෴|සිංහ පියා පැටවුන් දකි!!|෴

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ෴|සිංහ පියා පැටවුන් දකි!!|෴

    සිංහ පියා පැටවුන් දකි
    35(88).jpg

    සිංහ පියෙකු පළමු වතාවට තම දරු පැටවුන් මුණගැසෙන අයුරු දැක්වෙන සංවේදී ඡායාරූපයන් පෙලක් අන්තර්ජාලය වෙත එක් කිරීමට ඇමරිකාවේ සෙරෙන්ගෙටි සත්ත්වෝද්‍යානයේ සේවකයෝ කටයුතු කර ඇත්තාහ.

    මාස 6 ක් වයසැති කමාලි,සලිකා,හා ඇන්ගලියා යන නම් ඇති සිංහ පැටවුන් තිදෙන තම පියාවන සවාඩි මන්ගු මෙසේ හමුවූහ.ඔවුන්ගේ මව වන නෙකා පසෙකින් සිට බලා සිටියාය.

    සවාඩි ප‍්‍රචණ්ඩ පෙනුමැති සිංහයෙකු වුවද ඔහු තම පැටවුන් වහා හදුනාගෙන ඔවුනට ආදර සැළකිලි දැක්වූ බව සත්ත්වෝද්‍යානයේ සේවකයෝ කියන්නෝය.‘‘මමයි රජා‘‘ යැයි ඇගවීමට වරක් දෙවරක් ගෙරවූවද පැටවුන් හමුවේ පියෙකුගේ චරිතයට සවාඩි හොදින් පණ පෙවූ බව ඔවුහු පවසන්නෝය.

    මෙම ඡායාරූපයන් ලොව පුරා සත්ත්ව ලෝලිනගේ ආකර්ෂණය දිනා ගැනීමටත් සමත්ව තිබේ.

    35(88).jpg


    32(100).jpg


    33(98).jpg

    uputa ganimaki :)


     
    Last edited: