෴ සිංහලයෝ ෴..

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    14691106_929975680467809_5974449077493802609_n.jpg

    " අපි මහා චෝල අධිරාජ්‍ය පැරදවුයෙමු. අපි කාලිංඝ මාඝ ද පැරදවුයෙමු. එහෙත් අපට ලෝකය දිනීමට අවශ්‍ය නොවී ය. අපට අපගේ රන්බිම අපේ සිරිලක් පොලොව හැර වෙනත් බිමක් නැත. පෘතුගීසින් අපව ගෙරිහමකින් රැවටුහ. එහෙත් අපි උන්ගේ තුවක්කු බලා ලෝකයේ හොඳ ම තුවක්කු සැදුයෙමු. ඒවායින් උන්ට ලෝකයේ දරුණු ම පරාජයන් ලබාදුන්නෙමු.එහෙත් අපි රැවටෙන සුළු ජාතියක් වෙමු. 1815 දී ඉංග්‍රීසින් අප ව ගිවිසුමකින් යටත් කරගත්හ. නැවතත් නිදහස දිනූ අපි 2015 දී බටහිර අධිරාජ්‍යවාදය හමුවේ රැවටී ඒ නිදහස බිලිදුනිමු . එහෙත් අපි ඒ යුගය සදහට ම අවසන් කරමු. මෙරට වෙසෙන සියලු අනන්‍යතාවලින් යුත් ජනීජනයා අපගේ ගැමුණු මහරජුගේ දරුවෝ වෙති. එතුමන් කල රන් මැලි සෑය අපේ ජාතියේත් දේශයේත් ජීවමාන සංකේතයයි. ඒ දෙස බලා ‘මේ මගේ උරුමය’ යයි අභිමානවත් විය හැකි සියල්ලෝ ස්වකිය ඇදහිලි විශ්වාස කවරක් වේවා මේ රටේ ඓතිහාසික සිංහල ජාතිකත්වය සමග රොද බැඳ ගත්තෝ වෙති. මෙරට වෙසෙන සියලු ඇදහිලි හා උපසංස්කෘතීන් එකතුකරමින් එක මවගේ දරු කැල මෙන් අපි අපේ මව්බිමේ නිදහස උදෙසා ඉදිරියට ම යමු."

    https://web.facebook.com/sinhalayo.org/