කැදැල්ලකට පියමං කරන කාලය එළඹ ඇත.[/FONT]

    [FONT=&quot]අප්පච්චීට අයත් අක්කර ගණනාවක් වූ තේ වතු පුරා මා මෙතෙක් කලක් සෙල්ලම් කලේ ඈ සමගය. පාසල් ගියේ ඈ අතේ එල්ලීගෙනය. නිදා ගත්තේ ඈ තුරුලේය. කොටින්ම මා ජීවිතයේ හුස්ම පොද වූයේ ඇයයි. ඉතිං ඈ නැති හෙටක් යනු හිස්තැනක් පමණි. මා දෙනෙතින් කඳුළු කඩා හැලුණේ අක්කාගේ දෑස් තව තවත් අසරණ කරවමිනි.[/FONT]

    [FONT=&quot]“අනේ සුදූ.. අඬන්න එපා..”[/FONT]

    [FONT=&quot]දිය බිඳු බේරෙන මා මුහුණ මතින් ගලා හැලෙන කඳුළු වැල් ඈ වෙන් කොට හඳුනා ගත්තාය. ඈ දෙස තවත් බලා ඉන්නට බැරි තැන මම නැවතත් වතුරේ ගිලුනෙමි.[/FONT]

    [FONT=&quot]තම එකම සොයුරියගේ විවාහය ගැහැණු ළමයෙකුට සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානය. නමුත් එලෙස සිත සනසා ගත නොහැකි වූයේ ඇය මට සොයුරියක් නොව මවක් වූ නිසාය. හිසේ මහා බර ගතියක් සමඟ මම නැගී සිටියෙමි.[/FONT]

    [FONT=&quot]“මට නෑවා ඇති. අපි ගෙදර යං..”[/FONT]

    [FONT=&quot]“ඔයා අසනීප වෙයි නංගි.. තව ටිකක් නාන්න.”[/FONT]

    [FONT=&quot]මුරණ්ඩු සිත පෙරටු කරගෙන මා දියෙන් ගොඩට ආවේ අක්කා සිටි නැතම බලා ඉද්දීය. පියවර කිහිපයක් ඉදිරියට ගියද අක්කා තවමත් නැ. ඈ දමා යා නොහැකි නිසා මා හැරී බැලුවෙමි. ඈ දෙනෙත් රතු කරගෙන ඉතා දයාබර ඇසකින් මදෙස බලා උන්නාය. තදකරගත් ඉකි බිඳුම පිටාර ගලා යද්දී මා දිව ගොස් ඇය වැළඳ ගතිමි.[/FONT]

    [FONT=&quot]නිවසට පැමිණ අක්කාගේ පෙරැත්තය මත බත් කටක් දෙකක් ගිල දමා ඇඳට වැටුණ මා වෙත නින්ද ළඟා වූයේ මටත් නොදැනීමය. නින්දෙන් අවදි වෙද්දී හිසේ වූ බර ගතිය දෙගුණ තෙගුණ වී දැනුනි. ඇඳේ පසෙකින් වූ අක්කාගේ කොට්ටය ළඟට ගෙන මා එය තුරුල් කර ගතිමි. ඈ ළඟින් නිතර එන මෘදු සුවඳ එහි මනාවට තැවරී ඇත. ඒ වන්දනීය සොයුරු පෙම තුළ ගිලී යාමේ නොනිත් ආශාව නිසා මා නැවත දෙනෙත් පියා ගතිමි. සුළු වේලාවක් කිසිවෙක් මා හිස පිරිමදිනු දැනී මම දෙනෙත් හැර බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා ගොඩක් වෙලා නිදාගත්තා.. දැන් නැගිටින්න සුදූ.. හවස් වෙලා..”[/FONT]

    [FONT=&quot]“ම්හ්.. මගේ ඔළුව රිදෙනවා..”[/FONT]

    [FONT=&quot]“ඔයාට උණුවෙන් තේ එකක් ගේන්නං..”[/FONT]

    [FONT=&quot]“එපා..”[/FONT]

    [FONT=&quot]ඇගේ ඉණ වටා දෙඅත් යවා ඒ ඔඩොක්කුවේ හිස හොවා ගතිමි. එකවරම මගේ කම්මුල් වලට සීතල දිය පොදක් පතිත වද්දී මා ඇගේ මුහුණ බැලුවෙමි. අනේ ඈ දෙනෙතේ කඳුළුය. ඇය සතුටින් තැබිය යුතු වෙලාවක මා ඇය හඬවනවා නොවේද..? ඉතිං සිත තද කර ගත යුතුය. දෙනෙතට වැට කඩොලු බැඳිය යුතුය. කවදත් සුපුරුදු සැහැල්ලු පෙනුම ආරූඩ කරගෙන මා නැගී උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“යං.. අපි ටී.වී බලමු..”[/FONT]

    [FONT=&quot]අප පහල මාලයට යන විට අම්මාත් අප්පච්චීත් උන්නේ සාලයේ කතා කරමිනි.[/FONT]

    [FONT=&quot]“ආ.. ඔය එන්නෙ..”[/FONT]

    [FONT=&quot]“සුදූ කවදාවත් නැතුව හවස නිදාගෙන නේද..?”[/FONT]

    [FONT=&quot]අම්මා මා ඈ ළඟින් හිදුවාගෙන ඇසුවාය. මම අම්මාගේ උරහිසේ හිස හොවා ගතිමි.[/FONT]

    [FONT=&quot]“අනේ දරුවො ඔයාගෙ ඔළුව හොඳටම රස්නෙයි.. ඇයි මේ..?”[/FONT]

    [FONT=&quot]“ඔළුව ටිකක් රිදෙනවා අම්මා.. ඒකයි..”[/FONT]

    [FONT=&quot]“එපා කියද්දි නෑවනේ ඉතිං..”[/FONT]

    [FONT=&quot]මම අක්කාගේ මුහුණ බැලුවෙමි. ඈ නෙතු රැඳී තිබුණේ මා මුහුණ අද්දරය. මගේ හිසේ අමාරුවට හේතුව දන්නා ඈ අසරණව බලා උන්නා පමණි.[/FONT]

    [FONT=&quot]“සුදූට කියන්න සතුටුදායක ආරංචියක් තියෙනවා. ඔයාගෙ අක්කා මනාලියක් වෙනවට ඔයා කැමතියි නේද..?”[/FONT]

    [FONT=&quot]අප්පච්චීගේ සතුටුදායක පුවත මට කිසිදු අනතුරක් නොවන බව ඔහු නොදනී. ඉතින් ඔහු උන්නේ සැහැල්ලුවෙනි. අප්පච්චීගේ දයාබර සිත රිදවනු නොහැකි නිසාවෙන් මා ගොළුවත රැකිමි.[/FONT]

    [FONT=&quot]“මේ ඉරිදා අක්කා බලන්න කට්ටියක් එනවා. හොඳ වැදගත් පවුලක්ලු..”[/FONT]

    [FONT=&quot]“අක්කා බැඳලා ගියාම සුදූට තමා ඉතිං පාලු..”[/FONT]

    [FONT=&quot]අම්මා සිත හැඳින්නාය. මේ ඔස්සේ කතා කිරීමෙන් මා නෙතු කොයි මොහොතක හෝ හඩා වැටීමට පුළුවන. මා හැඬුවා කියා අක්කා සැමදා නිවසේ රදවාගත නොහැක. නැගණියක් වශයෙන් මා කළ යුත්තේ ඇයට ආශිර්වාද කිරීම පමණි.[/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    අම්මත් අප්පච්චීත් පුල පුලා බලා උන්, නමුත් මා උදා නොවේවායි පැතූ ඒ ඉරිදා දිනය උදා විය. මා අවදි වන විට සැවොම උන්නේ ලහි ලහියේ සූදානම් වෙමිනි. අප පවුලේ උදවියට අමතරව නෑදෑ හිතවතුන් පිරිසක්ද පැමිණ සිටියහ. කිසිවෙකුට මා ග ැන නිනව්වක් නැත. ඔවුන් උන්නේ මගේ අක්කා මා ළඟින් ඈත් කිරීමේ කර්තව්‍යයට දායක වෙමින්ය. ඉතිං මහා මේරුවක බර හිස දරා ගත් මා කිසිවෙකුට නොකියා දොළට ගියෙමි.

    අප දෙදෙනා මෙතුවක් කලක් දඟ කල තේ වතු යාය දෙස මා අරමුණකින් තොරව බලා උන්නෙමි. අප පාසල් ගිය ඒ සුන්දර අතීතය මට සිහිවිය. මා පුංචි දැරියකව අක්කා සමඟ පාසල් ගිය ඇතැම් දිනක මම ඇය මග හැර ගොස් ගස් වැටි අතර හැංඟි උන්නෙමි. මා සොයා ගත නොහැකි වූ විට ඒ දිගැටි දෑස් කඳුළින් තෙත් වන අයුරු මට අද මෙන් මතකය. ඉතිං ඈ මට පෙම් කළ තරම මට පහදා දිය නොහැකි වේ.

    දොල පාර අද්දර විසල් ගසකට පිට දී කොපමණ වේලාවක් උන්නා දැයි හැඟීමක් තිබුණේ නැත. මගේ සිතිවිලි දැහැන බිඳී ගියේ අම්මාගේ හඬ දෙසවන් අද්දරින්ම ඇසුණ නිසාය.

    “ඇයි පුතේ තනියෙම ආවෙ..? ආන් අරහෙ හැමෝම ඔයාව හොයනවා..”

    මා දෙනෙතට එබී අම්මා කියන විට මා තෙරපා උන් කඳුළු බිඳු යළි හිස ඔසවන්නට වෙර දරණු දැනිණ. මෙතෙක් කල් මා පෙනෙන්ට නොමැති විට සොයා බැලුවේ අම්මා නොව අක්කාය. නමුත් අද ඈ පැමිණ නැත.

    “යමු පුතේ දැන් ඔයාගෙ අක්කව අන්ඳලා ඉවරයි.. ගිහින් එයාගෙ ලස්සන බලන්න..”

    මා පෙරටු කොටගෙන අම්මා නිවසට පිය මැන්නාය. අප යන විට අප්පච්චී හිතවතුන් පිරිසක් සමඟ සංවාදයකි.

    “මගේ දරුවො දෙන්නා ගහට පොත්ත, පොත්තට ගහ වගේ හැදුනෙ.. ඉතිං පොඩි එකීට දුක ඇති.. ඒකයි ඔය..”

    මා දුටු විගස කතාව නැවතුනි. සැවොම බලා උන්නේ මා දෙසය. ඒ සැම නෙතකම වූයේ අනුකම්පාව මුසු ආදරයයි. අප්පච්චී මාව ඔහු ළඟට ගෙන තුරුළු කරගත්තද කියන්නට කිසිත් මුවඟ නැගුනේ නැත.

    “වෙනදට ගිරවි වගේ කියවන කෙල්ල අද මොකෝ මේ ගොලු වෙලා..?”

    ඒ ඇසුවේ අප්පච්චී නොව මාමාය. ගිරවිගේ හදවත දුකින් බව කියන්නට මට අවැසි වූවා නොවේ. එය ඔවුන් හඳුනා ගත්හ.

    “අක්කා කෝ..?”

    කිසිවක් ඇසිය යුතු නිසා මම ඇසුවෙමි.

    “ගෙයි ඇති පුතේ.. ගිහින් බලන්න..”

    එම වදන් පිටවූ සැනින් ඔවුන්ගෙන් මිදී මම ඉහළ මාලයේ අක්කාගේත් මගෙත් කාමරයට එබුනෙමි. මගේ අක්කා නොව අහිංසක සුරංගනාවියක් කණ්නාඩි මේසය අභියස ඉන්නවා පෙනුණි. ඉතිං ආඩම්බර විය යුතු නොවන්නේද..? ඒ සොඳුරු රුව හිමි වූයේ මගේම දයාබර සොයුරියටය.

    කණ්නාඩි මේසය තුළ දිස් වූ ඡායාව ඔස්සේ අපේ සිව් නෙත් මුණ ගැසුණි. ආගන්තුකයින් දෙපලක් පළමු වරට මුණ ගැසුනා සේ අප එකිනෙකා දෙස බලා උන්නා මිස දොඩමළු වූයේ නැත. ඒ වෙනුවට කතා කලේ අපේ දෙනෙත් පමණි. ඇගේ දිගැටි දෙනෙත් තුළ කිමිදී මා ආදරය සෙව්වද ඈ දෙනෙතින් සෙව්වේ දුකය.

    “මොකද මේ දෙන්නා අද දැකපු දෙන්නෙක් වගේ මූණ දිහා බලන් ඉන්නෙ..?”

    අපේ දැහැන බිඳ දැම්මේ අක්කාව හැඩ ගැන්වූ රේණු අක්කා විසිනි. ඒ ඇසිල්ලෙන් පියවි සිහියට පැමිණි මා සෙමින් අඩි තබා කාමරය තුළට යන්නට හදද්දීම අක්කාත් පුටුවෙන් නැගී උන්නාය.

    “අපෝ.. අක්කව අන්දලත් ඉවරයි.. මේ කෙල්ල තාම හඩ්ඩි වගේ.. මූණවත් හෝදලා නෑ.. යන්න යන්න.. දැන් කට්ටිය එන්නත් ළඟයි..”

    නැන්දා මා දොර දෙසට අදිමින් කීවාය. මනමාලයා ඇතුළු පිරිස එන්නේ අක්කා බලන්න මිස මා බලන්නට නොවේ. ඉතින් අමුතු සූදානමක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ගේ පෙරැත්තය මත මම ඇඟ සෝදා කහ පැහැති සැහැල්ලු ගවුමකින් සැරසුනෙමි.

    “මේකිව ඉස්සරහට යවන්න එපා අක්කෙ.. මෙහෙම බොනික්කි වගේ ඉන්නවා දැක්කම මනමාලයා ලොක්කිට කැමති වෙන එකක් නෑ..”

    පොඩි මාමා අම්මාට මා පෙන්වමින් කීවද මම විශේෂ සූදානමක් වූයේ නැත. අනික් ඇස් කන් ඇති කිසිම පිරිමියෙක් අක්කව ප්‍රතික්ෂේප නොකරන වග විශ්වාසය. විශේෂ ආකර්ශනයක් නොවූවද ඈ අහිංසක චාම් යුවතියකි.

    මිදුලේ වාහන නතර කල හඬක් ඇසීමෙන් සැවොම කලබල විය. කලබල නොවූයේ අක්කා හා මා පමණි. පැමිණි පිරිස බලන්නට කියා නෑදෑ හිතවතුන් එහෙ මෙහෙ විසිර යද්දී මම අක්කා ළඟට ගොස් ඈ පාමුල හිඳ ඒ මුහුණට එබී බැලුවෙමි. ඇය මගේ අත් දෙක තරයේ අල්වා ගත්තාය.

    “සුදූ මේ දවස් දෙක තුනට හුඟක් වෙනස් වෙලා. වෙනදට මේ ගේ දෙක වෙන්න කෑ ගහපු, හිනා වෙවී ගේ වටේ දුවපු මගේ හුරතල් නංගි කෝ..?”

    මම ඇයට මස සිනාවක් පෑවෙමි. මගේ හිතට මොනවා වී තිබුණද කියා මටම තේරුණේ නැත. කවුරුන් හෝ මගේ අක්කාව හොරෙන් අරන් යන්න හදනවා වැනි හැඟීමක් මසිතේ විය. එවන් බරක් සිතේ තියාගෙන දුව පැන සැහැල්ලුවෙන් ඉන්න අයුරු මම නොදත්තෙමි.

    “එයාලා ආවට මම අදම යන්නෙ නෑනෙ සුදූ. තව අවුරුද්දක් විතර මට ඉන්න පුළුවන් වෙයි. ඉතිං ඇයි දුකෙන්..?”

    “ඔන්න ලොක්කි මනමාලයා දැක්කම උඹට අදම බැඳගන්න හිතෙයි..”

    කටකාර පොඩි මාමා අපේ කාමරය අභියස හිඳ කීවේය. අනෙක් පිරිසද කාමරයට පැමිණියේ සිනහවත් සැහැල්ලුවත් මුව රඳවාගෙනය. රේණු අක්කා නැවත වරක් අක්කා වටේ කැරකෙමින් ඇගේ ඇඳුමේ අඩු පාඩු සැකසුවාය. ඇය ඉන්පසු හැරුනේ මා වෙතටය.

    “සුදූ ඔයාගෙ හෙයාර් බෑන්ඩ් එක ගලවන්න.. එතකොට ලස්සනයි..”

    “මට මෙහෙම හොඳයි..”

    මම ඇයට මුරණ්ඩු වුණෙමි. නමුත් ඈ පැවසුවේ ඇත්තක් බව මම ද දනිමි. රැලි ගැසුණු මගේ තට්ටු කොණ්ඩය කඩා දමා එහි හැඩ බැලීම එකල මගේ විනෝදාංශයක් විය. බොහෝ පිරිමි ළමුන් මා බෝනික්කෙක් ලෙස හැඳින්වීමට මේ ලස්සන කැරලි කොණ්ඩයද හේතුවක් විය.

    අප කාමරයේ සිටිනා අතරතුර පහළ මාලයේ සතුටු සිනා හඬ පැහැදිලිවම ඇසුණි. මා හැර සැවොම උන්නේ සතුටිනි. ටික වේලාවකින් අම්මා ඉක්මන් අඩි තබා පැමිණියාය.

    “ලොකු පුතේ.. ඔයා හරි නේද..? එහෙනම් යමු පහළට..”

    අම්මා අක්කව නැගිට්ටෙව්වාය. ඉන්පසු මගේ දරුවට රත්නත්තරේ පිහිටයි කියා මුමුණනවා මට හොඳට ඇසුණි.

    “ආ.. අක්කගෙ ළමයට මේක දෙන්න..”

    කලින් සිට සූදානම් කර තිබූ බුලත් හෙප්පුව අම්මාට දුන් නැන්දා යළි පහළ මාලයට ගියාය. අම්මා අක්කාගේ අතින් අල්ලා ඈ කැඳවාගෙන යද්දී මොකක්දෝ නොතේරෙන දුකක් මසිත වසා පැතිරෙන්නට විය. ඔවුන් පඩිපෙළ බැසීමට පෙර ඉක්මන් වූ මා දිව ගොස් අක්කාගේ දෙපා මුළ වැඳ වැටුණෙමි. දෑස් තෙත්ව ගියේ මගේ හා අක්කාගේ පමණක් නොව බලා උන් හැමගේ නෙතින් කඳුළක් ගලා ගියේය. බුලත් හෙප්පුව අත දරා අම්මාගේ දෑතට මැදිව උන් අක්කා මා එසවීමට හැකි වූයේ නැත. පිටුපස උන් රේණුකා අක්කා මා තුරුළු කරගත්තාය.

    “දුක් වෙන්න එපා පැටියො.. අක්කා ඔයාව දාලා යනවා නෙමෙයිනේ.. ඕක ගෑණු අපි කාටත් උරුම දෙයක්.. මේ වෙලාවෙ අක්කව සතුටින් තියන්න බලන්න.. එයාව අඬවන්න එපා..”

    ඉතින් ඇයව යළි නොහඬවන්නෙමියි සිතා මම ඉකි බිඳ බිඳ හැඬුවෙමි. අපේ කාමරයේ ජනේල් පියන් අතරින් ඈත කඳු මුදුන් දෙස බලා සියළු දුක් සිතින් බැහැර කරන්නට මට අවැසි විය. මට නිදහසේ ඉන්නට හැර රේනු අක්කාත් පිරිස අතරට ගියාය. තාත්තාගේ, මාමාගේ හැඹුරු හඬවල් ගැහැණුන්ගේ සිනා හඬවල් නිරන්තර ඇසුණි. දැහැනකට සම වැදී මෙන් ඈත කඳු යාය දෙස බලා උන් මා තිගැස්සී ගියේ නැවත රේනු අක්කා පැමිණි හඬින්ය.

    “දැන් අඬලා ඉවරයි නේද..? එහෙනම් හිනාවෙන්න..”

    “මොකටද..?”

    “යමුකො පෙන්නන්න..”

    මාව පහළ මාලයට ගෙන යාමට ඈට තිබුණේ පුදුම හදිස්සියකි. ඔය තරම් පෙන්වන්නට වටිනා දෙය කුමක්දැයි මා නොදැන උන්නෙමි.

    “මට බෑ.. ඔයා යන්න..”

    “යමු සුදූ.. හැමෝම පහළ.. අම්මා ඔයාවත් එක්කරගෙන එන්න කිව්වා..”

    කුමක්දෝ රහසක් දෙනෙත් තුළ සඟවාගෙන ඈ සිනාසෙයි. ඈ මා රැගෙන යන්නට හදන්නේ අම්මා ළඟට නොවේ. ඉතින් මා යා යුතු නැත. නිහඬවම ගොස් මා ඇඳේ පෙරළි ගතිමි. අමනාප මුහුණකින් මදෙස බලා උන් රේණු අක්කා යන්න ගියාය. නමුත් මට දෙනෙත් පියා ගැනීමට ඉඩක් ලැබුණේ නැත. එවර මා සොයා ආවේ අප්පච්චීය. අප්පච්චී ළඟ මුරණ්ඩු දියණියක් වීමට අවැසි නොවූ නිසා මා නැඟී උන්නෙමි. අප්පච්චී මා තුරුළු කරගෙනම පියගැට පෙළ බසීය. අප සාලයට යන විට එතෙක් පැවති ඝෝශාව ක්ෂණිකව නැවතුණි. බිම බලා උන්නද හැමගේ ඇස් යොමු වී තිබුණේ මදෙසට බව විශ්වාසය. ඉතින් මා හිස ඔසවන්නේ නැතිවම තව තවත් අප්පච්චීට තුරුළු වුණෙමි.

    “මේ ඉන්නෙ අපි මෙච්චර වෙලා කතා කරපු කෙනා..”

    අප්පච්චී එසේ කියද්දී සිතට දැනුණ අපහසුතාවය සුළු පටු එකක් නොවේ. යන්තමින් හිස ඔසවා බලද්දී එතැන විසි පහක පමණ පිරිසක් උන් බව පෙණින.

    “හරිම හුරතල් කෙලි පොඩ්ඩ. එන්න පුතේ මගේ ළඟට..”

    කවුදෝ නොදන්නා ගැහැණු කෙනෙක් එසේ කියද්දී මම අම්මා දෙස බැලුවෙමි. ඇය ළඟට යන්නැයි අම්මා හිසෙන් සන් කරද්දී මම පියවර මැන ගොස් ඈ ළඟ අසුන් ගතිමි.

    “ඔය තමයි සුදූ සාගර අයියගෙ අම්මා..”

    අම්මා ඇය හඳුන්වා දුන්නාය. සාගර යනු අක්කාට යෝජනා කර තිබූ මනමාලයාය. මෙතෙක් වේලා ඔහු දැකගත නොහැකි වූ නිසා මම දෙනෙත් පා කර මගේ මස්සිනා හෙවත් අයියාව සෙව්වෙමි. එකම ළඟ වාඩි වී උන් කඩවසම් තරුණයින් දෙදෙනෙක් විය. ඉන් එක් අයෙකුගේ දෙනුවන් නෙත ගැටෙද්දී මා තිගැස්සී ගියේය. කවදා කෙදිනක හෝ දැක පුරුදු ඒ දෙනුවන් අතර මම වශි වී උන්නෙමි. ඔහුත් ඇසි පිය නොහෙලා මදෙස බලා උන්නාය. ලාබාල අහිංසක පෙනුමක් තිබූ ඔහු සාගර අයියා විය නොහැක. ඊට වඩා වැඩිමල් පෙනුමෙන් යුත් තරුණයා මදෙස බලා සැහැල්ලු ලෙස සිනාසුනේය. බුලත් හෙප්පුව රැගෙන එන මොහොතේ අක්කාගේ මුහුණේ වූ නොසන්සුන් පෙනුම පහව ගොස් ඇත. ඈ උන්නේ සතුටිනි.

    “එහෙනං අක්කෙ කෑම ඩිංගක් කාලම කතා කරමු නේද..?”

    අම්මා සාගර අයියාගේ අම්මා ළඟට වතුර වීදුරුවක් ගෙන එමින් පැවසුවාය. එකිනෙකා උන් තැනින් නැගිට එහෙ මෙහෙ යද්දී අක්කා, මම, සාගර අයියා හා අනෙක් තරුණයා එතැන ඉතිරි විණි. මම අක්කා ළඟට ගොස් ඇයට තුරුළු වී ඉඳ ගතිමි. කුමක්දෝ හේතුවකට දෙනෙත් ඔසවා බලන්නැයි මා සිත බල කළේය. ඉතින් මම කීකරු වූයෙමි. එසවූ දෙනෙත් අසරණව ගියේ මදෙස බලා උන් ඒ දිගැටි නෙත් සැර වැදීමෙනි.

    “නංගි ඇයි බයවෙලා වගේ..? ඔයත් අක්කා වගේ ගොළුයිද..?”

    සාගර අයියා මගෙන් ඇසුවද ඔහු බලා උන්නේ අක්කා දෙසය. මගේ විනිශ්චයේ හැටියට සාගර අයියා හොඳ වැදගත් පෙනුමකින් යුත් කඩවසම් තරුණයෙකි. එනිසා අක්කා අහිමි නොවේවි යන හැඟීමක් මට ඇතිවිය. නමුදු මේ මොහොතේ මා සිත කම්පිත කල කාරණය වූයේ එය නොවේ. මා පසුපස ලුහු බඳින අහිංසක නෙතු යුවලයි.

    “බලපංකො බං, මේ දෙන්නම කතා කරන්න දන්නෑ වගේනේ..”

    එම තරුණයා දෙස බැලූ සාගර අයියා නැවතත් කීවේය. නමුදු ඔහුත් ගොළු වී ගිය සැටියකි.

    “ඒ පාර උඹට මොකද වෙලා තියෙන්නෙ, බලාගෙන ගියාම මෙතන කියවන එකම එකා මමනේ..”

    ඔහුගේ එම කතාවට මටත් අක්කාටත් සිනා නැගුණේ එකවිටය. රේණු අක්කාත් අප උන් තැනට විත් හිඳ ගත්තාය. මා දෙනෙත් විනිවිද යන බැල්මක් හෙලූ ඈ ඉන්පසු සාගර අයියා දෙස බැලීය.

    “මොකද කට්ටිය කතා නැත්තෙ..?”

    “ඒක තමයි නංගි.. මේ කවුරුත් කතා කරන්නෑනෙ.. අපි දෙන්නවත් කතා කරමු..”

    “කතා කරමු.. හැබැයි කාලා ඉවරවෙලා.. අන්න අම්මලා තනියෙම කනවා..”

    මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට රේණු අක්කා තුළ සබකෝලයක් නැත. ඇය අක්කාගේම පන්තියේ උන් කටකාර යෙහෙළියකි.

    නූලෙන් නැටවෙන රූකඩයක් සේ එකිනෙකාගේ බහට අවනතව මම කාලය ගෙව්වෙමි. ඔවුන්ගෙන් මිදී කාමරයට ගොස් තනි වී සිටීමේ අවශ්‍යතාවය සිතට දැනුනද කිසිවෙක් මා සිරකරගෙන ඇති සෙයකි.

    “වෙනදට සුදු බේබි ගෙදර ඉන්නකොට මුළු ගේම පිරිලා.. දඟ කරනවා ඉවරයක් නෑ.. ඒත් අදනං බේබි වෙනස්..”

    ගුණවතී නැන්දා හැමෝටම ඇසෙන ලෙස කීවේ ඔවුන්ගේ අවධානය මා වෙත යොමු කරමිනි.

    “එක ගෙදරින් මගුල් දෙකක් කෙරුණත් නරකක් නෑ ඉතිං..”

    අම්මාගේ කණට කර කීවද ගුණවතී නැන්දාගේ වදන් මා අසා උන්නෙමි. මම ක්ෂණිකව ඒ දෙනෙත් සෙව්වෙමි. සුපුරුදු ලෙස ඒ ඇස් තිබුණේ මා මුහුණ මත්තේය.

    “මේ පුංචි කෙල්ලට මොන මගුල්ද ගුණවතී..? තාම ඒ හැටි වයසක් යෑ..”

    අම්මාට තරහා ගියා වන්නට ඇත. නමුත් ගුණවතී නැන්දා සතුටින් සිනාසුනි. දැන් ඇයට අක්කාගේ මංගල්ලය කෙරුනා හා සමානය.

    කාලය ගෙවුනා නොවේ ඉගිලී ගියා සේය. ඔවුන් යන්නට සැරසුණි.

    “ආයෙ මොකටද ගුණවතී අතේ පණිවිඩ එවන්නෙ.. ඔන්න නංගියෙ අපි නං කැමතියි.. නේද පුතා..?”

    සාගර අයියාගේ පියා අපේ අම්මා දෙස බලා පවසද්දී සාගර අයියා සිනාසුනි. අක්කා ඔවුන්ගේ වැඩිහිටියන් සැමට වඳිද්දී මම සාගර අයියාගේ අම්මාට හා තාත්තට පමණක් වැඳ පසෙකට විමි.

    “අපෙත් අකමැත්තක් නෑ ඉතිං.. දුවගෙන් අහලම පණිවිඩයක් එවන්නම්කො..”

    ඒ කීවේ තාත්තාය. ඔවුන් මිදුලේ වාහන කරා යද්දී මා අක්කාගේ අතේ එල්ලී පිටුපා යන ඔහු දෙස බලා උන්නෙමි. දෙනෙත් ලාවට බොඳව යද්දී මම අක්කාගේ අත තවත් තද කර ගතිමි. ඇසිල්ලකින් ඔහු පිටු පස හැරුණි. ඒ නෙත්සර දැල්වී තිබුණේ මා වෙතය. එය අක්කා දුටුවාදැයි නොදනිමි. ඇතැම් විට ඈ බලා ඉන්නට ඇත්තේ සාගර අයියා දෙස වන්නට ඇත.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පසුදා අවදි වන විට නිවස නිහඬතාවයේ ගිලී තිබුණි. ඇඳේ අනෙක් පසට හැරුනද අක්කා ළඟ උන්නේ නැත. නිදි ඇඳුම පිටින්ම මම පහළට බැසිමි. අම්මාත්, අප්පච්චීත් සාලයේ හිඳ අක්කා සමඟ කතා කරමින් සිටියහ.

    “සුදුත් එන්නකො පුතේ.. ඔයා මොකද හිතන්නෙ සාගර අයියා ගැන..?”

    ඒ ප්‍රශ්නය නැගුණේ අප්පච්චීගේ මුවින් වුවද වැඩිපුරම පිළිතුරක් බලාපොරොත්තු වූයේ අක්කාය. එක් දවසක් දුටු පමණින් කෙනෙක් ගැන විනිශ්චයකට එළඹීමේ හැකියාවක් නැත. නමුදු පෙනුමෙන් නම් ඔහු ගැන නරකක් සිතිය හැකි නොවේ.

    “කියන්න නංගි.. සාගර අයියා හොඳද..?”

    “හොඳයි වගේ..”

    සිතට දැනුන දේ පැවසූවද මා සිතේ ඇඳී මැකී ගියේ සාගර අයියාගේ රුව නොවේ. ඒ සොඳුරු යෞවනයා යන්න ගියේ මගේ සිතද රැගෙනය. ගුණවතී නැන්දා ලියූ ලෙසට සාගර අයියාට මල්ලිලා නැත. ඉතින් ඔහු කවුද..? හිතට වද දෙන ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු විය හැකි කෙනෙක් මෙතන නැත.

    “එහෙනං පුතේ අපි ඒ ළමයින්ගෙ ගෙදරට කැමතියි කියලා පණිවිඩයක් යවන්නද..?”

    අක්කා මගේ මුහුණ දෙසත් බලා ඇසෙන නෑසෙන හඬින් හා කියා පැවසුවාය. අම්මාගේත් අප්පච්චීගේත් දෑස් සතුටින් දිලිසෙන්නට විය.

    “කොහොමටත් ඒ මිනිස්සු හරි වැදගත් උදවිය. සාගර ළමයාගේ අම්මලා උණත් ලොකු පුතාට වෙනස් කමක් කරන එකක් නෑ..”

    එය නම් මට ඊයේම සිතුන දෙයකි. ඒ අම්මා කරුණාවන්ත ගැහැණියකි. ඒත් අපට සාගර අයියා මෙහෙ නතර කරගත හැකි නොවන්නේද..? එවිට සැමදා අක්කා අප ළඟ තබා ගැනීමට හැකි වනු ඇත.

    “අක්කා බැඳලා මෙහෙ ඉන්න.. මේ ලොකු ගේ අපි තුන්දෙනාට වැඩියිනේ..”

    “එහෙම තියන එක හරි නෑනේ සුදු.. එතකොට ඒ අම්මලා තනියෙමනේ..”

    “ඇයි එයාගෙ මල්ලි ඉන්නෙ..?”

    වැඩි උනන්දුවක් නොපෙන්වා මා එය කීවද ඊට පිළිතුරක් ලැබෙන තෙක් සිත උන්නේ නොසන්සුන්වය.

    “සාගර අයියට මල්ලිලා නෑ.. පවුලෙ ඉන්නෙ ඒ ළමයා විතරයි. අර ඊයෙ ආව අනිත් ළමයා සාගර අයියගෙ නැන්දගෙ පුතාලු..”

    මා විමසන්නේ කවුරුන් ගැන විය හැකිදැයි හරියටම අනුමාන කළ අම්මා මදෙස බලා කීවාය.

    අක්කා සාගර අයියට කැමැත්ත දීම තුළින් ඔවුන්ගේ පවුලේ උධවිය සමඟද සබඳතා ගොඩනැගේ. එහි අරුත මට නැවත ඒ දෙනුවන් මුණ ගැසෙනවා යන්න නොවේද..? ඉතිං සිහින් සතුටක් හිත අද්දර දඟ කරමින් උන්නා දැනුණි.

