1.6 [FONT="]ශරීර වර්ග ([/FONT]Body Type[FONT="])[/FONT]
[FONT="]
පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට ශරීර වර්ග කිරීමේදී කුඩා, මධ්‍යම හෝ විශාල ශරීරයක් ලෙස වෙන්කර හඳුනාගැනීමට ප්‍රධාන වශයෙන් උපකාරී වනුයේ ඇටසැකිල්ලේ ප්‍රමාණය සහ ඇට සැකිල්ල වටා ඇති මාංශ පේශී සහ මේද ප්‍රමාණ්‍ය මතය. ඇට සැකිල්ලේ ප්‍රමාණය අනුව ප්‍රද්ගලයන් වර්ග කිරීමේදී සාමාණ්‍ය උසකින් යුතු පිරිමි අයෙකුගේ නම් මැණික් කටුව ප්‍රදේශය මැන ඒ අනුව එම අගය 7ට අඩු නම් කුඩා ශරීරයක් [/FONT]
(Small Frame) [FONT="]
ලෙසද 7ත්, 8ත් අතර නම් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ([/FONT]
Medium Frame[FONT="]
)[/FONT][FONT="]
ලෙසද, 8ට වැඩි නම් විශාල ප්‍රමාණයේ ශරීරයක් ([/FONT]
Large Frame[FONT="]
)[/FONT][FONT="]
ලෙසද හදුන්වනු ලැබේ.[/FONT]
[FONT="]
මෙලෙස මැණික් කටුව ප්‍රදේශයේ මිණුම් ලබාගනුයේ ඒ ආශ්‍රිතව මාංශ පේශීන් සහ මේද තැන්පත් වීම අඩු නිසා එම ප්‍රදේශයේ කෙලින්ම අස්ථියේ ප්‍රමාණය මැණ ගැනීමට හැකි නිසාය. එම ප්‍රමාණය අනුව සම්පූර්ණ ඇට සැකිල්ලේ ප්‍රමාණයද වෙනස්වන අතර, පුද්ගලයන්ගේ ශරීර, අස්ථි පද්ධතිය අනුව වර්ග කිරීමේදී ඉහත ක්‍රමය උපයෝගි කරගෙන ක්‍රඩා ප්‍රමාණයේද, මධ්‍යම ප්‍රමාණයේද හෝ විශාල ප්‍රමාණයේ ශරීරයක් ඇති අයකුදැයි වෙන් වෙන් වශයෙන් හදුනාගත හැක.[/FONT]
[FONT="]
මාංශ පේශීන් සහ මේද ප්‍රමාණය මත පුද්ගලයින් ශරීර වර්ග කිරීමේදී, ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක.[/FONT]
i. [FONT="]
එක්ටොමර්ප් ([/FONT]
Ectomerph[FONT="]
)[/FONT]
ii. [FONT="]
මෙසෝමර්ප්[/FONT]
(Mesomerph)
iii. [FONT="]
එන්ඩෝමර්ප්[/FONT]
(Endomerph)
[FONT="]පහත රූප සටහන මගින් ඔබට ඔවුන්ගේ ශරීර සැකැස්ම පිළිබ[/FONT][FONT="]ඳව මනා වැටහීමක් ලැබෙනු ඇතැයි සිතමි.[/FONT]
[FONT="]එක්ටෝමර්ප් ([/FONT][FONT="]Ectomerph[/FONT][FONT="])[/FONT]
[FONT="]
ස්වභාවයෙන්ම කෙසඟ සිරුරක් හිමි මෙම ශරීර වර්ගයේ පුද්ගලයන්ගේ අස්ථි පද්ධතිය පටු ස්වභාවයක් ගනී. මෙම හේතුව නිසා මොවුන්ගේ ශරීර බොහෝ විට කුඩා ප්‍රමාණයේ ශරීරයන් වන අතර, මෙම පුද්ගලයන්ගේ ශරීරයේ මාංශ පේශී ප්‍රමාණයද ඉතාමත් අඩු මට්ටමක පවතී.. බොහෝ අවස්ථාවලදී මෙබඳු පුද්ගලයන් තම ශරීර ස්වරූපය පිළිබඳව දුකින් පසුවන අතර, ව්‍යායාම මධ්‍යස්ථානයකට ගොස් ක්‍රමවත්ව ව්‍යායාම මාලාවක් අනුගමනය කිරීමෙන් සහ පෝෂ්‍යදායී, ශක්ති ප්‍රමාණ්‍ය (කැලරි) වැඩි ආහාර පාන අනුභවයෙන් මෙම ශරීර ස්වභාවය වෙනස් කර ගැනීමේ හැකියාව ඇත.[/FONT]
