෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?

    මේ මම දාපු වෙනත් නවකතා
    කියවන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් කියවන්න
    මේකෙ කොමෙන්ට් අස්සෙ කියවන්න අමාරුයි නම්
    බ්ලොග් එකට ගිහින් කියවන්න

    :)
    http://kathandarapoth.blogspot.com/
    ඕකයි බ්ලොග් එක

    ..මේ කතාවන් වලට අදාල ලින්කු ටික..

    ෴♥ වලාවක් සේ ♥෴

    ෴♥ යොවුන් මාරුතේ ♥෴

    ෴♥ ඒ මගේ මලයි ♥෴

    ෴♥ ඒ මගේ මලයි 2 ♥෴

    ෴♥ ඒ මගේ මලයි 3 ♥෴

    ෴♥ බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 ♥෴
    ෴♥ සමනල වසන්තය ♥෴

    ෴♥ සිත තාම සුවදයි ♥෴

    ෴♥ නෙතු හැඩුවා ඔබට හොරා ♥෴

    ෴♥ සමාවෙන්න රත්තරනේ ♥෴



    Cover-1.jpg


    01.png


    හිර කූඩුවෙ දාලා වගේ දවස් දෙකක්ම කාමරේ ඇතුළට වෙලා ඉද්දි මොන හේතුවකටද මන්දා මට මතක් උනේ මගේ පරණ යාළුවව.. මිනිහට කෝල් එකක් දීලා බැලුවොත් නරකද..? මං පරණ පුරුද්දට නම්බර් එක වඩල් කරා.. නියමයි ෆෝන් එක වැඩ..


    “හෙලෝ..”


    මගේ වෙලාව කියන්නෙ ෆෝන් එක ඉස්සුවෙ පබසරමයි..


    “හෙලෝ.. කුඩ් අයි ස්පීක් ටු පබයා..?”


    “හූ ඊස් ස්පීකිං..?”


    “මචං ගිම්හාන හියර්..”


    “අඩෝ.. උඹ ආවද..? කවදද ආවෙ..?”


    “ආවෙ පෙරේදා හවස.. වස කම්මැලියි බං.. උඹට බැරිද අපේ ගෙවල් පැත්තෙ එන්න..?”


    “රායිට්.. මං හතර වෙද්දි එන්නං.. උඹ පොඩි ගමනක් යන්නත් එක්ක ලෑස්ති වෙලා ඉදපං..”


    එහෙම කියලා පබසරයා ෆෝන් එක තිබ්බා.. ගේ අස්සට වෙලා ඉන්නවට වඩා කොහෙ හරි යන්න තියෙනවා නං හොදයි.. පබයා එන්නත් කලින් තුන හමාර වෙද්දි මං ලෑස්ති උනා..


    “ලොකු පුතා.. මේ කොහෙ යන්නද..?”


    මං සෙටි එකට වෙලා ඉදගෙන ඉන්නවා දැකලා අම්මා ඇහුවා..


    “දැන් පබසර එනවා කිව්වා.. මං ඌ එක්ක ටිකක් එළියට ගිහින් එන්නං..”


    “පහුගිය කාලෙ ඔයා ගෙදර හිටියෙ නැති උනාට ඒ ළමයා මේ පැත්තෙන් ගියොත් ගෙට ගොඩවෙලාමයි යන්නෙ..”


    ඉස්කෝලෙ ගිය කාලෙ ඉදලම මමයි, පබසරයි, රොහානුයි හෙන ෆිට්.. ඕන ගමනකට එකට තමයි.. ඒ උනාට තාම රොහාන්ට කෝල් කරන්න වත් බැරි උනා.. පබසර එක්ක උගේ ගෙදර ගිහින් ඌව සප්‍රයිස් කරානං හරි..


    පබසරයගෙ කාරෙකේ සද්දයක් ඇහුනා විතරයි මං එළියට ගියා.. ඌ ඉස්කෝලෙ යන කාලෙ හිටපු චූ කොල්ලා නෙමෙයි දැන්.. මහත්වෙලා උස ගිහින් සිරා ලුක් එකක් ඇවිත්.. පොර කාර් එකෙන් බැහැලා ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියා.. ඊට පස්සෙ දුවගෙන වගේ ඇවිත් මාව බදාගත්තා..


    “උඹ මාර හැන්ඩියා වෙලානෙ බං.. මොකෝ මේ චීන ඌරෙක් වගේ සුදු වෙලා.. ඕස්ට්‍රේලියාවෙ සැප වැඩියිද..?”


    “මොන සැපද..? මම බුදු කට්ටක් කෑවෙ එහෙට වෙලා.. අම්මෝ ආයෙනං යන්නෑ බං..”


    “එතකොට එහෙ දාලා ආපු සුදු කෑල්ලට මොකෝ වෙන්නෙ..?”


    “එහේ සුදු කෑලි නං ඉන්නවා ඕල් සේල් ගානට.. පැනලා දෙන්නෙ.. උන් අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ..”


    “ඒ කියන්නෙ උඹ තාම බැචලර් ද..? අනේ පල බං අපිට කොලේ වහන්නෙ නැතුව..”


    “අයිම් සීරියස් මචං.. මම එහේ හිටියේ ශ්‍රී ලංකන් ෆැමිලි එක්ක එක්ක.. එහෙත් අන්කල්ට කොල්ලොම දෙන්නෙක්.. අපිට ෆිට් කෙල්ලො සෙට් එකකුත් හිටියා.. හැබැයි උන් සේරම යාළුවො.. නතිං එල්ස්..”


    “හරි හරි උඹ කියනවා අපි අහනවා.. මේ.. ඒක නෙමෙයි උඹ දන්නවද රොහාන්ගෙ සීන් එක.. ඌ පෙරේදා මැරි කලා.. හෙට හෝම් කමින් එක..”


    “නෑ.. බලපං ඉතිං.. ඌව මරන්න එපැයි.. මට නිකංවත් කිව්වෙ නෑනෙ..”


    එකට බඩ බැදගෙන හිටපු අපි තුන්දෙනා මේ වෙද්දි ගොඩක් දුරස් වෙලා වගේ මට දැනුනා.. පබසර කියපු කතාව විශ්වාස කරන්නත් බැරි තරම්..


    “උඹ ඌට විතරක් බනින එක අසාධාරණයි.. රොහානයා උඹලගෙ ගෙදරටත් පණිවිඩයක් තියලා.. ඌ ගිය සතියෙ දෙපාරක් උඹට රින්ග් කලාලු..”


    ඇත්තනෙ.. මං ගිය සතියෙ ලංකාවට එන සිහියෙන් එහේ මෙහේ දිව්වා මිසක් ෆෝන් එක ගැන බැලුවෙ නෑනෙ.. අන්තිමට ඒකත් ජයසිරි මංගලම් වෙලා..


    “කියන්න තියෙන දේවල් මෙහෙම තදියමේ කියන්න බෑ බං.. වරෙන්කො යන ගමන් කියන්නං..”


    “හිටපං.. මොනව හරි බීලා යං..”


    “දැන් බෑ.. එද්දි බොමු..”


    එහෙම කියලා පබසර උගේ අතේ තිබුන යතුර මගේ පැත්තට විසි කලා..


    “මේ මොකද මේ..?”


    “මල්ලිට ඉතිං ලංකාවෙ පාරවලුත් අමතක වෙලා ඇතිනෙ.. මතක් වෙන්නත් එක්ක උඹ ඩ්‍රයිව් කරපං..”


    “දැන් කොහෙද යන්න හදන්නෙ..?”


    “හමීඩියාස්.. හෙට හෝම් කමින් එකට කිටක් හදන්න දුන්නා.. ඒ ගමන්ම උඹටත් එකක් මැච් කරලා බලමු..”


    “ආ යූ මෑඩ්..? මට යන්න බෑ..”


    “මේ පිස්සු නැතුව යමං.. ඌ උඹව දැකලා පුදුම වෙයි..”


    මූ දෙයක් කියලා පහදන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි.. රොහාන් බලන්න තියෙන කැමැත්තටම මමත් කැමති උනා.. හමීඩියා එකේ පැයකට වඩා ඉදලා අපි දෙන්නා ඇදුම් දෙක හදා ගත්තා.. පබයා කෝට් කිට් එකක් ගත්තට මම ගත්තෙ කළුවට හුරු කුර්තා එකක්..


    “හෙට උඹ මේද ඇදලා ෂාහිඩ් කපූර් වගේ ඉදියි..”


    මේකා දැන්මම මට බර බරේ දානවා.. හෙට හෝටලේ ප්ලේට් එක්ක වැඩි උනා කියලා රොහාන් ෂාහිඩ් කපූර්ට ගහලා එළවයිද මන්දා..


    “මචං ගිම්.. ඔය කොහෙහරි සෙල්ලම් බඩු කඩේකින් නවත්තපං.. අපේ අක්කගෙ කොලු පැටියට වෝටර් ගන් එකක් ඕනෙ කිව්වා..”


    “පොඩ්ඩට දැන් වයස කීයද..?”


    “අවුරුදු තුනයි.. මාර යස්ස පැටියෙක්..”


    “ඔව් ඉතිං මාමා වගේ නැතැයි..”


    අපි මගින් නවත්තලා වෝටර් ගන් එකකුයි තව සෙල්ලම් බඩු දෙක තුනකුයි අරගත්තා.. කාරෙකට නැග්ගා විතරයි පබයා ගන් එකට වතුර දාලා ටෙස්ට් කරන්නයි ලෑස්තිය..


    “මචං ඒ සී ඕෆ් කරලා ෂටර්ස් ඇරගෙන යං..”


    “ඒ පාර මොකද උඹ සෙල්ලං කරන්න පටං ගත්තද..?”


    “ඔන්න බං සිරා කෑල්ලක් එද්දි ස්ලෝ කරපං හරිද..?”


    පෙරුම් පුරලා පුරලා ලංකාවට ආවා විතරයි මූ බෙදාගෙන කන්න කතා කරනවා.. කෑලි වලට වතුර විදලා අන්තිමට උන් අපේ කෑලි ගලවයි..


    “උඹට ඕනෙනං ගුටි කාපං.. මම ඕවට නෑ හරි..”


    “මොන රෙද්දටද ගුටි කන්නෙ..? මං වතුර පාර යවද්දිම උඹ ලෑල්ලට පාගලා යමං..”


    ඔය කිව්වෙ ඉතිං කතාවක්.. ඒත් ඌ කියපු දේ ගැන හිතන්න කලින්ම දණිස්සට අගල් හතරක් විතර උඩට සායකුයි ලා කහ පාට ස්කිනියකුයි ගහපු දිව්‍ය භාරතී වගේ කෙල්ලෙක් පැද්දි පැද්දි එනවා.. මේක ඇදගෙන මේකි කොහොම පාරෙ යනවද මංදා.. දැන් ලංකාවත් ඕන්ට්‍රේලියාව තරමටම දියුණු වෙලා.. රට බල්ලට ගියා බල්ලා රට ගියා කියන්නෙ ඕවට තමයි..


    “ගිම්.. ස්ලෝ කරපං බං..”


    පබයා මගේ අතටත් ගහලා කෑ ගැහුවෙ අර කෙල්ල දිහා බලාගෙන.. කද බඩ උස මහතට ගියාට මූ තාම ඉස්කෝලෙ ගිය කාලෙ වගේමයි.. ළගට එද්දි ඒ ලස්සන මූණ නිකං දැකලා පුරුදුයි වගේ.. මට බ්‍රේක් පෑගුනේ ඉබේටමයි.. ඒ තත්පරේට පබයා ගන් එකට පුරවලා තිබුණ වතුර ටික කෙලලා ඇරියා කෙල්ලගෙ මූණටම.. ෂිහ්.. මෙහෙමත් නොසන්ඩාලයෙක්..


    “යමං යකෝ යමං.. උඹ භාවනා කරනවද..?”


    මූ අස්ස කුලප්පුව හැදිලා වගේ කෑ ගහනවා.. මට වාහනේ මීටර් පනහක්වත් ඉස්සරහට ගන්න උනේ නෑ කණ ගාව හෙණ ගැහුවා වගේ ඩෝං ගාලා සද්දයක් ආවා.. අපි දෙන්නා තත්පරේට දෙකට පිටිපස්ස හැරිලා බලද්දි කාර් එකේ පිටිපස්සෙ ග්ලාස් එක කුඩු.. සීට් එක උඩ අලි ගඩෝල් බෑයක්..


    “මොකද බං උනේ..?”


    කතාකරගන්න පුළුවන් උන ගමන් මං පබසරගෙන් ඇහුවා..


    “මොනවා වෙන්නද..? අර දුවන්නෙ අරකි හැටට හැටේ..”


    ඇත්තම තමයි කෙල්ල අම්මා මෝ නැතුව එකසිය ගානට පාර දිගේ දුවනවා.. මූණට වතුර ටිකක් ගැහුවා කියලා මේ තරම් දරුණු දඩුවමක් දෙන එක හරිද ආ..


    “මොන ඉට්ටක්ද බලං ඉන්නෙ.. ෆලෝ කරපං පරට්ටිව..”


    පබයට නහුතෙටම නැගලා.. මං හතර වටේම එවුන් හෝන් කරද්දි පාර මැද්දෙන්ම දාලා වාහනේ හරව ගත්තා.. ඒත් ඒ තත්පරේට කෙල්ල මිසිං.. ඉස්සරහට යද්දියි දැක්කෙ ඒකි දුවපු හරියෙ පොඩි දෙවැට පාරක් තියෙනවා.. කෙල්ල ඕකට හැරෙන්න ඇති.. වැඩේ කියන්නෙ ඒ පාරෙ වාහන යන්න බෑ..


    “ඔහොම්ම යමං මහ පාරට.. ඔය පොඩි පාර තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එක ළගට විතරයි..”


    පබයා තදියමේ කෑ ගැහුවට වාහනේ මහ පාරට හරව ගන්න ලේසි උනේ නෑ..


    තුම්මං හන්දියෙන් දකුණට දාලා පබයා කියපු බස් ස්ටෑන්ඩ් එක ළගට එද්දි කෙල්ල ගිහිං..

    “මචං ඒකි ෂුවර් එකටම අර යන බස් එකට නගින්න ඇති.. උඹ ඒක ඉස්සර කරපං..”


    මූ අණදෙන නිලධාරියා වගේ කෑ ගහනවා.. මමත් ඌ ගහන පදේට නටනවා.. මේකා කොච්චර කෑ ගැහුවත් කෙල්ල ඔය බස් එකට නැගලා නෑ කියලා මගේ යටි හිත කියනවා.. ඒත් පාඩුව උනේ මට නෙමේ ඌටනේ.. ඒ හින්දා මං බස් එක ෆලෝ කරා.. බස් එක පහුකරද්දිම ඉස්සරහට තිබුණ හෝල්ට් එකෙන් බැහැලා පබසරත් ඒ බස් එකටම නැග්ගා.. කාට කියන නඩුද මේවා.. මමත් බස් එක පස්සෙන් හෝල්ට් දෙකක් විතර ගියාමයි පබයා බස් එකෙන් බැස්සෙ.. පව් අප්පා මූණ නිකං අලියට පෑගුණ යෝගට් කෝප්පෙ වගේ..


    “කෝ කෙල්ල හිටියද..?”


    ඒ මූණ දැකලා කෙල්ල නෑ කියලා දැන දැනත් මං ඇහුවා..


    “හිටිය නං මං ඕකිගෙ කණෙන් ඇදං බහින්නෙ..”


    කොල්ලගෙ මූණ තරහට ඉදිමිලා.. මට නං වෙච්ච සීන් එකට හිනා.. ගෑණු ළමෝ ඇයි නපුරු මේ තරම් කියලා මං තාලෙට කියද්දි මුගේ මල උච්චතම අවස්ථාවට නැගලා..


    “ඒකි ෆෝසස් වල ඉලක්කෙට වෙඩි තියන එකියක් වෙන්න ඇති බං.. බලපංකො ග්ලාස් එක මැදටම කෙළලා තියෙන ලස්සන..”


    පොර තවත් නග්ගන්න හිතාගෙන මං කිව්වා..


    “ආයෙ අහුවෙච්චදෙන්කො මට, මං ඕකිට හොද පාඩමක් උගන්නන්න..”


    “උඹට ඔය කෙල්ලගෙ මූණ මතකද..?”


    “මූණ ඇරෙන්න මට අනිත් හැමදේම මතකයි..”


    ඌ ඒක කිව්වෙ සවුන්ඩ් එක ටිකක් බාල කරලා.. මට මැරෙන්න හිනා..


    “යකෝ මූණ ඇරුණම ඉතුරු ටික හැම කෙල්ලගෙම එක වගේනෙ.. උඹ ඒකවත් දන්නෙ නැද්ද..?”


    ඒ මූණ ඇඹුල් වෙලා.. හැබැයි ඉතිං කෙල්ලගෙ මූණ පබසරයට මතක නැතුවට මට නං ෆොටෝ එකක් ගත්තා වගේ මතකයි.. ඒ තරම් ගති මූණක්..


    “දැන් උඹට හැමදාම ඒ සී ඕෆ් කරන් යන්න පුළුවං.. කෙල්ල උඹට වාහනේ ඒ සී කරලා දුන්නනෙ..”


    මං එහෙම කිව්වට මුන්ට තියෙන සල්ලි වල තරමට ඔය ග්ලාස් එක දාගන්න එක මහ කජ්ජක් නෙමෙයි..


    අපේ ගේ ළගට ආවට පස්සෙ මූ ගෙටවත් එන්නෙ නැතුව යන්න ගියා.. වෙච්ච සීන් එකට මටත් අප්සට්.. ඒත් හරියට බැලුවොත් වැරැද්ද ඒ කෙල්ලගෙ නෙමෙයි අපේ එකාගෙ අතේමනේ.. මට මතක් උනේ උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොද පාඩං කියන සිංදුව..



    Mathusambandai.gif


     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    02.png


    පහුවෙනිදා හවස පබසර වෙඩින් එකට යන්න බලාගෙනම අපේ ගෙදර ආවා.. ඊයෙ ගත්ත කිට ගහලා ජෙන්ට්ල්මන් වගේ ආවට මූණෙ තිබ්බ අර කළු වලාකුළු තාම මැකිලා නෑ..


    “තාම අප්සට්ද..?”


    “නෑ බං ඒක අවුලක් නෑ.. මං කාර් එක ගරාජ් දැම්මා..”


    “එහෙනං යං අපේ එකේ.. මමත් රෙඩී..”


    හොටෙල් එක තියෙන තැන දන්නෙ නැති නිසා මම යතුර පබයට දීලා අනිත් පැත්තෙන් නැග්ගා..


    “උඹ කෙල්ලන්ගෙ ඇගට කපන්නෙ නැතුව ඩ්‍රයිව් කරපං හරිද..? නැත්තං හෙට මේකෙ වින්ඩ් ස්ක්‍රීන් එක දාන්න වෙයි..”


    ඌ තනියම හිනා වෙනවා.. වොටර් ගන් එකක් කරපු හරියක්.. පොර ආයෙත් ඒ සීන් එක ඇදලා ගත්තා..


    “ඇත්තටම බං ඊයෙ ඒකි ඒ ඩිංගකට කොහෙ වාෂ්ප උනාද..?”


    “ඇයි ගොනෝ.. තොට තේරෙන්නෙ නැද්ද ඒ අගල් දෙකේ සාය ඇදන් බස් එකක යන්න බැරි විත්තිය.. ඒකි ට්‍රයිෂෝ එකක යන්න ඇති..”


    “සමහර විට කෙල්ල අපි යනකං අර කැලෑ පාරෙ හැංගුනාද දන්නෑ ගිම්..”


    අපි මොන තර්කෙ ගෙනාවත් අන්තිමට බලද්දි කෙල්ල දිනුම්.. කතා කර කර ගිහින් පබයා වාහනේ දැම්මෙ බීච් සයිඩ් එකේ ෆයිව් ස්ටාර් හොටෙල් එහෙකට.. මටනං ඇතුළට යන්න බෑ බෑ වගේ.. රොහාන්ට මාව දැක්කම මොනවා හිතෙයිද..?


    “ඇයි උඹ දොර ඇරලා බස්සනකන් ඉන්නවද..? පිස්සු නැතුව බැහැපං බං..”


    කා පාර්ක් එකට වාහනේ දැම්මා විතරයි මුගේ මල අඩේ.. මං බැහැලා වටපිට බැලුවෙ අදුරන එකෙක් පේන්න ඉන්නවද කියලා..


    “උඹ ජම්බු ගහෙන් වැටිලා වගේනේ යකෝ ඇඹරෙන්නෙ.. අරූ බලන් ඇති යමං..”


    “උඹ කිව්වද මමත් එනවා කියලා..?”


    “පිස්සුද බං..? ඕක කියන්න ඌට කෝල් කරන්න පුළුවන්ද.. පොරට මේ දවස් දෙකේ එකසිය ගානට වැඩ තියෙන්න ඇති..”


    ඇගට පතට නොදැනි වල් කතාවක් කියලා ඌ මාව ඇදගෙන ඇතුළට ගියා.. පාට පාට ලයිට් අස්සෙ නිල් පාට රතු පාට කෙල්ලො පිරිලා..


    “පුහ්.. ඕස්ට්‍රේලියා මොනාද බං.. මෙහෙනෙ බඩු තියෙන්නෙ.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..”


    “ඔහොම කියන උඹ පිටරටකට වෙලා තපස් රැක්කා කියලද අපිට කියන්නෙ..?”


    “අපෝ උන් නිකං තම්බපු හූනො වගේ ඇගවල් දැක්කම හිරිකිතේ බෑ..”


    “උඹම නේද ඊයෙ මට කිව්වෙ කොයි කෙල්ලගෙත් මූණු ඇරුනම ඉතුරු ටික එක වගේ කියලා..?”


    මූ ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලා කපනවා.. මමත් තව මොනවා හරි කියලා ජාමෙ බේරගන්න හදද්දිම කවුද පබයට විසිල් පාරක් ගැහුවා..


    “මං අර පැත්තට ගිහින් විනාඩියෙන් එන්නං.. උඹ ඇතුළට පලයං.. රොහානයා ඇති..”


    මේ පොළොස් කොට්ටෝරුවා එක්ක ආවට මටයි ගහන්න ඕන.. ඌට හිතෙන් බැන බැන මම හෝල් එක ඇතුළට ගියා.. අපේ මනමාල ජෝඩුව කාත් එක්කද බර ටෝකක්..


    “මනමාල මහත්තයා මාව අදුරන්න පුළුවන්ද..?”


    “අනේ.. ගිම්හා..න..”


    රොහාන්ටත් කලින් මාව දැකලා කෑගැහුවෙ නිලූකා.. රොහානයා මාව දැකලා කටත් ඇරන් බලන් හිටියෙ පිටසක්වල ජීවියෙක් හැබැහින් දැක්ක ගානට..


    “යකෝ හක්ක පනී.. කට වහගනිං..”


    මං එහෙම කිව්වම ඌ හිනාවක් දාලා මාව බදාගත්තා..


    “කවදද බං ආවෙ..? උඹ මාර ලස්සන වෙලානෙ.. කොහොමද දැනගත්තෙ..?”


    “හෝව්.. හෝම්.. අහන මගුලක් වරකට එක ගානෙ අහපංකො..”


    නිලූකා හිනාවෙනවා.. ඒකි රතු පාට කැන්ඩියන් එක ඇදලා මාර ලස්සනයි.. මුන් දෙන්නා මේ ජය අරගෙන තියෙන්නෙ ඒ ලෙවල් කරපු කාලෙ ඉදලා බකට් ඇදි ඇදි තිබුණ ප්‍රේම කතාවක්..


    “උඹ එහෙනං කොහොම හරි අපේ එකාට නාස් ලණුව දාගත්තා නේද..? දැන් ඉතිං දක්කපං..”


    මං නිලූකා දිහාට හැරිලා කිව්වා.. රොහාන් තාම මගේ මූණ දිහා බලාගෙන.. ඒ මූණෙ ප්‍රශ්න වැලයි..


    “මං ඇවිත් දවස් දෙකක් වෙනවා බං.. පබයා තමයි නිව්ස් එක දුන්නෙ.. මං ආවට අවුලක් නෑ නේද..?”


    ඒක ඇහුවා විතරයි.. රොහානයට තද උනා..


    “උඹව කන්ටැක් කරන්න මං කොච්චර ට්‍රයි කලාද කියලා උඹ දන්නවද..? මං ගෙදරටත් පණිවිඩයක් දුන්නා.. දැන් මේ අවුලක් නැද්ද කියලා අහන හැටි විතරක්..”


    “අප්පට සිරි උඹලා දෙන්නා හම්බඋන ගමන් මරාගන්න හදනවද..?”


    පබයා අපි දෙන්නා මැද්දට කඩාගෙන පැන්නා..


    “ඔන්න මූව එක්කං ආවට මට ගානක් දියන්.. එන්න බෑ කියලා මැරෙන්න හැදුවා..”


    “මූ ලංකාවට ඇවිල්ලත් ආවෙ නැතුව හිටියනං බලාගන්න තිබුණා මං කරන දේ..”


    “මොකද අනේ ආපු වෙලේ ඉදලා ගිම්හාන් එක්ක පැටලෙන්න හදන්නෙ.. අද අපි දෙන්නා මෙහෙම එකතු වෙලා ඉන්නෙ මෙයාලා ඒ දවස් වල කරපු උදව් නිසා නේද..?”


    රොහාන් කෑ ගහද්දි නිලූකා දුන්නා සිරා ටෝක් එකක්.. කෙල්ලට මොනවා උනත් මුල අමතක වෙලා නෑ.. මුන් දෙන්නා නිසා ඒ කාලෙ මමයි පබයයි මොන තරම් කටු කෑවද..?


    “පැටලුනා නෙමෙයි නිලූ.. බලන්න ඉතිං මං ඊයෙ රෑත් ඔයා එක්ක මූව මතක් කලේ නැද්ද කියලා..”


    “ඊයෙ රෑ..?”


    එහෙම කියලා පබයා මහා චාටර් විදියට හැක හැක ගාලා හිනා උනා.. නිලූගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා ගියා..


    “මං අර පැත්තට ගිහින් එන්නම්..”


    කියලා නිලූ පටස් ගාලා අපි ළගින් කැපුනෙ ඊළඟට ඇදෙන කතා ඒ තරම් සභ්‍ය නෑ කියලා දන්න හින්දා.. ඒකි නැති නිසා අපි රොහාන්ව හිතේ හැටියට බයිට් කලා.. අන්තිමට ඌ ෆොටෝ ගන්න තියෙනවා කියලා මාරු උනාට පස්සෙ අපි දේනනා අපේ පරණ යාළුවො ටිකට සෙට් උනා..


    “ගිම්.. වරෙන් ඩාන්ස් කරමු..”


    කාලා ඉවර උන ගමන්ම පබයට නටන්න ඕන වෙලා.. මට මේ සරමකුත් ගහගෙන මොන නැටුම්ද..? ඒත් කට්ටියගෙන් බේරෙන්නම බැරි තැන මම ෆ්ලෝ එකට ගියා.. කෙල්ලො ටිකක් උදැල්ලට අහුවුන ගැඩවිල්ලො වගේ එකසියගානට ඇඹරෙනවා.. එතන හිටපු කෑල්ලකට සෙට් වෙලා පබයත් මෙලෝ රහක් නැතුව කැරකෙන්න පටන් ගත්තා.. එවෙලෙම වගේ නට නට හිටපු කෙල්ලො දෙතුන් දෙනෙක් ගිහින් ලස්සන කෙල්ලෙක්ව ඩාන්සින් ෆ්ලෝ එකට ඇදගෙන ආවා.. කලු පාට චොලියක් ගහලා හිටපු ඒ සුදු කෙල්ලගෙ තිබුණෙ නියම ඉන්දියන් ලුක් එකක්.. මමත් පොඩි ඩාන්ස් පාරක් දාලා කෙල්ල ළගට ගියා.. ක්‍රේල් කොණ්ඩෙට බාගයක් වැහිලා තිබුණ ඒ මූණ දකිද්දි මාව ගැස්සිලා ගියා.. මේ ඊයෙ පබයගෙ කාර් එකට ගලකින් ගහපු කෙල්ල.. ඊයෙ චන්ඩි වැඩක් කලාට දැන්නම් ඒකි හරිම අහිංසක පාටයි.. නිවි නිවි පත්තු වෙන ලයිට් එකට ඒ ඇස් දිලිසෙනවා.. මං හෙමීට පබසර දිහා බැලුවා.. මොන.. ඌ ඉඳිආප්ප මිරිකනවා, බයිසිකලේට හුලං ගහනවා, ඇක්ෂන් කෝටියයි..


    පැය කාලක් විතර ඩාන්ස් කරලා කෙල්ල ගිහින් ඉඳගත්තා.. මටත් නිකං නැටුවා ඇති වගේ.. මං ගියා රෙහාන්ව හොයාගෙන..


    “කොහොමද කෙල්ල ගති නේ..?”


    මගේ ළඟට ආපු නිලූ ඇහුවා.. ඒ කියන්නෙ එයා සීන් එක බලන් ඉදලා..


    “ගති නං තමයි.. ඒත් නිකං සුළඟක් වගේ.. ආවා ගියා..”


    ගඩොල් බෑයෙ සීන් එක නොකියම මං කියලා දැම්මා.. ඇත්තටම ඒ වෙද්දි කෙල්ල මගේ බොක්කටම වැදිලා තිබුණෙ..


    “ඕනෙ නං සපෝට් කරන්නම්.. ඔය මගේ දෙවනි මනමාලි.. සල්ලි වකාරෙ..”


    යකඩෝ.. ඒ කියන්නෙ මේකි වෙඩින් එකට ඉදලනේ.. ඒත් මේ පබයට ඒකිව මතක තිබුණෙ නෑනෙ.. නැත්තං මූණ බල බල ඒකිවම නාවයි යෑ..


    “සල්ලිකාර කෙල්ලො කොල්ලන්ව නටවනවා නිලූ.. මං එහෙදිත් දැකලා තියෙනවා ලංකාවෙ පෝසත් කෙල්ලො නටන නාඩගං..”


    “හැමෝම එහෙම නෑ ගිම්හාන.. කොයි තරම් සල්ලි තිබුණත් ඒ ළමයා නරක විදියට හැදිලා නෑ.. මම දන්නවනෙ තාම කොල්ලෙක් එක්ක යාළු වලො නෑ.. ඒත් කොල්ලො පොරකනවා..”


    නිලූ කියපු ඒ කතාවනං ඇත්ත වෙන්න ඇති.. ඇස් කන් පේන මොන කොල්ලද අකමැති ඒ වගේ කෙල්ලෙක්ව දාගන්න..


    “මොනාද උඹ මගේ ගෑනිත් එක්ක තනියෙම කුටු කුටු ගාන්නෙ..?”


    රොහාන් අපි ළගට ආවෙ එහෙම අහගෙන..


    “ඇයි මං මේකිව මීට කලින් තනියෙම මීට් වෙලා කතා කරලා නැද්ද..? උඹගෙ පණිවිඩ කියන්න මං නිලූව දවස් කීයක් හම්බවෙලා තියෙනවද..?”


    “අමමෝ.. ඔය දෙන්නා ගින්දරයි පුළුනුයි වගේ.. ළගින් ගියොත් ඇවිලනෙවා..”


    එහෙම කියලා අපි කතා කර කර හිටපු විස්තරේ නිලූ රොහාන්ට කිව්වා..


    “ෆිට් තමයි මල්ලි.. අන්න එහෙම වරෙන්.. මං කෙල්ලව රෙකමෙන්ඩ් කරනවා.. ඒත් මේකි මේ ළගදි ඉස්කෝලෙන් අවුට් උන චූ කෙල්ලෙක්..”


    නිලූව ළග තියාගෙන රොහානයා දෙවනි මනාලිව රෙකමෙන්ඩ් කරන්න යනවා.. නිලූ ගෙදර ගිහින් ඕවයෙ රිටන් එක ගනී..මුන් දෙන්නා තරගෙට රෙකමෙන්ඩ් කරන්න ගියාට මං ඊයෙ දැක්කනේ කෙල්ලගෙ තරම.. තනිකරම බෝම්බයක්..


    “මොනව උනත් මචං උඹලා දෙන්නගෙ පෙනුමයි, ඇදුම් පැළදුම් එහෙම නියමෙට මැච් වෙනවා.. බොලිවුඩ් කපල් එකක් වගේ..”


    මේ කතා ඔය කෙල්ලට ඇහුනනං අද ගඩෝල් බෑය අත අරින්නෙ මගේ ඔළුවට.. අපි කතා කරන අතරෙ නිලූ ගිහින් ඒ ළමයව එක්කගෙන ආවා..


    “නංගි පාරමී.. මේ ඉන්නෙ රොහාන් අයියගෙ හොදම යාළුවෙක්.. ගිම්හාන..”


    “හෙලෝ අයියා..”


    අර දිලිසෙන ඇස් දෙක හීනි කරලා හිනාවෙලා පාරමී කිව්වා.. මාර ලස්සන නම.. පා..රමී. රොහාන් කිව්වා වගේ පාරමී තාම පුංචි කෙල්ලෙක් කියලා ඒ මූණ දකිද්දිත් තේරෙනවා..


    එදා ආපු අමුත්තො සේරම ටික ගියාට පස්සෙ තමයි මමයි පබසරයි එන්න ලෑස්ති උනේ.. අපි එන්න එද්දි රොහාන් ආපහු පබයට අඩගැහුවා..

    “මචං අමතක උනා.. එදා වෙඩින් තෑග්ගට තෑන්ක්ස ආ..”


    ඔය තරම් ස්පෙෂල් තෑන්ක්ස කරන්න තරම් මු දීපු තෑග්ග මොකක්ද දන්නෙ නෑ..


    “ආ.. ඒක අවුලක් නෑතුව පණ පිටින් තිබුණ නේද..?”


    ඒ කතාවට මාව අන්දුන් කුන්දුන් උනා.. මොකක්ද පබයා කියපු ඒ හරුපෙ තේරුම.. බැහැයි නිලූ නං අතින් කට වහගෙන හිනාවෙනවා..


    “එදා මූ නිලූගෙ ඇදුම් බෑග් එක අස්සට ගෙම්බො දෙන්නෙක් දාලා බං.. හොටෙල් එකට ගිහින් බෑග් එක ඇරියා විතරයි නිලූ හූ තියලා කෑගැහුවා.. හෝටලේ එවුන් මොනවා හිතුවද මංදා.. මාර චාටරයක් කෑවෙ..”


    පබයටයි මටයි එකසිය ගානට හිනා.. මාර ගතියට තියෙන්න ඇති වැඩේ..


    “උන් දෙන්නා බං ඊළග ඔලිම්පික් එකට පුරුදු වෙනවා වගේ කාමරේ පුරා තරගෙට දුර පනිනවා.. අන්තිමට රූම් බෝයි කෙනෙක් සෙට් කරගෙන අමාරුවෙන් බඩල අල්ල ගත්තා.. මූ කරපු වැඩේ නිසා එදා මගේ පැය දෙකක් විතර නාස්ති උනා.. අපරාදේ..”


    රොහානයා ඒක කිව්ව විදියට දුකේ බෑ.. පව් අප්පා..! පවුල් කාරයො උනාම ඉස්සරහට ගෙම්බො අල්ලනවට වඩා අමාරු ප්‍රශ්න වලට එපැයි මූණ දෙන්න.. ඒකට හරියන්න හනිමූන් දවසෙ හොරි රිහසල් එකක් පබයා දීලා තියෙන්නෙ.. හිනා වෙවී ඉදලා එදා අපි ගෙදර ආවෙ පාන්දර දෙකට විතර..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    03.png


    ඉරිදා උදේ වරුවෙම මම හිටියෙ ගෙදර.. හවසවත් කොහේ හරි වලක් බහින්න හිතන් ඉද්දි තාත්තා ඇවිත් ඒ අදහසත් බිදලා දැම්මා.. හවසට එයාගෙ හොදම යාළුවා සන්ධානායක අන්කල් අපේ ගෙදර එනවලු මාව බලන්න.. ඒත් ඉතිං මගේ කියලා මොනවා බලන්නද..? රට යද්දි ගෙනියපු පාට්ස් සේරම කිසි අඩුවක් නැතුව එද්දි අරගෙන ආවා..

    මොනවා උන්ත ඉස්සර ඉදලා සන්ධානායක අන්කල් මට මාර ආදරෙයි.. එයා අපේ තාත්තට වඩා අවුරුදු හත අටක්ම බාල උනාට ආශ්‍රය කලේ බඩ බැදගෙන.. ඔය යාළුකම අපි ඉපදෙන්න කලින් ඉදලා තිබුණ එකක්ලු.. කොහොමහරි අන්තිමට උනේ රොහානයගෙ ගෙවල් පැත්තෙ රවුමක් දාන්න හිතං හිටප් ප්ලෑන චකබ්ලාස් උන එක..

    “හලෝ මේ.. පොර එන්නෙ මාව බලන්න නෙමයි තමුසෙව බලන්නනෙ.. මට ඕවට පෙට්‍රල් පුච්චන්න වෙලා නෑ.. මං යනවා යාළුවෙක්ව හම්බවෙන්න..”

    එහෙම කියලා අපේ මලයා වේලාසනම කැපුනා.. ඌ මගේ මල්ලි උනාට අපි දෙන්නගෙම පෙනුම හාත්පසම වෙනස්.. පෙනුමවිතරක් නෙමෙයි මිනිහා මට වඩා පාටත් අඩුයි ගොඩක්.. ඒ මදිවට ජෝන්සීනා වගේ බලු දම්වැලක් බෙල්ලෙ දාලා, පංචිකාවත්ත පැත්තෙ තිබිලා අහුලගත්ත ඕවරින්ග්ස් දුසිමක් විතර අතේ දාගෙන රස්තියාදුකාරයෙක් වගේ.. ඕකට මොනව හරි කිව්වනං මිනිහට ඔරොප්පු වෙනවා.. පුංචි කාලෙ ඉදලා තාත්තා මල්ලිට වඩා මට සලකනවා කියලා ඌ මගෙත් එක්ක ඔරොප්පුයි.. ඒත් ඒකට මං පලි නෑනෙ.. කන්න පින තියෙනවා නං ඉබ්බා තුනපහ පිටේ බැදගෙනලු ගෙට එන්නෙ.. ඌට ඒ පිණ නෑ කියලා මේ අසරණ මං මොනවා කරන්නද..? හැබැයි ඉතිං මගේ යටි හිතනං හැමදාම කිව්වෙ අපේ තාත්තා වැඩිපුරම ආදරේ මල්ලිට කියලා.. මං කල්පනා සයුරෙි ස්වීමින් කිට් එකකුත් ගහගෙන කිමිදෙද්දි තාත්තා සන්ධනායක අන්කල්ට කෝල් කරා.. ඇහුනෙ නෑ වගේ හිටියට මං හිටියෙ ඒරියල් ඒක ඒ පැත්තට දාගෙන..

    “ඔව්.. ඔව්.. ලොක්කා ගෙදර ඉන්නවා.. පොඩි පුතානං කොහෙද ගිහිං..”

    “ඇත්තද..? ඉතින් එයාවත් එක්කරගෙන එන්න.. බලන්නත් ආසයි.. දැන් ලොකු ඇති නේද..?”

    “ඕකේ ආවම කතා කරමු..”

    ඔය වගේ එකකට එකක් ගැලපෙන්නෙ නැති කතා වගයක් කියලා තාත්තා ෆෝන් එක තිබ්බා.. එයා ඊළගට හැරුනෙ මගේ පැත්තට.. දැන් ඉතිං දේසනාවක් දෙයි..

    “පුතාට මතකද සන්ධනායකගෙ චූටි දුවව..?”

    “අන්කල්ට දුවෙක් ඉන්නවද තාත්තෙ..? මට යාන්තං වගේ මතකයි හොස්ටල් එකක නතර වෙලා ඉන්නවා කියපු දුව නං..”

    මං කිව්වෙ පුදුම වෙලා.. මම රට ගියපු අවුරුදු ටිකට අන්කල් ආපහු දියුණු වෙලා වගේනෙ..

    “නෑ නෑ පුතා.. ඔයා කියන ළමයා ගැන තමයි මං ඇහුවෙ.. ඒ පුංචි කෙල්ල දැන් ස්ටඩිස් ඉවර කරලා දැන් ගෙදර ඇවිත්ලු..”

    අප්පච්චියේ.. ඒ කියන්නෙ කෙල්ල දැන් ලොකුයි.. කොච්චර ලොකු උනත් ඉතිං තාත්තලට අම්මලට හැමදාම ළමයි පේන්නෙ පොඩියි වගේනෙ..

    හවස අන්කල් එනවා කියපු වෙලාව වෙද්දි මං නාලා ෂෝටකුයි, ටී ෂර්ට් එකකුයි දාගෙන බැල්කනි එකට වෙලා සින්දුවක් අහගෙන හිටියෙ.. එක පාරට හෝන් සද්දයක් ඇහෙද්දි මගේ ආතල් එක කුඩු වෙලා ගියා.. අපේ වත්තට දාපු ඒ සිරා මොන්ටෙරෝ එක සන්ධනායක අන්කල්ගෙ මිසක් වෙන කාගෙද..? මං හෙමීට පඩිපෙළ හැබැගෙන පහළට ගියා.. සාලෙ මැද්දෙ තාත්තා එක්ක කතා කර කර හිටපු අන්කල් මාව දැක්කා විතරයි විනාඩි දෙකතුනක් විතර ගල් ගැහිලා වගේ බලන් හිටියෙ.. මාව දැක්කම මිනිස්සු බය වෙන්නෙ ඇයිද දන්නෑ.. ඕන මගුලක් වෙච්චදෙන් කියලා මං අන්කල් ළගට ගියා.. එයා කිසිම දෙයක් නොකියා මාව බදා ගත්තෙ හරිම ආදරේ හිතෙන විදියට.. මං ඒ මූණ දිහා බලද්දි ඒ ඇස්වල කදුළු.. මං අපේ තාත්තා දිහා බැලුවා.. එයත් අපි දිහා බලන් හිටියෙ කදුළු පුරවගෙන.. මොන හේතුවකටද දන්නෑ මගේ ඇස් වලටත් කදුළු එද්දි මං සන්ධනායක අන්කල්ව සැටියෙ ඉන්දෙව්වා..

    “ඔන්න පුතා එළියෙ තව යාළුවෙක්ව ඉන්නවා.. එයාවත් කතා කරගෙන එන්නකො..”

    මං හිතුවෙ අන්කල්ගෙ වයිෆ් නිල්මිණී ආන්ටි ඇවිත් ඇති කියා.. මිදුලට යද්දි කවුද කෙල්ලෙක් පිටිපස්ස හැරීගෙන ඕකීඩ් මල් වැලක් අතගගා ඉන්නවා.. අඩේ අන්කල් කාරයා ඇවිත් ඉන්නෙ දුව එක්කද කොහෙද.. මං හෙමීට අඩිය තියලා එයා ළගට ගියා..

    “එක්ස්ක්‍යූස් මී..”

    මළ කෙලියයි.. කොණ්ඩෙත් පිටිපස්සට ගස්සලා මං දිහාට හැරුනෙ වෙන කවුරුත් නෙමෙයි පාරමී.. මාව නිකං හොල්මන් වෙලා ගියා..

    මෙයත් හරියට සර්ව බළධාරී දෙවියො වගේ.. යන යන තැන ඉන්නවනේ.. කෙල්ලත් කට ඇරගෙන මං දිහා බලන් හිටපු විදියට ආමාශෙට යනකල්ම පේනවා..

    “මිස් සන්ධනායක, අපේ වත්තෙ හරියට කෝදුරුවො ඉන්නවා.. ඒ නිසා ඔයාගෙ කට වහගන්නවද, නැත්තං උන් ඔයාට ගිලෙන්න පුළුවන්..”

    කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. එදා වෙඩින් එක දවසෙ වගේම මං ඒ දිලිසෙන ඇස් දෙක දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ..

    “එතකොට ගිම්හාන් අයියෙ, ජයරත්න අන්කල්ගෙ පුතා ඔයාද..?”

    “නෑ..”

    ඒ පාර අර ලස්සන ඇස් දෙක නළලට ගියා.. ඇයි දෙයියනේ හැමදේටම ඔය ලස්සන ඇස් නටවන්නෙ.. මාව පිස්සු වැටෙනවා කියලා මෙයා දන්නෙ නැද්ද..?