    “ලොකු පුතාට දැන් විසි පහත් ඉවරයිනේ.. තවත් මේවා කල් දාන එක තේරුමක් නෑ.. මගේ යාළුවෙක්ට කියලත් මං ඔය පවුල ගැන හොයලා බැලුවා. ගුණවතී කියපු සේරම ඇත්ත.. අපි අදම පණිවිඩයක් යවමු.. හොඳයිනේ..”

    අපි හැමගේ මුහුණු බලා අප්පච්චී සිය තීන්දුව දුන්නේය. ඊයේ වනතෙක් සිත වසා පැතිර තිබූ අඳුරු වළා ඉවත්ව ගියා වැන්න. දුක සතුට අතර දෝලනය වෙමින් පැවති ළය මම සුසුමක් හෙළා සන්සුන් කරගතිමි.

    මෙතෙක් කලක් පාසල, පංතිය අතර ගෙවී ගිය ජීවිතය නිවසට හිර කර තැබීම එකවර දරා ගත හැකි වෙනසක් වූයේ නැත. අරමුණකින් තොරව දවස ගෙවා දැමීම මහා හිසරදයක් විය. ඉතින් මා සැහැල්ලු ඇඳුමකින් සැරසී වතු යාය පුරා තනිව ඇවිද ගියෙමි. වෙනදා අඩි දෙකක් යාමට වුව අක්කා කැටුව යන මා අද තනිව පැමිණියේ තනි වන්නට තනිව සිතන්නට සිතට වූ අවශ්‍යතාවය හන්දාමය. නමුත් පැය කාලක්වත් ඉක්ම යාමට මත්තෙන් පසුපසින් පැමිණි අයෙක් මා දැහැන බිඳ දැම්මේය. වේගයෙන් හැරුණ මා අභියස උන්නේ අක්කාගේ යෙහෙළිය රේණුකාය.

    “මොකද අද කෙල්ල කවදාවත් නැතුව තනියෙම මිඳුලට බැහැලා..?”

    ඇය මා සිතට එබිකම් කරන්නට හදයි. සිනාසුනා මිස කිසිවක් නොකියා උන් මගේ දෙනෙත් ඈ ඕනෑකමින් බැලුවාය.

    “තාමත් දුකෙන්ද සුදූ..? මං හිතුවා ඔයාගෙ හිත සතුටින් ඇති කියලා..”

    “ඇයි ඒ..? ඇයි එහෙම හිතුවෙ..?”

    “නෑ ඉතිං... ඊ..යේ..”

    බාගෙට කියාගෙන ආ දෙය නතර කර දැම්මේ අප උන් ඉසව්වට එන අක්කා දුටු නිසා වන්නට ඇත. ඒ කතාව යට ගැසීම ඔස්සේ මා අස්වැසුමක් වින්ඳෙමි. ඇය කියන්නට උත්සාහ කලේ කවුරු ගැනද යන්න සිත දනී.

    “ආ.. රේණුත් ඇවිත්නෙ.. මං මේ අපේ සුදූ ගෙදර නැති නිසා බලන්න ආවා..”

    අප තිදෙනාම වත්තේ කොණක වූ සුවිසල් ගසකින් උඩට ඇවිත් තිබූ දිගු මුලක ඉඳගත්තෙමු. රේණු අක්කා පැමිණියේ ඊයේ වූ සිදුවීම් ගැන කතා කරන්නට වග විශ්වාසය. අපෙන් ආරම්භයක් නොවූ කළ ඈම කතාවට මුල පිරුවාය.

    “කොහොමද.. සාගර අයියා හොඳයිද අමා..?”

    “හොඳ ඇති රේණු.. අම්මලා නං කැමතියි..”

    “ඒ කියන්නෙ උඹ කැමති නෑ.. එහෙමද..?”

    අක්කා සිනාසුණා පමණි. ඈ කැමති බව රේණු අක්කා ඒ සීනාවෙන් වටහා ගන්නට ඇත.

    “සාගර අයියා විතරක් නෙමෙයි.. කොල්ලො දෙන්නම හොඳයි. සඳුන් මල්ලිත් මාර හැන්ඩ්සම්නෙ..”

    “කවුද සඳුන් කියන්නෙ..?”

    අක්කාටත් කලින් මගේ කට ඉස්සර විය. රේණු අක්කා අමුතු බැල්මක් හෙළා මට තවත් ළංවී ඉඳගත්තාය.

    “සඳුන් කියන්නෙ ඊයෙ සුදූ දිහා ගිලින්න වගේ බලන් හිටපු කොල්ලා.. අර ලස්සන ඇස් දෙකක් තිබුණෙ..”

    ඈ අද තකහනියක්ම පැමිණියේ ඔය වග කියන්නට වන්න ඇත.. සඳුන්.. ඒ කාටත් හොරා මා සිත රැගෙන ගිය සුන්දර තරුණයාය. ඉතිං අමතක නැත. ඒ නිල් ඇස් හිතින් මවා ගන්නට මම දෑස් පියා ගතිමි.

    “මට වඩා බාල උනේ නැත්තං මං ට්‍රයි කරනවා.. ඇත්තටම අමා, ඌ මාර ගති නේද..?”

    ඇගේ කතාවට මා තිගැස්සී ගිය තරම්ය. ඒ විහිළුවක්දැයි ඇත්තක්දැයි නොදනිමි. නමුත් සඳුන් ඔහු කවදා කොතැනක හෝ මා ළඟ උන් බවක් සිත හඬගා කියයි. ඔහු වෙන කාගෙවත් විය නොහැක.

    “බලපං අමා.. සුදූ බයවෙලා.. මේ.... දාඩියත් දාලා..”

    අක්කා බියපත් දෙනෙතින් මදෙස බලා උන්නාය. ඇගේ පුංචි නැගණිය පාසල අවසන් කළ සැනින් කොල්ලෙක් ගැන සිතනවා යැයි යන බිය ඒ දෙනෙත් තුළ වූවාදැයි මම නොදැක්කෙමි. නමුත් ඇත්ත එයම නොවේද..? ඇතැම් විට අක්කා සාගර අයියා ගැන සිතුවාට වඩා මා සඳුන් ගැන සිතුවෙමි. නම නොදැන උන්නාට ඒ අහිංසක නෙත් මා සිතට සැනසීමක් දුන්නේ නැත.

    “ඔයා සඳුන්ට කැමතිද නංගි..?”

    සන්සුන් හඬින් අක්කා ඇසුවාය. ඔහුට පෙම්වතියක් ඉන්නවාදවත් මා දන්නේ නැත. නම පමණක් දැන ඉඳීම ප්‍රේමයට සෑහෙනවාදැයි නොදත්තෙමි. ඉතිං පිළිතුරු බඳින්නේ කෙසේදැයි නොදැන මා අසරණ විමි.

    “හරි.. හරි.. උම කලබල වෙන්නෙපා.. සුදූට තව හිතන්න දීපං.. ගොඩක් ප්‍රශ්න කාලය විසඳනවනේ..”

    යෙහෙළියන් දෙපලට කතා කරන්නට ඉඩ හැර මම නැවත නිවසට පිය මැන්නෙමි. කාමරයට යන්න සිතා පියගැට පෙළේ පඩි කිහිපයක් නගිද්දීම දුරකථනය නාද විය. කිසිවෙකු ළඟපාත නොවූ නිසා මම රිසීවරය ගත්තෙමි.

    “හෙලෝ..”

    “හෙලෝ.. මේ කවුද අමාද..? නැත්තං..”

    ඒ සාගර අයියා වග මම වහා හැඳින්නෙමි.

    “නෑ මං අමා නෙමෙයි..”

    “හරි හරි පැටියෝ... ඔයා අමා නෙමෙයි.. ඔයා අපේ කහ කිරිල්ලිනේ..”

    ඔහුගේ සැහැල්ලු කතාබහ මා මුවට සිනහ නැංවිය. ඊයේ කහ ගවුමක් ඇඳ උන් නිසා ඔහු එසේ කියන්නට ඇත.

    “නෑ.. මගේ නම තරුෂි.. ඔයා සාගර අයියා නේද..?”

    “ඇඳිනුවා නේද..? කෝ නංගි අක්කා..?”

    “අක්කා මිදුලෙ.. යාළුවෙක් එක්ක කතාවක්..”

    “කවුද..? අර ඊයෙ ඔයාලගෙ දිහා හිටපු කටකාර යාළුවද..?”

    “ඔව් එයා තමයි.. අයියා තව ටිකකින් ගන්න.. මං අක්කට එන්න කියන්නම්..”

    “ඕකේ.. මං හරියටම තව පැය භාගෙකින් ගන්නම්.. ඊට කලින් අක්කව එක්කං එන්න.. ආ.. නංගි මේ යාලුවෙක් ඉන්නවා ඔයාට කතා කරන්න..”

    එසේ කියා සාගර අයියා දුරකථනය වෙනකෙකුට දුන්නාය. ඒ හුස්ම පොද මා හැඳින්නෙමි. ඒ සඳුන්ය. ඔහු කතා කරනා තෙක් මම නොදොඩා උනිමි. නමුදු දුරකථනය දරා උන් මා අත සීතල වී ගියේය.

    “මාව මතකයිද..?”

    එක්වරම සන්සුන් හඬකින් නැගූ ප්‍රශ්නයක් සවනත පතිත විය. අමතකව ගියා යැයි කෙසේ නම් කියන්නද..? ඔහුව බොහෝ කලක් දැන උන් බවක් මතක තියේ. නමුත් දෙතොල් විවර වූයේ නැත.

    “මාව මතක නැද්ද නංගි..?”

    සිත සසැලී යන තරම් තැන්පත් හඬින් ඔහු නැවත විමසුවේය.

    “මතකයි..”

    “ඔයා හරි නරකයි නංගි..”

    අසන්නට කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් ඔහුගේ මුවින් පිටවිය.

    “ඇයි ඒ..?”

    “ඊයෙ මුළු රෑම ඔයා මට නිදියන්න දුන්නෑ..”

    නැවතී ගත් හුස්ම නැවත වැටෙන්න පටන් ගත්තේ දැන්ය. එසේ නම් ඔහු මටත් වඩා හොඳ නැතැයි කියන්නට මට සිතුණි. ඔහු මේ වන තෙක් මා සිතට වද දුන් තරමක්..

    “සොරි බබා.. මං පිස්සු කියවනවා නේද..? ඔයා නරක නෑ.. ගොඩක් හොඳයි.. බෝනික්කෙක් වගේ..”

    සිත සතුටින් ඉපිලී යද්දී මම පපුවට අතක් තබා ගතිමි. මේ කියන්නේ ඔහු මා ගැන සිතන බව නොවේද..? නමුත් මා අම්මාගේත් අප්පච්චීගේත් ආඩම්බර දියණිය බව සිහියට නැගුණි.

    “මං තියන්නද..?”

    “මගෙත්තෙක්ක කතා කරන්න කැමති නෑ නේද..? කමක් නෑ.. ඔයා තියන්න..”

    ඒ ඇසිල්ලෙන් මම රිසීවරය තබා අක්කා සොයා ඉගිලුනෙමි. ඈ තවමත් රේණු අක්කා සමඟය.

    “අන්න සාගර අයියා කෝල් කරා..”

    අක්කා ඉඳ උන් තැනින් ක්ෂණිකව නැගී උන්නාය. මටත් රේණු අක්කාටත් සිනහා පහළ විය.

    “තව ටිකකින් ආපහු ගන්නවා කියලා ඔයාට ගෙදර ඉන්න කිව්වා...”

    ඇය එන තෙක් පමා නොවූ මා කෙලින්ම ගොස් නතර වූයේ අප කාමරයේ වූ සැඳැල්ලේය. අක්කාත් ඉක්මන් අඩි තබා පැමිණ දුරකථනය අසල පුටුවක ඉඳ ගත්තාය. ඈ පිළිබඳව සාගර අයියා පිළිබඳව සිතන්නට ඉස්පාසුවක් නොවූයේ දඟකාර නිල් ඇස් මා සිත සන්තකයට ගෙන තිබූ හෙයිනි.

    සැඳැල්ලෙන් එපිට ඈත කඳු වළල්ල දෙස බලා ඔහු කවර ඉසව්වක ඇද්දයි සිතන්නට මම වෙහෙසුනෙමි. නමුත් ඉන් පලක් නොවේ. සංසාරයේ වූ හුරු පුරුදුකම මිස වෙනත් කිසිම බැඳීමක් අප අතර නැත. ඉතින් මා අකීකරු සිත එක්තැන් කිරීමේ නිශ්ඵල උත්සාහයක යෙදුනෙමි. නැත ඔහු අමතක වූවා නොවේ.. තව තවත් මතක් වූවා පමණි.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සිත යටිකුරු කර දඟකාර සිතුවිලි මුළු ගන්වා මා වෙනස්ම චරිතයක් බවට පත්ව දින දෙක තුනක් ගෙවී ගියේය. ඒ දින කිහිපය ඇතුලත සිදුවූ එකම දෙය සාගර අයියාගේ පාර්ශවයට අපගේ කැමැත්ත ලබාදී එම මංගල යෝජනාව ස්තීර කිරීම පමණි.

    එදින සවස් වරුවේ අක්කාත් මමත් මිදුලේ මල් පැල වලට සාත්තු කරමින් ඉන්නා විට අම්මා දහඩිය පිඹිමින් අප උන් තැනට පැමිණියාය.

    “ලොකු පුතේ.. මෙහෙට ආවනං ඩිංගක්..”

    ගතින් පෙනුන විඩාබර ගතිය ඒ කටහඬේ නැත. ඈ උන්නේ සතුටින්. අම්මා කතා කලේ අක්කාට පමණක් වුවද අප දෙදෙනාම ඈ ළඟට දිව ගියේ තරඟයට මෙනි.

    “මගේ පුතාට වරදින්නෑ.. ඒ වැඩකටයුත්ත සාර්ථකයි..”

    “ඒ කිව්වෙ අම්මෙ..?”

    “අද මං ගුණවතී එක්ක වෙද හාමුදුරුවො ළඟට ගියා දූලගෙ කේන්දර දෙක බලවන්න.. සීයට අනූවක්ම ගැලපෙනව කිව්වෙ..”

    එය කණ වැකුනු සැනින් අක්කාගේ ඇස් දීප්තිමත් වී ගියේය. මා සිතටත් සතුටක් නොදැනුනා නොවේ.

    “හැබැයි දරුවො ඔයාගෙ වෙලාවෙ හැටියට විසි හයකට කලින් බඳින්න ඕනලු.. නැත්තං තව අවුරුදු හතරකට කසාඳෙ කරන්න බැහැලු..”

    “ඕක තව අවුරුදු හතරක් මොකට කල් දානවද හාමිනේ.. අනික වෙද හාමුදුරුවො කිව්ව දෙයක් කවදද බොරු උනේ..? අපි ඉක්මනට මංගල්ලෙට ලෑස්ති වෙමු..”

    අපේ කතාව ඇසුණු අප්පච්චී අප උන් තැනට පැමිණියේ එසේ පවසමිනි. අක්කාට විසි හය සම්පූර්ණ වීමට තව ඉතිරිව ඇත්තේ මාස අටක පමණ කාලයකි. ඉතින් ඒ මාස අට ඉක්ම යාමට මත්තෙන් ඈ අප කැදැල්ලෙන් ඉඟිලී යා යුතුය.

    “සාගර ළමයටත් එන්න කියලම මේ කරුණු කාරණා තීන්දු කරගත්තනං හරි නේද අපේ මහත්තයා..”

    අම්මාගේ පැනයට එහෙම හොඳා කියා අප්පච්චී එතනින් යන්න ගියේය. සිතේ සන්තොසින් උන් අම්මා නැවතත් අක්කා දෙසට හැරුණි.

    “මංගල්ලෙ ඉක්මනට ගන්නවා කියල මගේ පුතාගෙ අකමැත්තක් නෑනෙ.. අනික පුතේ තව අවුරුදු හතරක් කියන්නෙ ඔයාට තිහක්නෙ..”

    මා අක්කාගේ දෑසට එබී බැලුවෙමි. එහි දිලිසෙමින් තිබූ කඳුළ සතුටටද දුකටද යන්න වටහා ගත නොහැකිව මා අසරණව ගියේය. අත තිබූ මුල්ලුව මල් පෝච්චියක් මතට විසිකල මම අප කාමරයේ සැඳැල්ල වෙත ගියෙමි.

    අක්කා මෙතෙක් කල් මා රැක බලා ගත්තේ නැගණියක ලෙස නොව දියණියක ලෙස ආදරයෙණි. අප අතර වූ හය හත් වසරක වයස් පරතරයද එයට දැඩි ලෙස බලපාන්නට ඇත. අතීතය ගැන සිතා සිත පාරවා ගන්නවාට වඩා කඳුළු ඇස් ඉස්මත්තේම දිය කර හැර අනාගතය දෙස සුභවාදීව බැලීමමැනවියි නොහැඟුණා නොවේ. එය කරගත නොහැකිව සිත මං මුලා වූවා පමණි.

    “සුදූ.. මොනවද ඔයතරං හිතන්නෙ..? ඔයා දැන් පැය දෙකක් තිස්සෙ මෙතන..”

    මම හිස ඔසවා බැලුවෙමි. සැබෑවකි.. පරිසරය අඬ අඳුරේ ගිලී ඇත. මා උන් සැඳැල්ලේ විදුලි පහන් දැල්වී තිබේ. සොඳුරු කඳු යාය දසුනෙන් මැකී ගොසිනි.

    “අන්න සාගර අයියා ඇවිත් ඔයාට පහළට එන්නලු..”

    අම්මාත් අප්පච්චීත් කතා කර සාගර අයියාව ගෙන්වා ගන්නට ඇත. දැන් ඔවුන් ඉන්නේ හදිසි විවාහයක් කර පින්නාගෙනය. එවැනි කටයුතු ගැන කතා බහ කරගැනීමට මා අවශ්‍ය නොවේ. නමුදු අක්කාගේ බලකිරීම මත මා ඇයගේ අත අල්ලාගෙන සාලයට ගියෙමි.

    “අපි ඇවිත් පැය බාගෙකටත් වැඩියි.. මෙයාව දකින්න තියෙන අමාරුවක්..”

    සාගර අයියා සිනාසී කියද්දී එහා ඉම උන් සොඳුරු යෞවනයා සඳුන් ඇස් පිය නොහෙලා මදෙස බලා උන්නේය. අනේ.. ඔහු පැමිණ ඇති වගක් දන්නවා නම් මා මීට පෙර පහළට එන්නේය. පෙර දින දැනුන සබකෝලය සිතට දැනුනේ නැත. ඉතින් මා අක්කා සමඟ ඔවුන් අභියස ඉඳ ගතිමි. පිටතින් සන්සුන්ව උන්නද මෙතෙක් සාමාන්‍ය පරිදි ගලා ගිය හෘද ස්පන්දනය වේගවත් වී ඇති සෙයකි. මම හිස ඔසවා ඒ දෑසේ සිරවී ගතිමි. එදා වැදගත් ලෙස කලිසම් ෂර්ට් ඇඳ උන් ඔහු අද පැමිණ ඇත්තේ ඩෙනිමක් හා සුදු පැහැ ටී ෂර්ට් එකකින් සැරසීගෙනය. එබැවින් එදාටත් වඩා සැහැල්ලු කෙලිලොල් බවක් ඒ වතින් දිස්වේ.

    මදෙස බලා උස් ඒ දෑස අමුතු වී යනවා දුටු මසිත නොසන්සුන් විය. ඇතැම් විට මා ඔහු දෙස බලා උන් කාලය වැඩි වන්නට ඇත. සිතට ලැජ්ජාවක් දැනෙද්දී මා බිම බැලුවෙමි. මගේ දෙපා නිරාවරණය වී ඇති වග සිහි වූයේ දැන්ය. තවම මා උන්නේ සවස හැඳ සිටි කහ පැහැ කොට සලිසම පිටින්ය. දැන් නැවතත් ගොස් වෙනකක් හැඳ ඒම සුදුසු නොවන බැවින් මම නොසෙල්වී අසරණව බලා උන්නෙමි.

    “අපි ටිකක් එළියට ගිහින් කතා කරමු..”

    සාගර අයියා ඒ යෝජනාව ගෙනාවේ අක්කා එක්ක තනිව කතා කිරීමට වන්නට ඇත. අක්කා අකමැත්තෙන් වාගේ නැගිටිද්දී මම එතැනම හිඳ සාගර අයියා දෙස බැලිමි.

    “අනේ පැටියො අපි කියල කිව්වෙ අපි හතර දෙනාටම.. එන්න ඔයත් යං..”

    සාගර අයියා මදෙසට දික් කල සුරතේ එල්ලී මම නැගිට ගතිමි. ඔහු තව නොබෝ දිනකින් අප පවුලේ ප්‍රධාන පුරුකක් බවට පත්වේ. ඉතින් ඒ ආදරණිය සොයුරාගේ බසට මා නතු විය යුතුය.

    එළියේ දිගු කොරිඩෝව කෙලවර වූ වේවැල් පුටු හතරක අප ඉඳගැනීමට සැරසෙද්දී සාගර අයියා අක්කා ළඟම වූ පුටුව ඇද ගත්තේය. ඉතින් සඳුන්ට හා මට සිදුවූයේ අනෙක් පසින් ඉඳ ගැනීමටය. සාගර අයියා අක්කාව සිය අණසකට කෙමෙන් නතුකර ගැනීම පිළිබඳව සියුම් දුකකුත් සඳුන්ට සමීප වී සිටීමට හැකිවීම පිළිබඳ සතුටකුත් සම්මිශ්‍රණය වූ හදින් මම නොදොඩා උන්නෙමි.

    “ඔන්න අදනං ගොළු පාට් බෑ.. හැමෝම කතා කරන්නෝන..”

    අපි තිදෙනා දෙසම බැලූ සාගර අයියා කොන්දේසියක් පැනවූවේය. එදා මෙන් නොව හැම දෙනාම ඔහුට එකඟව හිස සැලීය.

    “උඹයි මමයි හැමදාම කතා කරනවනේ බං.. අද අපි මේ දෙන්නට චාන්ස් එකක් දෙමු..”

    සාගර අයියා සඳුන් දෙස බලා පවසද්දී ඔහු ක්ෂණිකව මදෙස බැලීය.

    “අපි දෙන්නත් හැමදාම කතා කරනවනේ නේද අක්කි..?”

    “අම්මේ.. බබා වගේ හිටියට මෙයා හරි සැරයිනේ..”

    මට සිනා නැගුණි. අක්කා දයාබර බැල්මක් හෙළා මදෙස බැලීය.

    “මෙන්න පුතේ.. තේ එකක් බොන ගමන් කතා කරන්නකො..”

    අම්මා කේක් බිස්කට් හා තේ සියල්ල තැබූ විශාල ට්‍රේ එකක් අප අසල වූ ටීපෝව මත තබා යන්න ගියාය.

    “අපි වෙඩින් එකට ඕන කරන දේව් එහෙම අම්මලා ඉන්න තැන කතා කරානේ..”

    අක්කා කතාවෙන් මග හැර යාමට පොටක් පාදා ගත්තේය. මා පහළට එන්න පෙර ඔවුන් හඳහන් ගැන මංගල්ලය ගැන කතිකා කරගන්නට ඇත.

    “අපි තාම මෙයාලගෙ විස්තර දන්නෙ නැහැනේ සාගර.. ඉතින් අපි මුලින්ම කට්ටය හඳුනගෙන ඉමු..”

    සඳුන්ගේ කතාවට සාගර අයියා අමුතු සිනාවක් සමඟ ඔහු දෙස බැලීය.

    “උඹට දැන් කාවද අඳුනගන්න ඕන වෙලා තියෙන්නෙ.. අමාවද..? නැත්තං......”

    “අමා අක්කගෙ උප්පැන්න සහතිකේ ඉඳලා චරිත සහතිකේ දක්වා එදා ගුණවතී ඇන්ටි දුන්නෙ..”

    ඔහු ඔය වටින් ගොඩින් පැමිණ විමසන්නට උත්සාහ කරන්නේ මගේ විස්තරය. නමුදු මම කිසිවක් නෑසුන විලස අක්කා දෙස බැලුවෙමි. සඳුන්ගේ කතාවට ඈ නොසන්සුන් වී ඇත.

    “මොනවද මල්ලි ගුණවතී නැන්දා කිව්වෙ..?”

    “ඔයාගෙ ගුණයහපත්කම, නම, ගම, වයස, වත්කම් ප්‍රකාශය හැමදේම එයා අපේ අම්මලට ඉදිරිපත් කළා...”

    අක්කා ඇසුවේ සඳුන්ගෙන් වුවද පිළිතුරු දුන්නේ සාගර අයියාය. කපුකම කිරීමේ චේතනාව පමණක් නොව අප පවුලට වූ හිතවත්භාවය නිසා ගුණවතී නැන්දා සියළු තොරතුරු පවසන්නට ඇත.

    “තරූ දැන් ඔයාගෙ වාරෙ..”

    පාසලේ යහළු යෙහෙළියන් හැමෝම අමතන මාගේ කෙටි නාමය සාගර අයියා කෙසේ දන්නේ දැයි නොදැන මා නෙතු විසල් විය.

    “කොහොමද ඔය නම දන්නෙ..?”

    “ඇයි බබා එදා ඔයාමනේ කිව්වෙ තරුෂි කියලා.. ඉතිං මම ඒක කෙටි කලා..”

    “අපේ සුදූට යාලුවො හැමෝම කියන්නෙ තරූ කියලා තමයි..”

    “ඉතිං අයියෙ ඔයාලා අපේ පවුලෙ විස්තර හැම එකක්ම දන්නවනේ.. දැන් මගේ නමත් දන්නවා.. තව මොනවද කියන්න ඕනි..?”

    “ඔව් නේද..? බං බලන් යද්දි දැනගන්න දෙයක් නෑ තමයි.. මගේ විස්තරක් මෙයාලා තිතට දන්නවා ඇති.. එහෙමනං නොදන්න කෙනා උඹ. එහෙනං පටන් ගනිං මයි සෙල්ෆ් ගැන..”

    විනෝදකාමියෙකු වූ සාගර අයියා සඳුන්ව අමාරුවේ දැම්මේය. ඔහු මොහොතක් මදෙස බලා හිඳ හැඟීම්බර ලෙස සිනාසුනි.

    “මං සඳුන්.. සාගරගෙ නැන්දගෙ පුතා.. වයස විසි දෙකයි.. දැනට ඔය ඇති නේද..?”

    ඒ ප්‍රශ්නය යොමු වූයේ මටය. මදි යැයි කියන්නට අවැසි වුවත් ඒ නෙතු දැහැනට වචන අමතකව යයි. ඔහු මට වඩා වසර තුනකින් වැඩිමල් වුවද අක්කාට වඩා වසර තුනකට බාලය. අපේ අක්කාට ඔහු අක්කා කියා ඇමතුවද සාගර අයියාට නමින් පමණක් අමතයි. ඒ කුඩා කල සිට වූ පුරුද්දට විය හැක.

    “ඒක නෙමෙයි.. ළඟදීම ඔයාලගෙ ගෙදර කට්ටිය අපේ ගෙදර එයි.. අමාව නං එක්ක එන්නෙ නෑ කියල අම්මලා කිව්වා.. ඒත් නංගි ඔයා නං එන්නම ඕනෙ..”

    “අක්කා තනියමනේ.. මට බෑ..”

    එවදන් පවසා අවසන් වන්නටත් ප්‍රථම සඳුන්ගේ මූණ මැලවී ගියේය. ඔහුව දැකගන්න එහි යනවාට වඩා අක්කා ළඟට වී නිදහසේ සිටීම සිය දහස් ගුණයකින් මට වටී. ඒ අප දෙදෙනාට තනිව වසන්නට ඇති කාලය ඉතා සීමිත වී ඇති නිසාවෙනි. තව මාස කිහිපයකින් ඈ සාගර අයියාගේ පතිනිය වේ. එවිට අක්කාට තනිව අයිතිවාසිකම් කියන්නට මට බැරිය.

    “වැඩක් නෑ මචං.. අපි නෑනලා බලලා යන්න කියලා ආවට මෙයාලට අපි ගැන කිසිම කැක්කුමක් නෑ.. වරෙන් ගෙදර යමු..”

    ඔහු ඒ වදන් කීවේ ඇත්තටදැයි නොදත් මා සාගර අයියා දෙසම බලා උන්නෙමි. නමුත් ඔහු යන්නට නැගිට්ටේ නැත. ඔහු අක්කා දෙස බලා ඉන්නවා දුටු මට සිනහ පහළ විය. ඔවුන් දෙදෙනාට කතා කිරීමට ඕනෑ වන්න ඇත. නමුත් සඳුන් හා මා ඊට බාධාවකි. ඒ අවස්ථාව ඔවුනට ලබාදීමට මම එතැනින් නැගිට්ටෙමි.

    “සඳුන් අයියෙ එන්න අපේ පොන්ඩ් එක පෙන්නන්න..”

    මගේ ඉඟිය තේරුම් ගත් ඔහු වහා මා පසුපස ආවේය. කෙසේ වෙතත් වැඩිය ඔහුට ළං නොවන්නට හෝ ඒ නෙතු දෙස නොබලන්නට මා අදිටන් කරගතිමි. ඉන් සිත තව තවත් අසරණ වනවා හැරෙන්නට යහපතක් සිදු නොවේ.

    ලා අඳුරේ නිල් දිය මත දඟකරන කාෆ් රැල දෙස බලා මා සිතුවිලි සන්සුන් කිරීමට වෙර දැරිමි. සඳුන් ඔහු මා අභියස නිහඬව උන්නේය.

    “ලස්සනද..?”

    රන්වන් පැහැ මාළුන් දෙස බලා මම ඇසිමි.

    “ම්..... ලස්සනයි.. තැඹිලි පාටයි..”

    මම ගැස්සී ඔහු දෙස බැලිමි. ඒ නෙත් යොමුව තිබුණේ මාළුන් දෙසට නොව මා දෙසටය. ලස්සන, තැඹිලි පාට යැයි කීවේ මාළුන්ද මාද යන්න මට වටහාගත නොහැකි විය. ආචාරශීලී බවට පටහැනි බව දැන දැනම ඔහු එතන තනි කර දමා මා කාමරයට දිව ගියෙමි. අඳුරේ වුව ජනේල් පියන් හැර දමා මා කඳු වළල්ල දෙස බලා උන්නෙමි.. මට පෙනුනේ කඳු වළල්ලක් නොවේ. අඳුරු සෙවනැලි අතර දිලිසෙන පහන් එළි පමණි. ඒ පහන් අතර සඳුන්ගේ දිලිසෙන නෙතු යුගලද තිබූ බව ඉඳුරා කිව හැක.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    උදෑසන අවදිව කුස්සියට යන විට අක්කා ලූණු වට්ටිය ඔඩොක්කුව මත තබාගෙන ලූණු සුද්ධ කරමින් උන්නාය. මා ඒ මුහුණ දෙස නැවතිල්ලේ බැලුවෙමි.

    “අක්කා.. ඇයි මේ ඇස්වල කඳුළු..?”

    “නෑ පැටියො.. ලූණු සැරට..”

    ඒ බෙරුවක් බව මා දනිමි. ලූණු සැර නොව කියා ගත නොහැකි කිසියම් වූ හේතුවක් නිසා ඈ උන්නේ දුකෙනි. නමුත් මේ උදෑසන හඬන්නට වූ කාරණය මට වටහාගත නොහැකි විය.

    “ඇයි අක්කා... ඇයි මට බොරු කියන්නෙ..? මට තේරෙනවා.. ඔයා දුකින් නේද..?”

    ඇය සිනහවක් මුවට නගා ගැනීමට අසීරු උත්සාහයක යෙදුනි. ඒ දැක හැඬුම් ආවේ මටය. තවත් ඈට ළංව හිඳ ඇගේ උරහිසට වාරු වී ගතිමි.

    “සාගර අයියා මොනව හරි කිව්වද අක්කෙ..?”

    “නෑ නංගි.. සාගර අයියා ගොඩක් හොඳයි.. එයා මට වගේම අපේ පවුලටත් ආදරෙයි..”

    “එහෙනං ඇයි මේ..?”

    “මං හිතුවටත් වඩා ඉක්මනට මට ඔයාලගෙන් ඈත්වෙන්න වෙයි..”

    ඇගේ කටහඬ හැඬුම්බර වී තිබිණි. මා නෙතට ඉනූ කඳුළ වැටෙන්නට ආසන්නව ඇස් ඉස්මත්තේ බලා උන්නේය. අක්කා ඈත්ව යන දිනය... එය දැන් මට පිළි ගත නොහැකි සත්‍යයක් බවට පත් වී හමාරය.

    “සාගර අයියා නරක කෙනෙක් නෙමෙයිනෙ.. එයාලගෙ අම්මලත් හොඳයි.. ඉතිං සතුටු වෙන්න ඔයාට ඒ මදිද අක්කා..”

    ඈ නෙත් විසල් කර පුදුමයෙන් මදෙස බැලුවාය. ඇගේ විවාහ යෝජනාව ඇසූ දින හඬා වැලපුණ මා මේ කෙටි කාලය තුළ හිත හදා ගැනීම ඇයට අදහන්නට බැරිවන්නට ඇත. නමුත් මේ මා හිත හදාගත්තා නොවේ. උත්සාහ කළා පමණි.

    “ඔයා සතුටින්ද මගෙ නංගියො..?”

    මා කොපුල්තල ලාවට පිරිමදිමින් ඇය ඇසූවට, නැතැයි කියා මම හිස දෙසපසට සැලීමි. එහි වූ වේගයට නෙතු පියල්ලේ උන් කඳුළ ගිලිහී වැටිණ.

