෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදී උදේ උබේ අනිත් ත්‍රේඩ් එකට රෙප් දුන්නේ:(:(:(
    You must spread some Reputation around before giving it to crazybuddy again:(:(:(.
    තෑන්ක්ස් කොල්ලා.. ඔය කතාව කියවපන්.. බොක්කට වඳින කතාවක්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    “අනේ මංදා දේව් අයියෙ.. තව මාස දෙකයි විභාගෙට තියෙන්නෙ.. පණ බයේ බෑ..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ [/FONT][FONT=&quot]A/L එග්සෑම් එකත් අත ළඟටම ඇවිල්ලා තිබුණා. අපි දෙන්නා හම්බවුණ හුඟාක් වෙලාවල් වලට අපි කතා කරේ විභාගෙ ගැන.. ඒත් විභාගෙ ගැන හර්ෂිගෙ හිතේ තිබ්බෙ බයක්.[/FONT]


    [FONT=&quot]“පිස්සුද බබා..! මං ඉන්නකන් තඹ සතේකට බයවෙන්නෙපා.. අද දෙන වැඩ ටික අදම ඉවර කරන්නකො.. එතකොට ගේම ෆිනිෂ්නේ..”[/FONT]


    [FONT=&quot]අති පංඩිතයා වගේ මං කියවන් ගියා. හර්ෂිගෙ මූණට පුංචි හිනාවක් ආවා.[/FONT]


    [FONT=&quot]“අනේ ඔයා නම් කියාවි දේව් අයියෙ.. විභාගෙ ෆේල් වුණොත් එහෙ මම්මයි, බාප්පයි මාව මරලා දාවි..”[/FONT]


    [FONT=&quot]“මං ඉස්සෙල්ලත් කිව්වනේ හර්ෂි.. මං ඉන්නකං ඒ වගේ දෙකේ පංතියෙ වැඩ කරන්න එයාලට හම්බෙන්නෑ.. ඔයා හොඳට පාඩම් කරලා එග්සෑම් එක ගොඩ දාගන්න බලන්නකො..”[/FONT]


    [FONT=&quot]“අයියා නම් කියයි.. විභාගෙ මතක් වෙනකොටත් පපුව ගැහෙනවා...”[/FONT]


    [FONT=&quot]පපුවට අතක් තියාගෙන හර්ෂි කිව්වා.[/FONT]


    [FONT=&quot]“කෝ බලන්න..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ ඒ අත අල්ලගෙනම මං එයා දිහාට හැරුණා..[/FONT]


    [FONT=&quot]“දෙනව දෙකක් මං.. ඕවට ආවොත් හෙම.. දැන් හරියට නරක් වෙලා..”[/FONT]


    [FONT=&quot]“ඉතිං දෙන්නකො දෙකක්..”[/FONT]


    [FONT=&quot]මං මගේ කම්මුල හර්ෂි ලඟට කිට්ටු කරා.[/FONT]


    [FONT=&quot]“මට බෑ..”[/FONT]


    [FONT=&quot]හර්ෂි ඒක කිව්ව තාලෙට මට හිනා යන්න ආවත්, පටස් ගාලා මං මූණ අනිත් පැත්ත හරව ගත්තා.[/FONT]


    [FONT=&quot]“ඔ..ය්....ය ඉතිං.. ඔන්න මගෙත්තෙක්ක තරහා වුණා.. කෝ.. එන්න..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා එයා මාව ඇඳලා වගේ ළඟට ගත්තා. ඒ සීතල දෙතොල්වල පහස මගේ කම්මුල් දඟ කවලා දමද්දි, එයාගෙ සුසුම් සුවඳ මගේ හිත ඇතුලෙම හැංඟුනා..[/FONT]


    [FONT=&quot]“ඔ.. ඔයා හරි අහිංසකයි දේව් අයියා..”[/FONT]


    [FONT=&quot]මාව ඉඹලා ඉවරවෙලා හර්ෂි කිව්වා.[/FONT]


    [FONT=&quot]“මෙ... මේ.. ම.. මං..?”[/FONT]


    [FONT=&quot]“ඔව් අනේ.. ඔයා තමයි.. ඒකනේ මගෙත්තෙක්ක යාලුවෙන්න අහපුවහම මට බෑ කියන්න බැරි වුණේ..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා හර්ෂි කල්පනා කරන්න ගත්තා. එයාට පහුගිය කාලෙ මතක් වෙන්න ඇති. ඊළඟ තත්පරේදි ඒ සුදු මූණ දුකෙන් වගේ බිමට පාත්වුණා.[/FONT]


    [FONT=&quot]“ඇයි.. ඇයි හර්ෂි මේ..?”[/FONT]


    [FONT=&quot]“විභාගෙ ගත්තට පස්සෙ මං කොහොමද ඔයාව හම්බවෙන්නෙ අයියෙ..?”[/FONT]


    [FONT=&quot]“මං ඔයා ළඟට එන්නම් නංගි.. අපි කොහොම හරි හම්බවෙමු..”[/FONT]


    [FONT=&quot]“අනේ මංදා අයියෙ, විභාගෙන් පස්සෙ මොනා වේවිද කියලා හිතනකොටත් මට බයයි.. ඔයා ගැන බාප්පලා දැනගත්තු දාට.. හ...හ්....”[/FONT]


    [FONT=&quot]මාව පාවෙලා යන තරමෙ ලොකු සුසුමක් එයාගෙන් පිටවුණා.[/FONT]


    [FONT=&quot]“ඒ ගැන වැඩිය හිතන්නෙපා නංගි.. ඔයා ඉස්සර වෙලා එග්සෑම් එක හරියට කරන් ඉන්නකො.. බැරි වෙලාවත් ඔයා එග්සෑම් ඇණ ගත්තොත් හෙම ඒක මටත් දරාගනන් බැරි වේවි.”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ සුසුම් පොදවල් මගේ කම්මුලට හාදු දෙනවා. පුදුමාකාර තරම් අහිංසක විදියටයි එයා මං දිහා බලන් හිටියෙ.[/FONT]


    [FONT=&quot]“ඇයි ඔහොම බලන්නෙ නංගි..?”[/FONT]


    [FONT=&quot]එයාගෙ බැල්ම දරාගන්න බැරුව මං ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ඔයාට තියෙන ආදරේට දේව් අයියෙ.. ආදරේට.... මං ගාව ඔයා හැමදාම ඉන්න ඕනි.. මට.. මට... ඔ.. ඔයා නැතුව ඉන්න බෑ අයියෙ..”[/FONT]


    [FONT=&quot]“මටත් එහෙමයි නංගි.. ඔයා හැමදාම මං ගාව ඉන්න ඕන..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කියද්දි හර්ෂි මට තව තවත් තුරුල් වුණා. ඒ උණුහුමට ලෝබකමින් මාත් හර්ෂිව අත් දෙකෙන්ම අල්ලලා ලංකර ගත්තා.[/FONT]


    [FONT=&quot]“මං එහෙනම් යන්නම් අයියෙ... පරක්කු වුණානේ...”[/FONT]


    [FONT=&quot]මං කොහොමද ඔයාට යන්න කියන්නෙ හර්ෂි.. ඔයාගෙ ජීවිතේ හැම සුසුමක්, කඳුළක්, හිනාවක්ම මගේ ජීවිතේට සම්බන්ධ වෙලා තියෙද්දි..[/FONT]


    [FONT=&quot]නිල් පාට පිනපෝ ගවුම පුංචි තිතක් වෙලා යනකන්ම බලන් ඉඳලා මං ආපිට හැරුණා. ගෙදර එනකන්ම මගේ හිතේ ජීවත් වෙලා හිටියෙ හර්ෂි විතරමයි. එයාගෙ ඇස්වල පිරිලා තියෙන අහිංසකකම, එක එක ඉරියව්වල තියෙන සන්සුන්කම, මූණෙ තියෙන ආදරේ පිරිච්ච අහිංසකකම, මගේ හිතට මහා බරක් එක්කහු කරලා තිබුණා. ඒත්... ගෙදර ලංවෙනකොටම ඉස්සරහ පඩිය උඪ වාඩිවෙලා අක්කත් එක්ක කතාව දාගෙන ඉන්න ප්‍රශාන්ව දැකලා මගේ හිතේ බර ඩබල් එකේ අඩුවුණා. මූථ් මහ යමර ටයිම් වලටනේ මාව හම්බවෙන්න එන්නෙ..[/FONT]


    [FONT=&quot]“හප්පොච්චියේ..... උඹව දකින්න නැතුව මං පිස්සු වැටිලයි හිටියෙ බං.. උඹ නොදකින මේ දෑස මක්කටෙයි කියලා හිතුණා..”[/FONT]


    [FONT=&quot]මාව දැක්ක ගමන් උගේ අදෝනාව ඇහුණා. මූ ඉපදිලා තියෙන්නෙ බිසෝ ඇන්ටියි, බිසෝ අංකලුයි රණ්ඩු වුණ වෙලාවකලු.. ඒකනේ මුගේ කට නිතරම ඇරිලා තියෙන්නෙ.[/FONT]


    [FONT=&quot]“පල.. පල.. පුස් ඌරා..! නැන්දලහ ගිය ඩිංගට තොට මාව සම්පූර්ණයෙන්ම අමතක වුණා.. දැන් එනවා මෙතන සෝකෙ ප්‍රකාශ කරන්න..”[/FONT]


    [FONT=&quot]මං ඌව කපලම දැම්මා. මං හිතුවෙ උගේ මූණ ඇදවේවි කියලා.. පිස්සුද.. උගේ මූණට ආවෙ හිනාවක්.[/FONT]


    [FONT=&quot]“මේ බලන්නකො අක්කා මුගේ කුප්පහි කතාව. මං මෙච්චර මහන්සි නොබල මූව බලන්න ආවා. දැන් මුගේ ගණන් හිලව් බලන්නෝන....”[/FONT]


    [FONT=&quot]මූ තවත් මෙතන හිටියොත් මොනව කියයිද දන්නෑ.. ඒක හන්ද මං ඌවත් ඇදගෙන කාමරේට රිංගුවා.[/FONT]


    [FONT=&quot]“මට පිස්සු හැදුණා බං.. මාර කෑලි ටිකක් ඩෝ ඒ පැත්තෙ ඉන්නෙ.. එන්නම හිතුණෙ නෑ.. අම්මලගෙ මල වදේට ආව මිසක.... උඹ දන්නෑ.... මං එකකට කොක්කක් ගහලයි ආවෙ.. මං එනකොට ඒකි අඬනවා.. හප්පේ... හ්....”[/FONT]


    [FONT=&quot]ඌ ආයෙත් කියවනවා.. අම්මප මූ දවසක කනවා, ඉතිහාසෙවත් නැති කෑමක්..[/FONT]


    [FONT=&quot]“පව් වැඩ බං..”[/FONT]


    [FONT=&quot]“පව්..? අනේ මේ.. මගෙන් කුණු හබ්බ නාහ ඉඳපං.. උඹයි, මායි දන්න පව්..! ඒක නෙමේ මචං.. සිරාවටම අහන්නයි හිටියෙ උඹගෙන්.. කොහෙද ඉතිං මේ වෙන මගුල් හින්ද ඒකත් අහන්න අමතක වුණානේ...”[/FONT]


    [FONT=&quot]මූ ඒ පාර මොන කොඩිවිනේ අටවන්නද දන්නෑ හදන්නෙ.. මූ හැරෙන්නෙ නම් හොඳකට නෙමේ.[/FONT]


    [FONT=&quot]“ඉතිං අහන්න හිටිය නම් අහපං.. තටම තටම ඉන්නැතුව..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වහමත් ඌ ගණන් ගත්තෙ නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ..[/FONT]


    [FONT=&quot]“හර්ෂිගෙ සීන් එක කොහොමද..?”[/FONT]


    [FONT=&quot]සාමාන්‍ය ප්‍රශ්නයක් අහන විදියටයි ඌ ඒක මගෙන් ඇහුවෙ.. ඒත් පුංචි කාලෙ ඉඳලම මං ප්‍රශාන් ගැන දන්න නිසා මට තේරුණා ඌ ඒක අහන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා කියලා..[/FONT]


    [FONT=&quot]“ඒක හරි මචං.. දැන් සිරාවටම ලව දුවනවා..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වහම ඌ ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. කිසිම හැගීමක් ඒ මූණෙ තිබ්බෙ නෑ.. ඒත් මූට දුක ඇති.. පෙන්නුවෙ නැති වුණාට.. ඇයි ඉතිං මූත් හර්ෂිට විකාගෙන ට්‍රයි කරානේ.[/FONT]


    [FONT=&quot]“මොකෝ උඹ අප්සට් එකෙන් වගේ..”[/FONT]


    [FONT=&quot]සද්ද නැතුව ප්‍රශාන් ඉන්නකොට මං ආයෙත් ඇහුවා.. ෂුවර්රෙකට මූට නිකං මොකක්ද වගේ ඇති..[/FONT]


    [FONT=&quot]“න්.. නෑ.. මචං.. අප්සට් එකක් නම් නෑ.. ඒත් ඉතිං ලබා උපන් හැටියටලුනේ බබා හම්බ වෙන්නෙත්..! ගුඩ් ලක් ලොක්කා.. අවුලක් නැතුව ඇඳන් පලයන්..”[/FONT]


    [FONT=&quot]හිතේ අමාරුවෙන් වුණත් ප්‍රශාන් කිව්වා.[/FONT]


    [FONT=&quot]“විෂ් කරපු එකට නම් තෑන්ක්ස් මචං.. උඹ මොනවද හෙට අනිද්ද දිහාට කරන්න ඉන්නෙ..”[/FONT]


    [FONT=&quot]“ඇයි උඹ අරකිත් එක්ක ටුවර් එකක්වත් යන්නද..? කිසි අවුලක් නෑ සනා.. බොක්කෙන්ම හෙල්ප් තමයි..”[/FONT]


    [FONT=&quot]ඌ ඒ පාර හෙණ ෆිට් එකේ කියවන් ගියා.. මූ කියයි ටුවර් යන්න.. හර්ෂිගෙ බාප්පා, අර වෙල් කක්කුට්ටට අහුවුණොත් අවමගුලක් ෂුවර්..[/FONT]


    [FONT=&quot]“මටත් හිතෙනවා බං නිශානිගෙ ලව ඇත්තටම කරන්න..”[/FONT]


    [FONT=&quot]හිටපු ගමන් ප්‍රශාන් කිව්ව එකෙන් මං හොල්මන් වෙලා ගියා.[/FONT]


    [FONT=&quot]“ඈ යකෝ... එතකොට මෙච්චර කල් උඹ ඒකිත් එක්ක බොරුවටද ලව් කෙරුවෙ..? බලන් ගියාම උඹ මහ ඌරෙක්නේ බං..”[/FONT]


    [FONT=&quot]මං කිව්ව එකට ඌ මුකුත් කිව්වෙ නෑ.. ඌ හිනාවෙන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]“තෝ නම් කවදාවත් හැදෙන්නෑ..”[/FONT]


    [FONT=&quot]“හරියට හරි කොල්ලා.. හරියටම හරි..”[/FONT]


    [FONT=&quot]ඌ ආයෙත් හුකු හුකු ගාලා හිනාවෙනවා.. වෙලාවකට මට පේන්න බැරි මුගේ මේ පොල් බූරු වලත්ත හිනාව තමයි.[/FONT]


    [FONT=&quot]“අඩෝ සිරාවටම කියන්න හිටපු එකත් අමතක වුණානේ.. මට මාර ගැන්සියක් ෆිට් වුණා බං.. කොලෙජ් ලේන් එක ගාවදි.. දැන් ටික දවසක් වෙනවා..”[/FONT]


    [FONT=&quot]“කෙල්ලො ගැන්ග් එකක්..?”[/FONT]


    [FONT=&quot]මං එහෙම ඇහුවෙ ඌට වැඩිපුරම ෆිට් වෙන්නෙ කෙල්ලො නිසා.[/FONT]


    [FONT=&quot]“ඔය බලපං.. උඹත් හදන්නෙ පිස්සු කෙලින්න.. කෙල්ලො නෙමෙයි බං මුං.. කොල්ලො ගැන්සියක්.. එදා මං මාතර යනකොටත් උං ටික ට්‍රේන් එකේ හිටියා.. උං ගැන්සියත් එක්ක මං හෙණට ෆිට් වුණා දේව්..”[/FONT]


    [FONT=&quot]ඊට එහා ඌ මුකුත් කිව්වෙ නෑ.. මාත් මුකුත්ම අහන්න ගියේ නෑ. මොකද ඒ වෙලාවෙ මං හිතුවෙ ඒක උගේ තවත් බයිලයක් වෙන්න ඇති කියලා.. ඒත්...[/FONT]


    ________________________


    [FONT=&quot]කාලය පියඹලා ගියේ පුදුම වේගෙකින්. ඒ පැත්ත හැරිල මේ පැත්ත බලනකොට මෙන්න යකෝ මාස තුන හතරක්ම පහුවෙලා. මං හිතන්නෙ ලෝක බෝලෙටත් මොකක් හරි චූන් එකක් යන්න ඇති.. නැත්තං ඉතිං මේ තරම් තදියම අහවල් කෙං ගෙඩියටද..?[/FONT]


    [FONT=&quot]ඔහොම කාලෙ ගෙවෙද්දි තමයි අපේ අම්මා හදිසියෙන්ම අසනීප වුණේ.. අම්මගෙ අසනීප තත්වෙ හින්දම තාත්තත් සුමාන දෙකක් විතර නිවාඩු දාලා ගෙදර ආවා. අයියත් නිවාඩු දාලා ගෙදර නැවතුණා. කොහොම වුණත් ගෙදර අපි හැමෝගෙම සාත්තුව හින්ද අම්මට ඉක්මණට හොඳ වෙන ලකුණු පහළ වුණා. කුස්සියෙ වැඩ ටික ඔක්කොම අක්කාගෙ කර උඩට වැටිලයි තිබුණෙ.[/FONT]


    [FONT=&quot]ඔය අතරෙ තමයි හර්ෂිගෙ [/FONT][FONT=&quot]A/L එග්සෑම් එකේ රිසාල්ට් ආවෙ.. හැම වැඩක්ම පැත්තකින් තියලා හර්ෂිව හම්බෙන්න මාත් ඉස්කෝලෙට රිංගුවා.[/FONT]


    [FONT=&quot]“අඩෝ... අපතයො...”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන්ගෙ කටහඬ අඳුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ. මූ මොන කෙංගෙඩියක් කරනවද දන්නෑ ඉස්කෝලෙ ඇතුලෙ.. ෂුවර් එකටම මොකාක් හරි අලුත් කෑල්ලක් සෙට් කරගෙන ඇති.. ෂිහ්.. මූ වගේ අපතයෙක්.[/FONT]


    [FONT=&quot]“බලන් ගියාම උඹත් නැති තැනක් නෑනේ බං.. අද මොකෝ උඹට ඉස්කෝලෙට එන්න හිතුණෙ..?”[/FONT]


    [FONT=&quot]මං උගේ අතකින් අල්ලගන්න ගමන් ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ඇයි ඩෝ.. උඹට විතරද එන්න හොඳ.. මේ පාර නිශානිත් එග්සෑම් කරානේ.. ඒකිගෙ සෙකන්ඩ් ට්‍රයි එකනේ..”[/FONT]


    [FONT=&quot]“කොහොමද තත්වෙ..?”[/FONT]


    [FONT=&quot]“තත්වෙ හොඳයි.. මං හිතන්නෙ ඒකි ෆිසිකල්වත් අහුවෙයි..”[/FONT]


    [FONT=&quot]“පාස් වුණාට මොනා හරි අරන් දීපන්..”[/FONT]


    [FONT=&quot]“ආන්න.. ආන්න.. උඹ රෝන් යනවා.. ඒකි ඉන්න තැන ඕවා කියන්න යන්න එපා.. මගේ ඔය මොකක් හරි අවයවයක් උගස් තියල තමයි ඒකිට මොනා හරි අරන් දෙන්න වෙන්නෙ.. මං දැක්කා මචං හර්ෂිත් මේන් හෝල් එකේ ඉන්නවා..”[/FONT]


    [FONT=&quot]ඌ එහෙම කිව්වම මං මේන් හෝල් එක පැත්තට ආවා. ඒ එක්කම තමයි මං දැක්කෙ හර්ෂියි, ශානිකායි මං ඉන්න පැත්තට එන හැටි. හර්ෂිගෙ මූණ නම් ඒ තරම් හොඳට තිවුණෙ නෑ.. මොකක්දෝ දුකකින් ඒ සුදු මූණ වැහිලා ගිහින් තිබුණා.. ඒ කියන්නෙ මේකි විභාගෙ ඇණගෙනවත්ද..? හපොයි.. මට තමයි පරිප්පු නැව අඳින්න වෙන්නෙ..[/FONT]


    [FONT=&quot]“කෝමද.. කෝමද... ඇට්ටි හැලෙන්න පාස් නේද..?”[/FONT]


    [FONT=&quot]මං හර්ෂි ලංවෙනකොටම ඇහුවා.. ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා.. මල හත්තිලව්වයි, මට නම් දැන් බුදු ෂුවර්.... මෙයා එග්සෑම් අනාගෙන කියලා..[/FONT]


    [FONT=&quot]“පා... පාස් නම් තමයි.. ඒත් අයියෙ.. හ්... හ්... හහ්...”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මං ළඟටම ආපු හර්ෂි මගේ අත අල්ලගෙන අඬන්න ගත්තා.. සුදු මූණ හොඳටම රතු වෙලා. පුංචි ඇස්වලින් කඳුළු හෝ ගාලා ගලනවා. මටත් දැන් හෙණට අප්සට්.[/FONT]

    [FONT=&quot]“ඉතිං රිසාල්ට් කියන්නකො හර්ෂි.. ඇරත් ඔයා කිව්වනේ හොඳට ලිව්වා කියලා.. අප්සට් වෙන්න විදියක් නෑනෙ..”[/FONT]


    [FONT=&quot]“[/FONT][FONT=&quot]A – 01යි.... B – 3 යි....”[/FONT]


    [FONT=&quot]හර්ෂි ඒහෙම කිව්වම මාත් කරකවලා අතෑරියා වගේ වුණා.. යකෝ මෙච්චර රිසල්ට් තියාගෙනද මේකි අඬන්නෙ..[/FONT]


    [FONT=&quot]“මගෙ අම්මේ.. බුදු ෆිට්නේ හර්ෂි.. මෙච්චර හොඳට රිසාල්ට් තියාගෙන ඔයා අඬනවා.. පිස්සුද මංදා.. දැන් නම් ඉතිං මට පාටියක් ඕන..”[/FONT]


    [FONT=&quot]“මො... මොන පාටිද අයියා.. ම.. මම්මලා බනී.. රිසාල්ට් මදි කියලා.. අ.. අනේ.. මං මොනවද කරන්නෙ දේව් අයියා..”[/FONT]


    [FONT=&quot]ආයෙත් හර්ෂි අඬන්න ගත්තා. මෙහෙම අඬන්න ගියොත් ඉස්කෝලෙ හැම එකාම වෙන මොනව හරි හිතාවි. ඒක හන්දා මං හර්ෂිවත් අඬ ගහගෙන ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ආවා.[/FONT]


    [FONT=&quot]“ඔයත් මාර කතානේ අහන්නෙ හෂි.. රිසාල්ට් අප්සට් ගිහින් හුඟක් ඈයො අඩන්නෙ.. ඔයා අඬන්නෙ රිසාල්ට් හොඳ වැඩිවෙලා..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වම හර්ෂි ඇස් ලොකු කරලා මං දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“බාප්පලා මට වියදම් කරන්නෙ එක පාරින්ම කැම්පස් යන්නයි කියලා අයියෙ.. ඉතිං ඩිංගක් රිසාල්ට් අඩු වුණාම මට බය හිතුණා..”[/FONT]


    [FONT=&quot]හර්ෂිට කොහොම තේරුම් කරන්නද මංදා.. මේ රිසාල්ට් හොඳටම ඇති කැම්පස් යන්න.. දැන් මේකම ආයෙත් කියන්න ගියොත් මං පිස්සෙක් වෙනවා.. ඒක බුදු ෂුවර්..[/FONT]


    [FONT=&quot]“ඒක නෙමේ හර්ෂි.. අද නම් මට ඔයත්තෙක්ක වැඩිවෙලා ඉන්න වෙන එකක් නෑ..”[/FONT]


    [FONT=&quot]ඇයි කියල අහන්න වගේ එයා මං දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“පහුගිය දවස්වල අම්මට හුඟක් අමාරු වුණා.. පපුවෙ සෙම තදවෙලා.. බෙහෙත් හෙම බිව්වට පස්සෙ තමයි ටිකක් විතර හරි ගියේ..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ ඇස් දෙක ලොකු වුණා. ඒ ලොකු වුණ ඇස් මං දිහාවට හැරෙව්වාමයි මං දැක්කෙ.. ඒ ඇස්වල තිබ්බ දුක.[/FONT]


    [FONT=&quot]“අ.. අනේ ඇයි අයියෙ මට කලින් නොකිව්වෙ..? මං.. එනවනේ අම්මව බලන්න..”[/FONT]


    [FONT=&quot]“නෑ.. ඉතිං පහුගිය දවස්වල ඔයාව හම්බවුණේ නෑනෙ.. ඒකයි මට කියන්න බැරි වුණේ..”[/FONT]


    [FONT=&quot]“අයියෙ.. මට අම්මා කෙනෙක් නෑ.. මං දන්නවා අම්මා කෙනෙක්ගෙ අගේ... හැම අම්මා කෙනෙකුටම මං ආදරෙයි දෙයියනේ..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ හිත පුපුරලා ගියපු විත්තිය මට තේරුණා.. හර්ෂිට අහිමි වෙච්ච ඒ සෙනෙහසට ගලන කඳුලු බිංදු එයාගෙ මූණ දිගේ බේරෙන හැටිත් මං දැක්කා.[/FONT]


    [FONT=&quot]“ම.. මං.. එන්නද අයියෙ ඔයාලහ, අම්මව බලන්න..?”[/FONT]


    [FONT=&quot]බිඳිලා ගියපු හඬින් හර්ෂි මගෙන් ඇහුවා. ඒත් ඒකට උත්තරයක් මං දුන්නෙ නෑ.. එයාගෙ අතින් තද කරලා අල්ලගෙන මං ගෙදර එන්න හැරුණා.. හර්ෂීගෙ මූණට ඒ වෙලාවෙ ආවෙ කියා ගන්න බැරි තරම් ලස්සන හිනාවක්. කඳුළු අස්සෙන් මතුවෙච්ච ඒ හිනාවට දෙන්න තියෙන වත්කම මොකක්ද කියලා හිතාගන්න බැරිව මං ගොලු වුණා.[/FONT]


    [FONT=&quot]“මෙන්න.. ලෙඩ්ඩු බලන්න අමුත්තො ඇවිත්..”[/FONT]


    [FONT=&quot]හර්ෂිත් එක්ක ඉස්තෝප්පුවට ගොඩවුණ ගමන්ම මං කෑගැහුවා.. ඉස්සෙල්ලම දුවන් ආවෙ අක්කා..[/FONT]


    [FONT=&quot]“හ.. හෂි..! අනේ නංගි.. කොහොමද ඔයාගෙ රිසාල්ට්..?”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ අතිනුත් අල්ලගෙන අක්කා රිසාල්ට් අහනවා. දැන් ඔය අත මගේ කියලා කියන්න හිතුණත් මං මුකුත් කියන්න ගියේ නෑ.. මොකටද අප්පෙ ඉල්ලන් කන්නෙ.. මෙච්චර දන්සැල් දාලා තියෙද්දි. හර්ෂිගෙ රිසාල්ට් අහලා ඉවර වෙලා අක්කා හර්ෂිවත් ඇදගෙන අම්මගෙ කාමරේට රිංගුවා. එක්කං ආපු මං තාම සාලෙ. මැදැයි..[/FONT]


    [FONT=&quot]ඔය අතරෙ තමයි.. මගේ කාමරේ ඇතුළෙන් ටක - ටොක, ටක - ටොක ගාලා සද්දයක් ඇහුණෙ.. කවුද යකෝ මගේ කාමරේ ඇතුළෙ කැරම් ගහන්නෙ..? දොර රෙද්ද ඇරලා මං එබුණා කාමරේට.. හුටා.. තාත්තයි, අයියයි දෙන්නම අද ගෙදර වගේ..[/FONT]


    [FONT=&quot]“කවුද චූටි ආවෙ..?”[/FONT]


    [FONT=&quot]සුදු ඉත්තෙකුට වලට යන්න ගහන ගමන් තාත්තා මගෙන් ඇහුවා.[/FONT]


    [FONT=&quot]“මේ අක්කගෙ යාළුවෙක්නේ..”[/FONT]


    [FONT=&quot]කැරම් බෝඩ් එක දිහා බලාගෙන මං කියලා දැම්මා.[/FONT]


    [FONT=&quot]“බොරු එපා ලොක්කා.. ඔයත්තෙක්ක එකට නේද ආවෙ..? මායි, තාත්තයි දෙන්නම ජනේලෙන් බලන් හිටියෙ.. දෙන්න ආපු හැටි..”[/FONT]


    [FONT=&quot]ක්.. කෙලියා නේද තාප්පෙට.. අලුතින් තාප්පෙ හදන්න වෙයි වගේ අද නම්. ඔක්කොටම කලින් මොකාක් හරි බොරුවක් පිඹින්න ඕන.[/FONT]


    [FONT=&quot]“න්..න්.. නෑ... මාත් ටිකක් අඳුනනවා.. ඒකයි කතා කර කර ආවෙ..”[/FONT]


    [FONT=&quot]මං කියපු එකට අයියට බකස් ගාලා හිනාගියා. ඒක හන්දම රෙඩ්ට ගහපු පාරක් වැදුණෙ නෑ. තාත්තත් ඔලුව උස්සල අමුතු හිනාවක් දාගෙන මං දිහා බැලුවා. මෙලෝ සංසාර දෙයක් දන්නැති ඉස්ගෙඩියෙක් වගේ, එයාල දෙන්නගෙන් කැපිල මං අම්ම ඉන්න කාමරේට ආවා. මෙන්න යකෝ අම්මයි, හර්ෂියි බර කතාවක්. මාත් සද්දයක් බද්දයක් නැතුවම අම්මගෙ ඇඳ උඩින් වාඩිවුණා.[/FONT]


    [FONT=&quot]“කවුද දේව්ද කිව්වෙ මට සනීප නෑ කියලා..?”[/FONT]


    [FONT=&quot]මාව දැකපු ගමන්ම අම්මා හර්ෂිගෙන් ඇහුවා. එයා මුකුත් නොකිය හිනාවුණා.[/FONT]


    [FONT=&quot]“බලන්න චූටි.. ඔයත් කරන වැඩ.. මේ දූගෙ වැඩත් පාඩුවෙනවා ඇති..”[/FONT]


    [FONT=&quot]“න්..නෑ ඇන්ටි.. අද ඉතිං කොහොමටත් තියෙන්නෙ ගිහින් උයනෙක තමයි.. තව ටිකක් වෙලා තියෙනව මම්මයි, බාප්පයි ගෙදර එන්න..”[/FONT]


    [FONT=&quot]“ඔන්න හර්ෂි නංගි.. අද නම් ඉන්නම ඕන දවල්ට කාලා යන්න..”[/FONT]


    [FONT=&quot]ඒ පාර අක්කගෙ සද්දෙ කුස්සියෙන් ඇහුණා.[/FONT]


    [FONT=&quot]“අනේ බෑ දේවකී අක්කෙ.. මං වෙන දවසක එන්නම්.. තරහා වෙන්න එපා හොඳේ.. මං දැන් යන්නත් ඕනනේ..”[/FONT]


    [FONT=&quot]තවත් ඩිංග වෙලාවක් අම්මා ළඟ ඉඳලා, දොළහ විතර වෙද්දි හර්ෂි අපි හැමෝගෙන්ම සමු අරන් ගියා.[/FONT]


    [FONT=&quot]“පව්.. අහිංසක කෙල්ල..”[/FONT]


    [FONT=&quot]මං පිටිපස්සෙන් අම්මගෙ කටහඬ ඇහුණා.. මං ගැස්සිලා වගේ අම්මා දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“මං හිතන්නෙ ගෙදරින් ඒ දූට සෑහෙන්න කරදර තියෙනව වගේ..”[/FONT]


    [FONT=&quot]අම්මා ආයෙත් කිව්වා. අක්කා මං දිහා බැලුවෙත්, මං බිම බලාගත්තෙත් එක මොහොතෙම වගේ.[/FONT]


    [FONT=&quot]හවස හතර විතර වෙද්දි මං ප්‍රශාන්ලහට ගියා. යකෝ මූ තමයි දවසකටවත් මිනිහා. ඌ තාම ගෙදර ඇවිත් තිබුණෙ නෑ... මූ නිශානිත් එක්ක කොයි තූත්තුකුඩියෙ රිංගුවද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. ඌ කොළඹ යනව කිව්වොත්, යන්නෙ මහියංගනේ.. නුවර යනව කිව්වොත් යන්නෙ කතරගම.. මූව මේ කපේ හදන්න බෑ.. ඒක මට ඉන්ෂූරන්ස් එකටත් වැඩිය ෂූවර්.[/FONT]