    “එතකොට..?”

    “මෙහෙමයි පාරමී.. ජයරත්න අන්කල්ට පුතාලා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා.. මං එයාගෙ ලොකු පුතා..”

    “පිස්සු..”

    එයා කිව්වෙ එච්චරයි.. හැබැයි ඉතිං මේ ටිකට එයා මගේ සැබෑ ස්වරූපය තේරුම් අරන් කියලා ඒ තනි වචනෙන් මම දැනගත්තා.. මට කොහොමත් ඉතිං පිස්සු තමා..

    “ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නැද්ද පාරමී..?”

    “පුංචි කාලෙ දවසක් දෙක්ක ඇවිත් තියෙනවා.. ඒත් මට එච්චර මතක නැහැ..”

    පුංචි කාලෙ කියලා එයා බර කරලා කිව්වෙ දැන් හරියට ලොකු වෙලා කියන්න වගේ.. තාම සයිස් එක බාබි ඩෝල් කෙනෙක් විතර ඇති.. පාරමී කියපු දේ ගැන මමත් හිතලා බැලුවා.. මමත් සන්ධනායක අන්කල්ගෙ ගෙදර ගියාට කවදාවත් පාරමී දැකලා නැද්ද කොහෙද.. එයා හිටියෙ ඉතිං නුවර හොස්ටල් වලනෙ.. දැන් දෙන දෙයියො ගෙටම ගෙනත් දීලා තියෙනවා.. තාත්තලා දෙන්නට ගේ ඇතුලෙ ඉන්න ඇරලා මං පාරමී එක්ක මිදුලෙ මල් බංකුවෙන් ඉදගත්තා..

    “ඉතිං නංගි.. දැන් ඔයා ප්‍රැක්ටිස් වලට යන්නෙ නැද්ද..?”

    ෂර්ලොක් හෝම්ස් වගේ මං පොඩි අඳුරේ අතපත ගෑමක් කරලා බැලුවා..

    “මොන ප්‍රැක්ටිස්ද..?”

    “ඇයි ඔයා නෙට්බෝල් කරා නේද..? ගෝල් ෂූටර් ප්ලේස් එක නේද කලේ..?”

    අනෙ අම්මෝ.. කෙල්ල ආපහු බයවෙලා.. එදා ඉලක්කෙට ගඩොලින් ගහපු එක මතක් කරලා කිව්වට මං ඕක දැනගෙන කියපු කතාවක් නෙමෙයි..

    “ඔ..ඔයා.. දන්නෙ කොහොමද මම හරියටම ෂූටර් ප්ලේස් එක කරා කියලා..?”

    මමත් ඇස්දෙක ගැටගහලා පොල්ලකුත් අරගෙන කැරකුනාට අන්තිමට වනලා තියෙන්නෙ මුට්ටිය කුඩුවෙන්නම.. ඕකට තමයි කියන්නෙ උත්සාහවන්තයා ඇණගනී කියලා..

    “කියන්නකො අයියෙ, කොහොමද ඔයා ඒක දන්නෙ..? මම නෙට්බෝල් කරා කියල දන්නවා උනාට තාත්තිවත් දන්නෙ නෑ කරපු ප්ලේස් එක මොකක්ද කියලා..”

    ඒත් බබා ඔයාගෙ තාත්තා නොදන්නව උනාට එදා මමයි පබයයි ඔයාගෙ ප්ලේස් එක දැනගත්තා.. කෙල්ල ගිය ආත්මෙ බල්ලෙක්ට පොප් කෝන් පැකට් එකක් හරි අරන් දීලා කුසල කර්මයක් කරගෙන තියෙනවා.. ඒ පින් බලෙන් වෙන්න ඇති පබයට මේ මූණ අමතක වෙලා තියෙන්නෙ.. හෝම් කමින් එක දවසෙදිවත් ඌ පාරමීව අදුරගත්තෙ නෑ..

    “ඔයා ෆෝසස් වලට ගියේ නෑ කියලා දන්න නිසා තමයි නෙට්බෝල් කලාද ඇහුවෙ..”

    පව් අප්පා.. ඒ මූණ හොදටම අවුල් වෙලා.. එදා එයා වීදුරුව කැඩුවෙ මං එළවපු කාර් එකෙ කියලා කිව්වොත් මොනවා කරයිද..?

    “කියන දෙයක් තේරෙන්න කියන්න අයියා.. මොකක්ද ඔය ෆෝසස් කතාව..? මොකක්ද ගෝල් ෂූටර් කතාව..? ඔයා නොකිව්වොත් මං යනවා..”

    අන්තිම ටික කිව්වෙ එයා බංකුවෙන් නැගිටිද්දියි.. මං නෙත්මිට ඒ අත අල්ලලා ආපහු මගේ ළගින් ඉන්දවගත්තා.. ඒ පුංචි අත අයිස් කැටයක් වගේ සීතල වෙලා..

    “එදා ඔයා ඉලක්කෙට ගඩොල් බෑයක් දමලා ගැහුවෙ මං ඩ්‍රයිව් කරපු කාර් එකට..”

    ඒ පාර නං කෙල්ල නැගිට්ටා නෙමෙයි නැගිට්ටුනා.. ඒ මූණ රතුම රතු වෙලා ගියා..

    “ඔයාද මට වතුර ගැහුවෙ..?”

    අම්මෝ.. ඒක අහපු සැර..

    “නෑ බබා, ඒක මගේ යාළුවගෙන් උන වැරැද්දක්.. ඌ වෝටර් ගන් එකක් ටෙස් කරන්න හදද්දියි ඔයාගෙ මූණට වතුර වැදුනෙ..”

    අර අපතයගෙ කාඩ් එකත් බේරන්න ට්‍රයි එක දෙන අතරෙ මං කිව්වා.. හැබැයි කෙල්ලගෙ මූනෙන් පෙනුනෙ ඒ කතාව විශ්වාස නොකරන පාටක්.. අනික කොහොම විශ්වාස කරන්නද..? මං ඇරියෙ දාර කෙබ්බයෙක්නෙ..

    “වතුර විද්දෙ යාළුවනං ඇයි අයියා මං ළගට එද්දි බ්‍රේක් කරේ..”

    දීපංකො ඉතිං උත්තර.. ඉල්ලං කෑම කියන්නෙ ඉතිං ඕකට තමා ඉතිං.. මේකි ලෝයර් කෙනෙක් වගේනේ.. මං වෙන ප්‍රශ්නයක් අහලා කතාව යට ගැහුවා..

    “ඔයා ඇයි නංගි ඒ තරම් ලොකු දඩුවමක් දුන්නෙ..? ඇයි ඔච්චර නපුරු..?”

    “මං නපුරු නෑ අයියා.. එදා මාව පික් කරන්න යාළුවෙක් එන්න කිව්වා.. මට හෙම්බිරිස්සාවයි, උණයි හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියෙ.. ඉතිං එයා එක්ක බෙහෙත් ගන්න යන්න හද්දදිමනේ ළගින් ගිය කාර් එකකින් වතුර ගැහුවෙ.. මට තිබුණ අමාරුවට එවෙලෙ හොදටම තරහ ගියා.. ඒකයි එහෙම දෙයක් කළේ.. මං හිතලා කෙරුවෙ නෑ..

    පාරමී එක දිගටම කියාගෙන ගිහින් දිග හුස්මක් ගත්තා.. ඇත්තනේ ඉතිං.. ඔහොම වෙලාවකට මොන යකාටද තරහා යන්නෙ නැත්තෙ..

    “එහෙනං ඔයා ඇයි දිව්වෙ..?”

    “මං කරපු වැඩේ වැරදියි කියලා මටම තේරුණා.. ඔයාලා මාව පොලීසියට අල්ලලා දෙයි කියලා බයටයි මං දිව්වෙ..”

    ඒ කියන්නෙ බය කියන දේත් දන්නවා.. පොලීසිය මතක් උනාම කකුල් දෙකට වැදලා දුවන්න ඇති..

    “ඔයා දන්නෙ නැති උනාට අපි ඔයාව ෆලෝ කරා.. ඒත් මිස් උනා..”

    පාරමීගෙ මූණට ලස්සන හිනාවක් ආවා ඒ කතාව අහලා..

    “මං දැක්කා.. ඒත් ඔයාලා ගියේ බස් එක පස්සෙනේ.. මං යාළුවගෙ කාර් එකට නැගලා අනිත් පැත්තට ගියේ..”

    “ඔයාට අපි දෙන්නව මතක හිටියෙ නැද්ද නංගි..?”

    “නෑ..”

    මුළු මූණම දෙපැත්තට වනලා එයා තාලෙට කිව්වා.. අර මහ බඹාද මොකාද කියන එකා මේ තරම් ලස්සන කෙල්ලන්ට මෙච්චර හුරතල් කමක් මොකට දීලද මංදා..?

    පාරමී හැමදේම ඇහුවට එයාට වතුර ගහපු යාළුවා කවුද කියලා නිකමටවත් ඇහුවෙ නෑ.. ඒ නිසා අර අහිංසක පබසරයා පාවලා දෙන්න මං ගියෙත් නෑ.. නැත්තං පස්සෙ වෙලාවක මේ දෙන්නා ඇරගන්න ගියොත් කාට කියන්නද..?

    “ආපු ගමන් මේ දෙන්නා ෆිට් වෙලා වගේ.. මොනවද ඔය තරම් වෙලා කතා කලේ..?”

    අපේ අම්මා කේක් බිස්කට් තියපු ට්‍රොලිය තල්ලු කරගෙන එන ගමන් ඇහුවා.. එයාට පිටිපස්සෙන් තාත්තලා දෙන්නත් මිදුලට ආවා.. දැන් ඉතිං ගඩොල් කතා, ප්‍රයිවර්ට් කතා සේරම ඉවරයි.. ප්‍රේම කතාවක්වත් පටන්ගන්න තිබ්බා මෙයාලා මෙතනින් ගියා නම්..

    “ඉතිං පුතා.. ආපහු යන්න අයිඩියා එකක් තියෙනවද..? නැත්තං මෙහෙ සෙට්ල් වෙනවද..?”

    සන්ධනායක අන්කල් සෙට්ල් වෙනවද කියලා අහදස් කලේ කසාදයක් ගැනද, ජොබ් එකක් ගැනද දන්නෙ නෑ.. ඔය දෙකම මෙහෙ ඉදන් තමයි කරන්න වෙන්නෙ.. මං ආයෙ රට යන්නෙ නෑ කියලා පාරමී දිහා බලාගෙන තීරණය කලා..

    “ආපහු යන්න බෑ අන්කල්.. එහේ ගියොත් කලින් වර්ක් කරපු ඔෆිස් එකටම එපොයිමන්ට් එක හදාගන්න පුළුවං.. ඒත් මට මෙහෙ බිස්නස් එකක් පටන්ගන්න අයිඩියා එකක් තියෙනවා..”

    “මරුනෙ, ඔය අපේ කෙල්ලත් ගෙදරට වෙලා පැද්දි පැද්දි ඉන්නෙ.. මෙයාවත් ජොයින් කරගන්න.. මං ඉන්වෙස්ට් කරන්නං..”

    ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවෙ කිව්වලු.. මටත් උනේ ඒ ඉබ්බට උනා වගේ වැඩක්.. මගේ වැඩට පාරමීවත් ජොයින්ට් කරගන්න කිව්වම මං නික හිරි වැටිලා වගේ ගියා..

    “ඒත් තාත්තා මං බිස්නස් ගැන මුකුත් දන්නෙ නෑනෙ..”

    පාරමී හුරතල් විදියට කිව්වා.. ඔයා ගෙදර වගේ මගේ ළගට වෙලා පැද්දි පැද්දි හිටියම ඇති කියන්න කටට ආවත් මං නිකං හිටියා..

    “කවුරුත් දැනගෙන හැමදේම කරන්නෙ නෑ දූ.. මෙලෝ හසරක් නොදැන බිස්නස් වලට ආපු මිනිස්සු දැන් ෆීල්ඩ් එකේ රජ කරනවා.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..”

    සන්ධනායක අන්කල් ධනාත්මක චින්තනය ගැන දේසනයක් දෙද්දි පාරමී චොක්ලට් කේක් කෑල්ලක් අරන් භාවනා කරන්න ගත්තා..

    “අයියට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියෙනවනේ පුතේ.. ඔයාට එයාගෙන් බිස්නස් ගැන ඉගෙනගන්න බැරියෑ.. ඔය සේරටම වඩා ඔයාගෙ තාත්තා මුළු ලංකාවෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්නෙ.. ඉතිං ඒ තාත්තගෙ දුවට බිස්නස් බැරිවෙන්න විදියක් නෑනෙ..”

    අපේ තාත්තා පාරමි ළගින් ඉදගෙන කියන්න ගත්තම කෙල්ල හරි අසරණ විදියට මා දිහා බැලුවා.. ඒ පුංචි මොලේට තාම බිස්නස් ගැන බර දරන්න අමාරු ඇති..

    “තාම ෂුවර් එකක් නෑනෙ අන්කල්.. නංගි ඉස්කෝලෙන් අවුට් උනා විතරනේ.. ඔය ගැන පස්සෙ කතා කරමු..”

    මගේ කතාවට තෑන්ක්ස් කියන්න වගේ අමුතු බැල්මක් දාලා පාරමී නැගිටලා ගෙට දිව්වා.. දැන් අපේ අම්මා එක්ක ඕපදූප ටිකක් කියවලා එයි.. අම්මා කෑම ලෑස්ති කරනකල් තාත්තයි අන්කලුයි මමයි පැය දෙකක් විතර මිදුලෙ කතා කර කර හිටියා..

    “ගොඩක් පරක්කු වෙන්න බෑ ජයේ.. අපේ නිල්මිණී ගෙදරනේ..”

    සන්ධනායක අන්කල් කිව්වෙ හරියට නිල්මිණී ඇන්ටි තනියම ඉන්නවා වගේ.. ඒ ගෙදර වැඩ කරන්න කට්ටිය තුන් හතර දෙනෙක්ම ඉන්නවා.. ඉතිං මොන තනියක්ද..?

    “ආන්ටිවත් එක්කගෙන එන්න තිබුණනේ අන්කල්..”

    “කොහෙ එන්නද පුතා.. ගිය සතියෙ අපේ කෙල්ල අසනීප වෙලා හිටියා.. දැන් සම්පත ආන්ටිට බෝ කරලා..”

    එහෙනං පාරමී උණ හැදිලා හිටියා කියපු කතාව සහතික ඇත්ත.. යන්න කලින් ආන්ටිට දෙන්න කියලා අපේ අම්මා ලොකු කෑම එකක් ඔතලා දුන්නා.. එයාලා කාලා බීලා යන්න ලෑස්ති වෙද්දි මතක්උනේ රට ගිහින් ආවා උනාට මං කිසිම දෙයක් කෙල්ලට දුන්නෙ නෑ කියලා.. මං ටක් ගාලා කාමරේට දුවලා ගිහින් ලොකු චොක්ලට් දෙකකුයි, අම්මට අරන් ආපු පර්ෆියුම්, ක්‍රීම් බෝතල් දෙක තුනකුයි, පුංචි ෆේස් ටවල් එකකුයි බෑග් එකකට දාලා ගෙනත් පාරමීගෙ අතට දුන්නා..

    “අනේ අයියා මේවා මොකටද..? ආන්ටිත් මට ටොෆී චොක්ලට් වගයක් දුන්නා..”

    අපේ අම්මා මටත් කලින් අනාගත ලේලිට සලකලා වගේ.. කමක් නෑ ඒක අම්මගෙන් මේක මගෙන්නෙ.. පාරමී එපා කියලා ඇගෙව්වට වාහනේට නැග්ගෙ බෑග් දෙකම තුරුල් කරගෙන..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    04.png


    අද ගොඩක් දවසකට පස්සෙ අපේ මල්ලි ගෙදර ඉන්නවා.. කාලෙකින් කතා කරන්නත් බැරි උන නිසා මං එයාගෙ කාමරේට ගියා.. ඒ කාමරේ හතර වටේ ජෝන්සීනා, බැටිස්ටර්, ෂෝන් මයිකල් වගේ කට්ටිය බිත්ති වල එල්ලීගෙන ඉන්න හැටි දැක්කම මට හිනා ගියා.. අපේ මල්ලිට රෙස්ලින් උණ.. ඒ වගේම තමයි ක්‍රිකට්.. මැච් පිස්සෙක්..

    “ආ.. සහෝදරයා.. වාඩිවෙන්න.. කොහොමද මගේ වාස භවන එළනේ..?”

    එළදත් කියලා අහනවා.. මේ පච්චි සිරාලා ටික දැක්කම වමනෙ යන්න වගේ.. මං ගිහින් පොරගෙ ඇදෙන් වාඩි උනා.. මල්ලි හිටියෙ කොම්පියුටර් එක ඔන් කරගෙන.. මං ගියා විතරයි මිනිහා බල බල හිටපු එක මිනිමයිස් කරා.. එක පාරටම ස්ක්‍රීන් එකට වැටුනෙ යට ඇදුමක් විතරක් ඇදගෙන හිටපු කෙල්ලෙක්ගෙ පින්තූරයක්.. මල්ලි මං හිතං හිටියට වඩා ගොඩක් දුර ගිහින් වගේ.. හැබැයි තාම ඌට වයස විසි දෙකයි.. රට ගිය මට වඩා ලංකාවෙ හිටපු මල්ලි නරක් වෙලා..

    “කොහොම කෑල්ල.. මරු පහයි නේද..?”

    මගේ ඇස් තිබුණ දිහා බලලා මල්ලි ඇහුවා.. ස්ක්‍රීන් එක උඩටම දාගෙන ඉන්න එක මෙහෙමනං මේක ඇතුලෙ තියෙන ඒවා කොහොම ඇතිද..? ඒත් ඉස්සර ඉදලා ඒ සයිඩ් එකට ගිය මල්ලිව දැන් වෙනස් කරන්න බෑ..

    “මොකද අද ගෙදර, රස්තියාදු ගහන්න තැනක් නැද්ද..?”

    “වැඩක් නෑ හලෝ.. මගේ හිතට හරි නෑ වගේ..”

    හරි නැති වෙන්නවත් මූට හිතක් තියෙනවා කියන එක ගැන සතුටු වෙන්න ඕන..

    “මොකක්ද අප්සට් එක, ගෑණු ළමයා තරහා වෙලාද..?”

    “තරහ වෙන්න කලින් මං එක්ක යාළු වෙන්න එපැයි.. කිසිම කෙල්ලෙක් මට මේ තරම් ගණන් උස්සලා නෑ..”

    කෙල්ලො බර ගාණක් හැන්ඩ්ල් කරලා පලපුරුද්ද තියෙන ගානට තමයි මල්ලි කතා කලේ.. මේ අවුරුදු විසි පහටම මගේ හිතේ ආදරයක් ඇති උනේ පාරමී ගැන විතරයි.. ඒකටත් එක්ක මූ..

    “දැන් කවුද ඔය තමුසෙට ගණන් උස්සන කෙල්ල..?”

    “හරි ගියාම කියන්නංකො.. දැන් ඉන්න කෑලි වගේ නෙමෙයි.. මේක වට්ටගත්තොත් පරම්පරාවම ගොඩ..”

    මිනිහ එහෙනං බර කෑල්ලකට කර ගහන්න හදන්නෙ.. ඒත් මූට හැම කෙල්ලට ඕන අහවල් වැඩේ කරගන්නකන් විතරයි..

    “අනේ හලෝ, ඔයා අර එද්දි දාගෙන ආපු ඩෙඩ් ෂූස් දෙක මට දෙනවද..? ඒක ප්‍රැක්ටිස් වලට කියාපු බඩව..”

    පොර එක පාර ට්‍රැක් එක මාරු කරා.. මං හා කියලා ඔළුව වැනුවම මූ ඇවිත් මගේ ළගින් ඉදගත්තා..

    “අයියෙ, ඔයාට තාම නැද්ද කෙල්ලෙක්..? අඩු ගානෙ එහෙවත් හිටියෙ නැද්ද..?”

    “එහෙනං කොහොමත් හිටියෙ නෑ.. මෙහෙත් දැනට නෑ..”

    මල්ලිට ලස්සන හිනාවක් ගියා.. මූට මේ තරම් ගතියට හිනාවෙන්න පුළුවං කියලා මං කලින් දැනං හිටියෙ නෑනෙ..

    “ඒ කියන්නෙ මේ වෙද්දි එක්ක වැඩ කරනවා, එහෙම නේද..?”

    මිනිහට මුකුත් හංගන්න බෑ.. මං හැරෙද්දි ඌ දැනගෙන ඉවරයි.. ඒත් උගේ විස්තර මට කියන්නෙ නැත්තං මං මොකටද මගේ විස්තර කියන්නෙ..

    “තාම දන්නෙ නෑ.. පස්සෙ බලමුකො..”

    “මේ ඒරියා එකේ මං නොදන්න කෙල්ලෙක් ඉන්න විදියක් නෑ.. හරි නොගියොත් කියන්න.. උස්සල හරි ගෙනත් දෙන්නං..”

    බලපංකො මල්ලි වෙලා මූට තියෙන ගට.. අයියට උදව් කරන්න හදන්නෙ මාර විදියට.. ආදරේ කියන දේ බලෙන් බලාගන්න බෑ කියලා තේරුම් යද්දි මූ වයසට ගිහින් ඉදියි..

    මල්ලි එක්ක කතා කරපු එකෙන් උනේ හිත කළකිරුණු එක විතරයි කියලා තේරෙද්දි මං කාමරෙන් එළියට ආවා.. බැල්කනි එකට වෙලා කල්පනා කර කර ඉද්දි අම්මා කතා කලා කෝල් එකක් කියලා..

    “කවුද අම්මා..?”

    “සන්ධනායක අන්කල්ගෙන්..”

    මම ඉක්මනට ගිහින් ෆෝන් එක ගත්තා.. හදිස්සියක්ද දන්නෙ නෑනෙ..

    “පුතා ඔයා බිසීද..?”

    “නෑ අන්කල් කියන්න..”

    “ඔයාට අද හදිස්සි වැඩ මුකුත් නැත්තං ටිකකට අපේ ගෙදර ඇවිත් යනවද..? අපේ කෙල්ලට ඩ්‍රයිවින් පුරුදු වෙන්න ඕනෙ වෙලා.. ඔයාට බැරිද ටිකක් කියලා දෙන්න..?”

    පාරමීට ඩ්‍රයිවින් නෙමෙයි මොනවා කියලා දෙන්න බැරිද..? ඒත් පැනපු ගමන් මං හා කිව්වොත් අන්කල් මොනව හිතයිද දන්නෙ නෑනෙ..

    “මම හවස් වෙලා එන්නං අන්කල්..”

    “ඕකෙ පුතා.. තෑන්ක්ස්..!”

    ඒ වැඩෙත් ගොඩ කියලා හිතලා මං ෆෝන් එක තිබ්බා.. අද හවස ගොඩක් සුන්දර එකක් වෙයි.. ඒත් කවදාවත් නැති විදියට හිත කෙල්ලෙක්ගෙ පැත්තට පා වෙලා යද්දි බයත් වගේ.. මේක ප්‍රශ්න ගොඩක මුල වෙන්නත් බැරි නෑ..

    මං පාරමීට ළං වෙන එකෙන් තාත්තලගෙ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැතිවෙයිද මංදා..? ඒත් මාව පාරමීට ළංකරන්නෙත් සන්ධනායක අන්කල්මනේ.. එයාට තේරෙන්නෙ නැද්ද මේ තරුණ හිත් වල විසේ වැඩියි කියලා.. මමත් අර කැකිල්ලෙ රජ්ජුරුවො වගේ වැරැද්ද සන්ධනායක අන්කල්ගෙ පැත්තට දාලා හිත හදාගන්න උත්සාහ කලා..

    හවස පාරමීලගෙ ගෙදර යද්දි කෙල්ල සුටු පාට ත්‍රී ක්වාටර් එකකුයි රෝස පාට අත් නැති ටී ෂර්ට් එකකුයි ඇදලා රෝස පාට ස්පෝට්ස් බෑන්ඩ් එකකුයි ඔළුවෙ දාගෙන තව කවුද යාළුවෙක් එක්ක බැඩ්මින්ටන් ගහනවා.. මගේ කාරක වත්ත ඇතුළට දාද්දිම එයා රැකට් එකත් අතේ තියාගෙනම මං ළගට දුවගෙන ආවා.. දාඩියටද මහන්සියටද දන්නෙ නෑ ඒ සුදුපාට මූණ රෝස පාට වෙලා.. හැමදාම වගේ අර දිලිසෙන ඇස් දෙක පුන්චි කරලා පාරමී මගේ හිත පිස්සු වැට්ටුවා.. එයාගෙ යාළුවා ඈත ඉදලා මගේ දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ..

    “ආ.. අයියා එන්නකො ටිකකට..”

    එහෙම කියල මගේ අතකින් ඇදගෙන එයා දිව්වෙ යාළුවා ළගට.. ඒ කෙල්ලත් පාරමීට හරියන සල්ලිකාර ෆැමිලි එකක් වගේ.. සැපට හැදුන ලුක් එකක් ඒ මූණෙ තිබුණා.. ඒත් ඉතිං පාරමීගෙ ලස්සනෙන් භාගයක්වත් එයාට නෑ..

    “මේ තමයි මගේ හොදම යාළුවා දිනිති.. මේ ඉන්නෙ ගිම්හාන අයියා..”

    අපි දෙන්නට දෙන්නා හදුන්වලා දීලා පාරමී අපි දෙන්නව ඇදගෙන ගෙට ගියා.. මම අවුරුදු අටකින් විතර මෙහෙ ඇවිත් නැහැ.. අදත් ආවෙ තාත්තගෙන් පාර අහගෙන.. ගේ දැක්කා විතරයි මාව උඩ ගිහින් බිම වැටුනා.. මේක ගෙයක් නෙමෙයි තනිකරම එළකිරි හොටෙල් එකක්.. බිස්නස් ෆිල්ඩ් එක හොල්ලගෙන ඉන්න සන්ධනායක අන්කල්ට මෙහෙම ගෙයක් තියෙන එක එක අතකට පුදුම වෙන්න දේකුත් නෙමෙයි.. මේ ගෙදර උෂ්ණෙ වැදුනා විතරයි එද්දි තිබුන ෆිට් එක අන්තිම බින්දුවට යනකල්ම හේදිලා ගියා..

    “ඇයි අයියා බයවෙලා වගේ.. එන්න ගෙට.. අයියා එනකල් අම්මි බලාගෙන හිටියෙ..”

    අපි ගෙට අඩිය තියද්දිම නිල්මිණී ආන්ටි හිනා කටකුත් අරගෙන මගේ ළගට ආවා.. කොයි තරම් සල්ලි තිබුණත් අර ඉස්සර තිබුණ නිරහංකාරකම් තාම එහෙමමයි.. මම පාත් වෙලා ආන්ටිට වඳිද්දි ආන්ටිට පුදුම හිතුනා වගේ..

    “මෙච්චර කල් රට ගිහින් හිටියට ඔයා තාම එදා වගේමයි පුතේ..”

    ආන්ටි මගේ ඔළුව අතගෑවෙ එහෙම කියලා..

    “අයියා, අම්මි එක්ක ටිකක් කතා කරන්න.. මං ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන එන්නම්..”

    පාරමී යාළුවත් එක්ක අර රවුම් පඩිපෙළ දිගේ නගින ගමන් මට කියාගෙන ගියා.. නිල්මිණී ආන්ටි කවදාවත් වැඩිපුර කතා කරන කෙනෙක් නෙමෙයි.. ඉස්සර ඉදලම මං එයාට වැඩිපුර කැමතිත් ඒකයි.. සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම හොද බිරිදක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනේ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවම ඒ කතාව හරියටම හරි.. නිල්මිණී ආන්ටි ඇත්තටම හොද බිරිදක්.. අපේ අම්මා උනත් ආන්ටිව ආශ්‍රය කලේ ළගම යාළුවෙක් විදියට.. මම කූල් ඩ්‍රින්ක් එකකුත් බිලා ආන්ටි එක්ක විනාඩි විස්සක් විතර කතා කර කර ඉන්නකොට තමයි අර ටක් ගාලා එන්නං කියලා කාමරේට ගිය පාරමී ආවෙ.. මං දන්නෙ නැද්ද කෙල්ලන්ගෙ ටක් ගෑවිල්ල.. උන්ට හැරෙන්නම විනාඩි පහක් මදි.. එයාගෙ යාළුවා දිනිති නං කලින් ඇදගෙන හිටපු කිට් එක පිටින්මයි හිටියෙ.. පාරමී නිල් පාට ඩෙනිමක් ඇදලා බැගී වගේ ටී ෂර්ට් එකක් උඩින් දාලා.. ඒ විතරක් නං මැදෑ.. පර්ෆියුම් බෝතලෙන් භාගයක්ම හලාගෙනද කොහෙද පලාතම සුවදයි..

    “එහෙනං ආන්ටි මං ගිහින් එන්නං.. පස්සෙ හම්බවෙමු.. අයියා මං යනවා..”

    අපි හැමෝටම අත වනලා දිනිති මිදුලෙ නතර කරලා තිබුණ ටොයොටා යාරිස් කාර් එකට නැග්ගා.. අපි කට්ටිය මිදුලෙ බලාගෙන ඉද්දි එයා හොද පළපුරුදු කාරයෙක් වගේ වාහනේ රිවස් කරලා හෝන් පාරකුත් ගහලා ඉගිල්ලිලා ගියා.. චීත්ත ගවුමක් මහ ගන්න සල්ලි නැති කෙල්ලො අනන්ත ඉන්න රටක සුර සැප විදින කෙල්ලොත් ඉන්නවා කියලා පාරමීවයි, දිනිතිවයි දකිද්දි මට තේරුණා..

    “ඔයාට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ඇයි මට එන්න කිව්වෙ.. ඔයාගෙ යාළුවට හොදට ඩ්‍රයිව් කරන්න පුළුවන්නෙ..”

    මං එහෙම කියද්දි පාරමී හිනා උනා විතරයි.. ඒ හිනාව යට මොකක්දෝ දගකාරකමක් තැවරිලා තිබුණා..

    “අන්කල්ගෙ යාළුවෙක්ට කියලා මෙයාට ලයිසන් එක ගන්න දැම්මා පුතා.. අනිද්දා ට්‍රයලි තියෙන්නෙ.. තාම ඩ්‍රයිවින් බෑ..”

    සල්ලි තියෙනවනං ඩ්‍රයිවින් බැරි උනත් ලයිසන් එක ගන්න බැරිවෙන එකක් නෑ.. මේක ලංකාවනේ.. පාරමී වගේ ලස්සන කෙල්ලෙක් පුංචි කාර් එකක් එළවගෙන යද්දි කොයි තරම් ගතියට තියෙයිද..?

    “දැන් මොකෙන්ද පුරුදු වෙන්නෙ..? මං ආව එක ඔටෝ ගියර්.. ඔයාට මැනුවල් එකක් පුරුදු උනානං හරි..”

    “ගරාර් එකේ තියෙනවා පොඩි ඇල්ටො එකක්.. ඒකෙන් පුරුදු වෙමු..”

    පාරමී ගෙට ගිහින් කාරෙකේ යතුර අරගෙන ආවා.. ඒ ගරාජ් එකේ නිල්පාට ඇල්ටෝ එකට අමතරව තව වාහන තුන හතරක්ම තිබුණා.. ඩ්‍රයිවින් ඉගෙන ගන්නනං පාරටම වාහනේ ගන්න ඕනෙ නෑ.. මේ වත්ත වටේ කැරකුණත් ඇති.. ඒ තරම් ලොකු වත්තක් පාරමීලට තිබුණෙ.. ඒත් පාරමී ඒ වැඩේට කැමති උනේ නැති නිසා අපි දෙන්න වාහනේ අරන් පාරට ආවා..

    “ඔයා එන්න ඩ්‍රයිවින් සීට් එකට.. මං ඩයිව් කරාට ඔයාට පුරුදු වෙන්නෙ නෑනෙ..”

    කෙල්ල එහා පැත්තෙ සීට් එකෙන් නගිද්දි මං කිව්වා.. ඒත් එයා බැස්සෙ නෑ..

    “ඉස්සරහ මහ පාර ළගදි මං නගින්නං.. එතනට යනකල් අයියා ගෙනිය්නන..”

    ඩ්‍රයිවින් දන්නැති වෙන එවුන් නං මහ පාර දකිද්දිත් බයයි.. ඒත් පාරමීට ඒක ගානක්වත් නෑ.. එයා හිතුවෙ අද අදිරිනීතිය දාලා කියලද කවුද දන්නෙ.. මහ පාර පැතත්ට වාහනේ අරන් යද්දියි මට මතක් උනේ, එදා මේ හරියෙදි තමයි පාරමී පබසරගෙ කාර් එකට ගලකින් හැගුවෙ.. ඒක මතක් වෙලා මට හිනා ගියා..

    “ඔයා හිනාවෙන්නෙ ඇයි කියලා මං දන්නවා අයියා.. එදා කරපු වැඩේ මතක් උනා නේද..?”

    එහෙනං මෙයාටත් තාම ඒක මතකයි.. එදා මෙයාව පබයගෙ අතට අහු උනානං වැඩේ වඩේ වෙන හැටි බලාගන්න තිබුණා.. මං වාහනේ පාර අයිනටම නතර කරලා එන්ජින් එකත් ඕෆ් කරලම බැස්සෙ පාරමීට මුල ඉදලම කියලා දෙන්න හිතාගෙන.. මටත් කලින් ඩ්‍රයිවින් සීට් එකට නැග්ග පාරමී වාහනේ ස්ටාට් කරගත්තා.. මං එයා දිහා බැලුවෙ පුදුම වෙලා.. අර ගෙදරදි වගේ දග හිනාවක් දාලා මං දිහා බලලා එයා කියන්නත් කලින්ම වාහනේ පාරට ගත්තා.. නියම ට්‍රැක් එකට වාහනේ අරන්, යන්න ඕන පැත්තට සිග්නල් දාලා, ගියර් එකත් නියමෙට මාරු කරලා එයා ඩ්‍රයිව් කරද්දි මාව හොල්මන් උනා.. සන්ධනායක අන්කලුයි නිල්මිණී ඇන්ටියි මාව ගොනාට අන්දලද කොහෙද, නැත්තං මේ තරම් යස අගේට වාහන එළවන්න දන්න කෙනාට ඩ්‍රයිවින් උගන්නන්න කියයියෑ.. මගේ හොල්මන් උන මූණ දකිද්දි කෙල්ලට හිනා ගියා.. මදැයි මං කාපු චාටරයක්.. තව ටිකකින් මේකි මට ඩ්‍රයිවින් උගන්නයි..

    “ඔයාලා මාව බයිට් කලා නේද නංගි..?”

    මගේ කතාවට අර ලස්සන මූණ කළු වෙලා ගියා.. එයා හරස් පාරකට දාලා වාහනේ අයිනක නතර කරලා මගේ මූණ දිහා බැලුවෙ දුක හිතෙන විදියට..

    “සොරි අයියා.. මං ඔයාව බයිට් කරන්න කීයටවත් හිතුවෙ නෑ.. අනික මට ඩ්‍රයිවින් කරන්න පුළුවන් කියලා අපේ ගෙදර අය ඇත්තටම දන්නෙ නෑ..”

    මේ කෙල්ල මොනවා කියනවද මංදා.. මෙයා කොහොමද ගෙදර අයට හොරෙන් ඩ්‍රයිවින් ඉගෙන ගත්තෙ..

    “ඉස්සර මං නුවර හෝස්ටල් ඉද්දි වීක් එන්ඩ් එකට දිනිතිලගෙ ගෙදර අය එක්ක ඇවිදින්න යනවා.. එයාලගෙ කාර් එකෙන් තමයි මං මුලින්ම ඩ්‍රයිව් කරන්න ඉගෙන ගත්තෙ..”

    පාරමී පුංචි එකෙක් වගේ ඇස් දෙකටම එබිලා කතා කරද්දි මං කනන්දරයක් අහනව වගේ අහගෙන හිටියා..

    “එක්සෑම් ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ දිනිතිගෙ තාත්තා එයාට වෙනම කාර් එකක් අරන් දුන්නා.. අද එයා ආවෙ ඒකෙන්.. මං එයාලගෙ ගෙදර ගිහින් පහුගිය කාලෙ ඒක හොදට පුරුදු උනා..”

    “ඉතිං ඔයා ඩ්‍රයිව් කරන්න දන්නෑ කියලා ගෙදරට කිව්වෙ ඇයි..?”

    “හේතු දෙක්ක නිසා.. එක තමයි.. ලයිසන් එක අරගෙන මගේම වාහනයක් මුලින්ම එළවන්න තිබුණ ආසාව..”

    “එතකොට අනික..?”

    ඒකට කෙලින්ම උත්තරයක් හම්බඋනේ නෑ.. මූණත් ඇල කරලා කටත් අමුතු කරලා පාරමී මගේ දිහා බලන් හිටියා විතරයි.. ඒ හිටපු විදියට මට හිතුනෙම ඒ රෝස පාට කම්මුල් ඉඹින්න..

    “කියන්නෙ නැද්ද..?”

    ඉඹින්න බැරි කමට මං ඒ කම්මුල ලාවට මිරිකලා අහද්දි අර ඇස් ආපහු හිනා උනා..

    “කියන්නං.. හැබැයි මුකුත් හිතන්න බෑ හරිද..?”

    මට හිතෙන ඒවා ඔයාට කියන්න බෑ බබා.. ඒවා මං හිතාගන්නං.. ඔයා කියන්නකො කියන්න ආපු දේ.. එහෙම හිතලා මං එයා දිහාම බලන් හිටියා..

    “අනිත් එක තමයි, බොරුවක් කරලා හරි අයියව අපේ ගෙදර ගෙන්නගන්න තිබුණ ඕනකම..”

    මං හීනෙකින්වත් හිතපු නැති කතාවක් පාරමීගෙ කටින් පිටවෙද්දි මාව ගැස්සිලා ගියා.. මොකක්ද ඒ කතාවෙ තේරුම..? මාව එයාලගෙ ගෙදරට ගෙන්න ගන්න පාරමීට ඕන උනේ ඇයි..?

    “මට තේරෙන්නෙ නෑ නංගි ඔයා කියන දේ..”

    “මට තේරෙන්නෙත් නෑ අයියෙ..”

    මේ කතාවලට පිස්සු හැදෙනවා.. එහෙනං කාටද මේවා තේරෙන්නෙ යකෝ.. හිස් බැල්මකින් ඈත බලාගෙන හිටපු පාරමී හිතපු නැති විදියට වාහනේ ස්ටාට් කර ගත්තා.. දැන් ඉතිං මෙයාගෙ ඩ්‍රයිවින් ගැන බයවෙන්න දෙයක් නෑනෙ.. ඒ නිසා යන්නෙ කොහෙද කියල අහන්නෙවත් නැතුව මමත් නිකං හිටියා.. එයා වාහනේ අරගෙන ගියේ කොහෙටද කියලා මම දැනං හිටියෙ නෑ.. අලුතෙන් හදපු හුරුබුහුටි ගෙයක් ළගට ගිහින් පාරමී හෝන් එක ගැහුවා.. ගේ ඇතුළෙ ඉදලා එළියට ආවෙ මං කීයටවත් හිතපු නැති කෙනෙක්.. ඒ නිලූ..

    “ආ නංගි එන්න ගෙට.. කාත් එක්කද ඔයා ආවේ..?”

    වාහනේ ඇතුළ බලන්නෙ නැතුව නිලූ අහද්දි මං දොර ඇරගෙන බැස්සා.. මාව දැකලා නිලූගෙ ඇස් දෙක නළලටම ගියා.. ගේ ඇතුළෙ ඉදලා රොහානුත් එළියට ආවෙ ඒ වෙලාවෙමයි..

    “අම්මට සිරි ජෝඩුවම ආවද..?”

    රොහානයා ඒක අපහු තාලෙට පාරමීට හිනා ගියා.. එයා නිලූගෙ අතක් අල්ලගනිද්දි රොහාන් මගේ කරට අත දාගෙන ගේ ඇතුළට එක්කගෙන ගියා..

    “උඹලගෙ මාලිගාවල් තරං ලොකු නැති උනාට කමක් නෑ.. ඔය හත් අට පොලකින් වාඩි වෙයං..”

    රොහානයා හින්ට් එකක් පාස් කරන ගමන් සෙටියෙ ඉදගත්තා.. මේ එක පස්සක් තියාගෙන කොහොමද හත් අට පොළකින් වාඩිවෙන්නෙ.. මූටත් පබයට වගේ මඤ්ඤං..

    “ඉතිං ඉතිං.. උඹලා දෙන්නා මේ කොහේ යන ගමන්ද..? එදා හොටෙල් එකේදි අදුන්වලා දුන්නට මං හිතුවෙ නෑ මේක මේ තරං දුර ගිහිල්ලා කියලා.. බලන්නකො නිලූ මුන් අපිටත් වඩා දියුණු වෙලානෙ..”

    මූ හිතන්නෙ අපි ෆිට් උනේ උන්ගෙ වෙඩින් එක නිසා කියලා.. අපේ තාත්තගෙ බ්‍රැකට් එකගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් පාරමී කියලා මං ඌට කියලා දුන්නා..

    “උඹ අර ඉස්කෝලෙ යන කාලෙ එහෙම කියන්නෙ කවුද අන්කල් කෙනෙක් ගැන.. එයාගෙ දුවද එතකොට පාරමී..?”

    “ඔව් බං..”

    “යකෝ එහෙනං එදා අදුරන්නෙ නැති විදියට කට වහගෙන හිටියෙ මොන මගුලකටද..?”

    “පුංචි කාලෙ දැකලා තිබුණට බං මෙයා හිටියෙ නුවර හොස්ටල් වලනේ.. අනික ඒ ලෙවල් කරලා මමත් රට ගියානෙ.. ඒ නිසා ඒ තරං මතකයක් තිබුණෙ නෑ..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා පබයා වතුර ගහන්න හදද්දිත් මට ඉබේටම බ්‍රේක් පෑගුනේ ඒ හුරුපුරුදු කමට වෙන්න ඇති.. ඒත් මේ පාරමියි සන්ධනායක අන්කල්ගෙ චූටි දුවයි එක්කෙනෙක් කියලා මට මතක තිබුණෙ නෑනෙ..

    “පාරමි නං අපිව බලන්න දවස් දෙකක් මෙහෙ ආවා.. ඒකටත් එක්ක මගේ යාළුවො.. උඹලා දෙන්නා නිකමටවත් ආවෙ නෑනෙ..”

    නිලූ එක්ක පාරමී කුස්සියට ගියාම රොහාන් මටයි පබයටයි බනින්න පටන් ගත්තා..

    “හරි හරි බං දැන් ඉතිං ආවනේ..”

    “ආවා ඉතිං අර කෙල්ල පාර දන්න නිසා.. නැත්තං උඹ එයි..”

    “මං පබයා එකක් වෙලාවක ඩිනර් එකක් ගන්න එන්නංකො.. එදාට කතා කරමු..”

    “මොනව ගැනද..?”

    රොහාන් ඒක ඇහුවෙ පුටුවෙන් බාගෙට නැගිටලා.. ඌට සැක ඇති මමයි පාරමියි ගැන.. එතකොටම කෙල්ල නිලූ එක්ක කේක් වගයක් උස්සගෙන සාලෙට ආවා..

    “බලපං ඔය අපේ ගෑණි හදපු කේක්..”

    කේක් කෑල්ලක් මගේ අතට දෙන ගමන් රොහාන් පල් එකක් දැම්මා.. ඉස්සර ඉදලා නිලූට රසට කේක් හදන්න පුළුවං.. ඒ දවස් වල රොහාන් කිව්වෙ උන් දෙන්න බැදපු කාලෙට උදේට පොල් කේක් කාලා දවල්ට බටර් කේක් කාලා රෑට චොක්ලට් කේක් කනවා කියලා.. මොකද නිලූ ඒ දවස් වල උයන්නත් දන්නෙ නෑ.. රොහාන් ඒ කාලෙ කියපු වට්ටෝරුවද දන්නෑ මුන් දෙන්නා දැන් කන්නෙ..

    “මේ උඹලා දෙන්නා දවල්ට කාලා ඉතුරු උන කේක්ද..?”

    “දැන් වැඩේ ගොඩ මචං.. මං වෙඩින් එකට මෙයාව කුකරි ක්ලාස් ඇරියා..”