    “අපි බැන්ඳම ඔයා මං ළඟට එන්න..”

    මට ඇති ආදරය නිසා ඈ එසේ පැවසූවද, සාගර අයියා කැමති වේයැයි සිතිය නොහැක. අලුත විවාහ වූ දෙපලක් කැමති නිදහසේ තනිවම ඒ මිහිරියාව විඳ ගැනීමටය. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දීම නැගණියක වශයෙන් මගේ යුතුකමකි. ඉතින් ඇයට පිළිතුරු බැඳීම වෙනුවට මා නිහඬව ඒ උණුහුමේ මොහොතක් ගුලිවී උන්නෙමි.

    “මොකද මේ උදේ පාන්දර නාකි හුරතලේ..?”

    කුස්සියට පැමිණි අම්මා අප දෙදෙනා දෙස ආදරයෙන් බලා විමසද්දී අක්කාත් මමත් කඳුලු අතරින් සිනාසුනෙමු.

    “ඔයාල දෙන්නගෙ බැඳීම ගැන අම්මා කෙනෙක් විදියට මං ගොඩක් සතුටු වෙනව පුතේ.. අක්කලා බැඳලා ගියා උනත් ඔය බැඳීම නැති කරගන්න එපා..”

    “එහෙම වෙන්නෙ නෑ.. නේද අක්කා..?”

    මා ඇසූවට ඈ කලේ මගේ හිස සිප ගැනීමය. ඉතිං ඒ බැඳීම පිළිබඳ තවත් අර්ථකථන කුමටද..? අප දෙදෙනා වෙන් කල හැක්කේ මරණයට පමණි.

    “පුතේ මං මේ කියන්න ආවෙ ලබන ඉරිදා අපි සාගර ළමයගෙ ගෙදර යන්න හිතා ඉන්නවා කියලා. චාරිත්‍රෙ හැටියට ලොකු පුතාව ගෙනියන්න බෑනෙ.. සුදූ යන්න ලෑස්ති වෙන්න..”

    අම්මා එය කියද්දී පෙරදා සාගර අයියා කල ඉල්ලීම මට සිහිපත් විය.

    “ඉතිං අක්කා විතරක් ගෙදරනේ..”

    “අපි වරුවක් යද්දි එනවනේ.. ලොකු පුතාගෙ තනියට රේණු දුවට එන්න කියමු..”

    “අනේ මට බෑ අම්මා.. මං අක්කා එක්ක ඉන්නම්..”

    “එහෙම කියල බෑනෙ දරුවො.. ඔයා යන්නම ඕනෙ.. ඒ මිනිස්සු මොනවත් කියයි..”

    මාව කෙසේ හෝ රැගෙන යාමට අම්මා උත්සාහ කලද මට අවැසි වූයේ අක්කා ළඟට වී හිඳිමටය. ඇගේ මංගල්ලයට අවශ්‍ය කටයුතු පිළිබඳවද නිදහසේ කතා බහ කළ යුතුය. එයටද ඉතිරිව ඇත්තේ ඉතාම කෙටි කාලයකි.

    “මං හින්දා නතර වෙන්න එපා සුදූ.. ඔයා එදාට අම්මලා එක්ක යන්න.. මං රේණුව කතා කරගන්නම්..”

    අක්කාට මා කරදරයක් දැයි සැකයෙන් මම කරබා උන්නෙමි.. ඈ මදෙස බලා අහිංසකව සිනාසුණාය.

    “ඕක විගහට ලෑස්ති කරල ගන්න ලොකු පුතේ.. අප්පච්චිට බඩගිනිලු..”

    අම්මා නැගිට ගියප සු අක්කා මං ළඟ හිදුවාගෙන කිරිබතක් පිළියෙල කළාය. මා කවදත් කිරිබත් කෑමට රිසි වග ඇය දනීය.

    “අක්කා.. ඔයා වෙඩින් එකට මොනවද අඳින්නෙ..?”

    “මට මොනවද සුදූ හොඳ..?”

    “ඔයාට කැන්ඩියන් ලස්සනයි අක්කා.. කොහොමත් අප්පච්චි ඔයාගෙ මගුල උඩරට විදියට ගනියි..”

    ඇගේ සිහින් ගත දිහා බලා මම අහිංසක මනාලියක් සිතින් මවා ගැනීමට උත්සාහ කළෙමි. එවිට සාගර අයියා නිළමේ ඇඳුමෙන් සැරසිය යුතුය. ඔහුව සිහියට නංවා ගැනීමේ වෑයම නිරර්ථක විය. මගේ සිහියට කොතෙකුත් නැගුනේ සඳුන්ගේ හැඟීම්බර මුහුණයි.

    ####################################

    වත්ත පහළින් අහුලා ගත් වෙරළු ගෙඩි අහුරක් සාක්කුවේ දමාගත් මා එය සපමින් ඔන්චිල්ලා පැද්දෙමි. වත්තේ ඈත කෙළවරේ තේ දළු අතරින් මතු වූ ගුණවතී නැන්දා සිනා මුහුණින් මා උන් ඉසව්වට පැමිණියාය.

    “සුදු බේබිගෙ හිනාව දැක්කත් සිරියාවයි..”

    ඔන්චිල්ලාව ළඟ නතර වූ ඈ ගේ දෙස විපරම් බැල්මක් හෙළිය.

    “කාවද ගුණවතී නැන්දා හොයන්නෙ..? අම්මා ගෙයි ඇති..”

    “කාවත් නොවේ බේබි.. මං මේ කාරණාවක් කියන්න කියලා..”

    ඈ එය කීවේ රහසින් මෙනි.. මම ඔන්චිල්ලාවේ වේගය අඩු කර එදෙස බැලිමි.

    “මං ඊයෙ හවස සාගර මහත්තයලගෙ ගෙදර ගියානෙ.. සාගර මහත්තයගෙ අම්මයි නැන්දයි පැය ගාණකට මට එන්න දුන්නෙ නෑ..”

    ඈ කියන්නට හදන කාරණාවක මට වැටහුනේ නැත. ඉතිං මා ප්‍රශ්නාර්ථය රැදි මුහුණින් නෙත් යොමා උන්නෙමි.

    “සාගර මහත්තයගෙ නැන්දා.. අර අනික් පොඩි මහත්තයගෙ අම්මා, සුදු බේබිගෙ විස්තර හාර හාර ඇහුවනේ..”

    ඈ අනික් පොඩි මහත්තයා යැයි කීවේ සඳුන්වය.. සඳුන්ගේ මව මා ගැන ඇසුවේ ඇයිදැයි මා පුදුම විමි.

    “ඒ මොකටද නැන්දෙ මං ගැන විස්තර ඇහුවෙ..?”

    අමුතුම සිනහවක් නැගූ ඈ ඊට පිළිතුරු නොදී ගේ දෙසට හැරුණාය. මම මහා ප්‍රශ්නයක පැටලී ගතිමි. ටික වේලාවක් කල්පනාබරව ඔන්චිල්ලාව මත උන් මගේ සිතුවිලි දැහැන බිඳ වැටුනේ අම්මාගේ හඬිණි.

    “සුදූ... මෙහෙ එන්න පුතේ...”

    තවත් වෙරළු ගෙඩියක් කටේ දමාගත් මා කුස්සියේ දොරෙන් ඇතුල් වූයෙමි. ගුණවතී නැන්දා, අම්මා හා අක්කා සමග කතා බහේ නියැලී උන්නාය.

    “අපි අනිද්දට සාගර අයියලගෙ ගෙදර යනව.. ඔයාව එක්ක එන්න කියල එහේ හැමෝම කිව්වලු..”

    මම අක්කා දෙස බැලුවෙමි. ඈ ගුණවතී නැන්දාට තේ සූදානම් කරමින් සිටියාය. හිස පමණක් සලා හා යැයි පවසා මම එතනින් සාලයට ඇඳුනෙමි.

    “ළඟදි ඉඳලා සුදු බේබි ටිකක් වෙනස් වෙලා නේද හාමිනේ..? වැඩි කතාබහක් නෑ..”

    ගුණවතී නැන්දා කියූවිට අම්මා දෙන පිළිතුර අසා ගැනීමට මම සාලයේ මදක් නැවතුනෙමි.

    “ලොකු දුවගෙ මංගල්ලෙ ගැන අහපු දවසෙ ඉඳලා කෙල්ල ඉන්නෙ දුකින්..”

    “ඔව් ඉතිං.. සුදු බේබි එදා ඉඳලම ලොකු බේබිගෙ තුරුලෙමනෙ..”

    එවදන් අසා අක්කාගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට ඇත. තවත් එතන නොරැඳුන මා සාලයේ සෙටියට බර විමි.

    සැබවින්ම මා වෙනස් වීමට හේතු වූයේ අක්කාගේ මංගල්ලය පමණක්දැයි සිතා බැලුවෙමි.. නැත.... මා වෙනස් කෙරුවේ එය නොවේ. මේ සියළු විපර්යාස සිදු වූයේ ඒ නෙත් මුණ ගැසුණු දා පටන්ය. ඉතිං.. සඳුන්.. ඔබ හා ප්‍රාතිභාර්යක් සිදු කලා නොවේද..?

    මා පියවි ලොවට කැන්දා එමින් දුරකථනය එක දිගට නාද වන්නට විය. අක්කා හෝ අම්මා නොපැමිණි නිසා මම ඊට පිළිතුරු දුනිමි.

    “හෙලෝ..”

    “හෙලෝ.. මං සාගරගෙ අම්මා සුනීතා කතා කරන්නෙ.. කවුද මේ සුදු දුවද..?”

    “ඔව් ආන්ටි..”

    “ආ දුවේ... මං මේ ඔයාට කතා කරන්නමයි ගත්තෙ. ඔයා අපේ දිහා එන්න බෑ කියනවා කියලා අම්මා කිව්වා..”

    “මං එන්නම්..”

    “ඔව් දරුවො.. ඔයා එන්නම ඕනෙ.. ඔන්න වරද්දගන්න එපා එහෙනං..”

    ඈ කරුණාබර හඬින් කීවාය.

    “අම්මා ගෙදර ඉන්නවනං ටිකකට කතා කරන්න දුවේ..”

    ඒ වන විටත් මදෙසට එමින් උන් අම්මාට මම රිසිවරය පෑවෙමි.

    කාමරයට පැමිණ සැඳැල්ලෙන් එපිටට නෙත් යොමා මදක් උන් මගේ නෙත් නිදිමතින් බර විය. ඉතින් මා ගොස් ඇඳේ පෙරලී ගතිමි. සඳුන්ගේ සංවේගී නෙත් සිහිකර මම දෑස් පියා ගත්තද ඔහු මට නිදා ගැනීමට දුන්නේ නැත. පැය ගණනාවක් ඇඳේ එහා මෙහා පෙරළෙමින් අඩ නින්දේ උන් මා උස් සිනා හඬක් ඇසී නැගිට ගතිමි.

    “මේ මොකෝ මහ දවාලෙ නිදි..?”

    පැමිණ උන්නේ රේණු අක්කාය.

    “කම්මැලියි..”

    “පහුගිය ටිකේ නිදි මරාගෙන පාඩං කරපුවට ඇරියස් කවර් කරනව වගේ..”

    මා ළඟින් ඇදේ ඉඳගත් ඈ මට කොට්ටයකින් දමා ගැසුවාය. ඉන්පසු මහත් ඕනෑකමකින් මගේ මුහුණට එබුණි.

    “අක්කා මට කිව්වා සුදූ.. අනිද්දට මං උදේම ඇවිත් අක්කගෙ තනියට ඉන්නම්.. ඔයා ගිහින් මස්සිනාගෙ දේපල බලන් එන්න..”

    “ඒවා අප්පච්චියි අම්මයි බලාගනියි..”

    “ඒවා නැතත් බලන්න වෙන දේවල් ඇතිනේ..”

    ඈ ඔය හදන්නේ මා කෝප ගන්වන්නය. කියූ දේ නොවැටහුනා මෙන් මම නිදිමතේ බලා උන්නෙමි.

    “සුදූ.. මේක විහිළුවට ගන්නෙපා.. සඳුන්ව ඔයාට මාරෙට මැච් වෙනවා..”

    “එයාට කවුරුහරි ඇති රේණු අක්කා..”

    මහා දුකකින් පපුව රිඳුම් දෙද්දි මම පැවසුවෙමි. ඈ මගේ අතක් තදට අල්වා ගත්තාය.

    “එහෙම නෑ නංගි.. අපි ඕනෙනං හොයල බලමු.. අමාට සාගර අයියව මැච් වෙනවට වඩා ඔයාට සඳුන්ව මැච් වෙනවා..”

    දිගු හුස්මක් පිට කල මා නැගිට සඳැල්ලේ දොරට බර දුනිමි. රේණු අක්කාද මට ළං විය.

    “ඔයා තාම පුංචියි තමයි. ඒත් දෙවියො එයාව මවලා තියෙන්නෙ ඔයා වෙනුවෙන්මනං..”

    “අම්මට ඇහෙන්න ඕවා කියන්නෙපා අක්කා..”

    කුමක්දෝ නොතේරෙන බියක් සිත වසා පැතිර යද්දී මම ඇයට කීවෙමි.

    “මං කාටවත් කියන්නෑ.. ඒත් ඔයා ඒ ගැන ටිකක් හිතලා බලන්න..”

    “මොනවද රේණු අපේ සුදූට හිතන්න කිව්වෙ..?”

    අක්කා ළඟටම පැමිණ ඇති බව දුටු විට මසිත තිගැස්සුණි. රේණු අක්කා ඒ බව දුටුවාය.

    “මං මේ සුදූට කිව්වෙ අමා රිසල්ට් එනකල් ගෙදර ඉන්න එකේ මොනව හරි කෝස් එකක් කරන්න කියලා..”

    “එහෙනං කාටවත් කියන්නෑ කිව්වෙ..”

    රේණු අක්කා හොර බැල්මෙන් මදෙස බැලුවාය. මම අහක බලා ගතිමි.

    “සුදූට ජොබ් එකක් කරන්න ආසලු.. ඒත් මං බැන්නා අමා.. මේ තරම් දේපල තියාගෙන මේ පොඩි කෙල්ල මොකට ජොබ් වලට යනවද..?”

    එවදන් විශ්වාස කල අක්කා නෙතු විසල් කර පුදුමයෙන් මදෙස බැලුවාය.

    “සුදූ මටවත් කිව්වෙ නෑ..”

    ඒ හඬෙහි වූයේ මහා දුකකි. එය තේරුම් ගත් රේණු අක්කා කතාව වෙනස් කළාය.

    “අමා වෙඩින් එකකට ලෑස්ති වෙන එක ලේසි නෑ.. තව මාස ගාණයිනෙ තියෙන්නෙ..”

    “ඔව් රේණු.. කොහෙන් පටන්ගත්තද කියල තේරෙන්නෙ නෑ..”

    “උඹ මනාලිට ඕන කරන දේවල් ගැන හිතපං.. ඉතුරුවා අම්මලා බලාගනී..”

    “අප්පච්චිනං කිව්වා වෙඩින් එක ගෙදරම ගන්නව කියලා..”

    අප්පච්චී එසේ කියූ වගක් අක්කා කියන තුරු මා දැන උන්නේ නැත. කොහොමටත් මේ ඉඩකඩ මේ විශාල නිවස මංගල්ලයකට පමණටත් වඩා සෑහේ.

    “උයන පිහන දේවල් උනත් උඹලගෙ වත්තෙ වැඩ කරන ගෑණු කට්ටියම කරල දෙයි. ඒ මිනිස්සුන්ට රහට උයන්න පුළුවන්නෙ බං..”

    “අනේ මන්දා..”

    අක්කාගේ මුවින් එවදන් පිට වූයේ දිගු හුස්මක්ද සමඟිනි. ඈ උන්නේ නොසන්සුන්ව බව මා ඉන් වටහා ගතිමි.

    “උඹ බයවෙන්නෙපා අමා.. ගමේ මිනිස්සු හැමෝම උඹලගෙ පවුලට ආදරෙයි.. ඒ වගේම ගරු කරනවා.. ඉතිං ඔය වැඩ ටික කරගන්න ඒ හැටි අමාරු වෙන්නෑ..”

    රේණු අක්කා ඈ සිත සනසද්දී මා එවදන් සියල්ල අසා නොදොඩා බලා උනිමි.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ඉරිදා උදෑසන මා නැගිට බලද්දී අක්කා කාමරයේ නොවූවාය. ඇඳෙන් බසින්නට යද්දී මගේ කහ දුඹුරු මිශ්‍ර සල්වාර් ඇඳුම පිළිවෙලට මැද ඇඳේ කොණක දමා තිබෙනු දැක මා පුදුම විය. මා අඳින්නේ කුමක්දැයි අක්කා මගෙන් ඇසුවේ නැත. නමුදු ඊයේ නින්දට යන විට මා සිතින් තෝරා ගත් ඇඳුමම ඇය මැද දමා තිබෙන අපූරුව..

    “ඔයා නැගිට්ටද සුදූ.... පරක්කු වෙයි කියලා මං ඔයාට ඇඳුමක් මැදලා තිබ්බා.. මේක හොඳයිද..?”

    මා සිත විනිවිද දුටුවා සේ ඇයද එම ඇඳුමම තෝරා ඇති කල ඊට හොඳක් පමණක් කීම නොසෑහේ. ඉතිං මා සිනාසුනා පමණි.

    “මේක එපා නං වෙන එකක් තෝරලා දෙන්න.. මං මැඳලා දෙන්නං..”

    මගෙන් පිළිතුරක් නොවූ කල ඈ නැවත කීවාය.

    “මං තෝරපු එක අල්මාරියෙ නෑ..”

    එය නොවැටහුණ අක්කා පුදුම වී බැලුවාය.

    “එහෙනං..”

    “ඒක දැන් තියෙන්නෙ ඇඳ උඩ..”

    අක්කා සතුටු සිතින් බලා හිදිද්දී මා තුවාය රැගෙන පඩිපෙල බැස්සාය. කුස්සිය දෙසින් මිහිරි සුවඳක් වහනය වන්නට විය.

    “සුදු බේබි එන්න කැවුමක් කන්න..”

    ගුණවතී නැන්දා රන්වන් පැහැයට බැඳ තිබූ කවුම් වට්ටිය මදෙසට පෑවාය.

    “දැන්ම කෑවට කමක් නැද්ද..?”

    “මොකෝ නරක..? මේක දානයක් යැ. සුදු බේබි හිතේ හැටියට කන්න.. ඕං කිරිබතුත් තියෙනව..”

    මම තුවාය කරේ දමා කැවුමක් ගෙන එහි හැඩ බැලුවෙමි. ගුණවතී නැන්දා එහි කොණ්ඩය අපූරුවට වඩවා තිබුනාය.

    “මොකෝ පුතේ කැවුමේ ලස්සන බලනවද..? විගහට කාලා ලෑස්ති වෙන්න..”

    ජාතික ඇඳුමින් සැරසී ගත් අප්පච්චී මහිස අතගා ආදරයෙන් කීය.

    “මං ඇඟ සෝදලා ඇවිත් කන්නං..”

    කවුම නැවත වට්ටියට දමා මම නාන කාමරයට රිංගා ගතිමි.

    උදෑසනම රේණු අක්කාත් සමඟ පැමිණ කැවිලි පෙවිලි සූදානම් කිරීමට ඈ උදව් දුන්නාය.

    “නැන්දට මං ඔසරිය අඳින්න උදව් කරන්නං..”

    අම්මා ළඟට ගිය ඈ අසද්දී අම්මගේ මුවගට සිනා නැගිනි.

    “හැමදාම අඳින ඕකෙ මොන විශේෂයක්ද දරුවො.. පුළුවන්නං සුදූට අදින්න උදව් කරන්න..”

    මා තුවාය ගත දවටා කිරිබත් කද්දී අම්මා රේණු අක්කාට මා බර කළාය.

    “සුදූට නං අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ නැන්දෙ. මේකි මොකක් ඇන්ඳත් ලස්සනයි..”

    අක්කා සමග කාමරයට යන අතරේ ඈ මගේ තුවායෙන් ඇද කීවාය. එය ගිලිහී වැටෙන්නට යද්දී මසිතට තරහ නැගුණි.

    කහ පැහැ සල්වාරියෙන් සැරසුණු මා හැඩකාර කොණ්ඩය සැකසීමට රේණු අක්කා ඉදිරිපත් විය. ඈ මගේ කැරලි කොණ්ඩය අඩක් පමණ අල්ලා ලස්සන කොණ්ඩ කටුවක්ද ගසා මදක් පසු පසට ගොස් බැලුවාය.

    “මට නං ඉරිසියාවෙ බෑ බං.. බලපංකො මේකිගෙ හැඩ..”

    මම ඇවට දිව ඇද කර කාමරයෙන් පිට විමි. අප්පච්චී ඔරලෝසුව දෙස බලමින් දොර ළඟට වී උන්නේය.

    “හාමිනේ.. කැවිලි පෙවිලි ටික ලෑස්ති නං පිටත් වෙමු. මල්ලිලා හන්දියට ඇවිල්ලත් ඇති..”

    අප්පච්චී ඒ මතක් කලේ පොඩි මාමලාය. ඔවුන් අපත් සමඟ යාමට වෑන් රියකින් මගට එන බව කීය. අක්කටත් රේණු අක්කටත් සමු දී අපි ගුණවතී නැන්දා සමග වෑන් රියට නැගුණෙමු.

    “පුතාලා දෙන්නා පරිස්සමින් ඉන්න.. මං වත්තෙ සිරිදාසලටත් කිව්වා මේ පැත්ත බලන්න කියලා..”

    ජනේලයෙන් හිස දැමූ අප්පච්චී අක්කලා දෙස බලා කීවේය. අක්කා ඇස් පුංචි කර අමුතුම හැඟීමකින් මදෙස බලා උන්නාය. මම ඈට අත වනා සමු දුනිමි.

    අප පොඩි මාමලා සමඟ සාගර අයියලාගේ නිවසට යද්දී ඔවුන් අප එන පෙරමග බලා උන්හ. නමුත් මා සෙවූ ඇස් ඒ අතර නොවූ වග දැක සිතට සියුම් දුකක් දැනෙන්නට විය. ආදරණියව අප පිළිගත් සාගර අයියගෙ අම්මා මා කර වට අත යවා තුරුළු කරගත්තාය.

    “ඇස්වහක් කටවහක් නෑ නංගියෙ හරිම සිරියාවයි...”

    ඈ මහිස අත ගා එය කීවේ අපේ අම්මාටය. මම නිහඬවම ඈ පසුපස ඇදුනෙමි. රේණු අක්කා කී දේපල කතාව සිහි වී මම නිකමට ඒ නිවස සිසාරා නෙත් යවද්දී සිතට සැනසීමක් දැනුණි. අපේ නිවස තරම්ම ලොකු නැතුවාට එය මනරම් බිම් කඩක පිහිටි සොඳුරු නිවසකි.

    සාලයේ අසුන්ගත් සැනින් කිසිවෙකු මගේ උරයේ රැදුණු ෂෝල් එකෙන් ඇද්දේය. පසුපස හැරී බලද්දී මා ළඟ සිනා සිසී උන්නේ සාගර අයියාය.

    “මං නං හිතුවා එන එකක් නෑ කියලා.. එදා ඉතිං ගණං ඉස්සුවනේ..”

    “දැන් ඉතිං ආවනේ..”

    මම අසන්නට වූයේ එය නොවේ. සඳුන්..... මසිත ඔහුව සොයමින් උන්නේය.

    “අක්කා ගෙදර තනියමද නංගි..?”

    සාගර අයියා නැවත ඇසුවේය. ඔහු කවදා හෝ අක්කාට හොඳ සැමියෙකු වනු ඇතැයි මට සිතුණි. මේ සොයා බැලීම හැමදාම ඇත්නම් මගේ අක්කා වාසනාවන්ත නොවන්නේද..? මගේ මුවගට හසරැල්ලක් නැගුණි.

    “දෙයක් අහපුවම උත්තර නොදී තනියම හිනාවෙනව...”

    ඔහු එවර අමනාපයෙන් කීවේය.

    “අක්කා රේණු අක්කත් එක්ක ඉන්නවා..”

    “මේ දෝණි කවුද පුතේ..?”

    ප්‍රතාපවත් පෙනුමැති වයස්ගත පුද්ගලයෙකු සාගර අයියාගෙන් ඇසුවේ මා ගැනය.

    “මේ ඉන්නෙ සීයෙ මගේ නෑනා..”

    “හොඳා.. හොඳා.. නෑනලා මස්සිනාලා උනාම සමගියෙන් ඉන්නෝනෙ..”

    ඔහු කරුණාබර සිනාවක් පා මදෙසට එද්දී මම නැගිට ඔහුට වැන්දෙමි. සාගර අයියා ඇස් අමුතු කර බලා උන්නේය.

    “මගේ දෝණිට රත්නත්තරේ සරණයි..”

    ඒ අවංක ආශිර්වාදය මගේ හිත පතුලේ තැන්පත් විය. දෙපිරිසේම නෑදෑයන් තැන් තැන් වල කතා බහේ නිරතව උන්හ. මෙතරම් පිරිසක් අතරේ වුව සිතට දැනුනේ මහා තනිකමකි. පිරිස මඟ හැරී මා මිදුලේ මල් වගාව අතරේ ඇවිද ගියෙමි. සොඳුරුව වවා තිබූ ඒ මල් පැල හොඳින් සාත්තු කර ක්‍රමාණුකූලව නඩත්තු කර තිබිණි.

    මහා හඬින් රේස් කර පැමිණි ට්‍රේල් බයිසිකලයක් මිදුලේ නතර විය. මා එදෙස හරීවත් නොබැලිමි. නමුත් මහා හුරු පුරුදු ආත්මීය සුවඳක් මා සිතට දැනුණේය.

    “ඇයි බබා මේ තනියම..?”

    මා සිතිවිලි දැහැන බිඳී ගියේය. මම වහා ඇස් එසවිමි. සඳුන්.... ඔහු සුපුරුදු අහිංසක බැල්මෙන් මදෙස බලා උන්නාය. මමද විනාඩි ගණනක් ඒ දෑසේ සිරවී ගතිමි.

    “මං හිතුවා ඔයා ගෙදර නවතී කියලා.. සාගර ඔයා ආවා කිවලා කිව්ව නිසා මේ දුවගෙන ආවෙ..”

    මගේ ඇස් වලටම එබී ඔහු කීවේය. ඒ සංවේදී බව ඒ හැඟීම්බර බව මසිතට දරාගත නොහැකි තරම් විය.

    “උඹ ඉගිලිලද යකෝ ආවෙ..? යකෝ මං කෝල් කරලා පැය කාලක් ගියේ නෑනෙ..”

    සාගර අයියා අප උන් ඉසව්වට ආවේ එසේ කියාගෙනමය. සඳුන් අත වූ හෙල්මටය රැගෙන ගොස් බයිසිකලයේ රැඳවූයේය.

    “දැං මොකක්ද මේ තදියමේ දුවන් එන්න තරම් උඹට තිබුණු හදිස්සිය..”

    ඔහු එය ඇසුවේ සඳුන්ගෙන් වුවද ඒ ඇස් නතර වී තිබුණේ මා මුහුණ මත්තේය. මම එදෙස නොබලා සරුවට වැඩී තිබුණු රෝස මලත් අතපත ගෑවෙමි.

    “සුදු දුවේ එන්න තේ එකක් බීලා යන්න..”

    මා ඒ අපහසුතාවයෙන් මුදවා ගත්තේ සාගර අයියාගේ අම්මාය. ඉතින් මම වහා ඈ දෙසට දිව ගියෙමි.

    “ආ.. මේ චූටි පුතත් ඇවිත් ඉන්නෙ.. මං දැක්කෙ නෑනෙ..”

    සඳුන්ව දුටු ඈ කීවාය. ඔහු සිනා සී සාගර අයියා සමඟ අප පසුපස ඇඳුණි.

    කැවිලි පෙවිලි පෙරටු කරගත් සංග්‍රහය අතර තුර දෙපිරස ඉතා විනෝදයෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. අම්මාත් අප්පච්චීත් ඉසා සැනසිලි සහගත හැඟීමෙන් පසුවනවා දුටු මසිත පිරී ගියේය.

    දිවා ආහාරය ජයටම සූදානම් කර තිබිණි. නමුත් අක්කා නිවසේ දමා ආ බැවින් මෙය තනිව රස විඳීමට හිත හදාගත නොහැකි විය.

    “අම්මා.. මං ගෙදර ගිහින් කන්නම්..”

    අම්මා ළඟට ළං වී.. මා ඇගේ කණට කෙඳිරුවෙමිත. ඈ තිගැස්සුණු නෙතින් මදෙස බැලුවාය.

    “අක්කට නැතුව අපි විතරක් කන එක හරිද අම්මා..?”

    “අක්කා රේණුත් එක්ක කයි පුතේ.. ඔයා කන්න..”

    “ඒත් අම්මා....”

    “මොනවද නංගියෙ කෙල්ල කුටු කුටු ගාන්නෙ..?”

    සාගර අයියාගේ මව සුනීතා ආන්ටී අම්මාගෙන් ඇසුවාය.

    “මෙයාට අක්කා නැතුව කන්න බෑලු..”

    “පුදුම දරුවෙක්නෙ.... පුතේ ඔයා දැන් කන්න.. අක්කට වෙනම කෑම එකක් අපි අයින් කලා.. ගෙදර ගිහින් ඒක අක්කට දෙන්න..”

    ඔවුන්ගේ පෙරැත්තය මත මම කටක් දෙකක් ගිල දමා පසෙකට විමි. කොහේදෝ සිට පැමිණි සඳුන් වටලප්පන් තසිමක් මා අත තැබීය. ඔහුගේ අතින් මුලින්ම මට දුන්නේ මා කවදත් කෑමට ප්‍රිය කල දෙයක් වීම පුදුම සහගතය. මා එය කන තෙක් ඔහු මා අබියස හිඳ බලා උන්නේය.

    “ඇයි හැමදාම කහ පාටම අඳින්නෙ..? මම දැක්ක දවස් තුනේම ඔයා හිටියෙ කහපාට ඇඳගෙනනෙ..”

    ඔහු එය එතරම් තදින් සිහි තබාගෙන උන්නාද..? මම පුදුම විමි.

    “මම සාගර එක්ක ඔයාලගෙ ගෙදර ඇවිත් ගියාට කමක් නැද්ද..?”

    ඔහු නැවත ඇසුවේය. මා මුහුණේ සිහින් හසරැල්ලක් ඇදී මැකී ගියේය. ඉදින් මගේ පිළිතුර ඔහු අනුමාන කරන්නට ඇත. එසේ නොවුනත් ඒ නෙතු අභියස දොඩන්නට මට වදන් අමතකව තිබිණි.

    “මං මේ තරං හදිස්සියෙ දුවගෙන ආවෙ ඔයාව බලන්න නංගි. වචනයක් හරි කතා කරන්නකො..”

    ඒ ඉල්ලීම මහා දුක්බර එකකි. ඒ හඬට මසිත දැවී ගියේය.

    “අයියා ගෙදර එන්න... අපි කතා කරමු..”

    එය මා සිතා මතා කියූවක් නොවේ.. නමුත් එවදන් පිටවිය. අප්පච්චිගේ පුංචි දෝණිගේ මුවින් පිටවූ වදන් බරපතල වැඩිදැයි නොදනිමි. සඳුන් මහත් දයාබර ඇසකින් මදෙස බලා උන්නේය.

    මංගල්ලය පිළිබඳ බොහෝ කරුනු කාරණා තින්දු කරගෙන අපි සාගර අයියලාගේ නිවසින් පිටවීමු. මසිත කැළඹූ ඒ සොඳුරු යෞවනයාට මම සිනහවකින් සමු දුනිමි.

    “දැනුයි මගේ හිතට සැනසීමක් දැනුණෙ.”

    වෑන් රිය පාරට දැමූ සැනින් අම්මගේ සිතේ වූ සැහැල්ලුව පිට විය. ඔවුන් නිවසට එන මග දිගටම ඒ පිළිබඳ කතා කරමින් ආවද මම වීදුරුවකට බර දී අහස් කුසට නෙත් යොමා උන්නෙමි.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප සාගර අයියලාගේ නිවසට ගොස් ආ දා පටන් පවුල් දෙකේම ඥාතී පිරිස මංගල්ලෙට ලහි ලහියේ සූදානම් වන්නට විය. සාගර අයියා වුවද නිතර පැමිණ අක්කා සමඟ කතාබහ කරන්නට පෙළඹුනේය. වෙනදා මා තුරුල් කරගෙන කාලය ගෙවා දැමූ ඈ සාගර අයියාට ළංවීම සිතට දරා ගැනීමට නොහැකි තරම්ය. මා සිතින් තනි වී උන්නද ඈ කිසිදා මට වෙනස්කමක් කෙරුවා නොවේ. එසේ වුවද හිස රහසේ හඬා වැළපුණ තරම ඈ නොදනී.

    එක් දිනක් සවස අප්පච්චීට දුරකථන ඇමතුමක් දුන් සාගර අයියා අප කැටුව පන්සල් යාමට අප්පච්චීගෙන් අවසර පැතුවේය. අම්මා සමඟද සාකච්ඡා කළ ඔහු ඊට අවසර දෙද්දී අක්කගේ මුවේ මන්දස්මිතියක් ඇඳුනි.

    “ලොකු පුතේ.. ඒ ළමයා තව පැයකින් විතර ඒවි.. මල් එහෙම කඩාගෙන නංගි එක්ක ලෑස්ති වෙන්න..”

    එසේ කී අප්පච්චී අක්කාට ලංව තව තව මොනවදෝ කීවේය. නමුත් ඈතට වී උන් මට කිසිවක් පැහැදිලිව ඇසුනේ නැත.

