[FONT="]මං ළඟටම ආපු හර්ෂි මගේ අත අල්ලගෙන අඬන්න ගත්තා.. සුදු මූණ හොඳටම රතු වෙලා. පුංචි ඇස්වලින් කඳුළු හෝ ගාලා ගලනවා. මටත් දැන් හෙණට අප්සට්.[/FONT]
[FONT="]“ඉතිං රිසාල්ට් කියන්නකො හර්ෂි.. ඇරත් ඔයා කිව්වනේ හොඳට ලිව්වා කියලා.. අප්සට් වෙන්න විදියක් නෑනෙ..”[/FONT]
[FONT="]“[/FONT][FONT="]A – 01යි.... B – 3 යි....”[/FONT]
[FONT="]හර්ෂි ඒහෙම කිව්වම මාත් කරකවලා අතෑරියා වගේ වුණා.. යකෝ මෙච්චර රිසල්ට් තියාගෙනද මේකි අඬන්නෙ..[/FONT]
[FONT="]“මගෙ අම්මේ.. බුදු ෆිට්නේ හර්ෂි.. මෙච්චර හොඳට රිසාල්ට් තියාගෙන ඔයා අඬනවා.. පිස්සුද මංදා.. දැන් නම් ඉතිං මට පාටියක් ඕන..”[/FONT]
[FONT="]“මො... මොන පාටිද අයියා.. ම.. මම්මලා බනී.. රිසාල්ට් මදි කියලා.. අ.. අනේ.. මං මොනවද කරන්නෙ දේව් අයියා..”[/FONT]
[FONT="]ආයෙත් හර්ෂි අඬන්න ගත්තා. මෙහෙම අඬන්න ගියොත් ඉස්කෝලෙ හැම එකාම වෙන මොනව හරි හිතාවි. ඒක හන්දා මං හර්ෂිවත් අඬ ගහගෙන ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ආවා.[/FONT]
[FONT="]“ඔයත් මාර කතානේ අහන්නෙ හෂි.. රිසාල්ට් අප්සට් ගිහින් හුඟක් ඈයො අඩන්නෙ.. ඔයා අඬන්නෙ රිසාල්ට් හොඳ වැඩිවෙලා..”[/FONT]
[FONT="]මං එහෙම කිව්වම හර්ෂි ඇස් ලොකු කරලා මං දිහා බැලුවා.[/FONT]
[FONT="]“බාප්පලා මට වියදම් කරන්නෙ එක පාරින්ම කැම්පස් යන්නයි කියලා අයියෙ.. ඉතිං ඩිංගක් රිසාල්ට් අඩු වුණාම මට බය හිතුණා..”[/FONT]
[FONT="]හර්ෂිට කොහොම තේරුම් කරන්නද මංදා.. මේ රිසාල්ට් හොඳටම ඇති කැම්පස් යන්න.. දැන් මේකම ආයෙත් කියන්න ගියොත් මං පිස්සෙක් වෙනවා.. ඒක බුදු ෂුවර්..[/FONT]
[FONT="]“ඒක නෙමේ හර්ෂි.. අද නම් මට ඔයත්තෙක්ක වැඩිවෙලා ඉන්න වෙන එකක් නෑ..”[/FONT]
[FONT="]ඇයි කියල අහන්න වගේ එයා මං දිහා බැලුවා.[/FONT]
[FONT="]“පහුගිය දවස්වල අම්මට හුඟක් අමාරු වුණා.. පපුවෙ සෙම තදවෙලා.. බෙහෙත් හෙම බිව්වට පස්සෙ තමයි ටිකක් විතර හරි ගියේ..”[/FONT]
[FONT="]හර්ෂිගෙ ඇස් දෙක ලොකු වුණා. ඒ ලොකු වුණ ඇස් මං දිහාවට හැරෙව්වාමයි මං දැක්කෙ.. ඒ ඇස්වල තිබ්බ දුක.[/FONT]
[FONT="]“අ.. අනේ ඇයි අයියෙ මට කලින් නොකිව්වෙ..? මං.. එනවනේ අම්මව බලන්න..”[/FONT]
[FONT="]“නෑ.. ඉතිං පහුගිය දවස්වල ඔයාව හම්බවුණේ නෑනෙ.. ඒකයි මට කියන්න බැරි වුණේ..”[/FONT]