    [FONT=&quot]මං ආපහු ගෙදර එනකොට තාත්තා ආපහු කෑම්ප් එකට යන්න රෙදි ලෑස්ති කරනවා මං දැක්කා. මේ දවස්වල කලබල අඩුවුණත් තාත්තලගෙ ජීවිත කොයි වෙලාවෙත් අනතුරේ තිබ්බෙ. ආමි එකෙන් අයින් වෙන්න කියලා අම්මා තාත්තට කී පාරක් නම් කියලා ඇද්ද.. ඒත් තාත්තා ඒ හැම කතාවක්ම හිනාවකින් කපලා දාලා ෂේප් වුණා.[/FONT]


    [FONT=&quot]“අද එක්කෙනෙකුට හරි ජොලි නේද පොඩී..?”[/FONT]


    [FONT=&quot]හවස තේ වෙලාවෙදි අයියා අක්කත් එක්ක කියනවා මට ඇහුණා.. මොකක්ද යකෝ ඒ කුප්ප කතාව.. මං හොඳට කන්දෙක දිග ඇරලා අහන් හිටියා. මටද මුං දෙන්නා එකතුවෙලා කාඩ් ගහන්න හදන්නෙ..[/FONT]


    [FONT=&quot]“කාටද ලොකූ..? මං දන්නෙ නෑ..”[/FONT]


    [FONT=&quot]අක්කත් හෙණ බබා පාට් එකක් දාගෙන ගිහින් අයියා ගාවින් වාඩි වුණා.[/FONT]


    [FONT=&quot]“ඕනෙ නම් මම කණෙන් පෙන්නන්නම්.....”[/FONT]


    [FONT=&quot]අයියා මං දිහා බලලා හිනාවෙවී කිව්වා. අද නම් සීන් එක නැව් ගාණට චාටර් වෙයි වගේ. මං දන්නවනේ අයියාකාරයගෙ හැටි.[/FONT]


    [FONT=&quot]“මොකක්ද ඒ..?”[/FONT]


    [FONT=&quot]තේ කෝප්පෙ ස්ටූල් එක උඩින් තියන ගමන් තාත්තා, අයියගෙන් ඇහුවා. හුටා... දැන් ඉතිං මට කන්න වෙන්නෙ රබර්.. ඊට පස්සෙයි තේ බොන්න වෙන්නෙ. අපේ අයියටත් ඉතිං අර ප්‍රශාන්ට වගේ කටක් නෙමේනේ තියෙනනෙ.. වක්කඩයක්නේ.[/FONT]


    [FONT=&quot]“මගේ රිසාල්ට් හොඳයිනේ.. ඉතිං මට ෆිට් නැද්ද..?”[/FONT]


    [FONT=&quot]කිසි ගාණක් නැතුව අයියාකාරයා ආයෙත් කියලා දැම්මා. හැමෝටම හිනා.. අනේ ඇත්තට මට මූත්තෙක්ක එන කේන්තිය. අයිය නෙමෙයි නම් මං මූට මෙතනම නෙලනවා.[/FONT]


    [FONT=&quot]“චූ..ටී..”[/FONT]


    [FONT=&quot]හැමෝගෙම හිනාව නතර වුණාම, තාත්තා මට කතා කරා.. මං දැන් කුණුවෙන්න හොල්මං වෙලා. අයියාකාරයටත් කට පියන් ඉන්න බෑනෙ.. අද කන්නයි යන්නෙ.. මං අයියා දිහා බැලුවා. පොරත් මෝල් ගස් ගිලලා වගේ බලන් ඉන්නවා.[/FONT]


    [FONT=&quot]“චූටිත් දැන් මොකකට හරි ගියා නම් නේද හොඳ..?”[/FONT]


    [FONT=&quot]තාත්තා එහෙම අහපුවාම තමයි මගේ ඇඟේ ලේ ගමනාගමනය හරියට දුවන්න ගත්තෙ.[/FONT]


    [FONT=&quot]“[/FONT][FONT=&quot]N.D.T එකට අප්ලිකේෂන් දැම්මා තාත්තා.. සමහර විට කෝල් කරාවි..”[/FONT]


    [FONT=&quot]“ඊට වැඩිය හොඳ නැද්ද කොතලාවල ඇකඩමි එකට දැම්මා නම්..?”[/FONT]


    [FONT=&quot]තාත්තා එහෙම කිව්ව විතරයි ඉඳගෙන ඉඳපු පුටුවත් බ්රාස් ගාලා පස්සට දාලා අම්ම, පට ගාලා නැගිට්ටා.[/FONT]


    [FONT=&quot]“අනේ මේ වඳින්නම්... ඔයා ආමි එකට ගියා මදිවට මෙයාවත් යවන්නද හදන්නෙ..? රස්සාවක් නැත්තං ගෙදරට වෙලා ඉන්න..”[/FONT]


    [FONT=&quot]අම්මා කියවගෙන කියවගෙන ගියා.. අම්මගෙ කතාවට අක්කගෙනුත් ෆුල් බකප් එක හම්බවුණා.[/FONT]


    [FONT=&quot]“මංදා.. අම්මල පුතාලගෙ කැමැත්තක්..”[/FONT]


    [FONT=&quot]අන්තිමට තාත්තා එහෙම කිව්වම ඒ කතා බහත් තීරණයක් නැතුවම අවසන් වුණා.[/FONT]


    _________________


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]හිරේ වත්ත මූහුදු තීරයෙන් ඉර බැහැලා යන්න ඔන්න මෙන්න වගේ. මුහුදෙ රළ ගෙඩි වෙරළ අයිනෙ ගල් පරවල වැදිලා විසිවෙන දිය බිංදුවලින් මායි, හර්ෂියි ඩිංගක් විතර තෙමිලා තිබුණෙ. ඒත්.. මායි, හර්ෂියි වාඩිවෙලා ඉඳපු ගල උඩින් අපි දෙන්නම නැගිට්ටෙ නෑ. හර්ෂි මෙච්චර වෙලා කරන් කියපු කතාව නැවැත්තුවෙත් නෑ.[/FONT]

    [FONT=&quot]“එක දවසක් අම්මයි, තාත්තයි මාවත් එක්කරං මම්මලහ ආවා. එදා අලුත් අවුරදු දවස.. අපි එදා පුදුම තරම් සතුටෙන් හිටියෙ දේව් අයියෙ.. ඔව්.. මගේ රත්තරං අයියෙ.. මං මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටින් ඉඳපු දවස එදා.. ඒත්.. ඒත්.. ඒ දවසම.. මට කවදාවත් අමතක කරන්න බැරි තරමෙ පව්කාර දවසකුත් වුණා.. හ්.. හ්...”[/FONT]


    [FONT=&quot]ඉහලට ඇදලා ගත්තු හුස්ම ටිකවත් මට ආපිටට යවන්න ඉඩක් ලැබුණෙ නෑ.. හර්ෂිගෙ නිල් පාට ඇස් දෙකෙන් ගලන් හැලෙන උණු කඳුළු බිංදු දිහා මං මහ හුඟක් දුකෙන් බලන් හිටියා. ඒ ගින්දර වගේ කඳුළු බිංඳු පිහදානව ඇරෙන්න වෙන කරන්න දෙයක් මට ඒ වෙලාවෙ තිබුණෙ නෑ.[/FONT]


    [FONT=&quot]“මොකක්දෝ හිතාගන්න බැරි හේතුවක් හින්දා මම්ම මාව එදා නතර කර ගත්තා. මං ඇඬුවත්තෙක්ක.. අම්ම එක්ක යන්න ඕන කියලා. ඒත් මම මම්මලත් එක්ක නතර වුණා. එදා.. එදා.. මට මතකයි දේව් අයියෙ.. එදා තමයි මගෙ රත්තරං අම්මයි, තාත්තයි මාව මේ ලෝකෙ තනිකරලා දාලා යන්න ගියේ.. හ.. හ්.. හහ්..”[/FONT]


    [FONT=&quot]ජීවිතයටම අහිමි වෙලා ගියපු මව්පිය ආදරේට හූල්ලන හර්ෂිව මං අත් දෙකෙන්ම හිර කරලා අල්ල ගත්තා. ඒ සුදු මූණ අඬලම රතු වෙලා ගිහින්.[/FONT]


    [FONT=&quot]“අ.. අඬන්නෙපා හර්ෂි..! ක.. කවුරු නැති වුණත් මං ඔයා ළඟ ඉන්නවා නංගි.. හැමදාම මං ඔයා ළඟ ඉන්නවා..”[/FONT]


    [FONT=&quot]මගේ ඇස් දෙකත් පුරවල කඳුළු ඇවිත් තිබුණා. මං එහෙම කිව්වහම එයා මගේ පපුවට තුරුළු වුණා. පුංචි මුව පැටියෙක්ගෙ වගේ අහිංසක ඇස්වලින් හර්ෂි මං දිහා බලද්දි, මං ආයෙත් ඒ සුදු මූණ ඉම්බා.[/FONT]


    [FONT=&quot]“බාප්පට මාව පේන්න බෑ අයියෙ.. උදේට නැගිට්ටාම එයාට පේන්න අහලකටවත් යන්නෙ නෑ.. වැරදිලාවත් මාව දැක්කොත් හෙම මේ මූසලී දැකපු හන්දා අද දවසම කාලකණ්නි වේවි කියලා කියනවා.. මට පුදුම තරම් දුකයි දේව් අයියෙ.. බාප්පා ඉන්නෙ මගේ පුංචි වැරැද්දක් අහුවෙනකන්..”[/FONT]


    [FONT=&quot]“ඉ.. ඉතිං හර්ෂි මම්ම ඕව ගැන හොයන්නෙ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]හර්ෂි අසරණයි කියලා හොඳටම තේරුණත් මං එහෙම ඇහුවා.[/FONT]


    [FONT=&quot]“මට වෙන අසාධාරණේ ගැන එයා හොඳටම දන්නවා අයියෙ.. එයා හොඳටම දන්නවා බාප්පට මාව පේන්න බෑ කියලා. සමහර වෙලාවට මම්මයි, බාප්පයි රණ්ඩු වෙනවා.. එතකොට මට ඩිංගක් විතර නිදහස්.. ඒත් ආයෙම පරණ පුරුදු විදියටම හැමදේම සිද්ධ වෙනවා.. අනේ මගෙ රත්තරං අම්මවත් මං ගාව උන්නා නම්.. අනේ අයියෙ.. මං මහා පව්කාරියක්.. ඔයා මේවට ගෑවෙන්න එපා මගෙ අයියෙ..”[/FONT]


    [FONT=&quot]අහිංසක, අසරණ මිනිස්සුන්ටම මේ තරම් කරදර වෙන්නෙ ඇයි කියල මට හිතෙද්දි මගේ ඇස්වලිනුත් කඳුළු හෝ ගාලා කඩන් වැටුණා. මගේ ළඟට තුරුළු වෙලා ඉඳපු හර්ෂි, මං ගාවට තවත් තුරුළු කර ගනිද්දි හර්ෂි තවත් ඇඬුවා.. ඒත්.. ඇඬුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ රත්තරං කියලා මට කියන්න හිතුණත් මං කිව්වෙ වෙනින් දෙයක්.[/FONT]


    [FONT=&quot]“අඬන්න එපා හර්ෂි.. හිතට වැඩිය දුක් ගන්නත් එපා.. මං ඔයා ළඟ ඉන්නවනේ නංගි.. ඔයාගෙ අම්මයි, තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉඳගෙන ඔයා දිහා බලන් ඇති.. එයාලා ඔයාව ආරක්ෂා කරයි..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වහම හර්ෂි එක පාරටම ඔලුව උස්සලා මං දිහා බැලුවා. කඳුළු අස්සෙන්ම ආයිත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙතිවල තැවරිලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“ඔයා..! ඔයා මගේ හිත හඳන්නයි එහෙම කියන්නෙ.. නේද මගෙ අයියෙ.. හැමෝම මාව දාලා ගියාට ඔයා යන්නෑ නේද මාව දාලා..”[/FONT]


    [FONT=&quot]පුංචි එකෙක් අහනවා වගේ බිදිච්ච හඬකින් හර්ෂි මගෙන් ඇහුවා. අසරණකම උතුරලා ගියපු ඒ ඇස්දෙක දැක්කහම මගේ පපුව පිච්චෙනව වගේ මට දැනුණා.[/FONT]


    [FONT=&quot]“නෑ.. නෑ.. හර්ෂි.. කවදාවත් නෑ.. මං හැමදාකම ඔයා ළඟින් ඉන්නවා.. ඔයා ඒ ගැන දුක් වෙන්න එපා නංගි..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කියලා ඉවරවෙනවත් එක්කම තමයි හීන් පොද වැස්සක් වැටෙන්න ගත්තෙ.. ඒත් මටයි, හර්ෂිටයි ඒක ගාණක් වුණේ නෑ. අපි දෙන්නම වැස්ස වැටෙනවා බලන් හිටියා.. ටිකකින් හර්ෂි මං දිහා බලලා යාංතමට හිනාවුණා.. කඳුළු බිංදු තාමත් ඇස්වල තියෙද්දි එයා හිනාවුණ හැටි මගේ හිත ඇතුළෙ ගැඹුරුම තැනේ තැන්පත් වුණා.[/FONT]


    [FONT=&quot]“ඔන්න දේව් අයියෙ.. හයියෙන් වහිනවා.. එන්න අපි දුවමු..”[/FONT]


    [FONT=&quot]පොඳ වැස්සත් ටිකෙන් ටික සැරවුණා. අපි දෙන්නම ළඟ කුඩයක්වත් තිබුණෙ නෑ.. ඒක හන්ද වැස්ස සැරවෙද්දි අපි දෙන්නා වාඩිවෙලා ඉඳපු ගලෙන් බැහැලා වැල්ල දිගේම ගාලු පාරට දුවගෙන ආවා. පාර අයිනෙ තිබ්බ කඩපිලකට හර්ෂියි, මායි ගොඩ වෙනකොට අපි දෙන්නා හොඳටම තෙමිලා. කඩපිලේ තිබ්බ කණුවකට හේත්තු වෙලා මං හර්ෂි දිහා බැලුවා. පුංචි රෝස පාට ලේංසු පොඩියකින් එයා ගවුමෙ තැවරිච්ච වතුර බිංදු පිහදානවා.[/FONT]


    [FONT=&quot]“බලන හැටි විතරක්.. මහ වල් විදියටනේ බලන්නෙ..”[/FONT]


    [FONT=&quot]“වල් විදියට බලනකොට ලස්සනද..?”[/FONT]


    [FONT=&quot]මං අහපු එකට හර්ෂිට ආයෙත් හිනාවක් ගියා. ඒ හිනාවෙ ලස්සන..[/FONT]


    [FONT=&quot]“ඔයා කොහොම බැලුවත් මට නම් ලස්සනයි දේව් අයියෙ.. තව කාගෙ කාගෙන් ලස්සනද කියල අහල තියෙනවද දන්නෙ නෑ..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා, මං ගාවට ආපු හර්ෂි මගේ මූණෙ තිබ්බ වැහි බිංදු ටික පිහදාලා දැම්මා. ඉඳලා ඉඳලා හර්ෂිත් මාර කතානේ අහන්නෙ..? මැදැයි මාත් අහගන්න ඒවා.[/FONT]


    [FONT=&quot]“දැක්කනේ අහපු එක.. කෝම හරි හින්ට් එකක් ගහන්නමයි හදන්නෙ නේද..? ඔයා හිතන්නෙ මං හැමෝගෙන්ම අහනවා කියලද අනේ මට කැමතිද..? අනේ මට කැමතිද..? කියලා..”[/FONT]


    [FONT=&quot]මං අහපු එකට හර්ෂිට පුංචි හිනාවක් ගියා.[/FONT]


    [FONT=&quot]“අනේ නෑ දේව් අයියෙ.. මට ඒක නිකං කියවුණේ.. කෝ ඉතිං ඔයාට ඩිංග ඇත්නං තදවෙනවනේ..”[/FONT]


    [FONT=&quot]මගේ අතින් අල්ලගන්න ගමන් හර්ෂි කිව්වා. මං අනිත් අතින් හර්ෂිව මගේ ළඟට අරගෙන තුරුළු කරගත්තා. ඒ සුදු පාට මූණට, මූණ තුරුළු කරන් මං ඩිංග වෙලාවක් හිටියා. එයාගෙන් පිටවුණ සුසුම්වල තිබ්බ රස්නෙ මගේ මූණට විතරක් නෙමේ හිතටත් දැනුණා. පුංචි හා පැටියෙක් වගේ මගේ උණුසුමට ගුලිවෙලා ඉන්න හර්ෂි ගැන මහා මෙරක් වගේ ආදරයක් හිතේ ගොඩ නැගෙද්දි මං එයාව තවත් තද කරලා තුරුළු කරගත්තා.[/FONT]


    [FONT=&quot]“දේව් අයියෙ..?”[/FONT]


    [FONT=&quot]හීන් කෙඳිරිල්ලක් වගේ හර්ෂිගෙ කටහඬ මට ඇහුණා.[/FONT]


    [FONT=&quot]“ම්..”[/FONT]


    [FONT=&quot]“ඔයා දන්නෑනෙ වැඩක්..”[/FONT]


    [FONT=&quot]“දන්න වැඩ නම් තියෙනවා.. ඒත් ඒව මෙතන පෙන්නන්න බෑ හෂි.. නිකං හර් නෑ නෑ වගේ..”[/FONT]


    [FONT=&quot]හර්ෂිට තද කරවන්න හිතාගෙන මං කිව්වා.[/FONT]


    [FONT=&quot]“ඔ..ය්ය ඉතිං.. දැන් නම් මහ නරකයෙක් වෙලා.. ඉන්නකො මං දේවකී අක්කිට කියන්න.. මල්ලිගෙ තරම..”[/FONT]


    [FONT=&quot]“හාපෝ.. උන්දැට නම් විහිලුවටවත් කියන්න එපා.. පත්තරේ දැම්මා වගේ තමයි.. මං ගෙදර ගිහිනුත් ඉවරයි..! ඔයා කැමතිද හෂි.. මං බස් ස්ටෑන්ඩ්වල, පේමන්ට් අයිනෙ රෑට නිදාගන්නවට..?”[/FONT]


    [FONT=&quot]“මේක නම් කටක් නෙමේ.. හැම එකටම මොකක් හරි දෙයක් කියනවා.. අනේ ඉතිං අහන්නකො දේව් අයියෙ.. ඔයා මට කියන්න දෙන්නෑනෙ..”[/FONT]


    [FONT=&quot]මගේ අත කොනිත්තලා හර්ෂි මගෙන් ඈත්වුණා.[/FONT]


    [FONT=&quot]“හරි.. හරි.. කෝ බලමු ඔය මං දන්නැති වැඩේ මොකක්ද කියලා..”[/FONT]


    [FONT=&quot]කඩපිලෙන් එහා දෙක වෙන්න වහිනවා. වැස්සෙන් එන හිරිකඩ හර්ෂියි, මායි ඉන්න කඩපිලටත් වඳිනවා.. අපි දෙන්නා තවත් බිත්ති කණ්ඩියට ළං වුණා.[/FONT]


    [FONT=&quot]“බාප්පයි, මායි ඊයෙ රෑත් රණ්ඩු වුණා අයියෙ.. බාප්පා මට කුණුහරුපෙන් බැන්නා..”[/FONT]


    [FONT=&quot]“මොකක්..?”[/FONT]


    [FONT=&quot]හිතට එකතුවෙලා තිබබ් සංතෝෂෙ එකම එක තත්පරෙන් නැතිවෙලා ගියා. හර්ෂි ගෙවන ජීවිතේ ගැන මගේ හිතට ආවෙ පුදුම දුකක්. ත්තපරෙන් තත්පරේ ඒ දුක වැඩි වැඩියෙන් මගේ හිතේ එක්කහු වෙන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]“ඉ.. ඉතිං මම්ම ගෙදර හිටියෙ නැද්ද නංගි..?”[/FONT]


    [FONT=&quot]ඇත්තටම ඒ දේ ඇරුණම වෙන අහන්න දෙයක් මට තිබුණෙ නෑ..[/FONT]


    [FONT=&quot]“නෑ අයියෙ.. මම්මගෙ යාලු ඇන්ටි කෙනෙක් ඉන්නවා අපේ ගෙදරට ටිකක් එහායින්.. එහේ ගියපු මම්මා රෑ අට විතර වෙනකනුත් ආවෙ නෑ.. ඉතිං, මං මම්ම පරක්කු මොකද කියලා බලන්න දොර ඇරගෙන ගේට්ටුව ළඟට ගියා. බාප්පා ඒ වෙලාවෙ ටී.වී බලනවා. මං එළියට ආව විතරයි මේ පට්ට බැල්ලි දොර ඇරලා ගිහින් කියලා කියනවා මට ඇහුණා. මගේ හිතට ආවෙ පුදුම දුකක් අයියෙ.. මං ආවෙ මම්මව බලන්න.. මං එළියෙ ඉන්දෙද්දිම බාප්පා එක පාරට දොර වැහුවා. මං පුදුම විදියට අසරණ වුනා. ඒත් ඉතිං.. මං අසරණ වුණේ ඊයෙ රෑ විතරක් නෙමේනේ කියලා මං හිත හදාගත්තා.. හ්හ්.. හ්හ්.. හ්හ්..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙන් පිටවෙලා යන හැම වචනයක්ම දෙපාරක් හිතන්නෙ නැතුව මං මගේ හිත ඇතුළටම දාගත්තා. ඒ වෙලාවෙ නම් හර්ෂිගෙ බාප්පා ගැන මගේ හිතේ තිබ්බෙ පුදුම තරහක්.[/FONT]


    [FONT=&quot]“ඉතිං කියන්න හර්ෂි.. මං අහගෙන ඉන්නෙ..”[/FONT]


    [FONT=&quot]“ගේ ඇතුළට යන්න විදියක් තිවුණෙ නැති නිසා මං අර ඇන්ටිලහට ගියා මම්මව එක්කගෙන එන්න.. මං යනකොට මම්මා එන්න ලෑස්ති වෙනවා.. උඹට නිකංවත් ගෙදර ඉන්න බෑ නේද..? කියලා මම්මා මට බැන්නා එතනදිම.. මටත් තරහ ගියා අයියෙ හොඳටම.. අර යකාට පිස්සුව තදවෙලාද කොහෙද මාව දාලා දොර වැහුවා කියලා මං හයියෙන් කිව්වා. ඒ ගෙදර ඇන්ටිත් පුදුම වෙලා. කෝම හරි වැඩේ කියන්නෙ මම්මයි, මායි ආපහු ගෙදර ඇවිත් ගේට්ටුව අරිද්දි බාප්පා දොර ඇරලා.. මේ දොර ඇරලා තියෙන්නෙ කියලා මම්මා මට බැණ බැණ ගේට්ටුව වහද්දි මං ගේ ඇතුළට ගියා. වෙන මොනවද අයියෙ මං කරන්නෙ.. ඒත්.. මේ පට්ට බැල්ලි ආයෙමත් දොර ඇරලා ගියොත්නේ කියලා ආයෙමත් බාප්පා මට බැන්නා. මම්මා පස්සෙන් එද්දි මං කොහොමද දොර වහන්නෙ.. අන්තිමට මායි, බාප්පයි හොඳටම බැණ ගත්තා. මම්මා ඔහේ බලන් හිටියා. අනේ මට මෙහෙම වෙන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ දේව් අයියෙ..”[/FONT]


    [FONT=&quot]හර්ෂි අහපු දේට දෙන්න තරම් උත්තරයක් මං ගාව තිබුණෙ නෑ.. මේ තුන් ලෝකෙ ගැන මහා කලකිරීමක් මගේ හිතට එබුණා. මේ තරම් අහිංසක පුංචි කෙල්ලෙක්, මේ තරම් අසරණ කරවලා දෙවියො වුණත් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරි වුණා.[/FONT]


    [FONT=&quot]“අ..නේ... අම්මලා ගියපු ලෝකෙට මාවත් එක්කන් ගියා නම් මට මේ තරම් දුක නෑ අයියෙ.. මගේ පව්කාරකමට මං විතරක් ඉතුරු වුණා.”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා හර්ෂි හීල්ලුවා.. ඒ නිල් ඇස් දෙකේ දුක පිටාර ගලද්දි මගේ හිතත් හිරි වැටිලා ගියා. එක දිගටම වැටිච්ච වැස්සත් ඒ අතරෙ අඩුවෙලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“පුළුවන් තරම් ඉක්මනට ඔයාව මගේ ළඟට ගන්න බලන්නම් නංගි.. එතකොට ඔයාට සංතෝසෙන් ඉන්න පුළුවන්.. මං ඔයාට කවදාවත් දුකක් දෙන්නෑ රත්තරං..”[/FONT]


    [FONT=&quot]මං කියපු දේ අදහගන්න බැරිව වගේ ඒ ලොකු ඇස් උඩට හැරවුණා. කියාගන්න බැරි තරමෙ සතුටක් ඒ සුදු මුණෙ උතුරන හැටි මං දැක්කා.[/FONT]


    [FONT=&quot]“ඔ.. ඔයා හරි හොදයි දේව් අයියෙ.. හුඟාක්ම හොඳයි.. මං ආයෙත් ක්ලාසස් යන්නම්.. ඔයා ගැන හිතලා හැම දුකක්ම නැති විදියට ඉන්නම්..”[/FONT]


    [FONT=&quot]“හැබැයි ඔන්න අඬන්න බෑ හොඳේ..”[/FONT]


    [FONT=&quot]මං ඇඟිල්ල උරුක් කරලා කිව්වා. හර්ෂී ඒ ඇඟිල්ලෙන් ඇඳලා අල්ල ගත්තා.[/FONT]


    [FONT=&quot]“මං අඬන්නෑ අයියෙ.. හැමදේමට මගේ කියලා කියන්න මට ඉන්නෙ ඔයා විතරයි.. මොන දේ වුණත් මං ඔයාව නැති කරගන්නෑ..”[/FONT]


    [FONT=&quot]වැහි බීරුමත් එක්ක හැන්දෑ කරුවල හතරවටෙන් උතුරද්දි මායි, හර්ෂියි වෙන්වුණා.. ආපහු ගෙදර එද්දිත් අනාගතේ ගැන හිතන්න මහා හුඟක් දේවල් මගේ හිතේ ඉතුරු වෙලා තිබුණා.[/FONT]



    Mathusambandai.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කතාවේ එක කොටසක් නම් කියෙව්වා.. අනිත් ටික රෑට තමයි කියවන්න ඕන ..
    ලස්සන කතාවක් .. :)
    අපිත් එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තුති හොඳේ ..
    රෙප් තමයි දෙන්න බැරි.. :/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    අක්කගෙ මල් වගයකට ඕන කරන කම්බි වගයක් ටවුන් එකෙන් අරගෙන මං ගෙදර එන්න ආවා. ගත්තු කම්බි ටික වම් අතින් අරන්, ඉතුරු කාසි ටික මං ඩෙනිමෙ සාක්කුවට දාගත්තා විතරයි... අලුත්ම අලුත් ට්‍රේල් බයික් දෙකක් මං යන පාර හරස් කරලා නතර කරා.. බයික් දෙකේ හතර දෙනෙක් හිටියා. මං උං දිහා බැලුවා. ඒත් ඒ එකෙක්වත් මං අඳුනන්නෙ නෑ.. ඒක හන්දම මං උං හතර දෙනා මගෑරලා ඉස්සරහට ආවා.[/FONT]


    [FONT=&quot]“අඩෝ...”[/FONT]


    [FONT=&quot]මගේ පස්සෙන්ම ඒ සද්දෙ ඇහුණා. පුංචි කේන්තියක් හිතට එද්දිම මං ආපිට හැරුණා. උගෙන් එකේක මට ඔලුවෙන් කතා කරත්, මං ගියේ නෑ.. උඹලට ඕන නම් මං ගාවට වරෙල්ලා කියලා මං හිතාගත්තා. බලමුකො මොනවද වෙන්නෙ කියලා.. ගේම නම් ගේම.. මං අතාරින්නෑ.. මං උං ගාවට ගියේ නැති හන්දා එකෙක් බයික් එක රේස් කරන් ඇවිත් ආයෙත් මං ඉස්සරහ නැවැත්තුවා.[/FONT]


    [FONT=&quot]“ලොක්කා..? උඹේ කැටයං වැඩියි හරි..! අපිට ඕවා දිරවන්නෑ..”[/FONT]


    [FONT=&quot]මුං හතර දෙනා එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරි වෙලයි තිබුණෙ.. දිරවන්නැත්නම් බඩ සුද්ද වෙන්න අරිෂ්ඨයක් බීපල්ලා කියන්නත් හදලා මං සද්ද වහගත්තා. මගේ හිත මට කිව්වෙම මෙතනින් අයින් වෙයන් කියලා. මොකද උංගෙ මූඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නෑ. ඒක හන්දම උං හතර දෙනා දිහා හොඳට බලලා මං ආයෙත් යන්න හැරුණා.. ඒත්..?[/FONT]


    [FONT=&quot]“ඕම, නැවතියන් ඩෝ.. අපිට තියෙනවා උඹත් එක්ක පුංචි ගණුදෙනුවක් බේරගන්න..”[/FONT]


    [FONT=&quot]ඒ කතාවත් එක්කම ඩිංගෙන් ඩිංග රත්වෙලා තිබ්බ මගේ හිත පිපිරිලා ගියා. කෝමටත් මට ඉවසනවා කියන එක ඒ තරම් හරියන දෙයක් නෙමේ.. ඒත් ඒක මුං දන්නෙ නෑනෙ.[/FONT]


    [FONT=&quot]“තොපිත් එක්ක ගනුදෙනු කරන්න මං බිස්නස් කරේ නෑනෙ ඩෝ.. ගෑණු වගේ එහෙන් මෙහෙන් පඩ ෂෝ දාන්නැතුව කියන මගුලක් කෙලින් කියපං..”[/FONT]


    [FONT=&quot]හැරෙන තැපෑලෙන් ආපු මගේ ටෝකට උං හතර දෙනා ගල් වෙලා ගියා. ඒත් ඊගාවට උං හතර දෙනා අතරෙ ඉඳපු උස මහත පොර බයික් එකෙන් බැස්සා.[/FONT]


    [FONT=&quot]“ඉස්සෙල්ලා සද්ද අඩු කරගනිං.. අපේ ඩිලාන් බ්‍රදර්ට වැඩිය සද්ද බද්ද අල්ලන්නෑ හරි..”[/FONT]


    [FONT=&quot]අර උස මහත පොර මං ඉස්සරහටම ඇවිත් කිව්වා. මට තවත් මළ පැන්නා. හිතේ තිබ්බ ඉවසීමෙ බැමි එකින් එක කැඩෙන හැටි මට තේරුණා.[/FONT]


    [FONT=&quot]“මගේ සද්ද අඩු කරන්න, තාම මාව වදපු අම්මටවත් බැරිවුණා. එහෙම එකේ උඹලා කවුද ඩෝ මගේ වොලියුම් ටෙස්ට් කරන්න..”[/FONT]


    [FONT=&quot]ආයෙත් මගේ ටෝකට උංගෙ මූණු කළුවෙලා ගියා.[/FONT]


    [FONT=&quot]“රෙජී.. උඹ.. පටන්ගනිං..”[/FONT]


    [FONT=&quot]ඩිලාන් බ්‍රදර් කියලා හඳුන්වපු පුද්ගලයා බයික් එක උඩ ඉඳන්ම මගේ ඉස්සරහ හිටපු එකාට කිව්වා. ෂුවර් එකටම ගේම තමයි.. කමක් නෑ.. හතරට එකයි අනුපාතෙ.. නැව් ගානට කෙළිනවා කියලා මං හිතාගත්තා.. වැඩිම උණොත් මං මාස දෙක තුනක් ඉස්පිරිතාලෙ ඉඳයි. එවරෙඩි බැටරියෙ පූසා වගේ මාත් එක හිතින්ම රෙඩි වුණා. ඒත් මං රෙඩි වුණාට උං රෙඩි වුණේ ගේමකට නෙමෙයි.[/FONT]


    [FONT=&quot]“මං රෙජී..! අර ඉන්නෙ ඩිලාන් බ්‍රදර්..! අරුන් දෙන්නා නවීන්, සංජය.. උඹ අපිව දන්නෙ නැති හන්ද ඔන්න හඳුන්වලා දුන්නා හරි..! උඹව අඳුනගන්න දෙයක් අපිට නෑ.. උඹ දේව්.. එහෙමනේ..?”[/FONT]


    [FONT=&quot]රෙජී කියලා කියපු එකා එහෙම කිව්වම මං ටිකක් හොල්මං වුණා. මුං මගේ නමත් දන්නවා.. මෙතන වෙන්න යන්නෙ අමුතුම සීන් එකක් වගේ..[/FONT]


    [FONT=&quot]“උඹ ඉස්සෙල්ලා පණ්ඩිතයා වගේ කිව්වනේ කියන මගුලක් කෙලින් කියපං කියලා.. කොටින්ම මේකයි ආබාදෙ.. හර්ෂි ගැන උඹේ හිතේ ලාවට හරි අයිඩියාවක් තියෙනව නම් අන්න ඒ දේ පුළුවන් තරම් ඉක්මනට අයින් කර ගනිං.. මොකද හර්ෂි අයිති මූට..”[/FONT]


    [FONT=&quot]රෙජී, ඩිලාන් බ්‍රදර්ව පෙන්නලා එහෙම කියද්දි මගේ හිත සීතල වෙලා ගියා.. හර්ෂි.. දෙයියනේ ඔයා කොහොමද මේකට සම්බන්ධ වුණේ.. උගේ කතාවෙන් මගේ හිතේ ෆිට් එක ඩිංගෙන් ඩිංග අඩුවෙලා යද්දි මං කතා කරා.[/FONT]


    [FONT=&quot]“උඹ කවුද ඩෝ මට එහෙම කියන්න..? හර්ෂී ගැන උමලා කරදර වෙන්න ඕන නෑ.. ඒක මායි, හර්ෂියි බලාගන්නම්..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වහම රෙජී හිනාවුණා.[/FONT]


    [FONT=&quot]“උම ඇහුවනේ මං කවුද කියලා.. හරිෂිව, අපේ ඩිලාන් බ්‍රදර් බඳින දවසට මං තමයි ඩෝ බෙස්මන්ට ඉන්නෙ.. උඹට ඔය මං කියපු දේවල් තේරුම් ගන්න බැරි වුනා නම්, තේරුම් ගන්න තරම් මොළයක් නැත්නම්, උඹ ගිහින් හම්බවෙයන් ඇල්ප්‍රඩ් ධර්මවර්ධනව.. රයිට්..”[/FONT]


    [FONT=&quot]ඒ නම ඇහුණ ගමන් මං ගැස්සිලා ගියා. ඇල්ප්‍රඩ් ධර්මවර්ධන කියලා කිව්වෙ හර්ෂිගෙ බාප්පට.. ඌ කොහොමද මේකට ජොයින්ට් වුණේ..?[/FONT]


    [FONT=&quot]“අපිට ආයෙ උඹව හම්බවෙන්න තියන්නෙපා හරි..! හර්ෂි ගැන අයිඩියාව අදම ඔලුවෙන් අතෑරපු තරමට උඹටයි, උඹේ වරිගෙ ඈයොන්ටයි ඔක්කොටම හොඳයි.. තේරුණානේ..”[/FONT]


    [FONT=&quot]මෙච්චර වෙලා වැඩිය මුකුත් කියන්නැතුව ඉඳපු ඩිලාන් බ්‍රදර් නමින් හැදින්වුණු එකා මට ඇඟිල්ල දික් කරලා කිව්වා.[/FONT]


    [FONT=&quot]“උඹ තියා උඹේ තාත්තා ඇවිල්ලා කිව්වත් මට ඕන දේ මං කරනවා ඩෝ.. පුළුවන් දෙයක් කරපන්..”[/FONT]


    [FONT=&quot]මං කෑගැහල වගේ කිව්වා. ඒත් ඌ ඒකට හිනාවුණා.[/FONT]


    [FONT=&quot]“ඔය උඹට දෙන ෆස්ට් රිමයින්ඩර් එක.. අපි ආයෙ දෙවනි එක්ක දෙන්නෑ.. කෙලින්ම බ්ලාස්ට්..! පරිස්සම් වෙයන් ලොක්කා.. එහෙනම් ඕං අපි ගියා..”[/FONT]


    [FONT=&quot]ට්‍රේල් බයික් දෙන පුළුවන් තරම් රේස් කරන් උං මං ගාවින් යන්න ගියා. මං ගාව ඒ වෙලාවෙ පුංචි පසුතැවීමක් ඉතුරු වෙලා තිබුණෙ. ඒ උං මෙච්චර දේවල් කියද්දි මට මුකුත් කියාගන්න බැරිවුණ එක. කෝම වුණත් අන්තිමට මගේ හිතේ මොකක්දෝ නොපහන් හැඟීමක් ඉතුරු වුණා. ඒක හර්ෂි ගැනද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් ඉතිං හර්ෂි මේ මුකුත් දන්නෑනෙ.. කවුද මේ ඩිලාන් බ්‍රදර් කියලා කියන්නෙ..? අන්තිමට මගේ හිතට ආපු ලොකුම ප්‍රශ්නෙ ඒකයි.[/FONT]


    [FONT=&quot]එදා හවස් වරුවෙ මං ප්‍රශාන්ලහ යන්න ලේස්ති වුණා. ගෙදරට වෙලා ඉන්න ගියහමත් පිස්සු හැදෙනවනේ. මූ ගෙදර ඉඳීවිද මංදා. මං කාමරේ ඉඳන් කොණ්ඩෙ පීරන ගමන් හිතුවා. අරකිත් එක්ක කොහේ හරි වල් ටුවර් එකක් ගිහින්ද දන්නෙත් නෑ.[/FONT]


    [FONT=&quot]“කෝ.. අක්කි දේව් ඉන්නවද..?”[/FONT]


    [FONT=&quot]හුටා... ප්‍රශාන්. මූ නම් මැරුවත් මැරෙන්නැති එකෙක්. මං ඌව හම්බෙන්න යන්න හැදුව විතරයි, මෙන්න මූ අපේ ගෙදර.. එකපාරටම කාමරේ කර්ටන් එක විසිවෙලා ගියා. නොදකින් මේ හාල්පාරුවට තියෙන කුලප්පුව.[/FONT]


    [FONT=&quot]“අඩෝ.. මාර අවුලක් බං..! තව ඩිංගෙන් මට පිස්සු හැදෙනවා.. හොද වෙලාවට පිස්සු බලු බෙහෙත් විදලා හිටියෙ..”[/FONT]


    [FONT=&quot]දොර ගාව ඉඳන් ඌ කියවන් යනවා. ඒ පාර මූ මොකක්ද පෙරළගෙන තියෙන බාල්දිය.. නැත්නම් මූ මට ගින්නක් වත් දෙනවද..? ඒත් උගේ මූණෙ හැටියට නම් බයිලයක් වෙන්න බෑ.[/FONT]


    [FONT=&quot]“අවුලක් නම් ඔය දොර අඩවල් කරන් මේ ඇඳ උඩට වරෙන්.. අක්කට ඇහෙනවා.”[/FONT]


    [FONT=&quot]දොරත් අඩවල් කරගෙනම ඌ ඇඳ ගාවට ආවා. ඒත් ඌ ඇඳේ වාඩි වුණේ නෑ. මගේ මේසෙ ගාව තිබ්බ දිග පුටුවට හේත්තු වුණා.[/FONT]


    [FONT=&quot]“මගේ ඔලුව ඩබල් එකේ අවුට් දේව්.. ෂිහ්..”[/FONT]


    [FONT=&quot]ඌ ඇඹරෙනවා.. ෂුවර්රෙකට දිරවන්න බැරි මොකාක් හරි කේස් එකක්.. ආයෙ හෝදන්න දෙයක් නෑ.[/FONT]


    [FONT=&quot]“ඇයි නිශානි බූට් එකක් තිබ්බද..?”[/FONT]


    [FONT=&quot]“එහෙනම් කොයි තරම් සැනසීමක්ද බං.. මේ කේස් එක අදාල මට නෙමේ උඹටයි..”[/FONT]


    [FONT=&quot]ඌ එහෙම කිව්වාම මගේ පපුව ගැහෙන වේගෙ වැඩිවුණා. මූ මොනවද මේ කියන්න හදන්නෙ.. මං කන් දෙක තවත් හොඳට දික් කරගත්තා. ඌ කියන ඒවා හොඳට අහගන්න.[/FONT]


    [FONT=&quot]ප්‍රශාන් කියන ඒව අහගන්න මං හොඳට කන් දෙක ඇර ගත්තට හිතපු තරම් ඉක්මණට ඌ කතාව පටන් ගත්තෙ නෑ. තවත් ඩිංගක් වෙලා ඉඳලා තමයි ප්‍රශාන් කතා කරේ.[/FONT]


    [FONT=&quot]“උඹට මතකද දේව් මං උඹට දවසක් කිව්වා මට කොල්ලො ගැන්සියක් සෙට් වුණා කියලා..”[/FONT]


    [FONT=&quot]“ම්හු..”[/FONT]


    [FONT=&quot]“අනේ.. තොගෙ මෙමරිය..! ඇයි යකෝ, මං අර මාතර නැන්දලහ යනකොට ට්‍රේන් එකේදි හම්බවුණා කිව්වෙ.. උම මගෙන් ඇහුවෙ කෙල්ලො ගැන්සියක්ද කියලා..”[/FONT]


    [FONT=&quot]හප්පේ.. මූ කිව්වා නේන්නම්.. එහෙම දෙයක්..! යකෝ බලන් ගියාම මූ පරණවිතාන මහත්තයටත් වැඩිය පරණ දේවල් දන්නවනේ.[/FONT]


    [FONT=&quot]“ඉතිං..?”[/FONT]


    [FONT=&quot]“උඹ දන්නවද ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනව..?”[/FONT]


    [FONT=&quot]මං ගැස්සුණා, හර්ෂනීගෙ බාප්පගෙ නම මූ දන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඊළඟ තත්පරේදි මගේ හිතට ආවා.[/FONT]


    [FONT=&quot]“ඔව්.. ඔව්.. ඇල්ෆ්‍රඩ් කියන්නෙ හර්ෂිගෙ බාප්පා...”[/FONT]


    [FONT=&quot]“මං අර කලින් කිව්ව කොල්ලො ගැන්සියෙ ඉන්නවා මචං ඔය ඇල්ෆ්‍රඩ්ට දුරින් නෑ වෙන කොල්ලෙක්.. ඌයි, ඇල්ෆ්‍රඩුයි මාර ෆිට්.. ෆිට් කියන්නෙ මචං, පොල් මුඩ්ඩයි, පොල් ගෙඩියයි වගේ..”[/FONT]


    [FONT=&quot]“ඉතිං..?”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන් දීපු එග්සාම්පල් එක සත විසිපහකටවත් ගණන් ගන්නැතුව මං ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ඉතිං කියන්නෙ යකෝ.. ඔය මං කිව්ව එකා, හර්ෂිට විකාගෙන ට්‍රයි.. ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තියෙනවා..”[/FONT]


    [FONT=&quot]විනාඩියක් දෙකක් යනකන් කියාගනන් වචන නැතුව වගේ මං ගොලුවුණා. ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නෙ..[/FONT]


    [FONT=&quot]“ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තිබ්බට වැඩක් නෑ ප්‍රශාන්.. මට හර්ෂිව ෂුවර්..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වම ප්‍රශාන් මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. ඌට පුදුම හිතෙන්නැති මං කිව්ව දේට.[/FONT]


    [FONT=&quot]“උඹේ ෆිට් එක නම් නියමයි ලොක්කා..! උඹට හර්ෂිව ෂුවර් කියන්නෙ, මට උඹලගෙ ලව් එක ෂුවර්.. එළකිරි මචං.. ඕම යමං.. ඕම යමං..”[/FONT]


    [FONT=&quot]“ඒක නෙමේ බං.. අද මාර සීන් එකක් වුණානේ.. හැබැයි උං මට ගැහුවා නම් ගුටි කන්න හරි මාත් ගහනවා..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා, අද ඩිලාන් බ්‍රදර්ගෙ ගැන්සිය මට දාපු සෙල්ලම ගැන මං ප්‍රශාන්ට කිව්වා. උගේ ඇස් දෙක පොල් ගෙඩි සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. ඇත්තටම ඌ ගැස්සුණා.[/FONT]


    [FONT=&quot]“මොකද බං..? උං වලිය දැම්මෙ මට.. බයවෙලා තියෙන්නෙ උමනේ..”[/FONT]


    [FONT=&quot]මං හිනාවෙවී ඌට කිව්වා. ඒත් පුරුදු විදියට ප්‍රශාන් හිනාවුණේ නෑ.. ෂුවර් එකට මොකාක් හරි බාල්දියක්. ඒක බුදු ෂුවර්.. නැත්තං මූ කට බලිය වගේ කරගෙන බිං ඌරා වගේ මෙහෙම ඉන්නෑ..[/FONT]


    [FONT=&quot]“උ.. උඹ දන්නවද දේව්.. ඔ.. ඔය ඩිලාන් බ්‍රදර් කියන්නෙ කවුද කියලා.. ඌ තමයි මං දැන් ඩිංගකට කලින් කිව්ව හර්ෂීගෙ බාප්පගෙ ෆ්‍රෙඩා..! උං නෑදෑයො.. මං උඹට කිව්ව අර කොල්ලො ගැන්සිය ලීඩ් කරන්නෙ මූ..”[/FONT]


    [FONT=&quot]සුරංගනා කතාවක් අහන් ඉන්න පුංචි එකෙක් වගේ මං ප්‍රශාන් දිහා බලන් හිටියා. හිතපු නැති විදියට මේකෙ සිද්ධි එකකට එකක් පැටලෙනවා කියලා මට තේරුණා.[/FONT]


    [FONT=&quot]“මං හෙට උන්ව හම්බවෙන්නම් දේව්..”[/FONT]


    [FONT=&quot]කල්පනා කරලා ඉවර වෙලා ප්‍රශාන් කිව්වා. ඌ මොකක්ද කරන්න යන්නෙ..?[/FONT]


    [FONT=&quot]“හම්බවෙලා..?”[/FONT]


    [FONT=&quot]“උඹ මගේ බොක්කෙ යාළුවා හින්දා, මං උන්ට කියනවා මේකට අත දාන්න එපා කියලා.. ඉවරනේ ලොක්කා ගේම..”[/FONT]


    [FONT=&quot]“එපා..”[/FONT]


    [FONT=&quot]මං කියන දේ අදහගන්න බැරිව වගේ ඌ මං දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“උඹ එහෙම කියන්න ගියොත් මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා ප්‍රශාන්.. ඒක හන්දා උඹ උං ළඟන් ඉඳපං.. තව මාස දෙක තුනක්වත්.. ඊට පස්සෙ කියන එක නොකියන එක තීරණය කරමු..”[/FONT]


    [FONT=&quot]“උඹ කියනව නම් එහෙම කරමු. අවුලක් නෑ.. ඒත් මම නම් හිතන්නෙ මේක මුලින්ම බේරගත්තොත් හොඳයි කියලා.. මොකද උංගෙ ගැන්සියෙ ඉන්නවා නාහෙට අහන්නැති එළු වස්සෙක්.. රජීව් කියලා..”[/FONT]


    [FONT=&quot]“ඒවා හරි ප්‍රශාන්.. උඹ මං ගැන බයවෙන්නෙපා.. ආ.. උඹෙත් තව දෙයක් අහන්න ඕන..! උඹ, උං එක්ක ඉන්නකොට ඩිලාන්ල හර්ෂි ගැන කතාවුණේ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“වැඩිය නෑ බං.. මං මුලින් හිතුවෙ ඌ ජොලියට හර්ෂිට ට්‍රයි කරනව කියලා.. ඒත් මට තේරෙන විදියට ඌත් බොක්කෙන්ම යන්නෙ.. බැහැයි හර්ෂි ඌව ගණන් ගන්නෑ කියලා නම් මං දන්නවා.. ඒත් ඉතිං ඇල්ෆ්‍රඩ් කාරයා තමයි අවුල..”[/FONT]


    [FONT=&quot]“ඒ.. ඒකට කමක් නෑ ප්‍රශාන්.. අපි බලමුකො.. මොකද වෙන්නෙ කියලා. උඹ උං ගැන්සිය එක්ක ෆිට් වුණ එක නම් කියලවත් කරගන්න බැරි වැඩක් මචං..”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන්ගෙ කරට අතක් දාන ගමන් මං කිව්වා.[/FONT]


    [FONT=&quot]“ඒකට තමයි ඩෝ දෛවය කියන්නෙ.. භෞමික අඛණ්ඩතාවය කියන්නෙ.. සෛයිවරීභාවය කියන්නෙ.. තව ඒකට වචනයක් කියනවා මචං.. ගතානුගතිකත්වය කියලා..”[/FONT]


    [FONT=&quot]ඌ කියෝගෙන යනවා. දැන් මූට පිස්සු තදවෙලා. තවත් මුගෙත් එක්ක හර්ෂි ගැන කතා කරලා වැඩක් නෑ. ඇයි ඉතිං ඌ කතා කරන්නෙ සෛයිවරීභාවයක් ගැනනේ.[/FONT]


    [FONT=&quot]“මේ.. මං යනවා.. ඉතුරු ටික හෙටට මතුසම්බන්ධ කරමු.”[/FONT]


    [FONT=&quot]එකපාරටම හදිස්සියෙන් වගේ ප්‍රශාන් කියවන් ගියා.[/FONT]


    [FONT=&quot]“මොන මතු සම්බන්ධද බං.. ඔන්න ඔහේ ඉඳපං.. මොකෝ ඔච්චර තදියම..?”[/FONT]


    [FONT=&quot]“මං මෙහේ බොක ටයිඩ් වෙලා ඉන්නවා.. උඹ පිස්සු කෙලිනවා..”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ඌ ඒ පාර බඩටත් අතක් තියාගෙන කියන්නෙ..[/FONT]

    [FONT=&quot]“ඉතිං මෙහේ ටොයිලට් නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“පයිත්තියංද බං.. අපේ ගෙදර කක්කුස්සි වල පුරවන්නම ඕන.. එතකොට තමයි මට නින්ද යන්නෙ.. ඒනම් මං ගියා..”[/FONT]


    [FONT=&quot]දඩබඩ ගාලා ඌ පැනලා දිව්වා. මූ නම් මොන නැකතක ඉපදිච්ච වහුකුනෙක්ද මංදා.[/FONT]


    [FONT=&quot]“කෝ.. දෙන්නම එන්න තේ බොන්න..”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන් ගිහින් විනාඩියක් ගියේ නෑ.. අක්කා කාමරේට කඩන් පාත් වුණා.[/FONT]


    [FONT=&quot]“ඔහ්..! කෝ චූටි, ප්‍රශාන්..”[/FONT]


    [FONT=&quot]“නාගන්න ඕන කියලා ගෙදර දිව්වා.”[/FONT]


    [FONT=&quot]ඌ ගියපු කුපාඩි ගමන ගැන අක්කට කියතැහැකිද..? ලැජ්ජ නැතුව.[/FONT]


    [FONT=&quot]“හරි එක්කෙනෙක් තමයි.. කියලවත් ගියේ නෑ.. මං එයාටත් එක්ක තේ හැදුවා..”[/FONT]


    [FONT=&quot]“සිම්පල්නේ සිස්ටර්.. තේ දෙකක් බොන්න මේ දේව් ඉන්නෙ.. කෝ දෙන්න..”[/FONT]

    [FONT=&quot]“තේ නම් දෙකක් බොතෑකි.. ඒත් ඔයාට කියන්න දෙයක් තියෙනවා චූටි..”[/FONT]


    [FONT=&quot]ඒ පාර මොකක්ද බං පාත්වෙන්න යන හෙනේ.. ඩිංගකට කළින් ප්‍රශාන් මගේ ඇඟේ ලේ පුච්චලා ගියා, හර්ෂි ගැන කියලා.. මෙයා මොනවද දන්නෑ කියන්න යන්නෙ..[/FONT]


    [FONT=&quot]“ඔයා යන හැම ගමනක්ම අම්මා දන්නවා හොදේ.. ළඟදිම උත්තර දෙන්න වෙයි..”[/FONT]


    [FONT=&quot]අක්කගෙ කතාවට මං හොල්මන් වෙලා ඉවවෙලා ආයෙම හොල්මං වුණා.[/FONT]


    [FONT=&quot]“අම්මා දන්නවා..! හුටා.. ඒ කොහොමද අක්කෙ..?”[/FONT]


    [FONT=&quot]“මං දන්නෑ චූටි.. මගෙත් එක්ක ඉන්නකොට අම්මා කියන ඒවයි, මගෙන් අහන ඒ වලිනුයි මට ඒ විත්තිය තේරෙනවා.. ටිකක් පරිස්සමින් වැඩ කරන්න චූටි.. අම්මයි, තාත්තයි ඔයා ගැන, හු[/FONT][FONT=&quot]ඟක් බලාපොරොත්තු තියන් ඉන්නෙ..[/FONT][FONT=&quot]”[/FONT]


    [FONT=&quot]“මං ඒක දන්නවා පොඩී..”[/FONT]


    [FONT=&quot]මං අක්කට එහෙම කිව්වත් මගේ පපුව ස්පීඩ් කරල තිවුණා මටත් හොරෙන්ම.. ඒ කියන්නෙ හර්ෂියි, මායි ගැන අම්මා දන්නවා කියලවත්ද..? ඒත් මං කොහොමද අක්කගෙන් ඒ ගැන අහන්නෙ..?[/FONT]


    ________________


    [FONT=&quot]දවස් ගෙවිල ගියේ කිසිම සද්දයක් බද්දයක් නැතුව. පහුවෙච්චි දවස් ටිකේම මං කෙරුවෙ පැලෙනකන් නිදාගන්නෙක. ඒත් අද උදේ ඒ පැලෙනකන් නිදා ගැනිල්ල මට නවත්තන්න වුණා. හර්ෂි ඊයෙ හවස පුංචි ලියුම් කෑල්ලක් එවලා තිබ්බා එයාව හම්බෙන්න කියලා.. ඒ ලියුම් කෑල්ල දැකපු වෙලාවෙ ඉඳලා මට බුදු ෆිට්.. ඒත් ඒ බුදු ෆිට් එකට යටින් පුංචි බයකුත් තිබ්බා.. ඇයි හත්තිලව්වෙ, එයාව හම්බෙන්න කියලා තිබුණෙ එයාලගෙ ගෙදරදිනේ.. උදේ හත වෙනකොට මම්මයි, බාප්පයි ඉස්කෝලෙ යනවා කියලත් එයා ලියලා තිබුණා.[/FONT]


    [FONT=&quot]බස්සෙකේ ඇවිත් හතාමාර විතර වෙද්දි මං හර්ෂිලගෙ ගෙදර ගාවින් බැස්සා. පංඩිතයා වගේ ආවට හර්ෂීගෙ ගෙදර ලංවුණාම කකුල්දෙක කිසි අවුලක් නැතුව මැඩ්ලින් ගහන්න ගත්තා. වැරදිලාවත් බාප්පකාරයා ගෙදර හිටියොත් හෙම මට නොවරදවාම නිවන් සැප තමයි.. ඒ කොහොම වුණත් හර්ෂිගෙ ගෙදර ඉස්සරහ දොර හායි ගාලා අරලා දාලා තිබුණා. බාප්පයි, මම්මයි ගිහිල්ලද කියන ගැටලුව විතරයි මගේ ඔලු‍වෙ තිබ්බෙ.[/FONT]


    [FONT=&quot]මං මිදුල දිහා බැලුවා.. හොඳට අතුගාලා තිබ්බ මිදුලෙ මෝටර් බයික් එකක අලුත් ටයර් පාරවල් මං දැක්කා.. යකඩෝ.. ඒ කියන්නෙ පොර ගිහින්.. දැන් බයක් නෑ.. ඕන මගුලක් දෙකයි පණහයි කියලා මං සාලෙට එබුණා.[/FONT]


    [FONT=&quot]“හා..න්..නේ.. ඔයා..? මං හිතුවෙ නෑ මේ තරම් උදෙන් එයි කියලා..”[/FONT]


    [FONT=&quot]මාව දැකපු ගමන් සැටියෙ වාඩිවෙලා ඉඳපු හර්ෂීගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා ගියා. එයා දුවගෙන ඇවිත් වගේ මගේ අතේ එල්ලුනා.[/FONT]


    [FONT=&quot]“කෝ... ඩබල ගියාද..?”[/FONT]


    [FONT=&quot]සැටියෙන් වාඩිවෙන ගමන් මං හර්ෂීගෙන් ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ම්.. දෙන්නම ගියා.. චුට්ටක් ඉන්න දේව් අයියා..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා හර්ෂි ඉස්සරහ දොර ගාවට ගිහින් ඒක වහල දැම්මා. පස්සෙ ආයෙමත් මං ගාවට ඇවිත් වාඩිවුණා. පිස්සු කොර වෙනවා. මුළු ගේම වහලා.. මායි, හර්ෂියි විතරයි ගේ ඇතුලෙ.. මං එයා දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“අර උඩහ ගෙදර ඇන්ටි ආවොත් මං ඉඳලා ඉවරයි.. ඒකයි මං දොර වැහුවෙ අයියෙ..”[/FONT]


    [FONT=&quot]ඉස්සරහ දොර වහපු එකට නිදහසට කාරණාවක් වගේ හර්ෂි කිව්වා.. ෂීකේ.. මං හිතන් හිටියෙ වෙන දෙයක්නේ.. මැදැයි..![/FONT]


    [FONT=&quot]“මං ආපු හින්දා ඔයා බයෙන් නේද ඉන්නෙ හර්ෂි..?”[/FONT]


    [FONT=&quot]“නෑ අයියෙ.. දොර ඇරලා තියෙද්දි ඒ ඇන්ටි ආවොත් හෙම එයා හැමදෙයක්ම බප්පගෙ කනේ තියාවි.. වැරදිලාවත් එයා ඇවිත් කතා කලොත් අපි සද්ද නැතුව ඉමු..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා එයා ලොකු හුස්මක් ගත්තා. හර්ෂීගෙ මූණෙන් ඇස්දෙක අහකට අරන් මං බිත්තිය දිහා බැලුවා. හර්ෂි හදාපු මල් බොකේස් වගයක් බිත්තියෙ හයි කරලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“ෂහ්.. ෆැන්ටාස්ටික්.. ගෑණු ළමයා සිරාවටම මල් හදනවනේ..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වම හර්ෂිට පුංචි හිනාවක් ගියා.[/FONT]


    [FONT=&quot]“ඒ වුණාට ඉතිං මට හඳලා දීපු හාට් එක තරම් ලස්සන නෑ..”[/FONT]


    [FONT=&quot]එයාගෙ පුංචි හිනාව තව ටිකක් ලොකු වුණා. ඒ හිනාවෙන්ම එයා මං වාඩිවෙලා ඉඳපු තැනට ඇවිත් සැටියෙ ඇන්ද උඩ වාඩිවුණා. ඒ රෝස පාට දිග ඇඟිලි මං මගේ අතින් අල්ල ගත්තා. පුදුම සීතලක් එයාගෙ අතේ තිබ්බෙ.[/FONT]


    [FONT=&quot]“ඔයා අයිස්ලන්තෙද මංදා හිටියෙ.. මෙච්චර සීතල..?”[/FONT]


    [FONT=&quot]මං කිව්ව දේට මුකුත්ම නොකියා ඒ ලස්සන ඇස්වලින් එයා මං දිහා බලන් හිටියා. කියාගන්න බැරි තරමෙ ආදරයක් හර්ෂි ගැන මගේ හිතේ ටිකෙන් ටික ඉදිවෙන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]“හරි ලස්සනයි.”[/FONT]


    [FONT=&quot]“ක.. කවුද ම.. මමද..?”[/FONT]


    [FONT=&quot]හර්ෂි පට් ගාලා ඇහුවා. පව් අප්පා.. ඒ මූණ පුදුම තරම් අහිංසකයි..[/FONT]


    [FONT=&quot]“පිස්සුද මංදා.. මං කිව්වෙ බිත්තියෙ තියෙන මල් ගැන..”[/FONT]


    [FONT=&quot]“අනේ.. ඔයා නම් හරිම කට්ටයෙක් තමා අයියා..”[/FONT]


    [FONT=&quot]“ඇයි.. හෂි.. ඔයා හිතුවෙ මොකක්ද..?”[/FONT]


    [FONT=&quot]“න්.. නෑ.. මුකුත් නෑ...! මුකුත් නෑ..”[/FONT]


    [FONT=&quot]හර්ෂි ආයෙම හිනාවෙවීම කිව්වා.[/FONT]


    [FONT=&quot]“ඒක නෙමේ බබෝ.. කෝ ඔයාගෙ කාමරේ..?”[/FONT]


    [FONT=&quot]මං එහෙම අහපුවාම හර්ෂි මගේ අතින් ආයෙත් අල්ල ගත්තා. සාලෙන් දකුණට වගේ වෙන්න තිබ්බ කාමරේකට එයා මාව එක්කගෙන ගියා. පුදුම තරම් පිළිවෙලකට තිබ්බ ඒ කාමරේ ලස්සන විස්තර කරන්න මට වචන නෑ.. හර්ෂීගෙ අතින්, අත මුදවාගෙන මං එයාගෙ ඇඳ උඩින් වාඩි වුණා.[/FONT]


    [FONT=&quot]“හොඳද මගේ කාමරේ..?”[/FONT]


    [FONT=&quot]මගේ මූණ ඉස්සරහටම නැමිලා හර්ෂි මගෙන් ඇහුවා. එයාගෙන් පිටවෙන හුස්ම පාරවල්, මගේ මූණ ඉස්සරහම තැවරුණා.[/FONT]


    [FONT=&quot]“හරි හෙර තමයි.. අද මං එනව කියලා දන්න හින්දම මිදුල් අතුගාලා, ගේ අතුගාලා, ෂිට් නමලා, වැඩ ඔක්කොම කරලා නේද..?”[/FONT]


    [FONT=&quot]මං එහෙම ඇහුවෙ විහිලුවට වගේ.. ඒත් හර්ෂිගෙ මූණට මහා දුක්ක එක්කහු වුණා.[/FONT]


    [FONT=&quot]“අනේ නෑ දේව් අයියෙ.. මම ඕවා හැමදාම කරන දේවල්.. අදය කියලා මට ඒවා නොකර ඉන්න බෑනේ.. කෝ ඉතිං ඔයා තව අහපු නැති දේවලුත් තියෙනවා.. තුන් වේලටම උයන එක ගැන.. දර පලන එක ගැන.. වී වේලන එක ගැන.. වතුර අදින එක ගැන හෙම..”[/FONT]


    [FONT=&quot]හිනා ඇබිත්තක් මූණට ගන්න ලොකු උත්සාහයක් ගන්න අතරෙම හර්ෂි මගෙන් එහෙම ඇහුවා. ඒ මූණෙ තිබ්බ අසරණකම දැකල මට මං ගැන තරහක් ආවා.. ෂික්..! මාත් මහ රට මී හරකෙක්. නැත්තං ඔහොම රටගොන් ප්‍රශ්න අහවියෑ.[/FONT]


    [FONT=&quot]“හර්ෂි.. ඔයා දන්නෑනෙ වැඩක්.. ඔයාට මතකද අර අපේ ගේ ඉස්සරහ තිබ්බ පොල් ගහ..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ මූඩ් එක අප්සට් හන්ද මං වෙන බයිලයක් ඇදලා ගත්තා.[/FONT]


    [FONT=&quot]“ඔ.. ඔව්..”[/FONT]


    [FONT=&quot]“අනේ බලන්නකො හර්ෂි.. ඒකෙ තිබ්බ කුරුම්බා වල්ලට වෙච්ච දේ.. ෂිහ්..!”[/FONT]


    [FONT=&quot]මං මූණත් ටිකක් විතර අප්සට් කරන් කිව්වා.[/FONT]


    [FONT=&quot]“ඇයි.. ඇයි දේව් අයියෙ.. කුරුම්බා ටික හොරු කැඩුවද..?”[/FONT]


    [FONT=&quot]“හු..හ්.. හූ.. පිස්සුද ළමයො.. ඒවා ටික පොල් වුණා..”[/FONT]


    [FONT=&quot]හර්ෂිට, බකස් ගාලා හිනා ගියා. ඒ අහිංසක මූණට හිනාවක් ආවහම කොයි තරම් ලස්සනද..?[/FONT]


    [FONT=&quot]“හාපෝ... හරි සද්දෙ.. ගෑණු ළමයි ඔහොම හයියෙන් හිනාවෙන්නෙ නෑ.. අනිත්තෙක ගෙදරට කවුරු හරි ආවම ඔහොමද සලකන්නෙ..?”[/FONT]


    [FONT=&quot]මං කිව්ව දේට කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරිව වගේ හර්ෂි මං දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“ම්.. මං කොහොමද සලකන්න ඕන..?”[/FONT]


    [FONT=&quot]“ම්.. ඔයා කැමති විදියකට..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වම හර්ෂි මගේ මූණට නැමුණා.. ඊළඟ තත්පරේදි ඒ රතුපාට තොල්වල උණුසුම මගේ වම් කම්මුලට දැනුණා. ඊට පස්සෙ ආයෙමත් මගේ අතින් ඇදගෙන වගේ හර්ෂි කුස්සිය දිහාට ගියා.[/FONT]


    [FONT=&quot]“මොනවද කරන්න හදන්නෙ හෂි..”[/FONT]


    [FONT=&quot]“ඔහොම ඉන්නකො ඩිංගක්..”[/FONT]


    [FONT=&quot]හර්ෂි ලෑස්තිවෙන්නෙ මට තේ හදන්න.. මං කුස්සියෙ උලුවස්සට හේත්තු වුණා.[/FONT]


    [FONT=&quot]“හර්ෂි..”[/FONT]


    [FONT=&quot]“ම්..”[/FONT]


    [FONT=&quot]“කවුද හර්ෂි ඩිලාන් කියන්නෙ..?”[/FONT]


    [FONT=&quot]මෙච්ච වෙලා මගේ හිතේ කැකෑරි කැකෑරී තිබ්බ ප්‍රශ්නෙ එළියට ආවෙ ඒ වෙලාවෙයි. ඒ ප්‍රශ්නෙ අහන ගමන් මං හර්ෂිගෙ මූණ දිහා බලන් හිටියෙ එයාගෙ මූණ වෙනස් වෙයිද කියලා. මං හිතුවෙවත් නැති විදියට ඒ රෝස පාට මූණ අඳුරු වෙලා ගියා.[/FONT]