    අක්කා අප දෙදෙනාටම සුදු ඇඳුම් මදිද්දී මම වේවැල් වට්ටිය රැගෙන වත්ත පහළට ගියෙමි.

    “අප්පේ සුදු බේබිව දැක්ක කල්.. මේ කොහෙද මල් වට්ටියක් අරගෙන දුවන්නෙ..?”

    වත්තේ වැඩ කරමින් උන් මැදිවියේ කාන්තාවන්ගෙන් අයෙක් මා දැක ඇසුවාය.

    “අරලිය මල් ටිකක් කඩාගන්න යනව නැන්දෙ..”

    ඈ හා සුහදව සිනාසුන මා එතනින් පහළට යද්දීම ඈ නැවත කතා කලාය.

    “බේබිලා පන්සල් යන්නෙයි..?”

    “ඔව්..”

    “බේබි වට්ටිය දීලා යන්න.. අපි කඩලා ගෙනත් දෙන්නං..”

    කවදත් අප පවුලට ලැදි කරුණාබර ඔවුන් එම රාජකාරිය භාරගෙන මා නිදහස් කලහ. ඉතින් වට්ටිය ඔවුනට භාර දී හිස් අතින්ම මම නිවසට දුව ගියෙමි.

    “කෝ පුතේ මල්..?”

    ගෙට ගොඩ වද්දීම මදෙස හොඳින් බැලූ අම්මා විමසුවාය.

    “සුමනා නැන්දා මල් කඩන් එන්නං කියලා මට යන්න කිව්වා..”

    “අනේ හරිම හොඳ මිනිස්සු.. කවදාවත් දෙයක් කියනකල් ඉන්නෙ නෑ.. හොයලා බලලා කරනවා මිසක..”

    අක්කා සමඟ දොළ පාරට ගිය මා සැන්දෑව නොතකා දිය නෑවෙමි. පසුව සුදු පැහැති ඇඳුමින් සැරසෙද්දී මට සඳුන් කියූවක් සිහිවුණි. හැමදාම ඇයි කහ පාට අඳින්නෙ..? යනුවෙන් එදා සාගර අයියලගේ නිවසේදී පවසන තෙක් ඔහු මා දැක තිබුණේ එකම පැහැ ඇඳුමෙනි. ඉතින් අද ඔහු දුටුවෝතින් කුමක් කියයිද..?

    මා රැගෙන ගිය වට්ටියට කහ අරලිය මල්ද තවත් බෑගයක සුදු මල්ද පුරවා මේසය මත තබා තිබුණි. ඒ දැක වත්තේ සිටින අහිංසක මිනිසුන් ගැන මසිතට අනුකම්පාවක් දැනෙන්නට විය. තෙල්, හඳුන්කූරු, පහන්තිර ආදිය දැමූ බෑගයක් ද ඒ අසලින්ම තැබූ මම සාගර අයියා එනතෙක් ආලින්දයේ වූ වේවැල් පුටුවේ ඉඳගතිමි. නමුත් ගුරු පාර දිගේ සිනා සිසි එමින් උන්නේ සාඟර අයියා නොව රේණු අක්කාය.

    “මං ඒත් බැලුව කවුද මේ හිම කුමරි කියල..”

    ඈ නිවසට ගොඩවූයේ එසේ කියමින්ය.

    “රේණුත් වෙලාවටම එනව නේද..?”

    නිවස තුළ සිටි අක්කා ඇගේ කටහඬ ඇසී තරමක් උස් හඬින් අසද්දී රේණු අක්කා මා ළඟින් හිඳගත්තාය.

    “මොකක්ද සුදූ වෙලාවටම එන කතාව..? ඔයාලා මළ ගෙදරකවත් යන්නද..?”

    මගේ සුදු ඇඳුම දෙස ඕනෑකමින් බලා අසද්දී මට සිනහ නැගුණි.

    “සාගර අයිය එනවලු අපි දෙන්නව පන්සල් එක්ක යන්න..”

    “සාගර අයිය විතරද..?”

    “දන්නෑ.....”

    අක්කා පැමිණ රේනු අක්කා ළඟින්ම හිඳගත්තාය.

    “රේණුත් එනවද අපිත්තෙක්ක පන්සල් යන්න..?”

    “කවුද.. සාගර අයිය විතරද එන්නෙ..?”

    ඈ ඔය ඇසුවේ මට දැනගැනීමට ඕනෑ කර තිබූ කාරණයයි..

    “නෑ.. සඳුන් මල්ලිත් එයි..”

    “අපෝ එහෙනං බෑ.. එතකොට සමබරතාවය බිඳෙනවා.. දැන් ගණ පූරණය හරිනේ..”

    “මොනව කියනවද මංදා..”

    “කම්මැලිකමට මොනව හරි කියන්න තමයි බං ආවෙ.. ඒත් දැන් බෑනෙ.. මම ගිහින් වෙන දවසක එන්නං..”

    අප සිනහා ගන්වා ඈ යන්න ගියාය.

    සාගර අයියා හා සඳුන් පැමිණියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය. සුදු පැහැ ටී ෂර්ට් එකක් ඇඳ උන් සඳුන් වාහනයෙන් නොබැස සුළු වේලාවක් මදෙස බලා උන්නේය. මම බිම බලා ගතිමි.

    “එන්න ගෙට..”

    මා නිහඬ උන් තැන අක්කා ඔවුනට ආරාධනා කළාය.

    “ගිහින් එන ගමන් එන්නං.. දැන් ඔයාලා ලෑස්තිනං යමු..”

    අක්කා මල් බෑගය අතට ගනිද්දී මම කහ අරලිය මල් වට්ටිය පමණක් දෝතට ගෙන මිදුලට බැසිමි. අම්මාත් අප්පච්චීත් අප දෙස පහන් හැඟුමින් බලා හිඳිද්දී සාගර අයියා වෑන් රිය හරවා ගත්තේය.

    “අක්කා ඉස්සරහින් නගින්න..”

    සඳුන් ඉදිරිපස අසුන අක්කාට පෑවේය. නමුත් ඈ එයට නැගුනේ නැත.

    “මමයි නංගියි පිටිපස්සෙන් නගින්නං..”

    ඈ මදෙස බලා අහිංසකව පැවසුවාය.

    “නගින්න අමා.. පරක්කු වෙනවා..”

    සාගර අයියා ඉදිරිපස දොර විවෘත කර දී අක්කාට කියද්දී මම නිහඬවම පසුපසට නැගුණෙමි. සඳුන්ද මගේ එහා පසින් ඉඳ ගනිද්දී අක්කා සුසුමක් හෙලා ඉදිරිපස අසුනට ගොඩ විය.

    “අද සුදු ඇඳලා කහ මල් වට්ටියක් අරගෙන නේද..?”

    ගුරු පාර දිගේ වාහනය ඇදී යද්දී මදෙසට බර වූ සඳුන් කීවේය. මම ඒ මුහුණ දෙස ඇස් කොණකින් බැලිමි.

    “ඇයි මේ හවස් වෙලා නෑවෙ..?”

    සැමදා මෙන් ඔහු අභියස මා ගොළු වී උන්නෙමි. සියුම් විලවුන් සුවඳක් මා සිත වටා සරසන්නට විය. අක්කාත් සාගර අයියාත් කතාවට වැටී උන්හ. ඉතින් මා දෑස් දල්වා ඒ තරු නෙත් දෙස හොඳින් බැලුවෙමි.

    “අපි කතා නොකර ඉමු..
    සිනා නොවී ඉමු
    ටික දවසක්...
    අපි දෑසින් දෑසට
    ළංව බලන් ඉමු
    එක මොහොතක්....
    කල්පයක් සේ දැනේවී..//”

    මගේ දෑස් දෙසම බලාගෙන ඔහු ඒ පදවැල සොඳුරුව ගායනා කළේය. මම දැහැනකට සම වැදී මෙන් සිතුවිලි අතර තනිවී උනිමි.

    “සඳුන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන් නේද සාගර..?”

    අක්කා පසුපස හැරී පවසද්දී මා තිගැස්සී ගියේය. වරදක් කර හසු වූ කලක මෙන් නොසන්සුන් සිතිවිලි සමුදායක් සිත වසා පැතිරෙද්දී මම ඒ දෑසින් මිදුනෙමි.

    “මිනිහා ඔහොම හිටියට ගොඩක් වැඩ වලට දක්ෂයි..”

    ඒ මොනවාදැයි කියා ඔහු කීවේවත් අප ඇසුවේවත් නැත. කන්දෙ පන්සලට වාහනය දමනතුරුම මා ඒ ගී වැල් සිතින් ප්‍රතිරාවය කළෙමි.

    සාමාන්‍ය සතියේ දිනක සවස් වරුව වූ නිසාදෝ පන්සලේ සෙනඟ උන්නේ අතලොස්සකි. අප සෙරෙප්පු වෑන්රිය තුළම තබා ඉන් බැස ගතිමු. සාගර අයියා අක්කගේ අතගෙන අපට ඉස්සර විය. මම සඳුන් හා සමාන්තරව අඩි තබා ඒ පසුපස ඇදුනෙමි.

    “එකම මගක පියවර මැන යන්නයි..
    එකම බිමක සෙවනැලි පැටලෙන්නයි..”

    ඔහු නැවතත් මා සවන් අද්දර ගීයක් මුමුණන්නට ගත්තේය. මම තරවටු බැල්මෙන් ඔහු දෙස බැලිමි. ඒ ගී හඬ වහා නතර විය.

    “ඇයි..?”

    “ඇයි කියල අහන්නෙ.. පන්සලේ ඉඳගෙන සිංදු කියනවද..?”

    “සොරි..”

    එවදන් පිටවූයේ මහා දුකකිනි. ඒ ඇසී දුක් ගත්තේ මගේ හදවතය. අප නිහඬවම මල් පූජා කර මන්දනාමාන කළ අතර සඳුන් මදෙස නිකමටවත් බැලුවා නොවේ. මම තෙල් පහන් තිර රැගෙන පහන් වැට අද්දරට ගියෙමි. අක්කා සාගර අයියා සමග බෝ සමිඳු අබියස වැලි මළුවේ ඉඳගත්තාය. පහන් දල්වද්දී ඇසුනු දිගු සුසුම් හඬකට මා දැහැන බිඳී ගියේය. නෙත් හරවා බලද්දී සඳුන් මා ළඟ හිඳ පහන් වැට දෙස බලා සිටියේය. ඒ අහිංසක මූණේ අඬක් පහන් ආලෝකයට කහ පැහැ ගැන්වී තිබිණි.

    අක්කා හා සාගර අයියා පෙනෙන මානයේ වුවද ඔවුන් උන්නේ වෙනම කතාබහකය. ඉතින් පහන් දල්වා අවසානයේ මා කන්දේ බෑවුම පෙදෙසට මුහුණ ලා ගල් තලාවේ ඉඳගතිමි. සඳුන්ද කතා බහකින් තොරවම පැමිණ මා ළඟ ඉඳගත්තේය.

    “හැමදාම ඔහොම ගොලුවෙලා වගේ ඉන්නෙ ඇයි නංගි..? ඔයාගෙ කටහඬ අහන්න ආසයි.. මොනා හරි කියන්නකො..”

    ඔහු මා අභියස ආයාචනා කරද්දී මම ඒ මූණට එබී බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරය මිස අන් කිසිවක් නොවේ.

    “ඔයා දන්නවද සුදූ.. මං පුංචි කාලෙ ඉඳලා හොයපු රූපයක් තිබුණා. මට හීනෙනුත් පෙනුන ලස්සන ඇස් දෙකක් තිබුණා.. ඒ ඇස් කවදා හරි මට මුණ ගැහුණෙ නැත්නම් මං ආදරේ කරන්නෑ කියලා හිතාගෙන හිටියෙ..”

    ඈත කඳු යායට නෙත් යොමා සඳුන් පවසද්දී මා මහත් ඕන කමින් ඊට සවන් දුනෙමි.

    “අවුරුදු විසි දෙකක් වෙනකල්ම ඒ හුරතල් ඇස් දෙක මට මුණගැහුණෙම නෑ නංගි.. ඔයා කිව්වට පිළිගන්න එකක් නෑ, මං කොල්ලෙක් වුණත් කෙල්ලො ආදරේ ඉල්ලගෙන මගේ පස්සෙන් එනවා..”

    ඔහු එසේ කීවාට එය පිළිගත නොහැකි කරුණක් නොවේ. කෙල්ලෙක් පතන සියළු ගුණාංගයන් කඩවසම් රුවක් හා සොඳුරු ඇස් දෙකක් ඔහු සතුව ඇත්තේය. ඉතිං ඔහුගේ ආදරය පැතීමේ අරුමයක් නැත.

    “ඔයා අහගෙනද ඉන්නෙ..?”

    “ඔව් අයියා කියන්න..”

    “ඉතිං මං හොයපු ඒ රූපෙ, ඒ ලස්සන ඇස් මට හම්බ උනා. මාව පිස්සු වට්ටපු ලස්සන කහ කිරිල්ලියක් ළඟ ඒ හැමදේම තිබුණා..”

    කුමක්දෝ හේතුවක් නිසා ඇති වූ බියකින් මා වෙව්ලා ගියේය. දෙනෙත කඳුළින් වැසී යද්දී ඈත කඳු යාය මම දෑසින් අල්වා ගතිමි. සඳුන් ඉඳ උන් තැනින් ඉස්සී මදෙසට තවත් ළං විය. අවට අඩ අඳුර, සොඳුරු වටපිටාව, පන්සල් බිමේ පහන් සුවඳ මා වෙනස්ම ලෝකයක් කරා කැන්දා යමින් තිබිණි. සඳුන් මා මුහුණට නැඹුරු විය.

    “ඒ කෙනා කවුද කියල කියන්නම ඕනෙද නංගි..? ඔයාට දැනෙන්නෙ නැද්ද..?”

    ඈත ලෝකයකින් ආ හඬක් ලෙස ඔහු කී දෑ සවනට පතිත විය. ඇස් පියල්ලේ වැටෙන්නට බලා උන් කඳුළු කැට දෙක කම්මුල් තෙමාගෙන ගලා යද්දී මම ඒ ඇස් දෙක දෙස බැලුවෙමි.

    “අඬන්න එපා සුදු නංගි.. ඔයා අඬවලා මාව අඬවන්න එපා..”

    අඬවන්න එපා කීවද, ඒ දෑසේ දැනටම කඳුළුය. එදෙස බැලිය නොහැකිව මා දණහිස් මත මුහුණ ඔබා ගතිමි. සඳුන් ඉතා මෘදු ලෙස මා හිස පිරිමැදීය. බෝ මළුවේ උන් අක්කලා අප දෙස බලා සිටිතැයි යන හැඟීම මා සිත නොසන්සුන් කළේය. නමුත් ඒ ආදරණීය පහසින් මිදීමේ ලෝභකමින් මා නොසෙල්වී උනිමි.

    “මගේ හිත ඔයාට පුදුම තරම් ආදරේ කරනව නංගි.. මටවත් හිතාගන්න බැරි තරම්.. වෙලාවකට මට පිස්සු වගේ..”

    ඔහුගේ පපුතුරේ හිස හොවා ඉකිබිඳ හැඬීමට මට ඇවැසි විය. නමුත් මා දරා උනිමි. මා සිතේ ආදරය දෝර ගලා යද්දී එය පවසා ගත නොහැකිව අසරණ උනෙමි.

    “ඉතිං මට ආදරෙයි කියල කියන්නෙ නැද්ද රත්තරං..?”

    මම තවමත් හිස පහත් කරගත් ගමන්ය. හිස ඔසවා බැලුවේ නම් ඔහු මසිතේ ඇති ආදරය දෙනෙතින් විනිවිද දකිනු ඇත.

    “ඔලුව උස්සලා මං දිහා එක පාරක් බලන්න නංගි... ප්ලීස්......”

    ඉතිං මා කීකරු වූයෙමි.

    “ඔය ඇස්වල තියෙන්නෙ ආදරය කියලා මං දන්නවා බබා.. ඒත් මං ඒක ඔයාගෙ කටින්ම අහන්න ආසයි..”

    එතරම් හපන්කමක් කිරීමට තරම් මගේ පුංචි සිත එඩිතර වූයේ නැත. ආදරය නිසා සිත අවසඟව යද්දී මා සඳුන්ගේ අත තදට අල්වා ගතිමි.

    “අපි දැන් යමුද..?”

    අප ළඟට පැමිණ සාගර අයියා විමසද්දී තිගැස්සුණු මා සඳුන්ගේ අත මුදා හැරියෙමි. අක්කා මදක් ඈත සිට තෙත් වූ දෙනෙතින් අප දෙස බලා උන්නේය. මා මෙන්ම ඈද හඬා ඇති සෙයකි. සිතේ වූ නුහුරු හැඟුම හා ලැජ්ජාව නිසා අක්කා දෙස කෙලින් බැලීමට මට නොහැකි විය. සාගර අයියාද සියල්ල වටහාගෙන වෙනසක් නොපනේවා උන්නේය.

    ඉතිං සුදු ඇඳුමින් සැරසී දිය නා සැදැහැ සිතින් පන්සල් පැමිණි මා ඉන් පිටවෙද්දී සඳුන්ගේ පෙම්වතිය වී ඒ අතැගිලි අතර වෙලී උන්නෙමි. ඒ විසල් උරහිසේ හිස හොවාගෙන නිවසට වන තෙක් පැමිණි මම වෑන් රිය වත්තේ නතර කළ සැනින් දොර හැර ඉන් බැස ගතිමි. අම්මා, අප්පච්චී අප එන පෙරමග බලා උන්හ. ඒ කිසිවෙක් දෙස කෙලින් නොබැලූ මා දිවගොස් නරත වූයේ කාමරයේ ඇඳ මතය.

    පහළ මාලයේ ඔවුන් කතා කරන හඬද වෑන් රිය පිටව යන හඬද ඇසී ටික වේලාවකින් අක්කා කාමරයට ඇතුල් විය. මම කොට්ටයේ මුහුණ සඟවා ගතිමි. මා ළඟින් ඉඳගත් ඈ මා හිස සෙමින් පිරිමැද්දාය. සිතේ සිරවී තිබූ හැඟුමන් සියල්ල ඉකිබිඳුමක්ව පිටවෙද්දී මම අක්කාට තුරුලු වූයෙමි.

    “අඬන්න එපා නංගි.. සඳුන් නරක ළමයෙක් නෙමෙයි..”

    මම පුදුම වූ නෙතින් ඈ දෙස බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරණිය මඳහසකි.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පාසලෙන් සමුගෙන මාස කිහිපයක් ගතවෙද්දි සඳුන්ගේ ආදරයට නතුව මා සැහැල්ලුවෙන් කල් ගෙව්වෙමි. විභාග ප්‍රතිඵල නිකුත් වූ බවට ආරංචියක් ලැබුනේ ඒ අතරේය.

    “නංගි ඔයාගෙ විභාග අංකෙ දීලා ඉන්ටර්නෙට් එකෙන් ප්‍රතිඵල බලමු..”

    ප්‍රවෘත්ති ඇසූ සැනින් මටත් වඩා ඉක්මන් වූයේ අක්කාය. නමුත් මා සන්සුන්ව පාසල් ඇඳුමින් සැරසුණෙමි.

    “මං ඉස්කෝලෙ ගිහින් බලන්නම්..”

    “මාත් එන්නං.. යමු..”

    ඈ දඩිබිඩියේ හැඳ පැළඳ ගත්තාය. අම්මාටත් අප්පච්චීටත් දණ ගසා වැඳ මම අක්කා සමඟ මිදුලට බැස්සෙමි.

    “ඔයා හොඳටම පාස් වෙලා කියල මම දන්නව සුදූ.. ඒත් ප්‍රතිඵල බලනකන් මට ඉවසුමක් නෑ..”

    මග දිගට කීප වතාවක්ම අක්කා එවදන් පැවසුවාය. මම කිසිත් නොකියා බාලිකාවේ විසල් පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූයෙමි. මා මිතුරියන් වූ නයෝමි, ගිම්හානි හා චතුරිකා පැමිණ මා වටකර ග්තතාය.

    “අපේ සුභපැතුම් තරූ.. අන්න ප්‍රින්සිපල් මැඩම් උඹට එන්න කිව්වා..”

    ඔවුන් සුභ පැතුවාට මා තවම ප්‍රතිඵල දැන උන්නේ නැත.

    “මං පාස් වෙලාද චතූ..?”

    චතුරිකාගේ දෑතින් අල්ලා මා අසද්දී ඔවුන් පුදුම වී මදෙස බැලීය.

    “පාස් වෙලාද..? ඇයි උඹ තාම රිසාල්ට් එක දන්නැද්ද..?”

    “නෑ..”

    “එහෙනං අපි කියන එක හරි නෑනෙ.. උඹම ගිහින් බලපං.. අන්න නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනව..”

    මම ඔවුන් අතෑර එදෙසට පියමන් කළෙමි. ප්‍රතිඵල බැලීමට පැමිණි බාලිකාවියන් බොහෝමයක් අතරින් මම විභාග අංකය සොයා ගතිමි. මධ්‍යම පළාතේ ප්‍රථමයා ලෙසත් ලංකාවෙන්ම පස්වෙනියා ලෙසත් මා උසස් පෙළ විභාගය සමත්ව ඇත. දෑසට කඳුළු නැගෙද්දී මම අක්කා ළඟට දිව ගියෙමි. ඒ වන විටත් මිතුරියන්ගෙන් මාගේ ප්‍රතිඵලය දැන උන් ඈ මා වැළඳ ගත්තාය. පාසල් මිතුරියන් බොහෝමයක් මා වටකර සුභ පැතුවාය.

    “ගිහින් මැඩම්ව හම්බවෙලා වරෙන් තරූ.. පස්සෙ කතාකරන්න බැරියෑ..”

    ඔවුන් මා පිරිසෙන් මුදවා කාර්යාලයට යැව්වාය. මා දුටු විදුහල්පතිතුමිය සිනා පිරි මුහුණින් නැගී සිටිද්දී මම ඇයට දණ බිම ගසා වැන්දෙමි.

    “බුදු සරණයි පුතේ.. නැගිටින්න.. ඔයා අපේ ඉස්කෝලෙ විතරක් නෙමෙයි, මුළු පළාතටම ආඩම්බරයක්..”

    ඈ මගේ අත මුදා නොහැරම පැවසුවාය. සිතේ සතුට වැඩිකමටම කතා කිරීමට වදන් මුවග නැගුණේ නැත.

    “ඉගෙනීමයි, ගුණයහපත්කමයි, ලස්සනයි එක් කෙනෙකුට පිහිටන්නෙ ඉතාම කළාතුරකින්.. ඒ අතින් ඔයා වාසනාවන්තයි..”

    කාර්‍යාලයේ දොර අසල උන් අක්කාවද ඇය ඇතුළට කැඳෙව්වාය. මීට වසර හයකට පෙර මේ විදුහල්පතිනිය යටතේම පාසලෙන් සමුගත් අක්කාද විදුහල්පතිතුමියට වැඳ පසෙකට විය.

    “ඔන්න නංගියා මුළු පළාතෙම වාර්ථාවක් තියල.. පේරාදෙණිය කැම්පස් එකටම බය නැතුව යන්න පුළුවන්..”

    මටත් වඩා සතුටින් එය අසා සිටි අක්කා මගේ අත තදින් මිරිකා ගත්තාය. මට වැඩිපුරම අවශ්‍යව තිබුණේ එතනින් මිදී නිවසට දුව ගොස් අම්මාටත්, අප්පච්චීටත් මේ ආරංචිය ලබා දීමටය. මෙය අසා සඳුන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද..? විදුහල්පතිතුමියගෙන් සමුගෙන පිටතට පැමිණි සැනින් මා අක්කාගේ අතින් ඇදගෙන පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණියෙමි. අක්කා වහා අත දමා ත්‍රීවිලයක් නතර කර ගත්තාය. අතරමගදී බැසගත් ඇය නැවත ත්‍රීවිලයට ගොඩවූයේ විශාල චොක්ලට් එකක් හා බිස්කට් පැකට් කීපයක් රැගෙනය.

    අප දෙදෙනා නිවසට යද්දී අම්මාත්, අප්පච්චීත් මිදුලේ බලා උන්හ. මම දෑසට නැගුණු කඳුළු තදකරගෙන ඔවුනට වැඳ වැටෙද්දී අක්කා මුදල් ගෙවා ත්‍රීවිලය පිට කර හැරියාය.

    “කොහොමද පුතේ ප්‍රතිඵල..? මගේ පුතා පාස් නේද..?”

    මා තුරුළට ගත් අප්පච්චී ආදරයෙන් අසද්දී මම ඔව් කියා හිස සැලුවෙමි.

    “නිකම්ම පාස් නෙමෙයි අප්පච්චී.. සුදූට ඒ හතරක්.. මධ්‍යම පළාතෙන්ම පළවෙනියා.. මුළු ලංකාවෙන්ම අපේ සුදූ පස්වෙනියා..”

    කිසිදා කිසිම ප්‍රශ්නයක් කරදරයක් හමුවේ කඳුළක් හෝ නොසලන අප්පච්චීගේ දෙනෙතින් කඳුළු වැල් වැටෙද්දී හඬමින් පැමිණි අම්මාද අනෙක් පසින් මා තුරුළු කර ගත්තාය.

    ඉතින් එදින සන්ධ්‍යාවේ අප නිවසේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කල අප්පච්චී වත්තේ වැඩකරන සියළු දෙනාටම ඒ සඳහා ආරාධනා කළේය. සඳුන්, සාගර අයියා හා රේණු අක්කාද අනාරාධිතවම ඊට සහභාගී වූයේ මට සුභපැතීමට පැමිණ සිටි නිසාවෙනි. සඳුන් හා සාගර අයියා අප තිදෙනා මිදුලේ පුටු තබා සතුටු සාමිචියේ යෙදී සිටියෙමු. ඒ සියළු දෙනාම ඊර්ෂ්‍යාවෙන් තොරව අවංකවම මා පිළිබඳව සතුටු වූ වග මම දනිමි. මා සඳුන් සමග සම්බන්ධ වීම ගැන රේණු අක්කා අපේ අක්කා තරමටම සතුටු විය.

    “සුදූ.. මෙහෙම කේක් කෑල්ලක් දීලා ෂේප් වෙන්න බෑ.. අපිට හොඳ පාටියක් ඕන..”

    රේණු අක්කා හැමෝගෙම මුහුණු බලා සිය ඉල්ලීම ප්‍රකාශයට පත්කලාය.

    “ඒක හරි වැඩක්නෙ.. මම මෙච්චර අමාරුවෙන් පාඩම් කරල පාස් උනාට ඔයාලා එපැයි මට පාටියක් දෙන්න..”

    “ඔන්න නංගි උමට හොඳම තෑග්ග දීල තියෙන්නෙ මං.. මගෙන් වෙන මුකුත් ඉල්ලන්නෙපා..”

    සාගර අයියා පවසද්දී අක්කා පුදුම වූ මුහුණින් කතාව මැදට පැන්නාය.

    “ඔයා මොකක්ද අපේ සුදූට දීපු ඔය තරම් වටින තෑග්ග..?”

    “ඇයි මං සුදූට මනාලයෙක් ගෙදරටම ගෙනත් දුන්නෙ.. ඒ මදිද..?”

    සඳුන් සිනාසුන දෙනෙතින් මදෙස බැලුවේය. එදා මෙන් අදත් මා ඒ සිනාව දෙස වශීකෘතව බලා උනිමි.

    මගේ ප්‍රතිඵල අගය කිරීම සඳහා පාසලෙන් විශේෂ උත්සවයක් සූදානම් කර මට පණිවුඩයක් එවා තිබිණි. නැවත වරක් පාසල් මිතුරියන් මුණ ගැසෙන සතුටට මම ඉතා කැමැත්තෙන් ඊට සූදානම් වුණෙමි. මා සමඟ පැමිණිමට බලෙන්ම සූදානම් වූ අක්කාවත් නිවසේ දමා මා තනියම පැමිණියේ ආදරණිය විදුහල් බිමේ හෝරා කිහිපයක් නිදහසේ ගත කිරීමට අවැසි වූ හන්දාමය.

    කැරලි ගැසුණු කෙටි කොණ්ඩ කරල් දෙක පද්දමින් පාසල් බෑගයක් කරලාගෙන ගුරු පාර දිගේ දිව ගිය මා මහ පාරට ගොඩවෙද්දී උස් ට්‍රේල් බයිසිකලය මත හිඳ සඳුන් මග බලා උන්නේය. අවේලාවේ මුණ ගැසුණු පුදුමයත් සතුටත් මිශ්‍ර වූ හැඟුමින් මා කැළඹී ගියේය. මම උන් තැනම නතරව බලා හිඳිද්දී සඳුන් බයිසිකලයෙන් බැස ආවේය.

    “මොකද මේ හොල්මනක් දැකල වගේ බයවෙලා..?”

    “ඔයා කවුරු එනකල්ද මෙතන ඉන්නෙ..?”

    මම ඒ මුහුණට එබී ඇසුවෙමි. ඔහු සොඳුරු සිනාවක් පා මා අත අල්ලා ගත්තාය.

    “වෙන කවුරු එනකල්ද ඉතිං.. මගේ කහ කිරිල්ලි එනකං මිසක්..”

    “මම දැන් මෙතනට එනව කියල අයියා කොහොමද දන්නෙ..?”

    පාසලෙන් එන්න කී වග ඔහුට මා නොකියා උන් නිසා මේ පැමිණිම සැබෑවටම පුදුමයකි.

    “ඔයා ඉතිං මට මුකුත් කියන්නෑනෙ.. මට අමා අක්කා කෝල් කරල කිව්ව ඔයා තනියම ඉස්කෝලෙ යන්න හදනව, ගිහින් ඇරලවන්න කියල.. ඒකයි මං ආවෙ..”

    මගේ ආදරණිය අක්කා පිළිබඳව අළුත්ම ලෙංගතුකමක් සිතේ කොණක ඉපදෙද්දී සඳුන් ට්‍රේල් බයිසිකලය පණ ගන්වා මා ළඟට රැගෙන ආවේය.

    “ආ.. මේ හෙල්මට් එක දාගන්න.. මං ඉස්කෝලෙ ළඟින් බස්සන්නං..”

    කළු පැහැ හෙල්මට් එක අතට දී ඔහු කීවද කිසිදා කොල්ලෙක් සමග මෙසේ ගමන් කර නොමැති මා සිත ඊට එඩිතර වූයේ නැත. අනික මේ යන්නේ බාලිකාවටය. ඉතිං ඔහු සමග ගොස් එතනින් බසින්නට තරම් මට දිරියක් නොවුණි.

    “ඇයි මං එක්ක යන්න බයද..? ඔයාගෙ තාත්තා තරමටම මාව විශ්වාස කරන්න නංගි.. මගෙන් කවදාවත් ඔයාට වැරැද්දක් වෙන්නැ..”

    එසේ කී ඔහුම හෙල්මටය මට පැළඳුවේය. මම නිහඬවම බයිසිකලයේ අසුන්ගෙන බෑගය තුරුල් කරගතිමි.

    “ඕක අල්ලගෙන හරියන්නෑ ළමයො.. වැටෙන්නෙ නැතුව යන්න ඕනෙනං මාව අල්ලගන්න..”

    ඔහු සිනාසී කියද්දී බයිසිකල් ගමනට ආධුනිකයෙක් වූ මා ඒ උරහිස තද කොට අල්වා ගිතිමි. බාලිකාවේ පිවිසුම් දොරට මදක් ඔබ්බෙන් බයිසිකලයෙන් බැස ගත් මා සඳුන්ට යන්න කීවෙමි.

    “කමක් නෑ.. මං ඔයා එනකල් මෙතන ඉන්නං..”

    “අනේ අයියා.. මං පරක්කු වෙයි.. වෙලාවක් කියන්න බෑ.. ඒ නිසා ඔයා යන්න.. ප්ලීස්.....”

    “හරි.. හරි.. ඔයා ඇතුළට ගියාම මං යන්නං..”

    සඳුන්ගෙන් මට ලැබුණු ආදරය වෙලාවකට දරා ගැනීමට අසීරු තරම් විය. ඔහු ඒ තරමටම මට ආදරය කළේය. මා පිළිබඳ සොයා බැලුවේය. ගේට්ටුව ළඟටම ගොස් ආපසු හැරී බලද්දීත් සඳුන් හිස ඇලකර ගෙන ඇස පිය නොහෙලා බලා උන්නේය.

    “පුහ්...... පිස්සු හැදෙනව තරූ.. කවුද බං ඒ ෆිල්ම් ස්ටාර්..?”

    මගේ අතක වෙළුනු නයෝමි දෑස් නටවා ඇසුවේ සඳුන් ගැනය.

    “මොන..?”

    “ඇයි බං.. දැන් උඹට දඬු මොණර යන්තරෙන් ගෙනත් ඇරලුවෙ.. අන්න ඌ..”

    ඈ එය ඇසූ තාලයට මට සිනා නැගුණි. ඉස්සර දවස් වලද පිරිමි පුළුටත් නෝ නොවූ බාලිකාවට පැමිණෙන ලියුම් කාරයා දෙසද ඕනෑකමින් බැලීමට කෙල්ලන් පුරුදුව සිටියහ. තවම ඒ පුරුදු මැකී නැතුවා සේය.

    “ඒ සඳුන් අයියා..”

    මම වැඩි ගණන් නොගෙන ඕනවට එපාවට කීවෙමි.

    “ම්...... සඳුන් සුවඳක් නම් ආවා තමයි..”