    අපේ කතා අහලා පාරමීට හොල්මන් වගේ.. ඒ පාර මං ඒ කාලෙ රොහාන් කියපු කතා පාරමීට කිව්වා.. ඒක අහලා නිලූ රොහාන්ට රවනවා..

    “මෙයා මාව යවපු කුකරි ක්ලාස් එකක් නෑ.. මං උයන්න ඉගෙන ගත්තෙ අපේ අම්මගෙන්..”

    “මොන පිස්සුද.. මං මෙයාට පරිප්පුයි, පොල් සම්බෝලයි හදන්න ඉගැන්නුවෙ හනිමූන් දවසෙ රෑ..”

    පාරමී අතින් කට වහගෙන හිනාවෙනවා.. එයාගෙ ඇස් දෙක ඊට වඩා හිනාවෙනවා.. මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා.. යකඩෝ.. හොදටම පරක්කු වෙලා.. නිල්මිණී ආන්ටි හිතයි මං පාරමීව අරන් ලර්නස් එකකට ගියා කියලා.. එයාටත් ආපු වැඩේ මතක නෑ.. පොඩි එකෙක් වගේ කිචි කිචි ගගා ඉන්නවා.. තේත් බීලා ඉවර වෙලා මං රොහාන් දිහා බැලුවා..

    “මචං අපි යන්න ඕනෙ, පරක්කු වෙලා..”

    “මේ කෙල්ලටවත් නැති තදියමක්නේ උඹට තියෙන්නෙ.. ටිකක් ඉදලා පලයං..”

    “නෑ රොහාන් අයියා.. අපි වෙන දවසක එන්නං..”

    කියලා පාරමී කිව්වා.. ඇති යන්තං.. නැත්තං මට සන්ධනායක අන්කල්ගෙන් බැනුම් අහන්න වෙනවා..

    පාරමී යද්දිත් වාහනේ තනියම අරන් ගියාට ගේ ළං වෙද්දි එයා බැහැලා මට ඩ්‍රයිවින් සීට් එක දුන්නා.. එයාගෙ ගරාජ් එකට වාහනේ දාලා බහින්න යද්දි පාරමී අතින් අල්ලලා මාව නවත්ත ගත්තා..

    “අයියා.. ඔයා හෙටත් එනවා නේද..?”

    ඒක අහපු හුරතල් තාලෙට මං කටක් ඇරලා බෑ කියන්නෙ කොහොමද..? ඒත් සන්ධනායක අන්කල් එන්න නොකියා මං එන එන හරි නෑනෙ..

    “ඔයාගෙ තාත්තා කිව්වොත් මං එන්නං නංගි.. නැත්තං එන එක හොද නෑනෙ..”

    “ඒ දෙන්නා ඔයාට හරි ආදරෙයි අයියා.. එයාලා මුකුත් කියන්නෙ නෑ.. අනේ එනවා කියන්න.. ප්..ලී..සී..”

    මගේ අත අත් දෙකෙන්මතද කරගෙන පාරමී ඇහුවා.. එතකොටම කවුද මනුස්සයෙක් ඇවිත් පාරමී හිටපු පැත්තෙ දොර ඇරියා..

    “ආ.. පුංචි බේබි පරක්කු වෙලා නේද..?”

    මොකාද මේ මැද්දට පැනපු එකා.. සන්ධනායක අන්කල්ටවත් නැති අමාරුවක් මූට තියෙන්නෙ.. හිතට ආපු තරහට පාරමීගෙ අත් දෙක ගස්සලා මං කාර් එකෙන් බැහැලා ගියා.. සන්ධනායක අන්කල් යාළුවෙක් එක්ක මිදුලෙ කතාවක්..

    “සිරී මේ ජයේගෙ ලොකු පුතා ගිම්හාන.. ළගදි තමයි රට ඉදලා ආවෙ..”

    මං ළගට එන්නත් කලින් අන්කල් මාව එයාගෙ යාළුවට අදුන්වලා දුන්නා.. ඒත් සිරී කියන මිනිහගෙ මූණට ආවෙ මහ කැත හිනාවක්..

    “ජයේගෙ ලොකු පුතාද.. නැත්තං.. මේ මිස්ටර් සන්ධනායකගෙ බෑනද..?”

    කාර් එකෙන් බැහැලා එන පාරමී දිහා බලලා මිනිහා කිව්වා විතරයි සන්ධනායක අන්කල්ගෙ මූණ යකෙක් වගේ උනා..

    “සිරී.. තමුසෙ හොද සිහියෙන්ද කතා කරන්නෙ..? තමුසෙ මේ ළමයි ගැන ඔය වගේ කැත විදියට හිතයි කියලා මං හිතුවෙ නෑ.. හිතවත්කම් වලට පව් පුරවන්න එපා අයිසෙ..”

    මහා සද්දෙට ඒ ටික කියලා දාලා අන්කල් ගෙට ගියා.. මගේ හිතට දැනුනෙ කියාගන්න බැරි මොකක්දෝ නොසන්සුන්කමක්.. පාරමීගෙ දිලිසෙන ලස්සන ඇස් වල කදුළු පිරිලා තිබුණා..

    “මිස්ටර් සන්ධනායකට ඔය තරම් තරහ ගන්න දෙයක් මං කිව්වෙ නෑ බේබි.. එයාට ඇයි ඒ තරං තරහා ගියේ..?”

    පසුතැවිල්ලෙන් වගේ පාරමීගෙ මූණ දිහා බලලා ඒ ටික කියලා ඒ මිනිහා යන්න ගියා.. මිදුල මැද්දෙ හිටගෙන හිටපු මමයි පාරමියි දිහා කාර් එකේ දොර ඇරපු මනුස්සයා බලාගෙන හිටියෙ දුකෙන් වගේ..

    “ඔය කතා වලට බේබිලා හිත් නරක්කරගන්න ඕනෙ නෑ.. ඔය සිරී කියන එකා මහ කට කැඩිච්ච එකා.. ලොකු මහත්තයගෙ ළගින්ම ඉදන් කටුව ගහන්නෙ ඌ තමයි..”

    ගෙදර වැඩ වලට උදව් වෙන්න ඉන්න ඒ මිනිහ කියපු කතාව අනුමත කරන්න වගේ පාරමී උඩටයි පල්ලෙහාටයි ඔළුව වැනුවා..

    ගොඩක් සතුටින් ගෙවිලා ගිය හෝරා කිහිපය මහා මුස්පේන්තු විදියට අවසාන උන එක ගැන මට දැනුනෙ ලොකු කලකිරීමක්.. ආපහු එයි කියලා බලාගෙන හිටියට සන්ධනායක අන්කල් එළියට ආවෙ නෑ.. මං පාරමීට විතරක් යන්නං කියලා එහෙන් ආවා.. මග දිගට එනකල්ම මගේ ඔළුවට ආවෙ එක එක විකාර..

    මටයි, පාරමීටයි වේලාසනම අනතුරු අගවන්නද දන්නෙ නෑ අන්කල් එහෙම කිව්වෙ.. ඇත්තටම හිතලා බැලුවොත් අර මනුස්සයා කියපු කතාවෙ ඔය තරම් කේන්ති ගන්න දෙයක් තිබුණෙ නෑ තමයි.. මොනව උනත් ඒ වෙලාවෙ පාරමීත් හිටියෙ හොදටම අවුල් වෙලා.. කෙල්ල අන්තිම මොහොතෙ මගෙන් ඉල්ලපු ඉල්ලීම මට මතක් උනා.. එයා කිව්වෙ තාත්තා මුකුත් කියන්නෙ නෑ හෙටත් එන්න කියලනේ.. ඒත් දැන් තියන තත්වෙ අනුව යන එක ශරීර සෞඛයට හොද නෑ.. පාරමීගෙ ඇස් දෙක එක මොහොතකට අමතක කරලා හෙට නොයන්න මං තීරණය කලා..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා පබයා වතුර ගහන්න හදද්දිත් මට ඉබේටම බ්‍රේක් පෑගුනේ ඒ හුරුපුරුදු කමට වෙන්න ඇති.. ඒත් මේ පාරමියි සන්ධනායක අන්කල්ගෙ චූටි දුවයි එක්කෙනෙක් කියලා මට මතක තිබුණෙ නෑනෙ..

    “පාරමි නං අපිව බලන්න දවස් දෙකක් මෙහෙ ආවා.. ඒකටත් එක්ක මගේ යාළුවො.. උඹලා දෙන්නා නිකමටවත් ආවෙ නෑනෙ..”

    නිලූ එක්ක පාරමී කුස්සියට ගියාම රොහාන් මටයි පබයටයි බනින්න පටන් ගත්තා..

    “හරි හරි බං දැන් ඉතිං ආවනේ..”

    “ආවා ඉතිං අර කෙල්ල පාර දන්න නිසා.. නැත්තං උඹ එයි..”

    “මං පබයා එකක් වෙලාවක ඩිනර් එකක් ගන්න එන්නංකො.. එදාට කතා කරමු..”

    “මොනව ගැනද..?”

    රොහාන් ඒක ඇහුවෙ පුටුවෙන් බාගෙට නැගිටලා.. ඌට සැක ඇති මමයි පාරමියි ගැන.. එතකොටම කෙල්ල නිලූ එක්ක කේක් වගයක් උස්සගෙන සාලෙට ආවා..

    “බලපං ඔය අපේ ගෑණි හදපු කේක්..”

    කේක් කෑල්ලක් මගේ අතට දෙන ගමන් රොහාන් පල් එකක් දැම්මා.. ඉස්සර ඉදලා නිලූට රසට කේක් හදන්න පුළුවං.. ඒ දවස් වල රොහාන් කිව්වෙ උන් දෙන්න බැදපු කාලෙට උදේට පොල් කේක් කාලා දවල්ට බටර් කේක් කාලා රෑට චොක්ලට් කේක් කනවා කියලා.. මොකද නිලූ ඒ දවස් වල උයන්නත් දන්නෙ නෑ.. රොහාන් ඒ කාලෙ කියපු වට්ටෝරුවද දන්නෑ මුන් දෙන්නා දැන් කන්නෙ..

    “මේ උඹලා දෙන්නා දවල්ට කාලා ඉතුරු උන කේක්ද..?”

    “දැන් වැඩේ ගොඩ මචං.. මං වෙඩින් එකට මෙයාව කුකරි ක්ලාස් ඇරියා..”

    අපේ කතා අහලා පාරමීට හොල්මන් වගේ.. ඒ පාර මං ඒ කාලෙ රොහාන් කියපු කතා පාරමීට කිව්වා.. ඒක අහලා නිලූ රොහාන්ට රවනවා..

    “මෙයා මාව යවපු කුකරි ක්ලාස් එකක් නෑ.. මං උයන්න ඉගෙන ගත්තෙ අපේ අම්මගෙන්..”

    “මොන පිස්සුද.. මං මෙයාට පරිප්පුයි, පොල් සම්බෝලයි හදන්න ඉගැන්නුවෙ හනිමූන් දවසෙ රෑ..”

    පාරමී අතින් කට වහගෙන හිනාවෙනවා.. එයාගෙ ඇස් දෙක ඊට වඩා හිනාවෙනවා.. මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා.. යකඩෝ.. හොදටම පරක්කු වෙලා.. නිල්මිණී ආන්ටි හිතයි මං පාරමීව අරන් ලර්නස් එකකට ගියා කියලා.. එයාටත් ආපු වැඩේ මතක නෑ.. පොඩි එකෙක් වගේ කිචි කිචි ගගා ඉන්නවා.. තේත් බීලා ඉවර වෙලා මං රොහාන් දිහා බැලුවා..

    “මචං අපි යන්න ඕනෙ, පරක්කු වෙලා..”

    “මේ කෙල්ලටවත් නැති තදියමක්නේ උඹට තියෙන්නෙ.. ටිකක් ඉදලා පලයං..”

    “නෑ රොහාන් අයියා.. අපි වෙන දවසක එන්නං..”

    කියලා පාරමී කිව්වා.. ඇති යන්තං.. නැත්තං මට සන්ධනායක අන්කල්ගෙන් බැනුම් අහන්න වෙනවා..

    පාරමී යද්දිත් වාහනේ තනියම අරන් ගියාට ගේ ළං වෙද්දි එයා බැහැලා මට ඩ්‍රයිවින් සීට් එක දුන්නා.. එයාගෙ ගරාජ් එකට වාහනේ දාලා බහින්න යද්දි පාරමී අතින් අල්ලලා මාව නවත්ත ගත්තා..

    “අයියා.. ඔයා හෙටත් එනවා නේද..?”

    ඒක අහපු හුරතල් තාලෙට මං කටක් ඇරලා බෑ කියන්නෙ කොහොමද..? ඒත් සන්ධනායක අන්කල් එන්න නොකියා මං එන එන හරි නෑනෙ..

    “ඔයාගෙ තාත්තා කිව්වොත් මං එන්නං නංගි.. නැත්තං එන එක හොද නෑනෙ..”

    “ඒ දෙන්නා ඔයාට හරි ආදරෙයි අයියා.. එයාලා මුකුත් කියන්නෙ නෑ.. අනේ එනවා කියන්න.. ප්..ලී..සී..”

    මගේ අත අත් දෙකෙන්මතද කරගෙන පාරමී ඇහුවා.. එතකොටම කවුද මනුස්සයෙක් ඇවිත් පාරමී හිටපු පැත්තෙ දොර ඇරියා..

    “ආ.. පුංචි බේබි පරක්කු වෙලා නේද..?”

    මොකාද මේ මැද්දට පැනපු එකා.. සන්ධනායක අන්කල්ටවත් නැති අමාරුවක් මූට තියෙන්නෙ.. හිතට ආපු තරහට පාරමීගෙ අත් දෙක ගස්සලා මං කාර් එකෙන් බැහැලා ගියා.. සන්ධනායක අන්කල් යාළුවෙක් එක්ක මිදුලෙ කතාවක්..

    “සිරී මේ ජයේගෙ ලොකු පුතා ගිම්හාන.. ළගදි තමයි රට ඉදලා ආවෙ..”

    මං ළගට එන්නත් කලින් අන්කල් මාව එයාගෙ යාළුවට අදුන්වලා දුන්නා.. ඒත් සිරී කියන මිනිහගෙ මූණට ආවෙ මහ කැත හිනාවක්..

    “ජයේගෙ ලොකු පුතාද.. නැත්තං.. මේ මිස්ටර් සන්ධනායකගෙ බෑනද..?”

    කාර් එකෙන් බැහැලා එන පාරමී දිහා බලලා මිනිහා කිව්වා විතරයි සන්ධනායක අන්කල්ගෙ මූණ යකෙක් වගේ උනා..

    “සිරී.. තමුසෙ හොද සිහියෙන්ද කතා කරන්නෙ..? තමුසෙ මේ ළමයි ගැන ඔය වගේ කැත විදියට හිතයි කියලා මං හිතුවෙ නෑ.. හිතවත්කම් වලට පව් පුරවන්න එපා අයිසෙ..”

    මහා සද්දෙට ඒ ටික කියලා දාලා අන්කල් ගෙට ගියා.. මගේ හිතට දැනුනෙ කියාගන්න බැරි මොකක්දෝ නොසන්සුන්කමක්.. පාරමීගෙ දිලිසෙන ලස්සන ඇස් වල කදුළු පිරිලා තිබුණා..

    “මිස්ටර් සන්ධනායකට ඔය තරම් තරහ ගන්න දෙයක් මං කිව්වෙ නෑ බේබි.. එයාට ඇයි ඒ තරං තරහා ගියේ..?”

    පසුතැවිල්ලෙන් වගේ පාරමීගෙ මූණ දිහා බලලා ඒ ටික කියලා ඒ මිනිහා යන්න ගියා.. මිදුල මැද්දෙ හිටගෙන හිටපු මමයි පාරමියි දිහා කාර් එකේ දොර ඇරපු මනුස්සයා බලාගෙන හිටියෙ දුකෙන් වගේ..

    “ඔය කතා වලට බේබිලා හිත් නරක්කරගන්න ඕනෙ නෑ.. ඔය සිරී කියන එකා මහ කට කැඩිච්ච එකා.. ලොකු මහත්තයගෙ ළගින්ම ඉදන් කටුව ගහන්නෙ ඌ තමයි..”

    ගෙදර වැඩ වලට උදව් වෙන්න ඉන්න ඒ මිනිහ කියපු කතාව අනුමත කරන්න වගේ පාරමී උඩටයි පල්ලෙහාටයි ඔළුව වැනුවා..

    ගොඩක් සතුටින් ගෙවිලා ගිය හෝරා කිහිපය මහා මුස්පේන්තු විදියට අවසාන උන එක ගැන මට දැනුනෙ ලොකු කලකිරීමක්.. ආපහු එයි කියලා බලාගෙන හිටියට සන්ධනායක අන්කල් එළියට ආවෙ නෑ.. මං පාරමීට විතරක් යන්නං කියලා එහෙන් ආවා.. මග දිගට එනකල්ම මගේ ඔළුවට ආවෙ එක එක විකාර..

    මටයි, පාරමීටයි වේලාසනම අනතුරු අගවන්නද දන්නෙ නෑ අන්කල් එහෙම කිව්වෙ.. ඇත්තටම හිතලා බැලුවොත් අර මනුස්සයා කියපු කතාවෙ ඔය තරම් කේන්ති ගන්න දෙයක් තිබුණෙ නෑ තමයි.. මොනව උනත් ඒ වෙලාවෙ පාරමීත් හිටියෙ හොදටම අවුල් වෙලා.. කෙල්ල අන්තිම මොහොතෙ මගෙන් ඉල්ලපු ඉල්ලීම මට මතක් උනා.. එයා කිව්වෙ තාත්තා මුකුත් කියන්නෙ නෑ හෙටත් එන්න කියලනේ.. ඒත් දැන් තියන තත්වෙ අනුව යන එක ශරීර සෞඛයට හොද නෑ.. පාරමීගෙ ඇස් දෙක එක මොහොතකට අමතක කරලා හෙට නොයන්න මං තීරණය කලා..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    05.png


    පහුවෙනිදා උදේ නැගිට්ටත් හිත නිකං ෆිට් නෑ වගේ.. මූණ කට හෝදලා ෂෝටක් එහෙම දාගෙන මං ආපහු ඇදට ආවා.. තාත්තා කාමරේට ආවෙ ඒ වෙලාවෙ..

    “ඇයි පුතා තාම ඇදේ..? මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

    “එහෙම මුකුත් නෑ තාත්තා..”

    මං ඒක කියපු විදියෙන්ම මුකුත් නැත්තෙ නෑ කියලා තාත්තට තේරෙන්න ඇති.. එයා මගේ මූණ දිහා බැලුවෙ ගොඩක් ඕනකමින්..

    “ඇයි පාරමී එක්ක රණ්ඩු උනාද..?”

    තාත්තත් මං වගේ ඇස් වහගෙන ඊතලේ එව්වෙ හාවගෙ කණ හිල්වෙන්න.. ඒ මූණ බලන් බොරුවක් කියන්න බැරිකමට මං හිනාවෙලා නිකං හිටියා..

    “කොහොමටත් පුතා ඔය පාරමීව ටිකක් අතේ දුරින් ආශ්‍රය කරන්න.. සන්ධනායක මගේ යාළුවා උනත් සල්ලි උඩ පිනුම් ගහන් මිනිහෙක්නෙ.. එයාගෙ හිතේ දුව ගැන මොන මොන බලාපොරොත්තු තියෙනවද කියලා කවුද දන්නෙ..”

    හරිම තැන්පත් හඩකින් තාත්තා කිව්වෙ මගේ හිත ගිනිගන්න කතාවක්.. පාරමි අතේ දුරින් හිටියට හිතේ කොයි තරම් ළගින් ඉන්නවද කියලා තාත්තට කොහොම කියන්නද..? ඊයෙ අන්කල් මගේ හිත කැඩුවා.. අද තාත්තා.. ඒත් එයා මේ අවුරුදු විසි ගානටම කවමදාකවත් සන්ධනායක අන්කල්ගෙ වැරැද්දක් කතා කරනවා මට ඇහිලා තිබුණෙ නෑ.. අද ඔහොමවත් කතාවක් කිවව් එක ගැන මට හරි පුදුමයි.. තාත්තා ළග වාඩිවෙලා ඉද්දිම ඇද උඩ තිබුණ මගේ මොබයිල් එක රින්ග් උනා.. අතට අරන් බලද්දි ඒ පාරමී.. ඒත් දැන් තාත්තා කියපු කතා අහලා එයාගෙ ඉස්සරහ ඉදගෙනම කොහොමද පාරමී එක්ක කතා කරන්නෙ..

    “ඔයා කල්පනා කරලා වැඩ කරන්න පුතා මං යනවා..”

    මං දෙලොවක් අතර තනිවෙලා කියලා දැනගෙන මට ෆෝන් එක ගන්න ඇරලා තාත්තා එතනින් ගියා.. දෙතුන් පාරක් හිතලා හිතලා අන්තිමට මං කෝල් එක ගත්තා..

    “අයියා.. ඔයා එන්නෙ නැද්ද..?”

    ගොඩක් දුක හිතෙන විදියට පාරමීගෙ කටහඩ ඇහෙද්දි මගේ පපුව කඩාගෙන වැටුණ වගේ.. මෙච්චර දේවල් කනට ඇහෙද්දි මං කොහොමද පැටියො ඔයා ළගට එන්නෙ.. මං වගේම පාරමිත් ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං දන්නවා.. ඒත්..

    “එන්නෙ කොහොමද බබා.. ඔයාගෙ තාත්තා කියපු කතාවට මගේ හිත අප්සට්..”

    හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියලා වැඩක් නෑනෙ.. ඒ නිසා මං ඇත්තම කියලා දැම්මා.. පාරමී දිග හුස්මක් ගන්න සද්දෙ ඇහුනට එයා කතා කලේ නෑ..

    “තරහා වෙන්න එපා නංගි.. මං අද එන්නෙ නෑ.. ඔයා හෙට ට්‍රයල් එක හොදට කරන්න.. පරිස්සමින් ගිහින් එන්න..”

    මං ඒ ටික කියද්දි පාරමී ලාවට ඉකිබිදිනවා වගේ සද්දයක් ආවා.. මගේ හිතට දුක දැනුනා උනාට කරන්න දෙයක් නෑ.. තාත්තලා දෙන්නගෙම කතා ගැන හිතද්දි ඕක තමයි දෙන්න තියෙන අන්තිම උත්තරේ..

    “ඔයාට මාව බලන්න ඕනෙ නැද්ද අයියා..?”

    පාරමිත් අහන්නෙ මාර කතා.. ඕවට ඔව් කියනවා ඇරෙන්න දැනට වෙන උත්තරයක් නෑ.. ඒත් වැඩේ කියන්නෙ පාරමීටත් මාව නොබලා ඉන්න බැරි එකයි.. මං වගේම එයත් ආදරේ හිතේ තියාගෙන ඉන්නවද දන්නෙ නෑ..

    “කතා කරන්නකො.. මං දුවන්නෙ මිරිගුවක් පස්සෙද..?”

    “ඕවා ගැන ෆෝන් එකෙන් කතා කරන්න බෑ බබා.. අපි දවසක මීට් වෙලාම කතා කරමු..”

    “කවදද..?”

    “ළඟදිම..”

    ෂෝට් ඇන්ඩ් ස්විට් උත්තරයක් දීලා මං පාරමීව ෂේප් කරගත්තා.. ෆෝන් එක තිබ්බට පස්සෙ හිත හරි බරයි වගේ.. ඕස්ට්‍රේලියාවෙ ඉද්දි කොහොම නිදහසේ තිබුණ හිතක්ද මේ දැන් දුක් විදින්නෙ..හිත ටිකක් හරි හදාගන්න තිබුණා පබයට කතා කරා නං.. මං නිකමට වගේ ඌට රින්ග් කරලා බැලුවා..

    “මොකද බං වද දෙන්නෙ..? උඹලා ගෙවල් වලට වෙලා සැප ගත්තට අපි වැඩ කරන ජනතාව හරිද..?”

    මල ඇඩියාවකින් ෆෝන් එක ආන්සර් කරලා මූ හිනා වෙනවා.. දෙන්න හිතයි දත් ඇන්ද බඩට යන්න..

    “ඕකේ.. ඕකේ.. එහෙනං උඹ වැඩ කරපං.. මං තියන්නං..”

    “ඔච්චර කේන්ති ගන්න එපා යකෝ.. උඹට අර්ශස් හැදෙයි..”

    ඒ පාර තවත් ඉලව්වක් කියවනවා..

    “මේ අර්ශස් ගැන කතා කරන්න නෙමෙයි මං උඹට ගත්තෙ.. මට අද උඹව හම්බවෙන්න ඕනෙ.. පුළුවන්ද බැරිද කියපං..”

    “රයිට් මචං.. මං එන්නං ඕනෙ කොහොටද කියපං.. ගෙදරටද..? නැත්තං..”

    “නෑ නෑ ගෙදර එන්න එපා.. ඉට්ස් අ ප්‍රයිවෙට් මැටර්. වී විල් මීට් සම්වෙයාර් එල්ස්..”

    “ඔබෙ සැප මගෙ සතුටයි..”

    “හරි එහෙනං උඹ වැඩ ඉවර වෙලා මට කෝල් එකක් දීපං.. මං එන්නං..”

    පබසර කොයිතරම් පිස්සු නැටුවත් උදව්වක් ඉල්ලුවම කවදාවත් පස්ස ගහන්නෙ නෑ.. ඕන මගුලකට බොක්කෙන්ම සපෝට්..

    හවස පබයා කෝල් කරලා කිව්වෙ බීච් සයිඩ් එකට එන්න කියලා.. ඌත් හරියට මාව හම්බවෙන්න හදන්නෙ කෙල්ලෙක්ව හම්බවෙනවා වගේ.. කමක් නෑ.. කොහොම උණත් මොකෝ වැඩේ කෙරෙනවනං.. මං තාත්තටත් කියලා කා එක අරගෙන පබයගෙ ඔෆිස් එක ළගට ගියා.. ඒක තිබුණෙ ගාලු පාරෙ සී සයිඩ් එකේ තිබුණ බිල්ඩින් එකක.. ඌ ඒකෙ මැනේජර් කෙනෙක් නිසා විධායක බලතල පාවිච්චි කරලා වේලපහ පනින්න ඇති.. අපි දෙන්නගෙම කාර් දෙක ඔෆිස් එකේ මිදුලෙන් දාලා ත්‍රී වීළ් එකක් අරගෙන අපි බීච් එක පැත්තට ගියා..

    “බලපංකො බං ඉදගන්න බංකුවක්වත් නෑනෙ.. මුන් කලින් ඇවිත් සේරම බුක් කරගෙනනෙ..”

    හතර වටේ බංකු වල වාඩිවෙලා ඉදපු කපල්ස් දිහා බලලා පබය කියෝනවා.. මූ කියන කිසි දෙයක් උන්ට ඇහෙන්නෙ නෑ.. හැමෝම තම තමන්ගෙ ලෝක වල අතරමං වෙලා.. අව්ව වැස්ස කියන ඒවා පොදක්වත් තිබුණෙ නැති උනාට තුන්කාලක්ම හිටියෙ කුඩ දිග ඇරගෙන..

    “මේ වගේ තැන්වල ඩීසන්ට් පිට හිටියම අපි නිකං ෂෝකේස් වල දාපු රිලව් වගේ..”

    එහෙම කියලා පබයා මෙච්චර වෙලා දාගෙන හිටපු ටයි එක ගලවලා සාක්කුවෙ දාගෙන ෂර්ට් එකේ අත්දෙක වැළමිට ළගට වෙනකල් නවා ගත්තා.. මං නං ඉතිං එවරෙඩි පූසා වගේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි දාගෙන ආපු නිසා අවුලක් නෑ.. පැය ගාණක් බංකුවක මුකුළු කර කර හිටපු කපල් එකක් අකමැත්තෙන් වගේ යන්න නැගිටිද්දි අපි දෙන්නා දඩි බිඩි ගාලා එතනට එන්ටර් උනා..

    “අම්මෝ.. බං මුන් දෙන්නා අවම වශයෙන් මෙතන පැය හයක්වත් ඉදගෙන ඉන්න ඇති.. බලපං, මෙච්චර කූල් එකට හුළං එද්දිත් මේ බංකුව සෙල්සියස් අංශක පනහට විතර රත් වෙලා..”

    පබයා හිතන විදියට උන් දෙන්නා මළගිය ප්‍රාණකාරයො දෙන්නෙක් වෙන්න ඕනෙ.. මූයි මායි දන්න සෙල්සියස්..

    “කෝ බං ආපු වෙලේ ඉදලා මං විතරනේ කියවන්නෙ.. උඹට අද යකෙක් වැහිලද..?”

    “වැහිච්ච යකා ගැන කියන්න තමයි උඹට එන්න කිව්වෙ.. අයිම් වෙරි කන්ෆියුස් මචං..”

    ඒ පාර පබසර සීරියස් විදියට මගේ මූණ බැලුවා..

    “මොකක්ද කියපං අවුල..? අනික ගෙදර කතා කරන්න බැරි තරම් දෙයක්..”

    “ඔව්.. පාරමී ගැන..”

    මූ මහා හයියෙන් හිනාවෙයි කියලා මං හිතං හිටියට ඒ මූණෙ හිනාවෙන පාටක්වත් තිබුණෙ නෑ.. පොර හෝ ගාලා කල්පනා කරනවා..

    “මට මීටර් වෙන්නෙ නෑ බං.. කවුද ඔය පාරමිතාව..?”

    “එදා රොහාන්ගෙ හෝම් කමින් එක දවසෙ මාත් එක්ක ඩාන්ස් කරපු ගර්ල්ව උඹට මතකද..?”

    “අම්මට ඩෙඟ.. ඒකිද..? ඉතිං ඉතිං..?”

    පබයා එක කකුලක් නමලා උඩට අරන් මගේ පැත්තට හැරුණා..

    “ඒකි අපේ සන්ධනායක අන්කල්ගෙ එකම දුව බං..”

    “නෑ..හ්..”

    අඩි තුන්කාලක් විතර දිගට දිව එළියට දාලා ඌ ඒක කියපු තාලෙට වටේ පිටේ හිටපු තුන් හතර දෙනෙක් හිනාවෙලා අපි දිහා බැලුවා.. මූටත් දෙයක් කියපුවාම ඉන්න තැන මතක නෑ..

    “මට පහුගිය දවස් දෙක තුනක් විතර කෙල්ලව මීට් උනා බං..”

    “ඉතිං.. තුම් පයාර් හෝ ගයා..”

    “මොකක්..?”

    “උඹට කෙල්ල ගැන ආදරයක් ඇති උනා.. එහෙම නේද..?”

    හූ හින්දියෙනුයි සිංහලෙනුයි ඇහුවා.. ඕකත් දන්නෑ කිව්වොත් මූ ඔය ප්‍රශ්නෙම තවත් පකිස් භාෂාවකින් කරකවලා අහයි..

    “එහෙම නෑ කියලා කිව්වා නං ඒක බොරුවක්.. ඒකි මගේ බොක්කටම වැදුනා..”

    “ඉක්මනටම මොනවා හරි කරන්න බලපං.. ඒකි දැනටම ගොඩක් එවුන්ගෙ බොක්කට වැදිලයි තියෙන්නෙ..”

    “මොකක්ද ඒ හරුපෙ තේරුම..?”

    “ඔය කියන කෙල්ල තමයි නිලූගෙ බ්‍රයිඩ් මේඩ්ස්ට හිටියෙ.. වෙඩින් එක දවස් වල කොල්ලො ඕකිට පැණි පෙරුවා..”

    දන්නෑ වගේ හිටියට පබයත් යමක් කමක් දන්නවා.. වෙඩින් එකට පස්සෙ මායි පාරමියි හම්බ උන විස්තර සේරම මං ඌට කිව්වා.. සන්ධනායක අන්කල් වගේම අපේ තාත්තත් කියපු හැම දෙයක්ම කියලා මං ඌ දිහා බැලුවෙ ඒ ගැන අදහස් දැනගන්න..

    “මට මුලින්ම කියපං අන්කල්ලා කියපු කතා අහලා පාරමීව අත අරින්නද උඹට ඕනෙ නැත්තං ඒකිට ආදරේ කරන්නද..?”

    “මං දැනටමත් පාරමීට ආදරේ කරනවා බං.. මට ඒකිව ඕනෙ..”

    මගේ අතිජාත මිත්‍රයට හිතේ තියෙන දේ හංගලා වැඩක් නෑනෙ.. මං ඇත්තම කිව්වා..

    “රයිට්.. ගොඩ ඉදලා පීනන්න බෑනේ මචෝ.. ඉස්සෙල්ලා වතුරට බැහැලා බලපං.. ඊට පස්සෙ බලමු කොයි පැත්තට පීනන එකද හොද කියලා..”

    “වතුරට බහින්න අමාරු නෑ බං.. ඒත් කවදා හරි වතුරෙන් ගොඩට එන්න උනොත් එදාට ඒක සෑහෙන අමාරු වෙයි..”

    සන්ධනායක අන්කල්ගෙ වචන හිත ඇතුලෙ දෝංකාර දෙද්දි මං හෙමීට කියලා දැම්මා.. හතර වටෙන් ලාවට අදුර ගලාගෙන එද්දි අපි වටේ හිටපු එකා දෙන්නා කැපුනා.. ඒත් අපි තාම ස්ටොරිය පටන් ගත්තා විතරයි..

    “උඹ කියන විදියට මට හිතෙන්නෙ පාරමිත් උඹට කැමතියි වගේනෙ.. අනික අන්කල් කාරයා උනත් උඹ එක්ක අවුලක් නෑනෙ.. ඒ නිසා උඹ පාරමීව මීට් වෙලා දවසක මේක ඕපන්ලි කතා කරපං.. ඊට පස්සෙ බැරියෑ ඉතුරු ටික ප්ලෑන් කරන්න..”

    ඒ කතාවනං සම්පූර්ණ ඇත්ත.. පාරමීගෙ අර දිලිසෙන ඇස් වල උතුරන්නෙ ආදරේ නෙමෙයිනං වෙන මොනවද..?

    “ඒක හොදයි මචං.. ඒත් ඊට කලින් දවසක උඹයි මමයි නිලූලගෙ ගෙදර යං.. පාරමී ඒකි එක්ක හෙන ෆිට්නෙ.. නිලූගෙන් අපිට විස්තර දැනගන්න පුළුවං..”

    “උඹ කියන්නෙ පාරමී උඹට කැමතියි කියලා නිලූට කියන්න ඇති කියලද..? අනේ යකෝ.. උඹ දන්න තරම තමයි.. ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ගත්තත් කෙල්ලෙක්ගෙන් වචනයක් ගන්න ලේසි නෑ.. උන් හැම රෙද්දම හිත් වල තියාගෙන තම්බ තම්බ ඉන්නවා..”

    කෙල්ලො ගැන පශ්චාත් උපාධියක් තියෙනවා වගේ පබයා ලෙක්චර් දෙන්නෙ..

    “උම කියන්නෙ ඒ වැඩේ සක්සස් වෙන එකක් නෑ කියලද..?”

    “එහෙමම නෙමෙයි අපිට කෙල්ල ගැන ඩීටේල්ස් ටිකක් ගන්න පුළුවං ඒ වැඩෙන්.. ඒත් මේන් රෝල් එක තියෙන්නෙ උඹේ අතේ..”

    මූ මේන් රෝල් ගැන කතා කරාට චයිනීස් රෝල් එකක්වත් කා ගන්න බැරි තරම් මගේ උගුර හිරවෙලා.. මට කල්පනා කරන්න ඇරලා පබයා ගිහින් කෝක් දෙකක් අරගෙන ආවා..

    “අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි මචං.. සන්ධනායක ගෘප් එකේ එකම උරුමක්කාරයා උනාට කෙල්ල තාම තැලිලා පොඩි වෙලා නෑ.. හරිම අහිංසක පාටයි.. ඒ නිසා වෙන එවුන් ස්විප් එක හූරන්න කලින් උඹ ගේමට බැහැපං..”

    ඌ කෝක් එකත් එක හුස්මට බීලා චැප්ටර් එක ක්ලෝස් කරා.. තවත් පැය භාගයක් විතර වෙන වෙන දේවල් කතා කරලා අපි ආවෙ කළුවරත් වැටුනට පස්සෙ.. පබයගෙ ඔෆිස් එකෙන් කා එක අරගෙන මං ගෙදර ආවෙ රෑ අට හමාරට විතර..

    ****************************

    දවස් දෙක තුනක්ම පාරමීටවත් කෝල් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඉදල එපා වෙලා.. මං පබයව මීට් වෙන්න යන්න එළියට බැස්සා..

    “ලොකු පුතා ඔයා කොහේ හරි යන්නද..?”

    “ඔව් තාත්තා මං පබසරත් එක්ක රොහාන්ලඟෙ දිහා යන්න හැදුවෙ..”

    “පුතා ඔයා සන්ධනායක අන්කල්ට රට ඉදන් ඇවිත් මුකුත් දුන්නෙ නෑ නේද..? ඔයා අර මට දිපු ගෝල්ඩ් වොච් එක මං දෙන්නං.. ඔයා ඒක හෙට ගිහින් දීලා එන්න..”

    ඒ වොච් එක ගොඩක් වටිනවා.. මං එකවගේ වොච් තුනක් ගෙනාවෙ තාත්තටයි, මටයි, මල්ලිටයි.. ඉතිං මං එයාට දීපු වොච් එක සන්ධනායක අන්කල්ට දෙන්න කියලා කිව්වෙ මොකටද..?

    “ඇයි තාත්තට එපාද ඒක..?”

    “නෑ පුතා.. මං ඒකට හරි කැමතියි.. ඒත් හෙට අන්කල්ගෙ බර්ත් ඩේ එක.. ඒක එයාට දුන්නොත් එයා මටත් වඩා සතුටු වෙයි..”

    තාත්තා මෙහෙම කතා කියන්නෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. ඇයි මං ඒ තරම් වටින දෙයක් අන්කල්ට දෙන්නෙ.. අනික මං ගෙනාව බඩු වලින් ගොඩක් දේවල් අම්මා සන්ධනායක අන්කල්ගෙ ගෙදරට යැව්වනේ..

    “ඉතිං තාත්තා එයාගෙ බර්ත් ඩේ එක නං අපි හැමෝම එහේ යන්න එපැයි.. අපි වෙන මොනා හරි ගිෆ්ට් එකක් දෙමු..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ඔයාට තේරෙන්නෙ නැහැ පුතා.. අන්කල් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයා රට හිටපු කාලෙ ඔයාගෙ වියදම් ගොඩක් දැරුවෙ මම නෙමෙයි සන්ධනායක.. ඉතිං ඔයා වෙනම තෑග්ගක් දුන්නට කමක් නෑ.. කොහොමටත් අම්මයි මමයි ගෙදරට දෙයක් ගෙනියනවා..”

    “එහෙනං තාත්තගෙ වොච් එක එපා.. මට ගෙනාපු එක මම අන්කල්ට දෙන්නම්..”

    ඔරලෝසුව දිහා බලලා මං කියලා දැම්මෙ කතාව තවත් දුරදිග ගියොත් පබයා අරහෙ ඉදන් අපේ අම්මව මතක් කරන්න ගන්න නිසා..

    “හරි හරි.. ඔයා යන ගමන ගිහින් එන්න.. අපි රෑට කතා කරමු..”

    මං යතුරත් අරගෙන කා එක ළගට ගිහින් කල්පනා කලා.. පබයගෙ ගෙදරට ගිහින් ඌවත් අරගෙ රෙහාන්ව මීට් උනානං හරි.. එතකොට කට්ටියගෙන්ම අදහස් දැනගන්න පුළුවන්..

    අපි රොහාන්ලගෙ ගෙදර යද්දි රොහානයා ෂෝටකුත් ඇදගෙන මිදුල අතුගානවා..

    “ආ.. ම..චා..ං, කෝ උඹේ ප්‍රියංබිකාව..?”

    පබසරයා වාහනෙන් බැස්සෙම සද්දෙ දාගෙන.. අපිව දැකලා රොහාන් දාඩිය පිඹ පිඹ ඉස්සරහට ආවා.. උගේ මූණ මැලවිලා..

    “නිලූට ටිකක් සනීප නෑ බං..”

    “මෙච්චර ඉක්මනට..?”

    පබයා දඩාස් ගාලා අහපු විදියට මට හිනා ගියා.. ඒත් රොහාන්ට නං තද වෙලා වගේ..

    “එහෙම එකකට නෙමෙයි යකෝ.. එයාට උණ ගැනෙන්න වගේ..”

    “එහෙම තමයි අලුත බැදපු වයිෆ්ලට නිතරම උණ ගැනෙනවා.. ෆිට් හස්බණ්ඩො ඉද්දි එහෙම තමයි..”

    රොහාන් කියන කියන දේට පබයා හින්ට් එකක් ගහනවා.. එතකොටම වගේ නිලූ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අපේ ටකරං වල සද්දෙ ඇහිලා වෙන්න ඇති..

    “ආ.. ඔයාලනේ.. සද්දෙ ඇහෙද්දි මට හිතුණා..”

    “කොහොමද නිලූ..? ඔයාට උණද..?”

    මං අහද්දි ඒකි ඔව් කියන්න වගේ ඔළුව වැනුවා.. එතකොටම පබයා නිලූ ළගට ආවා..

    “ඉතිං.. වමනෙ යනවද..? ඔළුව කරකැවිල්ල නැද්ද..?”

    නිලූට හිනා.. අපි කට්ටියම හෙට ගිහිල්ලා ඉදගත්තා.. ලන්ච් ගන්න බලාගෙන මෙහෙ ආවට අද හුළං තමයි..

    “මේ.. මගෙ ගෑණීගෙ ලෙඩ ගැන උඹ වොරි වෙන්න ඕනෙ නෑ.. ඒක මං බලාගන්නම්..”

    එහෙම කියලා රොහානයා ගියා ‍වොෂ් එකක් දාගෙන එන්න.. මං පබයා දිහාත් බලලා නිලූ එක්ක ෂේප් එකේ කතාවට එන්ටර් උනා..

    “නිලූ.. පාරමී ආවෙ නැද්ද ළගදි..?”

    “ඇයි ගිම්හාන ඔයයි පාරමියි දෙන්නා ළගදි ආවෙ..”

    මං කතාවට එන්ටර් වෙන්න හදද්දිම නිලූ වැඩේට බාධා කරානෙ.. නිලූට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං පබයගෙ මූණ දිහා බැලුවා.. ඌ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා නිලූගෙ ළගට ගිහින් හරි බරි ගැහිලා ඉදගත්තා.. මූ දැන් රොහාන්ගෙන් ගුටි කනවා..

    “මේකයි බං වෙන්න ඕනෙ.. උඹලගෙ ප්‍රේම පුරාණෙ ගොඩ දාගත්තා වගේ මේකත් ගොඩ දාගන්න සප් එකක් දීපං.. අපේ මේ ගිමා..”

    “පාරමී නංගිට කැමතියි..?”

    පබයා කතාව ඉවර කරන්න කලින් නිලූ මැද්දට පැන්නා.. එහෙනං ඒකිටත් වැඩේ නෝන්ඩි වෙලා වගේ..

    “නිලූ මට මුලින්ම පාරමී ගැන දැනගන්න ඕනෙ.. මං එයාව පොඩි කාලෙ ඉදලා දන්නවා.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මේ වෙනකල්ම අපිට අපිව මග ඇරුනා..”

    “පාරමීගෙ අම්මා නිල්මිණී ආන්ටි අපිට දුරින් නෑයො වෙනවා.. ඒත් ඒ නෑකමට වඩා යාළු කමක් පාරමී නංගියි මගෙයි අතර ඉස්කෝලෙ යන දවස් වල තිබුණා.. හැබැයි එයා හොස්ටල් හිටපු නිසා වැඩිය ආශ්‍රය කලේ ෆෝන් එකෙන්..”

    ඒ පාර අපිට කතා කරන්න ඇරලා පබයා ගොළු වත රකිනවා..

    “එයා මේ වෙනකල්ම කාටවත්ම ආදරේ කරලා නෑ කියලා මට ෂුවර්.. අනික සන්ධනායක අන්කල් දුවව කොයිතරම් පරිස්සම් කලාද කියලා ඔයාම දන්නව ඇතිනේ..”