[FONT="]“අයියෙ.. මට අම්මා කෙනෙක් නෑ.. මං දන්නවා අම්මා කෙනෙක්ගෙ අගේ... හැම අම්මා කෙනෙකුටම මං ආදරෙයි දෙයියනේ..”[/FONT]
[FONT="]හර්ෂිගෙ හිත පුපුරලා ගියපු විත්තිය මට තේරුණා.. හර්ෂිට අහිමි වෙච්ච ඒ සෙනෙහසට ගලන කඳුලු බිංදු එයාගෙ මූණ දිගේ බේරෙන හැටිත් මං දැක්කා.[/FONT]
[FONT="]“ම.. මං.. එන්නද අයියෙ ඔයාලහ, අම්මව බලන්න..?”[/FONT]
[FONT="]බිඳිලා ගියපු හඬින් හර්ෂි මගෙන් ඇහුවා. ඒත් ඒකට උත්තරයක් මං දුන්නෙ නෑ.. එයාගෙ අතින් තද කරලා අල්ලගෙන මං ගෙදර එන්න හැරුණා.. හර්ෂීගෙ මූණට ඒ වෙලාවෙ ආවෙ කියා ගන්න බැරි තරම් ලස්සන හිනාවක්. කඳුළු අස්සෙන් මතුවෙච්ච ඒ හිනාවට දෙන්න තියෙන වත්කම මොකක්ද කියලා හිතාගන්න බැරිව මං ගොලු වුණා.[/FONT]
[FONT="]“මෙන්න.. ලෙඩ්ඩු බලන්න අමුත්තො ඇවිත්..”[/FONT]
[FONT="]හර්ෂිත් එක්ක ඉස්තෝප්පුවට ගොඩවුණ ගමන්ම මං කෑගැහුවා.. ඉස්සෙල්ලම දුවන් ආවෙ අක්කා..[/FONT]
[FONT="]“හ.. හෂි..! අනේ නංගි.. කොහොමද ඔයාගෙ රිසාල්ට්..?”[/FONT]
[FONT="]හර්ෂිගෙ අතිනුත් අල්ලගෙන අක්කා රිසාල්ට් අහනවා. දැන් ඔය අත මගේ කියලා කියන්න හිතුණත් මං මුකුත් කියන්න ගියේ නෑ.. මොකටද අප්පෙ ඉල්ලන් කන්නෙ.. මෙච්චර දන්සැල් දාලා තියෙද්දි. හර්ෂිගෙ රිසාල්ට් අහලා ඉවර වෙලා අක්කා හර්ෂිවත් ඇදගෙන අම්මගෙ කාමරේට රිංගුවා. එක්කං ආපු මං තාම සාලෙ. මැදැයි..[/FONT]
[FONT="]ඔය අතරෙ තමයි.. මගේ කාමරේ ඇතුළෙන් ටක - ටොක, ටක - ටොක ගාලා සද්දයක් ඇහුණෙ.. කවුද යකෝ මගේ කාමරේ ඇතුළෙ කැරම් ගහන්නෙ..? දොර රෙද්ද ඇරලා මං එබුණා කාමරේට.. හුටා.. තාත්තයි, අයියයි දෙන්නම අද ගෙදර වගේ..[/FONT]
[FONT="]“කවුද චූටි ආවෙ..?”[/FONT]
[FONT="]සුදු ඉත්තෙකුට වලට යන්න ගහන ගමන් තාත්තා මගෙන් ඇහුවා.[/FONT]
[FONT="]“මේ අක්කගෙ යාළුවෙක්නේ..”[/FONT]
[FONT="]කැරම් බෝඩ් එක දිහා බලාගෙන මං කියලා දැම්මා.[/FONT]
[FONT="]“බොරු එපා ලොක්කා.. ඔයත්තෙක්ක එකට නේද ආවෙ..? මායි, තාත්තයි දෙන්නම ජනේලෙන් බලන් හිටියෙ.. දෙන්න ආපු හැටි..”[/FONT]
[FONT="]ක්.. කෙලියා නේද තාප්පෙට.. අලුතින් තාප්පෙ හදන්න වෙයි වගේ අද නම්. ඔක්කොටම කලින් මොකාක් හරි බොරුවක් පිඹින්න ඕන.[/FONT]
[FONT="]“න්..න්.. නෑ... මාත් ටිකක් අඳුනනවා.. ඒකයි කතා කර කර ආවෙ..”[/FONT]