    ඈ මගේ අතේ එල්ලී කියවමින් ක්‍රීඩා පිටිය දෙසට ගියාය. පාසල වටේම සරසමින් ජාතික කොඩිය හා පාසල් කොඩිය සූදානම් කර විශාල උත්සවයකට ඔවුන් සැරසී උන්හ. සැමදා ප්‍රධාන රැස්වීම පවත්වන කොන්ක්‍රීට් වේදිකාවේ පිටුපස දැවැන්ත බැනරයක මගේ ඡායාරූපයක් සමග විභාග ප්‍රතිඵල සඳහන් කර විද්‍යාලීය සුභපැතුම් පිරිනමා තිබිනි. සිතට දැනුණු සතුට මෙතෙකයි කිව නොහැක.

    “කොහෙන්ද නයෝමි අර ෆොටෝ එක..?”

    “ගිය පාර ඇනුවල් ට්‍රිප් එකේදි ගත්තු ෆොටෝ එකක් අමාරා මිස් ගාව තිබිලා.. ඒක තමා ඔය..”

    “මම දන්නෙත් නෑ...”

    “ඇයි උඹ මේන් ගේට් එක ළඟ දාලා තිබුණ බැනර් එක දැක්කෙ නැද්ද..?”

    “එතනත් තිබුණද..? මං දැක්කෙ නෑ..”

    “ඔව් ඉතිං.. දැහැනකට සම වැදිල වගේනෙ ආවෙ.. මෙලෝ සිහියක් තිබුණයැ..”

    අපේ කතාවට බාධා කරමින් ප්‍රාථමිකයේ පුංචි නංගිලා පිරිසක් පැමිණ මා වටකර ගත්හ. එදා ගුරුවරුන් මග හැර වේලාසන ගෙදර දුව ගිය බැවින් අද මට සියළුම ගුරුවරුන් සමඟ කතාබහ කරන්නට සිදුවිය. ප්‍රධාන රැස්වීම මා අරමුනු කරගෙනම සූදානම් කළ එකක් බව පැවසූ විදුහල්පතිතුමිය ඉතා වටිනා සමරු තිළිණයක් හා මුදල් සහිත ලියුම් කවරයක් මා අත තැබීය. වේදිකාවට පැමිණි ශීෂ්‍ය නායිකාවන් බාලිකාවේ සිසුවියන් ස්ව කැමැත්තෙන් ඉඳිරිපත් වී බලබා දුන් බව පවසමින් තෑගි බෝග රාශියක් තිළිණ කළාය. මගේ පන්තියේ උන් යෙහෙළියන්ද මල් පොකුරු හා පොත් පත් ආදිය දී මට සුභ පැතූහ.

    අවසානයේ අනෙක් සිසුවියන්ට ස්තුති කිරීමට මා ඔවුන් දිරිමත් කිරීමට වචන ස්වල්පයක් කතා කරන්නට සිදුවිය.

    කැපවීමෙන් පාඩම් කළා මිස පළාතේ පළවෙනියා වීමටවත් විදුහලෙන් මෙතරම් අගය කිරීමක් ලැබීමටවත් මට අවැසි වූයේ නැත. නමුත් කුමක්දෝ පෙර පිනකට ඒ සියල්ල නිතරඟයෙන්ම මා කරා පැමිණියේය.

    පැය දෙක තුනක අවෑමෙන් තෑගි බෝග කර පින්නාගත් යෙහෙලියන් පෙරටු කොට ගෙන පාසල් බිමෙන් එළියට අඩිය තබද්දී සඳුන් මා බැස්සූ තැනම බයිසිකලය මත හිඳ අප එන මඟ බලා උන්නේය. ඔහුව හඳුනාගත් නයෝමිගේ මුවින් විසිල් හඩක් පිටවිය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    “අන්න උඹේ සඳුන් එතනම මුල් ඇඳලද කොහෙද එතනම පැලවෙලා.. ගිහින් බලපං..”

    මල් පොකුරු කිහිපයක් දෝතට තුරුලු කරගෙන මම ඔහු උන් ඉසව්වට ගියෙමි. ඒ නෙතු මත වූයේ මහා ආඩම්බරකාර අමුතු පෙනුමකි.

    “අයිය ගිහින් දැන්ද ආවෙ..?”

    “මම ගියේ නෑ බබා.. මේ තරම් වටින වස්තුවක් දාලා යන්න පුළුවන්ද..?”

    “ඇයි එහෙම කියන්නෙ..?”

    “අර බැනර් එක දැක්කම දාලා යන්න බය හිතුනා..”

    පාසල් ගේට්ටුවට ඔබ්බෙන් වූ මගේ රුව සහිත බැනරය හිසින් පෙන්වා ඔහු කීවේය.

    “ඔයාට ගමකට තෑගි හම්බවෙලානේ.. මගේ දුප්පත් බයිසිකලේට නං ඕවට ඉඩ මදි.. මං ලොරියක් හයර් කරන්නද..?”

    ඔහු දඟකාර විලාසයෙන් කියද්දී මිතුරියන් පිරිස අප ළඟට පැමිණ බලා උන්හ.

    “ඔයා යාලුවො ටික එක්ක ත්‍රී විල් එකක යන්න නංගි.. මං බයික් එකේ පිටිපස්සෙන් එන්නං..”

    “නෑ තරූ උඹ අයියත් එක්ක බයිසිකලේ පලයං.. අපි මේ ටික දාගෙන ත්‍රීවිල් එකේ එන්නං..”

    අවසානයේ ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ මතයයි. ඉගෙනීම අවසන් කරන තෙක් පෙම්වතියක් නොවෙමියි මිතුරියන්ට සපථ කර උන් මා විභාගය අවසන්ව ප්‍රතිඵල එන විටම සඳුන්ගේ පෙම්වතිය වී ඔවුන් අභියසට පැමිණ උනිමි. ඒත් කිසිවෙකු ඒ පිළිබඳව විශේෂයෙන් ඇසුවේවත් මා සඳුන් ගැන ඔවුනට කීවේවත් නැත.

    මිතුරියන් පිරිස මගදී බැසගත් පසු මම තනිවම ත්‍රීවිලයට නැග නිවසට ගියෙමි. අම්මාත් අක්කාත් පැමිණ තෑගි බෝග පිටතට ගැනීමට මට උදව් විය. ඒ අතරතුර මා වරින් වර ගුරු පාර දෙස බැලුවේ සඳුන් නිවසට පැමිණේවිදැයි දැන ගැනීමටය.

    “අද සුදූගෙ නැන්දම්මල ඇවිත් ගියා..”

    අම්මා එහා මෙහා වෙන තෙක් බලා සිටි අක්කා මගේ කණට කර කීවේය. තෑගි බෝග කෙරෙහි වූ උනන්දුව හීන වී ඒ ආරංචිය සවිස්තරව දැන ගැනීමේ ආශාවකින් මසිත නොසන්සුන් විය.

    තෑගි බෝග, මල් පොකුරු, ලියුම් කවර, සියල්ල මේසය මත තිබියදී මම පඩිපෙළ නැගීමට හැරුනි.

    “පුතේ ඔයාට මහන්සි නැත්තං ඩිංගකට එන්නකො..”

    අප්පච්චීගේ දයාබර හඬට මාගේ දෙපා නතර විය. මම හෙමින් සීරුවේ ගොස් ඔහු ළඟ වූ පුංචි පුටුවේ ඇන්ද අල්ලා ගතිමි.

    “මගේ පුතාට ඉස්කෝලෙන් ගොඩක් තෑගි හම්බවෙලා නේද..? ඉතිං පුතාට මගෙන් මොනවද ඕනි..?”

    ඇඟට ලේ පොදක් උනා ආවේ දැන්ය. මා සිතා උන්නේ අප්පච්චී සඳුන් ගැන අසන්නට යනවා කියාය. ඉතින් පාසලේ වූ සිදුවීම් සියල්ල මම ඔහුට නොවලහා කීවෙමි. එසේ වුවද මා පාසලට ගියේ සඳුන් සමඟ බව නොකියන්නට මම ප්‍රවේශම් විය. නමුත් ඒ බව දැන උන් අක්කා හොර බැල්මක් හෙලා මදෙස බැලීය.

    “පුතා දන්නවද අද උදේ සාගර පුතාගෙ නැන්දයි, මාමයි මෙහෙ ආවා.. අර සඳුන් ළමයගෙ දෙමාපියො..”

    වටෙන් ගොඩෙන් පැමිණි අප්පච්චී කතා කළ යුතු නියම මාතෘකාවට පිවිසියේ දැන්ය. මම අසරණ විලාසයෙන් අම්මාත් අක්කාත් දෙස බැලිමි.

    “ආපු කාරණේ සමහර විට මගේ පුතා දන්නවත් ඇති. ඒ උදවිය පුතාට යෝජනාවක් ගෙනාවා. සඳුන් පුතා ගැන..”

    සඳුන් උදෑසන මා හමුවුවද නිකමටවත් ඒ පිළිබඳව පැවසුවේ නැත. මසිතට සියුම් අමනාපයක් නැගුණි.

    “සුදූ ඒ යෝජනාවට කැමතිද..?”

    අම්මා මගේ අතකිනුත් අල්ලා අසද්දී පිළිතුරු දිව අග තබාගෙන මම ලත වුනෙමි. අක්කාට මංගල යෝජනාව ගෙනාවේද මෙම වසරේමය. ඉතිං ඇයට වඩා වසර හයකින් බාල මමද සඳුන්ට කැමති බව හා දැනටමත් ඔහුට ආදරේ කරන බව කෙසේ නම් කියන්නද..?

    “අම්මල මොනවද ඉතිං කිව්වෙ..?”

    මම අදහස් ප්‍රකාශ කිරීම මගහැර කිසිත් නොදන්නා විලසින් ඇසුවෙමි.

    “අපි කවදාවත් පුතාලට සම්බන්ධකම් පවත්වන්න එපා කියලවත් අපි කියන දේට කැමති වෙන්න කියලවත් නෑනෙ.. ඉතිං අපි කිව්වා ළමයි දෙන්නට දෙන්නා කැමති නං අපේ අකමැත්තක් නෑ කියල..”

    “ඒ දරුව කොහොමටත් හරි තැන්පත් පාටයි හාමිනේ.. දැක්ක දවසෙම මගේ හිතට ඇල්ලුවා..”

    අප්පච්චීගේ ගැඹුරු හඬ මා සිත අප්‍රමාණ සතුටක් එක් කලේය. දුටුව පළමු දිනම ඔහු ඒ නිල් නුවන් යුග තුල මාව සිරකර තබා ගත් අයුරු මටද අමතක නැත.

    “පුතා කැමතිනං ටික කාලයක් ආශ්‍රය කරල බලන්න.. ඔයාට අක්ක වගේ ඉක්මනට බඳින්න ඕනෙ නෑනෙ.. තාම දහ නවයයිනෙ..”

    අතීතයේ උන් දඟකාර තරුෂි මා ගත තුළ සිටි නැවත පණ ලබා ඇති සෙයක් දැනුණි. කෑ ගසා නටන්නට, ගේ වටා රවුමක් දුවන්නට ඇති වූ ආශාව මා මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. මගේ දෙනෙතේ නලියන සතුටු සේයාව දැක අක්කා මටත් වඩා සතුටට පත්ව උන්නාය.

    පළාතේ පළමුවෙනියා වීම දෙවෙනි තැනට වැටී රටක් රාජ්‍යයක් ලැබුණා වැනි සතුටකින් මම උද්දාමයට පත් වූයෙමි. වෙන යුවතියන්ට මුහුණ පෑමට සිදුවන බාහිර කරදර දෙමව්පිය අකමැතිකම් කිසිවක්ම නොමැතිව ජීවිතය දෙපා මුලටම පැමිණ තිබිණි.

    ඉතින් සවස් වරුවේ මා කවදාවත් නැතුව තනිවම රේණු අක්කලගේ නිවස දෙසට පිය මැන්නෙමි. මා සඳුන්ට ළංකරවීමට වඩාත් උත්සහ කලේ ඇයයි. සියළු කටයුතු සාර්ථක වූ කල ඇයට දැනුම් දීම යුතුකමක් වශයෙන් මම සැලකුවෙමි.

    “සුදූ අහල තියෙනවද ජීවිතේ ගළන ගඟක් වගේ කියනව.. කරදර බාධක හැමදේම පහුකරන් ගලාගෙන යද්දිලු ගඟ තවත් සුන්දර වෙන්නෙ.. ඒත් මට හිතෙන්නෙ සුදූගෙ ජීවිතේ නිශ්චල විලක් වගේ කියල. සුදූ උපන් දා ඉඳලා අප්පච්චී දියුණු උනාලු.. ඔයාට හොඳට ඉගෙනීම පිහිටල තියෙනවා.. ලස්සන රූපයක් උරුම වෙලා තියෙනව.. කිසිම වදයක් නැතුව ලස්සන කොල්ලෙක් දෙයියො ගෙදරටම ගෙනත් දීලා තියෙනව..”

    “ඉතිං රේණු අක්කා කියන්නෙ මගේ ජීවිතේට කරදර නැති නිසා ඒක සුන්දර නෑ කියලද..?”

    “නෑ සුදූ.. ඒකයි මං කිව්වෙ ඔයාගෙ ජීවිතේ විලක් වගේ කියල.. ගල්පර ගිරි දුර්ග පහු කරන් නොගියට විලක් කොයිතරම් සුන්දරද..? කොච්චර ලස්සන මල් පිපෙනවද..? ඒ අතින් ඔයා හරිම වාසනාවන්තියක්..”

    “අනේ අපේ සුදු මැණිකෙලට හීනෙකින්වත් දුකක් කරදරයක් වෙන්න නරකයි..”

    නිවස තුළ හිඳ අපේ කතාවට කන් දුන් රේණු අක්කාගේ අම්මා එළියට ආවේ එසේ කියාගෙනමය..

    “සුදු මැණිකෙලට තියන වාසනාව අපේ එවුන්ට නෑ.. බලන්නකො.. අවුරුදු විසිහයක් වෙලා තාම ගෙදරට නාකි වෙනව..”

    “ඉතිං නැන්දෙ මේ අක්කත් අපේ අක්කගෙ වයසෙමනේ..”

    “ඒ මංගල්ලෙ දැන් තීන්දු වෙලා අහවරයිනේ දරුවො.. කෝ මෙයා කිසි දේකට කැමති වෙන්නෑනෙ..”

    අම්මා සමග තනිව වසන රේණු අක්කාට ආර්ථික අගහිඟකම් බොහෝ ඇති බව මමද දනිමි. නමුත් ඒ කිසිවක් මහා බරක් ලෙස නොතකා ඈ සැහැල්ලුවෙන් දිවි ගෙවයි. බොහෝ වේලාවක් ඔවුන් සමඟ කතාබහ කොට මා නිවසට පැමිණියේ සැදෑ අඳුරත් රැගෙනමය.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    හාත්පස අඳුරු කරගෙන අකුණු පුපුරා මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. සීතල හිරිකඩ නොතකා බැල්කනියේ පුටුවක් තබාගත් මම වැහි බීරිමට අඬක් මැකී ගිය කඳු යාය දෙස බලා උන්නෙමි. පැහැදිලිව වටහා ගත නොහැකි කුමක්දෝ සොඳුරු රිදුමක් මා හදවත වෙලා ගන්නට විය. හේතුවක් නැතිවම මට සඳුන්ව සිහියට නැගුණි. මේ අනෝරා වැස්සේ ඔහු කුමක් කරනවා ඇත්ද..?

    “සුදූ.. ඔතන තෙමෙනව.. එන්න ගෙට..”

    කාමරයේ ජනේලයෙන් හිස දැමූ අක්කා මොහොතක් බලා හිඳ කීවේය.

    “තව ටිකකින් එන්නං..”

    මගේ මුරණ්ඩුකම් දන්නා ඈ දිගු සුසුමක් හෙලුවා පමණි. ඉතින් මා කෙටි බැම්මට තව තවත් බර දී තෙතබරිත වටපිටාවට නෙත් යොමන්නට වූයෙමි. ඇද උන් ඇඳුම හිරිකඩට තෙමී ගියේ මා නොදැනුවත්වමය. උණුසුම් කෝපි කෝප්පයක් බොන්නට ඇත්නම් මේ ගත සිත හිරිවට්ටන සීතල ගතිය මැකී යනු ඇත. තවත් විනාඩි දහයක පමණ කාලයක් එතන ගත කල මා කුස්සියට යාමට පඩිපෙල බැස ආවෙමි.

    “ඒක අහපු වෙලාවෙ ඉඳලා මං ඉන්නෙ හිතේ ගින්දරෙන් පුතේ..”

    අම්මගේ වදන් ඇසී දෙපා උන් තැනම නතර විය. ඔවුන් තිදෙනා කුමක්දෝ බරපතල දෙයක් පිළිබඳව කතා කරමින් සිටී.

    “ඕවා ඔය හැටි හිතට ගන්න කාරි නෑ හාමිනේ.. අපි දරුවව පරිස්සමින් බලාගත්තම අහවරයිනේ..”

    අප්පච්චී කියූ දරුවා අක්කාද මමද යන්න නොදැන මගේ සිතේ වූ කුතුහලය තව තවත් වැඩි වන්නට විය. ඒ පිළිබඳව තව දුරටත් දැනගැනීමේ ආශාව නිසා මා පඩිපෙළේ එතනම ඉඳගතිමි.

    “මහත්තයම නේද දවසක් කිව්වෙ වෙද හාමුදුරුවො කිව්ව දෙයක් වැරදුනේ නෑ කියල.. ඒකමයි මට තියෙන බය.. අනේ මලක් වගේ ඉන්න දරුවනේ ඉතිං.. නපුරක් උනොත් හෙම කාට කියන්නද..?”

    අම්මගේ කටහඬ හැඬුම්බර වී තිබිණි. ඈ වෙද හාමුදුරුවන් ලබා අක්කාගේ හෝ මගේ වෙලාව බලවා ඇති බව පැහැදිලිය. ඉතින් නපුරක් වෙනවා නම් අප දෙදෙනාගෙන් අයෙකුටය. මෑතකදීත් අක්කගේ හඳහන් බලවා ආ නිසා අම්මා මේ බලා ඇත්තේ මගේ හඳහනද..? එසේනම් කරදරයකට මුහුණ පෑමට නියමිත මමද..?

    “ඔය කියන විදියට දෙයක් වෙනව නම් වෙන්න තියෙන්නෙ තව අවුරුද්දක් වගේ ඇතුලතනේ.. ඉතිං ඒ ටිකේ සුදූව ටිකක් වැඩිපුර බලාගන්න හාමිනේලට බැරියෑ..”

    “ඔව් අප්පච්චී.. මං සුදූ ළඟින්ම ඉන්නං.. එයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ..”

    “ඒක හොඳයි පුතේ.. සුදූගේ හිනාව නැතිවෙලා ගිය දවසට මේ ගෙදරම පාළු වෙයි.. අනේ මගේ අහිංසකී.....”

    “හා.. හා.. හාමිනේ.. අඬලා දොඬලා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙපා.. මොන දේ උනත් ඔය කතා ඒ ළමයගෙ කණට යවනව එහෙම නෙමෙයි..”

    අම්මාගේ ඉකි බිඳුමත් සමග කතාව එලෙස නැවතී ගියේය. ඉතින් තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. කරදරයක් එන්නේ මා කරා බව දැන් සහතිකය. අප්පච්චී කියූ ලෙසම වෙද හාමුදුරුවන්ගේ අනාවැකි කිසිදා බොරු වූයේ නැත. මා විශීෂ්ට ලෙස උසස් පෙළ සමත් වන බවද පළමුව පැවසුවේ උන්වහන්සේය. ඒ මීට වසර ගණනාවකට පෙරය.

    පෙර දින රේණු අක්කා කී උපමාවක් මගේ සිහියට නැගුණි. ඈ පැවසුවේ මගේ දිවිය නිසල විලක් වගේ බවය. ඉතින් දැන් ඇය ගිරිදුර්ග කටු පඳුරු අතරින් ඇඳෙන ගංගාවක් බවට පරිවර්ථනය වීමට කාලය එළඹ ඇත. දෙපා අවසඟව යද්දී පඬිපෙළේ අත්වැට තදින් අල්ලා ගත් මම බරපතල උණ රෝගියෙකු වාගේ නොන්තුවාවෙන් කාමරයට රිංගා ගතිමි.

    නිදා ගැනීමේ තදබල අවශ්‍යතාවක් දැනුනද අම්මාගේ වදන් සවන්පත් තුළ නින්නාද දෙන්නට විය. කරදරයක් කුමක් වුවද එය සඳුන් සම්බන්ධ දෙයක් නොවේවායි මම දෙවියන් යැද්දෙමි. ඔහු අහිමි වී ගියෝතින් ජීවිතය යලි ගොඩනංවා ගැනීම පහසු නොවේ.

    “සුදූ අන්න සඳුන්ගෙන් කෝල් එකක්..”

    ඔහු ගැන සිහි කරද්දීම කාමරයට පැමිණි අක්කා කීවාය. සිත දුක්බරව පවතින මේ මොහොතේ සඳුන්ගෙන් ලැබෙන වදනක් වුවද හදවත සුවපත් කරයි. ඉතින් මා අඩියට දෙකට පඩිපෙළ බැස පහළට ගියෙමි. සාලයේ කිසිවෙකු නොවූ නිසා මම දුරකථනය ඔඩොක්කුවට ගෙන සෙටියට බර විමි.

    “හෙලෝ... මගේ සුදු නංගියා මොකද කරන්නෙ..?”

    “මුකුත් නෑ අයියා, ඇඳට වෙලා හිටිය... ඉතිං..?”

    “ඉතිං මේ සීතල වැස්සෙ මට ඔයාව මතක් උනා..”

    මම මෙතෙක් වේලා සිහි කරමින් උන්නේ ඔහු ගැනම නොවේද..? අපේ ආදරය කොතරම් ප්‍රබලදැයි මම මොහොතකට සිතුවෙමි.

    “ඔයාට සනීප නැද්ද නංගි, කටහඬ ටිකක් වෙනස්වෙලා වගේ මට දැනෙනවා..”

    අසනීපය ඇත්තේ ගතේ නොව සිතේ යැයි කීමට මට සිතුනි. එහෙත් ඒ අහිංසක සිතටත් බරක් දෙන්නේ කුමටද..? එබැවින් මම කතාව වෙනතක හැරවිමි.

    “අයියා වෙඩින් එකත් ළඟටම ඇවිත් නේද..? ඉතින් දෙවෙනි මනාලයා ලෑස්තිද..?”

    “දෙවනි මනමාලි රෙඩිනං.. දෙවනි මනමාලයා එවරෙඩි..”

    සංවේදී හඬ යටපත්ව දඟකාර සැහැල්ලු හඬකින් ඔහු කීවේය. නමුත් මා සිතට අවැසි වූයේ දෙවනි මනමාලි වීමට නොව ඔහුගේ සැබෑ මනාලිය වී ඒ සෙවනේ රැඳෙන්නටය.

    “ඔයා හිතන්නෙ මොනවද කියල මට තේරෙනව බබා.. ඉන්නකො ඉන්නකො.. තව ටික දවසනේ.. සාගර අයියගෙ වෙඩින් එක ඉවර වුන ගමන්ම මං ඔයාවත් ඉක්මනට මගේ ළඟට ගන්නව..”

    “මෙච්චර ඉක්මනට..?”

    “ඇයි නරකද..? මට නං බැහැ අවුරුදු විසි හයක්, විසි හතක් වෙනකල් බලන් ඉන්න.. මේ ටික ඉන්නෙත් පුදුම අමාරුවකින්..”

    “අපෝ.. ඔයා මං හිතපු තරම්ම අහිංසක නෑනෙ..”

    “එහෙම කියන්න එපා සුදූ.. මං විහිළුවක් කරත් ඔයාට විතරනේ.. මගේ මේ හිතේ අහලකටවත් එන්න වෙන කෙනෙක්ට කීයකටවත් බෑ..”

    ඉතින් ඒ වග මා නොදන්නවා නොවේ.. මේ පුංචි වයසට සඳුන්ගේ හිතේ හටගෙන ඇති ආදරය පෙර ආත්ම භවයක සිට පැවත එන්නක් බව සිත හඬගා කියයි. ඒ තරම්ම පිවිතුරු ආදරයක් ඔහුගෙන් මට නිරන්තරව ලැබුනි.

    සඳුන්ගේ ඇමතුමෙන් පසුව සිත යම්තාක් දුරකට සන්සුන් කරවා ගැනීමට මට හැකි විය. ඒ අවසානයේ මම අක්කා සොයා ගියෙමි. ඈ අඬ අඳුරේ මිදුලේ වූ සිමෙන්ති බංකුව මත ඉඳ උන්නාය. වෙනසක් දැනුණ මා සෙමින් අඩි තබා ගොස් ඒ මුහුණට එබී බැලුවෙමි. කලබල වූ ඈ වහා ඇස් කෙවෙනි පිසදා ගත්තාය. නමුත් ඒ කඳුලු සැඟවීමට ඇයට හැකි වූයේ නැත.

    “ඇයි අක්ක මේ..?”

    ඈ ඔය හඬන්නේ අම්මා දහවල් කී කාරණාවට වග මම දනිමි. ඒ සහෝදර ප්‍රේමය පිළිබඳව අමුතුවෙන් පහදා දිය යුතු නොවේ.

    “මට කියන්න බැරි දෙයක්ද..?”

    “නෑ සුදූ.. එහෙම දෙයක් නෑ.. ඔයාට කියන්න බැරි දේවල් මං ළඟ නෑනෙ.. නිකං මට දුක හිතුනා..”

    මා තුරුළු කරගත් ඇගේ ඉකිබිඳුම වේගවත් විය. මම ඇගේ ඉන වටා දෑත් යවා නිහඬව උන්නෙමි.

    “මං බැන්දම රත්තොට ගෙදර පදිංචි වෙන්න කියල අප්පච්චි කිව්වා.. සුදුත් මං ගාවට එනව නේද..?”

    “එතකොට ඔයාට නිදහසක් නෑනෙ අක්කා.. අනික සාගර අයියා කැමති වෙයිද දන්නෙත් නෑනෙ..”

    “එයා අකමැති වෙන්නෑ.. ඒ ගෙදරත් හොඳට ඉඩ තියෙනවනේ.. ඔයා ටික කාලයක් හරි මං ළඟ ඉන්න ඕනි..”

    ඇය මාව පරිස්සමින් බලාගන්නා බව අප්පච්චී පැවසුවා මතකය. මා ළඟ තබාගෙන ඈ මේ රකින්නට යන්නේ ඒ පොරොන්දුවයි.. ඒ කතාබහ මා අසා උන් බව නොකියූ බැවින් කිසිත් නොදන්නියක සේ හැසිරීමට මට සිදුවිය.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    කාලය ගෙවී ගියා නොව ඉගිලුනා සේය. අක්කාගේ මංගල්ලය අත ළඟටම පැමිණ තිබිණි. එහි වැඩ කටයුතු කතා බහ කිරීමට යැයි පවසමින් සාගර අයියා හා සඳුන් වැඩි වශයෙන් කාලය ගත කලේ අප නිවසේය. නමුදු අපට සිදු කිරීමට තරම් ඒ හැටි රාජකාරියක් තිබුණේ නැත. වත්තේ මිනිසුන් එක්ව වටපිටාව කළ එළි කිරීම නිවසේ තීන්ත ගෑම වැනි ප්‍රධාන වැඩ කටයුතු වියදමකින් තොරවම කර දුන්නේය.

    අක්කාට වැඩි වශයෙන් කිරීමට සිදු වූයේ ඇගේ ඇඳුම් පැළඳුම් බඩු බාහිරාදිය අස්පස් කිරීමයි. ඊට අමතරව අපගේ කැමැත්ත නොමැතිව වුවද රූපලාවන්‍යය සත්කාරයක් සඳහා යොමු වීමටද අක්කාටත් මටත් සිදුවිය. මේ සියල්ල දෙස බලමින් රේණු අක්කා විහිළු තහළු කර අපව හිනැස්සුවාය.

    “මේ අමා.. උඹ යන දීපංකරේක පලයං.. ඒත් මේ කෙල්ලව ගෙනියන්නෙපා..”

    “ඇයි ඒ..?”

    “ඇයි බං උමත් ගියාම මට කතා කරන්නවත් එකෙක් මේ පළාතෙ ඉන්නෙපැයි..”

    “තව මාසෙකින් විතර මං සුදූව එහෙට ගන්නවා..”

    “එතකොට අම්මල මෙහේ තනියමනේ..”

    “ඉතිං අපිත් යන්නෙ රත්තොටට, මාතලේ ඉඳලා ඒ හැටි දුරක් යෑ..”

    “හරි හරි.. උම කට වහගෙන හිටපං.. සුදූ ඔයා කැමතිද නංගි එහේ නතර වෙන්න යන්න..?”

    අවසානයේ බැරිම තැන රේණු අක්කා ප්‍රශ්නය මා කරා එව්වාය. අක්කාට කොතරම් ආදරේ වුවත් උපන් දා සිට හැදුණු වැඩුණු නිවසෙන් පිටත ගත කිරීම මා සිතේ එතරම් කැමැත්තක් නොවිනි. අනික අක්කාටත් සාගර අයියාටත් ලැබිය යුතු නිදහස වුවද එමගින් අවහිර වේ. අම්මාත් අප්පච්චීත් දමා ගොස් රත්තොට නතර ව්නනට මසිතේ උනන්දුවක් නොවූ තරම්ය. ඒත් අක්කා මා ළඟට ගන්නට තනන්නේ මා ගැන ඇති ආදරය නිසාය. එයට පිටුපෑ නොහැකිව මම දෙලොවක් අතර තනි වී උන්නෙමි.

    “මං මේක විහිළුවකටවත් තරහකටවත් කියන දෙයක් නෙමෙයි අමා.. උඹට ටිකක් හිතල බලපං ගෙදර හිටපු ළමයි දෙන්නම එක සැරේ පිටවෙලා ගියාම උඹලගෙ අම්මගෙ අප්පච්චිගෙ මානසික තත්වෙ මොකක් වෙයිද කියලා.. අනික මං හිතන්නෑ මාමට සුදූ නැතුව ඉන්න පුළුවන් වෙයි කියල..”

    දෙදෙනාගේ කටවල් දෙස බලා ඉන්නවා හැරෙන්නට යමක් කීමට තරම් ධෛර්‍යයක් මවෙත නොවීය. නමුත් රේනු අක්කාගේ පැහැදිලි කිරීම හමුවේ අක්කා තැතිගත් ඇසකින් මදෙස බැලීය.

    “තරහ ගන්න එපා බං.. පුංචි කාලෙ ඉඳලා උඹලා එක්කම හිටපු නිසා මට මේ පවුල ගැන තේරෙනවා. ඉතිං මං කිව්වෙ මගේ හිතට ආපු දේ..”

    “නෑ රේණු ඔයා කියපු හැමදේම ඇත්ත.. මං හිතුවෙ එක පැත්තක් ගැන විතරයි. සුදූව මං ළඟ තියාගන්න ඕන උනාට එයා නැතුව මේ ගේ කොයි තරම් පාලු වෙයිද කියලා මං හිතුවෙ නෑ..”

    අක්කාගේ රතු වූ ඇස් කෙවෙනි අගිස්සෙන් හීන් කඳුළක් ගිලිහී වැටුණි. වරදක් කළ අයෙකු වාගේ රේණු අක්කා පසුබා උන්නාය.

    “අපිට එක දෙයක් ලැබෙන්නෙ තව දෙයක් අහිමි වෙලා අමා. උම මේ ගෙදරින් ගියා උනාට මෙහේනිතර යන්න එන්න බැරි කමක් නෑනෙ..”

    ඒ කතාවට සවන් දෙමින් අක්කා අල්මාරියේ වූ ඇඳුම් පිළිවෙලකට නවා විශාල ගමන් බෑග් වල තැන්පත් කළාය. මෙතෙක් කල් අප දෙදෙනාගේම ඇඳුම් තබා තිබූ විශාල තේක්ක අල්මාරියේ හිස් වූ තට්ටු දෙස බලද්දී තද කරගෙන උන් පපුව පිච්චී යනවා වැනි හැඟීමක් දැනෙන්නට විය. එපමණක් නොව ඇය නොමැතිව ඇඳේ පැත්තක්ම හිස්ව යනවා නොවේද..? අක්කා ඉදිරියේ කඳුළු සැලීම අඬන්න ඉන්නා මිනිසෙකුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැන්නක් නිසා මම හෙමීට එතනින් ඉවත් විමි.

    කවදත් මගේ දුක ඇසූ මගේ තනියට උන් විසල් අහස් කුස වුවත් වැස්සකට අර අදිමින් උන්නේය. ඒ කඳුලු අහසට වුව බර වැඩි වන්නට ඇත. සිහින් ඇරඹි පොද වැස්ස බොරළු කැට තරමට ලොකු වෙද්දී මහිතට දුක නොහිතුනා නොවේ. නමුත් මා ඒ නිල් වැස්ස දෙස ආසාවෙන් බලා උනිමි.

    “සුදූ සඳුන් මල්ලිට කොහොමද..?”

    මගේ ළඟම ඇවිත් උන්නේ රේණු අක්කාය.

    “එයා හොඳින් ඉන්නව අක්කා.. ඊයෙත් ඇවිත් ගියා..”

    “මාමලගේ අකමැත්තක් නෑනෙ ඔයාලට..”

    “නෑ.. අප්පච්චිලා කැමතියි.. සඳුන් අයියගෙ අම්මලත් අප්පච්චිලා එක්ක කතා කරලනේ..”

    “හැබැයි ඔන්න කැම්පස් ගිහින් ඒ අහිංසකයට බූට් එක තියන්න එපා. ඌ මැරෙයි..”

    “එයා නැතිවුණොත් මාවත් මැරෙයි..”