    නිලූ මගේ මූණ දිහා බලාගෙනම ඒක කියද්දි රොහානුත් ඇවිත් එතනින් ඉද ගත්තා.. එදා පබයට කිව්වා වගේම මං ස්ටෝරිය නිලූයි රොහානයයි දිහා බලාගෙන කිව්වා..

    “උඹලගෙ තාත්තා කියන කතාවත් එක අතකින් හරි බං.. මේ අවුරුදු හතර පහ ඇතුළත සන්ධනායක කාරයා මාර නැගිල්ලක් නැග්ගෙ.. මිනිහගෙ බඹරෙ දැන් වැල්ලෙත් කැරකෙනවා.. පොර ගොඩ ලොකු කරගන්න හිතාගෙන බර තැනකටම හේත්තු වෙන්න බලයිද දන්නෙත් නෑ..”

    “නෑ මං එහෙම හිතන්නෑ.. අන්කල් පාරමීට හරි ආදරෙයි.. පාරමී කැමති කෙනෙක්ට අන්කල් කැමති වෙයි..”

    රොහාන් කියලා ඉවර වෙද්දිම මගේ හිත හදන්න වගේ නිලූ එහෙම කිව්වා.. සන්ධනායක අන්කල් පාරමීට ගොඩක් ආදරෙයි කියලා මමත් දන්නවා.. ඒත් අපේ තාත්තා කිව්වා වගේ එයාගෙ හිතේ පාරමී ගැන මොන මොන බලාපොරොත්තු තියනවද දන්නෙ නෑනෙ..

    “හරි.. ඔය සේරටම කලින් කියපං කෙල්ල උඹට කැමතිද කියලා..? උඹ තාම වර්ඩ් එක දැම්මෙ නැද්ද..?”

    මං රොහාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කට අරින්න හදද්දිම පබයා උත්තරේ දුන්නා..

    “මොන පිස්සුද බං.. මූ තාම අහලා නෑ.. මේ ගොනා පස්මහ බැලුම් බල බල ඉද්දි පෙරහැර ගිහින් තියෙයි..”

    “ඔය මොනවා උනත් උඹලා දෙන්නා රූපෙන් නම් සිරාවට මැච් වෙනවා.. ඒකිත් හින්දි නිළියක් වගේනෙ.. වෙඩින් එක දවසෙ මටත් අපරාදෙ කියලා හිතුනා..”

    නිලූගෙ දිහා බලලා ඇහැකුත් ගහලා රොහාන් එහෙම කිව්වෙ ඒකිව අවුස්සන්න වෙන්න ඇති.. ඒත් නිලූ කියන්නෙ ඔය පොඩි පොඩි ජෝක් වලට තදවෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. හැබැයි නිලූට නැති රුදාවක් පබයට තියෙන්නෙ..

    “උඹට මොකද අපරාදෙ කියලා හිතුනෙ..?”

    “ඇයි බං මෙච්චර ලස්සන දෙවනි මනමාලියක් ඉද්දි මං මොකටද මේ කෙල්ලව බැන්දෙ කියලා ඕනම මනමාලයෙක්ට හිතෙනවනේ.. උඹට උනත් බැන්ද දවසට ඔහොම හිතෙයි..”

    “මට එහෙම ප්‍රශ්නයක් වෙන එක්ක නෑ.. මං ඓශ්චර්යා රායිව බැදලා දෙවනි මනාලිට කුස රජ්ජුරුවන්ගෙ නංගිව ගන්නවා..”

    “යකෝ ඊට කලින් අභිෂේක් උඹව මරලා හංගයි..”

    කතාකරන්න ආවෙ වෙනම දෙයක් ගැන.. ඒත් දැන් කතාව ටික ටික වෙන පැත්තකට යනවා මේ මෝඩ ජෝඩුව හින්දා..

    “ප්ලීස් මචං.. දිස් ඊස් නොට් අ ජෝක්..”

    “ඕකේ.. ඕකේ..”

    කියලා පබයා කටත් තදරගෙන පුටුවට හේත්තු උනා..

    “රයිට්.. උඹට වෙන්න ඕනෙ මොකක්ද කියලා කෙලින්ම කියපංකො..”

    “මට පාරමීව ෆිට් කර ගන්න උඹලගෙ සප් එක ඕනෙ..”

    “යකෝ උඹ ඒකිව මේ තරම් ෆිට් කරගත්තෙ අපි සපෝට් කරලයෑ.. ඉතුරු ටිකත් උඹටම ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.. අවුලක් උනොත් බොක්ක දෙන්න හරි අපි ඉන්නවා..”

    කොයි තරම් කට වහගෙන ඉන්නවා කියලා කිව්වත් පබයා ආපහු හොම්බ දැම්මා.. ඌ ලැජ්ජාව බෙදන වෙලාවෙ අහල ගං හතකවත් ඉදලා නෑ..

    “මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.. උඹ මුලින්ම කෙල්ල මීට් වෙලා කතා කරපං.. ඊට පස්සෙ බලමු ඉතුරු හරිය..”

    අවුරුදු ගානක් රට ඉදපු මේ තරං කෙල්ලො ආශ්‍රය කරපු මගේ හිත පාරමී ළග මේ විදියට නතර උනේ ඇයි දන්නෑ.. දෛවයේ සරදමක් වගේ ලංකාවට ආපු ගමන්ම තාත්තගෙ හොදම යාළුවගෙ දුව, එහෙමත් නැත්තං මගේ පුංචි කාලෙ ඉදලා දැනගෙන හිටපු කෙල්ල මට මුණගැහුණෙ එයා මගේ ඉරණම්කාරි නිසා වෙන්න ඇති..

    බැරි මරගාතෙ රොහාන්ගෙ උරහිසට ඔළුව තියාගෙන හිටියට නිලූත් පාරමී ගැන දන්න හැම දෙයක්ම මට කිව්වා.. ඒ හැමදෙයක්ම අහලා හිත ෆිට් උනාට තාම සන්ධනායක අන්කල්ගෙ වචන හිතේ දෝංකාර දෙනවා වගේ දැනෙනවා..

    කොහොම උනත් එදා පබසර කිව්වා වගේම ගොඩ ඉදලා පීනන්න බෑනෙ.. ඒ නිසා වතුරට බැහැලා බලන්න හිතාගෙන මං ගෙදර ආවා..

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ඔයාට තේරෙන්නෙ නැහැ පුතා.. අන්කල් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයා රට හිටපු කාලෙ ඔයාගෙ වියදම් ගොඩක් දැරුවෙ මම නෙමෙයි සන්ධනායක.. ඉතිං ඔයා වෙනම තෑග්ගක් දුන්නට කමක් නෑ.. කොහොමටත් අම්මයි මමයි ගෙදරට දෙයක් ගෙනියනවා..”

    “එහෙනං තාත්තගෙ වොච් එක එපා.. මට ගෙනාපු එක මම අන්කල්ට දෙන්නම්..”

    ඔරලෝසුව දිහා බලලා මං කියලා දැම්මෙ කතාව තවත් දුරදිග ගියොත් පබයා අරහෙ ඉදන් අපේ අම්මව මතක් කරන්න ගන්න නිසා..

    “හරි හරි.. ඔයා යන ගමන ගිහින් එන්න.. අපි රෑට කතා කරමු..”

    මං යතුරත් අරගෙන කා එක ළගට ගිහින් කල්පනා කලා.. පබයගෙ ගෙදරට ගිහින් ඌවත් අරගෙ රෙහාන්ව මීට් උනානං හරි.. එතකොට කට්ටියගෙන්ම අදහස් දැනගන්න පුළුවන්..

    අපි රොහාන්ලගෙ ගෙදර යද්දි රොහානයා ෂෝටකුත් ඇදගෙන මිදුල අතුගානවා..

    “ආ.. ම..චා..ං, කෝ උඹේ ප්‍රියංබිකාව..?”

    පබසරයා වාහනෙන් බැස්සෙම සද්දෙ දාගෙන.. අපිව දැකලා රොහාන් දාඩිය පිඹ පිඹ ඉස්සරහට ආවා.. උගේ මූණ මැලවිලා..

    “නිලූට ටිකක් සනීප නෑ බං..”

    “මෙච්චර ඉක්මනට..?”

    පබයා දඩාස් ගාලා අහපු විදියට මට හිනා ගියා.. ඒත් රොහාන්ට නං තද වෙලා වගේ..

    “එහෙම එකකට නෙමෙයි යකෝ.. එයාට උණ ගැනෙන්න වගේ..”

    “එහෙම තමයි අලුත බැදපු වයිෆ්ලට නිතරම උණ ගැනෙනවා.. ෆිට් හස්බණ්ඩො ඉද්දි එහෙම තමයි..”

    රොහාන් කියන කියන දේට පබයා හින්ට් එකක් ගහනවා.. එතකොටම වගේ නිලූ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අපේ ටකරං වල සද්දෙ ඇහිලා වෙන්න ඇති..

    “ආ.. ඔයාලනේ.. සද්දෙ ඇහෙද්දි මට හිතුණා..”

    “කොහොමද නිලූ..? ඔයාට උණද..?”

    මං අහද්දි ඒකි ඔව් කියන්න වගේ ඔළුව වැනුවා.. එතකොටම පබයා නිලූ ළගට ආවා..

    “ඉතිං.. වමනෙ යනවද..? ඔළුව කරකැවිල්ල නැද්ද..?”

    නිලූට හිනා.. අපි කට්ටියම හෙට ගිහිල්ලා ඉදගත්තා.. ලන්ච් ගන්න බලාගෙන මෙහෙ ආවට අද හුළං තමයි..

    “මේ.. මගෙ ගෑණීගෙ ලෙඩ ගැන උඹ වොරි වෙන්න ඕනෙ නෑ.. ඒක මං බලාගන්නම්..”

    එහෙම කියලා රොහානයා ගියා ‍වොෂ් එකක් දාගෙන එන්න.. මං පබයා දිහාත් බලලා නිලූ එක්ක ෂේප් එකේ කතාවට එන්ටර් උනා..

    “නිලූ.. පාරමී ආවෙ නැද්ද ළගදි..?”

    “ඇයි ගිම්හාන ඔයයි පාරමියි දෙන්නා ළගදි ආවෙ..”

    මං කතාවට එන්ටර් වෙන්න හදද්දිම නිලූ වැඩේට බාධා කරානෙ.. නිලූට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං පබයගෙ මූණ දිහා බැලුවා.. ඌ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා නිලූගෙ ළගට ගිහින් හරි බරි ගැහිලා ඉදගත්තා.. මූ දැන් රොහාන්ගෙන් ගුටි කනවා..

    “මේකයි බං වෙන්න ඕනෙ.. උඹලගෙ ප්‍රේම පුරාණෙ ගොඩ දාගත්තා වගේ මේකත් ගොඩ දාගන්න සප් එකක් දීපං.. අපේ මේ ගිමා..”

    “පාරමී නංගිට කැමතියි..?”

    පබයා කතාව ඉවර කරන්න කලින් නිලූ මැද්දට පැන්නා.. එහෙනං ඒකිටත් වැඩේ නෝන්ඩි වෙලා වගේ..

    “නිලූ මට මුලින්ම පාරමී ගැන දැනගන්න ඕනෙ.. මං එයාව පොඩි කාලෙ ඉදලා දන්නවා.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මේ වෙනකල්ම අපිට අපිව මග ඇරුනා..”

    “පාරමීගෙ අම්මා නිල්මිණී ආන්ටි අපිට දුරින් නෑයො වෙනවා.. ඒත් ඒ නෑකමට වඩා යාළු කමක් පාරමී නංගියි මගෙයි අතර ඉස්කෝලෙ යන දවස් වල තිබුණා.. හැබැයි එයා හොස්ටල් හිටපු නිසා වැඩිය ආශ්‍රය කලේ ෆෝන් එකෙන්..”

    ඒ පාර අපිට කතා කරන්න ඇරලා පබයා ගොළු වත රකිනවා..

    “එයා මේ වෙනකල්ම කාටවත්ම ආදරේ කරලා නෑ කියලා මට ෂුවර්.. අනික සන්ධනායක අන්කල් දුවව කොයිතරම් පරිස්සම් කලාද කියලා ඔයාම දන්නව ඇතිනේ..”

    නිලූ මගේ මූණ දිහා බලාගෙනම ඒක කියද්දි රොහානුත් ඇවිත් එතනින් ඉද ගත්තා.. එදා පබයට කිව්වා වගේම මං ස්ටෝරිය නිලූයි රොහානයයි දිහා බලාගෙන කිව්වා..

    “උඹලගෙ තාත්තා කියන කතාවත් එක අතකින් හරි බං.. මේ අවුරුදු හතර පහ ඇතුළත සන්ධනායක කාරයා මාර නැගිල්ලක් නැග්ගෙ.. මිනිහගෙ බඹරෙ දැන් වැල්ලෙත් කැරකෙනවා.. පොර ගොඩ ලොකු කරගන්න හිතාගෙන බර තැනකටම හේත්තු වෙන්න බලයිද දන්නෙත් නෑ..”

    “නෑ මං එහෙම හිතන්නෑ.. අන්කල් පාරමීට හරි ආදරෙයි.. පාරමී කැමති කෙනෙක්ට අන්කල් කැමති වෙයි..”

    රොහාන් කියලා ඉවර වෙද්දිම මගේ හිත හදන්න වගේ නිලූ එහෙම කිව්වා.. සන්ධනායක අන්කල් පාරමීට ගොඩක් ආදරෙයි කියලා මමත් දන්නවා.. ඒත් අපේ තාත්තා කිව්වා වගේ එයාගෙ හිතේ පාරමී ගැන මොන මොන බලාපොරොත්තු තියනවද දන්නෙ නෑනෙ..

    “හරි.. ඔය සේරටම කලින් කියපං කෙල්ල උඹට කැමතිද කියලා..? උඹ තාම වර්ඩ් එක දැම්මෙ නැද්ද..?”

    මං රොහාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කට අරින්න හදද්දිම පබයා උත්තරේ දුන්නා..

    “මොන පිස්සුද බං.. මූ තාම අහලා නෑ.. මේ ගොනා පස්මහ බැලුම් බල බල ඉද්දි පෙරහැර ගිහින් තියෙයි..”

    “ඔය මොනවා උනත් උඹලා දෙන්නා රූපෙන් නම් සිරාවට මැච් වෙනවා.. ඒකිත් හින්දි නිළියක් වගේනෙ.. වෙඩින් එක දවසෙ මටත් අපරාදෙ කියලා හිතුනා..”

    නිලූගෙ දිහා බලලා ඇහැකුත් ගහලා රොහාන් එහෙම කිව්වෙ ඒකිව අවුස්සන්න වෙන්න ඇති.. ඒත් නිලූ කියන්නෙ ඔය පොඩි පොඩි ජෝක් වලට තදවෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. හැබැයි නිලූට නැති රුදාවක් පබයට තියෙන්නෙ..

    “උඹට මොකද අපරාදෙ කියලා හිතුනෙ..?”

    “ඇයි බං මෙච්චර ලස්සන දෙවනි මනමාලියක් ඉද්දි මං මොකටද මේ කෙල්ලව බැන්දෙ කියලා ඕනම මනමාලයෙක්ට හිතෙනවනේ.. උඹට උනත් බැන්ද දවසට ඔහොම හිතෙයි..”

    “මට එහෙම ප්‍රශ්නයක් වෙන එක්ක නෑ.. මං ඓශ්චර්යා රායිව බැදලා දෙවනි මනාලිට කුස රජ්ජුරුවන්ගෙ නංගිව ගන්නවා..”

    “යකෝ ඊට කලින් අභිෂේක් උඹව මරලා හංගයි..”

    කතාකරන්න ආවෙ වෙනම දෙයක් ගැන.. ඒත් දැන් කතාව ටික ටික වෙන පැත්තකට යනවා මේ මෝඩ ජෝඩුව හින්දා..

    “ප්ලීස් මචං.. දිස් ඊස් නොට් අ ජෝක්..”

    “ඕකේ.. ඕකේ..”

    කියලා පබයා කටත් තදරගෙන පුටුවට හේත්තු උනා..

    “රයිට්.. උඹට වෙන්න ඕනෙ මොකක්ද කියලා කෙලින්ම කියපංකො..”

    “මට පාරමීව ෆිට් කර ගන්න උඹලගෙ සප් එක ඕනෙ..”

    “යකෝ උඹ ඒකිව මේ තරම් ෆිට් කරගත්තෙ අපි සපෝට් කරලයෑ.. ඉතුරු ටිකත් උඹටම ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.. අවුලක් උනොත් බොක්ක දෙන්න හරි අපි ඉන්නවා..”

    කොයි තරම් කට වහගෙන ඉන්නවා කියලා කිව්වත් පබයා ආපහු හොම්බ දැම්මා.. ඌ ලැජ්ජාව බෙදන වෙලාවෙ අහල ගං හතකවත් ඉදලා නෑ..

    “මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.. උඹ මුලින්ම කෙල්ල මීට් වෙලා කතා කරපං.. ඊට පස්සෙ බලමු ඉතුරු හරිය..”

    අවුරුදු ගානක් රට ඉදපු මේ තරං කෙල්ලො ආශ්‍රය කරපු මගේ හිත පාරමී ළග මේ විදියට නතර උනේ ඇයි දන්නෑ.. දෛවයේ සරදමක් වගේ ලංකාවට ආපු ගමන්ම තාත්තගෙ හොදම යාළුවගෙ දුව, එහෙමත් නැත්තං මගේ පුංචි කාලෙ ඉදලා දැනගෙන හිටපු කෙල්ල මට මුණගැහුණෙ එයා මගේ ඉරණම්කාරි නිසා වෙන්න ඇති..

    බැරි මරගාතෙ රොහාන්ගෙ උරහිසට ඔළුව තියාගෙන හිටියට නිලූත් පාරමී ගැන දන්න හැම දෙයක්ම මට කිව්වා.. ඒ හැමදෙයක්ම අහලා හිත ෆිට් උනාට තාම සන්ධනායක අන්කල්ගෙ වචන හිතේ දෝංකාර දෙනවා වගේ දැනෙනවා..

    කොහොම උනත් එදා පබසර කිව්වා වගේම ගොඩ ඉදලා පීනන්න බෑනෙ.. ඒ නිසා වතුරට බැහැලා බලන්න හිතාගෙන මං ගෙදර ආවා..

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    06.png


    පහුවෙනිදා උදේම මං නැගිට්ටෙ සන්ධනායක අන්කල්ගෙ කෝල් එකකින්.. එයාගෙ උපන්දිනේට පාටි දෙන්නෙ නෑ කියලා එයාලා එක්ක නුවරඑළියෙ තේ වත්තට යන්න කතා කළා.. හැබැයි ආරාධනය මට විතරයි.. මාව ගන්න අට වෙනකොට අපේ ගෙදරට වාහනයක් එවනවා කිව්ව නිසා මට දඩි බිඩි ගාලා ලෑස්ති වෙන්න උනා.. මං ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි බැහැලා තව ඇදුම් දෙක තුනකුත් බෑග් එකකට දාලා කල්පනා කලා මොනවද අඩු කියලා.. පාටි නැති උනාට තෑග්ග දෙන්න ඕනෙ කියලා මතක් උනේ ඒ වෙලාවෙ.. ඉතිං මං මගේ අලුත්ම ගෝල්ඩ් වොච් එක බොක්ස් එක පිටින්ම අරන් රැප් කරලා බෑග් එකේ දා ගත්තා..


    “පුතා.. ඔයා ලෑස්තිද..? එහෙනං පරිස්සමින් ගිහින් එන්න.. අන්න වෑන් එක ඇවිත්..”


    අම්මා ඔළුව අතගාලා කියද්දි මං එයාටයි තාත්තටයි දෙන්නටම වැදලා එළියට ආවා..


    “කෝ අම්මෙ මල්ලි..? එයාවත් එක්කං ගියොත් හොද නැද්ද..?”


    “එයා කොහෙ යන්නද..? එයා තාම නිදි..”


    “මල්ලි අවශ්‍ය නෑ පුතා.. අන්කල් ඔයාටනේ එන්න කිව්වෙ.. ඒ නිසා ඔයා ගියාම ඇති..”


    තාත්තා එහෙම කියද්දි මගේ හිතට පුංචි තරහකුත් ආවා.. තාත්තයි අන්කලුයි කරන වැඩ නිසා වෙන්නෙ මල්ලි තවත් මගෙන් දුරස් වෙන එක විතරයි.. ගෙදර ඉන්න ටිකේවත් මට මල්ලිට ළංවෙන්න විදියක් නෑ.. මේ ගමන් නොගිහින් ගෙදර නවතින්න හිතුනත් පාරමී මතක් වෙද්දි මං වෑන් එක ළගට යැවුනෙ ඉබේටම.. මං සන්ධනායක අන්කල්ගෙ ගෙදරට යද්දි පාරමී දොරට හේත්තු වෙලා පාර දිහා බලන් ඉන්නවා.. මාව දැක්කා විතරයි ඒ ලස්සන ඇස් එක පාරටම දිලිසුනා..


    “ගුඩ් මෝනිං ගිම්හාන් අයියා..”


    “ගුඩ් මෝනිං නංගා..! කෝ ඔයාලගෙ තාත්තා..!”


    මගේ ප්‍රශ්නෙට පාරමීගෙන් උත්තරයක් හම්බවෙන්න කලින්ම ගේ ඇතුළෙ ඉදලා අන්කල් එළියට ආවා..


    “මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ අන්කල්..”


    “තෑන්ක්ස් මයි සන්..”


    ඊට පස්සෙ මං බෑග් එක ඇතුලෙ තිබුණ ප්‍රසන්ට් එක අන්කල්ගෙ අතට දීලා දණ ගහලා වැන්දා.. එයා උරහිස් දෙකෙන් අල්ලලා මාව නැගිට්ටවද්දි මට දැනුනෙ මගේ තාත්තා ළගදි දැනෙනවා වගේ ලෙංගතුකමක්.. මං පිටිපස්ස බලද්දි පාරමී අර ලස්සන ඇස් දෙක තෙත් කරගෙන මගේ දිහා බලන් හිටියා.. කට්ටිය සේරම ලෑස්ති වෙලා හිටපු නිසා අපි වෑන් එකට ගිහින් ඉදගත්තා.. අන්කල් වෑන් එකට ආවෙ මං දීපු තෑග්ගත් අතේ අරගෙන..


    “හේරත් පොඩ්ඩක් ඉන්න..”


    වාහනේ ස්ටාර්ට් කරන්න හදපු ඩ්‍රයිවර්ව නතර කරපු අන්කල් පුංචි එකෙක් වගේ තෑග්ග ගලවලා බැලුවා.. ඔරලෝසුව දැක්කා විතරයි ඒ මූණෙ පැතිරිලා ගියේ ලොකු සන්තෝෂයක්.. ඊට පස්සෙ අන්කල් කලේ මං කීයටවත් හිතපු නැති දෙයක්..


    එයා අතේ බැදගෙන හිටපු වොච් එක ගලවලා කබි හෝල් එකට දාලා මං දීපු ඔරලෝසුව බැදගත්තා.. මං නිල්මිණී ආන්ටියි පාරමීයි දිහා බලද්දි ඒ දෙන්නත් බලං හිටියෙ අන්කල් දිහා.. සන්ධනායක ගෘප් එකේ අධිපති මේ තරම් නිහතමානී, ලෙංගතු මනුස්සයෙක්ද කියලා හිතා ගන්නත් අමාරුයි..


    “හරි හේරත්, දැන් යං..”


    “ඇයි අන්කල් හදිස්සියෙ වත්තට යන්නෙ..?”


    ටිකක් දුර යද්දි වාහනේ තිබුණ නිහඩතාවය මුලින්ම බිදලා දැම්මෙ මං..


    “උපන්දිනේ කියලා අපේ වටේ ඉන්න සමහර නිකමුන්ට ගිල්ලවනවට වැඩිය ඒ සල්ලි වෙනදේකට යොදවන එක හොදයි පුතා.. ඉතිං මං අදහස් කලා අපේ වත්තෙ වැඩ කරන අහිංසක මිනිස්සුන්ට දානයක් දෙන්න..”


    මේ වගේ සල්ලි කාරයන්ට මේ වගේ උතුම් අදහස් පහළ වෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනෙ.. කොහොමත් අදහස් අතින් ගත්තම සන්ධනායක අන්කල් හිටියෙ ගොඩක් ඉහළ තැනක..


    “දැන් දානෙ ලෑස්ති කරලද තියෙන්නෙ අන්කල්..? අපරාදෙ කලින් දන්නවනං මටත් උදව් වෙන්න තිබ්බා..”


    “වියළි ආහාර දානයක් පුතා දෙන්නෙ.. මං එහේ මැනේජර්ට සල්ලි යැව්වා.. එයා හැම දෙයක්ම ඇරේන්ජ් කරලා තියෙන්නෙ..”


    “අපි ආපහු අදම එනවද අන්කල්..?”


    “ඇයි පුතාට දා ගත්තු වැඩ මොනා හරි තියෙනවද..? මං හිතං හිටියෙ හෙට ආපහු කොළඹ එන්න.. ඔයාට ඕනෙ නං අද රෑ එමු..”


    පාරමිත් එක්ක දවස ගත කරන්න පුළුවන්නං හෙට නෙමෙයි ලබන සතියෙ උනත් කමක් නෑ.. ගෙදරට වෙලා කාලෙ කනවට වඩා ඒක කොයි තරම් සුන්දරද..?


    “මට වැඩ මුකුත් නෑ අන්කල්.. මටත් ගෙදර ඉදලා ඇති වොල.. අපි ඉදලා හෙට යං..”


    “අන තාත්තා.. ඔයා මට ප්‍රොමිස් උනානෙ විභාගෙ ඉවර වෙලා ට්‍රිප් එකක් එක්කං යනවා කියලා.. ඒක ගියෙත් නැති නිසා අපි ටික දවසක් මෙහෙ ඉදලා යං..”


    සන්ධනායක අන්කල්ට බටර් පාරකුත් ගාන ගමන් පාරමී හුරතල් විදියට කිව්වා.. මට කියාගන්න බැරුව තටම තටම හිටපු එක පාරමීගෙ කටින් හරි පිටවෙච්ච එක ලොකු දෙයක්..


    “එතකොට කොළඹ තියන බිස්නස් බලා ගන්නෙ කවුද..?”


    “ඇයි ජයන්ත අන්කල් ඉන්නෙ.. වෙනදත් තාත්තා අවුට්ටේෂන් ගියාම අන්කල් ඒ ටික බලලා කවර් කරනවනේ.. ප්ලීස් තාත්තා.. අපි ඉමු.. මං ඇදුම් ගොඩක් අරන් ආවා නවතින්න බලාගෙන..”


    “හරි හරි බලමුකෝ..”


    අන්කල් දෙපැත්තටම නැති උත්තරයක් දීලා චැප්ටර් එක ක්ලෝස් කරා.. පාරමීනං වත්තෙ නතර වෙන්න බලාගෙනමයි ඇවිත් තියෙන්නෙ.. ඒ නිසා එයා ගේම අතාරින එකක් නෑ..


    “ආ.. පුතා ඔයාට බඩගිනිත් ඇතිනේ..”


    මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු නිල්මිණි ආන්ටි මට සීන් සම්බෝල පාන් දාපු බොක්ස් එකක් අතට දුන්නා.. ඒකෙ සුවදට බඩගිනි තිබුණෙත් නැති මට කෙල බාල්දියක් විතර ගිලුනා වගේ.. මං පෙත්තක් අතට අරගෙන ඒක අන්කල්ගෙ අතට පාස් කලා.. පාරමිත් පිටිපස්සෙ ඉදගෙන හායි හූයි ගගා හොටු පෙර පෙර පාන් කනවා..


    “මෙයා මහ ලොකුවට චන්ඩියා වගේ කන්න ගත්තට මෙයාට දැවිල්ල කන්න බෑ..”


    පාරමී කන දිහා හිනා වේවි බලාගෙන හිටපු ආන්ටි මගේ දිහා බලලා කිව්වා.. එයාලා දෙන්නට පාරමී තාම පොඩි ළමයෙක් වගේ..


    “අම්මා වතුර..”


    ඒ සද්දෙට මං පිටිපස්ස හැරිලා බැලුවා.. පාරමීගෙ තොල් දෙක විතරක් නෙමෙයි මුළු මූණම රතු වෙලා.. ඇස් දෙකෙත් කදුළු පිරිලා.. තව කොහෙද ඉතිං හරි හමන් සැරක් කෑවා නං.. මට නං පැණි රසට කන්න තියන බටර් ජෑම් වගේ ඒවා හරියන්නෙ නෑ.. කන එක ආයෙ කන්න ඕන දෙපිටින් දුම් දාන්න..


    “මේක කන්න නංගි.. එතකොට හරියයි..”


    මං බෑග් එකේ තිබුණ චොක්ලට් එකක් කෙල්ලගෙ අතට දිලා කිව්වා..


    “කොහොමද පුතා දැන් හිරාන් එහෙම..? මිනිහා කිසි දේකට ජොයින්ට් වෙන්නෙ නැතුව නිකං ඉන්නවා නේද..?”


    පාන් කන ගමන් අන්කල් අපේ මල්ලි ගැන කතාවක් ඇදලා ගත්තා..


    “ඔව් අන්කල්.. තව ඉගෙනගන්න කිව්වට ඒකත් බෑලු.. ජොබ් එකක් කරන්නත් කමැති නෑ.. ස්පෝර්ට්ස් ක්ලබ් එකකට ජොයින්ට් වෙලා ප්‍රැක්ටිස් කර කර ඉන්නවා..”


    “ඔව් ඔව්.. මම එහෙ ගිය දවස් කීපෙකම මිනිහා ගෙදර හිටියෙ නෑ.. මං ජයේටත් දවස් ගාණක් කිව්වා එයා ගැන ඔයිට වඩා හොයලා බලන්න කියලා..”


    අපේ මල්ලි ගැන නරක ආරංචි මොනවා හරි සන්ධනායක අන්කල්ගෙ කනට වැටිලද දන්නෙ නෑ.. හැබැයි ඉතිං අන්කල් මට වගේම මල්ලිටත් හරි ආදරෙයි..


    අපි කතා කරන අතරෙ හේරත් අන්කල් කඳුකර පැත්තට වෙනකල්ම වාහනේ අරන් ඇවිත් තිබුණා.. වටපිටාවෙ පරිසරය හරිම ලස්සනයි.. පාරමිත් වීදුරුවකට මූන හේත්තු කරගෙන එළිය බලාගෙන හිටියෙ..

    “අපි ෂටර්ස් ඇරගෙන යං නේද පුතා.. අපේ රටේ කදුකරයෙ මේ තියෙන සීතල සුළග සුද්දො හදපු ඒසී මැෂින් වල නෑ..”


    ඒ කතාව සහතික ඇත්ත.. අන්කල් ඒක කිව්වෙ මට උනාට පාරමී මටත් කලින් එයා හිටපු තැන ෂටර් එක ඇරගත්තා.. මෙයා හරියට පුංචි එකෙක් වගේ.. මාර හුරතල් වැඩ කරන්නෙ..


    අපි තුන් හතර දෙනා කතා කර කර වත්තට යද්දි වෙලාව ගියා දැනුනෙ නෑ.. කොහොම හරි නුවර එළියෙ වත්තෙන් බහිද්දි හිතාගෙන හිටියට වඩා පරක්කු උනා.. මං බැහැපු ගමන් කලේ ඒ ලස්සන වටපිටාව දිහා රවුමක් දාලා බලපු එක..


    “පුතා එන්නකො.. අපි ඇතුළට යං..”


    අන්කල් වත්ත මැද්දෙ තිබුණ ලොකු බංගලාවකට මාව එක්කගෙන ගියේ කරටත් අත දාගෙන.. නිල්මිණී ආන්ටියි, පාරමීයි දෙන්නා අපිට පිටිපස්සෙන් ආවා.. එතකොටම වගේ සුදු පාට සරමකුයි බැනියමකුයි ඇදලා කළු බෙල්ට් එකක් එහෙම දාගෙන හිටපු අහිංසක පෙනුමක් තියෙන වයසක මනුස්සයෙක් අපේ පැත්තට ඇවිදගෙන එනවා දැක්කා..


    “ආ.. අප්පුහාමි.. වැඩ ටික සේරම ලෑස්තිද..? කෝ මැනේජ්ර් මහත්තයා..?”


    “සේරම ටික හරි අපේ මහත්තයො.. මැනේජ්ර් මහත්තයා ස්ටෝරුවෙ..”


    අප්පුහාමි කියන ඒ මනුස්සයා බොහොම බයාදු විදියට හිනාවෙලා උත්තර දුන්නා..


    “අපි දවල් ඉදලා එනකල් මග බලාගෙන හිටියෙ.. කෝ අපේ ජයරන්ත මහත්තයා අවෙ නැතෙයි..?”


    “ජයරත්න මහත්තයා කොළඹ වැඩ ටික බලාගන්න නතර උනා අප්පුහාමි.. අපි චේන්ජ් එකක් දාගෙන ආවම විස්තර කතා කරමුකෝ..”


    අප්පුහාමි ප්‍රශ්න වැලක් මූණෙ තියාගෙන මගේ දිහා බලන් ඉද්දි අන්කල් මාව බංගලාව ඇතුළට එක්කං ගියා.. මේ වගේ නිදහස් තැනක දවසක් දෙකක් ඉදලා යන්න පබයත් හිටියනං කියලා වැඩක් නෑ.. අන්කල් පෙන්නපු රූම් එකට ගිහින් ඇදුම් ටිකත් කබඩ් එකට දාලා ෆුල් වොෂ් එකක් අරන් එළියට යද්දි මාව සීතලට ගැහෙනව වගේ.. ඩෙනිමයි, ටී ෂර්ට් එකයි දාලා ජර්සියකුත් දාගෙන මං එළියට එද්දි වගේම කිටක් දාගෙන පාරමී කෝපි බොනවා.. එයා ටිකක් වෙලා මගේ දිහා අමුතු බැල්මක් දාලා බලාගෙන හිටියෙ ඇයිද දන්නෑ..


    “කට්ටියම හරි නේද..? එහෙනං අපි යං ස්ටෝරුව පැත්තට..”


    පේ ළගට ඇවිත් එහෙම කියලා සන්ධනායක අන්කල් අප්පුහාමි එක්ක ඉස්සර උනා.. අපිත් ඒ පිටිපස්සෙන්ම යද්දි පහළ බිල්ඩින් එකක් ළග මිනිස්සු එකසිය පනහකට වැඩිය පෝළිම් ගැහිලා හිටියා.. වත්තෙ මැනේජ්ර් කියපු මනුසස්යා අවුරුද හතලිහක විතර පිරිමි කෙනෙක්.. මිනිහා අපිව ස්ටෝරුව ඇතුළට අරන් ගිහින් ලෑස්ති කරපු බඩු ටික පෙන්නුවා.. ටික කියලා කිව්වට හෝල් එකෙන් භාගෙකටම වඩා ගිහින් තිබුණා ඒ බෑග් ටික තියන්න..


    එක මනුස්සයකුට කිලෝ දහයෙ හාල් පැකට් එකකුයි, පරිප්පු, මුං ඇට, කරවල, වේලපු මිරිස් වගේ ජාති එක්ක කිරිපිටි, සීනි වගේ බඩු ගොඩක් ලෑස්ති කරලා තිබුණා..


    “නිල්මිණී ඔයත් එන්න මේ ටික බෙදන්න.. පුතා ඔයත් එන්න නංගිත් එකක්..”


    එහෙම කියලා අන්කල් අපෙත් උදව් ඇතුව මාරුවන් මාරුවට පාර්සල් ටික පෝළිම් ගැහිලා හිටපු මිනිස්සුන්ට බෙදලා දුන්නා..


    ඒ මිනිස්සු හැමෝම වගේපහත් වෙලා වැදලා විතරක් නෙමෙයි අන්කල්ට පින් දීලයි ඒ දේවල් අරගෙන ගියේ.. වෙන තැන් වල සේවකයො තමන්ගෙ හාම්පුතාලට බනින බැනුම් මම ඕන තරම් අහලා තියෙනවා.. ඒත් මෙතන ඒකෙ අනිත් පැත්ත.. වැඩ කරන හැමෝම සන්ධනායක අන්කල්ට ගොඩක් ආදරේ කරනවා.. ගෞරව කරනවා.. ඒ අතින් බලද්දි අන්කල් සල්ලි වලට වඩා හම්බ කරලා තියෙන්නෙ මිනිස්සු.. කොහොම හරි ඒ ඇවිත් හිටපු හැමෝටම දානෙ දීලා ඉවර වෙද්දි පැය දෙකක් විතර ගිහින්.. දානෙ පාර්සල් අරගෙන ඒ වෙලාවෙ කාටවත්ම ගෙදර යන්න දුන්නෙ නෑ.. හැමෝටම ලොකු තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා.. ඒක අතරතුර සන්ධනායක අන්කල් ළගට ආපු මනුස්සයෙක් හැරිලා ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියා..


    “ලොකු මහත්තයා ඇත්තටම මේ බේබි කවුද..?”


    මං පටස් ගාලා පිටිපස්ස හැරිලා බැලුවෙ ළග පාත පොඩි එකෙක් ඉන්නවද කියල බලන්න.. ඒත් මේ මිනිහා බේබි කියලා තියෙන්නෙ මට..


    “මේ ජයරන්ත මහත්තයගෙ ලොකු පුතා..”


    “හැබෑට.. ජයරන්ත මහත්තයා කාලයක් ළමයි නැතුව හිටියා නේද..?”


    “ඔව්.. ඒත් දැන් පුතාලම දෙන්නෙක් ඉන්නවා..”


    අර මනුස්සයා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.. ඒත් මං හිටියෙ ඊටත් වඩා පුදුම වෙලා වගේ..
    අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මං දන්නෙ නෑනෙ.. ඒත් අන්කල් ඉක්මනට කතාව ඉවර කරලා ඒ මනුස්සයව පිටත් කරලා ඇරියා..

    හැමෝම පිටවෙලා ගියාට පස්සෙ අපි පස්දෙනා විතරයි එතන ඉතුරු වුණේ..

    “අප්පුහාමි රෑට කෑම හදන්න ලයිසම්මා ඉන්නවද..?”


    “එහෙමයි ලොකු මහත්තයො.. ලයිසම්මා හවස ඉදලම කුස්සියෙ..”


    එහෙනං නිල්මිණී ඔයා දූ එක්ක බංගලාවට යන්න.. අපි තව ටිකක් ඉදලා එන්නම්..


    පාරමී මූණත් බෙරි කරගෙන අකමැත්තෙන් වගේ එතනින් ගියා.. ඊට ටිකකට පස්සෙ මං හිතපු නැති විදියට අප්පුහාමි ඇවිත් මගේ අතකින් අල්ල ගත්තා..


    “ලොකු මහත්තයා.. ඇත්තටම මේ ජයරත්න මහත්තයගෙ පුතාද..?”


    අන්කල් ඒකට උත්තර දුන්නෙ ඔළුව උඩටයි පහළටයි වනලා..


    “එතකොට.. මේ.. මේ..”


    “ඔව් අප්පුහාමි මේ එයා තමයි..”


    මේ කතා මොනවද කියලා මට තේරෙන්නෙ නෑ.. අප්පුහාමි මොනවද අහන්න හදලා නිකං හිටියා.. ඒත් අන්කල් ඒකට උත්තර දුන්නා.. මට නිකං හොල්මං වගේ.. අප්පුහාමි අල්ලගෙන හිටපු අත ටික ටික බුරුල් කරලා අත ඇරියා..


    “මේ බේබි හිටියෙ රට නේද..? කවදද එතකොට ආවෙ..?”


    “මං ඇවිත් දැන් ටික දවසක් වෙනවා.. අප්පුහාමි අන්කල් මාව දන්නවද..?”


    “මොකෝ මම නොදන්නෙ.. ජයරත්න මහත්තයා ඉස්සරම හිටියෙ මෙහෙනෙ.. මං බේබිව පුංචි කාලෙ වඩාගෙන හුරතල් කරලත් තියෙනවා..”


    අපේ තාත්තලගෙ අතීතෙ, මගේ පුංචි කාලෙ ගැන එහෙම වැඩිය විස්තර මං දැනං හිටියෙ නෑ.. අපේ තාත්තා මට කවදාවත් ඒ ගැන වැඩිය කියලත් නෑ..


    “පුතාගෙ තාත්තයි මමයි ඉස්සර මේ වත්තෙ එකටමයි හිටියෙ.. මේ තේ වත්ත අපේ අප්පච්චිගෙ.. එයා මාව මේක බලාගන්න එවද්දි මෙතන හිටය මැනේජ්ර් පුතාගෙ තාත්තා ජයරත්න.. අපි දෙන්නා කිට්ටු වයසවල් වල හිටපු නිසා ඉක්මනටම යාළු උනා.. ඒ යාළුකම තමයි අදටත් තියෙන්නෙ..”


    මමයි, අන්කලුයි, අප්පුහාමියි ටිකක් වෙලා තම තමන්ගෙ ලෝකවල වෙනම ඉදගෙන කල්පනා කලා..


    “අපි ඇතුළට යං නේද පුතා.. අපේ දෙන්නා අරහෙ තනියෙම බලාගෙන ඇති..”



    Mathusambandai.gif

    PDF.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    07.png


    අපි කට්ටිය බන්ගලාවට යද්දි නිල්මිණී ආන්ටියි පාරමියි, ලයිසම්මා කියන දෙමළ මනුස්සයා එක්ක කුස්සියෙ උයනවා.. උයනවා කියලා කිව්වට එයාලා වැඩිපුරම කලේ කෝප්ප හෝදපු එක.. ලයිසම්මා පාරමීගෙන් ප්‍රශ්න තොගයක් අහනවා.. කෙල්ලත් ගිරවි වගේ කියවනවා.. කුලගන සමිතිය මැද්දට රිංගලා වැඩේ දෙල් කරන්න ඕනෙ නැති නිසා මං රූම් එකට ගියා පබයට කෝල් එකක් ගන්න හිතාගෙන.. උගේ ෆෝන් එක නං දෙයියනේ කියලා පැය විසිහතරෙම වැඩ..

    “ඈ යකෝ උඹලා නුවර එළියෙ සැප ගන්න යද්දි නිකමටවත් අපිව මතක් උනේ නෑ නේද..?”

    හැමදාම වගේ මුලින්ම ඇහුනෙ උගේ බර බරේ.. මූ ටෙලිෆෝන් මැනර්ස් කියන ඒවා ගැන අහලවත් නැද්ද කොහෙද..? ඒත් මං ඒ ගැන කියලා දෙන්න ගියේ නෑ.. කියලා දෙන්න හැදුවනං අහයි ඒ කන දෙයක්ද කියලා..

    “උඹ කොහොමද දන්නෙ මං ඉන්නෙ නුවරඑළියෙ කියලා..?”

    “දවල් උඹේ ෆෝන් එකට ගත්තම චාරයක් නැත කිව්වා.. ඒ පාර ගෙදරට ගත්තා.. ආන්ටි තමයි සීන් එක කිව්වෙ..”

    ඒ කියන්නෙ මූටත් කම්මැලි වෙලාවට මාව මතක් වෙනවා කියන එකනේ..

    “කියලා එන්න වෙලාවක් තිබුණෙ නෑ බං.. මමත් දන්නෙ අද උදේ.. ඒක නෙමෙයි උඹ මේ දවස් වල ෆ්‍රී ද..?”

    “අපි කොහොමත් ෆ්‍රී බර්ඩ්ලා වගේ තමයි.. මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා කියපංකො..”

    “පුළුවන්නං මෙහෙ වරෙන්.. පොඩි ජොලියක් දාන්නත් පුළුවං.. මේ එස්ටේට් එකේ බැරි උනොත් අපි හොටෙල් එකක නවතිමු..”

    “අරුන් දෙන්නවත් දක්කගෙන ආවොත් අප්සට්ද..? පව්නෙ බං අළුත බැදපු ජෝඩු සීතලට කැමති ඇතිනේ..”

    ඌ ඒ ඇහුවෙ නිලුයි, රොහානුයි ගැන.. කොයි තරම් පිස්සු වැඩ කරත් පබයට තියෙන්නෙ උණුවෙන හිතක්.. ඌ හරියට යාළුවො ගැන හිතනවා.. ඒත් දෙතුන් දෙනෙක්ට ඉන්වයිට් කරන්න තරම් මට බලතල නෑනෙ.. ඒකට චාන්ස් එකක් ගන්න පුළුවන් එකම කෙනා පාරමී.. මං එයාගෙන් අහලා කෝල් කරන්නම් කියලා කිව්වා විතරයි පබයා කැත විදියට හැක හැක ගාන්න ගත්තා..

    “උඹ යාළුවෙන්නත් කලින්ම ඒකිගෙ පදේට නටන්න අරන්ද..? තව පස්සට කොහොම වෙයිද..?”

    “ආදරේ එක වෙනම දෙයක්.. ඒත් උඹ කියන විදියට මං ගෑණුන්ගෙ පදේට නටන්නෙ නෑ.. මේවයෙ අයිතිකාරයො ඒ ගොල්ලො නිසයි මං එහෙම කිව්වෙ..”

    “හරි හරි.. තව ටික දවසකින් ඩව්රියට ලියලා දුන්නම තේ වත්ත උඹේනෙ..”

    මේකා පරාජය බාරගන්න කැමතිම නෑ.. කෝල් එකෙන් පස්සෙ පාරමීගෙ ලස්සන ඇස් දෙක ඉල්ලලා මගේ හිත කෑ ගහන්න ගත්තා.. මං එයාව හොයාගෙන එළියට යන්න හදද්දි ඉස්සරහ පුටුවක ඉදගෙන අන්කල් කෝල් එකක්..

    “ඒකනේ ජයේ.. ඔයාට තේරෙනවනේ මං ඉන්න තත්වෙ.. තරහා වෙන්න එපා..”

    ඒ ටික ඇහෙද්දි මං දැනගත්තා ලයින් එකේ ඉන්නෙ අපේ තාත්තා කියලා.. අන්කල් ඉන්න තත්වෙ තාත්තට තේරුණා උනාට මට නං තේරුණේ නෑ.. ඒ ගැන තිබුණ කුතුහලය නිසාම ඒ හරියට යද්දි මගේ කකුල් දෙක නතර උනේ ඉබේටම..

    “ඔව් ඔව් දැක්කා.. අප්පුහාමි කතාත් කලා..”

    “ඒක තමයි ජයේ.. ආපහු අපේ අතීතෙට ගියා වගේ දැනෙනවා..”

    “කොල්ලට ඔහේ හදිස්සි වැඩ මුකුත් නෑනෙ.. මං දවසක් දෙකක් තියාගෙන එවන්නං..”

    “මං දන්නවා ජයේ නොහිටින්න අද මං මේ විදින සතුට හීනයක් විතරයි..”

    අන්කලුයි අපේ තාත්තයි දෙන්නම කතා කලේ මගේ ගැන.. ඒත් ඒ මොනවද කියලා හරියටම තේරුණේ නෑ.. අන්කල්ගෙ පුටුවට පිටිපස්සෙ තිබුණ කුලුනකට හේත්තු වෙලා හිටිය මට එක පාරමට කිඹුහුමක් ගියා.. ඒ සද්දෙට ගැස්සිලා ගිය අන්කල් තියන්නං කියන්නෙවත් නැතුව කෝල් එක කට් කලා.. මාව දැකලා ඔය තරම් අන්කල් බය උන එකනම් ප්‍රශ්නයක්..

    “මං පුතාව දැක්කෙ නෑනෙ..”

    අන්කල් පැටලි පැටලි ඒක කියපු තාලෙට මට හිනා ගියා.. එයා මාව කොහෙ දකින්නද..? මං හිටියෙ එයාට පිටිපස්සෙනෙ..

    “මං දැනුයි මෙතනට ආවෙ අන්කල්..”

    ඒ නොසන්සුන්කම මගඅරින්න හිතාගෙන මං කිව්වා.. මේ ගමන්ම පබයා ගෙන්න ගන්න වර්ඩ් එක දැම්මනං හරි..

    “ඇයි පුතා..?”

    “නෑ අන්කල්, මගේ යාළුවෙක් කෝල් කරා.. එයාට මේ දවස් ටිකේ ෆ්‍රී ලු.. මං අහන්න හැදුවෙ දවසකට දෙකකට එයාවත් ගෙන්නගත්තට කමක් නැද්ද කියලා..”

    “ඉට්ස් ඕකේ පුතා.. ඕක අහන්නත් දෙයක්ද..? ඔය වයසෙ කොහොමත් එන්ජෝයි කරලා ඉන්න එපැයි.. එයාට අදම එන්න කියන්න..”

    ඒ වෙලාවෙම අත්දෙකත් සීතලට ගුලි කරගෙන පාරමිත් අපි ඉන්න පැත්තට ආවා.. සන්ධනායක අන්කල් පාරමීගෙ අතින් අල්ලගෙන එයා ඉදගෙන හිටපු පුටුවෙ ඇන්දෙ වාඩිකරව ගත්තා.. ඒක දකිද්දි මටත් ආස හිතුනා ඒ පුටුවෙම අනිත් ඇන්දෙන් ගිහින් වාඩිවෙලා එයාට ළංවෙලා ඉන්න..

    “දූගෙ යාළුවො එහෙම නැද්ද මෙහෙ ගෙන්නගන්න..”

    අන්කල්ගෙ කතාවට පාරමී හොල්මන් වෙලා ගියා.. අපි කතා කර කර හිටියෙ මොනවද කියලා එයාට ඇහුනෙ නෑනෙ.. ඕක තව තේරුම් කරන්න ගියොත් ඉස්කෝලෙ කෙල්ලො බාගෙකම නම් කියයිද දන්නෙ නෑ..

    “අපි හෙටම යන්නෙ නෑ නේද තාත්තා..?”

    “නෑ නෑ.. තව දවස් දෙකක් ඉදලා යමුකො.. ඔයාගෙ ඉල්ලීමනේ ඒක..”

    “තෑන්ක්ස් තාත්තා..! අපි එහෙනං නිලූ අක්කවයි, අයියවයි ගෙන්න ගමු.. එයාලා ළගදිනේ මැරි කලේ..”

    මං පාරමීට කියල කරව ගන්න හිටපු වැඩේ කෙල්ල ෆ්‍රී ඔෆ් චාර්ජ් කරලා දුන්නා.. මොනව උනත් පාරමී එක්ක ජීවත් වෙන්න ලේසි වෙයි වගේ.. එයාට හිතෙන්නෙත් මට හිතෙන දේවල්මයි.. එහෙනං වැඩ සේරම හරි.. අදම එන්න කිව්වනං හෙට උදේ වෙද්දි ගැන් එක මෙහේ..

    “තාත්තා අපි ටිකක් වටේ ඇවිදලා එන්නං..?”

    “දැන් රෑ වේගෙන එනවා දරුවො.. හෙට කට්ටිය එක්කම ඇවිදින්න පුළුවන්නෙ..”

    හැබැයි ඒක යන්න එපා කියලා තදබල විදියට කරපු විධානයක් නෙමෙයි.. ඒ නිසා අපි බංගලාව පේන හරියෙ ටිකක් ඇවිදින්න ගත්තා.. අපි දිහා ටිකක් වෙලා බලන් ඉදලා සන්ධනායක අන්කල් ඇතුළට ගියා..

    ඉතිං.. ගොඩක් දවසකට පස්සෙ ආපහු පාරමීව මට තනියම මුණගැහිලා.. නිකම්ම නෙමෙයි ලස්සනම ලස්සන සීතල පරිසරයක.. මං එයාලගෙ ලස්සන ඇස් දිහා බලද්දි ඒ ඇස් තිබුණෙ මගේ පැත්තෙ..

    “අයියා.. සීතලයි..”

    ඉස්සර වෙලා කතා කරපු කටහඩයි දැන් කටහඩයි සෑහෙන්න වෙනස්.. සීතලට කරන්න කොයිතරම් දේවල් තියෙනවද..? මට නං රට හිටපු නිසා සීතල පුරුදුයි.. ඒත් පාරමී වෙව්ලනවා..

    “ඔයා එහෙනං ඇතුළට යන්න නංගි..”

    කෙල්ලගෙ සීතල නැති කරන්න ගිහින් අන්කල්ගෙන් ගුටි කන්න උනොත් කියලා මං දෙන්න තියන හොදම විසදුම දුන්නා..

    “ම්හු.. මට බැහැ..”

    බලාගෙන යද්දි මෙයත් හරිම හිතුවක්කාරයි.. මං හිත හදාගෙන මෙයාට ඇතුළට යන්න කියද්දි මගේ හිත පිස්සු වට්ටන්න වගේ එළියෙම ඉන්න හදනවා.. බෝ පැළ වගේ තියන අපේ හිත් නරක් කරන්නෙ කෙල්ලොමයි.. අන්තිමට කියන්නෙ කොල්ලො නරකයි කියලා..

    “සීතලේ ඇවිදින්න බැහැනේ.. එහෙනං ගිහින් අතනින් ඉදගමු..”

    පහළ ලොකු මල් පදුරක් ළග තිබුණ බංකුවක් පෙන්නලා මං කිව්වා.. ඒකටනං කෙල්ල එක පයින් නෙමෙයි දෙපයින්ම හා කියලා මටත් කලින් ගිහින් එතනින් ඉදගත්තා.. ඒ හරියෙ පැති දෙකකම තේ ගස් ගානට වැටිය වගේ වවලා.. අනිත් පැත්තෙ මල් හිටවලා.. ඒ බංකුවෙ ඉදගත්තම වටේ ගස් වලට කවර් වෙනවා.. එතනට බංගලාව පෙනුනට බංගලාවෙ ඉදලා බලද්දි වටේ තියෙන ගසුයි කළුවරයි හින්දා අපිව පේන්නෙ නැහැ.. ඉතිං වට පිට තත්වෙ හොදට නිරීක්ෂණය කරලා මං දෙයියනේ කියලා පාරමිගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ඉදගත්තා..

    මට මුලින්ම දැනුනෙ පිච්ච මල් සුවදක්.. ඒක ආවෙ වටේ තියෙන ගහකින්ද පාරමී ළගින්ද දන්නෙ නෑ.. එයා කිසි කතාවක් නැතුව පාඩුවෙ වාඩිවෙලා අත්දෙකත් ගුලි කරගෙන ඉන්නවා..

    “නංගි පාරමී.. මොනව හරි කියන්න..”

    “මොනවත් කිව්වට වැඩක් නැහැනෙ අයියා.. ඔයා මං කියන දේවල් අහන්නෙ නෑනෙ..”

    ඒ පාර මොකක්ද යකෝ මේ අවනඩුව.. මං කවදද එයා කියන දේවල් අහන්නෙ නැතුව හිටියෙ..

    “ඔයා මොනවා ගැනද ඔය කියන්නෙ..?”

    “ඔයාට මං එදා අපේ ගෙදර එන්න කිව්වා.. ඔයා ආවෙ නෑනෙ.. ඉතිං ඒ මං කියන ඒවා අහන්නෙ නැති නිසානෙ.. ඒකයි මෙහෙ එන්න කියලත් මං තාත්තටම කියන්න ඇරලා නිකං හිටියෙ..”

    “ඒ කිව්වෙ..?”

    “ඇයි ඉතිං, මං කිව්වට ඔයා එන්නෙ නෑ කියලා මම දන්නවනෙ..”

    ඔයා කිව්වොත් මං එන්නෙ නිකං නෙමෙයි ඉගිලිලා.. ඒත් බබා මුලින්ම ඒකට පසුබිම හදාගන්න එපැයි..

    “ඔයා මං ගැන හිතන් ඉන්න විදිය වැරදියි නංගි.. ඔයාව දකින්න එන්න මමත් කැමතියි.. ඒත්.. අපි අම්මලා තාත්තලා ගැනත් හිතන්න ඕන නේද බබා..?”

    “අපේ අම්මලා කවදාවත් ඔයාට එන්න එපා කියන්නෙ නෑ අයියා.. ඒක මට ෂුවර්..”

    “අපි අදම නිලූලට එන්න කියමු නේද නංගි..? එතකොට එයාලට හෙට කලින් එන්න පුළුවං වෙයි..”

    පාරමී එක්ක ගේම ඉල්ලන එක වැඩක් නැති නිසා මම ට්‍රැක් එක මාරු කලා..

    “අයියා රොහාන් අයියට කියන්න.. මමත් නිලූ අක්කට කෝල් එකක් දෙන්නම්.. ඒත් අයියා..”

    කෙල්ල මොකක්ද කියන්න වගේ හදලා ඒක ගිල ගත්තා.. ඒ මූණ දිහා බැලුවත් එයා හිටියෙ බිම බලාගෙන.. මං එයාගෙ නිකටට අත තියලා මූණ මගේ පැත්තට හරව ගත්තා.. කළුවරේ උනත් ඒ ඇස් දිලිසෙනවා..

    “කියන්න බබා.. ඇයි ඒත් කිව්වෙ..?”

    මගේ ප්‍රශ්නෙට පාරමීගෙ ඇහෙන් කදුළක් වැටුණා.. මගේ අතටම වැටුණ ඒ කදුළ නිසා මගේ හිත හෙල්ලිලා ගියා.. සීතල රෑක ලස්සන පුංචි කෙල්ලෙක් ළගට වෙලා අඩද්දි කොල්ලෙක්ගෙ හිතට කොයි තරම් දේවල් හිතෙනවද..?

    “ඔයාට මාව තේරෙන්නෙ නෑ අයියා..”

    අපහු ප්‍රශ්නෙට අදාල නැති වෙනමම උත්තරයක් පාරමීගෙන් පිට උනා.. එයා එහෙම හිතුවට මට එයාව හොදට තේරෙනවා.. හෙට නිලූලා එන එක ගැන කතා කරද්දි අඩන්න ගත්තෙ ඇයි කියලා කියන එක තමයි මට නොතේරුනේ.. එක අතකට ඒකෙ ඒ තරම් හිතන්න දේකුත් නෑ.. කෙල්ලො කොහොමත් ඉන්නෙ ටැප් එක අරින්න බලාගන්න ගමන්මනේ..

    එක් පාරටම ගස් කොලන් හෙල්ලිලා යන විදියෙ සීතලම සීතල සුළගක් හැමුවා.. තදයා වගේ හිටියට මොකද ඒ හුළගටනං මගේ ඇගෙත් හිරිගඩු පිපුණා..

    හුළග ඉවරවෙනවත් එක්කම ටිකක් ඈතින් ලොකු සද්දයක් ඇහිලා වටේම කළුවර උනා.. මං බංගලාව පැත්ත බලද්දි එකේ කරන්ට් එක ගිහින්.. කෑලි කපන්න තරම් ඝණට තිබුණ කළුවරේ පාරමී ඉදගෙන හිටපු තැනින් තව ටිකක් මගේ පැත්තට ආවා.. බයේ ගැහෙන පුංචි කෙල්ලගෙ කර වටේ අත දාලා මං එයාව ළගට ගනිද්දි ඒ දේ බලාපොරොත්තුවෙන් හිටියා වගේ කෙල්ල තවත් මට තුරුළු උනා.. මෙච්චර වෙලා මට දැනුණ පිච්ච මල් සුවද ආවෙ පාරමී ළගින් කියලා මං දැනගත්තෙ දැන්..

    මට තුරුළු වෙලා හිටපු පාරමී ටික ටික ගැස්සෙනවා වගේ.. ඒ කියන්නෙ කෙල්ල ආපහු අඩනවා.. ඉතිං කිසි දෙයක් ගැන දෙපාරක් නොහිත මං අත්දෙකෙන්ම එයා මගේ ළගට ළං කරගත්තා.. මම කරපු කිසිම දේකට කෙල්ල විරුද්ධ උනේ නෑ.. එයා කලේ පුංචි හා පැටියෙක් වගේ මගේ උණුසුමට ගුලිවෙලා හිටපු එක විතරයි.. මං කළුවරේම ඒ ඇස් දිහා බැලුවා.. අවුලක් නෑ අපි දිහා බලන් හිටපු හද උනත් හැංගිලා.. දැන් ඉතිං පාරමී මගේ කියලා හිතලා මං එයාගෙ නළලට හෙමින් හාදුවක් දුන්නා.. කෙල්ල මගේ පපුවෙ ඔළුව ඔබා ගනිද්දිම වගේ ලන්තෑරුමක් අරන් බේබි කියාගෙන අපේ පැත්තට එන අප්පුහාමි අන්කල්ගෙ කට හඩ ඇහුණා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෂිට්.. මේ මිනිහට දෙයක් තේරෙන්නෙ නැති හැටි.. පාරමී ගැන ආදරෙන් පිරිලා තිබුණ මගේ හිතට අප්පුහාමි ගැන දැනුනෙ පට්ට තරහක්.. පාරමී තාම මට තුරුළු වෙලා.. මං එයාව තව පාරක් ඉම්ඹා..

    “පැටියො.. අප්පුහාමි අන්කල් එනවා..”

    “අනේ අයියා.. මට බෑ..”

    මොනවද බැරි කියලා කිව්වෙ නැතුවට එයාට බැරි මගෙන් ඈත් වෙන්න කියලා මං දන්නවා.. ඒත් අප්පුහාමි ළග ළගම එනවා.. අකමැත්තෙන් උනත් පාරමීව නැගිට්ටවලා මමත් එතනින් නැගිට්ටා.. අප්පුහාමි ළගට එනකොට අපි දෙන්නා හිටියෙ දෙතැනක..

    “කරන්ට් ගියා බේබි.. මෙහේ ඉතින් නිතරම ඔය වගේ තමා..”

    එහෙම කියලා එයා අපි දෙන්නගෙ මූණු දෙක දිහා ලන්තෑරුමේ එළියෙන් හොදට බැලුවෙ කළුවරේ මෙතැන මොකද උනේ කියලා දැනගන්න වෙන්න ඇති.. මගේ මූණ නම් අවුලක් නෑ.. ඒත් අපේ ගෑණු ළමයා බිම බලාගෙන..

    “හා හා යමුකො.. ලොකු මහත්තයා බේබිලව එක්ක එන්න කිව්වා..”

    ලන්තෑරුම අරන් අප්පුහාමි ඉස්සර උනා.. ඒ තත්පරේට පාරමී මගේ වම් අත අරගෙන එයාගෙ තොල් වලට තියලා ලාවට ඉඹලා අතෑරියා.. ඒ කියන්නෙ කෙල්ල මට ආදරෙයි.. ආයෙ ඒකෙ කන්ෆර්ම් කරන්න දෙයක් නෑ.. එදා පබසර කිව්ව විදියට මං හිතපු නැති වෙලාවක ගේම පටන් අරන්.. දැන් ඉතිං පණ ගියත් මගේ පුංචි කෙල්ල මං කාටවත් දේනනෙ නෑ.. පාරමීගෙ පිටිපස්සෙන් මං බංගලාවට යද්දි සන්ධනායක අන්කල් නිල්මිණී ආන්ටි එක්ක බර කතාවක්..

    “මොනවද පුතා අපේ කෙල්ල කියන්නෙ..?”

    අන්කල් මගෙන් අහද්දි මං පාරමී දිහා බැලුවා.. ඒත් පාරමී එතන නතර වෙන්නෙ නැතුව කෙලින්ම ඇතුළට ගියා..

    “හෙට කට්ටියම ආවම ඇවිදින්න යන්න ප්ලෑන් කරා අන්කල්..”

    “අපේ කෙල්ලටත් ඉතිං ඊට වඩා දෙයක් නෑනෙ.. ඔයාගෙ යාළුවන්ටත් ඉතිං එන්න කියන්න..”

    අන්කල් එක්ක කතා කරාට මගේ හිත තිබුණෙ වෙනම ලෝකෙක.. තනිවෙන් තිබුණ ඕනකම නිසා මං පබසරට කෝල් කරන්න එනව වගේ කාමරේට ආවා.. ඒ ලොකු බංගලාව වටේටම ලාම්පු පත්තු කරල එල්ළලා හරිම චාමි නිස්කලංක පරිසරයක් තිබුණෙ.. මං මුලින්ම කලේ ඇදට පැනලා කොට්ටයක් බදාගත්තු එක..

    මීට ටිකකට කලින් ගෙවිලා ගිය විනාඩි කීපය මගේ මුළු ජීවිතේම වෙනස් කලා වගේ.. යාළුවො විදියට කෙල්ලො සෑහෙන පිරිසක් ආශ්‍රය කරලා තියෙන මං ජීවිතේ පළවෙනි වතාවට ප්‍රේමවන්තයෙක් වෙලා.. බලන බලන හැම අතකම මට පෙනුනෙ පාරමීගෙ හුරතල් සුදු මූණ විතරයි.. තාම පපුව හයියෙන් ගැහෙනවා වගේ.. එයා ඉඹපු මගේ වම් අත අරගෙන මං තොල් දෙකට තද කරගත්තා.. පාරමීගෙ ළග තිබුණ සුවද කිසි අඩුවක් නැතුව මං ඇදගෙන හිටපු ජර්සි එකේ තැවරිලා තිබුණා..

    දැන් නිකං පබසරලට එන්න කියන්න බෑ වගේ.. උන් තුන්දෙනා ආවොත් මට පාරමී එක්ක තනිවෙන්න තියන අවස්ථා නැතිවෙලා යනවා.. සමහර විට පාරමීත් මට කියන්න ලෑස්ති උනේ ඒකම වෙන්න ඇති.. මටත් ගොනාට වගේ ඒක දැනුයි තේරෙන්නෙ.. ඒත් දැන් පමා වැඩියි.. පාරමී සමහරවිට නිලූට කෝල් කරනවද දන්නෙත් නෑ.. ඒ නිසා මං පබසරට කෝල් එකක් ගත්තා..

    “හලෝ මචං ඇදුම් ටික රෙඩී.. අපි කීයටද එන්න ඕනෙ කියපං..”

    වචනෙ පිට උන ගමන්ම මූ ලෑස්ති වෙලත් ඉවරයි.. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ..

    “උඹ රොහානයට කිව්වද..? මං තාම කෝල් කලේ නෑ..”

    “මම නිකමට කිව්වා.. උඹත් කෝල් කරලා කියපං..”

    ඊට පස්සෙ මං රොහාන්ටයි නිලූටයි කතා කරලා.. ඒ වෙද්දි පාරමී නිලූට ඉන්වයිට් කරලා ඉවරයි.. උන් තුන්දෙනා අද රෑට පබසරගෙ කාර් එකේ එන්න සෙට් වෙලා..

    “බේබි කෑම ලෑස්තියි එන්න කන්න..”

    අප්පුහාමි අන්කල් කාමරේ දොර රෙද්ද අල්ලගෙන කතා කලා.. මං කෑම මේසෙට ගියේ කන්න යන්න ඕනකමට මිසක් බඩගින්නට නෙමෙයි.. මගේ හිතයි බඩයි හැම එකක්ම ඒ වෙද්දි පිරිලා තිබුණෙ.. අන්කලුයි, ආන්ටියි එතන ඉදගෙන බලාගෙන හිටියෙ අපි එනකල්..

    “අන්කල් කෝ නංගි..?”

    “ඔය කාමරේට වෙලා ඉන්නෙ.. කතා කලාට තාම නෑ.. පුතා ගිහින් එක්කගෙන එන්න.. නැත්තං ඔහොමම නිදා ගනියි..”

    නිල්මිණි ආන්ටි තව පොඩි චාන්ස් එකක් හදලා දුන්නා.. ඉක්මනට පලයං කියලා හිත බල කරාට මං වැඩි හදිස්සියක් පෙන්නන්නෙ නැතුව හෙමීට කාමරේට ගියා.. කෙල්ල කොලු කොට්ටෙකුත් තුරුළු කරගෙන ඇස්දෙක වහගෙන ඇදේ.. ඒ උනාට එයා නිදි නෑ කියලා මං දන්නවා.. මම වගේම සිහින ලෝකෙ පාවි පාවි ඇති..

    “නංගි බබා එන්න කෑම කන්න..”

    මගේ සද්දෙට ඒ ඇස්දෙක හිමීට ඇරුණා.. ඊට පස්සෙ ඇදෙන් හැබැලා එන්න හදද්දි මම එළියට යන්න හැරුණා.. ඒත් හිතපු නැති විදියට පාරමී මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ ඉන වටේ අත් දෙක දාලා පිටට හේතතු උනා.. එයාගෙ පුංචි පපුව තාලෙට ගැහෙන විදිය මට හොදට දැනුණා.. දැන් මෙතනට කවුරු හරි ආවොත් බඩු තමා. එයාව අත්දෙකෙන් අල්ලලා මගේ පැත්තට අරගෙන රෝස පාට කම්මුල් දෙකම කිස් කරලා මං කාමරෙන් එළියට ආවා.. මට අවුරුදු විසි පහක් උනාට තාම අවුරුදු දහනමයෙ හිටපු පුංචි කෙල්ලට මේ දේවල් දරාගෙන ඉන්න පුළුවන්ද මංදා.. හැබැයි පාරමීට ආදරේ කරන්න උගන්වන්න ඕනෙ නෑ.. ඒ තරම් ලොකු ආදරයක් අර ලස්සන ඇස් ඇතුලෙ හිරවෙලා තියෙනවා..

    මං කෑම මේසෙන් ඉදගත්තට පස්සෙ පාරමී ඇවිත් මගේ ළගට පුටුවෙ ඉදගත්තා.. එයාටත් මට වගේම බඩගිනි නෑ කියලා මං දන්නවා.. ඒත් ලයිසම්මා කියන ගෑණු කෙනා පාටියකට වගේ රස කෑම ජාති ගොඩක් හදලා නිසා හැමෝම අමාරුවෙන් හරි කෑවා.. හැමෝම කතා බහ නැතුව තමන්ගෙ ලෝක වල ඉදගෙන කෑම කාලා ඉවර වෙනකල්ම පාරමී හිටියෙ එයාගෙ එක කකුලක් මගේ කකුල උඩ තියාගෙන.. එ යටිපතුල අයිස් කැටයක් වගේ සීතල වෙලා තිබුණෙ..

    “පුතා ඔය මදිනේ කෑවා.. තව බෙදාගන්න..”

    “ඇති අන්කල් බඩ පිරුණා..”

    “මේ පේනවනේ.. මෙයත් බෙදාගත්ත එකෙන් බාගයයි කාලා තියෙන්නෙ.. අනේ මන්දා දැන් හැදෙන ළමයි..”

    අන්කල්ගෙ කතාවට පාරමී මගේ කකුල උඩ තිබුණ එයාගෙ කකුල තද කලා.. එතකොටම අන්කල්ට කෝල් එකක් ආව නිසා අපි පටස් ගාලා කෑම මේසෙන් කැපුනා.. නිල්මිණී ආන්ටිත් මහන්සියි කියලා කාමරේට ගිය නිසා මමත් කාමරේට ආවා.. මම ඇදෙන් ඉදගනින්ද්දි මගේ පිටිපස්සෙන්ම වගේ ආපු අප්පුහාමි අන්කලුත් කාමරේට ඇවිත් තිබුණා.. මේ මිනිහා සී අයි ඩී කාරයෙක් වගේ හැමවෙලේම පිටිපස්සෙ.. මොන එහෙකම මාව මේ තරම් ෆලෝ කරනවද මංදා.. හැබැයි ඉතිං වැඩේ කියන්නෙ මනුස්සයා අහිංසක විදියට බලලා හිනා වෙද්දි මගේ හිතේ තියෙන කේන්තිය බින්දුවටම හිදිලා යනවා..

    “බේබි මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද..?”

    ඉදගත්තටනං මගෙන් අවුලක් නෑ.. ඒත් ඉදගෙන විතරක් ඉන්නෙ නැතුව ප්‍රශ්න අහද්දි තමයි ආපහු මල පනින්නෙ..

    “බේබිගෙ මල්ලිව එක්ක ආවෙ නැත්තෙ ඇයි..?”

    මං කිව්වෙ නැද්ද.. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගත්තා..

    “මල්ලි මේ දවස්වල ප්‍රැක්ටිස් යනවා අන්කල්.. වැඩිය ගෙදර නෑ..”

    “ජයරත්න මහත්තයා දකින්නත් ආසයි බේබි.. ඉස්සර මාත් එක්ක හරි හිතවත්.. හරි හිත හොද මහත්තයා..”

    “අපේ තාත්තා ඇයි මෙහෙන් ගියේ..? සන්ධනායක අන්කල් එක්ක ප්‍රශ්නයක් උනේ නෑනෙ..”

    හාමුදුරුවො කෙනෙක්ගෙන් උනත් කමක් නෑ වැඩක් ගන්න පුළුවන්නං කියලා කතාවක් තියෙනවනේ.. ඉතිං මං දන්නෙ නැති දේවල් අප්පුහාමිගෙන් හරි දැනගන්න මම ට්‍රයි එකක් දිලා බැලුවා..

    “පිස්සුද.. ජයරත්ත මහත්තයයි, සන්ධනායක මහත්තයයි පණට පණ වගේ.. ඒක පුදුම යාළුකමක්.. ජයරත්න මහත්තයා ගියේ අපේ ලොකු මහත්තයගෙ කොළඹ තියන බිස්නස් වලට හවුල් වෙන්න..”

    “අප්පුහාමි අන්කල් කසාද බැදලද..?”

    මටත් ඕනෙ නැති මගුලක් නෑ කියල හිතුනෙ ඒ ප්‍රශ්නෙ කටින් පිට උනාට පස්සෙ..

    “මං ඒ කාලෙ ඉදලම මේ බංගලාව බලා කියාගෙන හිටියා මිසක ඔය ගැන හිතන්න වෙලාවක් උනේ නෑ..”

    පිරිමියෙක් වයසට යනකල්ම කසාද බදින්නම නෙමෙයි කසාදයක් ගැන හිතන්න වෙලා තිබුණෙ නෑ කියලා මං ඔය ඇහුවමයි.. ඒකට දැන් හැදෙන පරම්පරාව.. යන්තං අවුරුදු දොළහ දහතුන වෙද්දිම ඒ ගැන හිතලා ඉවරයි..

    අප්පුහාමි අන්කල් එක්ක කතා කර කර ඉද්දි පබයා කෝල් කරා මෙහෙට එන පාර අහගන්න.. ඌ පාර ඇහුවට මං දන්න ඇති පාරක් නෑ.. කොහොමටත් අද මගේ මීටරේ අවුට්නෙ.. ඒ නිසා මං අප්පුහාමි අන්කල්ගෙන් පාර අහගෙන ඌට කිව්වා..

    අන්කල් කියවලා කියවලා නිදාගන්න ගියාට පස්සෙ ෆෝන් එකෙන් හරි පාරමී එක්ක ටිකක් කතා කරන්න හැදුවට එයා ෆෝන් එක ගන්නෙ නෑ.. සමහර විට නිල්මිණී ආන්ටි ළග ඇති.. කමක් නෑ හෙටත් පාරමී මගේ ළග ඉන්නවනේ කියලා හිත හදාගෙන නිදාගන්න හැදුවට මට නින්ද ගියේ පාන්දර..

    Mathusambandai.gif

    PDF.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    08.png


    උදේ පාන්දර කවුදෝ මන්දා සනීපෙට ඔළුව අතගානවා දැනිලා මාව ඇහැරුනා.. ඇස් ඇරලා බලද්දි අද ඉදලා මගේ ලෝකෙ ඉන්න වටිනම වස්තුව, මගේ පුංචි කෙල්ල ඇද උඩ.. මං ඒ සීතල අත අරගෙන මගේ පපුවට තුරුල් කරගන්න ගමන් වෙලාව බැලුවා.. දෙයියනේ.. මං පාන්දර කියලා හිතාගෙන හිටියට දැන් නවය හමාරත් පහුවෙලා.. ඊයෙ රෑ තිස්සෙ නිදි නැතුවම පාරමී ගැන හිත හිත හිපටු ඒවයෙ ප්‍රතිඵල තමයි මේ.. මං පාරමී දිහා බලද්දි මට තේරුණා මගේ වගේම එයාගෙ මූණත් නිදිමත පාටයි කියලා.. ඒ කියන්නෙ කෙල්ලත් නැගිටලා තියෙන්නෙ දැන් ටිකකට කලින්..


    “ගුඩ් මෝනිං මගේ වස්තුව..!”


    “ගුඩ් මෝනිං අයියා..! ඔන්න අද ඉදලා හැමදාම මේ වගේ මට උදේ නැගිටපු ගමන් ගුඩ් මෝනිං කියන්න ඕනෙ.. මං බලාගෙන ඉන්නවා එතකල්..”


    පෙම්වතියක් විදියට පාරමී පළවෙනිම කොන්දේසිය මගේ හිතට ඇතුල් කලා.. ඒත් මේ වගේ ළගින් ඉදන් හැමදාම ගුඩ් මෝනිං කියන්න නං මං අදම මෙයාව කිඩ්නැප් කරන්න වෙනවා..


    “මේ වගේ කියන්න බැරිවෙයි බබා.. ඒත් ෆෝන් එකෙන් කියන්නම්..”


    පාරමීගෙ සුදු නළලට කිස් එකක් දීලා මං කියද්දි කෙල්ල ඇස් පුංචි කරලා හිනා උනා.. ඔය හිනාවට තමයි මගේ හිත පිස්සු වැටෙන්නෙ..


    ආදරේ කලාට තාම පාරමීයි මමයි නිල නොලත් ආදරවන්තයෝ.. තාම මම පාරමීට ආදරෙයි කියලවත් කැමතියි කියලවත් නෑ.. පාරමීත් ඒ වගේ.. අපේ හැගීම් වචන වලින් හුවමාරු කරගත්තෙ නැති උනාට මං පාරමීට ආදරෙයි කියලා එයා දන්නවා.. පාරමිත් මට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා..


    උදේම කාලා බීළා චේන්ජ් එකක් දාගෙන මමයි පාරමියි සන්ධනායක අන්කල්ගෙ පස්සෙන් ඇවිදින්න ගියා.. එයා අපිව මුලින්ම එක්කගෙන ගියේ ටී ෆැක්ටරි එකට.. ඒක ඇතුලෙත් මිනිස්සු සෑහෙන පිරිසක් වැඩ.. අපි ආතල් එකේ නුලෙන් අල්ලලා උනු වතුර එකට ඔබලා ගන්න ටී පැකට් එක ඒ තත්වෙට ගේන්න මිනිස්සු කොයිතරම් මහන්සි වෙනවද කියලා හිතෙන්නෙ මේ වගේ තැනකට ආවම තමයි..


    ඊයෙ හවස දානෙ දීපු වෙලාවෙ එතැන හිටපු මිනිස්සු කීප දෙනෙක්ම ඇවිත් හිනාවෙලා වචනයක් දෙකක් කතා කරලා ගියා.. අප්පුහාමි අන්කලුත් කට පුරෝලා හිනාවෙලා අපිත් එක්ක සෙට් උනා..


    “මහත්තයලා වත්තෙත් ඇවිදින්න යනවද..?”


    “මේ ළමයින්ගෙ යාළුවො දෙතුන් දෙනෙක් එනවා කිව්වා අප්පහාමි.. ඒ ආවම එයාලත් එක්කම ගියා නං හරි..”


    අප්පුහාමි අන්කල් ගයිඩ් වැඩේ කරන්න හැදුවට ඒක හරිගියේ නෑ.. සන්ධනායක අන්කල් මැනේජර් එක්ක එකතු වෙලා බිල් පොත් වගයක් චෙක් කරද්දි මං පාරමී එක්ක ෆැක්ටරි එකෙන් එළියට ආවා..


    “නංගි කලිනුත් මෙහෙ ඇවිත් තියෙනවද..?”


    “අපෝ ඔව්.. අපි එකපාරක් දිනිතිලා එක්කත් ආවා.. මං මෙහෙට හරි කැමතියි..”


    “ඇයි ඉතිං අද ඔයාගෙ යාළුවා දිනිතිට එන්න කිව්වෙ නැත්තෙ..?”


    “දිනිති මගේ යාළුවා විතරනේ.. නිලූ අක්කියි, රොහාන් අයියයි ඔයාගෙත් යාළුවොනේ..”


    මං හිතනවට වඩා දුර පාරමී හිතනවා.. ඒත් ඉතිං ඔය කියන දිනිතිට එන්න කිව්වනං අපිට තනිකඩ පබසර ගැනවත් හිතලා බලන්න තිබුණා..


    “නංගි දිනිතිට බෝයි කෙනෙක් ඉන්නවද..?”


    “ඇයි..?”


    පාරමී ඇහුවෙ පුදුම වෙලා.. මං වෙන කෙල්ලො ගැන අහද්දි එයා අප්සෙට් වෙන්න ඇති..


    “නෑ නිකං.. වේකස්සීස් තියනවද කියල දැනගන්නයි ඇහුවෙ..”


    පබයා ගැන හිතේ තියාගෙන මං ඒක ඇහුවම කෙල්ලට ඩෝං ගියා.. සුදු මූණ රතු කරගෙන මගේ දිහා රවලා බලලා යන්න හද්දි මං ඒ පුංචි අතකින් අල්ල ගත්තා.. ඒ තත්පර දෙකට ඇස්වල කදුලු පුරවගෙන..


    “ඇයි බබා මේ..? මං විහිළුවටනේ ඇහුවෙ.. මට දැන් වෙන කෙල්ලො ඕනෙ නෑ කියලා මගේ මැණික දන්නෙ නැද්ද..?”


    කෙල්ල මොනවද මංදා කියන්න කට හදද්දිම අප්පුහාමි අන්කල් අපේ මැද්දට කඩාගෙන පැන්නා.. මේ මිනිහනං ගිය ආත්මෙ අපේ ණය කාරයෙක් වෙන්න ඇති.. ඕන වෙලාවක පස්සෙන්මයි..


    “අන්න බේබිලගෙ යාළුවො ඇවිත්..”


    ඒක ඇහුනා විතරයි අපි දෙන්නා අප්පුහාමි අන්කල්ව එතන දාලා බංගලාව පැත්තට දුවගෙන වගේ ආවා.. ඒ එද්දි පබයයි, රොහානුයි ඩබල බෑග් ටික බානවා.. නිලූ බොනට් එකට හේත්තු වෙලා සිරි නරඹනවා.. නිලූව දැක්කා විතරයි පාරමී මාවත් දාලා දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනා..


    “ගුඩ් මෝනිං මචං..! කොහොමද ප්‍රෝග්‍රෙස් එක..?”


    පබයා පාරමීව ඔළුවෙන් පෙන්නන ගමන් අතුරු ප්‍රශ්නයක් දැම්මා.. ඒත් දැම්මම වැඩේ වන කරගත්තොත් කිසි ගතියක් නෑ.. ඒ නිසා කතාව යට ගහලා මං උන් දෙන්නා එක්ක බෑග් ටික කාමර වලට දැම්මා..


    බංගලාවෙ හිතේ හැටියට කාමර තියෙන නිසා නිලූටයි රොහාන්ටයි වෙනම කාමරයක් දීලා පබයව මගේ කාමරේට ගත්තා.. නිල්මිණී ආන්ටි ලයිසම්මා එක්ක එකතු වෙලා කට්ටියටම වේලපහම සංග්‍රහයක් ලෑස්ති කරලා.. කට්ටියම ඒකට වග කියන අතරෙ පබසරයා උගේ හැකර කට දිග ඇරියා..


    “ඔන්න මචං, උඹ එන්න කිව්වා මං ආවා.. මුන් දෙන්නව එක්කං එන්න කිව්වා, ඒකත් කලා.. ඒ දෙකටම හරි යන්න කන්න බොන්න කලින් පින් සිද්ධ වෙන උදව්වක් කරපංකො..”


    නිලුයි, රොහානුයි ඌ ඉල්ලන්න යන උදව්ව දැනගෙන වගේ හිනාවෙනවා.. මං පාරමී දිහා බලද්දි කෙල්ලත් හොල්මන් වෙලා වගේ පබයගෙ මූණ දිහා බලාගෙන..


    “මොකක්ද පුතා ඔයාට ඕන උදව්ව..? මෙයාලට කියන්න බැරි නම් මට කියන්න..”


    නිල්මිණී ආන්ටි ඒ ගැන අහද්දි පබයා බොහොම අමාරුවෙන් හිනාවක් දැම්මා.. කොටින්ම කියනවනං ඒක අඩන්න බැරිකමට හිනා උනා වගේ චාටර් හිනාවක්.. නිල්මිණී ආන්ටිට මෙනාව හරි තේරිලා වගේ ආයෙත් ඒ ගැන අහන්නෙ නැතුව ඇතුළට ගියා..


    “මචං.. බඩු චාර්ජ් වෙලා..”


    පබයා කෝපි එක අතේ තියාගෙන බොන්නෙ නැතුව ඒක කියද්දි මට වැඩේ මීටර් උනා..


    “වරෙන් වරෙන් මෙතන ගඳ ගස්සන්නෙ නැතුව යමං..”


    ඌව ඇදගෙන මං ටොයිලට් එකට යද්දි තමයි පාරමීට සීන් එක තේරුණේ..


    කට්ටිය කාලා බීලා ඇගපත හෝදගෙන ඇදුම් මාරු කරන් වත්තෙ ඇවිදින්න සෙට් උනා.. දැන්නං පාරමීට මාව ඕනෙ නෑ වගේ.. කෙල්ල නිලූට ළං වෙලා මොනවදෝ කියවනවා.. ඊයෙ වෙච්ච සීන් එක මෙයා පත්තරේ දායිද ද්නනෙ නෑ..


    අපි පස්දෙනා පඩිය බැහැගෙන මිදුලට යද්දිම අප්පුහාමි අන්කල් අනවසරයෙන් නඩේට එකතු උනා..


    “බේබිලා කොහෙද ඇවිදින්න යන්නෙ..?”


    “අපි යනවා අන්කල් අනන්තයට යන පාර දිගේ..”


    පබසර සීරියස් කියද්දි අප්පුහාමි අන්කල්ගෙ ඇස් දෙක ලොකු උනා.. පබයා එක්ක කතා කරන්න ගියොත් නං අප්පුහාමිට මොලේ අමාරුව හැදෙනවා..


    “කොහෙද මහත්තයො ඔය කියන පාර තියෙන්නෙ..? මේ හරියෙ එකක් නම් වෙන්න බෑ..”


    මම කිව්වෙ නැද්ද අරූගෙ බයිලා වර්ඩ් එකයි දැම්මෙ බේබි මහත්තයා වෙලා..


    “ඒක තියෙන්නෙ අන්කල් වික්ටෝරියා ඩෑම් එක එහා පැත්තෙ..”


    නුවරඑළියෙ සීතලට පබසරට පිස්සු හැදිලද බලන්න වගේ අන්කල් ඇස් කන් හොදට ඇරලා පබසරගෙ මූණ දිහා බැලුවා.. මූ මේ අහිංසක මනුස්සයව බයිට් එකට ගන්න හදන්නෙ.. ඒක තේරිලද මංදා රොහාන් කතාව මාරු කළා..


    “අන්කල් කොච්චර කාලෙක ඉදන් සන්ධනායක මහත්තයා ළග වැඩ කරනවද..?”


    “මං පුංචි සන්ධියෙ ඉදලම හිටියෙ මේ වත්තෙ තමයි බේබි.. මම මුලින්ම වැඩ කලේ සන්ධනායක මහත්තයගෙ තාත්තා ළග..”


    අපි කතා කරන අතරෙ තේ වැටි අතරෙන් ඇවිදගෙන ඉස්සරහට ගියා.. ඊයෙ අර මනුස්සයෙක් කියපු කතාවක් මගේ හිතට එක පාරටම ආවෙඒ වෙලාවෙ..


    “අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මොකක්ද අන්කල්..?”


    මං අහපු ප්‍රශ්නෙට අන්කල් පුදුම විදියට අප්සට් උනා.. පස්සෙ අමාරුවෙන් වගේ කට ඇරියෙ මොකක් හරි උත්තරයක් දෙන්න ඕන නිසා..


    “ජයරත්න මහත්තයා බැඳලා නෝනත් එක්ක ටික කාලයක් මෙහෙ හිටියා.. ඊට පස්සෙ මහත්තයා මෙහෙ ඉද්දි නෝනා අවුරුදු ගානක් අම්මලගෙ ගෙදර නැවතිලා හිටියා.. මහත්තයා සතියකට දෙකකට වතාවක් කොළඹ ගිහින් නෝනව බලලා ආවා..”


    “ඊට පස්සෙ..?”


    “නෝනා කොළඹ නතර වෙලා ළමයි නැති එකට දිගටම බේත් කලා.. ඊට පස්සෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ආපු පණිවිඩේට තමයි ජයරත්න මහත්තයා කොළඹ නවතින්න ගියේ..”


    “එතකොට මෙහේ ජොබ් එක..?”


