|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    12742626_1711086625828336_2001147272310019667_n.jpg


    1797508_1711103425826656_7792548468778967844_n.jpg


    12742426_1711011609169171_2645676211099212724_n.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට අනුමාන කරන කණ්‌ඩායම

    ලසිත් මාලිංග (නායක), ෂෙහාන් ජයසූරිය හෝ ලහිරු තිරිමාන තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ්‍රසි හෝ කසුන් රාජිත, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්‌වැල්ල.

    උපුටා ගැනීම දිවයින පත්තරෙන්:D:rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට අනුමාන කරන කණ්‌ඩායම

    ලසිත් මාලිංග (නායක), ෂෙහාන් ජයසූරිය හෝ ලහිරු තිරිමාන තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ්‍රසි හෝ කසුන් රාජිත, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්‌වැල්ල.

    උපුටා ගැනීම දිවයින පත්තරෙන්:D:rolleyes:

    anyone can guess this squad isn't it? :P
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    ශී‍්‍ර ලංකා පිල නම්කිරීම හෙට
    යොහාන් භාසුර | 17 FEBRUARY 2016 | බැලුවෝ 1220


    ලබන මාර්තු මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම හෙට (18) පෙරවරුව වන විට අවසන් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

    ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අනුග‍්‍රහකයා වන ‘ඩයලොග්’ සමාගම නිල වශයෙන් අනුග‍්‍රහය පිරිනැමීම වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවනාගාරයේදී ඊයේ පස්වරුවේ පැවැති උත්සවයේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

    ”ආසියානු කුසලානයට සහ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සංචිතය නම් කිරීම හෙට පෙරවරුවේ අවසන් කරන්න පුඵවන් වෙයි. ලෝක කුසලාන සංචිතය ලබන මාර්තු මස 01 වැනිදා දක්වා වෙනස්කම් කරන්නත් පුඵවන්”

    මීට පෙර නම් කළ පරිදි ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ නායකයා ලෙස ලසිත් මාලිංග, උප නායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ මැතිව්ස්ගේ සහයකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන්නේද යන ප‍්‍රශ්නයට සුමතිපාල මහතා මෙසේ පිළිතුරු සැපයීය.

    ”ඒක අපිට හෙට උදේට තීරණය කරන්න පුඵවන්..... ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරනවා. උප නායකයා ඇන්ජලෝ මැතිව්ස්”

    මෙහිදී සුමතිපාල මහතා දිනේෂ් චන්දිමාල්ගේ තනතුර පිළිබඳව සඳහන් කිරීම මග හැරියේය.

    ශ‍්‍රී ලංකා විස්සයි20 පිල නම් කිරීම ඊයේ පස්වරුව දක්වාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ බව වාර්තා වේ.

    වේග පන්දු යවන දිල්හාර ප‍්‍රනාන්දු සහ දකුණතින් පා දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරනවාද යන්න පිළිබුදව ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවී තිබූ බව වාර්තාවේ.

    නිරෝෂන් දික්වැල්ල ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීම පිළිබඳව මීට පෙර ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවී තිබූ නමුත් ඊයේ පස්වරුව වන විට දික්වැල්ගේ සහභාගිත්වය ස්ථිර වී තිබුණි.

    මේ අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර ඒ මහතා ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ විස්සයි20 තරගාවලියේදී ඉන්දීය විනිසුරුවන් ලබා දුන් ඇතැම් තීරණ පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළ අතර ඉදිරි තරගාවලිවලදී නිවැරදි විනිශ්චයන් ලැබෙනු ඇතැයි ද ඇමතිවරයා එහිදී පැවසීය.

    මෙම අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවට විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග, ඩයලොග් ආසියාටා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය මහතා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීහු ඇතුඵ විශාල පිරිසක් සහභාගි වූහ.

    ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ සංචාරක රථයක් ද ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.


    http://sinhala.wisdensrilanka.lk/article/8542
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ශ්‍රී ලංකා කණ්ඩායමේ 2009/10 කාලසීමාව තුළ නියෝජනය කළ
    තිලාන් තුෂාර වමතින් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායම තුළ රැඳී සිටියේය.
    2010 වසරේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට කණ්ඩායමේ තාවකාලිකව ඉවතට යාමට සිදු වූ අතර,
    එතැන් පටන් මේ දක්වාම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.
    කෙසේ වෙතත් තුෂාර මේ වනවිට පළමු පෙළ තරගවලදී දක්ෂතා දක්වා තිබුණත්
    ඔහුට කණ්ඩායමේ අවස්ථාවක් හිමිව නොමැත

    path(10).jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසන ආකාරයකට
    පළමු පෙළ තරගවලදී දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට
    ජාතික කණ්ඩායමට පැමිණීමට අවස්ථාවක් තිබේ.
    නමුත් මේ ක්‍රමවේදය තිලාන් තුෂාරට අදාළ වී නොමැත.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ පළමු පෙළ විස්සයි20 තරගාවලියේ
    දක්ෂතා දැක්වුවද තිලාන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවූයේ
    සෑම දෙනාටම එක හැන්දෙන් බෙදන තත්ත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට
    නොමැති නිසාවෙනි.

    Capture(452).jpg


    විස්සයි තරගාවලියේදී කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී.) නියෝජනය කරමින්
    තරග හයකට ක්‍රීඩා කරමින් ඉනිම හයක් තුළ ලකුණු 135ට කඩුලු 13ක් දවාගැනීමට
    තුෂාර සමත්වූයේ තරගාවලියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙසින්
    ඉදිරියට පැමිණෙමිනි. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමන්‍ය 10.38කි.
    එවැනි තත්ත්වයක් තිබියදී පවා තුෂාර කණ්ඩායමට ඇතුළත් නොවීය.
    එම තරගාවලියේදී ඔහුට වඩා අඩු දක්ෂතා දැක්වූ පන්දු යවන්නන්ද
    ඉන්දීය සංචිතයට තෝරාගෙන තිබුණු බව විචාරකයෝ පවසති.

    ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් වේගපන්දු යවන්නෙකුගේ හිඩැසක් තිබෙන අතර,
    දක්ෂ ක්‍රීඩකයෙකුට එම අවස්ථාව හිමිවීම කණ්ඩායම සමබර කිරීමට කරුණකි.
    වමතින් වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකු පළමු පෙළ තරගවලදී ක්‍රීඩා කර තිබුණද
    ඒ සියල්ලන්ම අබිබවා දක්ෂතා දැක්වීමට තිලාන් සමත්ව තිබේ. තත්ත්වය එසේ තිබියදීත්
    තුෂාර කණ්ඩායමට එක්කර නොගන්නේ කුමන කරුණක් මතදැයි යන්න පිළිබඳව
    බලධාරීන්ගේ කරුණු විමසන ක්‍රිකට් විචාරකයෝ, ක්‍රිකට් තේරීම් කමිටුවටත්
    ඉහළින් සිටින අදිසි හස්තයක් බලාත්මක වී ඇත්දැයි විමසති.

    Thilan.jpg


    http://www.ada.lk/article/143679/%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%AF?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    DSC_0142.jpg


    DSC_0154.jpg


    ඇයි බන් Cricket වලටයි අනිත් Sports වලටයි දෙවිදියක්
    මුනුත් රටට කීර්තියක් ගෙනාපු අයනේ දකුණු ආසියාතික උළෙලේ
    Cricket ගහලා දින්නා නම් බලන්න තිබ්බා චෙක් වල තියෙන ගනන්
    වරායේ අයට තමයි මේ දීලා තියෙන්නේ
    අනිත් අයට එහෙමවත් දීලා නැද්ද දන්නේ නෑ

    :(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන් අපි පැරදුනා

    ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති විස්සයි20 තරගාවලිය
    ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ඉන්දීය විනිසුරන්ගේ නිවැරදි නොවන
    තීරණ හේතුවෙන් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

    "පහුගිය තරගාවලියේ යම් පසුබෑමක් තිබුණත්. ඕනෑම වේලාවක නැගී සිටින කණ්ඩායමක්
    අපිට ඉන්නවා. ශක්තිමත්ව ආසියානු ශූරයන් වෙලා ලෝක කුසලානයට යා යුතුයි.
    අවසන් තරගය පැරදුනේ ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන්.
    නමුත් මේ අවස්ථාවේදී එවැනි දෙයක් සිදු නොවේවි.
    ඉන්දීය තරගාවලියට වඩා හොඳ විනිසුරන් ලැබේවි" යැයි අමාත්‍යවරයා පැවැසීය.

    DSC_9408.JPG


    මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ
    ඉන්දියාව හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී විනිසුරු තීරණ දෙකක් පිළිබඳව ගැටලු ඇති බවත්
    ඒ පිළිබඳව තරගතීරකට මෙන්ම අයි.සී.සීයට පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි.

    DSC_9368.JPG


    රටවල් දෙකක් අතර තිබෙන තරගාවලියකදී ඒ රටට අභිමතය පරිදි විනිසුරන් තොරාගත හැකි නමුත්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන තරගයකදී එවැනි ආකාරයකට විනිසුරන්
    යෙදවීමක් සිදු නොවන බවයි.

    අසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක
    වශයෙන් ඩයලොග් සමාගම කටයුතු කරන අතර ඒ සඳහා වන අනුග්‍රහය පිරිනැමීම
    වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්චාව සංවිධානය කර තිබුණි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා "මාලිංගගේ නායකත්වය යටතේ
    ආසියානු හා ලෝක කුසලානයට සහභාගිවෙනවා. ලසිත් ඇතුළු කණ්ඩායම ආසියානු කුසලානය
    ජයගැනීමට සටනක් දීම අපට අවශ්‍යයි. ලෝක කුසලානයට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම
    ආසියානු ශූරයන් ලෙසයි යන්නේ.
    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත් අපි නිසා
    ලසිත්ට ආසියානු කුසලානය නොගෙන ආවොත් එයට එකගවෙන්න අපිට බෑ" යැයි පැවැසීය.
    මෙම අවස්ථාව සඳහා විස්සයි20 නායක ලසිත් මාලිංග, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක
    නිලධරී ආචාර්යය හාන්ස් විජේසූරිය, ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා,
    උපසභාපති ජයන්ත ධර්මදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    DSC_9345.JPG


    DSC_9346.JPG


    DSC_9349.JPG


    DSC_9353.JPG


    DSC_9360.JPG


    DSC_9376.JPG


    DSC_9377.JPG


    DSC_9419.JPG


    DSC_9443(1).jpg


    DSC_9456(1).jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Kauda Aluth Thread ekak Danne Asia Cup ekata mama Danna da nathna ara
    Hanari :lol::lol: Danawa lu da ?

    uba dapan. uma danna ona kiyala sean ekak ne. kokatath ahapan. reserve da danne ne ne. henry world cup thread eka nam danna ona kiya kiya hitiya :dull:
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    Asia Cup 2016 Qualifying Group match heta patangannawa !

    Qualifying Group, 1st Match: Afghanistan v U.A.E. at Fatullah (Outer)
    Feb 19, 2016 (15:00 local | 09:00 GMT | 14:30 IST)