    එවදන් ඇසි රේණු අක්කා තිගැස්සුනාය. මා මුවින් එතරම් බරපතල කතාවක් ඕ බලාපොරොත්තු නොවන්නට ඇත.

    “ඔව් නංගි.. ආදරේ කියන්නෙ මතුපිටින් පේනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්..”

    බොහෝ කල් වේලා ගෙන ඈ කියූ එම කතාවේ සැඟවුණු අරුතක් ඇතැයි මට මොහොතකට සිතුණි.

    “රේණු අක්ක කවදාවත් ආදරේ කරල නැද්ද..?”

    ඊට පිළිතුරු ලැබුණේ දුක්බර සිනාවකින් පමණි. ඒ අඬන්නට බැරි කමට සිනාසුනා වැන්නකි. ඉතිං මා වටහා ගතිමි.

    “ඒ ආදරේට මොකද වුණේ..?”

    “ආදරේ කියන්නෙ අයිතිකරගැනීමම නෙමෙයි සුදූ.. ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්. මගේ ආදරේ මං දන් දුන්නා..”

    “අක්ක මට කිසි දෙයක් කියල නෑ..”

    “මං දවසක කියන්නං.. හැමදේම..”

    ලෝකය අභිමුව සිනාසෙන පුද්ගලයින්ගේ හදවත් වලට එබී බැලිය හැකි නම් ඒවායේ කොතරම් දුකක් තැවරී ඇත්දැයි වටහා ගත හැකි වනු ඇත. රේණු අක්කාත් එවැනි චරිතයක් නොවේද..?

    ###########################################

    පෙර දවසකදී මෙන්ම නිවස නෑදෑයන්ගෙන් පිරී ඉතිරී යද්දී මෙතෙක් කලක් තදකරගෙන උන් දුක වේදනාව වාන් දමන්නට බලා උන්නේය. මේ දින කිහිපයක අක්කා ළඟින් නොසෙල්වෙමියි අදිටන් කරගෙන සිටියද ඒ නෙතු දෙස කෙලින් බලන්නට හෝ හැකියාවක් මසිතේ නොවීය. ඉතිං මා ඈ මඟහැරිමි.

    කිසිදා සවසක තනිවම දොලට නොයන මා සැමගේ දෑස් අතරින් රිංගා කහ පැහැ ගත් තුවායද රැගෙන දොල පාර වෙත පිය මැන්නෙමි. වතුරේ ගිලී නෑමට පටන් ගත්තද සුළු මොහොතකදී නෑම මටම එපා විය. බාගෙට නා ගත් මම හිස තෙත බරිතව තිබියදීම තුවාය ඇඟලා ගෙන ගල් පරයකට බර දී හිඳ ගතිමි. මේ මුරණ්ඩුකම් නුසුදුසු බව සිත නොදන්නවා නොවේ. නුමුදු දුක දියකර හැරිය යුතු අයුරු මා දැන සිටියේ නැත. හිතේ බර අඩු කර ගන්නට, අවැසි ලෙස හිත පාරවා ගන්නට මෙය කදිම තෝතැන්නකි.

    “සුදු නංගී..”

    මා ඉඳිරියේ දුක් ගත් ඇසකින් බලා උන්නේ සඳුන්ය. මලානික සිතට ජීව වායුව ලබා දෙන ඒ නෙතු යුගල අතර මම අතරමං වූයෙමි.

    “දැන් වෙලාව කීයද බබා.. ඇයි මෙහෙම මුරණ්ඩුකම් කරන්නෙ..? ඔයා මේ කාගෙන්ද පළිගන්න හදන්නෙ..?”

    ඒ හඬ හැඬුම්බර වී තිබිණි. අහේතුක කඳුලු වැල් දෙකම්මුල් පුරා ඇඳී යද්දී මා ඒ විසල් පපුතුරේ හිස හොවා ගත්තෙමි. ඒ ආත්මීය පහස මගේ ඇට මිදුළු තුළට පවා දැනෙන්නට විය.

    “පිහදාලවත් නෑ.. ගැහෙනව ඔයාව..”

    මගේ හිස් මුදුන සිප ගත් සඳුන් තව තවත් තදින් මා සිය සිරුරට ළං කරගත්තේය. මුළු විශ්වයම මට මොහොතකට අමතකව ගියා සේ දැනුණි.

    “බලන්න.. ඔයා තාම තුවාය පිටින්.. මෙතනට වෙන කවුරුහරි ආවනං එහෙම මොකද වෙන්නෙ..?”

    ඔහු එය අසද්දී මට ඇඳ උන් කහ පැහැ දිගු තුවාය දෙස බැලුනි. මසිතට අපහසුතාවයක් දැනුණද සඳුන් වෙනසක් පෙන්වූයේ නැත.

    “ඔයාලගෙ ගෙදර කට්ටිය වැඩියි බබා.. ඕක ඇඳගෙන යන එක හරි නෑනෙ.. ඇඳුම් මාරු කරගන්න..”

    “ඇඳුම් ගෙනාවෙ නෑ..”

    ඔහුට දිගු සුසුමක් හෙලුනි. ඔහුගේ කීකරු නෙත් මා දෙස නරක බැල්මක් හෝ හෙළුවේ නැත. ඉතිං මා ඒ දෑතේ වෙලුනෙමි.

    “ගෙදරට ගිහින් ඔයාට ඇඳුමක් ගේනන්න මට පුළුවන්.. ඒත් මේ වෙලාවෙ හැටියට මට ඔයාව තනියෙම දාලා යන්න බෑ..”

    මගේ අත අල්ලා දොල පාරෙන් මෙගොඩ වෙන අතර තුර ඔහු කීවේය.

    “අමා අක්කා ගෙදරින් යන එක ඔයාගෙ හිතට දුකක් කියලා මං දන්නවා. ඒත ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ ඒ තරං හොඳ විදියකට නෙමෙයි සුදූ..”

    මා සිත ස්පර්ශ කල ඔහුගේ අනුමානය ඉතාම නිවැරදි විය. මේ මුරණ්ඩු ගති කුමක් අරඹයා වූවක් දැයි ඔහු දනී. කුඩා අවිපාර මැද්දෙන් නිවසේ පසුපස බිම් කොටසට පය තබද්දීම දර පලමින් උන් ගුණවතී නැන්දා අප දුටුවාය.

    “සීවරං දෙයියනේ.. මේ ගොම්මනේ තනි පංගලමෙ ගිහින් නෑවද..? සුදු බේබි ලෙඩ වෙයි..”

    මා ළඟ උන් සඳුන් දෙස හොඳින් බැලුවද ඒ පිළිබඳව වදනක් හෝ නොදොඩා ඉන්නට ඈ ප්‍රවේශම් වූවාය. ඇයට යමක් කීමට පමා නොවුන මා සඳුන් සමගම නිවසට ගොඩ වුනෙමි.

    “හැමෝම හොයනව රත්තරනෙ.. කොහෙද ගිහින් හිටියෙ..?”

    අප දුටු විගස අම්මා ඉදිරියට දිව ආවාය. සඳුන් මෙතෙක් අල්ලා උන් මගේ අත අම්මාට බාර කර සාලය දෙසට ගියේය.

    “දාහකිං හොයාගන්න බැරි දරුවෙක්..”

    සිහින් හඬින් අම්මා මිමිණුවේ සඳුන් ගිය මගට නෙත් යොමාගෙනය. මගේ හිස හොඳින් පිස දැමූ අම්මා රෝස පැහැ දිගු කලිසමක් හා ටී ෂර්ට් එකක් අන්දවා උණු තේ කෝප්පයක්ද සාදා දුන්නාය. නමුත් ඈ මට වදනකින් හෝ බැණ වැදුනේ නැත.

    “සුදූ මට බඩු වගයක් ගන්න තියෙනවා.. අපිත් එක්ක හන්දියට යන්න එනවද..?”

    මා ළඟට පැමිණි අක්කා මගේ තෙත කොණ්ඩය යාන්තමට අතගා බලා ඇසුවාය.

    “කවුද අපි කිව්වෙ..?”

    “සාගරයි සඳුන් මල්ලියි එක්ක වෑන් එකේ ගිහින් එමු..”

    මට ඉබේටම ඇඳ උන් කලිසම දෙස බැලුණි. ඒ බැල්මේ අරුත අක්කා තේරුම් ගත්තාය.

    “ඕක හොඳයි සුදූ.. වාහනේ ගිහින් එන එකනේ..”

    “යමු යමු නංගි.. ගෙදර හිටියොත් ඔයාලව වැඩ වලට අහුවෙනවනේ.. ගිහින් පොඩි රවුමක් දාලා එමු..”

    මගේ පිටට තට්ටුවක් දැමූ සාගර අයියා එය පැවසුවේ තරමක් කටහඬ බාල කරගෙනය. මේ ගමනට සඳුන්ද එක් වෙනවා නම් මට හිත හදාගෙන නිවසේ සිටිය නොහැකි වන ඇත. ඉතින් මමද ඔවුන්ට එක්විමි.

    කොණ්ඩය හෝ නොපීරා ඇඳ උන් ඇඳුම පිටින්ම මම වෑන් රියේ පසු පසම අසුනට බර වුණෙමි. මගේ ඇගේ තදට ස්පර්ශ වන ලෙස ඉඳගත් සඳුන්ද නොදොඩා මදෙස බලා සිටියේය.

    “මේ මේ ඕවා ඔට්ටු නෑ.. උඹල දෙන්නා අද මොකද මේ පිටිපස්සට රිංගගෙන..?”

    රියදුරු අසුනට ගොඩ වූ සාගර අයියා මැද කණ්නාඩියෙන් අප දෙස බලා කෑ ගැසුවේය.

    “නෑ ඉතිං.. ඉස්සරහ සීට් එකේ යන ෂෝ එක දැකල පොඩි ළමයි නරත් වුණොත්..”

    මගේ අතැඟලි තදට අල්වා ගත් සඳුන් කියද්දී අක්කාද නෝක්කාඩු බැල්මෙන් ඔහු දෙස බැලීය.

    “මේ යකඩ ගොඩ එළවන ගමන් මොන ෂෝ ද බං..? නේද අමා..?”

    ප්‍රේමාන්විත බැල්මක් හෙලා සාගර අයියා කියද්දී මම නෙත් පියන් තද කර සඳුන්ගේ පපුවටබර වුණෙමි. ඔහු මා උරහිස වටා දෑත් යවා සිය සිරුරට ළං කර ගත්තේය. දිය නෑමෙන් තෙත බරිතව උන් මගේ ගතට සිතට ඒ උණුසුම සනීපයක්ව දැනුණි.

    “මචං.. අමාට ඇඳුම් වගයක් ගන්න තියෙනවා.. මේකට යමු..”

    මාතලේ නගර මධ්‍යයේ වූ විශාල රෙදි පිළි සාප්පුවක් අභියස වෑන් රිය නතර කළ සාගර අයියා කිව්වේය. නමුත් ඔහුගේ තුරුළෙන් මිදී යාමේ නොහැකියාවෙන් මා නොසෙල්වී උන්නෙමි.

    “අපි ආවොත් ඩිස්ටර්බ්නෙ.. මමයි තරුයි වෑන් එකේ ඉන්නම්.. ඔයාලා ගිහින් එන්න..”

    සඳුන් එසේ කියද්දී අක්කා පුදුම වී මදෙස බලා සිටියේය. වෙනදා ඈ ඇඳුම් ගැනීමට යන්නේ මා සමඟය. ඇය යමක් මිලදී ගනු ලබන්නේ එයට මගේ කැමැත්ත ලැබුණොතින් පමණි. නමුත් සැමදා ඒ හුරුපුරුදුකම් පවත්වාගෙන යා නොහැකි නිසා මම කරබා උන්නෙමි.

    “සුදූ ඔයාලත් යං.. ටිකක් වෙලා යයි..”

    “කමක් නෑ.. අක්කලා ගිහින් එන්න..”

    මේ පෙරදා උන් ඇගේ සුදු නංගීමදැයි ඇය සිතන්නට ඇත. ඒ දුක්ගත් මුහුණ දෙස නොබැලූ මා සඳුන්ට වාරු උනෙමි. ඉතින් ඈ යන්න ගියාය.

    “ඔයාට සීතලයි නේද..? මං බැහැලා මොනා හරි බොන්න ගේන්නද..?”

    “එපා අයියෙ.. මං ළඟින් ඉන්න..”

    මගේ හඩ කෙඳිරිල්ලක් වන්නට ඇත. සඳුන් මා මුහුණ දෝතට ගෙන මගේ ඇස් වලට කිමිදී බැලුවේය. විශ්වාස කරන්න.. එදා මෙන් අදටත් ඒ නිල් ඇස් දෙක සෘජුව බලා හිදීමට අසීරු ගතියක් මට දැනුණි. ඒ සිත වශීකෘතව යන නිසාය.

    “මොනවද හිතනව ඔයා..”

    මගේ දෑසට එබී සිත අතපත ගෑ ඔහු මොහොතක් බලා හිඳ කීවේය.

    “අක්ක බැන්ඳම මට එහේ යන්න කතා කරනව අයියෙ..”

    “ඉතිං ඔයා යන්න කැමතිද..?”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිස දෙපසට වැනුවෙමි. මා මුහුණ අතහැරි සඳුන් වීදුරුවෙන් එපිට බලා සිටියේය.

    “ඔයා අමා අක්කට පණ වගේ කියල මං දන්නව නංගි.. ඒත් ඔයා එහේ නවතින්න යන්නෙපා..”

    “මගෙත් කැමැත්තක් නෑ අයියා.. ඒත් අක්කා බල කරනවනේ..”

    “මේ බලන්න මං දිහා.. ආදරෙයි නේද මට..?”

    දරාගන්නට බැරි තරම් සංවේදී හඬකින් ඔහු අසද්දී මගේ දෑස් තෙත්ව ගියේය.

    “ඔයා මට ඇත්තටම ආදරෙයි නම් එහේ නතර වේනන එපා. මං කියන්නෙ හේතු ඇතිව..”

    “මොනවද හේතු..?”

    “ඒවා ඔයාට කියන්න බෑ සුදූ.. ප්ලීස් මාව තේරුම් ගන්න..”

    නමුදු මට ඔහුව තේරුණේ නැත. ඔහු තරහ ගනිතැයි බියෙන් මම කිසිත් නොවිමසා උන්නෙමි.

    “ඔයා අම්මල ළඟ ඉන්න.. මම එහෙ එන්නම් ඔයා බලලා යන්න..”

    ඒ දෑස් මුණ ගැසේනම් සියලු දුක් විඳ දරාගෙන සිටීමට අවැසි ශක්තිය ලැබෙනු ඇත. ඒ තරු නෙත් යුගලට මං කෙතරම් බැඳී ඇත්දැයි සිතා ගත නොහැකිව මම වික්ෂිප්ත විමි.

    “ඔයාට වෙඩින් එකට මොකුත් ගන්න ඕනෙ නැද්ද..?”

    “අක්කයි රේණු අක්කයි සේරම ගෙනැල්ල..”

    “ඒ අක්කත් ඔයාලගෙ අක්කගෙ වයසෙමද..?”

    “ඔව්, හැබැයි කටකාරයි..”

    “දන්නවද බබා.. කටකාර අය විවෘතයිලු.. නිහඬ අය ගුප්තයිලු..”

    එදවස මාත් ඉතා කටකාර දඟකාර චරිතයකි. නමුත් සඳුන් මුණ ගැසුනු දා සිට මා අමුතුම නිහඬ පුද්ගලයෙකු බවට පත් විය. ඉතින් සඳුන් මා විවෘත පුද්ගලයෙක් ලෙස දකින්නේද ගුප්ත චරිතයක් ලෙස දකින්නේද..?

    “මොනවද හිතන්නෙ ආ..?”

    මගේ නිකටෙන් අල්ලා ඔහු දෙසට හරවන ගමන් සඳුන් ඇසීය.

    “ඔයා නිහඬයිද..? කටකාරයිද..?”

    ඇසිය යුතු ප්‍රශ්නය අනෙක් පස හරවා මම විමසිමි. ඔහුගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳී මැකී ගියේය.

    “ඒක තේරුම් ගන්න ඕනෙ ඔයාමනේ.. මං හිතන විදියට නං මම නිහඬයි.. ඔව් සුදූ.. පොඩි කාලෙ ඉඳලම මං කතා බහ කරනව අඩුයි..”

    “ඒ කියන්නෙ අයියා ගුප්තයි..”

    ඔහු ඊට හයියෙන් සිනාසුනේය. ඒ ලස්සන සිනහව දෙස මම දැස් දල්වා බලා උන්නෙමි.

    “කෙල්ල මගේ වචන මටම රිටන් කරනව නේද..?”

    මගේ සීතල කම්මුලක් ලාවට පිරිමදිමින් ඔහු අසද්දී මම ඔහුට තවත් තුරුලු වී ගතිමි.

    “ඔයා ළඟ පුංචි බබෙක්ගෙ සුවඳයි..”

    සඳුන් මුමුණද්දී අප උන් වෑන් රියේ දොර ඇරුණි. මම වහා පසෙකට වී එදෙස බලද්දී සාගර අයියා සිනා සිසී බලා උන්නේය.

    “ඉන්නව නේද..? මං හිතුවා බඩල පැනල ගිහින් කියලා..”

    ඇඳුම් මළු කිහිපයක්ම අසුනට දැමූ ඔහු රියදුරු අසුනට ගොඩ විය. ඔහු පසුපසින් පැමිණි අක්කා තරමක් විශාල බෑගයක් මදෙසට දික් කළාය.

    “මොනවද අක්කෙ..?”

    “ඔයාට..?”

    “එතකොට කෝ මට..?”

    සඳුන් අක්කාගෙන් ඇසීය. අක්කා ඔහුගේ මුහුණ දෙස හොඳ හැටි බලා උන්නාය.

    “මගේ ජීවිතේ වටිනාම වස්තුව ඔයාට දීලා තියෙනවා.. ඒ මදිද මල්ලි..?”

    එවදන් අසා සඳුන් තිගැස්සී ගිය බව සහතිකය. අපේ සොදුරු දමේ ශක්තිය ඔහු තවම වටහා නොගන්නට ඇත.

    “මට ජීවත් වෙන්න ඒ හොඳටම ඇති අක්කෙ..”

    ඔහු අක්කා දෙස බලා පවසද්දී ඒ දිගැටි සුදු ඇඟිලි මා අත තදට ග්‍රහණය කර ගත්තේය. අක්කා සුසුමක් හෙලා රියට ගොඩ විය. ඉතින් එදින රාත්‍රියේ නිවසට එනතුරු මා සඳුන්ගේ තුරුළට වී සැනසුමක් සැහැල්ලුවක් අත් වින්දෙමි.

    අප නිවසට ඇරලවා අප්පච්චීට භාර කල සාගර අයියා සඳුන් සමග යන්න ගියේය. නමුත් තවමත් මගේ හිතින් බැහැරව නොගිය සඳුන්ගේ තුරුළට වී මම නිදන්නට වූයෙමි.

    “මට මේ වගේ සුදූ ළඟ නිදාගන්න තව පුළුවන් තව දවස් දෙක තුනයි...”

    මා ළඟින්ම ඇඳේ දිගා වූ අක්කා මදෙසට හැරී කීවාය. මම ඈ කර වට දෑත යැවිමි. මගේ හිසකේ අතර මෘදු අතැගිලි පහසක් දැනෙන්නට විය.

    “ඊට පස්සෙ අක්ක ළඟ සාගර අයියා ඉන්නවා.. ඒත්..... මට තමා කවුරුවත් නැත්තෙ..”

    “අනේ පැටියො.... ඔයා තනියම නිදියන්න එපා.. අම්මා ළඟට යන්න..”

    අඩ අදුරේ මා මුවට නැගුණු සිනාව ඈ නොදකින්නට ඇත. ඇය තවමත් මගේ හිස් මුදුන පිරිමදී.

    “අක්කලා බැඳලා කොහෙද යන්නෙ..?”

    “රත්තොට ගෙදරට..”

    “නෑ මං ඇහුවෙ එහේ යන්න කලිං..”

    මගේ පැනය වටහා ගත් සැනින් හිසකේ අතර ගමන් කළ ඇඟේ ඇඟිලි තුඩු වහා නතර විය. නැවත වරක් මට සිනහා ආවේය.

    “නුවර එළියෙ..”

    ඇගෙන් පිළිතුර ලැබුණේ ඇසූ ප්‍රශ්නයද අමතකව යන තරම් කාල වේලාවක් ගත වූ පසුවය.

    “එහෙ ගියාම අක්කට මාව අමතක වෙයි..”

    එය එසේ නොවන වග දැන දැනම මම පැවසූවෙමි. ඊට පිළිතුරක් නොලැබුණේ ඒ සිත රිදුණු නිසා වන්නට ඇත. ඉතින් මාද නිහඩව දෑස් පියා ගතිමි.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    අක්කගේ විවාහ මංගල්ලය දා මා අවදි වූයේ කිසිවෙකුගේ තට්ටුවකිනි. මසිතට නොරිස්සුමක් දැනෙද්දී රේණු අක්කාගේ හඬ දෙසවන් අද්දර පතිත විය.

    “සුදූ නැගිටින්න නංගි.. ඔයාට අන්දන්න වෙලාව හරි..”

    “තාම රෑ... නේ...”

    පෙරවා උන් රෙද්ද හිසත් වැසෙන සේ ඉහළට ඇද ගත් මා කෙඳිරුවෙමි. නමුත් ඒ සැනින් රෙද්ද නැවතත් පහළට ඇඳී ගියේය.

    “මොනවද අනේ.. මට නිදියන්න දෙන්නකො.. අම්...මා..”

    “නැගිටින්න මගේ නංගි පැටියො..”

    ඒ වෙව්ලන සුළු හැඬුම්බර කටහඬ රේණු අක්කාගේ නොවන බව දැනුනෙන් මම වහා ඇස් ඇරියෙමි. මා අභියස උන්නේ මනාලියක ලෙසින් සූදානම් වෙමින් සිටි මගේ ආදණිය අක්කාය.

    නිදිමත මා අතැර යද්දී මම ඇඳේන් පැන අක්කාට තුරුළු විමි.

    “හා.. හා.. කෙල්ලෙ අක්කව තාම අන්දලා ඉවර නෑ..”

    රේණු අක්කා මා පසෙකට ඇදීමට සැරසුණි. නමුත් ඇගෙන් මිදී මමපිස්සියක සේ අතොරක් නැතිව අක්කාගේ දෙකම්මුල් සිප ගතිමි. මා තදින් ළයට තුරුල් කරගත් අක්කා විලාප දී හැඬුවේය. සිතට දැනුණ දුක මේ යැයි පැහැදිලිව වටහා ගත නොහැකි වූ මා ද ඇයට ළං වී ඒ ඇඬුමට එකතු විමි.

    “අනේ සුදු පුතේ.. අක්කව අඬවන්නෙ නැතුව හොඳ මැණික වගේ ගිහින් ඇඟපත සෝදගෙන එන්න..”

    එසේ කීවද අම්මාගේ දෑස්ද තෙත්ව තිබෙනු මා පැහැදිලිවම දුටුවෙමි. හැඬ ගැන්වීම් සඳහා පැමිණ සිටි පිරිස අක්කාව රැගෙන ගියහ. මා නාන කාමරය වෙත යද්දී රේණු අක්කා මා නතර කළාය.

    “තවත් අඩනන් එපා නංගි.. ඔයාගෙ ඇස් ඉඳිමුණොත් කැතට හිටීවි.”

    නමුත් මා සිතා මතා ඇඬුවා නොවේ. ඇස් අගට ගලා ආ කඳුලු වැල් වලට නිදහසේ ගලා යාමට ඉඩ සැලසුවා පමණි.

    ඉතින් පාන්දර හතරේ සිට හැඩවීමට අපට සිදු විය. නිවසේ පසුපස දෙසින් ඉමිහිරි සුවදවල් වා තලයට මුසු වී රස නහර පිනා යද්දී පොඩි මාමා ඉඳහිට විහිළුවක් කර පිරිස හිනැස්සුවේය.

    පිච්ච මලින් සැරසුණ පෝරුවේ සුවඳ පහන් හැඟීමක් සිතට එක් කලේය. උදා හිරු කිරන මිහි තලය මත පතිත වෙද්දී අක්කා මනාලියක ලෙසත් මම දෙවන මනාලියක ලෙසත් සැරසී උන්නෙමු. අප ළඟම ගැවසෙමින් හැඬ ගන්වන පිරිසට අවශ්‍ය කලමණා සපයා දුන් රේණු අක්කා අවසානයේ දෑස් විදහා අප දෙස බලා සිටියාය. හැඬෙතැයි බියෙන් මම අක්කා දෙස නොබලා සිටීමට උත්සාහ ගත්තෙමි. නමුත් ඈ බලා උන්නේ මා දෙසම බව එදෙස නොබලා වුව මට දැනුණි.

    “මේ තරම් ලස්සන දෙවනි මනාලියෙක්ට අපි මීට කලින් අන්දල නෑ..”

    හැඩ ගැන්වූ කාන්තාවක් එසේ කියා නික්ම යද්දී අම්මාගේ මුහුණ පුලුටු විය.

    “දරුවට ඇස්වහ ටිකක්වත් පුච්චන්න වෙයි ළමයො..”

    රේණු අක්කාට ළං වූ අම්මා සෙමින් කීවාය. මම බිම බලාගත් වනම උන්නෙමි. අප්පච්චී කීප වරක් අප උන් කාමරය අසලින් බර අඩි තබා සක්මන් කරනු මම දුටුවෙමි. අද කොතරම් සතුටු දිනයක් වුවද ඒ සමානම දුකක්ද ඒ සිතේ ගැබ්ව ඇති බව ඉඳුරා කිව හැකිය.

    මා ඉපදීමටත් සය වසරකට පෙර සිට මේ නිවස එළිය කළ ඔහුගේ වැඩිමහල් දියණිය පතිකුලයට නික්ම යාම ඔහු කෙසේ දරා ගනීද..?

    “ඔහොම ඔරවං ඉන්නෙපා සුදූ.. දැන් සඳුන් මල්ලි මල් බොකේ එකත් අරන් එයි.. ටිකක් හිනාවෙලා ඉන්න..”

    මහිස අතගෑ රේණු අක්කා දයාබරව කීවාය.

    “කෝ ඉතිං රේණු අක්කා ලෑස්ති වෙන්නෙ නැද්ද..?”

    “අපිට දැන්ම වෙලා වැඩියි.. තියෙන වැඩ ටිකත් එහෙම කරලා පස්සෙ ඇඳ ගන්නවා..”

    උඩරට මනාලියක ලෙස සැරසුණු අක්කා සෙමෙන් නැගිට මා ළඟට ආවාය. අසීරුවෙන් තොල් පට විකාගත් මමතදකරගත් ඇසින් ඈ දෙස බැලුවෙමි. මේ මගේ අක්කාමදැයි අදහාගත නොහැකි තරම් සොඳුරුව ඈ උන්නාය. අක්කාගේ පසුපස උන් රේණු අක්කා නිහඬව හිස දෙසපට සලා නොකියා කීවේ මට හඬන්නට එපා කියාය. ඉතිං මා සියුම්ව ඇගේ දෙකම්මුල් සිප දෙපතුල් වලින් ඉස්සී ඒ නලල් තලය මත හාදුවක් සටහන් කළෙමි. මා ආයාසයෙන් සිනහවක් මුවට නගා ගත්තද අක්කාගේ දෑස් රතුව තිබුණා මට මතකය.

    කාලය ඉගිලී නැකැත් වේලාව එළඹෙද්දී සඳුන් සුදෝ සුදු මල් කළඹක් අත දරා අපගේ කාමරයට පැමිණියේය. ඔහු දුටු මාත් මා දුටු ඔහුත් මොහොතකට ලෝකය අමතක වූවා සේ මුහුණට මුහුණ බලා උන්නෙමු. ඒ සොඳුරු ඇස්.. ඒ කඩවසම් රුව.. ඒ අහිංසක සිනහව.. මම දෑසින් උකහා ගත්තෙමි.

    “පස්සෙ බැරියෑ භාවනා කරන්න.. නැකත ගෙවෙන්න කලින් ආපු වැඩේ කරල ඉවර කරමු නේද..?”

    රේණු අක්කාගේ එවදන් ඇසී සඳුන්ගේ වත රතුව ගියේය. සඳුන් මා අතට මල් කළඹ දෙන මොහොතේ ඡායාරූප ගත් පිරිසට අමතරව රේණු අක්කාත් සමීප ඡායාරුවක් ගන්නවා මම දෑස් කොනකින් දුටුවෙමි.

    අම්මාගේත් අප්පච්චීගේත් මූලිකත්වය මත එදින සියළු කටයුතු චාම් ලෙස චාරිත්‍රාණුකූලව සිදු විය. සඳුන්ගේ අම්මා කිහිප වරක්ම මා ළඟට ගෙන කතා බහ කල අතර මා සමඟ ඡායා රූප කිහිපයකටද පෙනී සිටියෙමි.

    සාගර අයියාගේ නෑදෑ හිතවතුන් අපගේ ඥාතීන් හා වත්තේ සේවය කරන පිරිස දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් නානාවිධ ඇඳුමින් සැරසී මංගල උත්සවයට සහභාගි වී උන්හ. නමුදු ඒ තරම් ජනකායක් අතරතුර වුව මා දුටුවේ සඳුන්ගේ පින්බර රුව පමණි.

    දවල් ආහාර ගන්නා වේලාවේ සඳුන් කිහිප වරක් හොර බැල්මෙන් මා වටේ කැරකුණේය.

    “සුදු නංගි කෑවද..?”

    “තව නෑ.. ඇයි..?”

    “මටත් එකක්ම එක පිඟානකට බෙදාගෙන එන්න..”

    මම සිනාසී පිඟානක් රැගෙන බත් බෙදා ගැනීමට යද්දී රේණු අක්කාත් මට එක්විය. පළමුව බත් හැන්ද අතට ගත් මා පිඟාන පිරෙන්නට බත් හැදි දෙක තුනක්ම දමා ගත්තෙමි. රේනු අක්කා දෑස් විසල් කර මගේ පිඟාන දෙස බලා උන්නෙමි.

    “සුදූ.. ඔයා ඔච්චර කනවද..?”

    “ඔව්, ඇයි..?”

    “නෑ.. මේ.. මට හිතාගන්න බෑ..”

    මම සිනාව සඟවා කෑම බෙදා අහවර රේණු අක්කාව මඟහැර සඳුන් උන් ඉසව්වට ගියෙමි. ඔහු මාගේ අතින් ඇද ඔහු ළඟින් ඉඳවා ගත්තේය.

    “ඔයා බෙදාගෙන ආවනේ.. හැබැයි ඔන්න කවන්නෙ මම..”

    පිඟාන අතට ගත් සඳුන් මා මුහුණට එබී බලා කීවේය. මම පුදුම වී බලා උන්නෙමි. මියුරු සංගීත රාවයක් මධ්‍යයේ සතුටු සාමිචියේ යෙදී උන් පිරිසට අප ගැන නිනව්වක් නැත. ඉතින් ඔහු පිළිවෙලට ඇනූ පළමු බත් පිඩ මා මුවට ළං කළේය.

    “මගේ ජීවිතේ කෙල්ලෙක්ට කවන පළවෙනි බත් කට... ආ කන්න..”

    මගේ ජීවිතේ කොල්ලෙක්ගෙන් කන පළවෙනි බත් කට යැයි කීමට සිත් වුවද මම නිහඬව එය රස වින්දෙමි.

    “රසයි..”

    “ඔයාලගෙ ඇන්ටිලා රසට උයලා..”

    මම එය නිවැරදි කෙරුවෙමි.

    “මගේ පුතා කනවද..?”

    අප්පච්චී ළඟට එන තුරුම මම ඔහුව නොදුටුවෙමි. මා හා සමාන්තරවම සඳුනුත් අසුනෙන් නැගිට ගත්තේය. හිතට දැනුණ ලැජ්ජාවට දෑස් අඟට කඳුළු උනා එද්දී හැඟීම්බරව සිනාසුන අප්පච්චී මා තුරුළට ගත්තේය.

    “අර අලි බත් පිගාන මොකටද කියලා මම පස්සෙ දැනගත්තෙ..”

    කෑම කා අහවර වූ රේණු අක්කා පැවසීය. මම ඈට විරිත්තා ඉවතට දිව ගියෙමි.

    සවස අක්කා පිටත්ව යන හෝරාව ළං වෙද්දී පපුව හිරවෙනවා වැනි හැඟීමක් දැනෙන්නට විය. මෙතෙක් වාදනය වූ වේග රිද්ම ගී නතර වී හැඟුම්බර ගී පසුබිමින් ඇසෙන විට මම ඈතට වි අක්කා දෙසම බලා උන්නෙමි. දෑසට කඳුලු පුරා විත්, පපුව තදට ගැහෙද්දී කොහේදෝ සිට පැමිණි රේණු අක්කා මා වත්තම් කරගත්තාය.

    අක්කා හා සාගර අයියා පිටත්ව යාමට සූදානම්ව නෑදෑ පිරිසට දණ ගසා වඳිද්දී වුවද මම එදෙසට නොගියෙමි. අක්කා අප්පච්චී අතට බුලත් හුරුල්ල දෙන විටම පසුබිමින් “පුංචි දවස් වල නින්දට යද්දී” ගීතය වාදනය විය. තද කර උන් ඇගේ හැඬුම පිටාර ගලා යද්දී මම රේණු අක්කාට වාරු වී ඉකි බිඳ බිඳ හැඬුවෙමි. අප්පච්චී බොහෝ වේලාවක් අක්කා තුරු කරගෙන ඉන්නවා මම දුටිමි.

    “අක්කා යන වෙලාව ළඟයි පැටියො.. ගිහින් ඔයත් වඳින්න..”