    ඒ ප්‍රශ්නෙ ආවෙ රොහාන්ගෙන්.. ඕකට උත්තරේ ඊයෙ මං අන්කල්ගෙන් අහගත්තනේ..


    “කොළඹ ඉදලා නිතර මෙහෙ යන්න එන්න අමාරු නිසා සන්ධනායක මහත්තයා ජයරත්න මහත්තයව කොළඹ බිස්නස් බලාගන්න යැව්වා..”


    හැමෝම අහගෙන හිටියෙ කතන්දරයක් අහනව වගේ.. ඒත් මගේ හිතනං කිව්වෙ අප්පුහාමි අන්කල් දැන දැනම මොකක් හරි හංගනවා කියලා..


    ඔය කියන විදියට අම්මට හම්බඋන ළඹයා තමයි මම.. ඒත් මට පස්සෙ මල්ලිත් ඉන්නවනේ.. යන්න ගිය ගමන අතරමග දාලා මට හැරිලා කාමරේට යන්න ඕන උනා.. ඒත් මේ වෙද්දි අපි වත්තෙ ගොඩක් දුර පහළට ඇවිත් හිටියෙ..


    “මචං මං පටස් ගාලා හාවෙක් අල්ලන් එන්නං..”


    එහෙම කියලා පබසර ඈතට යන්න හැදුවා.. පාරමී මගේ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..


    “මෙහේ හාවො නෑ බේබි..”


    “ඉන්නවා අන්කල් ඉන්නවා..”


    අප්පුහාමි අන්කල් කියන්න කියන්නම පබයා හිනාවෙවී ගියා.. ඌ අල්ලන්න යන හාවා මොකාද කියලා මමයි රොහානුයි දෙන්නම දන්නවා.. ඉතිං ඌ එනකල් අපි කට්ටිය ලොකු කළුගල් ගොඩක් තිබුණ තැන වාඩි උනා..


    “අයියෝ මාව තුවාල වෙලා..”


    පාරමීගෙ සද්දෙට අපි තුන්දෙනා එක සැරේට එයා ළගට ගියා.. ත්‍රී ක්වාටර් කලිසමක් ඇදන් හිටපු කෙල්ලගෙ සුදු කකුල දිගේ ලේ පාරක් ගලාගෙන යනවා.. මෙච්චර ලේ එන්න තුවාල වෙලත් මෙයාට දැනුනෙ නැත්තෙ ඇයි..?


    “බේබි ඔය තුවාල වෙලා නෙමෙයි කූඩැල්ලෙක් කාලා..”


    ඒ කතාවට පාරමීගෙ කට තිත්ත බෙහෙත් බීපු පුංචි එකෙක් වගේ ඇදවෙලා ගියා.. පව් කෙල්ල හොදටම බය වෙලා.. නිලූ පාරමීගෙ ඉස්සරහ දණ ගහගෙන එයාගෙ කලිසමේ කකුල දණහිස් හරියට විතර එනකල් නැව්වා.. එතකොටම කකුලෙ ඇලිලා හිටපු ජිල් බෝලයක් විතර කූඩැල්ලෙක් බිමට වැටුණා.. දොස්තර නෝනා වගේ ගේමට බැස්සට මොකද කූඩැල්ලව දැක්කා විතරයි නිලූත් පිටිපස්සට පැන්නා..


    “අර පහළ දොළ පාරට ගිහින් කකුල ටිකක් තෙමාගත්තම ඕක හරියයි..”


    “අනේ තව නං කොහේවත් යන්න බෑ.. අපි ගෙදර යං..”


    පාරමීගෙ කතාව අනුමත කරන්න වගේ නිලූත් ඔළුව වැනුවා.. බලන් යද්දි කෙල්ලො කූඩැල්ලොන්ට පුදුම බයක්නෙ තියෙන්නෙ.. මේ පොඩි කූඩැල්ලෙක් දැක්කා විතරයි ගමනත් එපා වෙලා..


    “මොකද මේ සබා තොමෝ විසිර යන්න හදන්නෙ..? මොකක්ද අවුල..?”


    හාවා අල්ලන්න ගිය පබයා හාවා නැතුව හිස් අතින්ම ඇවිත් ඇහුවා.. කෙල්ලො දෙන්නගෙ මූණූ දැකලා මූ හිතන්න ඇති හෙන කේස් එක්ක කියලා..


    “අවුල මෙන්න මූ..”


    මං බිම හිටපු කූඩැල්ලව පෙන්නුවා..


    “ෂා.. ගති මචං.. තව හත් අටදෙනෙක් අහුල ගත්තනං තෙල් පොඩ්ඩක් දාලා ලාවට බැදලා හවස බයිට් එකට ගන්න පුළුවං..”


    මූ කිව්වොත් කියන්නෙ ඔය වගේ පජාත කතාවක් තමයි.. පාරමියි නිලුයි දෙන්නා ඊ..යා.. කියලා පබසරට රැව්වා..


    “අප්පුහාමි අන්කල් මෙහේ සුදුවා නැද්ද..? අපිට ඕනෙ ගහේ ෆෙෂ් බඩු..”


    බයිට් එක මතක් උනා විතරයි මේ යකාට සුදුවා ඕන වෙලා..


    “අපොයි අපොයි.. බේබිලට ඕවා දීලා ලොකු මහත්තයා මට සෝලි තියයි..”


    “පිස්සුද අන්කල්.. කවුද කියන්නෙ අන්කල් දුන්නා කියලා.. මේ සීතලේ රා කට්ටක් ගහන්න තියෙනවනං කොච්චර ආතල්ද..?”


    “අනේ මේ පබසර.. ඔයාගෙ ඔය රා කට්ට ගැහිල්ල පැත්තක තියලා අපි ආපහු යං.. මේ ළමයා හොදටම බයවෙලා ඉන්නෙ..”


    නිලූ දෝස්මුරේ දාලා මැද්දට පැනපු විදියෙන් මට තේරුණේ පාමීට වඩා නිලූ බයවෙලා කියලා.. ස්ත්‍රී පරාන දෙක මග හලලා අපි තුන්දෙනා විතරක් ඇවිදලා වැඩක් නැති නිසා හැමෝම හරිලා ආයෙම බංගලාවට ගියා..


    “මොකෝ මේ..? ඇවිදලා ඉවරද..?”


    අපිව දැකලා සන්ධනායක අන්කල් අහද්දිම පාරමී ලොකු දෙයක් වෙලා වගේ එයාගෙ කකුල පෙන්නුවා..


    “ආ.. ඔය කූඩැල්ලෙක් කාලා නේද..?”


    අන්කල් සත පහකට ගණන් ගන්නෙ නැතුව ඒක අහපු තාලෙට පාරමීට ඩෝං ගිහින්.. අපි කට්ටියට හිනා..


    “ඔය පුංචි කූඩැල්ලන්ට බයේ නං මෙහෙ ඉන්න බෑ.. වැස්ස කාලෙට හැමතැනම උන් ඉන්නවා..”


    ඒ පාර පාමරී නිලූවත් ඇදගෙන ඇතුළට ගියා..


    “පුතා හවස මොනවද කරන්න ප්ලෑන් කලේ..?”


    අපි විශේෂ මුකුත් ප්ලෑන් කලේ නැති උනාට පබසරනං ප්ලෑන් කලේ කූඩැල්ලො බයිට් එකත් එක්ක සුදුවා ගහන්න.. ඒත් ඉතිං මේ මනුස්සයට ඒක කටක් ඇරලා කියන්න පුළුවන්ද..?


    “හවස අපි වැව පැත්තෙ යං.. බෝට් රයිඩ් එකක් එහෙම ගිහින් අස්සයගෙ පිටේ රවුමක් දාලා එන්න පුළුවං..”


    “එළනෙ..”


    අන්කල්ගෙ කතාව ඉවර වෙද්දිම පබයට එකපාරම කියවුණා..


    “එහෙනං හවස යන්න රෙඩි වෙන්න..”


    ගේ ඇතුලෙ බැලුවට පාරමීලා පේන්න නෑ.. එයාලා ලයිසම්මා එක්ක කුස්සියෙ වෙන්න ඇති.. මං, පබයයි, රොහානුයි එක්ක මගේ කාමරේට ආවා..


    “උඹලගෙ අන්කල් කාරයා මාර ඩයල් එකක්නේ බං.. මාර සැලකිල්ලක් තියෙන්නෙ..”


    රොහාන් එහෙම කියන ගමන් ඇදෙන් වාඩි උනා..


    “ඒක නෙමෙයි මචං.. කෙල්ලගෙන් තාම වචනයක් ගත්තෙ නැද්ද..?”


    මම බොහොම අමාරුවෙන් හංගන්න හදපු දේ රොහානයා ඇදලා ගත්තා.. උන්ට බොරු කිව්වා කියලා මට ලැබෙන සෙතක් නෑනෙ..


    “කෙල්ල මට කැමතියි මචං.. ඒක මට ෂුවර්..”


    “උඹ ඔය ටික කලිනුත් කිව්වනේ.. මං අහන්නෙ ඇහුවද කියලා..?”


    ඇත්තටම මං පාරමීගෙන් මුකුත් ඇහුවෙ නෑනෙ.. දැන් මොකක්ද දෙන උත්තරේ.. ඊයෙ රෑ වෙච්ච සීන් එක කිව්වොත් කිසි ගතියක් නෑ..


    “ඩිරෙක්ට් ඇහුවෙ නෑ බං.. ඒත් එයා මට කැමතියි කියලා මං දැනගත්තා.. දැන් ගේම ගොඩ..”


    ඇත්තනේ ඉතිං.. පාරමී මට ආදරේ නැත්තං අර විදියට මගේ පපුවට තුරුල් වෙලා ඉදියිද..?


    “රයිට් මචං.. උඹේ පැත්තෙනුත් අවුලක් නෑනෙ.. දැන් ගෙවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙයං.. මට වෙච්ච ප්‍රශ්න උඹලා දෙන්නම දන්නවනේ..”


    රොහාන්, පබයගෙයි, මගෙයි දෙන්නගෙම මූණු දෙක බලලා සීරියස් පිට කිව්වා.. සල්ලිකාරයෝ උන නිලූලගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ රොහාන්ට අකමැති උනේ මූ ටිකක් දුප්පත් පවුලක කොල්ලෙක් උන නිසා..


    “මට මෙහෙම දෙයක් හිතෙනව බං.. උඹලගෙ අන්කල් කාරයා ඔය අප්පුහාමි කියන මනුස්සයව උඹලගෙ ගාඩ් එකට දාලා කියලා.. ඒ මිනිහා කොයි වෙලාවෙත් පාරමී ගැන ඇහැ ගහගෙන ඉන්නෙ..”


    මගේ හිතට ආපු සැකේම කිසි අඩුවක් නැතුව පබසරගෙ හිතටත් ඇවිත් තිබුණා.. ඌ මේ ටිකට ඒකත් නෝට් කරලා.. කොහොමත් ඊයෙ ආපු වෙලාවෙ ඉදලම අප්පුහාමි අන්කල් හිටියෙ අපි ළගින්මනේ..


    “මටත් ඕක ඊයෙම හිතුනා බං.. මේ මිනිහා මටයි පාරමීටයි තනිවෙන්න චාන්ස් එකක් දුන්නෙම නෑ..”


    “අපි හිතනවට වඩා සන්ධනායක අන්කල්ගෙ ජීවිතේට ඔය මිනිහා සමීපයි.. සමහර විට ඒක ඇතුලෙ අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවං..”


    රොහාන් ඒක කියද්දි මට හිතුනෙ අපි තුන්දෙනා අදහස් අතින් ගත්තම කොයි තරම් සමාන මට්ටමකද ඉන්නෙ කියනෙක.. හැමෝටම හිතෙන්නෙ එකම විධියට.. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම අපි තුන්දෙනා මීටර් තුනක් විදියට ෆේමස් වෙලා හිටියෙ..


    “උඹලා දේනනා කියන සේරම ඇත්ත වෙන්න ඇති කියලා මටත් දැනෙනවා.. ඒ වගේම රොහාන් උඹ ඔය කියන නොදන්න කතාව ඇතුලෙ මමත් ප්‍රධාන චරිතයක් වෙන්න පුළුවං..”


    “වෙන්න පුළුවං නෙමෙයි ඒක ෂුවර්..”


    “පාරමී මේ දේවල් දන්නවා වෙන්න බැරිද..?”



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ පාර පබසර ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්.. ඒත් පාරමී ගෙදරින් දුරස් වෙලා හැදුන නිසා වැඩිය විස්තර දැනගෙන ඉන්න විදියක් නෑ..

    “කෙල්ල මුකුත් දන්නවා කියලා මට නම් හිතන්න අමාරුයි මචං..”


    “ඕකේ.. ඕකේ.. මේ කිසි දෙයක් පාරමීටවත් නිලූටවත් කියන්න ඕනෙ නෑ.. අපි හොයලා බලමු..”


    මේ කතාවල් වලින් මගේ හිතට ආවෙ පුදුම නොසන්සුන්කමක්.. පාරමීගෙ ආදරේ ලබන්න පටන් ගත්තා විතරයි මේ වෙන්න යන්නෙ මොනවද මංදා..


    “ඔයාලට කන්න අදහසක් එහෙම නැද්ද..?”


    නිලූ අපි හිටපු කාමරේට එබිලා අහද්දියි මං නිකමට වගේ වෙලාව බැලුවෙ.. දෙයියනේ හොදටම දවල් වෙලා..


    “කමු කමු මචං.. හවස රවුමක් දාන්නත් යන්න එපැයි..”


    අපි තුන්දෙනා කෑමට යද්දි අන්කලුයි, ආන්ටියි දෙන්නත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා.. අපේ කෙල්ලො දෙන්නත් ඉන්දවගෙන අපි බැට් කරන්න පටන් ගත්තා.. පාරමී බත් එක අන අන හිටියට ඒ ඇස් දෙක තිබුණෙ මගේ මූණෙ.. ඊයෙයි අදයි බලද්දි අපි දෙන්නා පුදුම විදියට දුරස් වෙලා වගේ දැනෙනවා.. කොහොමත් මේකට පුරුදු වෙන්න වෙයි.. නැත්තං ගෙදර ගිහින් තනියම ඉන්නෙ කොහොමද..?


    “නිලූ දූගෙ අලුත් ජීවිතේ කොහොමද..?”


    නිල්මිණී ආන්ටි එක පාරටම කතාවක් පටන් ගත්තා.. නිලූ නිල්මිණී ආන්ටිලට දුරින් නෑයොවෙනවා කියලා පාරමී කිව්වනේ..


    “අපි ගොඩක් සතුටින් ඉන්නවා ආන්ටි.. ඒත් අපේ අම්මලා වෙඩින් එකට පස්සෙ තාම අපේ ගෙදර ආවෙ නෑ..”


    ඒක කියද්දි නිලූගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. අපි හැමෝම එයා දිහා බැලුවෙ ගොඩක් දුකෙන්..


    “දුව ඔයාගෙ නෑදෑයො හිතන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිම විතරයි කියලා.. ඒත් මහා ලොකුවට සල්ලි නැති උනාට ඔයාලා සතුටින් ඉන්නවනේ.. ඒ සතුට ඔයාගෙ අම්මලා ළග නෑ..”


    සන්ධනායක අන්කල් ඒක කිව්වෙ නිල්මිණී ඇන්ටිගෙ මූණ බලාගෙන..


    “අද ඔයා ඉන්න තැන තමයි එදා මම හිටියෙ.. අපේ පවුල් වල අය මිනිස්සු මැන්නෙ දේපල ඉඩකඩම් වලින්.. මං අන්කල්ව බදිද්දි එයාට කියලා කිසිම දෙයක් තිබුණෙ නෑ.. අන්කල් එයාගෙ තාත්තා යටතෙ මේ වත්තෙ වැඩ කලා විතරයි.. මාව අපේ පවුලෙන්ම අයින් කරලා දැම්මා.. ඒත්..


    අද අපේ පවුලෙ කාටවත්ම කිට්ටු වෙන්න බැරි තැනකට අපි දෙන්නා ඇවිත් ඉන්නවා.. ඒ වගේම අපේ ජීවිත වල සතුට අදටත් තියෙනවා..”


    නිල්මිණී ආන්ටි අන්කල්ගෙ කතාවෙ අඩුව සම්පූර්ණ කලා.. අපි නොදන්නවා උනාට ඉස්සර අන්කල්ලා ගොඩක් දුක් විදින්න ඇති.. ඒත් දැන් එයාලා ජීවිතෙ දිනලා..


    “ඔයාගෙ අම්මලට පේන්නම ඔයාලා දියුණු වෙන්න.. මම ඕනම උදව්වක් කරනම්.. රොහාන් පුතා මම මීට අවුරුදු විසි ගානකට කලින් සුළුවෙන් පටන් ගත්ත බිස්නස් වලින් තමයි මේ තරම් දුර ආවේ.. අපේ තාත්තට මේ තේ වත්තෙන් පොඩි ප්‍රමාණයක් විතරයි අයිති වෙලා තිබුණෙ.. ඒත් මං දෙපැත්තෙම හිටපු මිනිස්සුන්ගෙන් තව අක්කර ගානක් සල්ලි දීලා ගත්තා..”


    අපි මෙතෙන්ට ආවෙ කෑම කන්න කියන එක මේ වෙද්දි කාට කාටත් අමතක වෙලා තිබුණා.. හැමෝම හිටියෙ සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ වෙනම ලෝකයක.. ඒත් මේක සුරංගනා කතාවක් නෙමෙයි.. තමන්ගෙ උත්සාහයෙන් ජීවිතේ දිනපු ආදරණිය යුවලකගේ ජීවිත කතාවක්.. ඒ කතාව ඇතුලෙ අපි නොදන්න ගොඩක් දේවල් වගේම අපිට ආදර්ශෙට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා..


    “මට ජීවිතේ වැරදුනේ එක තැනකදි විතරයි.. ඒත් ඒ වරද මං හදා ගත්තා..”


    ඒත් ඒ වරද මොකක්ද කියලා අපිට කිව්වෙ නෑ.. හැමෝම තනි තනියම කල්පනා කලා මිසක් ඒ ගැන අහන්න ගියෙත් නෑ.. ආන්ටියි, අන්කලුයි කියපු දේවල් වලින් නිලූගෙ හිත හැදුනා කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා..


    “දැන් ඔවා හිතන්නෙ නැතුව ඔයාලා කෑම කන්න..”


    කට්ටිය එකසිය ගානට කල්පනා කරනව දැකලා නිල්මිණි ආන්ටි කිව්වා.. අනිත් අය පාඩුවෙ කෑවට මගේ හිත කැරකුනේ වෙනම ලෝකෙක.. සන්ධනායක අනකල් කියපු විදියට එයා කවදාවත් පාරමීව සල්ලිකාරයෙක්ට බන්දලා දෙන්න හිතන එකක් නෑ.. එක අතකට ඒකත් හිතට ලොකු සැනසීමක්.. මං නිකමට වගේ පාරමී දිහා බැරිලා බලද්දි කෙල්ලගෙ ලස්සන බෝල ඇස් දෙකට කදුළු පිරිලා..


    කාලා බීලා ඉවර වෙලා හවස නිලූලා කට්ලට් හදන්න පටන් ගත්තා.. කොහොමත් ඇවිදින්න යනවනං හපන්න දෙයක් තියෙන එක මරු.. අපි ෂෝටවල්, ටී ෂර්ට් දාලා කැප් දාගෙන රෙඩි වෙලා මිදුලෙ පුටු තියාගෙන කතා කර කර හිටියා..


    “ගිම්හාන පුතා.. ඔයාට ගෙදරින් කෝල් එකක්..”


    නිල්මිණී ආන්ටිගෙ සද්දෙට මට පුදුම හිතුනා.. අපේ ගෙදර මිනිස්සු මොකටද බංගලාවෙ ෆෝන් එකට ගන්නෙ.. මගේ මොබයිල් නම්බර් එක දන්නෙ නැතුවයෑ.. කොයි එකටත් මං අඩියට දෙකට ෆෝන් එක ළගට යද්දි සන්ධනායක අන්කල් ෆෝන් එකෙන් කතාව.. එයා මගේ මූණ දිහා අමුතු විදියට බලලා රිසිවර් එක මගේ අතට දුන්නා.. ලයින් එකේ හිටියෙ අපේ තාත්තා..


    “ඇයි තාත්තා හදිස්සියක්ද..?”


    “නෑ.. මේ පුතා මොකක් හරි වැඩකද හිටියෙ..?”


    තාත්තගෙ කටහඩ වෙව්ලනවා වගේ මොකක්දෝ වෙනසක් මට දැණුනා.. එයා ලේසියෙන් කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙමෙයි.. ඒත් ඇයි මේ..


    “පුතා මල්ලිට ටිකක් අසනීපයි.. අද ප්‍රැක්ටිස් වලට ගිහින් එද්දි කලන්තයක් හැදිලා..”


    “කෝ දැන් මල්ලි..?”


    “හොස්පිට්ල් එකේ..”


    එහෙනං වැඩේ සීරියස් පාටයි.. අපේ මල්ලිකාරයා කලන්තයක් තියා පොල්ලකින් ගැහුවත් ලේසියෙන් වැටෙන එකෙක් නෙමෙයි..


    “කොයි වෙලාවෙද වෙලා තියෙන්නෙ..? දැන් කොහොමද එයාට..?”


    මගේ කලබල වෙච්ච කටහඩ ඇහිලා කට්ටියම ඇවිත් මාව වටකරගෙන..


    “උදේමලු වෙලා තියෙන්නෙ.. ළමයි වතුර ගහලා සිහිය අරන්.. ඊට පස්සෙ ගෙදර ගේන්න හදද්දි ආපහු සිහිය නැතිවෙලා.. තාම සිහිය නෑලු..”


    ඔය සිද්ධිය උනේ උදේ නං දැන් වෙලාව එක්ක බලද්දි මල්ලිට සිහිය නැගි වෙලා පැය ගාණක් වෙනවා.. ඒත් ඇයි තාම සිහිය ඇවිත් නැත්තෙ..? ඔය දේවල් ෆෝන් එකෙන් අහලා වැඩක් නෑ.. දැන්මම මෙහෙන් ගියානං කෙලින්ම හොස්පිට්ල් එකට යන්න පුළුවන්..


    “හරි.. තාත්තා කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ කියන්න.. මං දැන්මම මෙහෙන් පිටත් වෙනවා..”


    “නවලෝකෙ ඉන්නෙ.. පුතා කලබල වෙන්න එපා.. පරිස්සමට එන්න..”


    කෝල් එක ඉවර වේදදි පබයා ඇවිත් මගේ උරහිසට අත තියලා අල්ල ගත්තා..


    “අවුලක් නෑ මචං.. අපි යං..”


    විස්තර කිසිදෙයක් අහන්නෙ නැතුව ඌ එහෙම කියද්දි මට ඇත්තටම පුදුම හිතුනා.. ඊයෙ රෑ ඉදලා වාහනේ ඩ්‍රයිව් කරලා මෙහෙ ආවෙ අද උදේ.. දැන් ආපහු යමු කියනවා.. නියම යාළුවො කියන්නෙ මේ වගේ මනුස්සකං දන්න එවුන්ට වෙන්න ඇති..


    “ඇයි අයියා මොකක්ද වෙලා තියෙන්නෙ..?”


    කට්ටිය ඉස්සරහ පළවෙනි පාරට පාරමී මගෙත් එක්ක කතා කලා.. කෙල්ල දවස් ගානක් නතර වෙන්න සන්ධනායක අන්කල්ව කැමති කරව ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඒ නිසා එයාලා හැමෝවම අරන් යන එක හොද දෙයක් නෙමෙයි..


    “මට ආපහු යන්න වෙලා බබා.. අපේ මල්ලි හොස්පිට්ල් එකේලු..”


    අනේ.. ඒක කිව්වා විතරයි සුදු මූණ ලොකු දුකකින් වැහිලා ගියා..


    “මචං තරහා නැතුව කා එක දීපං.. උඹලට ඉදලා අන්කල්ලගෙ වෑන් එකේ එන්න පුළුවන්නෙ..”


    පබසර දිහා බලලා මං ඒක කියද්දි ඌට මල පැන්නා..


    “පුතා ඔයා තනියම යන්න එපා.. අපිත් එනවා ඔයා එක්කම..”


    අන්කල් එහෙම කිව්වට මේ ආපු දවසෙම නිලූලව හරවන් යන එක හරි නෑනෙ..


    “නෑ අන්කල් මේ හදිස්සියෙ සේරම බඩු ලෑස්ති කරගෙන කට්ටියම යන්න ගියොත් අප්සට්.. අනික ගිම්හාන්ව තනියම යවන්නත් බෑනෙ.. ඔයාලා ඉදලා හෙට උදේ එන්න.. මං දැන් කා එකේ ගිම්හාන්ව අරන් යන්නං..”


    පබසර පටස් ගාලා උගේ තීන්දුව දුන්නා විතරයි දැන් කරන්න තියන හොදම දේ ඒක තමයි කියලා සන්ධනායක අන්කල් ඒක අනුමත කලා.. ඊයෙ රෑ මගේ ජීවිතේට ළං කරගත්තු රෝස මල තනියම දාලා අද මට යන්න වෙනවා.. මල්ලි නිසා කොහොමවත් නොගිහින් බෑ..


    මමයි, පබසරයි කාමරේ ඇදුම් ලෑස්ති කරද්දි පාරමී මූණ රතු කරගෙන කාමරේට ආවා.. එයා මගේ දිහා දුකෙන් බලන් ඉද්දි පබසර හැදුවෙ කාමරෙන් එළියට යන්න.. ඒත් අන්කල් එන්න පුළුවන් නිසා මං ඌව නතර කරගත්තා.. පාරමී මගේ ළගටම ඇවිත් බිම බලාගෙන හිට ගනිද්දි මං එයාගෙ අත් දෙනෙක්ම අල්ල ගත්තා..


    “මේ අහන්න වස්තුවෙ.. අපේ මල්ලි නිසා මට යන්නම වෙනවා.. ඔයාට තේරෙනවා නේද..?”


    කෙල්ල ඔව් කියන්න වගේ ඔළුව උඩටයි පහලටයි වැනුවා.. ඒත් එයා ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං හොදටම දන්නවා.. පබසර දිහයි දොර දිහයි බලලා මම පාරමීව හෙමීට ළගට අරන් එයාගෙ නළලට කිස් එකක් දුන්නා..


    “හරි නේද මචං.. එහෙනං ඉක්මනට යමු..”


    පබසර ගෙනාපු බෑග් එක කරට දාගෙන ඉස්සර උනා.. සන්ධනායක අන්කල් කාමරේට ආවෙ ඒ වෙලාවෙමයි.. හොද වෙලාවට මම හිටියෙ බෑග් එක ගන්න අනිත් පැත්ත හැරිලා..


    “පුතා ගිය ගමන් මේක ජයේට දෙන්න මං දුන්නා කියලා..”


    අන්කල් දුඹුරු පාට ලියුම් කවරයක් මගේ අතට දුන්නා.. එයා කියලා කියන්නවත් විදියක් නෑ.. ඒක මට දීපු දෙයක් නෙමෙයිනෙ.. එයාගෙ යාළුවට දීපු දෙයක්නෙ.. ඒ නිසා ලියුම් කවරෙ සාක්කුවෙ දාගෙන මං පාරමී එක්ක සාලෙට ආවා.. ඒ වෙද්දි පබසර කා එක ස්ටාට් කරගෙනත් ඉවරයි..


    කට්ටිය බලන් ඉද්දිම මං දුවලා ගිහින් ඒකට නැග්ගා.. හැමෝටම හොරෙන් මහපටැගිල්ලයි සුලැගිල්ලයි දික් කරලා පාරමී ගිහින් කෝල් කරන්න කියන පණිවිඩේ මට දුන්නා.. එයාට හා කියලා ඔළුවන් කියන ගමන් මං ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව තියාගත්තා.. ඒ අතරෙ පබසර කා එක වත්තෙන් එළියට අරගෙන ඌ පුළුවන් උපරිම වේගෙන් ඩ්‍රයිව් කරනවා මට දැනුනා..


    “මචං උඹ නිදිද..?”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ පාර පබසර ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්.. ඒත් පාරමී ගෙදරින් දුරස් වෙලා හැදුන නිසා වැඩිය විස්තර දැනගෙන ඉන්න විදියක් නෑ..

    “කෙල්ල මුකුත් දන්නවා කියලා මට නම් හිතන්න අමාරුයි මචං..”


    “ඕකේ.. ඕකේ.. මේ කිසි දෙයක් පාරමීටවත් නිලූටවත් කියන්න ඕනෙ නෑ.. අපි හොයලා බලමු..”


    මේ කතාවල් වලින් මගේ හිතට ආවෙ පුදුම නොසන්සුන්කමක්.. පාරමීගෙ ආදරේ ලබන්න පටන් ගත්තා විතරයි මේ වෙන්න යන්නෙ මොනවද මංදා..


    “ඔයාලට කන්න අදහසක් එහෙම නැද්ද..?”


    නිලූ අපි හිටපු කාමරේට එබිලා අහද්දියි මං නිකමට වගේ වෙලාව බැලුවෙ.. දෙයියනේ හොදටම දවල් වෙලා..


    “කමු කමු මචං.. හවස රවුමක් දාන්නත් යන්න එපැයි..”


    අපි තුන්දෙනා කෑමට යද්දි අන්කලුයි, ආන්ටියි දෙන්නත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා.. අපේ කෙල්ලො දෙන්නත් ඉන්දවගෙන අපි බැට් කරන්න පටන් ගත්තා.. පාරමී බත් එක අන අන හිටියට ඒ ඇස් දෙක තිබුණෙ මගේ මූණෙ.. ඊයෙයි අදයි බලද්දි අපි දෙන්නා පුදුම විදියට දුරස් වෙලා වගේ දැනෙනවා.. කොහොමත් මේකට පුරුදු වෙන්න වෙයි.. නැත්තං ගෙදර ගිහින් තනියම ඉන්නෙ කොහොමද..?


    “නිලූ දූගෙ අලුත් ජීවිතේ කොහොමද..?”


    නිල්මිණී ආන්ටි එක පාරටම කතාවක් පටන් ගත්තා.. නිලූ නිල්මිණී ආන්ටිලට දුරින් නෑයොවෙනවා කියලා පාරමී කිව්වනේ..


    “අපි ගොඩක් සතුටින් ඉන්නවා ආන්ටි.. ඒත් අපේ අම්මලා වෙඩින් එකට පස්සෙ තාම අපේ ගෙදර ආවෙ නෑ..”


    ඒක කියද්දි නිලූගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. අපි හැමෝම එයා දිහා බැලුවෙ ගොඩක් දුකෙන්..


    “දුව ඔයාගෙ නෑදෑයො හිතන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිම විතරයි කියලා.. ඒත් මහා ලොකුවට සල්ලි නැති උනාට ඔයාලා සතුටින් ඉන්නවනේ.. ඒ සතුට ඔයාගෙ අම්මලා ළග නෑ..”


    සන්ධනායක අන්කල් ඒක කිව්වෙ නිල්මිණී ඇන්ටිගෙ මූණ බලාගෙන..


    “අද ඔයා ඉන්න තැන තමයි එදා මම හිටියෙ.. අපේ පවුල් වල අය මිනිස්සු මැන්නෙ දේපල ඉඩකඩම් වලින්.. මං අන්කල්ව බදිද්දි එයාට කියලා කිසිම දෙයක් තිබුණෙ නෑ.. අන්කල් එයාගෙ තාත්තා යටතෙ මේ වත්තෙ වැඩ කලා විතරයි.. මාව අපේ පවුලෙන්ම අයින් කරලා දැම්මා.. ඒත්..


    අද අපේ පවුලෙ කාටවත්ම කිට්ටු වෙන්න බැරි තැනකට අපි දෙන්නා ඇවිත් ඉන්නවා.. ඒ වගේම අපේ ජීවිත වල සතුට අදටත් තියෙනවා..”


    නිල්මිණී ආන්ටි අන්කල්ගෙ කතාවෙ අඩුව සම්පූර්ණ කලා.. අපි නොදන්නවා උනාට ඉස්සර අන්කල්ලා ගොඩක් දුක් විදින්න ඇති.. ඒත් දැන් එයාලා ජීවිතෙ දිනලා..


    “ඔයාගෙ අම්මලට පේන්නම ඔයාලා දියුණු වෙන්න.. මම ඕනම උදව්වක් කරනම්.. රොහාන් පුතා මම මීට අවුරුදු විසි ගානකට කලින් සුළුවෙන් පටන් ගත්ත බිස්නස් වලින් තමයි මේ තරම් දුර ආවේ.. අපේ තාත්තට මේ තේ වත්තෙන් පොඩි ප්‍රමාණයක් විතරයි අයිති වෙලා තිබුණෙ.. ඒත් මං දෙපැත්තෙම හිටපු මිනිස්සුන්ගෙන් තව අක්කර ගානක් සල්ලි දීලා ගත්තා..”


    අපි මෙතෙන්ට ආවෙ කෑම කන්න කියන එක මේ වෙද්දි කාට කාටත් අමතක වෙලා තිබුණා.. හැමෝම හිටියෙ සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ වෙනම ලෝකයක.. ඒත් මේක සුරංගනා කතාවක් නෙමෙයි.. තමන්ගෙ උත්සාහයෙන් ජීවිතේ දිනපු ආදරණිය යුවලකගේ ජීවිත කතාවක්.. ඒ කතාව ඇතුලෙ අපි නොදන්න ගොඩක් දේවල් වගේම අපිට ආදර්ශෙට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා..


    “මට ජීවිතේ වැරදුනේ එක තැනකදි විතරයි.. ඒත් ඒ වරද මං හදා ගත්තා..”


    ඒත් ඒ වරද මොකක්ද කියලා අපිට කිව්වෙ නෑ.. හැමෝම තනි තනියම කල්පනා කලා මිසක් ඒ ගැන අහන්න ගියෙත් නෑ.. ආන්ටියි, අන්කලුයි කියපු දේවල් වලින් නිලූගෙ හිත හැදුනා කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා..


    “දැන් ඔවා හිතන්නෙ නැතුව ඔයාලා කෑම කන්න..”


    කට්ටිය එකසිය ගානට කල්පනා කරනව දැකලා නිල්මිණි ආන්ටි කිව්වා.. අනිත් අය පාඩුවෙ කෑවට මගේ හිත කැරකුනේ වෙනම ලෝකෙක.. සන්ධනායක අනකල් කියපු විදියට එයා කවදාවත් පාරමීව සල්ලිකාරයෙක්ට බන්දලා දෙන්න හිතන එකක් නෑ.. එක අතකට ඒකත් හිතට ලොකු සැනසීමක්.. මං නිකමට වගේ පාරමී දිහා බැරිලා බලද්දි කෙල්ලගෙ ලස්සන බෝල ඇස් දෙකට කදුළු පිරිලා..


    කාලා බීලා ඉවර වෙලා හවස නිලූලා කට්ලට් හදන්න පටන් ගත්තා.. කොහොමත් ඇවිදින්න යනවනං හපන්න දෙයක් තියෙන එක මරු.. අපි ෂෝටවල්, ටී ෂර්ට් දාලා කැප් දාගෙන රෙඩි වෙලා මිදුලෙ පුටු තියාගෙන කතා කර කර හිටියා..


    “ගිම්හාන පුතා.. ඔයාට ගෙදරින් කෝල් එකක්..”


    නිල්මිණී ආන්ටිගෙ සද්දෙට මට පුදුම හිතුනා.. අපේ ගෙදර මිනිස්සු මොකටද බංගලාවෙ ෆෝන් එකට ගන්නෙ.. මගේ මොබයිල් නම්බර් එක දන්නෙ නැතුවයෑ.. කොයි එකටත් මං අඩියට දෙකට ෆෝන් එක ළගට යද්දි සන්ධනායක අන්කල් ෆෝන් එකෙන් කතාව.. එයා මගේ මූණ දිහා අමුතු විදියට බලලා රිසිවර් එක මගේ අතට දුන්නා.. ලයින් එකේ හිටියෙ අපේ තාත්තා..


    “ඇයි තාත්තා හදිස්සියක්ද..?”


    “නෑ.. මේ පුතා මොකක් හරි වැඩකද හිටියෙ..?”


    තාත්තගෙ කටහඩ වෙව්ලනවා වගේ මොකක්දෝ වෙනසක් මට දැණුනා.. එයා ලේසියෙන් කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙමෙයි.. ඒත් ඇයි මේ..


    “පුතා මල්ලිට ටිකක් අසනීපයි.. අද ප්‍රැක්ටිස් වලට ගිහින් එද්දි කලන්තයක් හැදිලා..”


    “කෝ දැන් මල්ලි..?”


    “හොස්පිට්ල් එකේ..”


    එහෙනං වැඩේ සීරියස් පාටයි.. අපේ මල්ලිකාරයා කලන්තයක් තියා පොල්ලකින් ගැහුවත් ලේසියෙන් වැටෙන එකෙක් නෙමෙයි..


    “කොයි වෙලාවෙද වෙලා තියෙන්නෙ..? දැන් කොහොමද එයාට..?”


    මගේ කලබල වෙච්ච කටහඩ ඇහිලා කට්ටියම ඇවිත් මාව වටකරගෙන..


    “උදේමලු වෙලා තියෙන්නෙ.. ළමයි වතුර ගහලා සිහිය අරන්.. ඊට පස්සෙ ගෙදර ගේන්න හදද්දි ආපහු සිහිය නැතිවෙලා.. තාම සිහිය නෑලු..”


    ඔය සිද්ධිය උනේ උදේ නං දැන් වෙලාව එක්ක බලද්දි මල්ලිට සිහිය නැගි වෙලා පැය ගාණක් වෙනවා.. ඒත් ඇයි තාම සිහිය ඇවිත් නැත්තෙ..? ඔය දේවල් ෆෝන් එකෙන් අහලා වැඩක් නෑ.. දැන්මම මෙහෙන් ගියානං කෙලින්ම හොස්පිට්ල් එකට යන්න පුළුවන්..


    “හරි.. තාත්තා කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ කියන්න.. මං දැන්මම මෙහෙන් පිටත් වෙනවා..”


    “නවලෝකෙ ඉන්නෙ.. පුතා කලබල වෙන්න එපා.. පරිස්සමට එන්න..”


    කෝල් එක ඉවර වේදදි පබයා ඇවිත් මගේ උරහිසට අත තියලා අල්ල ගත්තා..


    “අවුලක් නෑ මචං.. අපි යං..”


    විස්තර කිසිදෙයක් අහන්නෙ නැතුව ඌ එහෙම කියද්දි මට ඇත්තටම පුදුම හිතුනා.. ඊයෙ රෑ ඉදලා වාහනේ ඩ්‍රයිව් කරලා මෙහෙ ආවෙ අද උදේ.. දැන් ආපහු යමු කියනවා.. නියම යාළුවො කියන්නෙ මේ වගේ මනුස්සකං දන්න එවුන්ට වෙන්න ඇති..


    “ඇයි අයියා මොකක්ද වෙලා තියෙන්නෙ..?”


    කට්ටිය ඉස්සරහ පළවෙනි පාරට පාරමී මගෙත් එක්ක කතා කලා.. කෙල්ල දවස් ගානක් නතර වෙන්න සන්ධනායක අන්කල්ව කැමති කරව ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඒ නිසා එයාලා හැමෝවම අරන් යන එක හොද දෙයක් නෙමෙයි..


    “මට ආපහු යන්න වෙලා බබා.. අපේ මල්ලි හොස්පිට්ල් එකේලු..”


    අනේ.. ඒක කිව්වා විතරයි සුදු මූණ ලොකු දුකකින් වැහිලා ගියා..


    “මචං තරහා නැතුව කා එක දීපං.. උඹලට ඉදලා අන්කල්ලගෙ වෑන් එකේ එන්න පුළුවන්නෙ..”


    පබසර දිහා බලලා මං ඒක කියද්දි ඌට මල පැන්නා..


    “පුතා ඔයා තනියම යන්න එපා.. අපිත් එනවා ඔයා එක්කම..”


    අන්කල් එහෙම කිව්වට මේ ආපු දවසෙම නිලූලව හරවන් යන එක හරි නෑනෙ..


    “නෑ අන්කල් මේ හදිස්සියෙ සේරම බඩු ලෑස්ති කරගෙන කට්ටියම යන්න ගියොත් අප්සට්.. අනික ගිම්හාන්ව තනියම යවන්නත් බෑනෙ.. ඔයාලා ඉදලා හෙට උදේ එන්න.. මං දැන් කා එකේ ගිම්හාන්ව අරන් යන්නං..”


    පබසර පටස් ගාලා උගේ තීන්දුව දුන්නා විතරයි දැන් කරන්න තියන හොදම දේ ඒක තමයි කියලා සන්ධනායක අන්කල් ඒක අනුමත කලා.. ඊයෙ රෑ මගේ ජීවිතේට ළං කරගත්තු රෝස මල තනියම දාලා අද මට යන්න වෙනවා.. මල්ලි නිසා කොහොමවත් නොගිහින් බෑ..


    මමයි, පබසරයි කාමරේ ඇදුම් ලෑස්ති කරද්දි පාරමී මූණ රතු කරගෙන කාමරේට ආවා.. එයා මගේ දිහා දුකෙන් බලන් ඉද්දි පබසර හැදුවෙ කාමරෙන් එළියට යන්න.. ඒත් අන්කල් එන්න පුළුවන් නිසා මං ඌව නතර කරගත්තා.. පාරමී මගේ ළගටම ඇවිත් බිම බලාගෙන හිට ගනිද්දි මං එයාගෙ අත් දෙනෙක්ම අල්ල ගත්තා..


    “මේ අහන්න වස්තුවෙ.. අපේ මල්ලි නිසා මට යන්නම වෙනවා.. ඔයාට තේරෙනවා නේද..?”


    කෙල්ල ඔව් කියන්න වගේ ඔළුව උඩටයි පහලටයි වැනුවා.. ඒත් එයා ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං හොදටම දන්නවා.. පබසර දිහයි දොර දිහයි බලලා මම පාරමීව හෙමීට ළගට අරන් එයාගෙ නළලට කිස් එකක් දුන්නා..


    “හරි නේද මචං.. එහෙනං ඉක්මනට යමු..”


    පබසර ගෙනාපු බෑග් එක කරට දාගෙන ඉස්සර උනා.. සන්ධනායක අන්කල් කාමරේට ආවෙ ඒ වෙලාවෙමයි.. හොද වෙලාවට මම හිටියෙ බෑග් එක ගන්න අනිත් පැත්ත හැරිලා..


    “පුතා ගිය ගමන් මේක ජයේට දෙන්න මං දුන්නා කියලා..”


    අන්කල් දුඹුරු පාට ලියුම් කවරයක් මගේ අතට දුන්නා.. එයා කියලා කියන්නවත් විදියක් නෑ.. ඒක මට දීපු දෙයක් නෙමෙයිනෙ.. එයාගෙ යාළුවට දීපු දෙයක්නෙ.. ඒ නිසා ලියුම් කවරෙ සාක්කුවෙ දාගෙන මං පාරමී එක්ක සාලෙට ආවා.. ඒ වෙද්දි පබසර කා එක ස්ටාට් කරගෙනත් ඉවරයි..


    කට්ටිය බලන් ඉද්දිම මං දුවලා ගිහින් ඒකට නැග්ගා.. හැමෝටම හොරෙන් මහපටැගිල්ලයි සුලැගිල්ලයි දික් කරලා පාරමී ගිහින් කෝල් කරන්න කියන පණිවිඩේ මට දුන්නා.. එයාට හා කියලා ඔළුවන් කියන ගමන් මං ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව තියාගත්තා.. ඒ අතරෙ පබසර කා එක වත්තෙන් එළියට අරගෙන ඌ පුළුවන් උපරිම වේගෙන් ඩ්‍රයිව් කරනවා මට දැනුනා..


    “මචං උඹ නිදිද..?”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෑහෙන දුර ගිහින් පබසර අහද්දිත් මං හිටියෙ කල්පනා ලෝකෙක..

    “මොන නිදිද බං.. මට අපේ මල්ලි ගැන මාර බයක් දැනෙනවා.. තාත්තා කෝල් කරද්දිත් ඌට සිහිය ඇවිත් තිබුණෙ නෑලු..”


    “ඕක මහන්සියටවත් නිකං ලෙඩකටවත් වෙන්න බෑ මචං.. මට හිතෙන්නෙ ඌට වෙන අවුලක් වෙන්න ඇති..”