    [FONT=&quot]“බාප්පා අදුණන ළමයෙක් අයියෙ.. ඇ.. ඇයි අයියා එහෙම ඇහුවෙ..?”[/FONT]


    [FONT=&quot]මූණට ආපු හැගීම් හංග ගන්න කොයි තරම් හර්ෂී උත්සාහ ගත්තත් ඒ පුංචි මූණෙ තිබ්බ බය මං හොඳටම දැක්කා. ඩිලාන්ගෙ නම අහපු ගමන් ඔය තරම් බයක් මූණට එන්න තරම් හේතුවක් හර්ෂිට තිබුණද කියන ප්‍රශ්නෙ මගේ හිතේ කරකැවුණා. මගේ පුංචි කෙල්ලව මේ තරම් බය කරන්න උඹට පුළුවන් වුණේ කොහොමද ඩිලාන් බ්‍රදර්. ඒත් උඹ මගේ අහිංසකීට දරකරයක් කරන්න හිතන් ඉන්නවා නම් එතනම තමයි උඹේ අවසානෙ.. මං එක හිතින්ම හිතාගත්තා.[/FONT]


    [FONT=&quot]බයවෙලා තිබ්බ හර්ෂිගෙ මූණ මගේ අත් කෙදෙන්ම මං ඉන්න පැත්තට හරව ගත්තා.[/FONT]


    [FONT=&quot]“ඇ.. ඇයි හර්ෂි.. මේ බයවෙලා වගේ..? බය වෙන්න තරම් දෙයක් මං ඔයාගෙන් ඇහුවද රන්..?”[/FONT]


    [FONT=&quot]“ඔයාට ඒ ගැන කියන්න මට තේරෙන්නෑ දේව් අයියෙ.. ඌ මෙහෙ ආවම මහා කැත විදියට මං දිහා බලන් ඉන්නෙ..”[/FONT]


    [FONT=&quot]මහා සංකීර්ණ වෙච්ච හැඟීම් සමුදායක් ඒ සුදු මූණෙ දැවටිලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“ඩිලාන් ඔයත්තෙක්ක යාලුවෙන්න එනවද නංගි..?”[/FONT]


    [FONT=&quot]හැම දෙයක්ම එයාගෙ කටින්ම අහල දැනගන්නෙක හොඳයි කියලා මගේ හිතට හිතුණු හන්ද මං එහෙම ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ඔව් දේව් අයියෙ..! මට පේන්න බෑ.. ඒත් බාප්පට නම් හරි ඉහළයි.. නෑදෑයොත් වෙනවනේ.. ඌ ආවහම මං කාමරෙන් එළියටවත් එන්නෑ..”[/FONT]


    [FONT=&quot]හර්ෂි ඒක කියපු තාලෙට මටත් හිනාවක් ගියා.[/FONT]


    [FONT=&quot]“මං ආවම නම් ගෑණු ළමයා සිං ගාලා එළියට ආවනේ..”[/FONT]


    [FONT=&quot]“ඔයා මගේනේ දේව් අයියෙ.. මං ඔයාට කලින් දවසකත් කිව්වනේ.. මගේ දෙයක් ඉස්සරහදි මොන දේ කරන්නවත් මං දෙපාරක් හිතන්නෑ කියලා..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා හර්ෂි මගේ ඇඟට තුරුළු වුණා. හදලා ඉවර වෙච්ච තේ කොප්පෙ මේසෙ උඩ දන්නෙම නැතුව ඇල්වෙලා ගිහිල්ලා තිබුණා. මගේ ළඟට තුරුළු වෙලා ඉඳපු හර්ෂිව තවත් මගේ ඇඟට තුරුල් කරන් මං එයාගෙ නළල ඉම්බා. පුංචි පූස් පැටියෙක් උණුහුමට ගුලි වෙනව වගේ තමයි එයා මගේ උණුහුමට තුරුල් වෙලා හිටියෙ. අඩන්නවගේ ඇස් දෙකත් හදාගෙන හර්ෂි මගේ මූණ දිහාට එයාගෙ රතු පාට දෙතොල් උල් කරා. මුළු ලෝකෙම නතර වෙලා වගේ දැනුණු තත්පර ගානකදි හර්ෂීගෙ දෙතොල්වල පහස මං විඳ ගත්තා. ඒ ලොව්තුරු පහස ඒ මොහොතේ මාත්, හර්ෂිත් හැරෙන්න වෙන කවරෙකුවත් දැනන් හිටියෙ නෑ කියලා මගේ හිත පංතෝසෙන් මට කිව්වා.[/FONT]


    [FONT=&quot]“ම්හ්.. අ..අනේ අයියා.. දැන් ඇතිනේ.. තේ එකත් නිමෙනවා..”[/FONT]


    [FONT=&quot]විනාඩි ගාණකට පස්සෙ මගෙන් නිදහස් වුණු හර්ෂි මහා නෝක්කාඩු විදියට මං දිහා බලන් කිව්වා.[/FONT]


    [FONT=&quot]“මොන තේද හෂි.. තේ නම් හැමදාම බොතෑකි.. ඒ වගේද..?”[/FONT]


    [FONT=&quot]මං කියන්න ගියපු එක නැවතුණේ හර්ෂි පැනල වගේ මගේ කට වහපු හින්දා..[/FONT]


    [FONT=&quot]“ම්.. දේව් අයියා.. හොඳටම නරක් වෙලා.. මගේ මූණත් ඉඳිමිලාද කොහෙද..”[/FONT]


    [FONT=&quot]මූණත් අත ගගා හර්ෂි කියනවා. මට පුංචි හිනාවකුත් ආවා. තවත් ඩිංග වෙලාවක් ගෙවිල යද්දි, ඩිලාන් මිනිහගෙ ගැන්සියත් එක්ක ඇවිත් මට ඇඩ්වයිස් දීපු එක මං හර්ෂිට කිව්වා. එයා ආයෙමත් බය වුණා.[/FONT]


    [FONT=&quot]“අ.. අනේ දේව් අයියෙ.. උං ඔ.. ඔයාට කරදරයක් කරාවිද..? ම.. මට හරි බයයි අයියෙ.. ම.. මට හරි බයයි..”[/FONT]


    [FONT=&quot]“ඔය බලන්න.. ඔයා දැන්මම බයවෙලා.. ඕකනේ ඉතිං මුකුත් කරන්න හිතෙන්නැත්තෙ..”[/FONT]


    [FONT=&quot]“නෑ දේව් අයියෙ.. ඌට මං මෙහෙට ආපු ගමන් බනින්නම්කො.. ඌ මොකටද ඔයාව හම්බෙන්න ගියේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙත්තෙක්කනේ..”[/FONT]


    [FONT=&quot]හර්ෂිගෙ සුදු මූණ රතුවෙලා ගිහින් තිබුණා. ඒ කියන්නෙ හර්ෂිට මල පැනලා. මෙයාට තද වුණහම මොනව කරයිද දන්නෑ.. මතකනේ එදා බස්සෙකේදි ප්‍රශාන්ගෙ කුපාඩි වැටෙඩ්ට මී හරකෙකුට වගේ මට බැනන් ගියපු හැටි.[/FONT]


    [FONT=&quot]“හප්පොච්චියේ.. ඌ මෙහේ ආවහ ඔයා බැනල, ගම කන්නෙපා දරුවො.. ඔයා මේකට පැටලෙන්න ඕනම නෑ.. මං බලා ගන්නම්.. ඩිලාන් ගැන.. ඔයා මේකට පැටලුනොත් දවසක් යන්න කලින් අපි දෙන්නගෙ එෆෙයාර් එක බාප්පා දැන ගනීවි..”[/FONT]


    [FONT=&quot]සිරාවටම පණ්ඩිතයා වගේ මං කියවන් ගියා. යකෝ.. බලන් ගියාම මාත් මාර තද පොරක්නේ.. මීට කලින් ලව් කරලත් නෑ.. ලව් ගැන තියෙන පොත් කියවලත් නෑ.. එක්ස්පීරියන්ස්වත් නෑ.. ඒ වුණාට දෙන්නෙ පඬි ටෝක්ස්..[/FONT]


    [FONT=&quot]“ඒක නමේ හෂි.. හදිස්සියකටවත් ඩිලාන් ඔයාව මැරි කරන්න ඕනය කියලා කිව්වොත්..?”[/FONT]


    [FONT=&quot]මාත් අහන්නෙ බාලාංශ පන්ති ප්‍රශ්නද කොහෙද..? හර්ෂීගෙ මූණ අප්සට් වෙලා ගියා. ඒ ඇස්වල තියෙන වේදනාව මං දැක්කා.[/FONT]


    [FONT=&quot]“බාප්පලා නම් කැමති වේවි අයියෙ.. ඒත් ඉතිං මාව කැමති කරව ගන්න නම් එයාලට මේ ආත්මෙදි හම්බවෙන්නෙ නෑ.. මාව විශ්වාස කරන්න අයියෙ.. මාව විශ්වාස කරන්න.. මං ගැන නිකන්වත් අහිතක් හිතන්නෙපා මගෙ අයියෙ.. මං හැමදාකම ඔයාගෙ.. ඒක වෙනස් වෙන්නෑ.. ඔයා අද ඉඹපු මේ මූණ ආයෙ කාටවත් ඉඳුල් කරන්න මං දෙන්නෑ අයියෙ.. සත්තයි..”[/FONT]


    [FONT=&quot]මගේ ඇස් දිහා බලාගෙනම හර්ෂි කියවගෙන ගියා. මොකක්දෝ ලොකු බලාපොරොත්තුවකින් හිත උතුරලා යද්දි මං ආයෙත් එවාව මගේ ළඟට ළංකර ගත්තා.[/FONT]


    [FONT=&quot]“හැමෝම මගේ හිත තලල දාද්දි ඔයා විතරයි මං ගාව හිටියෙ.. ඔයාගෙන් විතරයි මගේ හිත සතුටක් ලැබුවෙ.. ඔයා විතරයි අයියෙ මගේ දුක ඇහුවෙ.. ඔයා විතරයි මං අසරණ වුණ වෙලාවෙදි මගේ ළඟ හිටියෙ.. මගේ හිත ඇතුළෙ ඒ දේවල් හිරවෙලා තියෙනවා දේව් අයියෙ.. මං කවදාවත් ඒව අමතක කරන්නෑ.. මං හැමදාකම හිතන්නෙ ඔයා ගැන විතරයි..”[/FONT]


    [FONT=&quot]මගේ පපුවට තුරුළු වෙලා හර්ෂි එහෙම කියද්දි මං එයාව තවත් මගේ පපුවට ගුලි කරගත්තා. දෙයියනේ..! ඔය තරම් අහිංසක වෙන්නෙපා හර්ෂි.. මට දරාගන්න අමාරුයි රත්තරං..[/FONT]


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාවේ එක කොටසක් නම් කියෙව්වා.. අනිත් ටික රෑට තමයි කියවන්න ඕන ..
    ලස්සන කතාවක් .. :)
    අපිත් එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තුති හොඳේ ..
    රෙප් තමයි දෙන්න බැරි.. :/
    එලස් නංගියා.. මේකෙන් කියවන්න අමාරුයි නම් බ්ලොග් එකටම ගිහින් කියවන්න..:)
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පට්ට! ඉතුරු ටිකත් දාපන් මචෝ

    රෙප් දෙන්න බෑ ලු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    ලෝක බෝලෙ මාත් එක්ක ජාති ජාතිත් ඔරොප්පු වෙලා වගේ.. ඌ උගේ ගමන අවුලක් නැතුව යනවා.. මං මගේ ගමන යනවා.. ඊයෙයි, පෙරේදයි දවස් දෙකම කුණු වෙන්න වැස්සා. ඒ හන්දා ආසාවටවත් එළියට බහින්න බැරිවුණා.. කකුල් කෙටි දෙක මට බනිනවා ටිකක් ඇවිඳපං කියලා.. ඒත් ඉතිං හෙණ ගඟහ වටිනකොට මොන පිං ගොනාද එළියට බහින්නෙ..?[/FONT]


    [FONT=&quot]අද නම් දෙයියනේ කියලා ලාවට ඉර පායලා. ලාවට තියා සම්පූර්ණයෙන් ඉර පෑව්වත් වැඩක් නෑ.. අද චාටර්.. ඇයි අර නසරානියත් එක්ක උගේ ප්‍රියම්බිකාව හම්බෙන්න යන්න ඕන්නේ.. ෂිහ්..! අදම වැස්ස පායපු එකනේ වැඩේ.[/FONT]


    [FONT=&quot]“දේව්..”[/FONT]


    [FONT=&quot]මෙන්න යකෝ ප්‍රශාන්.. මූ නම් ගලේ ගහල මැරුවත් මැරෙන්නෙ නැති එකෙක්.[/FONT]


    [FONT=&quot]“නොදකින්.. තෝ තාම සරම පිටින්ද යකෝ.. ෂීකේ..! කෝ.. කෝ ඉක්මනට ලෑස්ති වෙයන්.. නිශානි බලන්න බලාගෙනත් ඇති..”[/FONT]


    [FONT=&quot]මූට තියෙන තදියම.. ඌ ලව් කරන්න. මං චාටර් කන්න.. කමක් නෑ.. වන් ඇන්ඩ් ඔන්ලි කියලා ළඟින් ඉන්න යාලුවනේ.. මං දඩබඩ ගාලා ඇදුමක් දාගත්තා.[/FONT]


    [FONT=&quot]මායි ප්‍රශානුයි ටවුන් එකට යනකොටත් නිශානි ඇවිත් තිබුණා. ප්‍රශාන්ව දැක්කම ඒකිගෙ මූණට තඩි හිනාවක් ආවා.[/FONT]


    [FONT=&quot]“ඇති යාංතන්.. මේ වෙලාවටවත් ආවා. මං හිතුවෙ අදත් මට කණුවක් කියලා.. ඉතිං දේව්.. කොහොමද හර්ෂි නංගි හෙම..?”[/FONT]


    [FONT=&quot]මුල් ටික ප්‍රශාන්ට කියලා අන්තිම ටික ඒකි මගෙන් ඇහුවා.[/FONT]


    [FONT=&quot]“දැන් ආයෙමත් එක්සෑම් කරන්න ක්ලාස් යනවා නිශා..”[/FONT]


    [FONT=&quot]ඒකි හර්ෂි ගැන එච්චරයි ඇහුවෙ. ඊට පස්සෙ ඒකි ප්‍රශානුත්තෙක්ක බර කඩයක් දාගත්තා. මං අනිත් පැත්ත බලාගත්තා.. ෂිකේ.. මේකිට තිබුණේ නැද්ද තව මොනව හරි හර්ෂි ගැන අහන්න. ඒත් ඉතිං ඒකිට, මට තරම් හර්ෂි ගැන ඇම්මක් නැතුව ඇති. ඒකිට ඇම්ම තියෙන්නෙ ප්‍රශාන් ගැනනේ.[/FONT]


    [FONT=&quot]පැයක්, පැය එකහමාරක් විතර මං අව්වෙ වේලි වේලි කට්ට කකා ඉන්නකොට තමයි ප්‍රශාන් ආවෙ. පස්සෙ නිශානිව බස්සෙකට දාලා මායි, ඌයි ගෙදර එන්න හැරුණා. මූ දැන් ඉස්සර වගේ වැඩිය අපත වැඩ කරන්නෑ.. නිශානි මූව හදලද කොහෙද..?[/FONT]


    [FONT=&quot]“උඹට ඊට පස්සෙ ඩිලාන්ව හම්බ වුනේ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]මං ඉඳලා ඉඳලා අහපු දෙයින් උගේ මූණ හතරැස් වුණා.[/FONT]


    [FONT=&quot]“මොකෝ බං උඹට උනේ..?”[/FONT]


    [FONT=&quot]උගෙන් උත්තරයක් මං අහපු තරම් ඉක්මණට ආවෙ නැති හන්දා මං ඇහුවා.[/FONT]


    [FONT=&quot]“මට මේවා උඹට කියලත් බෑ.. නොකියත් බෑ බං.. ඩිලාන්, හර්ෂිට ට්‍රයි කරන එක තාම අතෑරලා නෑ.. හොඳින් හරි නරකින් හරි හර්ෂිව උගේ ගාවට ගන්නවයි කියලා ඌ කියන්නෙ..”[/FONT]


    [FONT=&quot]“බල්ලා..”[/FONT]


    [FONT=&quot]මගේ හිත කේතියෙන් පුපුරු ගහන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]“හර්ෂිට ඌ මොනව හරි කරලා තිබුණොත් මං ඌව මරණවා ප්‍රශාන්.. මං ඌව මරණවා.. ඒකෙ දෙකක් නෑ..”[/FONT]


    [FONT=&quot]මං ඒ ටික කිව්වෙ දත් මිටි කකා.. ප්‍රශාන් පුදුම වෙලා වගේ මං දිහා බලන් හිටියෙ.[/FONT]


    [FONT=&quot]ප්‍රශාන්ගෙ කටත් බාගෙට ඇරිලා.. මූඩ් එකත් අප්සට් ගිහින්..[/FONT]


    [FONT=&quot]“ඔ.. ඔය බලපං ඉතිං.. උඹට කොහොමද බං යමක් කියන්නෙ.. ඩිංගක් ඇත්නම් නට් බුරුල් කරන් පිස්සු පූසා වෙනවනේ.. ඔය ගොරවන තරමට වහින්නෙ කොයි රටේද බං..?”[/FONT]


    [FONT=&quot]මූඩ් එක අවුට් වුණාට ඌ මයික් එක අතෑරියෙ නෑ.. හිටු කියලා ඌ කියවනවා.. මගේ හිතේ කේන්තිය අඩුවුණේ නෑ..[/FONT]


    [FONT=&quot]“හොඳින් හරි.. නරකින් හරි.. හර්ෂිව ඌ ළඟට ගන්නකන් මං පොන්නය වගේ බලන් ඉඳීවි කියලාද උඹ හිතන්නෙ..? ඒව හඳේ මචං.. ඌ වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ..”[/FONT]


    [FONT=&quot]“හපොයි.. තෝ ආවේශ වුණහම යමක් පහදලා දෙන්න බෑනෙ.. උඹත් එක්ක මේවා කියනවට මං මටම පොල්ලකින් ගහගන්න ඕන බං..”[/FONT]


    [FONT=&quot]මූණ කජු ලෙල්ල වගේ කරන් ප්‍රශාන් කිව්වා. ඒක දැක්කහම මට පව් කියලා හිතුණා.[/FONT]


    [FONT=&quot]“හරි.. උඹ දැන් මට මොනවද කරන්න කියන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“කරන්නෙද..? ඉස්සෙල්ලම තොගේ ඔය මුලග්ගාය නවත්තගනිං.. නැත්තං තොට හර්ෂිව හම්බෙන්න කලින් අර්ශස් වලට බෙහෙත් ගන්න වෙයි.. කෝමටත් අර්ශස් හැදුනාම ටොයිලට් යනන්නත් ටිකක් අමාරුයිනේ ලොක්කා..”[/FONT]


    [FONT=&quot]ෂික්..! මෙච්චර වැදගත් දෙයක් කතා කරකර ඉන්දෙද්දි මූ ටොයිලට් එක ගැනයි, අර්ශස් ගැනයි කියන හැටි.. ඇත්තටම මූඨ පිස්සුද..? නැත්නම් මට පිස්සුද..?[/FONT]


    [FONT=&quot]“මේ.. උඹ දන්නවද වැඩක්..?”[/FONT]


    [FONT=&quot]අර්ශස් ගැන කිය කිය හිටපු එකා එකපාරටම කතාවට එන්ටර් වුණා. මං ඒක දැනගත්තෙ උගේ මූණෙන්.. ඒත් උගෙන් පිටවෙන්න යන්නෙ හොඳ දෙයක් නෙමෙයි කියනෙක මට තේරුණා.. ඒකයි මං ඌ දිහාම බලන් හිටියෙ.[/FONT]


    [FONT=&quot]“හර්ෂිගෙ බාප්පා, ඩිලාන්ගෙන් සල්ලි වගයක් අරන්.. මං හිතන විදියට නම් සෑහෙන ගාණක්.. ඌ තාම ඒක දීලා නෑ.. දෙන පාටකුත් නෑ වගේ.. කෝම උනත් ඒ සේරම හර්ෂිගෙ කර උඩින් යාවිද මංදා..”[/FONT]


    [FONT=&quot]ඌ කියවන් ගියපු එකට මං ගැස්සිලා ගියා.[/FONT]


    [FONT=&quot]“ප්‍රශාන්..? උඹ මොනවද බං කියවන්නෙ..? ඇල්ෆ්‍රඩ්කාරයට මොකටද බං සල්ලි..? ඌට සල්ලි තියෙනවනේ.. අනිත්තෙක හර්ෂිට වියදම් කරන්නෙ මම්මනේ.. අරූ ප්‍රින්සිපල් කෙනෙක් වෙලත් ඉඳන් ගන්න පඩියට මොකද බං කරන්නෙ..?”[/FONT]


    [FONT=&quot]හිත ඩිංගෙන් ඩිංග පිච්චෙද්දි මං ප්‍රශාන්ගෙන් ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ඒක තමයි බං මටත් තේරෙන්නැත්තෙ.. පොර බොනවද දන්නෑ..”[/FONT]


    [FONT=&quot]කළින් මගේ හිතේ පිරිලා තිබ්බ කේන්තිය වාෂ්ප වෙලා ගිහින් තිබුණා. මේ මොනවද දෙයියනේ වෙන්න යන්නෙ.. හර්ෂිටයි, මටයි සැනසීමක් ඇත්තෙම නැද්ද..?[/FONT]


    [FONT=&quot]“ඔය ඔක්කොම පැත්තකට දාපං දේව්.. ඔය හැමදේටම වඩා වැදගත් දෙයක් උඹලගෙ අම්මා මගෙන් ඇහුවා..”[/FONT]


    [FONT=&quot]ලොකු රහසක් කියන්න වගේ ප්‍රශාන් මට ළංවුණා. ඔලුව වැඩියෙනුත් එක්ක ඇවිලිල තියෙන මේ ප්‍රශ්න ගොඩ මැද්දට තවත් ඉවරයක් නැති ප්‍රශ්න ගොඩක් එන හැටි මට ඉවෙන් වගේ තේරුණා.[/FONT]


    [FONT=&quot]“අම්මා මොනවද උඹෙන් ඇහුවෙ..?”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන් අරහෙම කියලා සද්ද නැතුව ඉන්නකොට මං ඇහුවා. අම්මා ෂුවර් එකට අහන්න ඇත්තෙ හර්ෂි ගැන වෙන්නැති කියලා මගේ හිත මට කිව්වා. ඒත් ප්‍රශාන්ගෙ කටින් ඒක පිටවෙනකන් මං බලන් හිටියා.[/FONT]


    [FONT=&quot]“උඹ කවුරු හරි ගර්ල් කෙනෙක් එක්ක යාලුද කියලා අම්මා ඇහුවා..”[/FONT]


    [FONT=&quot]මගේ පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන්න ඇති.. ප්‍රශාන්ගෙ කාතවෙන් පපුවෙ ස්පීඩ් එක ඩබල් එකේ වැඩිවුණා.[/FONT]


    [FONT=&quot]“න්.. නෑ.. හ්..”[/FONT]


    [FONT=&quot]“උඹලගෙ අම්මා ඔක්කොම විස්තර දැනගෙන වගේ බං.. හර්ෂිගෙ නම නොකියා මගෙන් විස්තර ඇහුවා.. ඒත් මං කිව්වා, එහෙම එෆෙයාර් එකක් නම් නෑ ඇන්ටි.. ළඟින් ආශ්‍රය කරනවා කියලා විතරක්.. ඒකට උඹලගෙ අම්මා අමුතු විදියට හිනාවුණා..”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන් කියවන් යන ඒවා අහලා ඩිංග වෙලාවක් යනකන් මට කතා කරගන්න වචනත් හොයාගන්න බැරි වුණා. ඒ පාර මොකද මේ වෙන්න යන්නෙ..? දෙන දෙයියො මට කුණු වෙන්නම ප්‍රශ්න දෙනව වගේ.. දැන් මොකද කරන්නෙ.. මං මගේම හිතෙන් ඇහුවා. ඒත් හරි හමන් උත්තරයක් මට ලැබුණෙ නෑ.. අපේ ගෙදෙට්ට හැරෙන්න මං කන්ද නගිද්දි ප්‍රශාන් උගේ ගෙදර දිහාට ගියා. අපතයා වගේ අත් දෙකත් වන වනා සැහැල්ලුවෙන් යන ප්‍රශාන්ව දැක්කම මට ආවෙ මං ගැනම අනුකම්පාවක්.. ඉස්සර මං කොයි තරම් සංතෝසෙන් හිටියද..? ඒත් ඒවා අද ඔක්කොම කණ පිට පෙරළිලා.[/FONT]


    [FONT=&quot]මට ගෙට ඇතුල් වෙනකොටම සාලෙ දිහාවෙන් අයියගෙ කටහඬ ඇහුණා. හප්පේ.. යන්තං ඇති.. පොර හරි ඉන්නෙක ලොකු දෙයක්.. නැත්තං මේ ප්‍රශ්න ගැන මං තව හිතන්න ගියොත් අමු පිස්සෙක් වෙනවා.[/FONT]


    [FONT=&quot]“මොනවද හලෝ.. අපි ගෙදර එන වෙලාවටවත් ගෙදර ඉන්නවකො..”[/FONT]


    [FONT=&quot]මාව දැක්ක ගමන් අයියගෙ කට කණ ගාවට ගියා.. ඒ තරම් ආතල් හිනාවක් පොරට ගියේ.[/FONT]


    [FONT=&quot]“කෑ ගහලා ගම කන්නෙපා ලොකූ..”[/FONT]


    [FONT=&quot]කටට ඇඟල්ලක් තියලා තද කරන ගමන් මං අයියට කිව්වා. ඔය කියපු ටික අම්මට ඇහුණා නම් හෙම, බඩු බනිස් තමයි..[/FONT]


    [FONT=&quot]“ආ.. මෙච්ච චූටිට.. මේක ඔයාට..”[/FONT]


    [FONT=&quot]සැටියෙ එහා කොණේම තිබ්බ පාර්සලේ මං දිහාට දික් කරන ගමන් අයියා කිව්වා. මං පාර්සලේ අරන් දිගෑරලා බැලුවා.. අම්මට හුඩු.. එළකිරි වගේ පට්ට ටී ෂර්ට් එකක්.. බොක්කෙන්ම ආපු සංතෝසෙත් එක්කම මං අයියා දිහා බැලුවා.[/FONT]


    [FONT=&quot]“ඔයා දෙයියෙක්නේ ලොකූ.. කොහෙන්ද මේක..? කීයක් වුණාද..? මට විතරද ගෙනාවේ..?”[/FONT]


    [FONT=&quot]මං අහගෙන අහගෙන ගියපු ඒවට අයියට හිනාවකුත් ගියා.[/FONT]


    [FONT=&quot]“ඒව වැඩක් නෑනෙ හලෝ.. මට හිතුණා.. මං ගෙනාවා.. එච්චරයි..”[/FONT]


    [FONT=&quot]ටී ෂර්ට් එකත් අතේ තියාගෙනම මං අක්කගෙ කාමරේට රිංගුවා.. අක්කගෙ ඇඳ උඩ රෝස පාට දිග ගවුමක් දාලා තිබුණා.. ෂුවර්රෙකට අයියා අද ගෙනැල්ලා දීලා.[/FONT]


    [FONT=&quot]“ලොකූඩ අද පඩි වගේ නේද පොඩී..?”[/FONT]


    [FONT=&quot]මං මගේ ටී ෂර්ට් එක පෙන්නන ගමන් ඇහුවා.[/FONT]


    [FONT=&quot]“ඔය මතක් වුණේ කාටද වගේ.. අද මට පඩි තමයි..”[/FONT]


    [FONT=&quot]මං අරහෙම කිව්වෙ අක්කට වුණත්, අක්කගෙ කාමරේට ආපු අයියා උත්තරේ දුන්නා.[/FONT]


    [FONT=&quot]“හැබැයි පොඩී ලොකූ කසාඳ බැන්දොත් එහෙම අපිට මෙහෙම තෑගි හම්බෙන්නෑ.. ඔයාටයි, මටයි විරෝපට්ටන් ගහන් ඉන්න වෙයි..”[/FONT]


    [FONT=&quot]අයියට පුංචි කැපිල්ලක් දාන ගමන් මං අක්කට කිව්වා. ඒත් හිතුවෙ නැති විදියට ගින්න ඇවිලුණා..[/FONT]


    [FONT=&quot]“ඔව්.. හ්.. හ්.. කසාදෙ..? කසාදෙ තමයි දැන් ඕන වෙලා තියෙන්නෙ..? ඇයි ඉතිං, දැන් අනිත් ඒවා සේරම හරිනේ..”[/FONT]


    [FONT=&quot]එක පාරටම කාමරේට ආපු අම්මා කියපු ඒ වචන සෙට් එකෙන් අයියයි, මමයි, අක්කයි තුන්දෙනාම හොල්මන් වෙලා ගියා. මොකක්ද යකෝ මේ පත්තු වෙන්න යන පරමාණු බෝම්බෙ. කාමරේට ආපු අම්මා අපි තුන්දෙනාගෙම මූණු දිහා හොඳට බැලුවා. අක්කා හොඳටම බයවෙලා. අයියගෙ මූණෙ නම් තිබ්බෙ කිසි දෙයක් තේරුම් ගන්න බැරි විදියක්. ගහෙන් ගෙඩි එන්න වගේ මේ කඩන් පාත් වුණේ මොකක්ද කියලා දන්නෙ නැතිවුණාට මගේ පපුව ස්පීඩ් එක වැඩිකරා..[/FONT]


    [FONT=&quot]“උ.. උඹ දන්නවද ලොකු පුතේ..! මෙයා නටන නාඩගම.. අම්මා, අප්පා නැති කෙල්ලෙක්ව කරේ එල්ලගෙන..”[/FONT]


    [FONT=&quot]මං දිහාට ඇඟිල්ල දික් කරලා අම්මා එහෙම කිව්වම මං හීතල වෙලා ගියා.. දෙ.. දෙයියනේ.. මේ හර්ෂි ගැන නේද අම්මා කියන්නෙ..?[/FONT]


    [FONT=&quot]මොකක්දෝ, මටවත් තේරෙන්නැති ලොකු දුකකින් මුළු හිතම වැහිලා යද්දි මං අක්කගෙ ඇඳෙන් වාඩිවුණා. කවදාවත් නැති විදියට අම්මගෙ මූණ කේන්තියෙන් උතුරලා ගිහින් තිබුණා. ඒ දිහා බලන් ඉන්න බැරිකමට මං බිම බලාගත්තා[/FONT]


    [FONT=&quot]“තාම උඹ කාලා බීලා ඉන්නෙ අපෙන්.. ඒ වුණාට ඔලුවට ගහලා තියෙන්නෙ මගුල් විසේ.. අම්ම අප්ප නැති එකියකට පෑගිලා, අපේ නම්බුව උඹ ඉවර කරල දාපං.. උඹට ලැජ්ජ නැද්ද චූටි.. කවුරුවත් නැති වෙලාවට ගෑණු ඉන්න ගෙවල් අස්සට රිංගන්න..”[/FONT]


    [FONT=&quot]ඒ අන්තිම හරිය කියවද්දි මට එක පාරටම ඔලුව ඉස්සුණා.. අම්මා කොහොමද මෙච්චර දෙයක් දන්නෙ..? කතා කරන්න බැරි කමට මගේ හිත තවත් හිරවුණා.. අම්මා මහ සද්දෙට කරන් ගියපු කතාව හන්දා අයියයි, අක්කයි දෙන්නම පුදුම වෙලා මං දිහා බලන් ඉන්න හැටි මං දැක්කා.[/FONT]


    [FONT=&quot]“අ..නේ.. අම්මෙ.. නවත්තන්නකො ඕක.. අර අල්ලපු ගෙවල්වලටත් ඇහෙනවා ඇති.. අපි කියන දේ මල්ලි අහවි.. ඔය බනිනෙක නවත්තන්න අම්මෙ..”[/FONT]


    [FONT=&quot]ඔක්කොටම වැඩිය කලබල වෙච්චි අක්කා, අම්මා ගාවට ගිහින්, අම්මගෙ අතින් අල්ලගෙන එහෙම කිව්වා. ඒත් අම්මා නැවැත්තුවෙ නෑ..[/FONT]


    [FONT=&quot]“හ්..හ්.. නවත්තන්න..? මූ අපේ මූණෙ දැලි ගෑවට පස්සෙද මට කතා කරන්න කියන්නෙ..? ඔන්න බලපං.. තව ටික දවසකින් රටේ ලෝකෙ ඈයො කියන දේවල්.. අපිටත් පාරෙ බැහැලා යන්න බැරි වෙනවා.. මූ කරන දේවල් වලින්.. මං අහන්නෙ මූඨ ලැජ්ජ නැද්ද කවුරුවත් නැති වෙලාවට ඒකි ඉන්න ගෙට රිංගන්න.. ඇරත් ඉතිං ඒකි හොඳ එකියක් නම් කවුරුවත් නැති වෙලාවට මූව ගෙට වද්ද ගනීද..? කොහෙද අම්මෙක් අප්පෙක් නැති පට්ට පඳුරියක්..”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]තවත් දුරට අම්මගෙ වචන මට අහන් ඉන්න බැරිවුණා.. මට බැන්න විතරක් නෙමේ ගැහුවත් කමක් නෑ.. ඒත් අර අහිංසක කෙල්ලට බනින්නෙ නැතුව.. හර්ෂි වැරැද්දක් කරේ නෑනෙ.. මමනේ වැරැද්ද කරේ.. කොහොම වුණත් දවස් ගාණක් අම්මගෙ හිතට එකතුවෙලා තිබ්බ හැමදේම අද එළියට දාන්න පටන් අරන් තිබුණා. ඒත් මේ හැමදේම විඳවන එකෙත් සීමාවක් තියෙන්න ඕන කියලා මගේ හිත මට අනතුරු ඇඟෙව්වා.. අම්මගෙ වචන වලින් මුළු හිතම පිච්චිලා කරකුට්ටන් වෙලා යද්දි ඒකයි මං අම්මෙ කියලා කෑගැහුවෙ..[/FONT]

    [FONT=&quot]“උඹ මට අම්මා කියපං ඔය සම්බන්ධෙ නවත්තලා.. උඹ කාත්තෙක්ක සම්බන්ධ වුණත් මට කමක් නෑ.. ඒත් නන්නත්තාරෙ ගියපු කෙල්ලො එක්ක නැතුව.. ඇත්තටම උඹට යාලුවෙන්න වෙන කෙල්ලො හිටියෙ නැද්ද චූටි..?”[/FONT]


    [FONT=&quot]අතට අහුවෙන හැම වචනෙකින්ම අම්මා මට දමල ගහන්නයි බැලුවෙ. උණුම උණු කඳුලු ඇස්වලින් ඇඳන් වැටෙද්දි මං ඔහේ බලන් හිටියා. ඉතිං තවත් රිදෙන්න තරම් හිතක් මට තිබුණෙ නෑ. කිසිම දෙයක් කියාගන්න බැරිව වගේ මං හොඳටම අසරණ වුණා. අක්කගෙ ඇඳේ විට්ටමට ඔලුව ගහගෙන ඇස්වලින් එන කඳුළු නවත්තගන්න මං ලොකු උත්සාහයක් දැරුවා.[/FONT]


    [FONT=&quot]වටපිටාව උණත් මගේ හිත රිදෙන විදියටයි හැඩ ගැහිලා තිබුණෙ. මං ඔලුව උස්සලා බැලුවෙ ඇයි අම්මෙ ඔහොම කතා කරන්නෙ..? කියලා අහන්න හිතාගෙනයි.. ඒත් අම්මා කාමරෙන් ගිහින් තිබුණා. කවදාවත් නැති විදියට අසරණ වුණු මගේ හිත පැත්තකින් තියලා මං අයියයි, අක්කයි දිහා බැලුවා එයාලා දෙන්නම මං දිහා බලාගෙන. ඒ මූණූ දෙකේම තිබ්බෙ ලොකු ප්‍රශ්නොත්තරයක්.[/FONT]


    [FONT=&quot]“මොකක්ද චූටි මල්ලි මේකෙ තේරුම..? මට කිසිම දෙයක් අගක් මුලක් තේරෙන්නෙ නෑ.. අම්මා කියපු ඔය ගෑණු ළමයා කවුද..? අනිත්තෙක පුදුමෙ කියන්නෙ කවදාවත් නැති විදියට අම්මා කෑගැහුවනේ..”[/FONT]


    [FONT=&quot]අයියා අහපු දේට උත්තරයක් දෙන්න මං ගියේ නෑ.. තවත් මේ ගැන කතා කරලා තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒක හන්දම මං කතා කරන්නෑ කියලා හිතා ගත්තා. මගෙන් උත්තරේ හම්බෙන්නෑ කියලා තේරුණ හන්දා අයියා අක්කා දිහාට හැරුණා. දන්න දෙයක් තියෙනවා නම් කියන්න කියනෙක අයියගෙ මූණෙ තිබ්බා.[/FONT]


    [FONT=&quot]“ඔයාට මතකද ලොකූ මේ පාර A/L රිසාල්ට් ආපු දවසෙ චූටිත් එක්ක මෙහෙ ආපු ගර්ල්.. අර සුදු, කොණ්ඩෙ දිග නංගි.. අන්න එයා ගැනයි අම්මා ඔය කියෙව්වෙ..”[/FONT]


    [FONT=&quot]අක්ක කිව්ව දෙයින් අයියගෙ මූණ වෙනස් වුණා.[/FONT]


    [FONT=&quot]“අම්මා හරි කැත විදියටනේ එයා ගැන කතා කෙරුවෙ පොඩී.. ඒත් මං ඒ නංගිව දැකපු වෙලාවෙ හිතුවෙ නෑ ඔහොම..”[/FONT]


    [FONT=&quot]අම්මා කියවපු ඒව අයියගෙ හිතේ තදට වැදිලා කියනෙක මට තේරුණා.. අයියගෙ කතාවෙන්ම.. ඒක හන්දා තවත් මේ ගැන පහදලා දීලා වැඩක් නෑ.. ඒත් අක්කා කතා කරන්න කට හදනවා මං දැක්කා.[/FONT]


    [FONT=&quot]“න්..නෑ.. ලොකූ මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා අම්මට.. ඒ නංගි අම්මා කියපු තාලෙ කෙනෙක් නම් නෙමේ.. හරි හොඳයි..”[/FONT]


    [FONT=&quot]අක්කා එහෙම කිව්වම අයියා එකපාරටම එයා දිහා බැලුවා. අම්මා අච්චර කියවද්දි අක්කා, අම්මට ඔය ඩිංග හරි කිව්වා නම් කියන දේත් මගේ ඔලුවට ආවෙ ඒත් එක්කම.[/FONT]


    [FONT=&quot]“හෙහ්..! ඒ කියන්නෙ, ඔයත් චූටිට සයිඩ් සපෝට් එකක් දීලා තියෙනවා.. දැන් බලනකොට මේක දන්නැත්තෙ මං විතරයිනේ..”[/FONT]


    [FONT=&quot]මගෙයි, අක්කගෙයි මූණු දිහා බල බලාම අයියා ඇහුවා.[/FONT]


    [FONT=&quot]“අනේ නෑ ලොකූ.. ඒත් මං නිකං හිතුවා මෙයයි, ඒ නංගියි යාලු ඇති කියලා.. අනිත්තෙක මෙයා මට කියලා නෑ ඒ නංගිත්තෙක්ක යාලුයි කියලා..”[/FONT]


    [FONT=&quot]“කෝම උනත් අම්මගෙ හිත හොඳටම පෑරිලා නේද..? කවදාවත් නැති විදියට ඔහොම කතා කරේ ඒකනේ..”[/FONT]


    [FONT=&quot]අම්මගෙ හිත විතරනේ පෑරිලා තියෙන්නෙ.. මෙච්චර බැනුම් කප්පරක් අහපු මගේ හිත කුඩු පට්ටම් වෙලා තියෙන හැටි අයියට පෙනුනෙ නැති එක ගැන මගේ හිතට ආවෙ ලොකු දුකක්. හිතේ තිබ්බ දුකට ඒ දුකත් එකතු කරන් මං අක්කගෙ කාමරෙන් පිටවෙලා සාලෙට ආවා. ඇස්වලට උනපු කඳුළු ඒ වෙනකොටත් කම්මුල් තෙමනවා මට දැනුණා. ඊගාවට කරන්න ඕනෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි විදියට තුන් සිතම අවුල්වෙලා තිබුණා. මං අක්කගෙ කාමරෙන් පිටවෙලා ඇවිත් විනාඩියක් ගියේ නෑ.. අයියයි, අක්කයි මං ගාවට ආවා.[/FONT]


    [FONT=&quot]“ඔයා කරලා තියෙන වැඩේ වැරදි වුණත් ඒ ගෑණු ළමයට දොස් කියන එකට නම් මම කැමති නෑ.. මොකද ඔයා ඒ ගෙදරට ගියාම ඒ ගර්ල්ට ඔයාව එලවන්න පුලුවන්ද..? බෑනෙ..?”[/FONT]


    [FONT=&quot]ප්‍රශ්නෙ දිහා අයියා තවත් පැත්තකින් බලද්දි මං තවත් නිහඬ වුණා.[/FONT]


    [FONT=&quot]“මොකද චූටි ඔයාට වෙලා තියෙන්නෙ..? අර ටී ෂර්ට් එක අරන් ආපු වෙලාවෙ ඔයා කොයි තරම් සංතෝසෙන්ද හිටියෙ.. අම්ම කියපුවා වැඩිය ගණන් ගන්නෙපා මල්ලි..”[/FONT]


    [FONT=&quot]ඇත්තටම ඒ ටී ෂර්ට් එක තවමත් මගේ අතේ ගුලිවෙලා තිබුණා. නිල්පාට දිග ඉරි වැටුණු ඒ ලස්සන ටී එක මං සැටිය උඩින් තිබ්බා. අයියා කිව්වා වගේම ඒ ටී ෂර්ට් එක අතට ගනිද්දි තිබ්බ සංතෝසෙ දැන් හොයා ගන්නවත් බෑ.. ඔය අතරෙ තමයි අම්මා ආයෙත් සාලෙට ආවෙ. මං ඔලුව උස්සලා අම්මා දිහා බැලුවා. තාමත් අම්මගෙ ඇස්වල කේන්තියෙ මං සලකුණු තිබ්බා. කමක් නෑ.. දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ දේ කරනවා.. මං එක හිතින්ම හිතාගත්තා.[/FONT]


    [FONT=&quot]අම්මා දිහා බලාගෙනම මං ඒ දිහාට ඇවිදන් ආවා. ඇඬුම්බර කඳුළක් හිත කොනටම වෙලා හූල්ලද්දි මං අම්මා ගාවට ගිහින් ඒ අතින් අල්ලා ගත්තා.[/FONT]


    [FONT=&quot]“අම්මෙ.. මං අම්මලගෙන් තමයි අද වෙනකන්ම කාලා ඇඳලා ඉන්නෙ.. අනේ අම්මෙ.. අම්මා කොයි තරම් දේ මට කිව්වද..? ඇයි අම්මගෙ පුංචි එකාට ඔහොම කතා කරන්නෙ..? මං දැනුවත්ව අම්මට වැරැද්දක් කරලා නෑ අම්මෙ.. මං අසරණයි අම්මෙ.. මං අසරණයි..”[/FONT]


    [FONT=&quot]ඇස් දෙකම පුරවලා කඳුළු කැට උතුරන් යද්දි මං කියවන් ගියා. හිත ඇතුළෙ පුපුරු ගහන වේදනාවන් බිංදුවක් හරි මේ කඳුළු වලින් දියවෙනව නම්..? මං කියපු දෙයින් අම්මගෙ මූණ වෙනස් වෙනවා මං දැක්කා.[/FONT]


    [FONT=&quot]“අයියට වගේ අම්මට ගවුම් රෙද්දක් අරන් දෙන්න මට පිණ නෑ.. ඒකට මට කවද ඉඩ හම්බෙයිද දන්නෑ.. ඒත් ඇයි මට ඔහොම බනින්නෙ.. මං ඉස්සර වගේම අම්මට ආදරෙයි.. හැමදේම අම්මට කියන්න බැරිවුණාට මගේ හිතේ අම්මට තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නෑ.. අම්මා ඒක තේරුම් ගන්නැත්නම් ඒක මගේ කරුමෙ.. ඒත් අම්මා කියපුවා..? අනේ අම්මෙ..! හර්ෂි.. අම්මා හිතන විදියෙ කෙල්ලෙක් නෙමෙයි.. එයා අහිංසකයි අම්මෙ..”[/FONT]


    [FONT=&quot]කිරි සුවදකට හිත ඉව කරද්දි අම්මාගෙ අතේ එල්ලීගෙන මං කියවන් ගියා. මං කියපු කිසිම දේකට අම්මා වනයක්වත් කිව්වෙ නෑ.. ඒක හන්දම මං ඔලුව උස්සලා අම්මගෙ මූණ දිහා බැලුවා. උණුම උණු කඳුළක් අම්මගෙ ඇස් අගිස්සෙ ඉඳලා මගේ මූණ උඩටම වැටුණා. තවත් තත්පර ගානක් යද්දි අම්මා, අම්මාගෙ අත මගෙන් ඈත් කරගත්තා.[/FONT]


    [FONT=&quot]තද හිතක් තියෙන අයියගෙ හිතත් දෙදරලා ගිහින් තිබුණා. ඔලුවෙ අත් දෙකත් ගහගෙන අයියා බිත්තියට හේත්තු වුණා. පුංචි දේටත් හිත රිද්දගන්න අක්කගෙ මූණ කඳුළු වලින්ම නෑවිලා ගිහින් තිබුණා. මේ හැම දෙයක්ම අතෑරලා දාලා කොහේ හරි ගියා නම් කියන සිතුවිල්ල හිත උඩට ආවත් ඒක එහෙම්මම නැතිවෙලා ගියා.[/FONT]


    [FONT=&quot]තවත් ඩිංගක් වෙලා යද්දි හැමෝම සාලෙ ඉන්දෙද්දි මං කාමරේට ආවා. මගේ හිත ඇතුළෙ තිබ්බෙ පුදුම හිස් බවක්. ඉස්සරහට කරන්න ඕන මොනවද කියන දේ මගේ ඔලුවට ආවෙම නෑ.. හිත ඔද්දල් වෙලා ගිහින් තිබුණා. මං කාමරේට ඇවිල්ලා ඩිංග වෙලාවයි ගියේ.. අයියා කාමරේට ආවා.. හැමදේම මේ තරම් අවුල්වෙලා තියෙද්දිත්, මට තනිවෙලා ඉන්න දෙන්නැති හන්දා, මට අයියත් එක්ක කේන්ති ආවා. ඒත් ඉතිං පොර කියන්න හදන්නෙ මොනවද කියනෙක දැනගන්න මං ලෑස්ති වුණා.[/FONT]


    [FONT=&quot]“චූටි.. දැන් ඉතිං ඔලුව අප්සට් කරගෙන වැඩක් නෑ.. අම්මා ඔය හැමදේම කියන්නෙ හිතේ වේගෙටනේ.. ඕනම අම්මා කෙනෙක් එහෙම තමයි චූටි.. තමන්ගෙ දරුවො ගැන ඕනවටත් වඩා හිතනවා.. අනිත්තෙක ඔයාට බනින්න වුණු හින්ද අම්මත් දුක් වෙනවා කියලා අපි දැක්කනේ.. ඉස්සෙල්ලා අපි මේක විසඳගන්න බලමු.. මොකද කියන්නෙ..?”[/FONT]


    [FONT=&quot]අයියා කියවන් ගියපු ඒවයින් මගේ හිතට ආපු කේන්තිය ඩිංගෙන් ඩිංග අඩුවෙලා ගියා. අයියා කියන එකත් ඇත්ත.. අපතයා වගේ මනෝ ගහල වැඩක් නෑ.. මේ වෙලා තියෙන්නෙ මොකක්ද කියලා බලන්නෝන.[/FONT]


    [FONT=&quot]“පහුවුණු දවස්වල ඒ නංගි මෙහේ ආවම අම්මත් එක්ක සෑහෙන්න හිතවත් වුණානේ චූටි.. පොඩිත් කිව්වෙ.. අම්මා හරි ආදරෙන් හිටියා කියලා ඒ නංගිට.. ඉතිං එක පාරටම මෙහෙම අම්මා වෙනස් වුණේ කොහොමද..? අම්මට නරක ආරංචියක් හම්බ වුණාද දන්නෙත් නෑ..”[/FONT]


    [FONT=&quot]අයියා කිව්ව දේත් සෑහෙන්න ඇත්තක් තියෙනවා.. වෙනදට මගෙත්තෙක්ක පිස්සු කියවන ලොකු ද මේ තරම් සිරා විදියට කතා කරන්නෙ.. මට හිතාගන්නවත් බැරි වුණා. අයියගෙ හිතේ තිබ්බෙ ගැඹුරු බවක්.. ජීවිතේ ප්‍රථම වතාවට අයියා වැඩිහිටියෙකු බවත්, මං තරුණයෙකු බවත් ඒ වෙලාවෙ මට වැටහුණා.[/FONT]


    [FONT=&quot]“නෑ ලොකූ.. හර්ෂි එහෙම කෙනෙක් නෙමෙයි.. එයා කවදාවත් වැරදි විදියට හැසිරෙන්නෑ.. මට ඒක ඕන තැනක දිව්රතැහැකි.. මට ඒ තරම් හර්ෂිව විශ්වාසයි.. එයා මට ද්‍රෝහි වෙන්නෑ..”[/FONT]


    [FONT=&quot]මගේ ඒ විශ්වාසය ඉස්සරහ අයියා ගැස්සිලා ගියා. පවුලෙ බාලයා වෙච්චි මගෙන් ඒ වගේ තද විශ්වාසයක් ආවෙ කොහොමද කියනෙක අයියට දරා ගන්න බැරි වුණා. හැමදේටම හිනා වෙවී පිස්සු කෙලපු මගෙන්, කෙල්ලෙක් ගැන ඒ වගේ ලොකු විශ්වාසයක් ආවෙ කොහොමද කියනෙක අයියට හිතාගන්නවත් බැරි වෙන්නැති.[/FONT]


    [FONT=&quot]“ඔයා කියනෙක මට විශ්වාස කරන්න පුළුවන් චූටි.. ඒත් අම්මා එහෙම හොයලා බලන්නැතුව කතා කරන කෙනෙක් නෙමේ නේද..? මොකක් හරි දෙයක් ගැන හොඳටම දැනගෙන නේද, ඕනම දේකට අපි උනත් බනින්නෙ..?”[/FONT]


    [FONT=&quot]අම්මගෙ ගතිගුණ ගැන අපි තුන්දෙනාම දැනගෙන හිටියා. ඒත් හර්ෂි ගැන අම්මා කියපු දේවල්..? මේ තරම් විස්තර ගොඩක් අම්මා දැන ගත්තෙ කොහොමද..? තවත් මේ හැමදේම හිතේ තියාගෙන පිස්සෙක් වෙන්න මට බෑ.. ඒක හන්දම මං අම්මව හොයාගෙන කාමරෙන් එළියට ආවා. මගේ මූණෙ තිබ්බ හැඟීම් සේරම අරන් වගේ අයියත් මගේ පස්සෙන්ම එළියට ආවා. අම්මා තාම කුස්සියෙ.. අද නම් තාම උයන්න හිතලවත් නෑ වගේ.[/FONT]


    [FONT=&quot]“මට කියන්න අම්මෙ.. ඇයි අම්මා හර්ෂි ගැන අරහෙම කතාවක් කිව්වෙ.. එයාගෙ අම්මා තාත්තා නෑ කියලා අම්මා මුළ ඉඳලම දන්නවනේ.. එයා අහිංසක ළමයෙක් අම්මෙ.. ඒත් ඇ....”[/FONT]


    [FONT=&quot]මට කතාව දිගටම කියන්න අම්මා ඉඩ දුන්නෙ නෑ.. [/FONT]


    [FONT=&quot]“චූටි, දැන් ඕක නවත්තන්න.. ඒ ළමයා මොන වගේ කෙනෙක්ද කියලා මං දැනගත්තා.. ඒත් ඒ දැනගත්තෙ කොහොමද කියලා කියන එක උඹට වැඩක් නෑ.. ඒ දැනගත්තු දේවල් ඇත්ත වගේ දැනුණු හින්දයි මං එහෙම කතා කරේ..”[/FONT]


    [FONT=&quot]එහෙනම් හිතේ කේන්තියට විතරක් නෙමේ අම්මා බැනලා තියෙන්නෙ.. හැම දෙයක්ම දැනගෙනයි කතා කරලා තියෙන්නෙ.. එහෙම හිතෙද්දි මගේ ඇස්වලට ආයෙත් කඳුලු ආවා. හයක් හතරක් තේරෙන්නැති පුංචි එකෙක් වගේ මං ආතක් පාතක් නැතුව ඉ්නනකොට තමයි අම්මා, අයියා දිහාවට හැරුණෙ.[/FONT]


    [FONT=&quot]“උඹ දන්නවද ලොකු පුතේ.. ඒ කෙල්ල මහ ජරා කෙල්ලෙක්ලු.. ඒකිව බලාගන්න මහ ඈයො දෙන්නටවත් ඒකි බලාගන්න බැරිලු.. කියන කිසිම දෙයක් අහන්නැතිලු. අර දවස් දෙක තුනක් මෙහෙ ආවම මං අනුකම්පා කෙරුවා. අම්ම අප්පා නෑ නේද කියලා. ඒත් ඉතිං ඒකිගෙ පට්ටන්දරේ දැන ගත්තම පට එපා වුණා. ලොකු පුතේ ඒකි මොන විදියකට හිටියත් කමක් නෑ.. මගේ පපුව පිච්චෙන්නෙ, අපේ එකා ඒකිත් එක්ක පැටලුන එකනේ..”[/FONT]


    [FONT=&quot]අම්මා ආයෙත් හො ගාලා කියවන්න ගත්තා.. දැන් නම් ඉතිං හර්ෂි ගැන මොනව කිව්වත් අම්මා පිළිගන්නෙකක් නෑ කියලා මට හිතුණා.[/FONT]


    [FONT=&quot]“අම්මෙ.. අම්මට කවුද ඕවා කිව්වෙ.. ඒ ළමයත්තෙක්ක තරහ කවුරුහරි අම්මත්තෙක්ක ඕව කිව්වද කියල දන්නෙත් නෑ..”[/FONT]


    [FONT=&quot]අයියා, අම්මගෙන් එහෙම අහද්දි මට අයියා ගැන මාර ෆිට් එක් ආවා. මං අහන්න ඉදපු දෙයක්නේ අයියා අම්මගෙන් ඇහුවෙ. ඒත් ඒකට හරි හමන් උත්තරයක් අම්මගෙන් අපිට ලැබුනෙ නෑ.[/FONT]


    [FONT=&quot]“කියපු කෙනා වැඩක් නෑනෙ පුතේ කතාව ඇත්තනම්..”[/FONT]


    [FONT=&quot]අම්මා එහෙම කිව්වෙ පුදුම විශ්වාසෙකින්. මගේ හිතට ඒක දරාගන්න බැරි වුණා.[/FONT]


    [FONT=&quot]“ඒ කතාව බොරු අම්මෙ.. ඒක බොරුවක්.. හර්ෂි ඒ විදියෙ ගෑණු ළමයෙක් නෙමෙයි..”[/FONT]


    [FONT=&quot]අම්මා දිහා බලාගෙන මං එහෙම කිව්වා. ඩිංග වෙලාවක් ගෙවිලා ගියාට පස්සෙ අම්මා ආයෙත් කටහඩ අවදි කරා.[/FONT]


    [FONT=&quot]“මං කියනදේත් අහපං චූටි.. මං හොයල බලන්නැතුව කතා කරන කෙනෙක් නෙමෙයිනේ.. උඹ ඒක දන්නවා.. උමට මායි, තාත්තයි මොනම දුකක්වත් දුන්නෙ නෑ.. ලොකූටයි පොඩීටයි වැඩියෙන් අපි ආදරේ කරේ උඹට.. ඉතිං උඹට ඒ ආදරේ මදි වුණාද චූටි..”[/FONT]


    [FONT=&quot]ඉඳලා, ඉඳලා අම්මා මගෙන් අහපු දෙයින් මගේ හිත හීතල වෙලා ගියා. හරියටම විදින්න ඕන තැන බලලා අම්මා ඊතලේ පපුවටම විඳලා තිබුණා.[/FONT]


    [FONT=&quot]ඇත්තටම අම්මා අහපු දේට දෙන්න තරම් හොඳ උත්තරයක් මගේ හිතට ආවෙ නෑ.. කතා කරන්න හැදුවත් මගේ හිත කොහෙදෝ අතරමං වෙලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“ඒ ගෑණු ළමයා ගැන උඹටත් වඩා දන්න කෙනෙක් මට කිව්වෙ.. ඉතිං මං විශ්වාස නොකර කොහොමද..? මං මේ කියන දේවල් හිතට අරගෙන අදම ඔය සම්බන්ධෙ නවත්තපං චූටි.. ඕකෙන් උඹට කවදාවත් හොඳක් වෙන්නෙ නෑ.. මෙච්චර කාලෙකට මං කියපු දේවල් උඹ ඇහුවා නම්, ඇයි උඹට දැන් අහන්න බැරි.. කොටින්ම චුටි උඹට මං කියන දේවල් අහන්න බැරි නම්, උඹ මට අම්මා කියලවත් කතා කරන්න එපා..”[/FONT]


    [FONT=&quot]අම්මගෙ වචන විෂ පුරවපු ඊතල වගේ මගේ පපුව ඇතුළටම වැදුණා. දෙපාරක් නෙමේ තුන් පාරක් විතර හිතන්න ඕන ඒ වචන දිගේ මතකය ආපස්සට ගියා. ඒත් දැන්, මේ මේ දේ කරන්න ඕනය කියල මගේ හිතට තේරුණේ නෑ. කවදාවත් නැති විදියට අම්මා කතා කරපු කටුක විදිය හන්ද මගේ හිත පුදුම විදියට ඉරි තලලා ගිහින් තිබුණා. තව කොයි තරම් වෙලා මෙතන හිටියත් අම්මගෙන් මීට වඩා වචනයක් ගන්න භෑ කියලා මට තේරුණා. හර්ෂි කොයි තරම් හොඳ කෙල්ලෙක්ද කියලා අම්මට පහදලා දෙන්න මට බැරි වුණා. ඉරි තැලිල තිබ්බ හිත, තද කළකිරීමකට පත්වෙද්දි මං අක්කා ගාවට ගියා. අක්කා මගේ අතකින් අල්ලගත්තා.[/FONT]


    [FONT=&quot]“අනේ.. චූටි.. ඔයාගෙ හිත හොඳටම රිදිලා මල්ලි..”[/FONT]


    [FONT=&quot]අක්කගෙ ඇස්වල තාමත් කඳුළු. මට පව් කියලා හිතුණා අක්කා ගැන.[/FONT]


    [FONT=&quot]“කමක් නෑ අක්කෙ.. මං වැරැද්දක් කරා නම් මං ඒකට විඳවන්නත් එපැයි. ඒත් මට දුක අම්මා හර්ෂිට බනින එක.. ඒ කෙල්ල අහිංසක කෙල්ල වැරැද්දක් කරල නෑ අක්කෙ.. එයා මට ද්‍රෝහි වෙන්නෑ.. අනේ අක්කෙ, අක්කවත් විශ්වාස කරන්න.. හර්ෂි අහිංසකයි අක්කෙ..”[/FONT]


    [FONT=&quot]මගේ ඇස්වල කඳුළු පිරෙද්දි මං කියවන් ගියා.[/FONT]


    [FONT=&quot]“ඔය දෙන්නම අහිංසකයි කියලා මං දන්නවා මල්ලි.. ඒත් මං බලන්නෙ, කවුද අම්මට හර්ෂි ගැන කියලා තියෙන්නෙ කියලා..”[/FONT]


    [FONT=&quot]අක්කා එහෙම කිව්වහම මගේ හිතත් ඒ පැත්තට හැරුණා.[/FONT]


    [FONT=&quot]“අක්කෙ, අද අපේ ගෙදරට ආවෙ කවුද කියලා මට කියන්නකො. අනිත්තෙක අද අම්මා කොහෙද ගියේ..?”[/FONT]


    [FONT=&quot]ඇවිල්ල තියෙන ප්‍රශ්න ටික විසඳගන්න තියෙන හොඳම ක්‍රමේ, සිහි බුද්ධියෙන් කටයුතු කරනෙක කියලා මට තේරුණේ අන්තිම වෙලාවෙදි.[/FONT]


    [FONT=&quot]“උනේ නම් කවුරුවත් ආවෙ නෑ මල්ලි.. මං ක්ලාස් ගියානේ.. ලොකුත් එක්ක මං එකටමයි ආවෙ... ආ.. බිසෝ නැන්දා ආව මං ක්ලාස් යන්න කලින්..”[/FONT]


    [FONT=&quot]බිසෝ නැන්දා කියලා කිව්වෙ ප්‍රශාන්ලගෙ අම්මට. ඒත් ඉතිං එයා මොනවත් දන්නෑනෙ.. එතකොට කවුද අපේ ගෙදර ආවෙ. අම්මා කොහේවත් ගිහිනුත් නෑ. අක්කා ක්ලාස් ගියපු වෙලාවෙදි තමයි කවුරු නමුත් ඇවිල්ලා තියෙන්නෙ.ඒ ආපු එකා මොකා වුණත් ඌ ඔර්ජිනල් ගේම් කාරයෙක්. අපේ අම්මවත් ඇන්දුව කියන්නෙ ඊට එහා දෙයක් නෑ.. අනිත්තෙක මං හර්ෂිලග ගියපු එක.. ඒක ගැන දන්නෙ මායි, හර්ෂියි විතරනේ.. අඩුම ගානෙ මං ප්‍රශෘන්ටවත් කිව්වෙ නෑ.. ඕව මේවා ගැන කල්පනා කරලම අන්තිමට මගේ ඔලුවත්තෙක්ක රිදෙන්න ගත්තා. ඒත් ඉතිං කවුද යකෝ මේ රඟමඩලට අලුතෙන් ආපු නලුවා...............[/FONT]



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    දවස් පහ හයක්ම මුස්පේන්තු විදියට ගෙවිලා ගියා. කිසිම වගතුවක් තිබ්බෙ නෑ. පහුවෙච්ච දවස් ටිකේ කුණු වෙන්න බැනුම් අහල, මං හිටියෙ බැනුම් අජීර්ණ වෙනා.. ෂිහ්..! ලව් කරද්දි මේ තරම් බැනුම් අහන්න වෙනවද..?

    මේ අවුරුද්දෙ ගෙදර ඉඳන් වැඩට යන්න අයියා තීරණය කරලා. ඒක මගේ හිතට ගෙනාවෙ සතුටක්. මොකද එදා සිද්ධීයෙන් පස්සෙ අම්මා මගෙත්තෙක්ක අවශය දේකට විතරයි කතා කරේ. අනිත්තෙක ඉතිං අක්කට හැමදේම කියන්නත් බෑනෙ.


    “අපෝ චූටි.. තමුසෙ ඉඳලා ඉඳලා දාගන්නෙ මාර ලෙඩ තමයි.. බලනවා අම්මා මගෙත්තෙක්ක වැඩි කතාවක් නෑ.. මේක ඉක්මණට බේරලා දානවා චූටි..”


    උදේ වැඩට යන්න ලෑස්තිවෙන ගමන් අයියා කිව්වා.


    “ඔයත්තෙක්ක ඩිංගක් හරි කතා කරනවනේ.. මගෙත්තෙක්ක එහෙමවත් නෑනෙ ලොකූ.. ඔයා ඔය කියනවා වගේ ඉක්මනට ඉවර කරගන්න ක්‍රමයක් මටත් කියනවකො..”


    “අනේ මංදා.. චූටි, තමුසෙගෙ මොලේ නම්.. ලව් කරනවා මහ ලොකුවට.. ඒ වුණාට මොලේ නෑ.. ඕකවත් තේරෙන්නෙ නැද්ද හලෝ.. ඉ්සසෙල්ලා හොයා ගන්නවා අම්මට කවුද කේලම කිව්වෙ කියලා.. ඊට පස්සෙ ඌට දෙකක් අනිමු.. ගේම ෆිනිෂ්..”


    ටයි එක හද හදා අයියා කියවන් යනවා.. ඌ කියයි.. ඕවා හොයාගෙන යන්න ගියහමනේ පස්ස ඉරෙන්නෙ.. අයියකාරයා තවත් කියවනවා.. ඒත් ඒ මුකුත් මගේ මීටරේට වැටුනෙ නෑ.. ඌ කියන ඒවා කරන්න ගියොත් පොලීසි ගිහින් තමයි නතර වෙන්න වෙන්නෙ..


    අයියා වැඩට ගියාඉන් පස්සෙ, අම්මත් ඩිංගක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මං ගෙදරින් පැනගත්තා. හරිෂිව අද හම්බෙන්න ප්‍රශාන්ට කියලයි මැසේජ් එකක් යවාගත්තෙ.. ඌ හරි මං ගාව ඉන්නෙක හොදයි.. නැත්නම් මං අමු පිස්සෙක් වෙනවා.


    ලයිබ්රියට යන පාර ඉස්සරහ තිබ්බ අලියා ස්නැක් බාර් එකේ කොණේම මේසෙක මායි, හර්ෂියි වාඩිවුණා. හුඟ දවසකින් හම්බවුණ හින්ද අපිට කතාකර ගන්නත් හුඟක් දේවල් තිබුණා. ඒත් අපි දෙන්නා කරේ මූණට මූණ බලන් ඉඳපු එක.


    හර්ෂිගෙ සුදු මූණ මං දිහාට හැරිලා තිබුණා. ඒ දිග ඇස්වලින් මගේ ආත්මය පුරාම ආදරේ තවරන්න වගේ එයා මං දිහා බලන් හිටියා. මං හෙමීට එක ඇහැක් වහලා දිව සයිඩ් එකෙන් පොඩ්ඩක් එළියට දැම්මා. හර්ෂිට එක පාරටම හිනා ගියා..


