෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
    හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..

    :lol::lol::lol::lol:

    බහින තැන පහුවුනා කියලද......? නැතිනම් ඉස්සරහින් ප්‍රපාතේ කියලද.......? :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එතකොට මෙන්න මේ සින්දුවෙන් කියන්නෙ මොකක් ගැනද බන්....:oo:
    අර භාරත ගී වින්දන එකේ ඉන්න ගෑනි දෙනවා වගේ පැහැදිලි විස්තරයක් ඕනෙ..:frown:

    මේකෙ පයිසා පය්සා කියල මොකක්ද කියනවා...*යි සයිස් එක ගැනද දන්නෙ නෑ..:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    විරේක පෙත්තක් බිලා නිදා ගනින් බන් :D
    අර මොකෑ බං..:nerd:

    පට්ට ඕයි :lol:

    හින්දි චක්‍රවර්ති පිස්සු බඩි. :P:P:P

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    :yes::frown:

    හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
    හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..

    :lol::lol::lol::lol:
    :rofl:
    වනචර මොකක් හරි සීන් එකක් හිතුවා නේහ්..:baffled:

    පාගල් යාර්
    crazy buddy
    ඔය තියෙන්නෙ.. කමෝන් මචං..:dull:

    බහින තැන පහුවුනා කියලද......? නැතිනම් ඉස්සරහින් ප්‍රපාතේ කියලද.......? :rofl::rofl:
    :rofl:

    අඩෝ පට්ට බන් මේක.:love:
    ඒකනේ ඩෝ දැම්මෙ.. උම්මා..:love:

    පට්ට , පට්ට
    එල පුටා..

    චෝටා බච්චෙ තුම්හෙ සාරේ කී පාගල් හෛ..!!
    හෙනා???
    තෝ බැල්ලි පාරෙ සාරිය ගලවලා හූනො අල්ලනවද..??? :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බහින තැන පහුවුනා කියලද......? නැතිනම් ඉස්සරහින් ප්‍රපාතේ කියලද.......? :rofl::rofl:

    නැ නැ බහින තැන පහු වුනා කියලා..........:lol::lol::lol:

    චෝටා බච්චෙ තුම්හෙ සාරේ කී පාගල් හෛ..!!
    හෙනා???

    :eek::eek: කිබුල් බයියා ........:dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට මෙන්න මේ සින්දුවෙන් කියන්නෙ මොකක් ගැනද බන්....:oo:
    අර භාරත ගී වින්දන එකේ ඉන්න ගෑනි දෙනවා වගේ පැහැදිලි විස්තරයක් ඕනෙ..:frown:

    මේකෙ පයිසා පය්සා කියල මොකක්ද කියනවා...*යි සයිස් එක ගැනද දන්නෙ නෑ..:confused:
    ප්‍රියාදර හෙක්ටරය.. මෙය මා ලියූවක් නොවේ..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no:
    නහී බයියා නහී

    මේම් එක මගරාමච්චා පකරා

    නැ නැ බහින තැන පහු වුනා කියලා..........:lol::lol::lol:

    :eek::eek: කිබුල් බයියා ........:dull::dull::dull:

    මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන් වල සඟවා තැබීමේ පුරුද්දක් අම්මටද ඇති බවද මට රහසක් නොවේ.කෙසේ වූවද සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධයිර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැලි වළන් අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළකරන්නේ සාමන්‍යයෙන් තමාගේ කටත්,පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය.එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි.අදත් පසුබට නොවෙමි.බඩගින්න ඉතාමත් දරුණු ලෙස දැනේ.මම කුස්සියට රිංගමි.

    කෙහෙල්මල් ආහාර ද්‍රව්‍ය හිඟයක් නිසා කුස්සියේද කිසිවක් නැත.සීනි වලින් බඩ පුරවා ගත නොහැකි බැවින් සීනි බෝතලය නොසොයා මම දොර මුල්ල පරික්ෂා කලෙමි.ඊයේ හවස ඉවර කරන ලද වරකා ගෙඩියේ ඇට ටික දොර මුල්ලෙහි විය.මෙය හොදට පිටි තිබෙන වරකා ගෙඩියක ඇට හෙයින් මම කොස් ඇට කිහිපයක් ලිපට දැම්මෙමි.ලිපේ ගින්දර ටිකක් මදි වූ බැවින් ලිපට මුහුණ ලං කර පිම්බ කල විසිරි ගිය අළු නිසා මගේ මුහුණ සිනමා නිළියකගේ මෙන් අලංකාර වූ අතර දිවට දැනුනේ ඇඹුල් රසයකි.මම සරමෙන් මුහුණ පිසදා ගත්තෙමි.යලිත් හොස්ස දික්කර මට පිඹින්නට ලැබුනේ එක පාරකි.'ඩෝන්!' යන මහා හඬක් නංවා කොස් ඇටය පිපිරුවේය. මුළු ලෝකයම අන්ධකාර විය.