[FONT="]මං කියපු එකට අයියට බකස් ගාලා හිනාගියා. ඒක හන්දම රෙඩ්ට ගහපු පාරක් වැදුණෙ නෑ. තාත්තත් ඔලුව උස්සල අමුතු හිනාවක් දාගෙන මං දිහා බැලුවා. මෙලෝ සංසාර දෙයක් දන්නැති ඉස්ගෙඩියෙක් වගේ, එයාල දෙන්නගෙන් කැපිල මං අම්ම ඉන්න කාමරේට ආවා. මෙන්න යකෝ අම්මයි, හර්ෂියි බර කතාවක්. මාත් සද්දයක් බද්දයක් නැතුවම අම්මගෙ ඇඳ උඩින් වාඩිවුණා.[/FONT]
[FONT="]“කවුද දේව්ද කිව්වෙ මට සනීප නෑ කියලා..?”[/FONT]
[FONT="]මාව දැකපු ගමන්ම අම්මා හර්ෂිගෙන් ඇහුවා. එයා මුකුත් නොකිය හිනාවුණා.[/FONT]
[FONT="]“බලන්න චූටි.. ඔයත් කරන වැඩ.. මේ දූගෙ වැඩත් පාඩුවෙනවා ඇති..”[/FONT]
[FONT="]“න්..නෑ ඇන්ටි.. අද ඉතිං කොහොමටත් තියෙන්නෙ ගිහින් උයනෙක තමයි.. තව ටිකක් වෙලා තියෙනව මම්මයි, බාප්පයි ගෙදර එන්න..”[/FONT]
[FONT="]“ඔන්න හර්ෂි නංගි.. අද නම් ඉන්නම ඕන දවල්ට කාලා යන්න..”[/FONT]
[FONT="]ඒ පාර අක්කගෙ සද්දෙ කුස්සියෙන් ඇහුණා.[/FONT]
[FONT="]“අනේ බෑ දේවකී අක්කෙ.. මං වෙන දවසක එන්නම්.. තරහා වෙන්න එපා හොඳේ.. මං දැන් යන්නත් ඕනනේ..”[/FONT]
[FONT="]තවත් ඩිංග වෙලාවක් අම්මා ළඟ ඉඳලා, දොළහ විතර වෙද්දි හර්ෂි අපි හැමෝගෙන්ම සමු අරන් ගියා.[/FONT]
[FONT="]“පව්.. අහිංසක කෙල්ල..”[/FONT]
[FONT="]මං පිටිපස්සෙන් අම්මගෙ කටහඬ ඇහුණා.. මං ගැස්සිලා වගේ අම්මා දිහා බැලුවා.[/FONT]
[FONT="]“මං හිතන්නෙ ගෙදරින් ඒ දූට සෑහෙන්න කරදර තියෙනව වගේ..”[/FONT]
[FONT="]අම්මා ආයෙත් කිව්වා. අක්කා මං දිහා බැලුවෙත්, මං බිම බලාගත්තෙත් එක මොහොතෙම වගේ.[/FONT]
[FONT="]හවස හතර විතර වෙද්දි මං ප්රශාන්ලහට ගියා. යකෝ මූ තමයි දවසකටවත් මිනිහා. ඌ තාම ගෙදර ඇවිත් තිබුණෙ නෑ... මූ නිශානිත් එක්ක කොයි තූත්තුකුඩියෙ රිංගුවද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. ඌ කොළඹ යනව කිව්වොත්, යන්නෙ මහියංගනේ.. නුවර යනව කිව්වොත් යන්නෙ කතරගම.. මූව මේ කපේ හදන්න බෑ.. ඒක මට ඉන්ෂූරන්ස් එකටත් වැඩිය ෂූවර්.[/FONT]
[FONT="]මං ආපහු ගෙදර එනකොට තාත්තා ආපහු කෑම්ප් එකට යන්න රෙදි ලෑස්ති කරනවා මං දැක්කා. මේ දවස්වල කලබල අඩුවුණත් තාත්තලගෙ ජීවිත කොයි වෙලාවෙත් අනතුරේ තිබ්බෙ. ආමි එකෙන් අයින් වෙන්න කියලා අම්මා තාත්තට කී පාරක් නම් කියලා ඇද්ද.. ඒත් තාත්තා ඒ හැම කතාවක්ම හිනාවකින් කපලා දාලා ෂේප් වුණා.[/FONT]
[FONT="]“අද එක්කෙනෙකුට හරි ජොලි නේද පොඩී..?”[/FONT]