[FONT="]
මෙම ශරීර වර්ගය සහිත පුද්ගලයාගේ මාංශ පේශී සැකැස්ම සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/FONT][FONT="]
Low Twitch[/FONT][FONT="]
)[/FONT][FONT="]
වැඩි ප්‍රමාණ්‍යක් සහ වේගවත් හැකුළුම් මාංශ පේශී තන්තු [/FONT][FONT="]
(Fast Twitch) [/FONT][FONT="]
අඩු ප්‍රමාණ්‍යකුත් පිහිටා ඇති අතර, මෙම හේතුව නිසා මෙම පුද්ගලයන්ගේ දරා ගැනීමේ හැකියාව ([/FONT][FONT="]
Endurance[/FONT][FONT="]
)[/FONT][FONT="]
වැඩිපුර අවශ්‍යවන ක්‍රීඩා ඉසව් හොඳින් පුහුණුවී ඒ සඳහා යොමු වීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේ. උදාහරණයක් වශයෙන් දුර දිවීමේ ශූරයන්, පිහිණුම් ශූරයන් සහ සයිකල් ශූරයන් ශරීර සැකැස්ම අධ්‍යනය කර බලන්න.[/FONT]
[FONT="]
එලෙසම කායවර්ධන ලෝක ශූරතාවය දෙවරක්ම දිනූ තැනැත්තා ෆ්‍රෑන්ක් සේන් ([/FONT][FONT="]
Frank Zane[/FONT][FONT="]
) නැමැති කායවර්ධන ශූරයාද මෙම ශරීර වර්ගයට අයත් වූ අතර ක්‍රමාණුකූල පුහුණුව මඟින් ලෝක ශූරතා මට්ටම තෙක් තම ශරීරය වර්ධනය කර ගන්නා ලදී. මේ නිසා තම ශරීර සවභාවය ගැන දුකින් පසුවනවාට වඩා අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ක්‍රමාණුකූල ව්‍යායාම මාලාවක් සහ පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් තම ස්වරූපය වෙනස් කරගත හැක.[/FONT]
[FONT="]මෙසෝමර්ප් ([/FONT][FONT="]Mesomerph[/FONT][FONT="])[/FONT]
[FONT="]
ඉහත සඳහන් කල ශරීර වර්ග තුන අතුරින් ඉතාමත් වාසනාවන්ත ශරීර වර්ගය ඇත්තන් ලෙස මෙම වර්ගය හැඳින්විය හැකිය. එයට හේතුව ව්‍යායාමයන්හී යෙදීමකින් තොරවද මෙබඳු ශරීර ඇත්තන්ගේ ඉතාමත් තද, ක්‍රමානුකූලව වැඩුණු මාංශ පේශීන් දැකිය හැකි අතර, මේද ප්‍රමාණයද ඉතා අවම මට්ටමක පවතින නිසාවෙනි. අස්ථි පද්ධතියද මදක් විශාල වන අතර, මාංශ පේශීන් ඝණය. මෙවැනි ශරීර සැකැස්මක් ඇති පුද්ගලයන්ගේ ශරීර ශක්තිය සහ දරාගැනීමේ හැකියාවද ඉතා උසස් මට්ටමක පවතී. කායවර්ධන ක්‍රීඩාව සඳහා වඩාත් උචිත ශරීර වර්ගය මෙය වන අතර, ක්‍රමානුකූලව පුහුණුවීමෙන් සහ හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් ඉතාමත් දක්ෂ කායවර්ධන ශූරයකු බවට පත්වීමට මෙම ශරීර වර්ගය ඇත්තන්ට ඉතාමත් හොඳ අවස්ථාවක් ඇත.[/FONT]
[FONT="]