    හිරෝෂිමාවට පරමාණු බෝම්බය වැටුණු පසු මෙන් ලිපෙන් දස අතට විසිවී ගිය කොස් ඇට කෑලි සහ පිටි වලින් මගේ නහයත් කටත් පිරිනි.කොස් ඇට පොතු කෑල්ලක් උගුරේ හිර වී මට කැස්සක් ඇති විය.ඇස් දෙක අළු පිරිම නිසා නොපෙනී ගියේය.කොස් ඇටය පිපුරුණු හඬ අසා කන් දෙක ඇතුලේ 'ක්‍රින්' යන හඬක් ඇති විය.ගිනි පුපුරක් හිසකෙස් අතරට විසිවී තිබුන නිසා හිස දන්නට විය.එක ගිනි පුපුරක් කමිස සාක්කුව තුලට වැටි පපුව දන්නට විය.තව ගිනි පුපුරකින් බඩ දන්නට වූ පසු මම සරම ගසා දැම්මෙමි.මේ අතර තව ගිනි පුපුරකින් බෙල්ල දන්නට වූ නිසා මම විගහට බෙල්ල පිසදැම්මෙමි.පසුව බිම අතගා සරම සොයා ගෙන ඇද ගත්තෙමි.

    කොස් ඇටය පිපිරීමේ ශබ්දය ඇසී අම්මා ගඟේ සිට දියරෙද්ද පිටින්ම දුවගෙන අවුත්,වහාම මා කුස්සියෙන් එළියට ඇද ප්‍රථමාධාර වශයෙන් කොන්දට වේගයෙන් පහර දෙකද්ද,හෙමින් පහරක්ද ගැසූ පසු මගේ කටේ හිරවී තිබු කොස් ඇට කෑලි හා පොතු බායියෙකු දුටු ණයකාරයෙකු මෙන් මෙන් පලාගියේ උගුරටත් නොකියය.මේ අතර වට පිටාවේ උන් සියලුම බවලත් උදවිය,

    "මොකද අනේ! මොකද අනේ!" කියමින් අපේ කුස්සිය වටා රොක් වී අම්මාගෙන් කරුණු විමසන්නට වූහ.මා අතින් පිපිරුනේ කොස් ඇටයක්ය යන බව පැවසුවහොත් මගේ තත්වයට මදි කමක් වේයැයි කල්පනා කල අම්මා ඔවුනට පැවසුවේ,

    "මොකද්දෝ සූත්තරයක් කරන්නට ගිහිල්ලා පුපුරලා!" යනුවෙනි.

    ටිකින් ටික තත්වය උග්‍ර අතට හැරුණි.ගමේ සියල්ලම ටිකින් ටික සමුහ වශයෙන් අපේ ගෙදරට ඇදෙන්නට විය.මා තීන රතිඤ්ඤායක් පත්තු වූ බව මෙයින් සමහරකට ආරංචි වී ඇති අතර, සමහරුනට මා අතින් බෝම්බයක් පිපිරුණු බවට සැලවී ඇත.කටින් කට ගිය කතා නිසා මේ සිද්ධිය පොලිසියට සැල වූයේ මා බෝම්බයක් හදමින් සිට එය පිපිරී ගිය බවය.පොලිසිය වහාම අපේ කුස්සියට අවුත් ලිපේ අළු හා විසිරි ගිය කොස් ඇට කෑලි එකතු කොට රජයේ රස පරීක්ෂකයා වෙත යැවූවෝය.පොලිසියේ අදහස වූයේ යම් කඩාකප්පල්කාරී පිරිසකගේ උසිගැන්වීම පිට මහා විප්ලවයකට අවශ්‍ය දරුණු ආයුධයක් තැනීමට මා පර්යේෂණයක දී සිටියදී එය පුපුරා ගිය බවයි.ඔවුන් අම්මාගෙන් කට උත්තර ලබාගෙන වැඩිදුර පරීක්ෂණයකට ලක් කරන තෙක් ලිපට සීල් තබා කුස්සියේ දොර ළඟ මුර කිරීමට පොලිස් භටයන් දෙදෙනෙකු තබා ගිය පසු මම කටඋත්තර නැතිව බකං නිලාගෙන බඩ උලාගෙන සිටියෙමි.