    “චීයියා..! දේව් අයියා හරිම නරකයි..”


    කටත් බෙරි කරන් හර්ෂි කියනවා.


    “ඇයි..?”


    “වටේ පිටේ මිනිස්සු ඉන්නවා.. දිවත් දික් කරලා ඒ මදිවට ඇසුත් ගහන්නෙ..?”


    “ඇස් ගැහුවම කොහොමද හෂි නරක් වෙන්නෙ.. ම්.. නරක් වෙලා තියෙයි..”


    “නරක් වෙලා තියේවි නේද මං වගේ කෙනෙක් ලැබුණොත්.. ඒකනේද ඔයා කියන්න ගියේ..”


    හර්ෂි මං කියන්න ගියපු පේළියෙ අන්තිම සම්පූර්ණ කරලා දාලා මගෙන් ඇහුවා. දැන් ඒ මූණෙ අර හිනාව බිංදුවක්වත් නෑ.. මොකක්දෝ අමුතු දුකක් ඒ මූණෙ තැවරිලා.


    “පි... පිස්සුද මංදා.. මං එහෙම එකක් නෙමේ කියන්න ගියේ..”


    “බොරු කියන්නෙපා දේව් අයියෙ.. ඔයාගෙන් ඒක තමයි කියවෙන්න ගියේ.. ඔයාගෙ කටහඬින් ඒ දේ අහන්න මට බෑ.. හිතට දුකයි.. ඒකයි මමම එහෙම කිව්වෙ..”


    ඇස් දෙක කොහේදෝ අතරමං කරන් හර්ෂි කිව්වා.


    “ඔ.. ඔය බලන්න ඉතිං.. මගේ පුංචි වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න හදන්නෙපා හර්ෂි.. ඔයා දන්නවනේ.. මම ඔයාට කොයි තරම් ආදරේද කියලා..”


    මං එහෙම කිව්වම ඒ පුංචි අත් දෙකෙන් මගේ දකුණත තද කරලා එයා අල්ල ගත්තා.


    “ඒ ආදරේ හන්දා තමයි අයියෙ මං ජීවත් වෙලා ඉන්නෙ.. ඔයාගෙ ඔය රත්තරං ආදරේ මට නොලැබුණ දාකට මං මේ හැමදේම දාලා යනවා අයිය.. මගේ හැම දේකටම හිටියෙ ඔයා විතරයි.. මං ගාව ඉන්නත් ඕන ඔයා විතරයි.. ඉතිං එහෙම එකේ ඔයාගෙ ආදරෙයි, ඔයා හින්දයි තමයි, ජීවත් වෙන්න ඕන ශක්තිය, මගේ හිතට මං ගන්නෙ.. ඔයාට ඒක තේරෙනවා නේද අයියෙ.. ඔයාට ඒක තේරෙනවා නේද..? ඔයාගෙ පුංචි වචනෙක උනත් වෙනසක් මට දකින්න පුළුවන් ඒ නිසයි.. මාත් ඔයාට හුඟක් ආදරෙයි අයියෙ..”


    ඇස් දෙකත් පුංචි කරගෙන හර්ෂි කියවගෙන ගියා. ඒ දේ මං දන්නවා හෂි.. මං ඔයාට කවදාවත් තනි වෙන්න දෙන්නෑ හෂි.. ඔයා මගෙයි හෂි.. ඔයා මගේම විතරයි.


    බොන්න ගත්තු ක්‍රීම් සෝඩා එක තාම මේසෙ උඩ.. මං ඒකෙන් ඩිංගක් බීලා හර්ෂි දිහා බැලුවා.


    “හෂි...”


    “ම්..”


    “දැන් ටික දවසකට කලින් අපේ ගෙදර මාර සීන් එකක් ගියානේ.. අපේ අම්මා මාව මරන් කෑවෙ නැති එක විතරයි.. මාර වලියක්..”


    “ඇ.. ඇයි දේව් අයියෙ..?”


    හර්ෂිගෙ මූණ බලන් ඉද්දිම කලු වෙන හැටි මං දැක්කා.


    “ඔයා ගැන වැරදි මහ ගොඩක් කවුදෝ එකෙක් අපේ අම්මත් එක්ක කියලා.. මොන මී හරකෙක්ද මංදා.. අම්මා මට කඩන් පැන්නා.. එදා ඉඳලා අද වෙනකන් අම්මා මාත් එක්ක ෆුල් ඔරොප්පු..”


    ඒත් මං කිව්ව දේවල් වලින් හර්ෂිගෙ මූණ ඒ තරම් අවුල් වුණේ නෑ.


    “මොන විදියෙ වැරදිද අයියා..?”


    ඒ මූණෙ කලින් තිබ්බ අප්සට් ගතිය මැකිලා ගිහින් තිබුණා.


    “වැරදි මොනව වුණාම මොකද.. මට ඕන ඒක කියපු එකාව අල්ලගන්න..”


    ආයෙමත් හර්ෂිගෙ මූණ බිමට හැරුණා. දුක පිරිලා තිබ්බ ඒ මූණෙ මං දැක්කෙ අමුතුම ලස්සනක්.


    “ඔ.. ඔයාට ඇන්ටි හුඟක් බැන්නද අයියෙ..? අනේ..! අනේ දෙයියනේ මං වගේ පව්කාරියක්.. මං හින්දා ඔයාටත් නැති කරදර නේද දේව් අයියෙ..?”


    “එහෙම හිතන්නෙපා හෂි.. ඔයාගෙ කරදරයක් කියන්නෙ ඒක මගෙත් කරදරයක්..”


    “අනේ මට තේරෙන්නෑ අයියෙ.. මං හිතුවා ඔයා මගේ ජීවිතේට ළං වුණාම මගේ හැම දුක් කරදරයක්ම නැතිවෙයි කියලා.. ඒත් දෙයියනේ.. දැන් ඒකත් නැතිවෙන්නයි යන්නෙ.. අනේ මං මොනවද කරන්නෙ අයියා..?”


    “මොනවද හෂි ඔයා මේ කියවන්නෙ..?”


    “මං මම්ම ළඟට ආපු දවසෙ ඉඳලම බාප්පා මට හතුරුකම් කරා.. නිතරම මාව රිද්දුවා.. මගේ හිතට වඳ දුන්නා.. අ.. අනේ දෙයියනේ.. ම.. මං මේවා ඔයත්තෙක්ක කියලා ඔයාගෙත් ඔළුව අවුල් කරනවා දේව් අයියා..”


    හර්ෂි කියන්න හදන්නෙ මොකක්ද කියලා මට තේරුණේ නෑ.. තේරුන් නැති වුණත් මං හැදුවෙ එයාගෙ හිත හදන්න..


    “ඔයාව මට කරදරයක් කියලා ඔයා ඩිංගිත්තක්වත් හිතන්න එපා.. මාව විශ්වාස කරන්න නංගි.. ඔයාගෙ සංතෝසෙ ළඟදි වගේම ඔයාගෙ ඕනම දුකක් ළඟකදි මං ඉන්නවා.. ඔයාගෙ හිතේ තියෙන හැමදේම මට කියන්න නංගි.. එතකොට ඔයාගෙ හිතටත් සැහැල්ලුවක් දැනෙයි..”


    “අනේ මං එහෙම හිතුවෙ නෑ අයියා.. මගේ හිතේ ඔයාට තියෙන්නෙ පුදුම ආදරයක්.. ඒක කවදාවත් නැතිවෙන්නෑ.. ඔයා මට දුන්නු රැකවරණෙයි, ආදරයයි මට කවදාවත් අමතක වෙන්නෑ අයියා..”


    ඊට පස්සෙ තත්පර ගාණක නිහැඬියාවක් අපි දෙන්නා අතරෙ ගෙවිලා ගියා. බොහොම වැදගත් සිද්ධි වේනනෙ අපි නොදැනුවත්වම වගේ. ඒක මට තෙරුණේ ඊගාවට හර්ෂි කියපු කතාව ඇහුවයින් පස්සෙ. ඇත්තටම මගේ හිත සීතල වෙලා ගියා.


    “ඔයා මගෙන් දවසක් ඇහුවා නේද ඩිලාන් කියලා කෙනෙක් ගැන..? බාප්පට ඕනෙ වෙලා ඩිලාන්ට මාව බන්දලා දෙන්න.. ඒත් මට ඌව පේන්න බෑ.. මම්මත් ඌට කැමති නෑ.. මට ඩිලාන්ව පෙන්නන්නම බැරි වෙලා ගියේ ඔයා ගැන බාප්පට කේලම කිව්වට පස්සෙ.. ඔයා දන්නවද, ඔයා දන්නවද දේව් අයියා ඔයාගෙ අම්මට මං ගැන වැරදි කියලා තියෙන්නෙ කවුද කියලා.. ඔයාට විශ්වාස කරන්නත් බැරිවෙයි.. ඒ තමයි අපෙ බාප්පා..”


    හර්ෂි කිව්ව දේ මට අදහගන්නත් බැරි වුණා.. බලන් ගියාම ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන කියන්නෙ තදයෙක් නෙමේ බල්ලෙක්.. කොටින්ම බල්ලෙකුටත් අන්ත එකෙක්.. මූ කිසි බයක් නැතුව අපේ ගේ අස්සටම රිංගල කේලම කියන්න ආවනේ.. එහෙම මතක් වෙනකොට මගේ හිතේ කේන්තිය පිස්සු වැටුණා.


    “අ.. අනේ දේව් අයියෙ.. ඔයාට කේන්ති ගිහිල්ලා..”


    “නෑ.. හෂි.. අපේ අම්මා ඔයා ගැන හුඟක් වැරදියට හිතලා.. ඒකයි තියෙන ප්‍රශ්නෙ..”


    “ඔයාලගෙ අම්මා වුණත් නොහිත ඉඳිවිද අයියෙ.. බාප්පම මං ගැන වැරදි ඔයාගෙ අම්මත්තෙක්ක ගිහින් කිව්වම.. වෙන කවුරුවත් නෙමේනේ.. මගේ බාරකාරයනේ.. ඉතින් ඇන්ටි විශ්වාස කරන්න ඇති.. ඇනිටිගෙ වැරැද්දක් නෑ අයියෙ..”


    බලන් ගියාම හර්ෂිගෙ බාප්පා හීන් නුලෙන් ගේම දීලා.. හැමදේම නූලට හර් ගස්සලා ගින්න අවුලුවලා.. ඒත් මං ඒ ගැන වැඩිය කල්පනා කරේ නෑ.. මං හිතුවෙ වෙන දෙයක් ගැන.


    “හෂි..? බාප්පා ඔයාට බල කරාද ඩිලාන්ව බඳින්න..?”


    “නෑ අයියෙ.. මටත් තියෙන ප්‍රශ්නෙ ඒකයි.. මේ හැමදේම බාප්පා දන්නවා.. ඒත් ඒ දන්න විත්තිය මට අඟවන්නෙ නෑ..”


    “මට තේරෙන විදියට නම් මෙතන ලොකු කුමන්ත්‍රණයක් යනවා නංගි.. අපි හිතනවට වැඩිය වෙනස් මොනවා හරි දෙයක් මෙතන වෙනවා..”


    මං කිව්ව දේට හර්ෂි මුකුත් කිව්වෙ නෑ.. ලොකු කල්පනාවක එයාගෙ හිත නතර වෙලා කියලා මං ඒ මූණෙන් දැක්කා.


    “ඒක නෙමේ හෂි.. ඔයාගෙ බාප්පා දන්නවද මං මේ ළඟදි ඔයාලහ ආපු විත්තිය..? අපේ අම්මා ඒක කියලා මට අම්බානෙක බැන්නනේ..”


    “වෙන්න බෑ අයියෙ.. අපේ බාප්පා දැනගන්න විදියක් නෑ.. ඔයා, කවුරුවත් නැති වෙලාවෙ අපේ ගෙදර ආව කියලා බාප්පා දන්නවා නම් මාව මරාවි..”


    “එතකොට කවුද මං ඔයාලහ ආපු බව අම්මට කිව්වෙ..? අනේ මංදා නංගි... මගේ ඔලුවත් අවුල් වෙලා..”


    මං ඩිංගක් වෙලා කල්පනා කරන්න ගත්තා.. කලබල වෙලා මේ අවුල ලිහන්න බෑ කියනෙක මට තේරුණා. අනිත්තෙක මං අප්සට් මූඩ් එකේ හිටියොත් හර්ෂිත් අප්සට් යනවා.


    “ඔයා කොහොමද දන්නෙ, බාප්පා අපේ ගෙදර ආවා කියලා..?”


    මගේ හිතට ඒ වෙලාවෙ ආපු හොඳම ප්‍රශ්නෙ මං හර්ෂිගෙන් ඇහුවා.


    “මේ පහුවුණු දවසක මම්මයි, බාප්පයි කතාවෙනවා මං අහගෙන හිටියා අයියෙ.. මම්මා බැන්නත්තෙක්ක.. අපේ එකීගෙම නේද නම කැත වෙන්නෙ කියලා ඔයා කරපු වැඩෙන්.. එතකොට බාප්පා කිව්වා ඒකට කමක් නෑ මට ඕන මොනවා හරි කරල ඔය සම්බන්ධෙ නවත්තන්න කියලා..”


    මගෙයි, හර්ෂිගෙයි එෆෙයාර් එක කඩන්න නම් උඹට සෑහෙන්න අමාරු වෙනවා ඇල්ෆ්‍රඩ්.. ඒක උඹ හිතන තරම් ලේසි නෑ..


    “බාප්පා එහෙම කිව්වට, මම්ම මේ වෙලාවෙ ඉන්නෙ.. ඔයාගෙ පැත්තෙ හෂි.. ඒක හින්දා අපි පරිස්සමින් ඉඳිමු.. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..”


    “ඔයාගෙ කතාව හරි දේව් අයියෙ.. අපි පරිස්සම් වෙලා ඉමු..”


    තවත් ටික වෙලාවක් යද්දි හර්ෂි මගෙන් ඈත්වුණා. හර්ෂිත් එක්ක තවත් වෙලා ඉන්න ඕනකමක් තිබ්බත් මගේ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.. බැරිවෙලාවත් හර්ෂිගෙ බාප්පයි, අපේ අම්මයි ආව නම් හෙම, හැමදේම ඉවර වේවි. ඒ හන්දා හොඳට පරිස්සම් වෙන්න වෙනවා. මගේ හිත අනතුරු ඇඟෙව්වා.


    “අඩෝ...”


    කල්පනා ලෝකෙ ඈතට ගිහිල්ලා ඉඳපු මගේ හිත එකපාරටම ආපහු හැරුණා. ඇතත්ටම මං ගැස්සුණා.


    “අඳුනන්න පුළුවන් නේද..?”


    උං ගැන්සිය අඳුන ගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. ඒත් එතන අලුත් මුහුණු ගානක් තිබුණා. විශේෂත්වය වුණේ එතන ඩිලාන් හිටියෙ නෑ.. ඒ කියන්නෙ අද මුං ගැන්සිය ආවෙ වලියට වෙන්න ඕනෙ..


    ඩිලාන්ගෙ ගැන්සිය හම්බවුණ මුල්ම දවසට වැඩිය අද මගේ හිතේ තිබ්බෙ පසුබැස්මක්. ඒකට හේතු ගොඩක් තිබුණා. අපේ අම්මගෙ බැනිල්ලයි, හර්ෂීගෙ බාප්පා ගෙනියන යටිකුට්ටු වැඩයි, හර්ෂිගෙ කරදර ගැනයි, මගේ හිත හුඟාක් හිතලා තිබුණා. කොහොම උනත් තත්පර ගානක් යද්දි මං අඳුනන්නෙ නැති එකෙක් මගේ ඉස්සරහට ආවා.


    “ලොක්කා..? අද ඩිලාන් බ්‍රදර් මෙතන නෑ.. ඒ වුණත් අපි ගේම පටන් ගන්නවා..”


    ඉස්සරහට ආපු එකා එහෙම කිව්වම මගේ අත් දෙක ඉබේටම මිට මෙලවුණා. උංගෙ කට්ටිය වැඩියි. කමක් නෑ.. ගැහුවොත් ගහනවා.. මමත් හිතාගත්තා.


    “උඹට අපි ඉස්සෙල්ලා වෝනිං දීලා ඇති ඩිලාන් බ්‍රදර්ගෙ ඒවට අත දාන්න එපා කියලා. උඹට ඊට වැඩිය ලව් එක ලොකු වුණා නේද බැල්ලිගෙ පුතෝ..”


    ඌ කියපු ඒ වචන සෙට් එකත් එක්ක ඩිංගෙන් ඩිංග මගේ හිත පුරවලා ආපු කේන්තියෙ කලු හෙවනැල්ල මාව වහගත්තා. ඇත්තටම ඒක මට ගෙනාවෙ කේන්තියක්.


    “කෙල්ලෙකුට ඇරගන්න උඹලනේ බැල්ලිගෙ පුතාලා...”


    මගේ රිප්ලයි එකට, මං ඉස්සරහ ඉඳපු දෙන්නගෙම මූණු කළුවෙලා ගියා.


    “කට වහපං ගස් බල්ලා..! තොගේ කට අද අච්චාරු දානවා..”


    එහෙම කියලා එකෙක් මගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇඳලා ගත්තා. මට මල උපරිමෙන් පනින්න තව ඩිංගයි තිබ්බෙ.. ඔන්න දැං ඒකත් පැන්නා..


    “අතෑරපං ඩෝ ෂර්ට් එක..”


    “නැත්තං..?”


    එහෙම අහපු එකාගෙ මූණ පුරවලා මං පාරක් දුන්නා. ඌ කවදාවත් හිතන් නැතුව ඇති මට ඒ වගේ ගටක් තියෙනවා කියලා.. ඒ වැදිච්ච පාරට ඌ හොල්මං වුණා. උගේ අතින් මගේ කොලර් එකත් අතෑරුණා. ඊට පස්සෙ වෙච්ච දේ නම්, කටට වඩා අතපය වැඩ කරා, උංගෙයි, මගෙය් දොගොල්ලොගෙම.


    උංගෙ ගැන්සියෙ හරියටම හත් දෙනෙක් හිටියා. ඒත් කේන්තියෙන් වෙව්ලුම් කාල ඉඳපු මට උන් හත්දෙනා ඒ තරම් ගාණක් වුනේ නෑ. දඩබඩ ගාලා ගුටි පූජාවල්, මගේ මුළු ඇඟ හතර දිග් බාගෙම වදිද්දි උං හත් දෙනාට මං වැටෙනකම් ගැහුවා. සමහර ඈයොන්ගෙ මූණුවල් වලින් ලේත් එනවා මං දැක්කා. කරන්න දෙයක් නෑ.. උඹලයි ඉල්ලන් කෑවෙ.. ඒත් මගේ අවාසනාව කැරකැවුණෙ ඊට තත්පර ගාණකට පස්සෙ.. මගේ පිටිපස්සෙන් වැදුණ පාරකින් මම විසිවෙලා ගිහින් වැටුණා.


    පස්සෙන් ඉඳන් වීරයා වෙච්ච එකා කවුද කියලා මං හැරිලා බැලුවා. එතන හිටියෙ ඩිලාන් බ්‍රදර්. ඌ ඇවිත්.. මං නැගිටින්න හැදුවත් මට නැගිටින්න පුළුවන්කමක් තිබුණෙ නෑ.. ඊට පස්සෙයි අනිත් ඈයො මාව වටකර ගත්තෙ.. අන්තිමට එතනින් එහාට වෙච්ච දෙයක් මගේ මතකයෙ තිබ්බෙ නෑ.


    “මූ.. දැන් කාපු ඒවා මතක තියෙනවා නම් ආයෙ ජීවිතේටවත් ලව් එකක් ගැන හිතන්නෑ.. ඔය ඇති.. යමල්ලා..”


    ඩිලාන්ගෙ වචන මට හීනෙන් වගේ ඇහුණා. මගේ හිතට දැනුණෙ පුදුම කේන්තියක්. ඒත් මට නැගිටින්න තරම් පණක් තිබ්බෙ නෑ.. උං ගැන්සිය ගියාට පස්සෙ මං යන්තං ඔලුව උස්ස ගත්තා. ඒත් ඔලුව උඩ ගල් ලෝඩ් එකක් තියලා වගේ හැම පැත්තටම ඇඳුම් කන්න ගත්තා. කොහොම හරි ගෙදරට ගියා නම්..? අමාරුවෙන් නැගිටින්න හදනකොටම වගේ කාගෙදෝ අතක් මගේ මූණ ඉස්සරහ මට පෙනුණා. ඒ අතේ උදව්වෙන් මං නැගිට්ටා.


    “වෙච්ච හැමදේම මං බලාගෙනයි හිටියෙ දරුවො.. ඒත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ..”


    වැඩිය කවුරුවත් ගැවසෙන්නැති මේ හරියෙ ඩිලාන්ට ඕන දේ කරගන්න, පුළුවන්වෙලාතිබ්බා. අදුනන්නෙ නැති වයසට ගිය මනුස්සයෙක්ගෙ පිහිටෙන් මං හිටගත්තා. ඒ මනුස්සයට පුංචි හිනාවක් දාලාවැනි වැනිම මං ආපහු ගෙදර එන්න හැරුණා.


    දූවිලියි, කුණුයි ගෑවිලා තිබ්බ ෂර්ට් එකයි, කලිසමයි ඇඳගෙන මෙහෙම ගෙදර ගියොත් නම්, බර බරයක් ෂුවර්.. ඒක හන්දා මං කෙලින්ම ගියේ ප්‍රශාන්ලහ.. මංගුටි කන වෙලාවෙ දෙයියො මං දිහා නොබැලුවට දැන් නම් බලන්න ඉන්නවා වගේ.. වෙනද මේ වෙලාවට හොයාගන්නවත් බැරි ප්‍රශාන් අද ගෙදර ඉන්නවා..


    “මේ මොකද බං මේ..?”


    මාව දැක්ක ගමන් ඌ හොල්මන් වුණා.


    “වෙච්ච දේ කියන්නම්කො.. කෝ උඹලගෙ අම්මා..?”


    “උඹලහ ගියා බං.. මාත් දැන් එහේ යන්න කියලා හැදුවෙ..”


    අමාරුවෙන් උණත් මං ප්‍රශාන්ට විස්තරේ කිව්වා. උගේ ඇස් දෙක ලොකු වෙලා, කට බාගෙට ඇරුණා. මගේ කට ඇතුළෙ තුවාල වෙලාද කොහෙද කතා කරන්නත් අමාරුයි.


    “ඔය බැල්ලිගෙ පුතා මරලත් මදිනේ යකෝ.. ෂිහ්..!”


    මගේ ස්ටෝරිය අහන් ඉඳලා ප්‍රශාන්ට මල පැන්නා. ඒත් ඉතිං දැන් මූට තද වුණා කියලා වැඩක් නෑනෙ.. උං මට අම්බානෙක නෙලුවනේ.


    “මං තොට ඔය ටික කිව්වා.. සුද්ධ සිංහලෙන්ම.. කොහෙද, කෙරුමා වගේ උම තනියෙන්නෙ හැම මගුලෙම යන්නෙ..?”


    “දැන් කෑගැහුවට වැඩක් නෑ බං.. ඒවා පස්සෙ බලාගමු.. හොඳ එකා වගේ මට ඇඳුමක් දීපන්.. දාගෙන ගෙදර යන්න.. නැත්තං ගෙදර ඈයො අහන දේවල් වලට උත්තර දෙන්න ඇඩ්වකේට් කෙනෙක් ගේන්න ඕන..”


    “උ.. උඹ කොහොමද බං බස්සෙකේ ආවෙ..?”


    මෙන්න මේ වෙලාවට තමයි මූට දෙකක් අනින්න හිතෙන්නෙ.. මං මෙහෙ කෙලවිලා ඉන්නවා මූ එනවා බස් එකේ ආපු හැටි අහන්න කතා කරන්න..


    “මේ.. මගෙන් කුණුහබ්බ අහගන්නෙපා බං.. මං කොහොම හරි ආවා.. දෙනව නම් ඉක්මණට ඇඳුමක් දීපන්..”


    මගේ ඇඳුම් ටික උගේ කාමරේතියලා මං ප්‍රශාන්ගෙ ටී ෂර්ට් එකකුයි, ඩෙනිමකුයි දාගත්තා.


    “මාසෙකින් විතර දෙන්නම්..”


    “පල..! පල..!! ගොරකයා.. මොනාද ඩෝ.. එකෙකුට රහිගහල එන්න ඕන.. ෂිකේ.. උඹ මගේ යාලුවෙක් කියලත් කියන්න ලැජ්ජයි..”


    “උඹ මෙතන ඉඳන් කියයි.. උන් කී දෙනෙක්ද බං.. අනිත්තෙක අර බූරුවා මට ගැහුවෙ පස්සෙන් ඇවිත්.. නැත්තං ගේම ඔයිට වඩා වෙනස් වෙනවා ලොක්කා.. බලමු.... බලමු...... එක හීනෙන්ම ඔක්කොම එළි වෙන්නෑනෙ.. මටත් වෙලාවක් එයි..”


    එහෙම කියලා මං ප්‍රශාන්ලගෙ ගෙදරින් එළියට බැස්සා. මට අපේ ගෙදර මිදුලටඑන්න හම්බ වුණේ නෑ.. මිදුලෙ, මල් පැල වගයක් තියන් ඉඳපු අක්කා දඩබඩ ගාලා මං ළඟට ආවා.. ඒ පාර මොකද..?


    “මොකෝ මේ ප්‍රශාන්ගෙ ඇඳුම් ඇඳගෙන..?”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දිහා හොඳට බල බල අක්කා ඇහුවා. ප්‍රශාන්ගෙ ඇඳුමුත් ඉතිං හැම තැනම නෝට්.. ඇයි පටට් ගහනවනේ.. ඒත් අක්කා අරහෙම මගෙන් ඇහුවෙ ගුටිකාපු එක නෝන්ඩි වෙලාද මංදා.

    බලන් ගියාම මගෙත් මොලේ පයිත්තියන්නේ.. අක්කට කොහොමද නෝන්ඩි වෙන්නෙ.. එයා මං ගුටිකාපු තැන හිටියද..? එහෙම හිතුනහම මගේ හිතට යාන්තන් ෆිට් එක්ක ආවා.


    “මායි, ප්‍රශානුයි හැංගි මුත්තං සෙල්ලම් කරා.. උගේ ඇඳුම් මං ඇඳ ගත්තෙ නැත්නම් ඌ මාව අඳුනගන්නවනේ අක්කෙ..”


    මගේ අඤ්ඤකොරොස් කතාවට අපේ අක්කගෙ කට බාගෙට ඇරුණා. මං කිව්වෙ මොකක්ද කියලා එයා දවස් දෙක තුනක් යනකන්වත් කල්පනා කාරාවි. ඒක මට බුදු ෂුවර්.. කට බලිය වගේ කරන් අක්කා ඉන්දෙද්දි මං ගෙට පැන ගත්තා.


    ෂිකේ.. බලන් ගියාම, මාර කෑමක්නේ මං අද කෑවෙ.. කමක් නෑ.. පුරුදු වෙන්න ගුටි කෑවද..? නෑනෙ.. ඒත් ඉතිං හැම එකාගනේම, එන කරදර ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු තරහක්.. අරහෙන් හර්ෂිගෙ බාප්පා.. මෙහෙන් අපේ අම්මා.. ඒ මැද්දෙන් ඩිලාන්ගෙ ගැන්සිය. තවත් මෙහෙම බලන් හිටියොත් නම් අම්බානක කන්න වෙනවා.. මොනව හරි කරපනං.. මගේ හිත මට කිව්වා.


    හවස් වෙද්දි අයියා ගෙදර ආවා.. අයියා එනකොට අම්මයි, අක්කයි සාලෙට වෙලා ටී.වී බල බල හිටියෙ.. මං කාමරේට වෙලා ඇලට් එකක් දාගෙන හිටියෙ.. අයියගෙ කටහඬ ඇහුණහම මං සාලෙට ආවා.


    “අද ලොකූ කලින්ම ඇවිත්..”


    අයියා දිහා බලලා මං කිව්වා.


    “ඇයි කලින් ආවහම අවුලක්ද චූටි..?”


    අයියා එහෙම ඇහුවෙ සැටියෙ වාඩිවෙන ගමන්.. ඒත් අයියගෙ කතාවට උත්තරේ හම්බවුණේ අම්මගෙන්..


    “ඔයවෙන අය වගේ ලොකූ රස්තියාදුවෙ යන්නෑනෙ.. ඒකනේ ලොකූ කලින්ම ගෙදර එන්නෙ..”


    අම්මගෙ කතාවට මං හොල්මන් වෙලා ගියා.. ඈ යකෝ..? ඒ හින්ට් එක අම්මා මටද ගැහුවෙ.. ඒත් ඉතිං කාගෙන් කියලා අහන්නද..? අහක පාවෙන තොප්පි මට අරන් දාගන්න බෑනෙ.. ඕන තරම් දේවල් කියපුවාවේ.. මොකද මගේ පස්ස පැලෙනවද..? අර කතාවක් තියෙන්නෙ, පැමිණි දුක් පැණි රසයි කියලා.. අනේ රෙද්ද..! එහෙම පැණි රහ වෙනවා නම් මං හැමදාම එක එකාගෙ දුක් අල්ලලා බදාගන්නවනේ.. හර්ෂිටත් එන්න කියනවා.. මොකද පැණි රහකන්න එයත් හරි කැමතියිනේ.. අනේ අම්මපා, මගේ ඔලුවෙ බුෂ් ගිහිල්ලද කොහෙද.. නැත්නම් මෙච්චර කෙලවිලා ඉන්දෙද්දි මේ වගේ පිස්සු හිතාවිද..?


    රෑ වුණායින් පස්සෙ මං අයියට කිව්වා, මං නැව් ගාණට කාපු එක ගැන. ඇඟත් රිදෙනවා.. උණ ගන්නද මංදා.. අයියගෙ කටත් බාගෙට ඇරුණා.. ෂිහ්.. යමක් කියද්දි මිනිස්සුන්ගෙ කටවල් බාගෙට ඇරෙන්නෙ ඇයිද මංදා.. මං හිතන්නෙ මොකක් හරි සම්බන්ධයක් ඇති.


    “එතකොට උ.. උං තමුසෙට ගැහුවා..?”


    අයියා මගෙන් අහලා තොල් පෙති දෙක තදකර ගත්තා. ඒ කියන්නෙ පොරට තද වුණා කියනෙක.


    “ඔ.. ඔව් උං මට ගැහුවා..”


    “තමුසෙ බලන් හිටියා..?”


    “නෑ.. මාත් කෙලියා.. ඒත වැඩක් වුණේ නෑ.. මං කෑවා..”


    “ෂිහ්..! කියන කැත විතරක්.. ඇත්තටම මොනවද චූටි.. ඔයා මේ දාගන්න ලෙඩ.. බලනවා අම්මට හෙම ආරංචි වුණොත් නම්.. මේ වෙලා තියෙන දේවල් මදිවට.. ඔයා පැටලෙන්නෙත් මහ කැත කේස් වලටනේ..”


    ඒපාර අයියා කාරයා ධර්මදේශනා කරන්න ගත්තා. තව ටිකක් අහන් හිටියොත් මං මෙතනම රහත් වෙනවා. මටත් ඉතින් කිනං තියෙන කට තියා ගන්න බෑනේ.. මේ යකා අම්මට කියයිද දන්නෙත් නෑ.. හපොයි මාත් දාගන්න ලෙඩ..


    “මේ... මේ..... ලොකූ.. ඔයා අම්මට කියන්න එපා හොඳේ.. ඔයා කැමතිද මං කැත විදියට බැණුම් අහනවට..? නෑනෙ..”


    “ඕන දෙයක් කරගන්නවා.. මට කමක් නෑ.. ඒත් කොල්ලන්ගෙන් ගුටි කන්නෙපා.. මොකද ආයෙ ඔය වගේ දේකට ඔයා පැටලුනොත් මාත් පැටලෙනවා.. මොකද පිනා වගේ තමුසෙ ගුටිකනවා මට බලන් ඉන්න බෑනෙ..”


    ෂිහ්..! අයියකාරයා ඒක කියපු කැ.. අර පිනා වගේ කියන වචනෙ කිව්වෙ මොන තරම් අශික්කිත විදියටද..?


    “ඒක නෙමේ ලොකූ.. තාත්තා ආවම අම්මා අර කලින් වෙච්ච දේවල් කියාවිද..?”


    ඉවසන් ඉන්න බැරි තැන මං කතාවෙ පීල්ල මාරු කරා. ඒත් මං හිතුව තරම් ඉක්මණට අයියා කතා කරේ නෑ.


    “හර්ෂි නංගි ගැන කියාවි කියලා මං හිතන්නෑ චූටි.. ඒත් වැරදිලාවත් අම්මා එයා ගැන තාත්තට කිව්වොත් තාත්තා අහන දේවල් වලට උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න.. මට නම් තේරෙන්නෑ ඔයා මොනවද මේ කරගන්න හදන්නෙ කියලා..”


    අයියා කෙලින්ම මං දිහා බැලුවා.