    පබසර කියන්නෙ මල්ලිට දරුණු ලෙඩක් තියෙනව කියලද දන්නෙ නෑ.. කොහොමත් මල්ලිට තිබුණෙ හරි කෙට්ටු ඇගක්.. ඒ ඇග ඇතුලෙ මොන මොන ලෙඩ තිබුනද මංදා..


    “මං ලංකාවෙ හිටියෙ නැති නිසා හරියටම දන්නෑ බං.. ඒත් මට හිතෙන විදියට මිනිහා සෑහෙන්න අරක්කු, සිගරට් පාවිච්චි කරලා තියෙනවා..”


    “උඹ ලංකාවෙ නොහිටපු නිසා දන්නෙ නැති උනාට, ලංකාවෙ හිටපු අපි ඔය ගැන විස්තර ගොඩක් දන්නවා.. උඹ හිතන දේවල් විතරක් නෙමෙයි ඊටත් වඩා දේවල් උඹලයි මල්ලි කරා.. කොහොමත් හිරාන් සෙට් වෙලා ඉන්න ගැන් එකත් එච්චර හොද නෑ..”


    “මට තේරෙනවා පබසර උඹ කියන දේ.. ඒත් ඌව වෙනස් කරන එක ලේසි වෙන්නෙ නෑ.. ඌ කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ.. කොටින්ම අපේ තාත්තටවත් කන්ට්‍රෝල් නෑ..”


    මගේ කතාව අහන අතරෙත් මූ හෙන හයියෙන් ස්පීඩ් කරලා යනවා.. ඉක්මනට මල්ලිව බලන්න තියෙන ඕනකම නිසා හෙමින් යං කියලා මං කිව්වෙ නෑ.. හැබැයි ඉතිං මෙහෙම ගියොත් අපිටත් මල්ලි ගාවම ඇඩ්මිට් වෙන්න වෙයිද මන්දා..


    “පව් බං උඹ එන එකට කෙල්ල හෙන අප්සට් එකේ හිටියෙ.. මං දැක්කා ඒකිගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ වෙලා තිබුණා..”


    “මටත් දුක නැතුව නෙමෙයි බං.. ඒත් ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”


    දවස් ගාණක් නතර වෙලා යමු කියලා පාරමී කොයිතරම් කිව්වත් එයා මං නැතුව එහේ ඉන්නෙ නෑ කියලා මං දන්නවා.. හෙට උදේම කට්ටියවත් ඇදගෙන ආපහු එයි..


    පිස්සට හැතැක්ම නෑ කියනවා වගේ අපි කඩාගෙන බිදගෙන එන අතරෙ තාත්තා ආපහු කෝල් කරා..


    “පුතා දැන් කොයි හරියෙද ඉන්නෙ..?”


    “දැන් තිහාරිය හරියෙ..”


    “බුදු අම්මේ.. ඔය දෙන්නා ඉගිලෙනවද..? මම කිව්වනේ පරිස්සමින් එන්න කියලා..”


    ඉතිං දෙයියනේ අපි පරිස්සමින් ආවා නේන්නම්.. මේ වෙනකල් අවුලක් ආබාධයක් උනේ නෑනෙ.. පොලිස් අන්කල් කෙනෙක් ප්ලේන්ටියක් ගහන්න කීයක් හරි ඉල්ලගන්න අත දැම්මත් පබයා එතැන නැවැත්තුවෙත් නැතුව ආවා..


    “මල්ලිට සිහිය ආවද තාත්තෙ..?”


    “තාම නෑ පුතා.. එයා අයි සී යූ එකේ ඉන්නෙ.. මල්ලිට බ්ලඩ් දෙන්න ඕනෙලු.. මං දෙන්න හැදුවට මගේ මේ ලෙඩත් එක්ක බ්ල්ඩ් ගන්නෙ නෑ..”


    “හරි අපි තව ටිකකින් එනවනේ.. ආවම මම දෙන්නම්..”


    මගේ මල්ලිව බේරගන්න ලේ එකක් නෙමෙයි බාල්දියක් උනත් දෙන්නම්කො.. අනික මට තාත්තට වගේ ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් ෂුගර් එහෙම නෑනෙ..


    “මොකක්ද බං අවුල..?”


    “මල්ලිට බ්ල්ඩ් දෙන්න ඕනෙලු..”


    “රායිට්.. තව පැය බාගෙනික් අපි එතන..”


    කොහොමත් පැය බාගෙ ඉවර වෙද්දි එක්කො අපි නවලෝකෙ.. නැත්තං ඇක්සිඩන්ට් වෝඩ් එකේ..


    “තාමත් සිහිය ඇවිත් නෑලු බං.. දැන් කොච්චර වෙලාද.. අපේ අම්මත් මේ වෙද්දි පිස්සු හැදිලා වගේ ඇති..”


    අපේ අම්මා මට කොයි තරම් ආදරේ කලත් ඊට වඩා දශමයක් හරි මල්ලිට ආදරෙයි කියලා මං දන්නවා..


    අපි ඉස්පිරිතාලෙට යද්දි රෑ වෙලා තිබුණට දවල් වගේ එතන කාර්යබහුලයි.. මම පබසරවත් ඇදගෙන අම්මලා හිටපු තැනට යද්දි මං හිතුවා වගේ අම්මා මූණ රතු කරගෙන අඩනවා..


    “තාත්තා බ්ලඩ් දෙන්න කොතනටද යන්න ඕන..?”


    “නිකම්ම දෙන්න බෑ පුතා.. එයාලා චෙක් කරලා මැච් වෙනවනං විතරයි ගන්නෙ..”


    හරි කතාවක්නෙ ඒක.. අපේ ලේ මැච් වෙන්නෙ නැත්තෙ මොකද..? ඌ මගේ මලයනේ.. මං නර්ස් කෙනෙක් ළගට ගිහින් විස්තරේ කිව්වම එයා මාව ඩොක්ටර් ළගට අරගෙන ගියා..


    “මේ පේෂන් ඔයාගෙ කවුද..?”


    “මගේ එකම මල්ලි ඩොක්ටර්..”


    “ඕකේ..! එහෙනම් මිසී මෙයාගෙ බ්ලඩ් සාම්පල් එකක් චෙක් කරන්න..”


    නර්ස් චෙක් කරන්න ලේ ගත්තට පස්සෙ මං ආපහු තාත්තලා හිටපු පැත්තට ගියා.. පබසර අපේ අම්මවයි තාත්තවයි තියාගෙන එයාලගෙ හිත හදනවා..


    “ඩොක්ටර් මොනවද කිව්වෙ තාත්තා..?”


    “ඩොක්ටර්ස්ලා තාම හරියට දෙයක් කියන්නෙ නෑ පුතා.. මට තියන බයත් ඒකමයි.. මේ ළමයා කලිනුත් දවසක ප්‍රැක්ටිස් කර කර ඉද්දි ග්‍රවුන්ඩ් එක මැද්දෙ වැටිලා තියෙනවා.. මෙයාගෙ යාළුවො ඒකත් කිව්වෙ අද තමයි..”


    “මචං ගිම්හාන.. අපි ගිහින් ටිකක් ඩොක්ටර් එක්ක කතා කරමුද../”


    පබයා මාවත් බලෙන්ම වගේ ඇදගෙන ඩොක්ටර් ගාවට ගියා..


    “ඩොක්ටර් මල්ලිට සීරියස් කේස් එකක්ද..?”


    වටින් ගොඩින් අහලා ඩොක්ටර් කෙනෙක්ගෙන් වචනයක් ගන්න බෑ කියලා දන්න නිසා පබසර පොල්ලෙන් ගැහුවා වගේ ඩෝං ගාලා ඇහුවා..


    “තාම අපිට හරියටම ඩිසිධන් එකක් ගන්න බෑ.. ඒත් මං හිතන විදියට මේක ටිකක් සීරියස් ඉෂූ එකක්.. සම්ටයිම්ස්.. ඉට්ස් සේ බී..”


    ඩෝක්ටර් ලොකු දෙයක් කියන්න හදද්දිම නර්ස් කෙනෙක් එතනට ආවා..


    “ඩොක්ටර් මේ බ්ලඩ් සාම්පල් එක පේෂන්ට්ගෙ එකත් එක්ක ටැලි වේනනෙ නෑ..”


    “සොරි මිස්ට ගිම්හාන.. ඔයාගෙ මල්ලිට ඕන බී පොසිටිව්..”


    නර්ස් දීපු කොලේ දිහා බලාගෙන ඩොක්ට කියද්දි මාව ෆුල් අප්සට් උනා.. ඒත්..


    “නෙවර් මයින්ඩ් මචං.. මං බී පොසිටිව්.. මම බ්ලඩ් දෙන්නම්.. උඹ අන්කල්ලා ළගට වෙලා හිටපං..”


    මං ආපහු එනකල් තාත්තා බලාගෙන හිටියෙ ඩොක්ටර් මොනවද කිව්වෙ අහන්න.. ඒත් මං හිටියෙ මල්ලිට ලේ දෙන්න බැරි උන එක ගැන හිත හිත..


    “මගේ බ්ලඩ් එක හරියන්නෙ නෑලු තාත්තා.. පබසර ගියා ලේ දෙන්න..”


    තාත්තා මහා දුක හිතෙන විදියට මං දිහා බලන් ඉදලා දිග හුස්මක් ගත්තා..


    “ඒක එච්චර හිතන්න එපා පුතා.. යාළුවගෙ බ්ලඩ් ගෘප් එක හරියනවනං ප්‍රශ්නයක් නෑනෙ..”


    මගේ හිත හදන්න තාත්තා කියද්දි පබසර නර්ස් එක්කම අපි ඉන්න පැත්තට ආවා.. නර්ස් නෝනා ලේ ගන්න ඉන්ජෙක්ෂන් එක ගැහුවෙ පබසරගෙ අතටද පපුවටද දන්නෙ නෑ.. ඒත් මං හිතුවට වඩා වෙනස් දෙයක් එයා කියන්න ඇවිත් තිබුණෙ..


    “ඔයාලා මෙතන හිටියට පේෂන්ට්ව බලන්න දෙන්නෙ නෑනෙ.. අනික සිහිය ආවත් එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. ඒ නිසා දැන් මෙතන ඉන්න එක තේරුමක් නෑ.. ඔයාලා ගිහින් හෙට උදේ එන්න..”


    ඒ ටික කියලා නර්ස් ගියා..


    “ඔව් අන්ලක්.. අපි මෙතන හිටියට තේරුමක් නෑ.. හෙටවත් මල්ලි රූම් එකකට දාන්නෙ නැතිවෙයි.. යං අපි ගිහින් උදේම එමු.. එන්න ආන්ටි යමු..”


    අම්මවයි තාත්තවයි ඉස්සර කරගෙන පබසර යද්දි මමත් එයාගෙ පස්සෙන් ගියා.. තාත්තලා ඇවිත් තිබුණෙ වෑන් එකක නිසා එයාලා වෙනම යවලා මං පබයා එක්ක කා එකේ ආවා..


    “ගිමා උඹ පාරමීට කෝල් කරාද..?”


    “නෑ බං, බැටරි ලෝ.. එස්.එම්.එස් කලා..”


    “පව් බං.. කෙල්ල බලන් ඇති.. ඉදා මේකෙන් ගනිං..”


    පබයා උගේ ෆෝන් එක දික් කරාට මේ වෙලාවෙ කතා කරන්න තරම් මට හිතක් තිබුණෙ නෑ..


    “උඹ දැං ගෙදර යන්නෙ නෑනෙ.. ඇදුම් තියෙන එකේ ඉදලා හෙටම යමං..”


    “රයිට් මචං.. ඕකේ..”


    මං ඇස් වහගෙන සීට් එකට හේත්තු උනා.. අද පැය විසිහතර ඇතුළෙ කොයිතරම් දේවල් සිද්ධ උනාද..? ආදරණීය විදියට දවස පටන් අරන් පබසරලා, රොහාන්ලා එක්ක විනෝදෙන් ඉදලා මහා මුස්පේන්තු විදියට දවස ගෙවිලා ගියා..



    Mathusambandai.gif

    PDF.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    09.png


    පහුවෙනිදා උදේ අපි නැගිට්ටෙ හයට විතර.. ඒ වෙද්දිත් අම්මයි, තාත්තයි නිදි.. මං උදේම පාරමීට කෝල් කරලා පබසර එක්ක හොස්පිට්ල් යන්න ලෑස්ති උනා..

    “මචං මුකුත් ගෙනියන එක වැඩක් වෙන්නෙ නෑ.. මල්ලි අයි.සී.යූ නෙ.. ඒ නිසා අපි ගිහින් තත්වෙ බලලා එමු..”

    එහෙම කියලා පබයා මගෙත් එක්ක ආවට ඌට මාර මහන්සි පාටයි.. පව් ඊයෙත් කොයිතරම් දුර වාහනේ අරන් ආවද..? ඒත් ඌ ළග කවදාකවත් නෑ, බෑ කියන වචනෙ නෑ..

    අපි යද්දිම නර්ස් කෙනෙක් කිව්වෙ අහන්න පෙරුම් පුරාගෙන හිටපු කතාවක්.. ඒ තමයි මල්ලිට සිහිය ආවා කියන එක.. ඒත් එයා තාම දැඩි සත්කාර ඒකකයෙ.. මං නර්ස් කෙනෙක්ටයි ඩොක්ටර් කෙනෙක්ටයි බටර් පාරක් ගාලා මල්ලිව බලන්න ඇතුළට යන්න චාන්ස් එකක් ගත්තා..

    පබසරව දොර ළග තියලා නර්ස් එක්ක ඇතුළට යද්දි මගේ පපුව හෝස් ගාලා ගියා.. මල්ලිට හතර වටේම බට ගහලා.. සේලයින් දීලා.. බලන්නත් දුකයි.. මම හෙමීට ළගට ගිහින් ඒ අත අල්ලගත්තා විතරයි වැහිලා තිබුණ ඇස් ලාවට ඇරුනා.. ඊට පස්සෙ විනාඩි දෙක්ක විතර මගේ දිහා ඇහි පිල්ලම් නොගහ බලන් ඉද්දි ඒ ඇස් අමුතු විදියට වෙනස් උනා.. හිතපු නැති විදියට එයා මගේ අත තල්ලු කරලා දාලා අහක බලාගත්තා.. සමහර විට එයා වාම අදුරගන්න බැරි උනාම මන්දා.. හිත මොනවදෝ වේගෙන යද්දි මං හැරිලා එළියට ආවා..

    “ඇයි මචං..? මල්ලිට අප්සට් එක්ක නෑ නේද..?”

    පබසර මං ළගට එද්දි මට කතා කරගන්නත් වචන අමතක වෙලා තිබුණෙ..

    “ගිම්හාන.. මොකෝ මේ..? මොකක්ද කේස් එක..?”

    ඒ පාර ඌ මගේ උරහිසෙන් හොලවලා ඇහුවා.. මං ඌට කිව්වා මල්ලි මාව අදුරගත්තෙ නෑ කියලා.. ඇත්තටම මල්ලිගෙ මතකෙට මොනව හරි වෙලාද මංදා.. පබසර මාවත් ඇදගෙන ඩොක්ටර් ළගට ගිහින් විස්තරේ කිව්වා..

    “නෑ.. ඔයාලා හිතන විදියට පේෂන්ට්ගෙ මෙමරි ලොස් එකක් වෙලා නෑ.. සමහර විට එයාට සිහිය ආව ගමන් නිසා එහෙම උනා වෙන්න පුළුවන්..”

    “එනි වේ ලෙස්ට් සී.. අපි දිගටම ට්‍රීට් කරනවා..”

    ඩොක්ටර් මගේ පිටට තට්ටු කරලා කිව්වට මගේ හිත තිබුණෙ ගොඩක් බය වෙලා වගේ..

    අම්මයි තාත්තයි දෙන්නා ආවට පස්සෙ මං පබයා එක්ක ගෙදර ආවා..

    “උඹට ගොඩක් මහන්සි ඇති මචං.. උදව් වලට තෑන්කස් අ ලොට්.. දැන් ගෙදර ගිහින් රෙස්ට් කරපං.. මං හවස කොල් කරන්නං..”

    මං එහෙම කියලා පබයව බලෙන්ම වගේ ගෙදර යැව්වා..

    හවස් වෙද්දි සන්ධනායක අන්කල් කට්ටියවත් අරන් කොළඹ ඇවිත්.. ආපු ගමන්ම නිලුයි, රොහානුයි දෙන්නා කෝල් කරා.. ඒත් මං පෙරුම් පුරාගෙන බලාගෙන හිටියෙ පාරමීගෙ කටහඩ අහන්න.. එයා කෝල් කලේ හයට විතර.. සන්ධනායක අන්කල් එයයි නිල්මිණී ආන්ටියි එක්කගෙන තව ටිකකින් හොස්පිට්ල් යනවා කියලා පාරමී කියද්දි මමත් ඉක්මනට ලෑස්ති උනා.. මොකද ඉතිං එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම මරා ගන්න පුළුවන්නෙ..

    කොහොම හරි මං ඉස්පිරිතාලෙට යද්දි මල්ලිව රූම් එකකට දාලා.. අපේ තාත්තත් එතන තිබුණ පුටුවට වෙලා දුක හිතෙන විදියට බලන් හිටියා..

    “දැන් කොහොමද තාත්තෙ මල්ලිට..?”

    “දැන්නං ටිකක් හොදයි වගේ.. මං මේ පුතා එනකන් හිටියෙ ගිහින් චේන්ජ් එක්ක දාගෙන එන්න..”

    “රයිට්.. තාත්තා යන්න මට අද ඉන්න පුළුවන්.. තාත්තා උදේට ආවම ඇති..”

    මේ දවස් දෙකට අපේ තාත්තා නිකං අවුරුද්දකින් විතර වයසට ගිහින් වගේ.. ඇස් යට ගිහින්.. කොණ්ඩෙ අවුල් වෙලා.. ඉදුණු රැවුල් ගස් වැවිලා.. බලන්න දුකයි..

    “පුතාට එද්දි මොනවද ගේන්න ඕනෙ..?”

    තාත්තා ඒක ඇහුවෙ මල්ලිගෙන් උනාට මිනිහා මුකුත්ම ඇහුණෙ නෑ වගේ අහක බලන් හිටියා..

    මහා හයියෙන් හුස්මක් අරගෙන පිටකරපු තාත්තා යන්න හදද්දිම වගේ සන්ධනායක අන්කල් නිල්මිණී ඇන්ටිත් එක්ක ඇතුළට ආවා.. ඒ පිටිපස්සෙන්ම බිම බලාගෙන ආපු පාරමී නතර උනේ අපේ තාත්තා ළග..

    “හිරාන්.. දැන් කොහොමද පුතා..?”

    අන්කල් මල්ලිගෙන් අහද්දි මිනිහා අමාරුවෙන් ඇදේ ඉදගන්න හැදුවා.. ඒත් එයාට ඉදගන්න තරම් තාම ෆිට් එකක් නෑ..

    “දැන් හොදයි අන්කල්..”

    එහෙම කියපු මල්ලිගෙ ඇස් ඊළගට පාවෙලා ගියේ පාරමී දිහාට.. කෙල්ලව දැක්කා විතරයි මල්ලිගෙ ඇස් එක පාරටම ලොකු උනා.. ඒත් වැඩේ කියන්නෙ ඒක නෙමෙයි.. මල්ලිව දැක්ක පාරමී ඇස් දෙක ඊටත් වඩා ලොකු උනා.. දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලද්දි මට නං හිතුනෙ මෙතන මං නොදන්න මොකක් හරි ලොකු සීන් එකක් තියෙනවා කියලා..

    “කෝ ජයේ නෝනා..?”

    අන්කල් ආපහු ඇහුවෙ අපේ තාත්තගෙන්..

    “උදේ ඉදලා මෙතන අඩ අඩ ඉදලා බැරිම තැන මං ගෙදර යැව්වා..”

    නිල්මිණී ආන්ටි මල්ලි ළගට ගිහින් එයාගෙ ඔළුවත් අතගාලා දුක සැප අහද්දි පාරමී හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා මං දැක්කා.. ඒත් මේ කට්ටිය ඉස්සරහ කොහොමද එයා එක්ක කතා කරන්නෙ.. මහා දුක හිතෙන විදියට මගේ මූණ බලපු කෙල්ලගෙ ලස්සන ඇස් රතු වෙලා..

    “නංගි.. පාරමී..”

    අපේ මල්ලිගෙ කටින් පාරමීගෙ නම පිටවෙද්දි මගේ හිත ගැස්සිලා ගියා.. ඒත් පාරමීගෙ මූණට ආවෙ තරහක් වගේ අමුතුම බැල්මක්..

    “යන්න පුතේ.. අයියා කතා කරනවනේ.. ගිහින් ඇයි කියාල අහන්න..”

    සන්ධනායක අන්කල් පාරමීව බලෙන්ම වගේ මල්ලිගෙ ඇද ළගට යැව්වා.. එයා ගියේ කැමත්තකින් නෙමෙයි.. කෙල්ල ළගට ගියා විතරයි එකපාරටම උනේ අපි කවුරුවත් හිතපු නැති දෙයක්.. මල්ලි පාරමීගෙ අතකින් අල්ලගෙන ඉකි ගහන්න පටන් ගත්තා.. මං පුදුම උනෙත්, පාරමීට තරහ ගියෙත්, සන්ධනායක අන්කල්ට හිනාවක් ගියෙත් එකම වෙලාවක..

    “පුතා නංගිව අදුරනවද..?”

    කාගෙවත් සද්දයක් නැති නිසා අපේ තාත්තා මල්ලිගෙන් ඇහුවා..

    “ඔව් තාත්තෙ.. අදුරනවා..”

    මං මේ දේවල් දිහා කාමරේ දොරට හේත්තු වෙලා බලන් හිටියා.. අසනීපෙන් හිටියා උනත් මල්ලි පාරමීගෙ අත අල්ලගෙන ඉන්නවා දැක්කම මට හිතුනෙ ඌට දෙකක් අනින්න.. කෙල්ල ඇඹරුණාට මල්ලි ඒ අත අතෑරියෙ නෑ.. මගේ හිතට මොකක්දෝ ලොකු හිස් බවක් දැනෙද්දි මං දොර ඇරගෙන එළියට ගියා.. ඒත් විනාඩි දහයක් පැය කාලක් විතර යනකල්ම කවුරුත් එලියට ආවෙ නෑ..

    එදා මාවයි පාරමීවයි දැකලා මං සන්ධනායක අන්කල්ගෙ බෑනද කියලා මිනිහෙක් අහපු දවසෙ ඩෝං ගිය අන්කල් අද පාරමී මල්ලි ළග ඉන්න දිහා හිනාවෙවී බලන් හිටපු එක ගැන මගේ හිතට ආවෙ ලොකු අප්‍රසාධයක්.. කල්පනා කර කර හිටපු මගේ උරහිසට එක පාරටම බර අතක් වැටුණා.. බලද්දි ඒ සන්ධනායක අන්කල්..

    “පුතා මොකද එළියට වෙලා ඉන්නෙ..?”

    මං කට කොනකින් හිනා උනාට උත්තරයක් දුන්නෙ නෑ.. ඒත් අන්කල් ඒකට උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ..

    “පුතා අපි හැමෝම එකතු වෙලා මල්ලිව හොද පැත්තට ගන්න ඕනෙ.. නැත්තං මිනිහා නිකං නාස්ති වෙනවා..”

    අන්කල් කියන දේවල් මගේ ඔළුවට මීටර් උනේ නෑ.. මං බලාගෙන හිටියෙ මගේ රෝස මල කාමරෙන් එළියට එයිද කියලා.. සමහර විට මල්ලි තාම කෙල්ලව අල්ලගෙනද දන්නෙ නෑ..

    “එහෙම කරානං හරි නේද පුතා..?”

    “ඔ.. ඔව් අන්කල්..”

    ඔව් කිව්වට මොකෝ එයා ඇහුවෙ මොනවද මන්දා.. හැබැයි මගේ උත්තරෙන් අන්කල්ට පොඩි ජොලියක් ගියා.. කාමරේ හිටපු කට්ටිය එළියට ඇවිත් අපි ළග නතර වෙද්දි මගේ ඇස් මුලින්ම නතර උනේ පාරමී ළග.. ඒ ඇස් හොදටම රතු වෙලා..

    “අපි නිසා ඔයාගෙ ට්‍රිප් එක කැන්සල් උනා නේද නංගි..?”

    මුකුත්ම කතා නොකර හිටියොත් අනික් අය බලයිනෙ ඇයි කියලා.. ඉතිං මං වැඩකට නැති මෝඩ ප්‍රශ්නයක් පාරමීගෙන් ඇහුවා.. ඒත් වෙනදට දිලිසෙන ඒ මූණ අද මැලවිලා..


    “යනලක් මග දිගට ඉමු කිය කිය ගිය අපේ කෙල්ල හිරාන් අසනීප උනා කියලා අහපු වෙලාවෙ ඉදලම එමු කියලා නහයෙන් ඇඩුවා..”


    ඒ කතාවට මගේ ඇස් පාරමීගේ ඇස් එක්ක එකපාරටම එකතු උනා.. පාරමී එමු කියන්න ඇත්තෙ මං ආපු නිසා.. නැතුව මල්ලිව බලන්න නෙමෙයි.. හැබැයි එහෙම හිතලා හිත හදාගන්න හැදුවට අන්කල් කියපු කතාවෙ වෙනම තේරුමක් තියෙනවා.. මේ වෙලාවෙ හැටියට ඒ ගැන දිගින් දිගටම කතා කරන්න බෑ.. හිත පුදුම විදියට නොසන්සුන් වෙලා තියෙද්දි සන්ධනායක අන්කල්ලා පාරමීළුත් අරන් යන්න ගියා.. අපේ තාත්තත් එයාල එක්කම ගෙදර ගියාට පස්සෙ මම ආපහු කාමරේ ඇතුළට ගියා.. ඒ වෙලාවෙ නං මල්ලිගෙ මූණට ඇවිත් තිබුණෙ අමුතුම හිනාවක්..

    “මල්ලි ඔයා පාරමීව අදුරනවද..?”

    මිනිහා මහා නෝන්ඩි විදියට හිනාවෙලා මගේ දිහා බැලුවා.. මූ මේ ලෙඩ උන වෙලාවෙ ඉදලා මගෙන් මොන තරහක් පිරිමහනවද මංදා..

    “තමුසෙ නුවරඑළි ගියේ පාරමී එක්කලු නේද..?”

    අනසීප නිසා මලානික වෙලා තිබුණ ඒ කටහඩට දැන් ටිකක් පණ ඇවිත්.. ලෙඩෙක් එක්ක වාද කරන එකේ තෙරුමක් නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ කියලා මං බලන් හිටියා..

    “තමුසෙගෙ හිතේ පාරමී ගැන මොනව හරි තියෙනවා නං දැන්මම ඒක හිතින් අයින් කරගන්නවා.. නැත්තං පස්සට කරදර වෙයි..”

    මගේ මූණට ඇගිල්ලකුත් දික් කරලා ඒක කියද්දිනං මට තද උනා.. ඒත් මං එක වචනයක්වත් කතා කරන්න කලින් කාමරේට ඩොක්ටර් ආවා.. මල්ලිට බෙහෙත් වගයක් දීලා යන්න හදපු ඩොක්ටර් මගේ දිහාට හැරුණා..

    “මේ පේෂන්ට්ගෙ කවුද..?”

    “මං මෙයාගෙ අයියා ඩොක්ටර්..”

    “ඕකේ.. එහෙනං ටිකකට මගේ රූම් එකට එන්න..”

    අපේ කතාව මග නතර කරලා මං ඩොක්ටර් එක්ක එයාගෙ කාමරේට ගියා.. එයා මාවත් ළග ඉන්දවගෙන මුලින්ම මල්ලිගෙ රිපෝට් වගයක් පෙරළලා බැලුවා..

    කොයි තරම් වාද කරගත්තත් මල්ලිට කරදරයක් වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කළා.. ෆයිල් එක වහලා දාලා නළලත් රැළි කරගත්තු ඩොක්ටර් මගේ මූණ දිහා ටික වෙලාවක් බලන් හිටියා..

    “මේ මිස්ටර්..”

    “මං ගිම්හාන..”

    “මිස්ටර් ගිම්හාන.. මේක අහලා කලබල වෙන්න එපා.. ඔයාගෙ මල්ලිට දරුණු ලෙඩක් නෑ.. ඒත්..”

    “ඇයි ඩොක්ටර්..?”

    පපුව හැගෙන සද්දෙ පිටටත් ඇහෙන තරම් දැඩි වෙද්දි මං ඉක්මනට ඇහුවා..

    “එයාගෙ හාට් එකේ එක වෑල් එකක පොඩි අසාමාන්‍යතාවයක් තියෙනවා.. මේ නිසා එයාගෙ ලේ ගමනාගමනය තරමක් මන්දගාමියි..


    ඒ වගේම මෙයා මේ තරුණ වයසට ඔරොත්තු නොදෙන තරම් ලිකර් පාවිච්චි කරලා තියෙනවා.. ඒක නිසා අක්මාවත් ඩැමේජ් වෙලා..”

    මල්ලිට ඉබේ හැදුන ලෙඩෙයි මූ මේ ඉල්ලගෙන දාගත්තු ලෙඩෙයි නිසා තත්වෙ අපි හිතුවට වඩා සෑහෙන සීරියස් වෙලා..

    “මිස්ටර් ගිම්හානගෙ මල්ලි සිගරට් බොනවද..?”

    ඩොක්ටර් අහද්දි මට මතක් උනේ ඊයෙ පබසර කියපු කතාව.. මල්ලි නරක යාළුවො සෙට් එකක් එක්ක අරක්කු සිගරට් පාවිච්චි කරනවා කියලා ඌ කිව්වනේ..

    “ඔව් ඩොක්ටර්..”

    “ඉතිං ඇයි මල්ලිව හදාගත්තෙ නැත්තෙ..? ඇයි එයාට මේ තරම් නිදහසක් දුන්නෙ..?”

    “මං.. මං කාලයක් ලංකාවෙ හිටියෙ නෑ ඩොක්ටර්.. මල්ලි ඉස්කෝලෙන් අවුට් වෙලා මේ අවුරුදු දෙක තුන ඇතුළත තමයි ඕවට පුරුදු වෙලා තියෙන්නෙ..”

    “මල්ලිව මීට වඩා පරිස්සම් කරන්න බලන්න.. එයාගෙ ඇඟ ඇතුලෙ ලෙඩ රෝග කීපයක්ම තියෙනවා.. ඔය පුරුදු විදියටම කරගෙන ගියොත් තත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.. මිස්ටර් ගිම්හානට තේරෙනවනේ මම කියන දේ..”

    “ඔව් ඩොක්ටර්..”

    “මල්ලිගෙ තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා.. සමහරවිට පොඩි ඔපරේෂන් එකක් කරන්නත් වෙයි.. කොහොම උනත් තව දවස් දෙකතුනක් එයාට හොස්පිට්ල් ඉන්න වෙනවා..”

    “ඕකේ ඩොක්ටර්..”

    “ප්‍රධානම දේ තමයි මල්ලිට හොදින් කියලා ඔය දේවල් වලින් මුදාගන්න බලන්න.. අනික මේ තියන තත්වෙ උඩ එයාට වැඩිය ෂොක් එකක් දරන්න අමාරුයි.. පුළුවන්තරං එයාගෙ හිත සතුටින් තියන්න බලන්න..

    ඒක කරන්න මිස්ටර් ගිම්හානට බැරි වෙන එක්ක නෑ.. ඔයා එයාගෙ අයියනේ..”

    “ඕකේ ඩොක්ටර්.. අයි ට්‍රයි මයි බෙස්ට්..”

    “රා..යිට්.. වෙරි ගුඩ්..”

    පුටුවෙන් නැගිටලා මගේ අතට අත දීපු ඩොක්ටර් ගොඩක් සුහදශීලී විදියට හිනා උනා.. මං හිනාවෙන්න හැදුවට ඒ කියපු දේවල් අහලා මගේ මූණට හිනාවක් ආවෙ නෑ..

    අන්දමන්ද වෙලා රූම් එකට ගියාමයි මට මතක් උනේ අපි කතා කර කර හිටපු මාතෘකාව.. එයා මට කිව්වෙ පාරමීගෙන් ඈත් වෙන්න කියලා.. මමත් කට මැදගෙන හිටියෙ පාරමී මගේ කවුද කියලා මිනිහට තෙරුම් කරලා දෙන්න.. ඒත් දැන්.. දැන් ඩොක්ටර් කියපු දේවල් අහලා මං කොහොමද එහෙම කතාවක් කියන්නෙ.. ඩොක්ටර් කියපු විදියට ෂොක් එක දරාගන්න බැරි උනොත් ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්.. ඉතිං හිත අන්තිම බින්දුවට අසරණ වෙලා යද්දි මං පුටුවෙන් වාඩි වෙලා අත් දෙකෙන්ම ඔළුව තද කරලා අල්ල ගත්තා..

    “අයියෙ.. මට සමාවෙන්න..”

    ඇත්තටම ඒ හඩ ආවෙ අපේ මල්ලිගෙ කටින්මද කියලා දැන ගන්න මං උගේ මූණට එබුනා..

    “මං හිතේ කේන්තියට එහෙම කිව්වට අද ඊයෙ ලංකාවට ආපු ඔයාගෙ හිතේ පාරමී ගැන එහෙම අදහසක් නෑ කියලා මං දන්නවා..”

    “දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?”

    පපුව ඩක්, ඩක් ගෑවට මං බොහොම අමාරුවෙන් කටේ සද්දෙ සන්සුන් කරලා ඇහුවා..

    “මං පාරමීට ආදරෙයි අයියෙ.. දැන් ගොඩක් දවසක ඉදලා..”

    මගේ හිත ඇතුළෙ හෙන ගෙඩියක් පුපුරලා ගියා වගේ දැනුණා.. පාරමී මගේ.. ඔව් පාරමී මගේ විතරමයි.. මේ මනුස්සයා ලෙඩෙක් උනත් මගේ මල්ලි උනත් මං කොහොමද මගේ පුංචි කෙල්ලව ඌට දීලා හිත හදාගන්නෙ..? අනික පාරමී මේ දේවල් දැනගත්තොත්..?

    “ඉතින්..?”

    “එයා සන්ධනායක අන්කල්ගෙ දුව කියලා මං දැනගත්තෙ මේ ළගදි.. එයා යාළුවා එක්ක ඩ්‍රයිවින් ඉගෙන ගනිද්දි, බැඩ්මින්ටන් ගහන්න ක්ලබ් එකට එද්දි තමයි මං එයාට ට්‍රයි කෙරුවෙ.. පස්සෙයි දැනගත්තෙ ඒ සන්ධනායක ගෘප් එකේ එකම අයිතිකාරයා කියලා..”

    එහෙනං මල්ලි දවසක් මට කියපු පරම්පරාවම ගොඩ දාගන්න පුළුවන් කෙල්ල පාරමීද..? මාව නිකං හොල්මන් උනා.. ඒත් මල්ලි එදා කිව්වෙ කෙල්ල එයාට කැමති නෑ කියලා..

    “එතකොට එදා මට කිව්වෙ පාරමී ගැනද..?”

    “ඔව්.. ඒත් මගේ පරණ විස්තරයි, මගේ යාළුවො ටිකයි නිසා ඒකි මට කැමති උනේ නෑ..”

    පාරමී කියන්නෙ කොහොමත් රස්තියාදුකාරයින්ට කැමති වෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. මූ මගේ මලයා උනත් ඇත්ත කියන්න එපැයි..

    “මං ඒකිට කැමතියි හලෝ.. එයා වෙනුවෙන් මට මේ නරක ජීවිතේ අතාරින්න පුළුවන්.. අන්කල්කාරයා තමුසෙගෙ බ්‍රැකට් එකනේ.. ප්ලීස් මට උදව් කරනවා..”

    මගෙයි පාරමීගෙයි ආදරේ ගැන බින්දුවක්වත් දැනන් හිටියෙ නැති ඌ එහෙම කිව්වට මං කොහොමද ඒ උදව්ව කරන්නෙ..මගේ කෙල්ලව මගේම මල්ලිට දෙන්න කියලා එයාගෙ තාත්තට කියන්න පුළුවන්නං මං හිත් පිත් නැති ගලක් වෙන්න ඕනෙ.. කියාගන්න දෙයක් නැතුව ගල් ගැහිලා වගේ බලන් හිටපු මගේ මූණ මල්ලි දකින්න නැතුව ඇති..

    “අයියෙ මට මේක කරලා දෙන්න පුළුවන්ද..?”

    “බලමුකො..”

    “මට තවත් බලන් ඉන්න බෑ.. තමුසෙට බැරිනං කියනවා.. මං කෙලින්ම අන්කල් එක්ක කතා කරන්නං..”

    ලෙඩ පාට් පැත්තකට දාලා ගහන්න වගේ තමයි මූ කතා කරන්නෙ.. මට තද වෙච්ච පාර මං ඕන දෙයක් කරගන්න ඇරලා කතා නොකර හිටියා.. අන්කල්ගෙ කැමැත්ත විතරක් අරන් මොනවා කරන්නද..? ඕකට පාරමිත් කැමති වෙන්න එපැයි..

    මල්ලිගෙ රෑ කෑම එක වේලාසනම එවලා තිබුණ නිසා එයාට ඒක කන්න දීලා මං රූම් එකෙ තිබුණ ටීවී එක හෙමීට දා ගත්තා.. ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ කෑම කකා හිටපු මල්ලි හයියෙන් හුස්ම ගන්නවා ඇහුවා.. මං ටීවී එක ඕෆ් කරලා දුවලා ගිහින් නර්ස් කෙනෙක්ව එක්කගෙන ආවෙ මිනිහගෙ ලෙඩේ ආපහු වැඩි වෙලාද දන්නෙ නැති නිසා..

    “බය වෙන්න එපා එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. වැඩිපුර කතා කරලා එයාව මහන්සි කරවන්න එපා..”

    මල්ලිට ඉන්ජෙක්ෂන් එකක් ගහපු නර්ස් කාමරෙන් පිට උනේ එහෙම කියාගෙන.. ඌට නින්ද ගියාට මොකෝ මගේ හිත නං නිකං යකාගෙ කම්මල වගේ.. දාහක් දේවල් කල්පනා කර කර මං ඒ රූම් එකේම තිබුණ පුංචි ඇදට වෙලා ඉදගෙන හිටියා..

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10.png


    පහුවෙනිදා උදේම අම්මයි තාත්තයි දෙන්නම මල්ලිව බලන්න ආව නිසා මට යන්තං ෂේප් වෙන්න චාන්ස් එක්ක ආවා.. මට හැමදාම උනත් ඉස්පිරිතාලෙ ඉදලා මූව බලාගන්න එක අවුලක් නෑ.. ඒත් ඉතිං කාලා ඉන්න බැරි මේ යකා කියවන දේවල් තමයි..


    “මොකද පුතා ඩොක්ටර් කිව්වෙ..?”


    තාත්තා අහද්දි මං ඩොක්ටර් කියපු හැමදේම නැතුව මල්ලිට ෂොක් එකක් දෙන්න එපා කියලා කියපු කතාව විතරක් කිව්වා..


    “එහෙනං පුතා ගෙදර ගිහින් ටිකක් නිදාගන්න.. හවස් වෙලා ආවම ඇති..”


    ඒ වචන ටික පිට වෙද්දි මං හිටියෙ දොරෙනුත් එළියෙ.. තාත්තා කිව්වා වගේ නින්දක් දාන්නම ඕනකම තියෙනවා.. ඇයි අප්පා ඊයෙ රෑ අර හුණ්ඩු ඇදේ ඉදගෙන මං මොන දුක්කද වින්දෙ.. ඒ මදිවට සැරෙන් සැරේ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා ඇවිත් වද දෙනවා.. ටිකක් හරි සහනෙකට තිබුණෙ මල්ලිට නින්ද ගියාට පස්සෙ පාරමී එක්ක වචන දෙක තුනක් කතා කරපු එක විතරයි..


    වාහනේ පාරට ගත්තම මට හිතුනා ගෙදර යන්න කලින් ගිහින් පබසරව මීට් වෙන්න.. මං උන්ගෙ ගෙදරට යද්දි ජංගි කොට කෑල්ලකුත් ගහගෙන බෝල සයිස් පොඩ්ඩෙක් මිදුලෙ දුව දුව ඉන්නවා. ඒ උගේ අක්කගෙ පොඩි එකා වෙන්න ඇති..


    “හලෝ බබා කොහොමද..?”


    මං ළගට ගිහින් පාත් වෙලා අහද්දි පොඩ්ඩා බය උනා.. ඇත්තනේ ඉතිං.. ජීවිතේට දැකලා නැති මිනිහෙක් අනවසරයෙන් ගෙදරට ආවම මොකාද බය වෙන්නෙ නැත්තෙ..


    “කෝ ඔයාගෙ මාමි..?”


    “පබා මාමිද..? පබා මාමි දොයි..”


    ඇස්දෙකයි අත් දෙකයි සේරම නටවලා ඒ උත්තරේ දීපු තාලෙට මට හිනා ගියා..


    “ඔයා තවුද..?”


    මූ නං ගිය ආත්මෙ සී.අයි.ඩී එකේ ලොක්කෙක්ද කොහෙද.. එහෙම නැත්තං මේ ගෙදර මිනිස්සු පොඩි එකාට හොද ට්‍රේනිං එකක් දීලා තියෙනවා.. මුන්ට තිබුණෙ නැද්ද ගෙදරට මිනිහෙක් ආවම එන්න, ඉදගන්න වගේ දේවල් කියන්න පුරුදු කරන්න..


    “බබා ගිහින් මාමව නැගිට්ටවන්න..”


    ඒ ඩිංගට පොඩ්ඩා සුරුස් ගාලා වාෂ්ප උනා.. මං මිදුලෙ කැරකි කැරකි ඉන්නවා දැකලා පබයගෙ අම්මා මට ගෙදරට කතා කලා.. ඒත් ගේ ඇතුළට ගිය මෝඩකම කියලා හිතුනෙ ඇන්ටිගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම තමයි..


    “මොකෝ මේ හිමිදිරි පාන්දර අපිව ඇහැරවන්නෙ..?”


    පබයා සාලෙට ආවෙ එහෙම අහගෙන.. මේ අවුරුදු තුනේ පොඩි එකත් ඇහැරලා ඉන්න කොට මේ යකා පස්ස හොට් ප්ලේට් එකක් වෙනකල් නිදි..


    “දැන් වෙලාව කීයද බලපං මුලින්ම.. පොඩි එවුන් නැගිටලා.. ලොකු එවුන් නිදි..”


    “අප්පා.. මූ ගැනද කියන්නෙ..? මේකා උදේ පහ, හය වෙද්දි නැගිට ගන්නවා..මං මගේ කාමරේට එන එක තහනම් කරලා තියෙන්නෙ..”


    ඒ වෙන මොකකටවත් නෙමෙයි මුගේ තියෙන කම්මැලිකමට.. නැත්තං නින්ද කැඩෙනවනේ..


    “ඉතිං.. උඹ මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්ද..?”


    “ඔව් මචං.. මට උඹත් එක්ක ටිකක් ෆ්‍රී කතා කරන්න ඕනෙ..”


    මං ඒක කියද්දිම පබසරගෙ අම්මා එතනින් නැගිටලා ගියා..


    “විනාඩියක් හිටපං.. මං පටස් ගාලා එන්නං.. අපි එළියට ගිහින් කතා කරමු..”


    මූට මේ විනාඩියෙන් දත් මැදලා, කබ කඩලා, මූණ හෝදලා ඇදුමකුත් දාගෙන එන්න පුළුවන්ද මංදා..


    හැබැයි මං එහෙම හිතුවට මූ විනාඩි දෙකක් යද්දි ඔය සේරම කරගෙන ආවා.. අපි එළියට යනකොටම අපේ පිටිපස්සෙන් ආපු පොඩ්ඩා පබයගෙ අතේ එල්ලුනා..


    “මාමි.. මට චොක්කා එකක් ඕනි..”


    “අනේ මන්දා බං.. මූ ඉල්ලන ඉල්ලන සැරේට චොක්කා දෙන්න මං කැන්ඩොස් එකේ වැඩට යන්න ඕනෙ..”