    සිද්ධිය මෙයින් කෙලවර වූයේ නැත.සවස් වී ගෙන එන විට පුවත්පත් වාර්තාකරුවන් අපේ ගෙදරට පැමිණ මේ ගැන අම්මගෙන් හා මගෙන් ප්‍රශ්න කර සිද්ධිය වහාම ඒ ඒ පුවත්පත් වලට වාර්තා කල අතර, එතෙක් කෝපයෙන් මා දෙස රවාගෙන සිටි අම්මාට හිනාවෙන්නට කියා ඡායාරූප ගැනීමටද අමතක කළේ නැත.ඔවුන් ගිය පසු අම්මා මට දෙහි කපන්නට වූවාය.එහෙත් පසුදා පුවත්පත් වල පළවූයේ මගේ විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා නොමසුරු ආධාරය හා අනුබලය දී ඇත්තේ අපේ අම්මා බවය.

    පසු දින මා අත් අඩංගුවට ගන්නා ලදී.අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ 114,115 හා 279 යන ඡේදයන් යටතේ මට විරුද්ධව නඩු පැවරීමට පොලිසිය කටයුතු කළේය.මේ අතර දිවයින පුරා හදිසි නීතියද,මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතියද පනවන ලදී.

    විදේශ රටවල මේ පුවතට විශේෂ තැනක් ලැබිණි.

    'ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි!'
    'ලංකාව න්‍යෂ්ටික ආයුධ තනයි!'
    'ලෝක සාමයට ලංකාවෙන් තර්ජනයක්!'
    'ලංකාවෙන් ජලකර බෝම්බයක්!' සහ
    'න්‍යෂ්ටික බලය ලංකාවටද?'

    ආදී ශීර්ෂයන්ගෙන් යුතුව විදේශීය පුවත් පත් වල විස්තර පළවන්නට විය.මේ අතර පොලව යට හා අළු යට කෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නවත්වන ලෙස ලෝකයේ සෑම රටකින්ම පාහේ ලංකාවට කේබල් පණිවිඩ එවන්නට විය.තවද අර්ධ න්‍යෂ්ටික අවි තහනමට මොස්කව් නුවරදී අත්සන් තැබූ බැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහා රැස් කරන මෙන් ලෝකයේ මට විරුද්ධව සෑම රටකින්ම බලකිරීමක් විය.ජිනීවා නුවර පැවැත්වෙන න්‍යෂ්ටික අවි පිලිබඳ කතාබහට මගෙන් ලැබී ඇත්තේ මරු පහරක් බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියහ.

    කෙසේ වූවද අපේ අම්මාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂක පිරිසක් අපේ ගෙදරට අවුත් මේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පවත්වන බව රිමාන්ඩ් බාරයේ සිටි මට දැනගන්නට ලැබුණි.කුමකින් කුමක් සිදුවන්නට යන්නේ දැයි නොදැන එඩේරු තෙල් පානය කර ශරීර සවුක්‍යයේ විපර්යාසකට පත්වූවෙකු මෙන් බයෙන් තැති ගැහී ගැහී රිමාන්ඩ් භාරයේ සිටි මම මෙම විශේෂඥ පිරිසට සත්‍ය අවබෝධ කරවන මෙන් දෙවියන්ට යාච්ඤා පැවත්වීමි.

    ලෝක විශේෂඥයන් පිරිස අපේ කුස්සියේ පරීක්ෂණ පවත්වන ගමන් දොර මුල්ලේ තිබුණු කොස් ඇට ටික දැක අම්මාගෙන් විශේෂයෙන් ඒ ගැන ප්‍රශ්න කර ඇත.එම කොස් ඇට තම්බාගෙන හෝ කබලෙන් බැඳ හෝ ලිපේ දමා පුළුස්සා කෑමට ගත හැකි බවත්,එය ඉතා රසවත් කෑමක් බවත් අම්මා ඔවුනට පවසා තිබේ.හදිස්සි වූ ඔවුන් එය ඉතා ඉක්මනින් පිළියෙළ කරගත හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කල පසු අම්මා කියා ඇත්තේ ලිපට දමා ලිපට දමා පිලිස්සීමෙන් කාර්ය්‍ය ඉක්මන් කල හැකි බවයි.ඔවුන් කොස් ඇට කිහිපයක් ලිපට දමා ලඟට වී බලා සිටි අතර අම්මා ලිපෙන් ඈත් ව සිටියේ කොස් ඇට වල පිටි වැඩි බව දත් නිසාය.මොහොතකින් කොස් ඇටයක් පිපිර ගොස් ඇති අතර,එයින් බියට පත්ව උඩ ගිය විශේෂඥයින්ගේ ඔළුගෙඩි වැදීම නිසා දුම්මැස්ස කැඩී,පෙරලි ගිය හැලි වළන් වලින් කිහිපයක් ඔවුන්ගේ හිස් වසා හිර වී ඇත.

    විශේෂඥයන් ආධාර ඉල්ලා කෑ ගසද්දී අම්මා ඔවුන්ගේ ඔළුවල හිරවුණු හැලි වළං ඉවත්කර ඔවුන් බේරා,මා ඇති වූයේද එවැනිම සිද්ධියක් බව ඔවුන්ට පෙන්නුම් කර සිටියාය.සත්‍යය අවබෝධ කරගත් ඔවුහු කොස් ඇට සාමාන්‍ය වශයෙන් අන්තරාදායක වූවද, ලෝක සාමයට තර්ජනයක් එයින් නැති බවත්, මගේ අතේ කිසිදු වරදක් සිදු වී නොමැති බවත් ලංකා ආණ්ඩුවට සහ ලෝක සමුළුවට අපේ කුස්සියේ සිටම ගුවන් විදුලි පණිවුඩ මගින් දන්වා සිටියහ.එමෙන්ම මා වහාම රිමාන්ඩ් බාරයෙන් නිදහස් කලයුතු බවත්, මගේ ආරක්ෂාව සදහා අපේ වත්තේ වරකා ගහ කපා දැමිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් නිර්දේශ කළහ.

    මා රිමාන්ඩ් බාරයෙන් මිදී ගෙදර එන විට ලෝකය සන්සුන් වී තිබු අතර,ලංකාව ලෝකයේ බලගතු රටක් විදියට මුළු ලෝකය විසින්ම පිළිගනු ලැබුණි.එහෙත් ඊටත් වඩා වැදගත් යමක් සිදු වී ඇති බව පෙන්වීමට අම්මා මා වත්තට කැඳවාගෙන ගියාය.බලපත්‍ර ලබාගත නොහැකිව මෙතෙක් කල් කැපීමට ක්‍රමයක් නැතිව තිබු කොස් ගස වත්ත මැද කපා දමා තිබු අතර, ලී ඉරීම සදහා සාදන ලද අට්ටාලයක් මත සිංහ කොඩිය බැබලෙමින් තිබුණි.

    උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්ත

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :dull::oo::confused::confused::confused::rolleyes::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නහි හේ බයියා......:no::no:
    මේ බොහොත් අච්චා චෝටා බෙහෙන් හු.....:rofl::rofl:
    මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..:rofl:

    මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක්‌ හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීමත් ආදී ඒකාකාර විදිහේ මංගල දේශනා පැවැත්වීම මට මහත් වාතයක් වී ඇත..

    කෙසේ වුවද ළගදී මගේ මිත්‍රයෙකුගේ මගුල් උත්සවයකට සහභාගී වූ මනාලියගේ නිවසේදී කතාවක් කලේ දිවා ආහාරයට පෙර කරන ලද මත්පැන් සංග්‍රහයෙන් හොදටම පදම් වී සිටි අවස්තාවකය.වෙනදා මෙන් නොව මෙදා මට කියවුනේ ඇත්තය. ඒ කතාව මෙසේය..

    "මංගල සභාවෙන් අවසරයි.. හිතවත් බවක් පෙන්වන නෑදෑවරුනි, හිතවතුනි, මිත්‍රවරුනි, මවුවරුනි, පියවරුනි, සහෝදරියනි. මට පෙන්න බැරි දෙයක් තමා මගුල් ගෙදරකට ආවම කතාවක් කරන්න කියලා මට කරදර කරන එක.කොහොම වුනත් කතාවක් කරන්න ලැබීම ගැන මම සන්තෝස වෙනවා කියලා කියන්නම්.(හිත යටින් 'නොදකින් මෙහෙම කරුමයක්' කියලා මටම කියාගන්න ගමන්).."