මෙම ශරීර වර්ගය තනිව පිහිටනවාට වඩා අපට දැකිය හැකි වන්නේ අනෙකුත් වර්ග දෙක සමග එකතු වී සෑදුන ශරීර වර්ගය. එය කොටස් දෙකකට බෙදිය හැක.[/FONT]
[FONT="]
ii. (a) [/FONT][FONT="]
එක්ටෝ මෙසෝමර්ප් ([/FONT][FONT="]
Ectomesomerph[/FONT][FONT="]
)[/FONT]
[FONT="]
ii. (b) [/FONT][FONT="]
එන්ඩෝ මෙසෝමර්ප් ([/FONT][FONT="]
Endomesomerph[/FONT][FONT="]
)[/FONT]
[FONT="]ii. (a) [/FONT][FONT="]එක්ටෝ මෙසෝමර්ප් ([/FONT][FONT="]Ectomesomerph[/FONT][FONT="])[/FONT]
[FONT="]
එක්ටෝමර්ප් [/FONT][FONT="]
(Ectomerph) [/FONT][FONT="]
සහ මෙසෝමර්ප් ([/FONT][FONT="]
mesomerph[/FONT][FONT="]
)[/FONT][FONT="]
යන ශරීර වර්ග දෙකේ ලක්ෂණ වල සංකලනයෙන් සෑදී ඇති මෙම ශරීර වර්ගය ඇති පුද්ගලයන්ගේ මේද තැන්පත්වීම ඉතා අඩු අතර, මාංශ පේශීන් වර්ධනය කිරීම සඳහා තරමක් වෙහෙස වී ව්‍යායාම කල යුතුය.[/FONT]
[FONT="]ii. (b) [/FONT][FONT="]එන්ඩෝ මෙසෝමර්ප් ([/FONT][FONT="]Endomesomerph[/FONT][FONT="])[/FONT]
[FONT="]
එන්ඩෝමර්ප් ([/FONT][FONT="]
Endomerph[/FONT][FONT="]
)[/FONT][FONT="]
සහ මෙසෝමර්ප් ([/FONT][FONT="]
Mesomerph[/FONT][FONT="]
)[/FONT][FONT="]
යන ශරීර වර්ග දෙකේ ලක්ෂණ වල සංකලනයෙන් මෙම ශරීර වර්ගය සෑදි ඇති අතර, මෙවැනි පුද්ගලයන්ගේ මාංශ පේශී වර්ධනය හොඳින් සිදුවන අතර, මේදය තැන්පත් වීමද වැඩිය. මෙවැනි පුද්ගලයන්ගේ බර ඉසිලීමේ ව්‍යායාමයන්ට අමතරව මේද දහන ව්‍යායාමද සතියකට වරක්වත් කිරීම වඩා සුදුසුය. එන්ඩෝමර්ප් ([/FONT][FONT="]
Endomerph[/FONT][FONT="]
)[/FONT][FONT="]
ශරීර වර්ගය පිළිබඳව ඊලඟට සාකච්ඡා කරන අතර, එය කියවා අවබෝධ කරගෙන නැවත මෙම කොටස කියවීමෙන් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.[/FONT]
[FONT="]iii[/FONT][FONT="] එන්ඩෝමර්ප් ([/FONT][FONT="]Endomerph[/FONT][FONT="])[/FONT]
[FONT="]
විශාල ප්‍රමාණයේ අස්ථි පද්ධතියකින් සහ වඩාත් තද නැති, ලිහිල් මාංශ පේශීන්ගෙන් සහ මේදය ඉතා විශාල ලෙස තැන්පත් වී ඇති ශරීර, මෙම වර්ගයට අයත් වේ. මොවුන්ගේ ශරීර හැඩය වෙනස් කර ගැනීම සඳහා මේද දහන ව්‍යායාම මෙන්ම බර ඉසිලීමේ ව්‍යායාම වලද යෙදිය යුතු අතර, ආහාර පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්විය යුතුය. මනා ආහාර පාලනයක් සහ වඩාත් ක්‍රමවත් ව්‍යායාම මාලාවක් අනුගමනය කරමින් ශරීරයේ හැඩය වෙනස් කරගැනීමට මෙවැනි පුද්ගලයන්ට හැකියාව ඇත. කායවර්ධන ක්‍රීඩාවෙන් ලෝක ශූරතා මට්ටමේ දස්කම් දැකවූ ලූ ෆෙරිග්නෝ ([/FONT][FONT="]