[FONT="]හවස තේ වෙලාවෙදි අයියා අක්කත් එක්ක කියනවා මට ඇහුණා.. මොකක්ද යකෝ ඒ කුප්ප කතාව.. මං හොඳට කන්දෙක දිග ඇරලා අහන් හිටියා. මටද මුං දෙන්නා එකතුවෙලා කාඩ් ගහන්න හදන්නෙ..[/FONT]
[FONT="]“කාටද ලොකූ..? මං දන්නෙ නෑ..”[/FONT]
[FONT="]අක්කත් හෙණ බබා පාට් එකක් දාගෙන ගිහින් අයියා ගාවින් වාඩි වුණා.[/FONT]
[FONT="]“ඕනෙ නම් මම කණෙන් පෙන්නන්නම්.....”[/FONT]
[FONT="]අයියා මං දිහා බලලා හිනාවෙවී කිව්වා. අද නම් සීන් එක නැව් ගාණට චාටර් වෙයි වගේ. මං දන්නවනේ අයියාකාරයගෙ හැටි.[/FONT]
[FONT="]“මොකක්ද ඒ..?”[/FONT]
[FONT="]තේ කෝප්පෙ ස්ටූල් එක උඩින් තියන ගමන් තාත්තා, අයියගෙන් ඇහුවා. හුටා... දැන් ඉතිං මට කන්න වෙන්නෙ රබර්.. ඊට පස්සෙයි තේ බොන්න වෙන්නෙ. අපේ අයියටත් ඉතිං අර ප්රශාන්ට වගේ කටක් නෙමේනේ තියෙනනෙ.. වක්කඩයක්නේ.[/FONT]
[FONT="]“මගේ රිසාල්ට් හොඳයිනේ.. ඉතිං මට ෆිට් නැද්ද..?”[/FONT]
[FONT="]කිසි ගාණක් නැතුව අයියාකාරයා ආයෙත් කියලා දැම්මා. හැමෝටම හිනා.. අනේ ඇත්තට මට මූත්තෙක්ක එන කේන්තිය. අයිය නෙමෙයි නම් මං මූට මෙතනම නෙලනවා.[/FONT]
[FONT="]“චූ..ටී..”[/FONT]
[FONT="]හැමෝගෙම හිනාව නතර වුණාම, තාත්තා මට කතා කරා.. මං දැන් කුණුවෙන්න හොල්මං වෙලා. අයියාකාරයටත් කට පියන් ඉන්න බෑනෙ.. අද කන්නයි යන්නෙ.. මං අයියා දිහා බැලුවා. පොරත් මෝල් ගස් ගිලලා වගේ බලන් ඉන්නවා.[/FONT]
[FONT="]“චූටිත් දැන් මොකකට හරි ගියා නම් නේද හොඳ..?”[/FONT]
[FONT="]තාත්තා එහෙම අහපුවාම තමයි මගේ ඇඟේ ලේ ගමනාගමනය හරියට දුවන්න ගත්තෙ.[/FONT]
[FONT="]“[/FONT][FONT="]N.D.T එකට අප්ලිකේෂන් දැම්මා තාත්තා.. සමහර විට කෝල් කරාවි..”[/FONT]
[FONT="]“ඊට වැඩිය හොඳ නැද්ද කොතලාවල ඇකඩමි එකට දැම්මා නම්..?”[/FONT]
[FONT="]තාත්තා එහෙම කිව්ව විතරයි ඉඳගෙන ඉඳපු පුටුවත් බ්රාස් ගාලා පස්සට දාලා අම්ම, පට ගාලා නැගිට්ටා.[/FONT]
[FONT="]“අනේ මේ වඳින්නම්... ඔයා ආමි එකට ගියා මදිවට මෙයාවත් යවන්නද හදන්නෙ..? රස්සාවක් නැත්තං ගෙදරට වෙලා ඉන්න..”[/FONT]
[FONT="]අම්මා කියවගෙන කියවගෙන ගියා.. අම්මගෙ කතාවට අක්කගෙනුත් ෆුල් බකප් එක හම්බවුණා.[/FONT]
[FONT="]“මංදා.. අම්මල පුතාලගෙ කැමැත්තක්..”[/FONT]
[FONT="]අන්තිමට තාත්තා එහෙම කිව්වම ඒ කතා බහත් තීරණයක් නැතුවම අවසන් වුණා.[/FONT]
_________________