    “හං මොනවද කරගන්න හදන්නෙ කියලා මටවත් තේරෙන්නෙ නෑ ලොකූ.. ඒත් මං එකක් දන්නවා.. ඒ හර්ෂියි, මායි කවදාවත් පාරාද වෙන්නෑ කියන එක.. වැරදිලාවත් පරාද වුණොත් ඒ එයයි, මමයි දෙන්නම.. එහෙම නැතුව අපි තනියෙන් පරාද වෙන්නෑ..”


    අයියගෙ මූණ බලන් ඉඳ්දිම වෙනස් වෙලා ගියා..


    “ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා චූටි.. ඒත් දැන් ඔයා ඉන්න මානසික තත්වෙ උඩ, ඔයා මගේ ඇඩ්වයිස් මේ කණෙන් අහලා අර කණෙන් එළියට දානවා කියලා මං දන්නවා. ඒ කොහොම වුණත් ඔයාගෙ හැමදේකදිම මං ඔයාගෙ පැත්තෙ ඉන්නවා කියලා මතක තියාගෙන වැඩ කරන්න.. හැමදේම හොඳට ඉවර වේවි.”


    අයියා එහෙම කිව්වම මගේ හිතට ආවෙ මාර ෆිට් එකක්.. ඔන්න ඔහොම වෙනවා නම් මොනවද ලොක්කා කරන්න බැරි.. පණ වුණත් දෙන්නම්කො.


    ____________________________


    හර්ෂි ගැන, හර්ෂීගෙ බාප්පා ඇවිත් අම්මත්තෙක්ක කිව්ව වැරදි දේවල් හරි ගස්වන්න ක්‍රමයක් මට තිබුනෙ නෑ.. ඇත්තටම සාකච්ඡා කරලා ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් තරමෙ හොඳ වාතාවරණයක්, ගෙදර පරිසරයෙ තිබ්බෙත් නෑ.. අම්මලා නිතරම හිටියෙ මගෙත්තෙක්ක කොක්ක ඇඳගන්න බලාගෙන.. හරියට මං මහ ලොකු වැරැද්දක් කරා වගේ. කෙල්ලෙකුට ආදරේ කරපු එ, මහ විශාල වැරැද්දක් විදියට අම්මට පෙනිල තිබුණා. ඒත් මීට හුඟක් කලින් මේ සබ්ජෙක්ට් එක ගැන අම්මා කොයි තරම් සාධාරණව හිතුවද කියන එක මං දැනන් හිටියා. අහසින් කඩන් පාත්වුණා වගේ අපේ ගෙදර සුන්දර පරිසරය ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනගෙ බැල්ම වැටුණහම හැමදේම වෙනස්වෙලා ගියා. ඇල්ෆ්‍රඩ් ගැන මතක් වෙනකොටත් මගේ හිත කේන්තියෙන් පුපුරන්න ගන්නවා. අම්මා වුණත් මගෙත්තෙක්ක, දවසකට වචන දහ පහළොවකට වැඩිය කතා කරේ නෑ.. නිහඬවම ඉඳලා, මගේ හිත කෑලි කෑලි වලට කඩලා රිදෙව්වා.


    “අම්මා..! චූටිව කොතලාවල ඇකඩමි එකට යැව්වා නම් හොඳයි නේද..? ගෙදරට වෙලා නිකන් ඉන්නකොට එයා නාස්ති වෙනවා..”


    තවත් දවසක හැන්දෑවෙ අයියා, අම්මනේ අහනවා මට ඇහුණා. ඒ ප්‍රශ්නෙ අයියගෙ හිතේ කාලෙක ඉඳන් තිබ්බ එකක් විත්තිය මට තේරුණා. ඉස්සරහ කාමරේට වෙලා ඉඳගෙන අම්මා දෙන උත්තරේ මොකක්ද කියලා මං අහගෙන හිටියා.


    “එපා ලොකූ ඕන නෑ..! ගෙදරට වෙලා හිටියා කියලා එයා නාස්ති වෙන්නෙ නෑ.. මං කලිනුත් කිව්වනේ..චූටිව ෆෝසස් වල මොනාටවත් යවන්නෑ කියලා.. එයා ගෙදර ඉඳපුවාවේ..”


    අම්මා එහෙම කිව්වහම මට පුදුමත් හිතුණා. මං හිතන් හිටියෙ මං ගැන හිතන එක අම්මා අතෑරලා කියලා.


    “මේක අහන්න අම්මා.. අම්මා අකමැති නම් චූටි ගෙදර ඉඳපුවාවෙ.. ඒත් මට තවත් කාරණයක් තියෙනවා අම්මගෙන් අහන්න.. මං මේකට හුඟ දවසක් බලන් හිටියා..”


    අයියා එහෙම කිව්වම සාලෙට දුවල පලයන් කියලා මගේ හිත මට කිව්වත් මං එතනින් හෙල්ලුනේ නෑ.. අයියා අහනන් යන්නෙ හර්ෂි ගැනවත්ද කියලා මට නිකමට හිතුණා. මගේ පපුව ගැහෙන ස්පීඩ් එක ඩිංගෙන් ඩිංග වැඩිවෙන්න ගත්තෙ මටත් හොරාම.


    කාමරේ කර්ට්න් එක ළඟට මං තවත් ඩිංගක් ළංවුණා.


    “අම්මා චූටි ගැන මොනවා හිතන් ඉන්නවද කියලා මං දන්නෙ නෑ අම්මා.. ඒත් මගේ හිත කියන්නෙ, අපේ චූටි වැරදි නෑ කියලා අම්මා..”


    අයියා ඒක කිව්වෙ ලොකු දුකකින් වගේ.. ඒ දුක එයා කතා කරපු හැම වචනයකම රැදිලා තිබුණා.


    “මගෙත් එක්ක ඔය ගැන කතා කරන්නෙපා චානක.. චූටි හින්දා මගේ හිත හොඳටම පෑරිලයි තියෙන්නෙ.. මං චූටි ගැන කොයි තරම් බලාපොරොත්තු තියන්ද හිටියෙ..?”


    මගේ හිත ගැස්සිලා ගියා. මට මතක තියෙන කාලෙකින් අයියා අම්මට නම කියලා කතා කරලා තිබුණෙ නෑ..


    “මං.. මං කියන දේ චුට්ටක් අහන්න අම්මා.. ම.. මල්ලිත් හුඟක් හිතේ අමාරුවෙන් ඉන්නෙ.. මේ කොහේවත් යන ප්‍රශ්නයක් බදාගෙන ඇයි අපි දෙපැත්තට වෙලා ඉන්නෙ.. ඉස්සර වගේ අපි සංතෝසෙන් ඉඳිමු අම්මා..”


    පුංචි එකෙක් වගේ අයියා අම්මට එහෙම කියද්දි තවත් දුරට හැඟීම් හංගගෙන කාමරේට වෙලා ඉන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ.. කර්ට්න් එක ඈත් කරගෙන මං සාලෙට ආවා. මාව දැක්ක ගමන් අම්මගෙ මූණ වෙනස් වුණා. ඒ කියන්නෙ අම්මා හිතල නෑ, මං කාමරේ ඉන්නවා කියලා. ඒත් වීරයා වගේ සාලෙට ආවට ඩිංගක් වෙලා යනකන් කතා කරන්න ඕන මොනවද කියලා මගේ ඔලුවට ආවෙ නෑ.


    “මගෙත් එක්ක කතා කරන්නෙ නැත්තෙ ඇයි අම්මෙ.... ම.. මං අම්මට වැරැද්දක් කරේ අම්මෙ....”


    මෙච්චර දවසක් හිත ඇතුළට වෙලා හිත කීරි ගස්සපු ඒ ප්‍රශ්නෙ මං එළියට දැම්මෙ හුඟක් හිතේ අමාරුවෙන්.


    “උඹම ඔය ප්‍රශ්නෙ අහපු එක හුඟාක් හොඳයි චූටි.. උඹ කෙරුවෙ වැරැද්දක්ද, නැද්ද කියනෙක උඹ දන්නවා.. ඔය ගෑණු ළමයත්තෙකක් යාලුවෙන්න කලින් උඹ කොයි තරම් දේවල් හිතන්න ඕනද..? උඹට රස්සාවක් තියෙද..? බැරි වෙලාවත් උම හින්ද ඒ කෙල්ල ගෙයින් එළියට ඇඳලා දැම්මොත් හෙම ඒ කෙල්ල කොහෙටද යන්නෙ..? මෙහේ එක්කන් එන්නද උම හිතන් ඉන්නෙ..? ආ.. ඇරත් ඉතිං මේ වගේ හොඳ තැනක ඉඳලා, ඒ කෙල්ලට පුරුදු නැතුව ඇති. මොකද තැන් තැන් වල හැදිච්ච කෙල්ලන්ගෙන් සීලාචාරකමක් බලාපොරොත්තු වෙන්න බෑනෙ..”


    හීන් හිනාවක් මුව අද්දරට අරගෙන අම්මා කිව්වා. මගේ හිත පිච්චිලා ගියා තත්පරෙන් දෙකෙන්. මං මොනවද දෙයියනේ මේ අහන්නෙ.. අර අහිංසක, දුප්පත් කෙල්ලට මේ තරම් නපුරු විදියට ඇයි අම්මා කතා කරන්නෙ.. එයා අපේ අම්මට මොනවා කරාටද..?


    “හ.. හර්ෂි ගැන ඔහොම කතා කරන්නෙපා අම්මෙ.. එයා පව්.. එයා අහි.....”


    මට එතනින් එහාට කතා කරන්න වුණේ නෑ.. ඉස්තෝප්පුවෙ දිහායින් අඩි සද්දයක් මට ඇහුණා. කරන් ගියපු කතාව, නතර කරපු තැන මතක තියාගනෙ මං ඒ දිහා බැලුවා.


    “ඕ..! අම්මලා පුතාලා බර කතාවක් වගේ..”


    කවුරුත් හිතපු නැති දවසක තාත්තා ගෙදර ඇවිත් හිටියා. ඒත් ඒක මගේ හිතට ගෙනාවෙ ලොකු බරක්. මං ඔලුව උසස්ලා අයියා දිහා බැලුවා. අයියගෙ මූණෙ තිබ්බෙ තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක්..


    “තාත්තා හොඳ වෙලාවට ආවෙ.. ඉතිං දැන් කියවන් ගියා වගේ ඉතිරි ටිකත් කියවපං චූටි..”


    තාත්තා එනව දැකපු ගමන් අම්මගෙ මූණ වෙනස් වුණා. මූණ විතරක් නෙමෙයි අම්මගෙ හැඟීමුත් වෙනස් වුණා වගේ. අම්මගෙ කතාවෙන් මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ කනස්සල්ල, පරාජිත බව නැතිවෙලා ගියා. ඒ වෙනුවට හිත පුරාම වහගත්තෙ පාලනය කරගන්න බැරි ලොකු කේන්තියක මං සලකුණු.


    “මොනවද තව කියන්න තියෙන්නෙ.. අම්මා හැමදේම කියලා ඉවරකරානේ..”


    ඒ කේන්තිය හිතේ තියාගෙනම මං කිව්වා. ඊට පස්සෙයි මං ඉස්සරහ තිබ්බ වේවැල් පුටුව මගේ ලඟට ඇදලා ගත්තෙ.. වෙලා තියෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව තාත්තා අපි හැමෝගෙම මූණු දිහා ටිකක් වෙලා බලන් හිටියා.


    “මොකද මාලතී.. මෙතන වෙලා තියෙන්නෙ..?”


    තාත්තා ඒ පාර කෙලින්ම අම්මගෙන් ඇහුවා.


    “ඒක අහන්න ඕන මගෙන් නෙමෙයි සෑම්.. ඔය ඉස්සරහ ඉන්න බාල පුතණ්ඩියගෙන්..”


    අම්මා මාව පෙන්නලා කිව්වා.. දැන් නම් මේ වෙලා තියෙන හැමදේම තාත්තා එක්ක කියන්නවෙන විත්තිය මට තේරුණා. ඒත් හැමදේම කිව්වයි කියලා මගේ හිතට ගැළපෙන විසඳුමක් මට හබ්ව වේවිද කියන ගැටලුවත් මගේ හිත උඩම තිබුණා. කොහොම වුණත් හොඳට හරි නරකට හරි මේ හම්බවුණු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගනිං කියලා මගේ හිත මටම කිව්වා.


    “ම.. මං කැමති නෑ තාත්තෙ මේ ගැන කතා කරන්නත්.. ඒත් මං නිකම්ම වැරදිකාරයා වෙනවට වැඩිය හොඳයි හැමදේම කතා කරලා ඉවරයක් කරන එක..”


    මං තාත්තා දිහාට හැරිලා කිව්වා. ඒත් මට කියන්න වුණේ ඒ ටික විතරයි. හිතුවෙවත් නැති විදියට අම්මා ආයෙමත් කඩන් පැන්නා.


    “හුහ්..! උඹ එතකොට කරලා තියෙන්නෙ වැරදි දෙයක් නෙමෙයිද..? කොහේවත් යන වල් කෙල්ලෙක් කරේ එල්ල ගත්තා මදිවට, තව උමේ රැස්පටුත් අපි බලන්න ඕනෙද..?”


    අම්මා කතා කරේ හිතක් පපුවක් නැතිව වගේ.. වෙන වෙලාවක නම් තාත්තා කියනවා මාලතී ඕක නවත්තන්න කියලා.. ඒත් මගේ කරුමෙටද කොහෙද ඒක එහෙම වුණේ නෑ.. අම්මට මුකුත් නොකියා තාත්තා ආයෙත් මගේ දිහාට හැරුණා. තාත්තගෙ මූණෙ තිබ්බෙ අඳුරු බවක්.. මං අක්කා දිහා බැලුවා.. එයාගෙ මූණ බයෙන් මිරිකිලා ගිහින්.


    “අම්මා දැන් කිව්ව දේ ඇත්තද චූටි..”


    කවදාවත් නැති විදියට තාත්තගෙ කටහඬ මහ සද්දෙට ඇහුණා. අයියටත් ඒ විත්තිය තේරිලා වගේ මං දිහා බැලුවා. ගෙදර පරිසරය වුණත් හැසිරිල තිබ්බෙ මොකක්දෝ ගැටුමකට අර අදින්න ඕන වගේ.


    “ඔව්.. අම්මා කියපු දේවල් ඇත්ත.. ඒත් අර වල් කෙල්ලෙක් කියලා කියපු වචන දෙක ඇරෙන්න..”


    කොහෙන්දෝ ඉදලා ආපු දහිරියකින් මං කිව්වා.


    “ආ.. ඒක කියපු ලස්සන.. ආයෙ කියපං බලන්න.. උඹ දැන් තාත්තා ඉස්සරහත් කතා කරන්නෙ ඉගෙන ගෙන වගේ නේ..”


    ආයෙමත් අම්මා පැන්නා. මගේ හිතේ තිබ්බෙ ලොකු කේන්තියක්.. මාත් අතෑරියෙ නෑ..


    “අම්මා ආස නම් ආයෙත් කියන්නම්.. අම්මට මේ කොහෙදෝ යන එකෙක් බොරු තොගයක් දෙසලා.. අම්මත් ඒක උලුව උඩින්ම තියාගත්තා. හර්ෂි නරක ළමයෙක් කියලා.. ඉතිං මං පලිද ඒකට..?”


    කවදාවත් නැති විදියට මං අම්මත්තෙක්ක එකට එක කිව්වා.


    “චුටි සද්දෙ වැඩියි..”


    මට ආයෙත් තාත්තගෙ ගෝරණාඩුව ඇහුණා. මං හිතුවෙ තාත්තා එතනින් කතාව නවත්තාවි කියලා.. ඒත්..


    “උඹ තාම ඉන්නෙ අපේ වහල යට.. තාම අපෙන් හැමදේම කරගන්නෙ.. එහෙම තියෙද්දිත් උඹ ඔය කතා කරන විදියද මිනිහො.. මං බොහොම සාධාරණ මිනිහෙක්.. ඒ වගේම හොඳ දේට හොඳින් ඉන්න මිනිහෙක්.. අන්න ඒක මතක තියාගනිං.. වැරැද්ද උඹේ අතේ තියන් මේ ගෙදර අය, උඹේ ගෙම්බර් බලන්න ඕනද..? අනිත්තෙක උඹට ලැජ්ජ නැද්ද මිනිහො හරි හමන් රස්සාවකුත් නැතුව ගෑණු ගන්න යන්න...”


    ඇත්තටම වෙන වෙලාවක නම් මං සද්දෙ වහ ගන්නවා.. ඒත් මේ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අමුතුම ෆිට් එකක්.. ඒක මටවත් තේරුම් ගන්න බැරි ධෛර්යයක්.. හැමෝම කතා කරන්නෙ මට අවාසි වෙන විදියට.. හැමෝම හදන්නෙ මාව කපල දාන්න.. එහෙම නම් ඇයි මං නිකං අතාරින්නෙ.. ගේම ඉවරයක් කරලා දාපං.. කියලා මගේ හිත මට කිව්වා.


    “මං ගෑනු ගන්න ගියේ නෑ.. ඔයාලා අහපු දේට විතරයි මං උත්තර දුන්නෙ..”


    මං ඒ ටික හෙමින් වගේ කිව්වෙ.. ඒත් ඒ වචන වල තිබ්බ මුරණ්ඩු ගතිය දැනිලද කොහෙද අක්කා ගැස්සුණා.


    “අ.. අනේ චූටි මල්ලි මේ රණුඩුවෙන එක නවත්තන්නකො.. තාත්තා හුඟ දවසකින් ඇවිල්ලා ඉන්නෙ.. අනේ හොඳ ළමයා වගේ ඔයා කාමරේට යන්න මල්ලි..”


    අක්කා මගේ ළඟන් ඇවිත් අතින් ඇද්දා.


    “මොකක්ද මිනිහො උඹ කිව්වෙ..? ආයෙ කියපං බලන්න.. මං මේ තරම් මැරෙන්නෙ කවුරු හින්දද..? ඒ උඹලා කියලා දැන දැනත්, උඹලා උඹලගෙ ලෝක වල.. මීට වැඩිය හොඳයි මං යාපනේට වෙලා හිටියා නම්..”


    “මල්ලි කිව්වම අහලා කාමරේට යන්නකො.. තාත්තා කේන්ති ගස්සන්නෙ නැතුව.. දැන් කතා කරපුව හොඳටම ඇති.. අපි හෙමීට මේක විසඳගමු.. තාත්තෙ කියලා කෑ ගහලා ප්‍රශ්න විසඳගන්න බෑනේ..”


    මාව කන්ට්‍රෝල් කරන්න අමාරුයි වගේ තේරුණ හන්දා අයියත් ගේමට ආවා. ඒත් අයියටයි, තාත්තටයි කළින් සුපුරුදු විදියටම අම්මා ආයෙත් මැද්දට පැන්නා.


    “නෑ.. ඔයා පැත්තකට වෙන්න ලොකූ.. කල් දාන්න ඕන නෑ.. මේක අඳම විසඳගමු.. මෙයාට මේ කොහෙදෝ යන කෙල්ලෙක් ලොකු වෙලා, ලොකු මහත් කරපු අම්මටයි, තාත්තටයි වැඩිය.. චූටි.. ඔතනින් වාඩිවෙයන්..”


    කතා කරන ගමන් අම්මා මට අණ දුන්නා. හැමදේම අද ඉවර කරලා දාන්න ඕන හන්දා මං අකමැත්තෙන් වුණත් වේවැල් පුටුවෙ වාඩිවුණා. තත්පරෙන් තත්පරේ කාලෙ ගෙවිලා යද්දි අම්මා හර්ෂි ගැන හැමදේම තාත්තට කිව්වා. ඒත් ඒ හොඳ දේවල් නම් නෙමෙයි.. හර්ෂිගෙ චර්තෙ ඒ තරම් හොඳ නෑ කියලා අම්මා කියද්දි මගේ රතු කට්ට පැන්නා.. ඉවසනවා කියලා මීටත් වැඩිය ඉවසන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ..


    “අම්මා කොහොමද දැන් එයාගෙ චරිතෙ හොඳ නෑ කියලා කියන්නෙ.. අම්මා මැනලා බැලුවද..?”


    මං අම්මගෙන් ඇහුවා. අම්මගෙ මූණ කලුපාට වෙලා ගියේ තත්පරෙන් දෙකෙන්.. ඒත් මං අහපු දේට උත්තරේ හම්බවුනේ අම්මගෙන් නෙමේ තාත්තගෙන්.. ඒ අත දිග ඇරලා මගේ කම්මුල මැදට වැදුන අතුල් පාරකින්.. මුළු මූණම පුපුරු ගහද්දි මං අත් දෙකෙන්ම කම්මුල බදා ගත්තා. පාට පාට තරු පොකුරු ඇස් ඉස්සරහ දඟලද්දි අමු ලේ රහක් මගේ දිවට දැනුණා.


    “ඔය ටික කරගන්න උඹ හුඟාක් උඩ පැන්නා චූටි. මේ කොහේවත් යන පට්ට පඳුරියක් ගැන උඹ අම්මගෙන් ද මිනිහො අහන්නෙ..?”


    තවත් පාරක් ගහන්න වගේ තාත්තා මට ළංවුණා. ඒත් ඉඩ ලැබිච්ච පුංචිම මොහොතෙම අම්මා මාව කවර් කර ගත්තා.


    “අ.. අනේ.. තාත්තා ඇති.. දැන්වත් ඕක නවත්තන්න.. දෙයියනේ.. අපි හැමෝටම මොනවද මේ වෙලා තියෙන්නෙ..?”


    අකක්ගෙ කතාව සත පහකටවත් ගණන් ගන්නැතුව අම්මා ආයෙත් කතාව පටන් ගත්තා.


    “උඹ වීරය වගේ ඇහුවනේ චූටි.. ඒකි නරකයි කියලා මං දන්නෙ කොහොමද කියලා.. ඇයි මිනිහො.. ඒකිගෙම බාප්පා ඇවිත් මගෙත් එක්ක ඒකිගෙ හැටි කියද්දි, මගේ පුතා කොහොම හරි බේරගන්න කියල උඹ තවත් මොනවද මට කියන්නෙ..?”


    අම්මගෙ වචන වලින්, මගේ හිතේ තිබ්බ ගැම්මෙන් බාගයක්ම හේදිලා ගියා. ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන.. එහෙනම් මෙතනත් උඹයි වීරයගෙ චරිතෙ රඟපෑවෙ.. මට රඟන්න දෙයක් උඹ ඉතුරු කරලා නෑ බැල්ලිගෙ පුතෝ.. ආයෙමත් මගේ හිතට කේන්තිය පොකරු පිටින් ගලන් ආවා. ඒ කේන්තිය හිතේ හිර කරගෙනම මං කාමරේට ආවා. මං දැක්කෙ මුලු කාමරේම මාව ගිලින්න බලන් ඉන්නව වගේ.. පොත් මේසෙ බිත්තියට හේත්තු කරලා තිබ්බ ටවල් රැක් එක, පුංචි අල්මාරිය, කාණ්නාඩි මේසෙ, මේව හැම එකක්ම පණ නැති දේවල් වුණත් මගේ හැම දුකක්, සංතෝසයක්ම මං විඳගත්තෙ මේ දේවල් එක්ක. හැමදාම වෙන විදිය අදත් වෙනසක් නැතුව ඒ දේ සිද්ධ වෙලා තිබ්බා.


    පුපුරු ගහන කම්මුල දිහා කණ්නාඩියෙන් මං යන්තමට බැලුවා. තාත්තගෙ දිග ඇගිලි පහම කම්මුලේ තද රතු පාටින් පාර හිටලා තිබුණා. හිතේ තිබ්බ කේන්තිය පුපරලා ගිහින් ගිනියම් වෙච්ච කඳුළු පේලියක් මගේ ඇස්වලින් එළියට ආවා. මට දැනුණෙ මං ගැනම ලොකු අනුකම්පාවක්. ඇයි දෙයියනේ හැමදේම මෙහෙම වෙන්නෙ.. මගෙයි, හර්ෂිගෙයි ලෝකෙට සංතෝසයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද..?


    “මං වැරදියි මාලතී.. මං වැරදියි.. චූටිට මං මතක ඇති කාලෙකින් අත උස්සලා නෑ.. ඔය ප්‍රශ්නෙ ඔයිට වැඩිය හොඳින් අපිට විසඳගන්න තිබුණා. අපි ඉක්මන් වුණා වැඩියි මාලතී.. මෙහෙම ගියොත් අපිට ඉක්මනටම චූටිව නැතිවෙයි කියලා මට හිතෙනවා..”


    සාලෙ පැත්තෙන් තාත්තගෙ කටහඬ ඇහුණා.. මොනව වුණත් තාත්තා ඔය අන්තිමට කිව්ව දේ නම් අනිවාර්යෙන්ම වේවි කියලා මට හිතුණා.


    “ඒ වුණාට සෑම්.. චුටීත් දැනගන්න ඕන අපි එයාට කොයි තරම් ආදරේද කියලා.. චානකයි දේවකියි ඉද්දි චූටිට ඔහොම ඉක්මන් වෙන්න දෙන්න බෑ.. අනිත්තෙක..”


    ඊට පස්සෙ අම්මගෙන් කියවෙච්ච වචන මට ඇහුනෙ නෑ..අම්මා සද්දෙ අඩු කරන් කතා කරා.. අම්මයි, තාත්තයි කරන මේ කතාබහ මට ඩිංගක් හරි වැදගත් වේවි කියලා හිතුණු හන්දා මං දොර ළඟට ආවා. ඒත් මට කිසි දෙයක් ඇහුණෙ නෑ.. ඒ පාර මොකද වුණේ..? හෙමින් සීරුවෙ මං කර්ටන් එක ඈත් කරලා සාලෙ දිහා බැලුවා. කවුරුවත් සාලෙ හිටියෙ නෑ.. ඒත් ආයෙමත් කුටු කුටු ගාන සද්දෙ කුස්සිය පැත්තෙන් ඇහුණා. පන්න පන්න ගිහින් ඒවට ඇහුම්කන් දෙන්න තරම් උනන්දුවක් මගේ හිතට ආවෙ නෑ.. ඒ හින්ද මගේ හිතේ තිබ්බ නොසන්සුන් ගතියක් එක්කම මං ඇඳේ හාන්සි වුණා.



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    හර්ෂිලාගෙ ගේ ගාව වැලි පාර දිගේ යන ගමන් පස්වෙනි පාරටද කොහෙද මං තවත් පාරක් වෙලාව බැලුවා. තවමත් අටට දහයයි. මේ දවස්වල කන පරිප්පුව ල හැටියට හර්ෂීලගෙ ගෙදර යන්න ගිහින් බාප්පගෙ අතටම අහුවුණොත් කරන්න දෙයක් නෑ. මගේ වෙලාව අන්තිම නරකයි. කොස් ගහේ හැප්පිලා දෙල් ගහේ හැපිල, පොල් ගහෙත් හැපිලයි නතර වෙන්නෙ.

    පපුව ගැහෙන ස්පීඩ් එක ඩිංගෙන් ඩිංග වැඩි වෙද්දි මං හර්ෂිලගෙ ගේ ඉස්සරහටම ඇවිත් තිබුණා. එයාලගෙ ගෙදර දොර අඩවල් කරලා තියෙනවා මං දැක්කා. බාප්පයි, මම්මයි තාම ඉස්කෝලෙ ගිහිල්ලා නැද්ද කියන ප්‍රශ්නෙ මගේ ඔලුවට තත්පර ගානකින් ආවා. හර්ෂීව පුදුම කරන්න හිතාගෙන පංඩිතයා වගේ ආවට දැන් සිරා කට්ටක් කන්නයි වෙන්නෙ.. මං ඒ වෙනකොට හර්ෂිලාගෙ මිදුලටම ඇවිත් හිටියෙ. ඕන අලි පපඩමක් දෙකයි පනහයි කියලා යාංතන් අඩවල් කරලා තිබ්බ දොරෙන් මං එබිලා බැලුවා. කිසිම සද්දයක් නෑ.. දොරෙනුත් එබුන එකේ ඉතිං තව මොනවද කියලා මං ගීන් සීරුවෙ සාලෙටත් ආවා. සාලෙ කොණේම තිබුණ පුංචි මේසෙ උඩ තිබ්බ දේ දැකලා මං සීතල වෙලා ගියා. හර්ෂීගෙ මම්මා දාන රතු පාට හෙල්මට් එක. ඒ කියන්නෙ එයා අද ඉස්කෝලෙ ගිහින් නෑ.. ඒ ටික තේරුම් ගන්න මට ගියේ තත්පරයයි. මෙතනින් පුළුවන් තරම් ඉක්මනට පිටවෙයන් කියලා මගේ හිත මට කෑගැහුවා.. ඒත් ඒ වෙනකොට මං හුඟක් ප්‍රමාද වැඩියි කියලා මට තේරුණා.. ඒ හර්ෂීගෙ මම්මගෙ කටහඩ ගෙයි ඉස්සරහ පැත්තෙන් ඇහුණ හින්දා. තව ඩිංගෙන් එයා ඉස්සරහ දොරෙන් ගෙට ඇතුල් වෙනවා. මං තාම සාලෙ. තවත් දෙපාරක් හිතන්න මං වෙලාවක් ගත්තෙ නෑ.. සං සං ගාලා හර්ෂීගෙ කාමරේ ඇතුළට පැන ගන්න මට පුළුවක්ම ලැබුණා. පපුව ගැහෙන්නෙ දෙමෝලෙන් පිටි කොටනවටත් වැඩිය සද්දෙන්.. හර්ෂීගෙ කාමරේ කවුරුවත් හිටියෙ නෑ.. අද හර්ෂි ගෙදර නැතුවවත්ද..? එහෙම හිත හිත හර්ෂීගෙ ඇඳුම් රැක් එක පිටිපස්සට මුවා වෙන ගමන් මං සාලෙ දිහාට ඇහුම්කන් දුන්නා. ඒ වෙනකොට මම්මගෙ කටහඩ සාලෙන් ඇහුණා. ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව මං ගල් ගිලල වගේ හිටියෙ.


    දැන් මගේ පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන තරම්. තව ඩිංගෙන් මං හර්ෂිගෙ මම්මගෙ අතටම මාට්ටු. හොඳ වෙලාවට දෙයියො කොහෙන්දෝ යන ගමන් මං දිහාත් බලලා. එහෙම නැති වුණා නම් මං මේ ඇදගෙන නාන නෑම ඉතිහාසගත වෙනවා.


    “අනේ ඩිංගක් ලේට් වුණා කමනි.. මං හිතුවෙ නෑ ඔයා මේ තරම් ඉක්මනට එයි කියලා.. ම්.. ඔන්න යාන්තම් හරි ආ.. කෝ මේ හෂි..”


    හර්ෂීගෙ මම්මගෙ කටහඬයි.. තව මට හුරු නැති කටහඬවල් කීපෙකුයි සාලෙ පැත්තෙන් ඇහුණා. තත්පර ගාණකින් මං ඉඳපු කාමරේ කර්ටන් එක පැත්තකට ගියා. මගේ පපුව නැවතුණා වගේ. ටවල්රැක් එක අද්දට මං තවත් ගුලි වුණා. ඒත් ඇඳුම් අස්සෙන්, කාමරේට ඇවිල්ලා ඉඳපු කෙනා දැක්කම මගේ බය අඩුවෙලා ගියා. එතන හිටියෙ හර්ෂි.. කාමරේට ඇවිදින් එයා නිදහසේ සිවිලිම දිහා බලන් හිටියා. හර්ෂිට කතා කරන්න මං කට අරිනවත්තෙක්කම ආයෙත් මම්මගෙ කටහඬ ඇහුණා.


    “හෂි.. ඔයාගෙ කණ ඇහෙන්නෙ නැද්ද ළමයො.. මේ දොර වහගන්න..”


    වාඩිවෙලා ඉඳපු තැනින් හෙමීට නැගිටලා.. මූනත් අප්සට් කරන් හර්ෂි කාමරයෙන් පිටවුණා. ඊළඟට මට ඇහුණෙ ඉස්සරහ දොර වහන සද්දෙ.. ඒ කියන්නෙ මම්මලා ගියා කියන එකනේ.. පපුවට ආයෙත් හුස්ම වැටෙද්දි, රැක් එක ගාවින් නැගිටලා මං කාමරේ දොර ගාවට ආවා.. හර්ෂි ආයෙමත් කාමරේට එන සද්දෙ මට ඇහුණා.


    “බු...හ්....”


    “ඊ..හ්..යි..යා..”


    බයවෙච්චි පාරට හර්ෂි කර්ට්න් එකත් කඩාගෙනම බිමට වැටුණා. එයා වැටිච්ච තාලෙට මට බකස් ගාලා හිනා ගියා. ඒ හිනාව නතර වුනේ හර්ෂිගෙ ඇස්වලට උනලා තියෙන කඳුළු දැක්කහම.


    “ඔ..යි..යා..? අනේ මං බයවුණ තරමක්.. කොහොමද දෙයියනේ ඔයා ආවෙ..? මම්මා ගියා විතරයි.. ඊටත් වැඩිය මං තව ටිකෙන් බයවෙලා මැරෙනවා දේව් අයියා..”


    ඇස් දෙකේ පුරව ගත්තු කඳුළු පොදිය එහෙම්ම තියාගෙන හර්ෂි කියවන් ගියා.. මගේ හිතට ආවෙ කියාගන්න බැරි පසුතැවීමක්.. මේ අහිංසක කෙල්ල ඇයි බය කරේ, කියන චෝදනාව මගේ හිත මටම දැම්මා.