    “මට බෑ..”

    “බෑ කියල බෑනෙ වස්තුවෙ.. එන්න යං මමත් එන්නම්..”

    දුක් ගත් ඇසකින් මදෙස බලා උන් සඳුන් කීවේය. ඉතින් මම ඔවුන් දෙදෙනාට වාරු වී හෙමින් හෙමින් අක්කා ළඟට පා එසවූයෙමි. අක්කා මා ළඟට එනතුරුම තෙත් වූ දෑසින් බලා උන්නාය.

    සඳුන් හා රේණු අක්කාගෙන් මිදිගත් මම බුලත් හුරුල්ල අක්කාටත් සාගර අයියාටත් දී ඒ මුහුණු දෙස නොබලාම දණ ගසා වැඳ වැටුනෙමි. ඔවුන්ගේ අත්වල පහස හිසට දැනුණා වුවද නැගිට ගැනීමට තරම් ශක්තියක් දෙපයේ වූයේ නැත. මගේ උරහිස් වලින් අල්ලා එසවූ අක්කා වැරෙන් මා සිය ළයට තුරුලු කරගත්තාය. මේ දහනම වසරක කාල පරාසයේ මා මුහුණ දුන් වඩාත්ම දුක්බර අවස්ථාව එය යැයි කීම නිවැරදිය. දෑස් කෙවෙනි තුළින් ගලා හැලෙන්නේ කඳුලු නොව ලේ යැයි දැනෙන තරමට මට හැඬුම් ආවේය.

    අක්කාගේ පපුවේ වූ ගැස්ම වුව දැනෙන තරම් තදට මම ඈට ළං වී කඳුලු නවතන්නට වෙහෙස විමි. මගේ පිටුපස දෙසින් හැඬුම් හඬක් ඇසී බලද්දී දෑස් කඳුළින් පුරවා බලා උන්නේ අම්මාය.

    “නැකත් වෙලාව හරියාගෙන එන්නෙ..”

    ඒ හඬට රේණු අක්කා මාව අක්කාගෙන් මුදවා අයිනට කරගත්තාය. සාගර අයියාගේ අත ගෙන අක්කා කාරය තෙක් පා එසවූයේ මදෙස බලාගෙනය. ඔවුන් කාරයට නැගුණ පසු මා දිව ගොස් අඩක් විවෘත කල වීදරු කවුලුවේ එල්ලී ගතිමි. මා පසු පසින් අම්මාත් එදෙසට ළං විය.

    “මගෙ සුදූව හොඳට බලාගන්න අම්මෙ..”

    ඈ පිටව යද්දී කියූ එවදන් මසිතේ දෝංකාර දුනි.

    “ඔන්න ලොක්කියෙ මුලින්ම ඕනෙ පුතෙක්..”

    පොඩි මාමාගේ කෑ ගැසුමට සැමටම සිනහා පහළ විය. කාරය සෙමින් ඇදීගිය මග ඔස්සේ මම තවත් පියවර කිහිපයක් ඉදිරියට ඇඳුනෙමි.

    අක්කා පිටව ගිය පසු පසින් මිදී ගත් මම ඉක්මන් අඩි තබා කාමරයට දිව විත් බලද්දී රේණු අක්කාත් මා සමඟ පැමිණ උන්නාය.

    “ඔයාට තනියම ඇඳුම් මාරු කරගන්න අමාරුයිනේ.. ඉන්න මම උදව් කරන්නම්..”

    මගේ ඇඳුම් මුදා හල ඈ කොණ්ඩයේ ගසා තිබූ කටු ගලවා එයද ලිහිල් කළාය. ඉතින් ඉක්මනින් ඇඟපත සෝදා ගත් මා සැහැල්ලු ඇඳුමකින් සැරසී ඇඳට වැටුණෙමි. පැමිණ සිටි පිරිසගේ සතුටු සිනා හඩ සතර දෙසින් ඇසෙද්දී අක්කාගේ කොට්ටය තුරුළු කරගත් මම ඒ සුවඳට මුහුණ ඔබා උනිමි.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    අක්කා නිවසෙන් නි්ක්මී ගොස් සතියක් ඉක්ම ගියද සිතේ වූ සාංකාව තුරන් නොවීය. මා දුකින් වග දන්නා සඳුන් නිතර ඇවිත් මගේ දුක සැප බැලීමටද දුරකථනයෙන් මා ඇමතීමටද අමතක කලේ නැත. ඒ සෙනෙහසේ යෝධ සෙවනැල්ල තුළට වී මම හිත හදා ගැනීමට උත්සාහ කරමින් සිටියෙමි.

    වෙනදාට වඩා ආදරයෙන් අම්මා මා ගැන සොයා බැලීමට උත්සුක විය. ඒ සියළු රැකවරණයන් මැද්දේ දිනකට වතාවක් දෙකක් හෝ අක්කා මට කතා කිරීමට පුරුදුවය සිටියාය. ඇතැම් විටක ඒ ලෙන්ගතුකම් සිතට වදයක් ලෙස දැනුණ අවස්ථාද නැතුවා නොවේ. බොහෝ වේලාවක් කාමරයේ සදැල්ලට වී ගත කළ මා අධික පිපාසයක් දැනී කුස්සිය දෙසට පා එසවිමි. අතරමැද වූ කෑම කාමරයේ මේසය මත තිබූ නවකතා පොත් කිහිපයක් මා දුටුවේ ඒ මොහොතේය. කුස්සිය දෙසින් ඇසුණු රේණු අක්කාගේ කටහඬ නිසා පොත් ගෙනාවේ ඈ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.

    “කෝ නැන්දෙ දැන්..?”

    මට ඇගේ හඬ ඇසුණි. ඔය විමසන්නේ මා ගැන වන්නට ඇත.

    “ඔය හිටියෙ කාමරේ.. මේ ටිකේම හරි හැටි කෑමක්වත් නෑ.. කාමරේට වෙලා තනියම හූල්ලනවා..”

    “සහෝදරියො ඕන තරම් දැකල තිබුණත් මේ තරම් ආදරේ කරන දෙන්නෙක් දැක්කමයි..”

    “අනේ මන්ද දරුවො.. මං මේ හිටියට තාම සිහියෙ තියෙන්නෙ අර වෙද හාමුදුරුවන්ගෙ කතාව..”

    “මටත් අමා ඔය කතාව කිව්වා. අපිත් ළඟපාත ඉන්නවනේ නැන්දෙ.. අපේ සුදූව පරිස්සමින් බලාගමු..”

    “ලොක්කි ඉද්දි නං බයවෙන්න දෙයක් තිබුණෙ නෑ.. කොයි වෙලාවෙත් සුදූගෙ පස්සෙන්මනේ..”

    “සඳුන් මල්ලිත් ඉන්නවනේ දැන්.. එයා සුදූට පුදුම ආදරෙයි..”

    “අනේ ඒකනං ඇත්ත, දාහකින් හොයාගන්න බැරි ළමයෙක්..”

    අම්මා සඳුන් ගැන කතා කරන හැම විටකදීම කියන්නේ ඔය කතාවමය. රේණු අක්කාත් එයට පොහොර දමමින් ඔහු ගැන වර්ණනා කරන්නට විය. මෙතෙක් කතා කළ කිසිවක් නෑසුන ලෙස නවකතා පොතක්ද අතින් ගෙන මම කුස්සියට ඇතුළු විමි.

    “මේ ඇවිත් ඉන්නෙ.. ආ.... ඔය පොත් ටික දැක්කද සුදූ.. ඔයාට පාළු නිසා කියවන්න ගෙනාවෙ..”

    මගේ අතේ වූ පොත දෙස බලා ඈ කීවාය. මම සිනාසී ඈ අසල තිබූ බංකුවට බර වුණෙමි.

    “සුදූ අපි හෙට අනිද්දා දිහාට රත්තොට ගිහින් අක්කව බලලා එමු..”

    ඒ යෝජනාව ඇසී මා නැඟිට ගත්තේ ඉඳ උන් බංකුවත් පසුපසට තල්ලු කරගෙනමය.

    “අම්මේ.. කෙල්ලට පුදුම ජොලියක්නෙ ගියේ..”

    “අනිද්දා නෙමෙයි අක්කෙ, අපි හෙට උදේම යමු..”

    අම්මා සිනාව තද කරගෙන බලා උනි.

    “අම්මේ අපි හෙට උදේ ගිහින් එන්නම්.. ඔයා අප්පච්චීටත් කියන්න..”

    රේණු අක්කාගේ කොණ්ඩ කරල ගසා දැමූ මම පිටුපස දොරෙන් එළියට දුවවිත් නතර වූයේ ඔන්චිල්ලාව මතය. ඉතින් මා වේගයෙන් එය පැදිමි.

    “වැටෙයි සුදූ පරිස්සමින්..” වෙනදාට අක්කා එසේ කියන හඬ දැනුදු ඇසෙන්නාක් මෙනි. එහෙත් ඈ ළඟ නොවූවාය. මම තවත් වේගයෙන් ඔන්චිල්ලාව උඩට ගත්තෙමි.

    ########################################

    පසුදා උදෑසන සිටම සූදානම් වූ මා රේණු අක්කා සමඟ ගමන පිටත් වූයේ උදෑසන අටයි තිහට පමණය. අක්කා පුදුම කිරීම සඳහා පෙර දැනුම් දීමකින් තොරවම අපි එහි ළඟා විමු. අප යන විට අක්කා උන්නේ මල් පැල වගයක් සිටුවමිනි.

    “ආ.... නෝනා වැඩ වගේ..”

    රේණු අක්කාගේ හඬට තිගැස්සුනු අක්කා පුදුම වී බැලුවාය. අප දුුට සැනින් ඇගේ නෙත් සතුටින් දිලිසිණි.

    “සුදූ... ඔයා ආවද පැටියො..?”

    සිටුවමින් උන් පැලය බිම විසිකර ඈ මදෙසට දිව ආවාය. මම දෑත් විදහා ඇයට තුරුල් විමි.

    “මේකි මේ අක්කා නෑ කියල කන්නෙ බොන්නෙත් නැතුව ගෙදර උපවාස කරනවා.. බැරිම තැන තමයි මං අද ඇදගෙන ආවෙ..”

    මගේ පස්සට පහරක් ගැසූ රේණු අක්කා අප සමගම විත් දිගු ආලින්දයේ ඉඳ ගත්තාය.

    “මෙහෙ මාර ලස්සනයි නේද අමා.. හරි ලස්සන මල් ජාති තියෙනව..”

    “මේ වත්තට වැඩිපුරම ආස කලේ මං නෙමෙයි.. අපේ සුදූ..”

    “එහෙනං මේ ඉඩම සුදූට දෙන්න තිබුණෙ..”

    “අපේ අම්මලට සුදූව ගෙදර තියාගන්න ඕනෙ කිව්වනේ.. ඒ නිසා අප්පච්චි මාව මෙහෙ එව්වා..”

    “කෝ අක්කෙ සාගර අයියා..?”

    “එයා ෂොප් එකට ගිහින් එන්න ගියා.. තව ටිකකින් එයි..”

    “කෝ බං.. යාලුවෙක් ගෙදරට ආවම බොන්න මොනා හරි දෙන්න කියන්න ඕනද..?”

    ඒ කතාවට අක්කා සිනාසී කුස්සිය දෙසට ගියාය. අප රැගෙන ආ කේක් එකද කුස්සියට ගෙන ගිය රේණු අක්කා එය අක්කාගේ අතට දුන්නාය.

    “මේකත් කපා ගනිං.. ගෙනාවට මොකෝ උඹල දෙන්නට මේක වැඩියිනෙ..”

    ඈ සිටින විට කාලය ගෙවී යන්නේ සැහැල්ලුවෙනි. කේක් කපා තේ පිළියෙල කර ගත් අපි මිදුලේ පුටු තුනකින් ඉඳ ගතිමු.

    “උඹලා සතුටින් ඉන්නව නේද අමා..?”

    මෙතෙක් වූ සැහැ්ලලු පෙනුම හැර දමා බැරෑරුම් ස්වරූපයෙන් රේණු අක්කා අසද්දී මටත් ඉබේටම එදෙස බැලුණි. අක්කාගේ මුහුණේ දුකක සේයාවක් හෝ මා දුටුවේ නැත. ඉතිං ඈ ඇත්තේ සැහැල්ලුවෙනි.

    “සාගර අයියා හොඳයි රේණු. මට ගොඩක් ආදරෙයි.. අම්මලයි සුදුයි ළඟ නැති අඩුව තමයි තියෙන්නෙ..”

    “ඕක ටික දවසක් යද්දි හරියයි.. උඹලා දෙන්නා සතුටින් ඉන්නවනං එච්චරයි..”

    බොහෝ වේලාවක් කතා කරද්දී අක්කා සඳුන් ගැන විමසීමටද අමතක කළේ නැත. ඔහු නිතර මා දැකීමට එන වග මම ඇයට කීවෙමි.

    “සඳුන්ගේ ආදරේ ගැන වෙලාවකට මට පුදුමයි සුදූ..”

    ඈත උස් ගසක ඉහත්තාවේ නෙතු රඳවා ඇය කියද්දී මගේ සිතට කුහුලක් දැනුණි.

    “ඇයි අක්කා..? සඳුන් මොනව හරි කිව්වද..?”

    “සඳුන් මල්ලී දවස් දෙක තුනක්ම ඇවිත් ගියා. මිනිහා වචන දහයක් කතා කළත් අටක් විතරම සුදූ ගැන..”

    “මමත් ඕක හිතුව අමා.. සුදූ හරි වාසනාවන්තයි.. නැන්දලා උනත් කොල්ලට පණ ඇරලා..”

    අපේ අම්මලා නිතරම වාගේ රේණු අක්කා සමඟද සඳුන් ගැන කතා කරනු මට ඇසී තිබේ. ඉතිං සතුටු වන්නට හේතු කාරණා ළඟ පාතම තබාගෙන සිත දුක සොයා ඈත සැරිසරන්නේ ඇයි දැයි මටම වටහුණේ නැත.

    “සුදූට වෙඩින් එක ගන්න වෙන්නෙ කැම්පස් අවුට් වුණාමයි.. එතකල් ඉන්න පුළුවන්ද..?”

    රේණු අක්කා සරඳමට අසද්දී මට දිනක් සඳුන් කී කතාව සිහිපත් විය. ඔහු කීවේ මා ඔහු ළඟට ගන්නට තව වැඩි කාලයක් බලා ඉන්නට බැරි බවය.

    “කැම්පස් ගියා කියල බඳින්න තහනමක් නෑනෙ.. සුදූ කැමති නං අප්පච්චිලා කරල දෙයි..”

    මා සිත හැඳිනූ අක්කා කීවාය. මම විසල් වූ දෙනෙතින් ඈ දෙස බැලුවෙමි.

    “ඉඳලා දවල්ට කාලම යන්න ඕනෙ හරිද..?”

    මගේ දෑස මඟ හැරි අක්කා රේණු අක්කාට කියද්දී මට අම්මා දුන් බෑගය සිහිපත් විය.

    “මෙන්න අම්මා පොලොස් ඇඹුලකුයි, අච්චාරුවකුයි හදලා දුන්නා..”

    අක්කා ඉතා සතුටින් එය දෝතට ගත්තාය. කුඩා කල පටන් පෙළොස් කෑමට අප දෙදෙනාම දැක්වූයේ දැඩි කැමැත්තකි. අම්මා මෙය පිළියෙල කලේ ඒ නිසාමය.

    “වැඩි දෙයක් එපා අමා.. හාල් ටිකක් ලිපේ තිබ්බම ඇති.. අපි අපිනේ බං..”

    “එහෙම කියල බෑ.. ඔයාලා මෙහෙ ආපු පළවෙනි දවසනේ..”

    “ඉඳා...... මේ බලපංකො.. අපි මීට කලින් මෙහෙ ඇවිත් නැතුවයෑ..”

    “එතකොට ආවෙ වත්තෙයි ගේයි බලලා යන්න විතරනේ.. ඒත් දැන් වෙනස්නේ..”

    එසේ කියූ අක්කා අප එපා කියද්දීම වෑංජන දෙකක්ද පිළියෙල කළාය. කලකට පසු මා ඇගේ අතින් ඇනූ බත් කටවල් කිහිපයක් රස වින්දෙමි.

    “පරක්කු වෙන්න කලින් යන්න ඕනෙ අමා.. මේ කෙල්ලව පරිස්සමින් අරගෙන ගිහින් නැන්දට බාර දෙන්නත් එපැයි..”

    “අම්මේ ඔව්, මොනව නැතත් මගේ නංගියව හොඳට බලා ගන්න රේණු..”

    අක්කා ගැන අනුපමේය සෙනෙහසක් සිතට දැනුණද මම එය නොපෙන්වා වෙනතක් බලා උනිමි.

    “සාගර අයියා දැන්ම එන පාටක් නෑ නේද බං..?”

    “සමහර විට ටිකක් විතර පරක්කු වෙයි. මේ දවස් වල එයා ෆ්ලවර් නර්සරි එක්ක කරන්න ලෑස්ති වෙනවනේ..”

    එය මටද අලුත් ප්‍රවෘත්තියකි. මේ වනතරු මා ඒ බවක් දැන උන්නේ නැත.

    “කොහෙද කරන්නෙ..?”

    “මේ වත්ත පිටිපස්සෙ..”

    අක්කර එක හමාරක් වූ මේ බිම්කඩ ඉතා සාරවත්ය. එබැවින් සාගර අයියා ගෙන ඇත්තේ සාර්ථක තීරණයක් යැයි මට සිතුණි.

    මා රේණු අක්කා සමඟ පිටත් වද්දී අක්කා සුපුරුදු යෝජනාව නැවතත් ගෙනාවේය.

    “සුදූ පුළුවන්නම් දවසක් දෙකක්වත් නවතින්න බලං එන්නකො.. මම අප්පච්චීගෙනුත් අහන්නං..”

    ඊට සිනාවකින් පමණක් පිලිතුරු දුන් මා රේණු අක්කාගේ සුරතේ වෙලී ඇගෙන් සමුගතිමි. අපි දෙදෙන ගුරු පාරේ නොපෙනී යනතුරු ඈ දෑස් දල්වා බලා උන්නාය.

    “පව් සුදූ අමාට තනියම ඉන්න පාළු ඇති...”

    “ඔව් අක්කා.. මටත් දුක තමයි.. ඒත්.....”

    රත්තොට නිවසේ නතර නොවන ලෙස සඳුන් කල ඉල්ලීම මට ක්ෂණිකව සිහියට නැගුනි. ඉතිං ඔහුගේ සිත රිදවා අක්කාගේ තනියට එහි නතර වන්නේ කෙසේද..?

    “ඇයි ඒත් කිව්වෙ..?”

    “උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ තමයි..”

    එය හිතා මතා කිව්වා නොව ඉබේම කියවුණි. රේණු අක්කා පුදුම වී බැලුවාය.

    “සඳුන් අයියා කැමති නෑ මං මෙහේ දිගටම නතර වෙනවට..”

    “සඳුන් කියන කතාව ඇත්තනේ නංගි.. ඔයා එහේ නතර වෙනවට මම උනත් කැමති නෑ..”

    “ඔයාලා කාටවත් මාව තේරෙන්නෑ.. ඒ මගේ අක්කනේ..”

    “නොතේරෙනව නෙමෙයි සුදූ.. මං කියන්නෙ ඔයාගෙයි අක්කගෙයි දෙන්නගෙම හොඳට..”

    ඉන් එහා ඈ කිසිවක් කීවේ නැත. මමද නිහඬවම ඈ පසුපස ගියෙමි.


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    අක්කා කියූ පරිදි සාගර අයියා මල් වගාව ආරම්භ කිරීම වෙනුවෙන් අපට බොහෝ සේ වෙහෙස වන්නට සිදු විය. නමුත් සඳුන්ද සහභාගී වූ එම කාර්යයේදී කාලය ගෙවී යනවා දැනුනේවත් නැත. පැල තවාන් පිලියෙල කිරීම, සෙවණ ලබා දිය යුතු ශාක සඳහා ආවරණ සැකසීම, ජලනල පද්ධති සවි කිරීම ඉන් මූලික මධ්‍යයේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරගැනීමට සාගර අයියා සමත් වූයේය. ඔහු අක්කාට ගැලපෙන ධෛර්යයවන්ත සැමියෙක් යැයි මට නැවතත් සිතුණි.

    ඉඩ ලැබෙන හැම විවේකයන්හීදී අප වැඩිපුර කලේ කාඩ් සෙල්ලම් කිරීමය. මමත් සඳුනුත් එක පිලකුත් අක්කාත් සාගර අයියාත් එක පිලකුත් වශයෙන් බෙදී උන්නෙමු.

    “මං මෙහෙ ආවට වැඩක් නෑ වගේ.. කෝ ඉතිං මට පාට්නර් කෙනෙක් නෑනෙ..”

    ඇතැම් දිනක රේණු අක්කා අමනාප වී එසේ කීවාය.

    “පාට්නර් කෙනෙක් මං හොයල දෙන්නද නංගි..? මගේ තව තනිකඩ යාලුවො එහෙම ඉන්නවා..”

    සාගර අයියා අප සිනහ ගන්වමින් කියද්දී මම ඇගේ මුහුණ දෙස බැලිමි. සියළු සතුටු රේඛා මධ්‍යයේ ඒ මුහුණේ සැඟවී ගත් දුක තැවරී ඇතැයි මට සිතුණි.

    “අපි ඔය කතාව දැනට නවත්තමු.. එන්නකො තව පාත්ති වගයක් තියෙනව හදන්න..”

    අක්කා ඒ කලේ අප වෙත වැඩ පැවරීමක් නොව රේණු අක්කාව ඒ අපහසුතාවයෙන් මුදවා ගැනීමක් බව මම නියත වශයෙන්ම දැන උන්නෙමි.

    අප පැළ තවාන් කිරීඹට අවශ්‍ය ඉටි බෑග් සකස් කරද්දී සඳුන් මාගේ ළඟටම වී සිටි අයුරු දුටු සාගර අයියා අප දෙදෙනාටද විහිළු තහලු කලේය. එක් වරම අක්කා අතින් මුව වසා අපහසුතාවයෙන් නැගිට ඉවතට ගියාය. මම සඳුන්වද එතන දමා ඇගේ පසුපස දිව ගියෙමි.

    “මගේ.... මගේ...”

    නමුත් ඈ කීමට හැදූ දෙය කියා නිම කිරීමට ඉඩක් ලැබුණේ නැත. මම බිරාන්ත වී බලා හිදිද්දී ඈ පොල් ගසක් අල්ලා අමාරුවෙන් වමනය කළාය. ඈත උන් රේණු අක්කාද ඈ ළඟට පැමිණ ඇගේ පිට අතගෑමට පටන් ගත්තාය.

    “අමා අක්කෙ.. ඇයි මේ..?”

    සඳුන් එය ඇසුවේ අක්කාගේන වුවද ඔහු පැමිණ වත්තම් කර ගත්තේ බය වී බලා උන් මාවය.

    “අමා.. ඔයාට අමාරුනං අපි අදට වැඩ නතර කරලා ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..”

    නමුත් ඈ දිගටම දෙකට නැමීගත් වනම උන්නා මිස ඊට පිළිතුරු බැන්දේ නැත. මම රේණු අක්කා සමඟ එක්ව ඈ දෙපසින් අල්ලා කාමරයට තෙක් ගෙන ගියෙමු.

    “ඩොක්ටර් ළඟට යන්න වෙයිද නංගි..?”

    සාගර අයියා එවර ඇහුවේ රේණු අක්කාගෙනි.

    “ඕන වෙන එකක් නෑ.. ඒත් ඉතිං ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හරියටම දැනගත්තානං තමයි වඩා හොද..”

    එය තේරුනා මෙන් සිනාසුන සාගර අයියා කාමරයෙන් පිටව ගියද මට කිසිවක් වැටහුණේ නැත. මා කලේ තව තවත් සඳුන්ට ළං වී අක්කා දෙස බලා හිඳීම පමනි.

    “අක්කා ටිකක් ඇඳට වෙලා හිටපුදෙන්.. අපි එළියට යමු නංගි..”

    ඇයව කාමරයේ තනිකර දමා පිටතට ආවද මට සිත සන්සුන් කරගැනීමට නොහැකි විය.

    “රේණු අක්කේ.. අපි අම්මට කෝල් කරලා කියමු.. මට බයයි වගේ..”

    “නැන්දට එන්න කිව්වනං හොඳයි වගේ තමා.. අපි හවස ගියාම අක්ක තනියමනේ..”

    “ඒත් අම්මට ඇවිත් නවතින්න බෑනෙ අක්කෙ.. අප්පච්චී තනියමනෙ..”

    “නවතින්න නෙමෙයි අපි අමාව නැන්දා එක්ක ඩොක්ටර් ළඟට යවමු..”

    “ඉතිං අපි අරන් යමුකො.. ඕකට අම්මා ඕනයෑ..”

    මගේ කතාවට රේණු අක්කා කිසිවක් කීවේ නැත. නමුත් ඒ වන විටත් සාගර අයියා අපේ නිවසට පණිවිඩ යවා තිබිණි.

    සවස් වෙද්දී අම්මාත් අප්පච්චීත් පැමිණ තිබුණේ අක්කා බැලීමටය.

    “සාගර අයියෙ ඔයා නැන්දා එක්ක අමාව අරන් ඩොක්ටර් ළඟට යන්න..”

    ඔවුන් පිටත්ව ගිය පසු මා ඉදිරිපස කාමරයේ ඇඳට වී උන්නෙමි. අප්පච්චී වත්ත පුරා ඇවිදිමින් අප සකස් කල පාත්ති පරික්ෂා කරනු ජනෙල් පියන් අතරින් මා දුටිමි.

    “මං ඇතුළට ආවට කමක් නැද්ද..?”

    දොර රෙද්ද අතරින් හිස පෙවූ සඳුන් ඇසුවේය. මම සිනාවකුදු නොමැතිව ඒ මුහුණ මත්තේ දෑස් රැදවූයෙමි.

    “ඔය තරම් බයවෙන්නෙපා පැටියො.. අක්කට ලෙඩක් නෑ..”

    කාමරයට පැමිණි සඳුන් ඇඳ ඉහත්තාවේ ඉඳ ගනිමින් කීවේය.

    “ලෙඩක් නෑ..?”

    මම එය ප්‍රතිරාවය කළෙමි.

    “ඔව් සුදූ.. ඔයා පුංචි කෙනෙක් වෙන්නලු යන්නෙ..”

    එවදන් ඇසී මා ඇඳේ ඉන්ඳුනි.. සඳුන් දෑස් පුංචි කර මදෙස බැලුවේය.

    “ඔයා කොහොමද අයියෙ දන්නෙ..?”

    “මමත් ඕවා දන්නෑ.. රේණු අක්ක තමයි කිව්වෙ..”

    සිතට විසල් සතුටක් ඇතුළු වද්දී මම සඳුන් ළඟට පැන ඒ උණුසුමට තුරුලු විමි. ඉතිං පුංචි පැටියෙක් නිවසට එකතු වෙනවා යන්න වාසනාව ගෙන දෙන්නකි. අක්කාගේ පැහැය සාගර අයියාගේ හැඩ රුව සහිත බෝල බබෙක්ගේ රුවක් මසිතේ ඇඳී මැකී ගියේය. ඒ සතුට මා විඳගත්තේ සඳුන්ගේ පපුතුරේ හිස හොවාගෙනය. ඔහු මා හිසකේ මෘදුව පිරිමැද්දේය.

    “මමත් ආසයි අයියෙ..”

    “මොනවටද..?”

    “බබෙක්ට..”

    “මොකක්ද කිව්වෙ..?”

    මාව ඔහුගේ තුරුලෙන් මුදා පසෙකට ගත් සඳුන් මාගේ මුහුණට එබිනි. අක්කාට ලැබෙන්න යන දරුවා ගැන සිතා කීවද එවදන් තුල තිබූ බැරෑරුම්කම දැනෙන්නේ දැන්ය. මසිතට ලැජ්ජාවක් දැනුණෙන් මා නැවත කොට්ටයේ මුහුණ ඔබා ගතිමි.

    “ඔය තරම් ආස නම් දෙන්නම්කො පේළියමක්ම..”

    මගේ සවන් අතර ඔහු මුමුණද්දී මම ඇඳෙන් නැගිට ගත්තෙමි. නමුත් ඔහු මට යන්න දුන්නේ නැත. මා සිය තුරුළට ඇද ගත් සඳුන් අතොරක් නැතිව මාව සිප ගනිද්දී ගත සිත දෙකම ඔහුට නතු වනු මට නොදැණුනා නොවේ. නමුත් ඒ සංවේදී යෞවනයා මටත් වඩා සිතිවිලි පාලනය කර උන්නේය. ඒ පහස තව තවත් ඉල්ලා සිතිවිලි හඬා වැටෙද්දී සිය සීමා මායිම් දැන උන් සඳුන් මගෙන් ඉවත් විය.

    වත්ත වටේ ඇවිද ගිය අප්පච්චී යළි නිවසට ඇතුළු වන විට මම සඳුන් සමග කාමරයෙන් ඉවතට ආවෙමි. හොර බැල්මෙන් මදෙස බැලූ රේණු අක්කා සිනාසී ඉවත බලා සිටියාය.

    “සුදූ ඔයා රේණු දුවත් එක්ක ගෙදර එනව නේද..?”

    “ඔව් අප්පච්චී අපි සඳුන් අයියා එක්ක එන්න තමයි හිටියෙ..”

    හිස ඉහළටත් පහළටත් වැනූ අප්පච්චී ඈත බලා කල්පනාවට වැටුණි. ඩොක්ටර් ළඟට ගිය සාගර අයියලා පැමිණියේ තරමක් පමා වීය. එතෙක් අපි දෑස් අයා බලා උන්නෙමු. මුලින්ම රියෙන් බැස ගත් සාගර අයියා දොර හැර අක්කාව පරිස්සමින් බැස්සුවේය. අක්කා ලැජ්ජාවෙන් බිම බලා එද්දී සිනා මුසු මුහුණින් පැමිණි අම්මා අප්පච්චී ළඟ නතර විය.

    “ඕං අපේ මහත්තයා සීයා කෙනෙක් වෙන්නයි යන්නෙ..”

    එවදන් ඇසී අප්පච්චීගේ වියපත් දෑසේ කඳුළු කැට නැගෙද්දී මම අක්කාට ළංව ඇඟේ දෑතින් අල්ලා ගතිමි. ඇගේ දෑසේ බලාපොරොත්තු ගොන්නක් රැඳී තිබෙනු මම දුටිමි.

    “හෙට ඉඳලා සාගර පුතා වැඩ වලට එහෙ මෙහෙ ගියාම ලොක්කි ගෙදර තනියමනෙ හාමිනේ..”

    “මං මේ ටිකේ ගෙදර ඉන්නවනෙ අම්මා.. වත්තේ වැඩ ටික කරන ගමන් මට පුළුවන් අමාව බලාගන්න..”

    අප්පච්චී සැරසෙන්නේ අක්කාව රැගෙන යාමට යැයි ඉවෙන් මෙන් දැනුණ බැවින් සාගර අයියා වහා කතාවට මැදිහත් විය.

    “ඒත් දරුවො ඔයාට පුළුවන්යෑ ඔය සේරම කටයුතු කරන්න..?”

    “මට ඒ හැටි අමාරුවක් නෑනෙ අම්මා..”

    අම්මා සාගර අයියාගෙන් අසද්දී අක්කා ඊට පිළිතුරු දුනි. ඔවුන් දෙදෙනාට දිනක් වත් වෙන්ව සිටිය නොහැකි තරමට ඒ බැඳීම ශක්තිමත් වී ඇත.

    “ඒ උනත් මේ ටිකේ ලොකු පුතා අපි ළඟ ඉන්නවනං තමයි වැඩිය හොඳ..”

    “හරි තාත්තෙ.. තව සති දෙකකින් විතර මේ වත්තේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි.. ඊට පස්සෙ මම ටික දවසකට අමා එක්ක එහෙ ඉන්න එන්නං..”

    “අනේ මන්ද ඉතිං.. ඔය ළමයින්ගෙ කැමැත්තක්..”

    අප්පච්චී අමනාප මුහුණින් නැගී සිටියේය.

    “මං මේ දවස් ටිකේ අපේ අම්මව මෙහේ නතර කරගන්නං..”

    සාගර අයියා සුනීතා ආන්ටිගේ පිටින් දමා ඉන් ලිස්සා මගහැරියේය. ඔහුගේ තීරණයට පිටින් යා නොහැකි බැවින් අප ඔවුන් දෙදෙනාගෙන් සමුගෙන වෑන් රියට නැගුණෙමු.

    දිනපතා අක්කා බැලීමට යා නොහැකි වුවද අම්මා ඉඳහිට හෝ වත්තේ වැඩ කරන අයකු අත අක්කාට බත් එකක් යැවීමට අමතක කලේ නැත. අප දිනපතා දුරකථන ඇමතුම් දී ඇගේ සැප දුක් විමසද්දී වුවද ඈ කීවේ සාගර අයියාගේ මව ඇයට ඉතා හොඳින් සලකන බවය. ඉතින් අම්මාට දුක් ගන්නට තරම් කාරණාවක් නොවුණි. සුනීතා ආන්ටි වුවද නිතරම අම්මාව ඇමතුවාය.

    “ළමයා ගැන දැන් බයක් හිතේ තියාගන්නෙපා.. දුවෙක් නැතුව හිටපු මට අමා දෙවියො දීපු තෑග්ගක් වගේ..”

    අක්කාගේ නැන්දම්මා වූ ඈ අක්කා පිළිබඳව එසේ පවසද්දී අම්මා ඇයට පින් දුන්නාය.