    "මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ. එක අතකින් බලපුවාම ඇක්සිඩන්ට් එකකින් වෙන තුවාල හොද කරගන්න පුළුවන්. ඒත් මං අවධාරනයෙන් කියන්න කැමතියි මේ විවාහයෙන් ඇතිවෙන තුවාලයනම් කිසිදාක හොද වෙන්නේ නෑ. විවාහය කියන එක මහා වාතයක්!! හොදට කල්පනා කරලා බලන්න. තනියෙන් ජීවත් වෙන්න තියෙනවනම් කොච්චර ජොලිද.? ආශාව තියෙනකම් එකට ඉන්නවා. එපා කියලා හිතුනාම දාලා ගිහින් වෙන ගෑණියෙක් එක්ක ඉන්නවා. ආන්න එහෙම තමන්ට කැමති පරිදි ඉන්න තියෙන නිදහස මේ විවාහය කියන කෙහෙල්මල් බැදීම නිසා අපිට නැති වෙනවා. ගෑනි හොද වුනත්, නරක වුනත් අපිට බැදගත්ත බෙරේ ගහන්න වෙනවා.."

    "ඇත්තම කියන්න, පිරිමින් වශයෙන් අපි කොහෙත්ම කැමැත්තක් නෑ විවාහයෙන් හිර වෙලා අපේ නිදහස නැති කරගන්න.නමුත් මේ බලවත් උදවිය තමා කොහොමහරි අපිව පටලවාගෙන අපිව සදාකාලිකව සින්න කරගන්න පොතේ කුරුටු ගාන්න දගලන්නේ. ඉති අපි උන්ට කන්න අරන් දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, අරක අරන් දෙන්න කිව්වම ඒක අරන් දෙන්න ඕනේ.. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. අපිට වෙන ගෑනියක් දිහා බලන්නවත් දෙන්නේ නෑ.. ඔන්න ඕකයි අපිට මේ කෙහෙල්මල් විවාහයෙන් ලැබෙන කජ්ජ.."

    "කොහොම වුනත් මේ විවාහ මංගල්‍යය උත්සවය ඉතාමත් සාර්ථක එකක් කියලා කියන්න පුළුවන්. මනාල මහත්තයත් එක්ක එන අතර මගදී කාර් එකේ ටයර් එකක් ගියා. තවත් තැනකදී පැට්‍රොල් හිර වුනා. ලගටම එනකොට එන්ජිම නැවතුනා.අපි ඔක්කොම බැහැලා දැම්මා නේද තල්ලුවක්.මනාල මහත්තයා තල්ලුව දානකොට ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික දැම්මා නේද මාර හූවක්.. දත් කුට්ටම ටිකක් බුරුල් හින්දා මිසක් අපේ මනාල මහත්තයා හොදවායින් දෙකක් නොකියා ඉන්නේ නෑ.."

    "අපි මෙහෙට සම්ප්‍රාප්ත වෙන කොට පත්තු කරපු රතිඤ්ඤා වලින් හුගක් වලින් ආවේ පුස් හඬක්. රබාන පැලුණු හඬ අපිට කාර් එක ඇතුලෙදීම ඇහුනා.ජයමංගල ගාථා කියපු ගෑණු ළමයින්ගෙන් කොනේම හිටිය ගෑණු ළමයනම් හැඩයි.අනිත් අයනම් හරිම ගොරක තමා. ගාථා කිව්වෙත් වරද්ද වරද්දා.."

    "අපිට වාඩිවෙන්න දුන්නු පුටු වල.. මගේ අම්මේ එහෙම මකුණෝ ගොඩක්!! මං වාඩි වෙච්ච පුටුව කැඩිලා.මගේ පස්ස පැත්ත තවම රිදෙනවා පුටුව කඩාගෙන බිම වැටුණු පාර. වෙඩින් කේක් වල තිබුනේ මුද්දරස්පලම් නෙවෙයි. රට ඉදි! කිරිබත් පිළුණු වෙලා හොදටම.මං හිතන්නේ මංගල්ලේ ජයට ගන්න කලින් ඉදන්ම සූදානම් වෙලා හිටිය හින්දා වෙන්න ඇති. කැවුම් හදලා තිබුනේ සීනි දාලා. මෙහෙට කොහෙන්ද කිතුල් හකුරු..!!"