Lou Ferigno[/FONT][FONT="]
)[/FONT][FONT="]
නැමැති කායවර්ධන ශූරයා මෙම ශරීර වර්ගයට අයත් වූ අතර, ක්‍රමානුකූල ව්‍යායාම මාලාවක් අනුගමනය කිරීම සහ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම තුළින් දක්ෂ කායවර්ධන ශූරයකු බවට පත්විය. [/FONT]
[FONT="]
මෙවැනි ශරීර ඇති පුද්ගලයන්ගේ මාංශ පේශී සැකැස්මේදී සෙමින් හැකිලෙන මාංශ පේශී ([/FONT][FONT="]
Slow Twitch[/FONT][FONT="]
)[/FONT][FONT="]
අඩු ප්‍රමාණයක් සහ වේගවත් හැකුළුම් මාංශ පේශී තන්තු [/FONT][FONT="]
(Fast Twitch) [/FONT][FONT="]
විශාල ප්‍රමාණයකින්ද සෑදී ඇති හෙයින් මෙම පුද්ගලයන්ගේ ක්ෂණිකව ශක්තිය නිපදවීමේ හැකියාව වැඩි අතර, දරාගැනීමේ හැකියාව ඉතාමත් අඩුය. මෙම හේතුව නිසා මෙවැනි පුද්ගලයින් බර එසවීම [/FONT][FONT="]
(Weight Lifting)[/FONT][FONT="]
, සවි එසවීම ([/FONT][FONT="]
Power Lifting[/FONT][FONT="]
), යගුලිය දැමීම වැනි ක්‍රීඩා හොඳින් පුහුණුවී එම ක්‍රීඩාවන් කරා යොමු වීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵලයක් අත්කර ගත හැක.[/FONT]
[FONT="]
ඉහත සඳහන් කරුණු අධ්‍යනය කිරීමෙන් තමාගේ ශරීරය කුඩා ප්‍රමාණයේද ([/FONT][FONT="]
Small Frame[/FONT][FONT="]
), මධ්‍යම ප්‍රමාණයේද ([/FONT][FONT="]
Medium Frame[/FONT][FONT="]
)[/FONT][FONT="]
නැතහොත් විශාල ප්‍රමාණයේද ([/FONT][FONT="]
Large Frame[/FONT][FONT="]
)[/FONT][FONT="]
කියාත්, එක්ටෝමර්ප්ද ([/FONT][FONT="]
Ectomerph[/FONT][FONT="]
), මෙසෝමර්ප් ද ([/FONT][FONT="]
Mesomerph[/FONT][FONT="]
), නැතහොත් එන්ඩෝමර්ප් ද [/FONT][FONT="]
(Endomerph) [/FONT][FONT="]
හෝ එන්ඩෝමෙසෝමර්ප්ද [/FONT][FONT="]
(Endomesomerph) [/FONT][FONT="]
කියා මනා අවබෝධයක් ලැබී ඇතැයි සතමි. තමාගේ ජානමය කරුණු මත තමා අයත්වන ශරීර වර්ගය තීරණය වුවත් දක්ෂ ශාරීරික යෝග්‍යතා උපදේශකවරයෙකුගේ නිසි මඟ පෙන්වීම යටතේ ක්‍රමානුකූලව නිවැරදිව ව්‍යායාමයන්හී යෙදීමෙන් සහ ක්‍රමවත් ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් තම ශරීර වර්ගය වෙනස් කර ගැනීමේ හැකියාව ඇත. මේ නිසා තමාගේ ශරීර වර්ගය කුමක් වුවත් නිවැරදි ව්‍යායාමයන්හී යෙදීමත්, ක්‍රමවත් ආහාර රටාවකට යොමු වීමත් සහ මනා කැපවීමත්, අධිෂ්ඨානයත් ඇත්නම් ජානමය කරුණු මත ඔබට ලැබී ඇති ශරීර ස්වභාවය වෙනස්කර ගැනීමට ඔබට හැකියාව ඇත.
[/FONT]