    උගේ කටේ සද්දෙට පොඩි එකා බය උනා.. මෑන් පස්සෙන් පස්සට ගිහින් කටත් බෙරි කරගෙන බිත්තියට හේත්තු උනේ බබා තලායි කියාගෙන.. ඒ හුරතල් මූණ දකිද්දි මට ආස හිතුණා..


    “හරි.. හරි යමං..”


    “කොහෙටද දැන් යන්නෙ..?”


    මූ එදා වගේ ගෝල්ෆේස් යන්න අඩගහයිද මංදා..


    “ඔය කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහින් කන ගමන් කතා කරමු..”


    ඒ කතාවනං හොදයි.. දැන් තියෙන නිදිමතට ගොඩක් දුර වාහනේ ගෙනියන්නත් අමාරුයි..


    “මොකක්ද දැන් තියෙන අවුල..?”


    පබයා ඒක අහද්දි මං ඊයෙ හවස හොස්පිට්ල් ගිය තැන ඉදලා සිද්ධි සේරම කිව්වා.. චැරියට් එකට ගිහින් කන්න පටන් ගත්තට පස්සෙ තමයි පබයා අදහස් දක්වන්න ගත්තෙ..


    “කෙල්ල වෙනස් වෙන්නෙ නෑ කියලා උඹට ෂූවර්නෙ.. උඹ හිතනවද උඹලගෙ මල්ලිගෙ හැටි දැන දැන අන්කල්කාරයා දුවව එයාට දෙයි කියලා..”


    “අනේ මංදා බං.. මට පාරමී ෂුවර් උනාට අන්කල්වනං ෂුවර් නෑ..”


    “අපි හිතමුකො කෙල්ල කැමති කෙනාට අන්කල් කැමති වෙනවමයි කියලා.. ඒත් කෙල්ල උඹට කැමතියි කියලා අන්කල් දන්නෙ නැති එකනෙ බං වැඩේ..”


    “උඹ කියන්නෙ මට මේ ගැන අන්කල්ට කියන්න කියලද..?”


    “උඹලා නොකියා ඉන්නකල් ඒ මනුස්සයා මේ ගැන දන්නෙ නෑනෙ.. හැබැයි උඹට කලින් හිරාන් ඉස්සර උනොත් වැඩේ දෙල් වෙන්න පුළුවන්..”


    “මල්ලි මේ ඉන්න තත්වෙ අනුව මං කොහොමද බං එහෙම දෙයක් කරන්නෙ..? මේක දැනගත්තොත් උගේ ලෙඩේ ආපහු වැඩි වෙයි..”


    “මේ මචං.. රැවුලයි කැදයි දෙකම ගොඩ දාගන්න බෑ.. එක්කො කැද.. එක්කො රැවුල..”


    පබයා කියන විදියට ඔය දෙකෙන් වැඩියම වටින දේ තමයි තොරගන්න වෙන්නෙ.. මට නං රැවුලත් එපා කැදත් එපා.. මට ඕන පාරමී විතරයි..


    “මට අන්කල්ගෙන් පාරමී ගැන අහන එක අවුලක් නෑ.. ඒත් මේ මල්ලි අසනීප වෙලා ඉන්න අස්සෙම මං මගුල් කතා කරන එක හරිද..?”


    “ඕකනේ බං උඹත් එක්ක බැරි.. උඹ මේ අනික් අයගෙ ලෙඩ ගැනයි, අනික් උන්ගෙ හිත් ගැනයි, හරි වැරැද්ද ගැනයි හිත හිත ලත වෙද්දි බබා හම්බවෙලා තියෙයි..”


    වෙන වෙලාවක නං මං අහනවා කාටද කියලා.. ඒත් දැන් ජෝක් කරන්න තරම් මූඩ් එකක් මට නෑ..


    “රයිට්.. මං තව දවස් දෙක තුනකින් මේ ගැන ෂුවර් එකටම කතා කරන්නං..”


    “වෙරිගුඩ් මචං.. ඒක තමයි හොදම දේ..”


    කාලා ඉවර වෙලා මං නෙස්කැෆේ එක අතට ගත්තා.. ඒ උනාට පබසර මේ උදේට කාලා ඉවර උනා විතරයි කෝක් එකක් අරන්..


    “දැන් මොකද පාරමී කියන්නෙ..?”


    ඌ ඒකෙන් උගුරු දෙක්ක බීලා ආපහු කතාව පටන් ගත්තා..


    “ඊයෙ කෙල්ල එක්ක වචන දෙක තුනයි කතා කලේ බං.. ඔය ගැන අහන්න බැරි උනා..”


    “උඹ අහලා තියෙනවද 'අප්පමාදෝ අමත පදං' කියන ගාථාව..? හරියට අහලා නැත්තං තේරුමත් එක්ක දෙතුන් සැරයක් අහලා බලපං.. එතකොට ඔය මැටි මොලේට තේරෙයි..”


    මූ කියන විදියට මේවා මේ දුවනගිරි කෝච්චිය වගේ කතා කරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයිනෙ..


    “ඇයි උඹ අහලා නැද්ද ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කතාවක්..?”


    ඌට රිටන් එක දෙන්න ගාථාවක් මතක් උනේ නැති නිසා මං එහෙම කියද්දි පොර නෝන්ඩියට හිනා උනා..


    “ලැබෙයි.. ලැබෙයි.. බලාගෙන ඉදපං.. උඹ ඉවසලා සැනසීම ලැබුණ දවසට මටත් කියපංකො..”


    පබයා බිලත් ගෙවලා යන්න නැගිට්ටෙ එහෙම කියාගනෙ.. මොන පිස්සු කියෙව්වත් ඌ එක්ක ප්‍රශ්නයක් කතා කරාම හිත හරි ටිකක් රිලැක්ස් වෙනවා..


    පබයව ගෙදරින් බස්සලා මං ගිහින් පොඩි ඇලට් එකක් දැම්මා..


    ****************************


    මල්ලිගෙ ඔපරේෂන් එක කරන්න ඕන උනේ නැති නිසා හිතුවට වඩා ඉක්මනට එයාගෙ ටිකට් කැපුවා.. අපි හිතුවෙ නැති විදියට එයාගෙ හොස්පිට්ල් බිල් එක ගෙව්වෙ සන්ධනායක අන්කල්..


    ඒ දවස් ටිකේ අපේ අම්මට මල්ලි ළග ඉන්න එක, එයාට බෙහෙත් පොවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුණෙ නෑ.. අවුරුදු ගාණක් රට ඉදලා ගෙදර ඇවිල්ලා ඉන්න එයාගෙ ලොකු පුතා ගැන අම්මට මතකවත් නැති තරම්.. හිත තනි වෙලා කියලා දැනෙද්දි මං පාරමීට කතා කලා..


    “මගේ හිතට හරි දුකයි නංගි.. අපේ අම්මලට දැන් මාව මතකත් නෑ වගේ..”


    “ඔයා විතරක් නෙමෙයි අයියා.. මමත් දුකෙන්..”


    “ඒ ඇයි බබා..?”


    පාරමී රිසිවරේ විසි වෙලා යන තරමෙ හුස්මක් පිට කලා.. මලක් වගේ හිටපු මේ පුංචි කෙල්ලත් මාව මුණගැහුණ දවසෙ ඉදලා දුක් විදිනවා..


    “ඔයාගෙ මල්ලි හිරාන්.. එයා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නෙ අයියා..”


    “ඔයා කියන්නෙ මොන විදියෙ ප්‍රශ්නයක් ගැනද..?”


    “මං නුවර ඉදලා ආවට පස්සෙ රස්තියාදුකර කොල්ලෙක් නිතර නිතර මගේ පස්සෙන් ආවා.. මං එච්චර ගණන් ගත්තෙ නෑ..”


    ඔය රස්තියාදුකාරයා කියන්නෙ අපේ මල්ලි කියලා මං දන්නවා.. ඒත් මෙයා කියන්න හදන්නෙ මොන විදියෙ කතාවක්ද කියලා දන්නෙ නෑනෙ..


    “ඒ කොල්ලා ඔයාගෙ මල්ලි කියලා මං දැන ගත්තෙ එදා ඉස්පිරිතාලෙදි.. ඒකයි මට තරහා ගියේ..”


    “ඔය කතාව මං දැනගත්තෙ එදා රෑ.. ඔයා දන්නවද බබා.. මිනිහා මට කියනවා ඔයාගෙ තාත්තා එක්ක ඔය ගැන කතා කරන්නලු..”


    “ඔයා දන්නෙ ඔය ටික විතරද..? මං නං ඊට වඩා දේවල් දන්නවා..”


    මොනවද මං නොදන්න ඊට වඩා දේවල්..? මාව පුදුම උනා..


    “හිරාන් අයියා ජයන්ත අන්කල් එක්ක ඒ ගැන කතා කරලා.. අන්කල් ඔය කතාව අපේ තාත්තට කියලා..”


    දෙයියනේ..! එහෙනං දැන් පබයා කිව්වා වගේ බබා හම්බවෙලාද දන්නෙ නෑ.. සන්ධනායක අන්කල් ඒක අහලා මොනවා කියන්න ඇතිද..?


    “අද රෑ කට්ටිය ඔයාලගෙ ගෙදර යන්න ඕනෙ කියලා තාත්ති කිව්වා..”


    “ඒ මොකටද බබා..?”


    “සමහර විට හිරාන් අයියා ගැන කතා කරන්න වෙන්න ඇති..”


    හැමදේම මේ තරම් ඉක්මනට සිද්ධ වෙන්නෙ ඇයි කියලා දන්නෙ නෑ.. තවත්නං බලන් ඉදලා බෑ.. අද රෑටම මේක ඉවරයක් කරගන්න ඕනෙ..


    “මට විතරක් කියන්න නංගි.. ඔයාගෙ තීරණේ වෙනස් වෙන්නෙ නෑ නේද..?”


    “කීයටවත් නෑ අයියා.. මං ඔයාට විතරයි ආදරේ..”


    “හරි.. අපි එහෙනං අද රෑටම මේක ඉවරයක් කරමු..”


    ඒ කතාව ඉවර වෙලා ෆෝන් එක තිබ්බට පස්සෙ යන්තන් හිත ටිකක් ෂේප් උනා.. කෙල්ල ඔහොම කෙලින් තීරණ ගන්නවනං මොනවද කරන්න බැරි..? මල්ලි ඉස්සරහ තියාගෙන ඔය ගැන කතා කරලා ප්‍රශ්නයක් වෙයිද කියලත් මට බය හිතුණා.. ඒත් දැන් කරන්න දෙයක් නෑ.. එන විදියකට මූණ දෙනවා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.png


    හවස හය පහුවෙද්දිම වගේ සන්ධනායක අන්කල්ගෙ මොන්ටෙරෝ එක අපේ වත්තට ඇතුල් උනා.. මිදුලෙ ඇවිද ඇවිද හිටිය මං වාහනේ ළගට යද්දිම වගේ ඇතුලෙ හිටපු අපේ තාත්තත් එතනට ආවා.. අන්කල්ටයි, ඇන්ටිටයි පස්සෙ ආපු පාරමීගෙ ඇස් හොදටම රතු වෙලා.. මගේ මූණ දැක්කා විතරයි එයා ආපහු අඩන්න ගත්තා..


    “නංගි.. ඇයි මේ..?”


    අපේ තාත්තත් පුදුම වෙලා බලන් ඉද්දි මං එයාගෙ මූණට එබුනා.. 'අනේ අයියා' කියාගෙන මගේ අත අල්ලගත්තු පාරමීගෙ ඇඩුම එක පාරටම වැඩි උනා..


    “චූටි දූ..”


    කවදාවත් නැතුව ඒ මහා සද්දෙට කෑ ගැහුවෙ සන්ධනායක අන්කල්.. ඒ සද්දෙට නිල්මිණි ආන්ටි උනත් බැලුවෙ බය වෙලා වගේ.. කට්ටියම ගේ ඇතුළට යද්දි අපේ තාත්තා හෙමීට අන්කල්ට කිට්ටු උනා..


    “අපි පරක්කු වැඩියි ජයේ..”


    මහා පරාජිත විදියට ඒක කියද්දි අන්කල්ගෙ කටේ අර කලින් තිබුණ සද්දෙ තිබුණෙ නෑ.. හැබැයි ඒ කතාවට අපේ තාත්තා සුදුමැලි වෙලා ගියේ හරියට හොල්මනක් දැකලා වගේ..


    අපි කට්ටියම සාලෙට ගිහින් ඉදගත්තම අන්කල් තාත්තට කියලා අපේ මල්ලිවත් එතනට ගෙන්න ගත්තා.. අපේ අම්මා බය වෙලා වගේ මගේ මූණ දිහා බලද්දි නිල්මිණී ආන්ටි බලන් හිටියෙ පාරමී දිහා.. මෙතන මේ තරම් සීරියස් ගන්න දෙයක් වෙලාද කියලා මට හිතාගන්න බැරි උනා..


    “එහෙනං ජයේ.. අපි කෙලින්ම කතාවට බහිමු නේද..?”


    අන්කල්ගෙ කතාව අපේ මල්ලිට හිතා ගන්න බැරුව වගේ එයා හැමෝගෙම මූණු දිහා බලලා පුටුවට හේත්තු වෙද්දි පාරමී අසරණ විදියට අන්කල්ගෙ මූණ බලන් හිටියා..


    “හිරාන් පුතා අපේ කෙල්ල ගැන ජයේ එක්ක කියපු කතාව ආපහු සැරයක් කියමුකො බලන්න..”


    කවදාවත් නැති විදියට අද අන්කල්ගෙ කතාව මාර තද ගතියක් තිබුණා.. එතන තිබුණ නිශ්ශබ්දතාවය ඉදලා හිටලා හරි බිදිලා ගියේ පාරමීගෙ ඉකි බිදුමෙන්.. ඒත් එයා අඩන්නෙ ඇයි කියලා අහගන්නවත් එයාව නළවන්නවත් පුළුවන් කමක් මට තිබුණෙ නෑ..


    “මං පාරමී නංගිට කැමතියි අන්කල්..”


    අපේ මලයා බොහොම අමාරුවෙන් කියලා දැම්මා..


    “ඔයා දන්නවද පුතා ඔයාලා දෙන්නව එකතු කරන්න මමයි ජයෙයි තීරණය කලේ ඔයාලා පුංචි කාලෙදිමයි.. ඒ නිසා ඔයාගෙ තීරණේට අපි දෙන්නගෙම කැමැත්ත තියෙනවා..”


    මං මේ අහන දේවල් හීනයක්ද කියලා හිතාගන්න බැරි වෙද්දි මම පුටුවෙන් නැගිට්ටා.. පාරමී අඩාගෙනම නිල්මිණී ආන්ටිගෙ ඔඩොක්කුවෙ ඔළුව ඔබාගත්තෙ ඒ වෙලාවෙමයි.. ඒත් ඒ ඇඩුම ගැන අන්කල් සත පහකටවත් ගණන් ගත්තෙ නෑ..


    “ඒත් තාත්ති..”


    “දූ.. මෙතන තීරණ ගන්නෙ ඔයා නෙමෙයි මම..”


    පාරමී මොනවද කියන්න හදද්දිම අහස ගොරවනවා වගේ අන්කල් කෑ ගැහුවා..


    “හිම්හාන පුතත් ඔතනින් ඉදගන්න..”


    අන්කල් එහෙම කියද්දි කවදාවත් නැති විදියට මට එයා ගැන ලොකු තරහක් දැනුණා.. එයා ගහන පදේට පාරමී නැටුවට මම නටන්නෙ නෑ.. එයා කවුද මාව ඉන්දවන්න..


    “අපේ දෝණිව ලේලි විදියට බාරගන්න ඔයා කැමතිනේ..”


    අන්කල් ඒක ඇහුවෙ අපේ අම්මගෙන්.. එයා නං පාරමී දිහා බැලුවෙ හරිම ආදරේ හිතෙන විදියට.. එදා නුවරඑළියෙදි තමන්ගෙ කැමැත්තට විවාහයක් කරගෙන ජීවිතේ ජයගත්ත හැටි කියලා දීපු අන්කල් අද පාරමීගෙ ජීවිතේට බලපෑම් කරනවා.. තවත් මේ දේවල් අහගෙන ඉන්න බැරි නිසා මං කා එකේ යතුරත් අරගෙන එළියට ආවා..


    “ගිම්හාන පුතා කොහෙද යන්නෙ..?”


    අන්කල්ගෙ කතාව ඇහුණෙ නෑ වගේ මම කාර් එකට නැගලා දොර වහගන්න හදද්දිම පාරමී අඩාගෙන ඇවිත් දොරේ එල්ලුනා..


    “අනේ යන තැනක මාවත් අරගෙන යන්න අයියෙ.. මට මේ දේවල් අහගෙන ඉන්න බෑ..”


    “මොකක්ද බබා ඔයාගෙ තාත්තට වෙලා තියෙන්නෙ..?”


    “අද මේ දේවල් වෙනවා කියලා මට දැනුණා අයියෙ.. ඒ නිසා මං ගෙදරින් එන්න කලින් තාත්තට අපි ගැන කිව්වා.. එයා ඒක අහලා ජීවිතේ පළවෙනි වතාවට මට ගැහුවා අයියෙ.. හොදටම ගැහුවා..”


    “ඒ කියන්නෙ අන්කල් මට කැමති නෑ..”


    කෙල්ල දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉද්දිම ගේ ඇතුලෙ හිටපු කට්ටිය එළියට ආවා..


    “නගින්න නංගි වාහනේට.. අපි යමු..”


    ඒත් පාරමී වාහනේට කකුල තියද්දිම පිටිපස්සෙන් ආපු අන්කල් එයාව ඇදලා ගත්තා..


    “උඹ කොහෙද යන්නෙ..? මෙහෙට වරෙන්..”


    කෙල්ලව ඇදලා ගත්ත පාරට එයා තණකොළ ගොඩේ ඇදගෙන වැටුණා.. හිතේ දුක තරහා උතුරලා යද්දි මං මහා සද්දෙට වාහනේ පාරට ගත්තා..


    ඒත් කොහේද යන්නෙ කියලා හිතාගන්න බැරි වෙද්දි මං රොහාන්ලගෙ ගෙදර යන්න තීරණේ කලා.. පාරමීගෙ කදුළු පිරුණු මූණ මතක් වෙද්දි මට වාහනේ කොහේ හරි හප්පගෙන මැරෙන්න තරම් හිතුණා..


    අන්කල්ට අපේ මල්ලිව හොද වෙන්නත් මාව නරක් වෙන්නත් තියෙන හේතුව මොකක්ද..? මං මල්ලි කරන නරක දේවල් කරන්නෙත් නැත්තං පාරමිත් මට ආදරේ නං ඊට වඩා තවත් මොනවද..?


    නිලූලගෙ ගේට්ටුව ළගදි බ්‍රේක් කරන්න හැදුවත් මට වාහනේ කන්ට්‍රෝල් නැතුව ගිහින් ගේට්ටුවෙ හැප්පුනා.. ඒකෙ පළු දෙක මහා සද්දෙට දෙපැත්තට ඇරිලා යද්දි ගේ ඇතුලෙ ඉදලා මුලින්ම එළියට දුවන් ආවෙ පබසර.. ඊට පිටිපස්සෙන් නිලුයි රොහානුයි එළියට එද්දි මං ස්ටීරියන් වීල් එකට ඔළුව තියාගත්තා.. මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කදුළු ගලාගෙන එද්දි පබසර වාහනේ දොර ඇරලා මට කතා කරා..


    “මචං ගිමා.. මොකද මේ..? මොකක්ද සිද්ධ උනේ..?”


    ඌ හොදටම කලබල වෙලා.. නිලූගෙයි, රොහාන්ගෙයි කටහඩවල් ඇහුණත් මං ඔළුව ඉස්සුවෙ නෑ..


    “ඒයි මූ බීලද මංදා බං.. වරෙන්කො මූව එළියට ගන්න..”


    පබයයි රොහානුයි මාව එළියට ගද්දි මගේ කදුළු දැකලා නිලූ හොදට අප්සට් වෙලා.. ලේසියෙන් අඩන්නෙ නැති මගේ හැටි දන්න පබසරලා හිටියෙ ඊටත් වඩා අප්සට් වෙලා..


    “මට පාරමී නැති වෙන්නයි යන්නෙ රොහාන්..”


    “හරි හරි ගෙට යමුකො.. ගිහින් කතා කරමු..”


    “මගේ පුංචි කෙල්ල මට නැතිවෙන්න යන්නෙ..”


    හිතේ දුක වැඩි කමට මං එකම දේ ආපහු කිව්වා.. මාව ගෙට අරන් ගිය කට්ටිය බලෙන්ම වගේ මාව සැටිය උඩ ඉන්දවලා මගේ ළගින් ඉදගත්තා..


    “දැන් කියපං මොකද උනේ කියලා..”


    “සන්ධනායක අන්කල් පාරමීව අපේ හිරාන්ට දෙන්න හදන්නෙ..”


    “යකෝ ඒක හරි කතාවක්නෙ.. තාත්තා උනත් කොහොමද ළමයින්ව එහෙම බලෙන් බන්දලා දෙන්නෙ..?”


    කේන්ති ගිය පබසර කෑ ගහද්දිම තවත් වාහනයක් ඇවිත් නතර කරන සද්දෙ ඇහුනා.. පබයයි රොහානුයි මගේ දෙපැත්තෙන් ඉදගෙන ඉද්දි නැගිටලා දොර ළගට ගියේ නිලූ.. මං ඔළුව උස්සලා නිලූ දිහා බලද්දිම එයා බයවෙලා වගේ පස්සට ආවා.. ඒ වෙලාවෙ ගෙට ඇතුල් උනේ අපි කවුරුවත්ම හිතපු නැති කෙනෙක්.. ඒ තමයි සන්ධනායක අන්කල්..


    ඒ මූණ දැකලා මගේ අතපය වෙව්ලන්න ගනිද්දි පබයා මගේ උරහිසට තට්ටුවක් දැම්මා..


    “රිලැක්ස් මචං.. රිලැක්ස්..”


    “මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද දූ..?”


    මගේ මූණ දිහා හොදට බලපු අන්කල් ඒක ඇහුවෙ නිලූගෙන්..


    “ඉඳගන්න අන්කල්..”


    මේ වෙද්දි කට්ටිය සේරම හිටියෙ හොල්මන් වෙලා.. මහ හයියෙන් ගේට්ටුවත් කඩාගෙන අඩ අඩ ආපු මාවයි.. ඊට පස්සෙන් කලබල වෙලා ආපු අන්කල්වයි දැකලා මේ සීන් එක මොක්කද කියලා මෙයාලට හිතාගන්න බැරුව ඇති.. බැහැයි ඉතිං මාව හොයාගෙන සන්ධනායක අන්කල් මෙහෙ ආපු එක ගැන නිලූලට වඩා මම පුදුම උනා..


    “දූ ඔයත් මෙහෙන් ඉදගන්න.. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා..”


    “අන්කල් ඔයා කියන්න හදන්නෙ අපේ මල්ලියි, පාරමියි ගැන නම් ඒක නොකිව්වට කමක් නෑ..”


    කොහෙදෝ තිබුණ ෆිට් එකක් එක පාරටම හිතට එද්දි මං ඒක කිව්වෙ අන්කල්ගෙ මූණ දිහා තදට බලාගෙන.. ඒත් එයා අපේ ගෙදරදි සද්දෙ දාලා කතා කරාට දැන් තනියම කූල් ඩවුන් වෙලා.. ඔය ඩබල් ඇක්ටින් තමයි මට පේන්න බැරි..


    “මං දන්නවා ගිම්හාන පුතා ඉන්නෙ මාත් එක්ක තරහෙන් කියලා.. ඒත් මං කියන දේත් ටිකකට අහන්න..”


    “මචං පස්සෙ හම්බවෙමු.. මං යනවා..”


    රතු වෙලා තිබුණ ඇස්දෙක පිහදාලා මං සැටියෙන් නැගිට්ටා.. මට මේ බයිලා අහලා වැඩක් නෑ.. පාරමී මට ආදරෙයිනෙ.. ඒ නිසා මං එයාව මගේ ළගට ගන්නවා.. ඒකට මට අන්කල්ගෙ කැමැත්ත ඕනෙ නෑ..


    “මං කතා කරන්න ආවෙ ඔයා ගැන..”


    දොර ළගට අඩිය තියද්දිම අන්කල් කියපු කතාවට මාව ඉබේම නතර උනා.. ඒක දැකපු අන්කල් ඇවිත් මගේ උරහිසට අත තිබ්බා..


    “පුතා හිරාන් කියන්නෙ ලෙඩෙක්.. මේ වෙලාවෙ එයාගෙ කැමැත්තට ඉඩ නොදුන්නොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි..”


    “අන්කල් මේ.. ඔයා අනුන්ගෙ ළමයින්ගෙ කැමැත්තට ඉඩ දෙන්න කලින් තමන්ගෙ ළමයගෙ කැමැත්තට ඉඩ දෙන්න.. අනික හිරානෙ ලෙඩෙක් උනාට මම ලෙඩෙක් නෙමෙයි..”


    මගේ කතාවට අන්කල් එයාගෙ නළල දෙපැත්තට ඇගිලි තියලා තද කර ගත්තා.. මට නං වෙනදට අන්කල් ගැන දැනෙන ආදරේ ගෞරවය කිසිදෙයක් දැනුනෙ නෑ..


    “මොකක්ද බං මේකෙ තේරුම..? උඹලගෙ එෆෙයාර් එක ගැන අන්කල්ට කිව්වද..? හිරාන් කොහොමද මේකට එන්ටර් උනේ..?”


    තවත් බලන් හිටියොත් මොලේ විකාර වෙන නිසා ඊට කලින් පබයා කතාව මැද්දට පැන්නා..


    “ඒ කියන්නෙ මෙයාලගෙ සම්බන්ධෙ ඔයාලත් දැන්න හිටියද..? ඇයි කවුරුවත් මට ඒ ගැන නොකිව්වෙ..?”


    “අන්කල් අපි යාළුවන්ට සපෝට් එක දෙනවා මිසක් කේලං කිය කිය ඇවිදින්නෙ නෑ..”


    “ඔයාලා කොයි තරම් සපෝට් කලත් ඔය මගුල හරියන්නෙ නෑ.. පාරමී බදින්නෙ හිරාන්ව..”


    අන්කල් සැරට කියද්දි නිලූ එක පාරට මැද්දට ආවා.. කවදාවත් නැතුව එයාටත් හොදටම තරහා ගිහින්..


    “ආදරේ වටිනාකම ගැන එදා අපිට කියලා දීපු ඔයා ඇයි අද මේ විදියට කතා කරන්නෙ..? ඔයා දන්නවද අන්කල් පාරමී නංගි ගිම්හාන්ට පණ වගේ ආදරෙයි.. ඒ ආදරේ කඩලා බිදලා දැම්මොත් ඒ කෙල්ල මැරෙයි..”


    “නිලූ දූ මගේ පුංචි කෙල්ලට මමත් පණ වගේ ආදරෙයි..”


    “ඒ ආදරේ වැඩි කමටද අද පාරමීට ගැහුවෙ..?”


    මගේ කටේ සද්දෙට අන්කල් ගැස්සිලා ගියා..


    “මොනවා පාරමී නංගිට ගහලා..?”


    මෙච්චර වෙලා කට වහගෙන හිටපු රොහාන් ඇහුවෙ පුදුම වෙලා වගේ..


    “ඔව් මං මගේ කෙල්ලට ගැහුවා තමයි.. ඒත් ඒකට හේතු තියෙනවා..”


    “ඒකට එකම හේතුව එයා අන්කල්ගෙ කීමට කැමති නොවුණ එකනෙ..”


    “නෑ ඒකට එකම හේතුවයි තියෙන්නෙ.. ඒ තමයි.. ඒ තමයි..”


    අපි කවුරුවත් හිතපු නැති විදියට අන්කල් ඉකි ගහලා අඩන්න පටන් ගත්තා.. ඒ දිහා මං පුදුම වෙලා වගේ බලන් ඉද්දි රොහාන් අන්කල්ව ආපහු පුටුවෙන් ඉන්දෙව්වා.. යෝධ ප්‍රතිරූපයක් තියෙන මේ මනුස්සයා අපි ඉස්සරහ මෙහෙම පුංචි එකෙක් වගේ අඩද්දිනං මගේ හිතේ තිබුණ තරහා නිවිලා ගියා.. මං එයාගෙ පුටුව ළගින් දණ ගහලා ඉදගෙන ඒ මූණට එබුනා..


    “මට සමාවෙයං මගේ රත්තරං පුතේ.. මට සමාවෙයං.. මේ කිසිදේකට පාරමීවත්, උඹවත් වැරදි නෑ.. මමයි වැරදිකාරයා..”


    අන්කල් පිස්සුවෙන් වගේ කියාගෙන ගියේ මගේ මූණ අත් දෙකටම මැදි කරගෙන..


    “කොහොමද පුතේ මගේ දුවව උඹට දෙන්නෙ උඹ මගේ ලොකු පුතා වෙච්චිකොට..?”


    “මොකක්..?”


    හිත ඇතුලෙ අකුණක් පුපුරලා යද්දි මං ඒ සිමෙන්ති පොළොවෙ ඉදගත්තා..


    “ඔව් පුතේ මාව විශ්වාස කරපං.. මම කියන්නෙ ඇත්ත.. උඹ මට අන්කල් කියන වාරයක් වාරයක් ගානෙ මගේ පපුව පිච්චිලා යනවා..”


    “අන්කල් අපි මේ දකින්නෙ හීනයක්ද..?”


    මගේ ඇස් වලින් කදුළු කඩාගෙන හැලෙද්දි නිලූ හයියෙන් කෑ ගහලා ඇහුවා..


    “මේ මටත් හීනයක් වගේ දූ.. ඒත් මං ඒ හීනෙ අවුරුදු විසි පහක් රහසක් විදියට තියාගෙන හිටියා.. ඒත් ඒ රහස නිසා අද මගේ දුවයි පුතයි විදවනවා..”


    “එතකොට අන්කල් පාරමී මගේ නංගිද..? මේ දේවල් කොහොමද සිද්ධ උනේ..?”


    වචන පැටලෙද්දි මං බොහොම ආමාරුවෙන් ඇහුවා.. එයා ඒකට ඔළුව උඩටයි පහලටයි වැනුවෙ ඇස්වල කදුළු පුරවගෙන..


    දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද..? මං පණ වගේ ආදරේ කරලා තියෙන්නෙ මගේම ලේ තියෙන මගේම නංගිටද..? ඇස් දෙකෙන් දුම් පිටවෙද්දි මං අත මිට මොළවලා එතන තිබුණ බිත්තියට හයියෙන් ගැහුවා..


    “පිස්සුද මචං..? කූල් ඩවුන්..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ ඇගිලිකරු වලින් ලේ විසිවෙද්දි පබයා මගේ අත තදකරගත්තෙ මං ආපහු තුවාල කරගනියි කියලා වෙන්න ඇති.. ඒත් මට හිතුනෙ ආපහු පාරමීව දකින්න කලින් මේ ජීවිතේ නැති කරගන්න ඇත්නම් කියලා..

    හයියෙන් ඉකි ගහන සද්දයක් ඇහිලා ඔළුව උස්සද්දි නිලූ සෙටියෙ ගුලිවෙලා හොදටම අඩනවා.. ඒ විතරක් නෙමෙයි රොහාන්ගෙයි පබසරගෙයි ඇස්වලත් කදුළු..


    “මං මේ කියන දේ එක පාරක් අහලා මට සමාව දෙනවද නැද්ද කියලා තීරණේ කරපං මගෙ පුතේ..”


    “ඔව් මචං.. ඉස්සර වෙලා අපි මේක අහලා ඉමු.. එතකොට අපිට එදා නුවරඑළියෙදි ඇති වෙච්ච ප්‍රශ්න වලටත් උත්තර හම්බවෙයි..”


    “දැන් මට කිසිදෙයක් අහන්න ඕනෙ නෑ පබසර.. මට දැන් මගේ කෙල්ලව විතරක් නෙමෙයි මගේ අම්මයි තාතත්යිත් නැතිවෙලා ඉවරයි..”


    මං අඩ අඩ කියද්දි අන්කල් මගේ ලේ ගලන අත අල්ල ගත්තා..


    “එහෙම කියන්න එපා පුතේ.. උඹේ තාත්තා උඹට නැති උනේ නෑ.. මමයි උඹේ තාත්තා.. මේ අත දිගේ ගලන්නෙ මගේ ලේ..”


    “හරි අන්කල් අපිට හැමදේම මුල ඉදලා කියන්න.. දැන් මේක ගිම්හාන්ට විතරක් නෙමෙයි අපිටත් ප්‍රශ්නයක්..”


    අඩලා අඩලා ගොරෝසු වෙච්ච කට හඩකින් නිලූ කිව්වා..


    “මේකයි දූ සිද්ධ උනේ.. මගේ තාත්තා මාව ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම එයාගෙ වත්ත බලාගන්න දැම්මා.. ඒත් මට ඕන උනේ පුළුවන් තරම් නිදහසේ ඉන්න.. ඔය තේ වත්ත අස්සෙ හිරවෙලා ඉන්න මං කැමති උනේම නෑ.. ඒ නිසා තාත්තයි මගෙයි අතරෙ දිගින් දිගටම ප්‍රශ්න ඇති උනා..


    මගේ ප්‍රශ්න වලට කන් දෙන්නයි මාත් එක්ක කාලෙ ගෙවන්නයි වත්තෙ හිටියෙ එක මනුස්සයයි.. ඒ තමයි වත්තෙ මැනේජර් වෙලා හිටපු ජයරත්න..”


    අන්කල් තාත්තව මතක් කලා විතරයි අළුත් කදුළු වැල් දෙක්ක මගේ කම්මුල දිගේ ගලාගෙන ගියා.. මෙච්චර කල් යාළුවෙක් වගේ මාව ආශ්‍රය කරපු තාත්තා මගේ ඇත්ත තාත්තා නෙමෙයි කියලා හිත පිළිගන්න කැමති උනේම නෑ..


    “මං වත්තට කොයි තරම් අකමැති උනත් තාත්තා එක්ක තිබුණ ප්‍රශ්න නිසා මං ගෙදරින් පිටවෙලා ඇවිත් වත්තෙ නතර උනා.. ළමයි නැතුව පාළුවෙන් හිටපු ජයරත්නයි එයාගෙ නෝනයි මට සැළකුවෙ එයාලගෙ සහෝදරයෙක්ට වගේ.. ඔය අතරෙදි තමයි මං ජයරත්නගෙ කීමවත් අහන්නෙ නැතුව වත්තෙ වැඩ කරපු කෙනෙක්ගෙ දුවක් එක්ක යාළු උනේ.. ඒ වෙද්දි ඒ ගෑණු ළමයා ඉස්කෝලෙ යනවා..”


    “එයා කාගෙ කවුද..?”


    ඕනකමින් කතාව අහන් හිටපු පබසර එක පාරටම ඇහුවෙ මට දැනගන්න ඕන වෙලා තිබුණ ප්‍රශ්නයක්..


    “එයා වත්ත බලාකියාගත්තු අප්පුහාමිගෙ ඥාති දුවක්.. එයාගෙ නම සුභානි උනාට අප්පුහාමිලා හැමෝම කතා කලේ රෝසි කියලා.. එයා ඒ තරමට ලස්සනයි..”


    “ඉතිං..?”


    “ඔය කාලෙ වෙද්දි ජයරත්නගෙ නෝනා ළමයි නැති එකට බෙහෙත් කරන්න කොළඹ ගියා.. බංගලාවෙ ඉතුරු උනේ මමයි ජයරත්නයි විතරයි.. මං ජයරත්න එපා කියද්දිම රෝසිව බංගලාවටත් ගෙන්න ගත්තා.. කොළු කමට එහෙම කළාට එයාව අතාරින්න අදහසක් මට තිබුණෙ නෑ.. තාත්තලට පේන්නම රෝසිව කසාද බදින්නයි මට ඕන උනේ.. ඒත් අපේ තාත්තා යටතෙ වැඩ කරපු අප්පුහාමි ඒකට කැමති උනේ නෑ..”


    මුලදි කලබල උනාට දැන් නම් හැමෝම කතාව අහගෙන ඉන්නෙ දැහැනකට සම වැදිලා වගේ.. මං උනත් අමාරුවෙන් හරි ඒකට කන් දුන්නෙ ඒක අන්කල්ගෙ විතරක් නෙමෙයි මගෙත් කතාව වෙන නිසා..


    “ජයරත්නලා දිගින් දිගටම බෙහෙත් කලාට එයාලට දරුවෙක් ලැබෙන බලාපොරොත්තුව හරි ගියේ නෑ.. ඒත් කසාද බැදලවත් නැතුව අඩු වයසෙ හිටපු මං රෝසි නිසා තාත්තා කෙනෙක් වෙන ලකුණු පහළ උනා.. ඒත් ඒක කොහොම උනාද කියලා මට තේරුම් ගන්න බෑ.. කොහොම උනත් මං ඒ ගැන ගොඩක් සතුටින් හිටියෙ.. ජයේ අපේ තාත්තට මුකුත් නොකිව්වට වත්තෙ සමහර මිනිස්සු රෝසි ගැන තාත්තට කියලා.. එයා ඊට පස්සෙ හැදුවෙ මාව එතනින් අයින් කරන්න.. ඒත් මං රෝසි නිසා දිගටම එහෙ හිටියා.. මං කොයි තරම් ආදරෙන් රැකබලා ගත්තත් ළමයා හම්බවෙද්දි රෝසි නැතිඋනා.. එයා වගේම ලස්සන රෝස මලක් වගේ සුදු පුතෙක්ව මට දීලා රෝසි යන්න ගියා..”


    අත්දෙකෙන් මූණ වහගෙන හිටපු අන්කල් ටිකක් වෙලා අඩලා ආපහු කතාව කියන්න ගත්තා..


    “ඒත් රෝසිගෙ නෑදෑයෙක්ට කියලා හිටියෙ ඒ වෙද්දි අප්පුහාමි විතරයි.. අපි වත්තෙ මිනිස්සුන්ට දැනගන්න ඇරියෙ අඩු වයසෙ හිටපු නිසා ළමයා ලැබෙද්දි රෝසියි ළමයයි දෙන්නම නැති උනා කියලා..”


    “ඇයි අන්කල් එහෙම බොරුවක් කිව්වෙ..?”


    මං අහද්දි අන්කල් දිග හුස්මක් පිට කරලා පුටුවට හේත්තු උනා..


    “මගේ පුංචි පුතාව හදාගන්න ඕනෙ උනත් මට ඒක තනියම කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.. තනිකඩව හිටපු අප්පුහාමිට උනත් ඒක කරන්න බෑ කියලා මං දැනං හිටියා.. ඒ නිසා අපිඒ ළමයව ළමයි නැතුව ජීවිතේ එපා වෙලා හිටපු ජයරත්නට හදාගන්න දුන්නා..”


    “එතකොට අන්කල් ඒ ළමයා මමද..?”


    “ඔව් පුතේ.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඒ රෝස මල ඔයයි.. ඔයාගෙ ලස්සන බලලා ඔයාගෙ හුරතල්කම් බලලා මං හරියට සතුටු උනා.. ඒත් ඔයාට දැනුම් තේරුම් තියන වසයට එද්දි මං ඔයාගෙන් ඈත් උනා.. ජයේලා ඔයාව බලාගත්තෙ පුදුම ආදරේකින්.. ඔයාගෙ වියදමට සල්ලි එහෙම දුන්නට මං නිතර ඔයාව බලන්න ගියේ නෑ.. එහෙම උනා නං මට මගේ හිත පාලනය කරගන්න බැරි වෙනවා.. එහෙම උනානං ජයේලගෙ පවුලෙ සතුටත් නැති වෙලා යනවා..”


    “එතකොට තාත්තලට ළමයි නැත්තං හිරාන් කවුද..?”


    “ළමයි නෑ නෙමෙයි පුතා.. බෙහෙත් කරන එකත් නතර කරලා ටික කාලෙකට පස්සෙ කවුරුවත් හිතපු නැති විදියට එයාලට ළමයෙක් ලැබුණා.. එයාලගෙම පුතෙක්.. ඒ තමයි හිරාන්.. ඒ පවුල අංග සම්පූර්ණ වෙද්දි තමයි මට නිල්මිණීව මුණ ගැහුණෙ.. එයත් හරියට රෝසි වගේමයි.. ඉතිං මං එයාට ළං වුණා.. රෝසි ගැන විස්තර ළමයා ගැන විස්තර මං සේරම නිල්මිණීට කිව්වා.. එයා කිව්වෙ ජයේලට ළමයෙක් ලැබුණ නිසා අපි බැදලා ගිම්හාන පුතාව අපේ ළගට ගමු කියලා.. ඒත් ඒ දේ කරන්න බැරි තරම් එයා ඒ පවුලට බැදිලා හිටියෙ.. අනික එයාව ආපහු දෙන්න ජයේ කැමති උනේ නෑ.. ඒ නිසා අපි බැදලා බංගලාවෙන් පිට වෙනම පදිංචි උනා..”


    මහා දිග කතාවක් කියලා අන්කල් මගේ මූණට එබුණෙ දැන් සමාව දෙනවද නැද්ද කියලා අහන්න වගේ.. ඒත් මගේ හිත තිබුණෙ උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න ගොඩකට මැදිවෙලා..


    “පාරමී නුවර හෝස්ටල් වලයි ඔයාව කොළඹයි තියන්න අපි තීරණේ කලේ ඔයාලා අතරෙ ඔය වගේ සම්බන්ධයක් ඇතිවෙයි කියලා.. මං ජයේට කියලා ඔයාව රට යැව්වෙත් ඒ නිසයි.. ඒත් මට ඔයාවයි පාරමීවයි මගේ දුවයි පුතයි විදියට තියාගන්න ආස හිතුනා.. එදා මගේ උපන්දිනේට ඔය දෙන්නව අරන් මං නුවරඑළියෙ ගියේ ඒ නිසයි..


    මං හිතනවා මම කරපු ලොකුම වැරැද්ද ඔය දෙන්නව මේ ටික කාලෙදි ඕනවට වඩා ළං කරපු එක කියලා.. ඒකෙන් උනේ අයියයි නංගියි වෙච්ච ඔය දෙන්නා ආදරේ කරපු එක..


    මේ තාත්තා ආදරේ ගැන නොදන්න නරුමයෙක් නෙමෙයි පුතේ.. ඒත් මං කොහොමද ඔයාගෙම නංගිව ඔයාට බන්දලා දෙන්නෙ..?”


    “ඇති අන්කල් ඇති.. මට කියන්න පාරමී මේ දේවල් දන්නවද කියලා..?”


    මං අන්කල් කියලම කිව්වෙ එයාට තාත්තා කියන්න තරම් මගේ දිව නැමෙන්නෙ නැති නිසා..


    “ඒ කෙල්ල මේ කිසිදෙයක් දන්නෙ නෑ පුතා.. ඒකනේ ඔයාවම ඕනෙ කියලා අද දවල් රණුඩු කලේ.. ඒ වෙලාවෙ ගහනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”


    “දැන් මොකක්ද මචං අපි මේකට කරන්නෙ..? මේවා පාරමීට නොකියා අපි කොහොමද කෙල්ලව ෂේප් කරන්නෙ..?”


    පබයා ඇහුවෙ බයවෙලා වගේ.. පිටතින් සන්සුන් වෙලා හිටියට මගේ හිත කොයි තරම් කෑ ගහලා අඩනවද කියලා කාටවත් තේරුණේ නෑ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවාම එයාට කරන්න දෙයක් නොතිබුණා වෙන්න පුළුවන්.. ඒත් එයාලා සෙල්ලම් කරලා තිබුණෙ ජීවිත දෙක්ක එක්ක..


    එදා නුවර එළියෙදි අප්පුහාමි අන්කල් අපි දෙන්නව ගාඩ් කෙරුවෙත් මේ නිසා වෙන්න ඇති.. ආ පස්සට හිතාගෙන යද්දි මට හිතුනෙ මං ඈත් උනොත් කෙල්ල මොන තීරණේ ගනීද කියලා.. සමහර විට එයා ජීවිතේ නැති කරගන්න පුළුවන්.. එහෙම නැත්තං හිත හදාගෙන අපේ මල්ලිව බදින්නත් පුළුවං.. ඔය දෙකෙන් එකක්වත් වෙනවා මට බලන් ඉන්න පුළුවන්කමක් නෑ.. මං කොහොමද පාරමී හිරාන්ව බදිනවා බලන් ඉන්නෙ..