    "මේ සාර්ථක විවාහ මංගල්ල්‍ය උත්සවේ ගැන මං වැඩි වෙලා කතාකරන්න කැමති නෑ. මොකද මට පේනවා මනමාල මහත්මිය කොච්චරවත් බිත්ති ඔරලෝසුව දිහා බලනවා. ඒක හිතලද යන්න හදිසිද කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම උනත් සාමාන්‍ය සිරිත අනුව මනමාල මහත්මයා ගැන සදහන් කරන එක මගේ යුතු කමක්. මනමාල මහත්මිය ගැන යමක් කීමට මා දන්නේ නෑ.මං හිතනවා ඒක මගේ වාසනාවක් මෙන්ම අප කාගේත් වාසනාවක් කියලා! කොහොම උනත් සදහන් නොකරම බැරි දෙයක් තමා.. 'සමාවෙන්න., මනමාල මහත්මිය මගේ කකුල කෙනිත්තුවා.-ඌයී!! රිදෙනවා!!' කමක් නෑ. එයා අකමැති හින්දා මං එයා ගැන මොනවත් කියන්නේ නෑ.."

    "අපේ මනමාල මහත්මයා ගැන යමක් සදහන් කරනවානම්.., මං කියන්න කැමතියි, අද මේ අවස්ථාවේ විතරක් නෙවෙයි, එයාගේ මනමාලකම් හැමදාමත් එක වගේ තමා.. මං පුංචි කාලයේ ඉදන්ම මේ මනමාල මහත්තයාව ලගින්ම ආශ්‍රය කරා. මොකද එයාගේ ගේ තියන්නේ අපේ ගේ කිට්ටුවම. අපේ තාත්තා මනමාල මහත්මයා ඉපදෙන්නත් ඉස්සර ඉදන්ම එයාගේ මව සමග කිට්ටු ආශ්‍රයක් තිබුනා.අපේ අම්මා කොච්චර ගෝරි දැම්මත් තාත්තා නෙවෙයි ඒ සම්බන්ධෙ අතහැරියේ.අපේ පවුල් දෙක අන්නෝන්‍ය වශයෙන් එහෙම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තිබුණු හින්දා මට බය නැතුව මනමාල මහත්මයා ගැන කතා කරන්න පුළුවන්.."

    "සමහර ගුරුවරු මෙයාට කොච්චර කැමතිද කියනවනම් එකම පන්තියේ අවුරුදු හතර පහ තියාගත්තා.ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හම්බවෙනකම් මෙයා නිකම් හිටියේ නෑ.මෙයාගේ තාත්තාට ජේ.පී. පට්ටම ලැබුනායින් පස්සේ හරක් හොරකම නතර කරලා පියාගේ රාජකාරිය බාර ගෙන ඊටත් හොදින් සේවය ඉටු කරා.."

    "මේ මනමාල මහත්තයා දක්ෂතාවයන් කිහිපයක් තියෙන පුද්ගලයෙක්. ' ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියන අලගියවන්න මුකවෙටි කවියාගේ කියමන මෙයා හින්දා බොරු වෙනවා. එකකට එකක් වෙනස් රස්සාවල් සිය ගණනක් මෙයා කරලා තියෙනවා.එක රස්සාවක් මාසෙකට වඩා මෙයා කරේ නෑ.රස්සාවල් දුන්නු අය බංකොලොත් වුනා මිසක් මෙයා නෙවෙයි බංකොලොත් වුනේ.."

    "මෙයාට පොලිසිය ගෙදර වගේ. උසාවිය සෙල්ලම් පිට්ටනිය වගේ.හිරගෙදර ක්ලබ් එක වගේ.ඉස්පිරිතාලය රෙස්ට් හවුස් එක වගේ.මෙයාට කොතනත් එකයි.කොතනත් ජනප්‍රියයි.."

    "මෙයාගේ අත් අකුරු ලස්සනයි කියලා මගේ කනටම ඇහිලා තියෙනවා ගෑණු ළමයි සියගණනක් කියනවා.නමුත් එකම ගෑණු ළමයෙකුටවත් මාසෙකට,දෙකකට වඩා අහුවෙන්නේ නැතිව බේරිලා සිංහල සංස්කෘතිය අනුව මේ විවාහයට කැමති වීමට තරම් මෙයා කීකරු හැදිච්ච කමක් තියෙන කෙනෙක් වීම ගැන මනමාල මහත්මියගේ පැත්තේ අය සන්තෝස වෙන්න ඕනේ.."