    “ඒත් සුනීතා ඔයාට හැමදාම එයාව බලාගන්න බෑනෙ.. ඒවා මගෙන් කෙරෙන්න ඕන යුතුකම්නෙ..”

    “එහෙම හිතන්න එපා.. සාගර කියන්නෙ මගේ එකම පුතානේ.. ඉතිං මේ දරුවා මට පිට කෙනෙක්ද..? මේ වගේ ගුණයහපත් ලේලි කෙනෙක් ලැබුණෙ මගේ පෙර පිනකට..”

    අපේ අම්මා කොතෙකුත් කීවද සුනීතා ආන්ටී අක්කාට දැක්වූයේ පුදුම තරම් ආදරයකි. ඒ නිසාම ඇය මුල් මාස කිහිපය ගෙවන තෙක්ම අක්කාව අප නිවසට එව්වේ නැත. තවත් කෙටි කාලයක් ගතවෙද්දී දරුවා ලැබීමට ළං වීම නිසා මෙන්ම සුනීතා ආන්ටිගේ ආදරණිය සත්කාරයන් හමුවේ අක්කා දිනෙන් දින මහත් වෙමින් උන්නාය. නමුත් මට නම් දැනුණේ සිත කොතෙක් නොපිළිගත්තද අක්කාගේත් මගේත් බැඳීම් යම් තරමකට හෝ දුරස් වූ බවය. ඒ පිළිබඳව සිතා සිත දුක් ගනිද්දී මම වැඩියෙන් සඳුන්ට හා රේණු අක්කාට ළං විමි.

    “අක්කා දුරස් වෙලා නෙමෙයි සුදූ.. ඒක තමයි ආදරේ කියන්නෙ.. කසාඳ බැඳලා පවුල් ජීවිතේ ගෙනියද්දි හිටපු ගෙදර හිටපු කාලෙ වගේ පවුලෙ අයට ළං වෙලා ඉන්න බෑනෙ. හිත ඉබේම අනිත් පැත්තට වැඩිපුර ළං වෙනවා..”

    “ඒත් මට දුකයි..”

    මම රේණු අක්කාට මසිත විවර කළෙමි.

    “දුක තමයි පැටියො.. ඒත් ඔයා උනත් බැඳපු කාලෙක අක්කට වඩා සඳුන්ට ආදරේ කරයි..”

    ඉතිං අක්කා ගැන අහිතක් හිතිය හැකි නොවේ. මා දැනටම මෙලොව වඩාත්ම ආදරය කරන පුද්ගලයා සඳුන් නොවේද..?

    “ඔය තරම් ආදරේ ගැන දන්න ඔයා ඇයි කාටවත් ආදරේ නොකරන්නෙ..?”

    මගේ ප්‍රශ්නය හමුවේ ඇගේ දෙනෙත් සැලී ගියේය.

    “ආපහු කාටවත් ආදරේ කරන්න තරම් මට මගේ හිත හදාගන්න බෑ සුදූ..”

    “අක්කා එදත් පස්සෙ කියන්නම් කියලා මට කිව්වෙ නෑනෙ..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    දරුවා ලැබීමට මාස කිහිපයක් තිබියදී අක්කා සාගර අයියා සමග අප නිවසේ නතරව හිඳීමට පැමිණියාය. මම ඉන් මහත් සැනසුමක් අත් වින්ඳෙමි. සැබැවින්ම පසුගිය කාල පරාසයේ නිතර නිතර උදේ හවා අක්කා බැලීමට යාම නිසා මා උන්නේ විඩාපත්වය. කොහොමටත් මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණු බවට ලිපිය ලැබී තිබූ නිසා එහි යාමටද සූදානම් විය යුතුව තිබිණි. ඉතින් අක්කා නැවත ගෙදර පැමිණ හිඳිම මසිතට ශක්තියකි.

    වත්තේ ගැහැණු උදවිය නිරන්තරයෙන් විශේෂිත ආහාර පාන සාදා අක්කාට ගෙනවිත් දුන් නිසා අම්මාට ඒ වෙනුවෙන් වැඩිපුර වෙහෙසවීමට සිදු වූයේ නැත. එහෙත් ඈ නිරතුරු අක්කා ගැන විමසිල්ලෙන් පසුවිය. අක්කාට ඉහළ මාලයට නැගීමට ඇති අපහසුව නිසාම අප්පච්චී පහළ තිබූ විශාල කාමරය ඔවුන් දෙපලට ලබා දුනි. එබැවින් මා නැවතත් අපේ සුදුරුදු කාමරයේ ඒ මනරම් සැදැල්ලේ තනි උනිමි.

    “දැන් කවඳ ඉඳලද සුදු පුතාට විශ්ව විද්‍යාලෙ යන්න තියෙන්නෙ..?”

    දිනක් සවස් වරුවේ සියළු දෙනාම උන් අවස්ථාවක අප්පච්චී විමසුවේය. ඒ අවස්ථාවේ සඳුන්ද සිටියේ අප නිවසේමය.

    “තව සතියකින් අප්පච්චී..”

    “අපේ දරුවා විශ්ව විද්‍යාලෙ යන එක ගැන සඳුන් පුතාගෙ අකමැත්තක් නෑනෙ..”

    ඒ පැනය හමුවේ වික්ෂිප්ත වූයේ සඳුන් නොව මාය. කැම්පස් යන එකට කැමතිදැයි මා කිසි දිනෙක සඳුන්ගෙන් විමසුවේ නෑ නොවේද..? සඳුන් වුවද ගොළු වත රැක්කා මිස ඊට පිළිතුරු බැන්දේ නැත.

    “සුදූ තව ඉගෙනගන්නව නං මමත් කැමතියි.. ඒත් ඒ ගැන ඔයාලා හිතලා තීරණයක් ගන්න.. මං බල කරන්නෑ..”

    නමුත් මහවැලි ගං ඉවුරේ තිබූ ඒ සොඳුරු සරසවියේ ඇවිද යන්න කාලය ගත කරන්නට සිත බලා උන්නා වැනිය.

    “සුදූ ඉගෙන ගන්නවට මගේ අකමැත්තක් නෑ.. ඒත් ඉගෙන ගත්තට ජොබ් එකක් කරන්න ඕන නෑ.. මට පුලුවන් සුදු නංගිව බලාගන්න..”

    අම්මා සඳුන් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ දෑස් වල පිරී තිබූ දයාබර බව මා හැඳින්නෙමි. අක්කාත් සාගර අයියාත් කලේ අපේ කතාවට මැදිහත් නොවී බලා හිඳිම පමණි.

    “අයියා අකමැතිනං මං යන්නැතුව ඉන්නං..”

    “මං අකමැති නෑ නංගි.. ඔයා යන්න..”

    සඳුන්ගේ ආදරණිය හඬ මසිතට ගෙන ආවේ සහනයකි. සැහැල්ලුව සිත්හි දරාගෙන මා ඔවුන්ගෙන් මිදී මිදුලට බැස්සෙමි. ඔන්චිල්ලාව පාලු වී ගොස් ඇති අයුරු දකිද්දී පෙර වූ සැහැල්ලුව තුරන් වී සිතට බරක් ඇති වූවා වැනි හැඟීම් දැනුණි. මා බොහෝ කාලයක් ඔන්චිලි පැද්දේ නෑ නොවේද..? ඉතින් මා සෙමින් අඩි තබා ගොස් එහි ඉඳ ගතිමි. ගුණවතී නැන්දා වත්ත පහළින් මතු වූයේ ඒ වෙලාවේය.

    “සුදු බේබිව දැක්කෙ සෑහෙන කලෙකින්...”

    “පහුගිය ටිකේ වැඩිය හිටියෙ නෑ නැන්දෙ.. අක්කව බලන්න ගියානේ හැමදාම වගේ..”

    “ඒක නේන්නං.. ලොකු බේබි ආවා කියලා දැනගෙන තමයි මාත් මේ ආවෙ..”

    ඈ පැමිණ තිබුණේ හිස් අතින් නොවේ. ඒ සුරතේ වෙරළු බෑගයක් හා තවත් යමක් විය.

    “බේබිටත් දෙන්නං වෙරළු ඩිංගක්..? අගේට පැහිලා.. මං මේ ලොකු බේබිට ගෙනාවෙ..”

    මගේ දෑස් යොමුව තිබුණේ වෙරළු බෑගය දෙසට බව වටහා ගත් ඈ කීවාය.

    “මට එපා නැන්දෙ අක්කට දෙන්න..”

    “සුදු බේබි පුංචි සන්ධියෙ ඉඳලා ඇඹුල් කෑම වලට කැමතිනේ.. මේකෙන් ටිකක් ගන්න.. මේ දවස් වල වෙරළු තියෙනව ඕසෙට..”

    ඇගේ සිත රිඳවිය නොහැකි නිසා මා වෙරළු අහුරක් ගත්තෙමි.

    “කොහොමෙයි සුදු බේබි සඳුන් මහත්තය ඒම..?”

    “ඔය ඉන්නෙ ගෙයි.. කොහොමද කියලා ගුණවතී නැන්දම ගිහින් බලන්නකො..”

    “මං නිකමටයෑ ලොකු නෝනට මුලින්ම කිව්වෙ එක ගෙදරින් මගුල් දෙකක් කෙරුනට කාරි නෑ කියලා..”

    ඇගේ එවදන් මට යළිත් සිහියට නැගුනි. නමුත් එදින එය ඇසී අම්මා කෝප වූ අයුරු මට මතකය.

    “මගේ හිතේ කවදත් අහිතක් තිබුනෙ නෑ බේබි. බේබිලගෙ පවුලට හොඳක් වෙනව දකින්න මං කවදත් කැමතියි..”

    ඈ විශේෂයෙන් නොකීවද එය සත්‍යයක් බව මම දැන උන්නෙමි.

    “ඒකෙන් කාරි නෑ. මං ලොකු බේබිව බලලා එන්නම්කො.. සුදු බේබි ඕක පරිස්සමට පඳින්න..”

    එදවස මා වැටී තුවාල වූ අයුරු ඇයටද තවම මතක ඇතුවා සේය. මට ඈ ගැන දුක සිතුනි.

    කරුවල වැටී එන යාමයේ අපෙන් සමුගත් සඳුන් උස් ට්‍රේල් බයිසිකලයේ නැගී යන්නට ගියේය. ඔහුගේ ඡායාව තේ වැටි අතරින් නොපෙනී යනතුරු මා එදෙස බලා උන්නෙමි. ඔහු නිවසට එද්දී සිත සතුටින් පිරී යනවා සේම ඔහු පිටත්ව යන විට අහේතුකව සිත රිදුම් දේ. නෙතු අඟට කඳුලු පුරා එද්දී මං සුපුරුදු බැල්කනියේ කණ්ඩියට බර දී අහස් කුස දෙස බලා සිත සැනසීමට වෙර දැරිමි.

    ############################

    සති අන්තයේ දිනයක් වූ එදින මා පඩිපෙළ බැස එන විට සාලයේ වූ දිගු සැටියේ වාඩි වී උන් අක්කා ඉතා අපහසුවෙන් පසුවනවා දුටිමි. ඇයට දරුවා ලැබීමට තව දෙමසක් පමණ ඉතිරිව තිබුණද මසිතට බිය දැනුණි.

    “ඇයි අක්කා..? ඔයාට අමාරුද..?”

    මා ඒ සුරතේ වෙළි ඇසුවෙමි.

    “නෑ සුදූ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..”

    මම ඇගේ දෙපා දෙස බැලුවෙමි. සිත බය ගන්වන තරම් ඒවා ඉඳිමී රෝස පැහැ වී තිබිණි.

    “ඉදිමිලානේ අක්කෙ හුඟක්..”

    “තව ටිකකින් හරියයි සුදූ.. ඔයා කරන්න ගිය වැඩේ කරන්නකො..”

    “නෑ නෑ.. ඉන්න.. මං අම්මට කියන්නං..”

    ඇය බිමට බරකර තිබූ දෙපා ඔසවා පුංචි ස්ටූලය මත තැබූ මා අම්මා සොයා ගියෙමි. නමුත් මා තරම්ම ඈ බිය ගත්තේ නැත. අම්මා කීවේ එය සාමාන්‍ය දෙයක් නිසා කලබල නොවිය යුතු බවය.

    “අද පාත්ති වලට පෝර දාන්න ඕනෙ අමා.. මං ගෙදර ගිහින් එන්න හැදුවෙ..”

    තේ එක රැගෙන අක්කා ළඟට එන ගමන් සගර අයියා පැවසුවාය.

    “ඒක තනියම කරන්න අමාරුයිනේ.. තව ටිකකින් යමු.. මමත් එන්නං..”

    “ඔයාට පිස්සුද දරුවො.. මේ අමාරු තියාගෙන වැඩ කරන්න හදන්නෙ..?”

    අම්මාගේ සිතට තරහා දැනෙන්නට ඇත. නමුත් මේ වන විට සාර්ථකව කරමින් උන් ඒ මල් වගාව නඩත්තු නොකර සිටීමද පාපයකි.

    “මම ගිහින් අයියා එක්ක වැඩ කරල එන්නං.. අක්කා ගෙදර ඉන්න..”

    අක්කා වෙනුවට මම ඉදිරිපත් වූයෙමි. නමුත් අක්කා ඊට කැමති වූයේ නැත.

    “ඒක අමාරු වැඩක් සුදූ.. පැය ගාණක් ගිණි අව්වෙ ඉඳගෙන පෝර දාන්න ඔයාට බෑ..”

    “කමක් නෑ.. සාගර අයියා ඉන්නවනේ.. මම ගිහින් එන්නං.. අක්කා රෙස්ට් කරන්න..”

    ඇගේ නලල් තලය සිපගත් මා උඩු මහළට ගොස් ත්‍රී ක්වාටර් කලිසමකින් හා සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී ආවෙමි.

    “මගේ පුතාට ඔය වැඩ හුරු නෑ නේද..?”

    අප්පච්චී මදෙස බලා විමසද්දී මම ඔහුගේ දෙපා වැඳ උළුවස්සකට බර දුනි. කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳි සාගර අයියා වෑන් රිය පණ ගන්වා ගත්තේය. ඊට ගොඩ වන්නට යැයි සිතා මා මිදුලට බසිද්දීම හූණෙක් චූක් චූක් ගෑවේය. පසුපස සිටි අම්මා මගේ අත තදට අල්වා ගත්තාය.

    “සුදූ.. ඔයා යන්නෙපා පුතේ.. නවතින්න..”

    ඒ බැල්මේ වූයේ මහා තිගැස්මකි.

    “මං ඉක්මනට එනව අම්මෙ.. අනික සාගර අයිය එක්කනේ යන්නෙ..”

    ඇගේ හඬ හැඬුම්බර වී තිබුණායැයි මට හැඟුණි.

    “දරුවා යන්න හදපු ගමන යන්න දෙන්න හාමිනේ.. බාධා කරන්නෙපා..”

    එසේ කී අප්පච්චී වෑන් රියට එබී සාගර අයියාව අමතනු මා අසාගෙනය.

    “පුතේ පරිස්සමින් වාහනේ අරන් එන්න.. නංගිවත් හොඳට බලාගන්න.. උදව්වට ගියාට මොකෝ මෙයාට ඔය අව්වෙ වැඩ කරන්න බෑ..”

    ඔවුන් බලා හිදියදී මම ඉදිරිපස අසුනට බර විමි. මදෙස මොහොතක් බලා උන් සාගර අයියා වෑන් රිය හෙමීට ඉදිරියට ගත්තේය.

    “සුදූට ගෙදර අය හරි ආදරෙයි නේද..?”

    මම සිනාසුණා පමනි. ඔහු නැවතත් මදෙස බලා කතා කළාය.

    “අද නං යන්තං වහින පාටක් තියෙනව.. වැස්සොත් හොඳයි.. සේරම පැළ වේලිලා..”

    “වැස්සොත් පෝර දාන්න බැරිවෙයිනෙ අයියෙ..”

    “හට් යට තියෙන ටිකටවත් දා ගත්තොත් ඇති..”

    ඔහු කීවා සේම අහස තිබුණේ වැහි වළාකුළු වලින් බර වීගෙනය. ඒ කළු වළා රොදවල් වැටෙන්නට බලා උන්නා වැනිය.

    “සුදූ ඔයා කාල නෙමෙයි නේද ආවෙ..?”

    පාර අයිනේ රිය නතර කල ඔහු බනිස් ගෙඩි කිහිපයක් හා මයිලෝ පැකට් දෙකක් මිලට ගත්තේය.

    “මොකටද අයියා බීම ගත්තෙ..? අපි ගෙදරනේ යන්නෙ.. මොනව හරි හදාගන්න තිබුණා..”

    “ඔව් හැබැයි.. අක්කට වගේ නංගිටත් රසට උයන්න පුළුවන් ඇති..”

    “අපෝ.. මම උයන්න නං දන්නෑ..”

    ඔහු මහ හඬින් සිනාසුනේය. එතරම් සිනහ ගන්නට තරම් දෙයක් මා කිව්වා නොවේ. ඉතිං මා පුදුම වී ඒ මුහුණ දෙස බාල උනිමි.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප නිවසට ළඟා වෙද්දී වැහි වළාකුලු මුළු අහසම ආක්‍රමණය කර තිබුණා මම දුටිමි. මේ ගමන ඵලක් නොවන්නක් බව මට මොහොතකට සිතුණි.

    “මොකෝ උඩ බලාගෙන කල්පනා කරන්නෙ..?”

    “ඉක්මනට වහී වගේ අයියා.. අපරාදෙ ආපු වැඩේ කරගන්න බැරි වෙයිද මන්ද..?”

    “ඉක්මනට කරමු සුදූ.. මුලින්ම හට් ඇතුළෙ තියෙන පැළ වලට පෝර දාමු.. එතකොට වැස්සත් හේදෙන්නෙ නැහැනේ..”

    වෑන් රිය ගරාජයට දැමූ ඔහු මා සමග වත්තේ පිටුපස කොටසට පැමිණියේය. එහි බොහෝ පැළ මලින් බරව තිබිණි.

    එදවස අපගේ මහන්සිය මල් ඵල ගැන්වී තිබෙනු දුටු විට සිතට දැනුනේ අනුපමේය සතුටකි.

    “මුලින්ම මේ මල් එන පැළ වලට මේ පෝර එක දාන්න ඕනෙ සුදූ.. ඉන්න මං ඔයාට මේක වතුර දාලා දිය කරල දෙන්නං..”

    “මේක කොහොමද දාන්න ඕන..?”

    “ඒක තියෙන්නෙ ස්ප්‍රේ කරන්න.. ගහේ කොල හොඳට තෙමෙන විදියට මේකෙන් දාන්න..”

    ඔහු එයාෆ්‍රෙෂ්නර් බෝතලය වැනි වූ රවුම් බණ්ඩි බෝතලයක් පෙන්වා කීවේය. සුදු පැහැ කුඩක් වැනි එයින් යෝගට් හැඳි කිහිපයක් දමා වතුර සමඟ මිශ්‍ර කල සාගර අයියා එය යෙදිය යුතු ආකාරයද පෙන්වා දුනි.

    “එතකල් මං අර පැත්තෙ පාත්ති ටිකට කොම්පෝස්ට් ටික දාන්නං..”

    “අයියා කොහොමද මේ තරම් හොඳට ගස් ගැන පෝර ගැන දන්නෙ..?”

    “ඇයි ළමයො මං කලේ ඇග්රිකල්චර්නෙ..”

    ඔහු එය කීවේ මගේ නාසයද ලාවට මිරිකමිනි. මම වහා පස්සට පැන්නෙමි. ඔහු සිනාසී යන්නට ගියේය.

    ඉතින් විනාඩි හතලිහක් පමණ කාලයක් අපි එක දිගටම වැඩෙහි නිරත වූයෙමු. කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පොල් ගෙඩි වැනි වැහි බින්දු එකවර කඩා හැලෙන්නට විය. හාත්පස අඳුරු කර ගස් වැල් අඹරා දමා අහස අනෝරාවකට සැරසී උන්නේය. පොහොර ගෝනිය පසෙක දැමූ සාගර අයියා මා උන් හට් එක යටට තෙමීගෙන දිව ආවාය.

    “මං කිව්වනේ අයියා වහී කියලා..”

    මගේ හඬට ඔහු අමුතු බැල්මකින් මදෙස බැලුවේය. වෙනදා නුපුරුදු ඒ බැල්ම හමුවේ මා සිත සැලී ගියේය.

    “වැස්ස වැඩි කරනව නංගි.. මෙතන හිටියොත් නාන්න වෙයි.. යමු ගෙදර..”

    එසේ කියූ ඔහු කිසිවක් හිතන්නට හෝ ඉඩ නොතබා මාව ඇදගෙන හට් එකෙන් එළියට ආවේය. ගත රිදෙන තරම් සැරට වැහි බිඳු කඩා හැලෙද්දී අප දෙදෙනා හැල්මේ නිවස දෙසට දුවගෙන ආවෙමු. වැස්සෙන් බේරීමට සිතා ආවද නිවසේ මිදුලට එනන විටත් අප උන්නේ හොඳටම තෙත බරියම් වීගෙනය. හිසේ සිට පාදාංතය තෙක් වතුර ගලා යද්දී මම වැරැන්ඩාවේ වූ විසල් කුළුණකට බර විමි.

    “ඔයව වෙව්ලනව නංගි.. ගිහින් පිහදඟන්න..”

    මෙලෙස වතුර බේරි බේරී නිවස තුළට යා නොහැක.

    “ගේ තෙමෙයි අයියා.. ඔයා ගිහින් ගේන්නකො..”

    “අපි දෙන්නගෙන් කවුරු ගියත් තෙමෙනවනේ.. කාමරේ දොරේ තුවායක් ඇති.. ගිහින් පිහදාගෙන අක්කගෙ ඇඳුමක් මාරු කරගන්න..”

    පා පිස්නාවේ දෙපා තදට පිස දමා මා ඇඟිලි තුඩු වලින් නිවසට ඇතුල් විනි. අක්කාගේත් සාගර අයියාගේත් කාමරයට ඇතුල් වී මම ගෙදර දොර උඩ තිබූ තුවාය අතට ගෙන දොර අඩවල් කර දැම්මෙමි.

    කණ්නාඩි මේසය ඉදිරිපසට වී කොණ්ඩය තදට පිස දමා අවසානයේ තුවාය හැඳගත් මා තෙත ඇඳම් මුදා හැරියෙමි. පසුව මම අක්කාගේ ඇඳම් තිබූ අල්මාරි පළුව විවර කළේ මට ගැලපෙන ඇඳුමක් වී දැයි සොයා බැලීමටය. වැහි බීරිම නිසා මා කාමරයේ විදුලි පහන දල්වා තැබුවද එය ක්ෂණිකව නිවී කාමරය අඳුරු විය. තැති ගත් මා අල්මාරිය ළඟින් නැගිට ගනිද්දී සාගර අයියා මගේ නිරුවත් උරහිස ග්‍රහණය කර ගත්තේය.

    සරමකින් පමණක් සැරසී උන් ඔහුගේ දෙනෙත් තුළ වූයේ මා කිසිදා දැක නොතිබූ රාගාධික බැල්මකි. අම්මාගේ, අප්පච්චීගේ, අක්කාගේ පමණක් නොව සඳුන්ගේ රුවද මසිතේ ක්ෂණිකව ඇඳී මැකී ගියේය. මා ඉදිරිපිට මේ හිඳින්නේ මගේ අක්කාගේ සැමියා හෝ මා මෙතෙක් දුටු විශ්වාසනීය මස්සිනා නොවේ. ඔහු තනිකරම සලෙළු මිනිසෙකි.

    “ඔයාට සීතලයි නේද සුදු නංගි..?”

    දෙවියනි ඒ කටහඬ වුවද මා සමග වත්තේ සිට දුව ආ සාගර අයියාගේ නොවන්නේය. ඔහු මා තුරුළට ගනිද්දී හැඳ උන් තුවාය දෑතින්ම උණ්ඩි කර මම විලාප දී හැඬුවෙමි. නමුත් මේ දෙපත් කපා ඇද හැළෙන අනෝරා වැස්සේ මගේ හඬ කිසිවෙකුට ඇසුණා විය නොහැක. මගේ හඬ නොතැකූ ඔහු මගේ මුහුණ ගෙල පිස්සුවෙන් මෙන් සිප ගත්තේය.

    “අනේ සාගර අයියෙ.. ඇයි මේ..?”

    මගේ හැඬුම්බර හඩ නොඇසුණා සේ ඔහු මා ඇඳ උන් තුවායට අත තැබීය. වෙන්න යන්නේ කුමක්දැයි ඉමෙන් මෙන් දැනුන මා ඔහුගෙන් මීදීමට හැකි වෙර යොදා දැගලුවෙමි. නමුත් ඵලක් වුයේ නැත. මා කුලප්පු වූ හස්ති රාජයෙක් ඉදිරිපිට දඟලන හා පැටවෙක් වැනි විය. බැරිම තැන මම දෑත් එකතු කොට ඔහුට වැඳ වැටුණෙමි.

    “අනේ එපා අයියෙ.. එපා..”

    ඒ අවසරයෙන් මා බිම පෙරලා ගත් ඔහු මගේ ගත වසා තිබූ තුවාය මුදා හැරියේය. ඔහුගේ අතපය විකා නියපොතු වලින් සූරා පලක් නොවූ කල ඔහුට ඉඩ දී මා නිසොල්මන් වූයෙමි. ඉතින් අක්කාත් සමග මාස ගණනාවක් නිදා ගත් ඇඳ පාමුලම ඔහු මාවද විනාශ කර දැම්මේය. දෑස් පුපුරා කඳුළු කැට ගලා හැලෙද්දී මගෙන් මිදී ගත් ඒ නොහික්මුණු මිනිසා කාමරයෙන් පිට විය. නමුත් නැගිට ගැනීමට හෝ පණක් නැති මා ගතේ ඉතිරිව තිබුණේ නැත.

    අනේ මේ ගමන නොගොස් නතර වෙන්න යැයි අම්මා කීවා නොවේද..? නමුත් අක්කාට උදව්වක් වශයෙන් පැමිණි මා ජීවිතය විනාශ කර ගත්තේය. මෙය කටක් ඇර කාට හෝ කියන්නේ කෙලෙසද..? අක්කා හැපී මියෙනු ඇත. මෙවන් අවස්ථාවක කිසිදු කම්පනයක් දරා ගැනීමට ශක්තියක් ඇයට නොවන්නේය.

    සිත වඩාත්ම දුක් ගත්තේ සඳුන්ගේ දයාබර නෙත් යුග සිහි වීමෙනි. ඔහුට පිදීමට බලා උන් මගේ ජීවිතය ඔහුගේම ඇවැස්ස සොයුරා උදුරාගත් වග කෙසේනම් කියන්නද..?

    අක්කා මා කෙතරම් පරිස්සම් කළද ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් මා රැක බලා ගැනීමට ඈට නොහැකි විණි. ඉතින් පොළොවේ හැපී හැපී මා බොහෝ වේලාවක් හඬැ වැටුණෙමි.

    අප්පච්චී මලක් මෙන් රැකි ඔහුගේ පුංචි දියණිය අපවිත්‍ර ගැහැණියක ලෙස යළි ඒ සෙවනට යන්නේ කෙසේද..? සිතිවිලි වියරු වැටෙද්දී අමාරුවෙන් නැගිට ගත් මා පෙර ඇඳ උන් තෙත ඇඳමම යලි ඇඟලා ගත්තෙමි. කාමරයේන එළියට පැමිණ සාලය හරහා වේගයෙන් එළියට එද්දී සාගර අයියා දොර ළඟ වුවේය. ඔහුද මා මෙන්ම තෙත ඇඳුමට නැවත මාරු වී තිබිණි.

    ඔහුව නොදුටුවා සේ පැමිණි මා දෙනෙත් පිසදා ගනිමින් මිදුලට බැස්සෙමි. තවමත් වැසි වැටේ. ඒ වැස්ස නොතකා වෑන් රියද පසු කළ මා වේගයෙන් පාරට දිව යද්දී සාගර අයියා නංගී යැයිප වසමින් මා පසුපස දිව ආවේය. මම ඉක්මන් අඩි තබා වේගයෙන් දිව්වද ඔහු මා නවතා ගත්තේය. සිතේ වූ ආවේගයට මම හැකි රෙ යොදා අත දිග හැර ඔහුගේ කම්මුලට පාරක් ගැසුවෙමි. නමුතු ඔහු වචනයක් හෝ කීවා නොවේ.

    “මට සමාවෙන්න රත්තරං නංගි..”

    දෑත් එකතු කොට ඔහු පැවසුවද මසිතේ කිසිඳු අනුකම්පාවක් හට ගත්තේ නැත. මා මෙතරම් හඬා වැටෙද්දී වැඳ වැටෙද්දී එය නොතැකූ ඔහු දැන් මගෙන් සමාව අයැදී.

    “සහෝදරයෙක් කියල හිතුවට තමුසෙ මහ බල්ලෙක් ඕයි.. තමුසෙ බල්ලෙක්..”

    අප උන්නේ පාරේ බව ඒ වෙද්දී මට අමතකව තිබිණි. නමුත් මේ වැස්සේ පාරේ සෙනඟ නෙවූ තරම්ය.

    “බනින්න බබා.. ඇති තරම් බනින්න.. මං තරහ නෑ..”

    තරහ නෑ යන වචනය ඇසී දෙකන් රත් වී ගිනි පිටවිය.

    “තරහ නෑ කියන්නෙ හරියට මං තමුසෙත් එක්ක යාලුවෙලා හිටිය වගේනෙ.. මගේ දෑහට නොපෙනි මෙතනින් යනවා යන්න..”

    ඔහුව තල්ලු කල මා ඉදිරියට ගියෙමි. එවරනම් ඔහු මාව නවතාලූයේ නැත. අතේ සතයකත් හෝ නොමැතිව තෙත ඇඳුම් පිටින් මහ වැස්සේ හඬමින් ගිය මා පිසිසියක යැයි ඇතමෙකුට සිතෙන්නට ඇත. නමුත් මා පිස්සියක නොවේ. ජීවිතයම අහිමි වූ මහා පව්කාරියකි.

    මා මඟ හරස් කරමින් නතර වූ වෑන් රිය සාගර අයියාගේ වඟ මා හැදින්නෙමි. ඔහු වාහනයෙන් බැස ගත් ඉදිරිපසට පැමිණ සිට ගත්තේය.

    “නංගි වාහනේට නගින්න.. ප්ලීස්..”

    “මං තමුසෙගෙ නංගි උනේ කොහොමද..? අයියලා නංගිලට කවදාවත් මෙහෙම දෙයක් කරන්නෑ.. මට යන්න දීලා තමුසෙ ඕන තැනක යනවා..”

    ඔහු නැවත වරක් මගේ අත තදට අල්වා ගත්තේය. නමුත් දැන්නම් ඒ මුහුණේ දිස්වූයේ පසුතැවීමක සලකුණු පමණි.

    “ඔයා ගෙදර එනකල් අමා බලාගෙන ඇති නංගි.. ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද..? අනේ ඒ ගැන හිතලවත් වෑන් එකට නගින්න..”


    දෙවෙනතින් හෝ ගා කඳුළු කඩා හැලුනද ශෝකය යටපත් කරගෙන කෝපය නැගී සිටියේය. මගේ දුර්වලම ඉලක්කය අක්කා වග දැන උන් ඔහු එය තුරුම්පුවක් කර මා නතු කරගැනීමට උත්සාහයක යෙදුනි.

    සැබැවින්ම මා ගෙදර නොගියොත් මට කරදරයක් වූ වග දැන ගතහොත් ඒ සිතට කිසිදා සැනසීමක් නොවනු ඇත. සාගර අයියා කෙරෙහි වූ පිළිකුලට වඩා ප්‍රබලව අක්කා කෙරහි වූ ආදරය නැගී ආවේය.

    “මං මේ කරපු වැරැද්දට මට කවදාවත් සමාවක් නැති වෙයි නංගි.”

    ඔහු මා ඉදිරිපිට දණ බිම ගසා ඉඳගත්තේ අත් දෙකම එකට ගුලි කරගෙනය. පාර් ගිය ඇතැම් වාහනයක් වේගය බාල කර අප දෙස විමසිල්ලෙන් බලනවා මම දුටිමි. මෙය විගඩමහක් යැයි ඔවුන්ට දැණුනේ නම් එය පුදුමයක් නොවේ.

    “හරි ඔයා එන්නෙ නැත්තං මමත් අදර ගෙදර යන්නෙ නෑ..”

    ඔහු නැගිට්ටේ එසේ කියාගෙනය. අක්කාගේ දුක් ගත් මුහුණ යළි යළි සිහියට නැගෙද්දී මා පරාජිත ස්වරූපයෙන් රියට ගො වූයෙමි. නමුත් ඒ ඉදිරිපස අඅසුනට නොව පසුපස අසුනටය.

    පිස්සෙකු සේ රිය පැදවූ සාගර අයියා වචනයක් හෝ දෙඩුවේ නැත. මම නම් දෑස් ඉදිමෙන තුරු හඬා වැටුණෙමි. ඔහු රථය රැගෙන ගිය වේගය කොතෙක්ද යත් මා අසුන පුරා එහා මෙහා විසිවිය. හෙමින් යමු කියා රැක ගැන්මට තරම් ජීවිතයක් මට තවත් ඉතිරිව නැත. ඉදින් මම මුනිවත රැකිමි.

    අදික වේගයෙන් වංගුවක් නැගීමේදී ඉදිරියෙන් පැමිණ ලොරි රථයක් දෙනෙතට හසු විය. මම වහා ඇසි පියා ගතිමි. දඩාස් ගා විශාල හඬක් සවනත වැකෙනවා මට යාන්තමට මතක තිබිණි.


    Mathusambandai.gif