    "මේ මනමාල මහත්මයා තරම් යුතුකම් ඉටු කරන පුද්ගලයෙක් මං ජිවිතේට දැකලා නෑ. එක් කෙල්ලෙක් සමග සම්බන්ධ කම් පවත්වද්දී අත්වැරැද්දකින් ඒ ගෑණු ළමයට පොඩි බබෙක් ලැබුනා.මේ පොඩි බබෙක්!! එච්චර ලොකු නෑ!! පොඩි අත්වැරැද්දක් වුනත් මේ මනමාල මහත්මයා නොසලකා හිටියේ නෑ.අද වුනත් පඩියෙන් භාගයක්ම මෙයා ඒ ගෑණු ළමයටයි, ඒ අත්වැරද්දෙන් ලැබුණු දරුවටයි වියදම වශයෙන් දෙනවා. ඒ කොහොම වුනත් මේ මනමාල මහත්මියට තියෙන කුළුදුල් ආදරේ හින්දා මේ විවාහයට මනමාල මහත්මයා....."

    මගේ කතාව නතර කල මනමාලිගේ පියා 'පොඩ්ඩක් ඔහොම ඉන්න' කියා කාමරයට ගියේය.මොහොතකින් ඔහු එලියට ආවේ තුවක්කුවක් හා පතොරම් කිහිපයක් අතැතිවය.

    "මනාලයත් ඒ එක්ක ආපු හැත්තෑ වරිගයත් දැන්ම මේ ගෙදරින් පිටවුනේ නැත්නම් මං එක එකාව බාවනවා!! මේ වගේ වනචරයෙකුට මගේ දුව කෑලි කෑලිවලට කැපුවත් දෙන්නේ නෑ! හොද වෙලාවට හවස කසාදේ රෙජිස්ටර් කරන්න තියාගත්තේ! මැරුම් නොකා පළයව්!! "

    යැයි කියමින් ඔහු ගර්ජනය කරන්නට විය.නගුට අමුඩ ගසාගත් අපි වහාම කාර් වලට පැන පිටත් වීමු.අතරමගදී කාර් නතර කල මනාලයාගේ නෑදැයෝ මා වැලදගෙන ඉඹින්නට විය.

    "අර වචනය දුන්නු හින්දා මේ මගුල කරන්න ඉදිරිපත් වුනාට මොකද පස්සේ උන් ගැන ආරංචි වෙච්ච ඒවා හැටියට මං හරිම වේදනාවකින් හිටියේ මේ මගුල ගැන. මහත්තයාගේ කතාව නිසා අපි බේරුනා.." මනමාලයාගේ පියා කිවේය.

    "උන් දෑවැද්ද දෙනවා කීවෙත් බොරුවට.. මේ ළමයා හින්දා බේරුනේ.." මව කීවාය..

    "අම්මලා තාත්තලා මොනවා හරි කරගයි කියන බයට මේ කසාදෙට මං කැමති වුනාට මචන් මේ මගුල වුනානම් මටයි දිවිනහගන්න වෙන්නේ.. මචං උඹ මාව බේරුවා.." මගේ මිත්‍ර මනාලයා කිවේය.

    "ඈ මහත්තයෝ.. කතාවේදී කීවා නේද අපේ පුතා කවුද ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා ළමයෙකුත් ඉන්නවා කියලා.. යමුද එහෙ බලන්න.." පියා යෝජනා කළේය..

    අපි එහෙ ගියෙමු. මිත්‍රයාගේ මවත් පියාත් නෑදැයෝත් එහෙදි මහත් සතුටට පත්වූහ.

    "සීදේවි ගෑණුළමයා.." පියා කීය.

    "ලස්සන දරු පැටියා.." මව කීවාය.

    "හොද ගේ දොර.." නෑදැයෝ කිවෝය.

    "පුතේ.. අද හොද නැකත් දවසේ උඹ මේ ළමයාව බැදගනින්.අපි ඔක්කොම යමු කච්චේරියට.." පියා යෝජනා කළේය. මව ස්ථීර කළාය. මනාලයා යෝජනාව ක්‍රියාත්මක කළේය.. මං අත්පොලොසන් දුන්නෙමි..

    උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්ත