    “සොරි වෙන්නෝන හෂි.. ම.. මං හිතලා කරපු දෙයක් නෙමේ..”


    මං කියපු එකට ඒ සුදු මූනෙ කඳුළු අතරින් ලස්සන හිනාවක් ඇඳුණා.


    “ම්.. මාව බය කරලා තව සොරිත් කියනවා නේ.. හරිම නරකයි දේව් අයියා.. ඒත මට පුදුමෙ ඔයා මගේ කාමරේට ආවෙ කොහොමස කියලයි..”


    ඇස් දෙකත් ලොකු කරන් හර්ෂි මගෙන් අහනවා.. තාමත් ඒ මූණෙ තියෙන බය දැක්කහම මගේ හිතට ආවෙ ලොකු දුකක්.


    “හුඟ දවසකින් ඔයාව හම්බවුණේ නැති හන්දයි මං ආවෙ හෂි.. අපි දෙන්නට ඉතිං වෙන හම්බෙවන්න තැනකුත් නෑනෙ.. ඔයාට මැසේජ් එකක්වත් දෙන්න පුළුවන්කම තිබ්බෙ නෑ.. ඉතිං මම්මා අද ඉස්කෝලෙ ගියේ නැද්ද..?”


    අර මුලින් හර්ෂිගෙ මූණෙ තිබ්බ දුක ඩිංගෙන් ඩිංග අඩුවෙනවා මං දැක්කා.


    “නෑ අයියෙ..! එයාට අද වෙඩින් එකක්.. ඉතිං..”


    “ඉතිං තමා.. මං අනූ නවයෙන් බේරුනේ.. මම්ම එළියෙ කතා කරද්දි මං ගේ ඇතුලෙ.. ඊට පස්සෙයි අර ටවල් රැක් එකට මුවා වුණේ..”


    “මං දැක්කෙ නැත්තෙ ඒ හින්ද තමයි.. ඔයා නම් හරිම හොරෙක් දේව් අයියෙ.. ඇයි මට ඒ වෙලාවෙ කතා කරේ නැත්තෙ..?”


    “මං... ඔයාට කතා කරනකොට තමයි මම්මා ඔයාට කතා කෙරුවෙ.. අර මං වැඩ දන්න හන්දා බේරුණා.. වෙන පොරකට නම් අද පොලීසිත් යන්න වෙනවා.. මං ඇවිල්ලා හසී.. ලකී පොරක් හරිද..?”


    පංඩිතයා වගේ මං කිව්ව දෙයින් හර්ෂිගෙ මූණ වෙනස් වුණා.


    “මං හන්දා ඔයාගෙ වාසනාවන්තකමත්, අවාසනාවන්තකම වෙයිද දන්නෑ දේව් අයියෙ..”


    හර්ෂිගෙ මූණෙ තිබ්බෙ අඩන්න ඔන්න මෙන්න ගතියක්. මං හර්ෂි ළඟට ගිහින් එයාව තුරුළු කරගත්තා.


    “පව් කතා කියන්නෙපා හෂි.. එහෙම වෙන්නෑ.. ඔයා හින්දා ලෝකෙ හුඟාක් වාසනාවන්ත වේවි..! ඉතිං ඒක නෙමේ.. කෝ බාප්පා.. ඉස්කෝලෙ ගියාද..?”


    මං කතාව වෙනින් පැත්තකට හැරෙව්වා.. මොකද ඒ සුදු මූණෙ දුකින් පිරිලා තියෙනකො, මගේ ලෝකෙ කඩන් වැටෙනවා කියලා මං දැන්න හිටපු හින්දා..


    “ඔව් අයියෙ..! මම්මා විතරයි වෙඩින් එකට ගියේ.. බාප්පා මගෑරියා..”


    “හ්ම්.. ඒකත් එහෙමද..?”


    “ඇයි දේව් අයියෙ.. ඔයා එහෙම ඇහුවෙ..?”


    “මුකුත් නෑ හෂි.. නිකන් ඇහුවෙ..”


    “නැතිවෙන්න බෑ අයියෙ.. ඔයාගෙ පුංචි වෙනසක් වුණත් මට තේරෙනවා.. ඔයා අද මෙහේ ආවෙත් හදිසියෙන් වගේ.. අනිත්තෙක අයියෙ, ඔයා අද වැරදිලාවත් මම්මට එහෙම අහුවුණා නම් මං මේ ගෙදර ඉඳලත් ඉවරයි..”


    “ආ.. එතකොට මං ආපු එක වැරදියි..?”


    ඒ සුදු මූණ, මගේ මූණ ළඟටම ළංකර ගන්න ගමන් මං ඇහුවා.


    “ඔය බලන්න.. ඔයාට මොනව හරි දෙයක් කිව්වම ඒකත් අනිත් පැත්තට හරව ගන්නවා. මං එහෙම දෙයක්ද රත්තරං ඔයාට කිව්වෙ.. ඔයා ගාව නිතරම ඉන්න තියෙනවා නම් ඒක කොයි තරම් වාසනාවක්ද..?”


    හීනි කෙඳිරිල්ලක් විදියට ඒ කටහඬ ගලාගෙන ගියා. ආදරේ උතුරලා යන ඒ සුදු මුහුණ හීන් සීරුවෙ පිරිමදින් ගමන් මං හර්ෂිව තුරුළු කරගත්තා. හුඟක් වෙලා යනකන් හර්ෂි මගේ පපුවට තුරුළු වෙලා හිටියා.


    “ඉතිං හෂි.. දැන් ගෙදර තත්වෙ කොහොමද..? බාප්පා මොනවද කියන්නෙ..?”


    මෙච්චර වෙලා මගේ මූණ දිහා බලන් ඉඳපු හර්ෂි බිම බලා ගත්තා. එයා ආයෙත් ඔලුව උස්සලා මං දිහා බලනකන් මං ටිකක් වෙලා බලන් හිටියා. ඒත් ඒක එහෙම වුණේ නෑ.. ඒක හන්දා මං හර්ෂීගෙ නිකටෙන් අල්ලලා මගේ දිහාට මූණ හරව ගත්තා.


    “ඇ.. ඇයි හෂි..! බාප්පා ඔයාට බැන්නද..?”


    “ඔ.. ඔව් අයියෙ.. බාප්පා හැමදේම වගේ දැනගෙන.. මම්මත් ටිකක් විතර දන්නවා.. ඒත් මම්ම නම් මුකුත් කිව්වෙ නෑ.. බාප්පා තමයි කියෙව්වෙ.. උඹේ හිතේ තියෙන ඒවා කවදාවත් මං ඉන්නකන් කරන්න දෙන්නෙ නෑ කියලා.. උඹ ඉන්න ඕන මං කියන විදියට කියලා..”


    “ඒක යකාගෙ කතාවක්නේ හෂි.. ඌට තියෙන අයිතිය මොකක්ද එහෙම කියන්න.. අඩුගානෙ ඔයාට කන්න අඳින්නවත් දෙනවා නම් කමක් නෑ..”


    මට මල පැන්නා, එකසිය ගාණට..


    “මාව ගාවලද මිනිහා ඔයාට බැන්නෙ..?”


    “නෑ දේව් අයියා.. ඒකනේ මටත් පුදුමෙ.. බාප්පා ඔයාලහ ගිහින් ඇන්ටිව හම්බවෙලත් හුඟ දවසක් නේ.. ඒත් මට බැන්නෙ ඊයෙ රෑ..”


    “ෂිහ්.. මේක මාර අවුලක් වුණානේ.. කොයි පැත්තකින්වත් අපිට චාන්ස් එකක් නැහැනේ හෂි..”


    ඒ වචන ටික මං එච්චරම හිතලා නෙමේ කිව්වෙ.. ඒත් හර්ෂිගෙ මූණ බලන් ඉද්දිම වෙනස් වෙලා ගියා.


    “ඒ.. ඒ.. කියන්නෙ ඔයාලහත් රණ්ඩුද අයියා..?”


    හර්ෂී මගේ මූන දිහා බලාගෙන ඇහුවා.. ඒත් කියන්න ඕන දේවල් කොහෙන් පටන් ගන්නද කියලා මගේ හිතට තේරුණේ නෑ..


    “අ.. අනේ කියන්න දේව් අයියා.., ඔ.... ඔයාට ගෙදරින් බැන්නද..?”


    අර අඬන ඇස් දෙක මගේ මූණ ළඟටම ලංකරල ආයෙත් හර්ෂි මගෙන් ඇහුවා. දෙයියනේ.. ඒ මූණෙ තිබ්බ අහිංසකකම දැකලා මගේ හිත පිච්චිලා ගියා. මං.. මං කොහොමද මේවා ඔයත්තෙක්ක කියන්නෙ හර්ෂි..


    ඒත් කලින්ටත් වැඩිය ඒ සුදු මූණ දුකෙන් බරවෙද්දි, ලොකු ඇස් දෙකට තව තවත් කඳුලු එක්කහු වෙද්දි ගෙදර වෙච්ච දේවල් හර්ෂිට නොකිය ඉන්න මට බැරි වුණා.. ජීවිතේ හෙම්බත් කරන්න ආපු කටුක ඇත්ත, මං හර්ෂිත් එක්ක කිව්වා. එයාගෙ මූණට ආවෙ කියාගන්න බැරි තරමෙ දුකක්.


    “ඔ.. ඔයාට මේ ඔක්කොම කරදර මං හින්දා නේද අයියෙ..? අනේ.. අනේ..! මේවට මං මොනවද රත්තරං කරන්න ඕන..?”


    මගේ අත් දෙකම එයාගෙ උකුල උඩට අරන් පිරිමදින ගමන් හර්ෂි මගෙන් ඇහුවා.. එයාගෙ කටහඬ සම්පූර්ණයෙන්ම බිඳිලා ගිහින් තිබුණා.


    “නෑ හෂි.. ඔයා එහෙම හිතන්නෙපා.. ප්‍රශ්න එන්නැත්තෙ කාටද නංගි.. අපිට ආපු ඒවත් කෝම හරි විසඳගන්න බලමු.. දැන් කලබල නොවී ඉන්නකො..”


    “එ.. එතකොට දේව් අයියා ඉස්සෙල්ලා කිව්වෙ අපිට මොන පැත්තකින්වත් සහනයක් නෑ කියලා.. අනේ බොරු කියන්නෙපා අයියෙ.. මට තේරෙනවා.. මට තේරෙනවා.. ඔයාගෙ හිත හුඟක් කලකිරිලයි තියෙන්නෙ..”


    “නෑ.. නෑ.. හෂි.. මට ඒක නිකම්ම කියවුණේ... ඒ ගැන වැඩිය හිතන්න එපා..”


    “හ්ම්... හ්ග්..”


    ලොකුම ලොකු හුස්මක් අරගෙන, හර්ෂි ඒක පැත්තකට දැම්මෙ ලෝකෙම එපාවෙලා වගේ.. ඒ මූණෙ තිබ්බෙ හොඳටම අසරණ වෙච්ච ගතියක්.


    “හෂි..”


    “ම්..”


    “මට යන්නත් වෙලාව ඇවිල්ලා නංගි.. ආයෙ කවදද අපි හම්බවෙන්නෙ..?”


    මහා දුකකින් ඒ මූණ අසරණ වෙලා තිබුණත් පුංචි හිනා ඇබිත්තක් එයා මූනට එක්කහු කරගත්තා. ඒ අහිංසක ඇස්වල උතුරන ආදරේ මුළු හිතින්ම විඳගන්න ගමන් මං හර්ෂිව තුරුළු කරගත්තා. හිත පතුලෙන්ම ආපු පූජනීය හැඟීමකින් මගේ හිත වෙව්ලලා යද්දි මං හර්ෂිගෙ නළල ඉඹ ගත්තා.. එතකොටම තමයි ඒ දුක පිරිච්ච ඇස්වලින් උතුරලා ආපු කඳුළක් මගේ අත උඩට වැටුණා.


    “ඇ.. ඇයි හෂි ඔයා අඬන්නෙ..?”


    මං අහපු දේට හරිහමන් උත්තරයක් දෙන්න හර්ෂිට පුළුවන් වුණේ නෑ.


    “මු.. මුකුත් නෑ දේව් අයියෙ..”


    “නැතිවෙන්න බෑ හෂි..! මට කියන්න බැරි දෙයක්ද..? නැත්නම් මට අහන් ඉන්න බැරි දෙයක්ද..? ඉතිං කියන්නකො.. මේ යන්න යන වෙලාවෙ ඔයාගෙ කඳුළු බලලා යන්න මට බෑ..”


    “අපිට ආයෙ ලේසියෙන් හම්බවෙන්න වෙන්නෑ අයියෙ.. ම.. මට හිතෙනවා අපි දෙන්නා තනියෙම හම්බවෙන අන්තිම පාර මේක කියලා.. ම.. මට.. හරි බයක් දැනෙනවා අයියෙ..”


    හර්ෂි කියාගෙන යද්දි මං මගේ අතින් එයාගෙ කට වැහුවා.


    “පව් කතා කියනනෙපා නංගි.. මේක අපි දෙන්නා හම්බවෙන අන්තිම පාර වෙන්නෙ කොහොමද..? අද මේ ආව වගේම මං කොහොම හරි ඔයාව බලන්න එනවා.. ඒක කාටවත් නතර කරන්න බෑ හෂි..”


    කට වැහිලා තිබ්බ මගේ අත අයින් කරලා හර්ෂි බිම බලාගත්තා. එයා කතා කරේ නෑ.. තාමත් ඒ ඇස්වල උනන කඳුළු මං දැක්කා.


    “දෙයියන්ගෙ නාමෙට ඔය අඬන එක නවත්තන්න හෂි.. ඔයා දන්නවනේ මං අකමැතිම දේ ඔයාගෙ කඳුළු දකින එක කියලා.. ඔයා මේ බිත්ති හතරට කොටුවෙලා ඉන්නෙත් දුකෙන්.. දැන් මං ගාව ඉන්දෙද්දිත් අඬනවා.. අනේ හෂි.. දැන්වත් ටිකක් හිනාවෙලා ඉන්න.. මට හිතේ සංතෝසෙන් මෙතනින් යන්න පුළුවන් වෙන්නෙ එතකොට තමයි..”


    “ඔ.. ඔයාට තේරෙන්නෑ දේව් අයියෙ මං කියන දේ.. ඊගාවට එන්නෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙ.. හදිසියකටවත් මට තනියෙම ගෙයින් එළියට බහින්න දෙන එකක් නෑ.. ම.. මං කොහොමද ඔයාව හම්බවෙන්නෙ..? ඔයා කොහොමද මාව බලන්න එන්නෙ..?”


    හර්ෂි ඇහුවෙ උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්නයක්.. ඒත් ඉතිං හැම ප්‍රශ්නෙකටම ගැලපෙන්නෙ නැති හරි විසඳුමක් තියෙනවා කියලා මං දැනන් හිටියා.


    “ඒක ඒ වෙලාවට බලමු හෂි.. ඇයි අපි දැන්මම කලබල වෙන්නෙ..? ඔයා කිව්ව වගේ ආයෙ ඉස්කෝලෙ පටන් ගන්නකන් ඔයාටයි, මටයි හම්බවෙන්න වේනනෑ.. මම්මයි, බාප්පයි ගෙදර ඉන්න හන්ද.. ඒත්.. ඒත් ඔයා නිතරම හිතන්න ඔයා මං ගාව කියලා.. මාත් එහෙමම හිතන්නම්.. අපිට වරදින එකක් නෑ හෂි..”


    “මං ශානි අතේ ඔයාට ලියුම් එවන්නම් අයියෙ.. ඒත් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා හොඳේ..”


    “කෝ ඉතිං.. ඔක්කොම හරි.. තාම හිනාවුණේ නෑනෙ..?”


    “බෑ..”


    බොරු නෝක්කාඩුවක් ඒ සුදු මූණෙ මැද්දෑවට අරන් හර්ෂි කිව්වා.


    “ආ... ඒ කියන්නෙ බෑ..”


    “බෑනෙ..”


    හැම දුකක්ම අමතක කරලා වගේ කටත් ඇද කරන් හර්ෂි උත්තර දෙන තාලෙට මගේ මූණට හිනාවක් ආවෙ මටත් හොරාටම.


    “එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. සොරි තමයි.. මං වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ල ගන්නවා හිනාවක්..”


    “ඉතිං ෂෝයිනේ..”


    “මට නෙමේ බබා.. හිනාවෙන්න බැරි ඔයාට හයි කරන්න..”


    මං එහෙම කිව්වහම හර්ෂිගෙ මූණට ලස්සන හිනාවක් ආවා.


    “ඔය තියෙන්නෙ එළකිරි වගේ.. එහෙනම් පරිස්සමින් ඉන්න හෂි.. ඔයාට බුදුසරණයි නංගි..”


    ආදරේ පිරිච්ච ඇස් දෙකෙන් හර්ෂි මං දිහා බලාගෙන ඉන්දෙද්දි එතනින් මං පිටවුණා. ආපහු ගෙදර ඇවිල්ලත් මගේ හිතේ රැඳිලා තිබ්බෙ හර්ෂීගෙ අහිංසක රූපෙ විතරයි.. කවද හරි අන්තිමට මට ඉතුරු වෙන්නෙත් එච්චර තමයි කියලා මගේ හිතේ මට කිව්වා. ඒත් ඉතිං පිනා වගේ මෙහෙම ඉන්න ගියොත් නැව් ගානට ගෙදරින් කන්න වෙන එක නම් බුදු ෂුවර්.. පුළුවන් තරම් ඉක්මනට ජොබක් හොයාගත්තෙ නැත්තං මං චක බ්ලාස්..! ඕන මල ඉලව්වක් වෙන්න කියලා කොතලාවල ඇකඩමි එකට දාන්න ඕන කියන සිතුවිල්ල මගේ හිතට ආවෙ ඉබේටම වගේ. ආයෙත් ඒක වෙනස් කරන්න කලින් මං සාලෙ ස්ටූල් එක යට තිබ්බ පරණ පත්තර තොගේ අවුස්සන්න ගත්තා. අප්ලිකේෂන් එක තිබ්බෙ දිවයින පත්තරේකද කොහෙද..? ෂිකේ.. මට ඒකවත් මතක නෑනෙ.. දැන් ඉරාගෙන හැම පත්තරේම හොයපන්කො..


    “අඩ්ඩේ.. ලොක්කා.. මොනවද බරටම හොයන්නෙ..?”


    ප්‍රශාන්..! අඩුවෙලා තිබ්බෙ ඔච්චරයි.. මූටත් ඕන්නැති කෙං ගෙඩියක් නෑනෙ... කමක් නෑ.. ඔන්න ඔහේ තව ටිකක් කතා කරපුවාවේ.. කට රිදිලා නවතීවිනේ.


    “උඹට පිස්සු හැදිලද..? හැදීගෙන එනවද..? මොනාද බං හොයන්නෙ..?”


    “මගේ බුරිය නැතිවෙලා බං.. මං මේ ඊයෙ ඉඳන් හොයනවා..”


    මං එහෙම කිව්වම උගේ කට කජු ලෙල්ල වගේ වුණා.. හොඳ වැඩේ ගල් ආඳට.. ඒත් ඉතිං කොහෙද, ඌව කපන්නෙ.. ඌ මටත් වැඩිය අපතයනේ..


    “උඹට බුරියක් තිබ්බද බං..?”


    ඌ ඒක ඇහුවෙ මාව දෙකේ කොලේටම දාලා.. ෂිහ්.. මාත් ඇඳගෙනනේ නාන්නෙ.. මෙච්චර ෂවර් දාලා තියෙද්දිත්..


    “කලින් තිබ්බා.. දැන් තමයි නැත්තෙ.. දැන ගනිං අඩෝ..! වෙල් කක්කුට්ටො..! මං හොයන්නෙ කොතලාවල ඇකඩමි එකේ ඇප්ලිකේෂන් එක.. ඒක හොයාගෙන දියතලාවෙ ගිහින් ට්‍රේනිං වෙලා ඇවිත් මං ඉස්සෙල්ලාම කණේ පාර දෙන්නෙ උඹට..”


    “හැබෑටම..? එහෙනම් උඹට තව අවුරුද්දක් බලන් ඉන්න වෙයි.. රේදයින් ඒක ඉවර වුණානේ බං.. හුහ්.. හුහ්.. හූ.. හ්...”


    ඌ උඩ පැන පැන හිනාවෙනවා.. ෂීකේ.. මටමයි වෙන්නෙ.. අපි ගහකට නැග්ගොත් ඒකෙ දිමි ගොට්ටක්.. ඔක්කොමත්හරි.. ඕන දෙයක් ඉවසා දරාගන්න පුළුවන්.. ඒත් මුගේ මේ කැත හිනාව ඉවසනව කියනෙක නම් වහ කනව වගේ වැඩක් තමයි. අනිත්තෙක මූ හිනාවෙනවද.. අඬනවද කියලා හොයාගන්නත් අමාරුයි.. ඒ තරම් කැත විදියට මු හිනාවෙන්නෙ..


    කෝම හරි ටිකකින් ඌ සයිලන්ස් වුණා.. ඒ සයිලන්ස් එකේම මං දිහා බලාගෙන ඌ කම්මුලක අතකුත් ගහගත්තා.. ඒ පාර මූට මොකද වෙලා තියෙන්නෙ..?


    කම්මුලේ අත තියාගෙන ඌ සිරාවටම කල්පනා කරනවා.


    “මොකෝ බං..?”


    බලන් ඉඳලා බැරිම තැන මං ඇහුවා.


    “මං මේ කල්පනා කරේ, උඹ ගැන මචං.. කොහොම කන්න හිටිය කොල්ලෙක්ද අප්පා අද මේ අනාථ වෙලා ඉන්නනෙ.. මට මාර දුකයි මචං.. වෙලාවකට මට ඇඬෙනවා බං..”


    මූ කියන ඒවට, වෙන එකෙක්ගෙ නම් මං මෙලහකට බෙල්ල මිරිකලා. ඇට්ටි හැලෙන්න කෙලවලා ඉන්දෙද්දි ඉවසන් ඉන්න පුළුවන් කතාද මූ කියන්නෙ.. එහෙන් කොතලාවල ඇකඩමි එකේ වැඩත් කෙළවුණා.


    “උඹේ අඳෝනාව නවත්ත ගනිං යකෝ.. මට මේ ලෝකෙ එපාවෙලා ඉන්නෙ..”


    “හරි.. හරි.. උඹට මොනවද වෙලා තියෙන්නෙ..?”


    “ඩිංගක් හෙමීට කතා කරපන් බූරුවො.. අම්මත් ගෙරද ඉන්නවා.. දැන් මගෙත්තෙක්ක අම්බානක ඔරොප්පු වෙලා ඉන්නෙ..”


    “ඕවා ඇරිලා යයි බං..”


    ඔව් ඉතිං මූට නම් කියන්න බැරියෑ.. ගෙදර ඉඳන් කන කට්ට ගැන මමනේ දන්නෙ.


    “ඒක නෙමේ.. දැන් කෝමද ඩිලාන් බ්‍රදර් එහෙම..?”


    මං කතාව මාරු කරා.. එදා වලියෙන් පස්සෙ ඌ ගැන ආරංචියක්වත් නැති හන්දයි මං එහෙම ඇහුවෙ. කොයි වෙලාවෙ හරි මට ඕන තැනකදි ඌව හම්බවේවි කියලා මගේ හිත මට කිව්වා. අන්න එතකොට තමයි ගේම. මොන දෙයියන්නාන්සෙ හිටියත් මං උගේ අංඩක් හරි කඩනවා.


    “සති දෙක තුනකින් විතර මාත් දැක්කෙ නෑ බං.. මට හිතෙන්නෙ පොර කොහේ හරි ගිහිල්ලා...”


    “මං හර්ෂීගෙනුත් ඇහුවා එහේ ආවද කියලා.. එහෙත් ආවෙ නෑල්ලු බං..”


    “ඒක තමයි බං මාත් කිව්වෙ.. මොන ගේමක් දෙන්න හිතාගෙන අන්තරස්දාන වෙලාද මංදා.. ඕකුං සෙට් එක සද්ද නැතුව ඉන්නෙ නම් හොඳකට නෙමෙයි දේව්..”


    “මොනා වුණත් මට අවුලක් නෑ ලොක්කා.. වලි නම් වලි.. උං එක්ක ෂේප් එකක් මං ළඟ නෑ..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ඔව්.. කාපං.. කලිනුත් කෑවනේ.. අම්බානකට කාපං.. හප්පොච්චියේ දෙයියො මං දිහා බලලා තියෙනවා.. මංනේ යකෝ හර්ෂිත් එක්ක සෙට් වෙන්න ගියේ.. එහෙම වුණා නම් ඔය ඔක්කොම මස්ත බාල්දු කඩන් වැටෙන්නෙ මගෙ ඔලුවටනේ.. මොනව නැතත් මගේ උපන් වෙලාව හොඳයි.. උඹට වැඩිය.. නැද්ද..?”

    මූට මතක් වෙන්නෙම මේ වගේ මැංටල් අදහස් තමයි.. ෂිහ්..! මං මූත් එක්කනේ මේ වගේ වැදගත් දේවල් කතා කරන්නෙ..


    “හර්ෂි වගේ සිරා කෑල්ලක් දාගෙන කොයි තරම් දුක් වින්දත් අවුලක් නෑ ඩෝ.. බලන් ගියාම උඹ මහ බය ගුල්ලෙක්නේ..”


    “මං බය එක පැත්තකින් තියපංකො.. ඒ බං.. අපි ගුටි කනකොට ඔය සිරා කෑලි එකක්වත් අපි ළඟ නෑනෙ ඩෝ.. බේත් තෙල් ටිකක්වත් ගාගන්න.. ඒකටත් යන්න ඕන කැඩුම් බිඳුම් වෙදෙක් ගාවට.. අනිත්තෙක බං.. කෙල්ලෙක් හින්දා කොල්ලො තරහ කරගන්නෙක නම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ..”


    “උඹ කතා කරන්නෙ මං වැරදිකාරය වගේනේ බං.. ඇයි හරකො උං ගැන්සියනේ මුලින් මගෙත් එක්ක වලියට ආවෙ. උංට ලැජ්ජ් නැද්ද බං ලව් එෆෙයාර් එකකට අතදාලා නෝන්ඩි වෙන්න..”


    “නෝනිඩි වෙලා වැඩි වෙලාම උං දැන් නෝන්ඩිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ දේව්..”


    එමෙම කියලා ප්‍රශාන් නැගිට්ටා.


    “උඹ ඔය යන්නද නැගිට්ටෙ..?”


    “ඇයි එපාද..?”


    “ඉඳපං ප්ලේන්ටියක්වත් ගහලා යන්න..”


    “කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අවුලක් නෑ.. මොකද මට කුණුවෙන්න බඩගිනියි..”


    “මගේ බත් එක ඇති.. ප්ලේන්ටිය කාලා බත් බොමු මචං..”


    “ඒකත් හරි.. ඒත් මෙච්චර දවල් වෙනකන් උඹ අද කොහෙද වල බැස්සෙ..”


    “මහා ධාරානිපාත වලක බැස්සා බං..”


    ටිකකින් මගේ බත් එකෙනුත් තුන් කාලකට විතර වැඩේ දීලා ඌ යන්න ගියා. ඌ ගියාම මගේ හිතට දැනුණෙ ලොකු පාලුවක්.


    තාත්තා උදේම ඩියුටි රිපෝට් කරන්න කොළඹ ගිහින් තිබුණා. පුරුදු විදියටම අම්මා මගෙත් එක්ක කතා බහ කරේ නෑ. ඒ කොහොම වුණත් තාත්තගෙන් වැදිච්ච කම්මුල් පාර නම් මගේ හිතේ ගැඹුරටම තැන්පත්වෙලා තිබුණා. අයියයි, අක්කයි මුළු රෑම මං ගාව ඉඳගෙන මගේ හිත හඳන්න හැදුවත්, මට මගේ හිත හදාගන්න බැරිවුණා. මේ හැම දුක් කරදරයක්ම අවසානයෙදි, හර්ෂි විතරක් මගේ ළඟ ඉතිරි වේවි කියන හැඟීම විතරක් මගේ හිතේ ඉතුරුවෙලා තිබුණා. ඒත්.. මං ඒ ගැන අයියටයි, අක්කටයි කියන්න ගියේ නෑ.. ජීවිතේ හැම දෙයක් ගැනම සංතෝසෙන්, හිනාවෙන් හිතාගෙන ඉඳපු මට අද වෙලා තියෙන්නෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරිවෙලා තිබුණා. හර්ෂීගෙ පැත්තෙනුත්, මගේ පැත්තෙනුත්, ඩිලාන්ගෙ පැත්තෙනුත් මේ තරම් බාධක කම්කටොලු එන්නෙ කොහොමද කියලාවත් මට හිතාගන්න බැරිවෙලා තිබුණා. ඒත් මේ හැමදේම හර්ෂිව මගේ ළඟට ගත්තයින් පස්සෙ ඉවර වෙලා යාවි කියනෙක මං විශ්වාස කරා.. ඒ දේ මං විශ්වාස කරා වගේම, ඒක මගේ අන්තිම බලාපොරොත්තුවත් වුණා. කවදාවත් බුදුන් නොවැන්ද මං මුළු හිතින්ම ප්‍රාර්ථනා කෙරුවෙත් ඒ දේ විතරයි. ඒත්.. ඒත්.. බුදුන් තියා තිස්තුන් කෝටියක් ඉන්න දෙවි දේවතාවුන්ගෙන් කිසිම කෙනෙක් මගේ අහිංසක බලාපොරොත්තුව දිහා බලලා තිබුණෙ නෑ..


    ____________________________________


    පහුවෙනිදා උදේ පාන්දරම මං නැගිටිනකොට මෙන්න ප්‍රශාන් මගේ ඇඳ ගාව. මූ හීනයක්වත් දැකල බයවෙලාද මංදා.


    “මොකෝ බං.. මට නිදහසේ නිදාගන්නවත් දෙන්නෙ නැද්ද..?”


    “නිදාගන්න නෙමේ බං.. මට පුංචි උදව්වක් කරපං..”


    ඇස් දෙකත් අතින් පොඩි කර කර මං ඌ දිහා බැලුවා. බෙල්ල ගහලා යන උදව්නේ මූ ඉල්ලන්නෙ.. මේකත් ඒ වගේ එකක්ද දන්නෑ..


    “ගෙදරින් පිට යන එකක් නම් කතා කරන්නෙපා.. ඊයෙත් මට ගෙදරින් බර බරේ.. දැන් අදත් යන්න ගියොත් මට වීසා කැන්සල් වෙන එක බුදු ෂුවර්..”


    “හරි උඹට බැරිද..?”


    තොල් දෙකත් තද කරන් ඌ ඇහුවා.. ඒ කියන්නෙ මූට තදවුණා.. මොනව කරන්නද..? යාලුවෙකුට කියලා ඉන්නෙත් මූ විතරනේ..


    “බැරි නෑ පුළුවන්.. මොකක්ද වැඩේ..?”


    “මේකයි මචං.. පැය බාගයක් යයි ඕන්නං වැඩේට.. මං අද නිශානිට කොලෙජ් ලේන් එකට එන්න කිව්වා. කරුමෙ කියන්නෙ බං අපේ තාත්තත් එක්ක මට ගාලු යන්න වෙලා.. පැය දෙක තුනකට මට හෙල්ලෙන්න වෙන්නෑ.. උඹ නිශානිව හම්බවෙලා කියපං මට එන්න වෙන්නෑ කියලා.. මං පුළුවන් වුණොත් කවුරු හරි මාට්ටු කරලා එන්න බලන්නම්.. එහෙනම් හරිනේ මචං..”


    ඌ මගේ දිහාට දකුණු අත දික් කරා.. මැරෙන්නද..?


    “ෆිට් තමයි..”


    මං උගේ අතචින් අල්ල ගත්තා.. උගේ මූණට ආවෙ සිරා හිනාවක්.. පැණි බේරෙනවා. ඔහොම ඉන්නවා නම් පණ වුනත් දෙන්නම්කො කොල්ලා..


    ______________________________


    බාගෙට කැඩිලා තිබ්බ තාප්පෙන් පැනලා මං කොලෙජ් ලේන් එකට ඇතුල් වුණා. ඇස් දෙකම කරකවලා මං වටපිටාව බැලුවත් නිශානිගෙ කෑල්ලක්වත් මං දැක්කෙ නෑ.. සිරාවටම ප්‍රේම කරන කපල් තුන හතරක් අහුමුළුවලට වෙලා හිටියා. දැන් නිශානි එනකල් මෙතන ඉඳගෙන කට්ට කාපංකො.


    තවත් ටික වෙලාවක් යද්දි, මං කොලෙජ් ලේන් එකේ තිබ්බ පරණ හට් එක දිහාට ඇවිදන් ආවා. එක තැන ඉන්නත් බෑනෙ.. ඒත් එකපාරටම මගේ ඇස් දැක්ක දේ මට අදහගන්නත් බැරි වුණා. පරණ හට් එක ගාව හිටියෙ හර්ෂි. ඒත් හර්ෂිට ඩිංගක් එහායින් හිටපු එකා දැක්කහම මාව සීතල වෙලා ගියා. ඩිලාන් බ්‍රදර් දෙයියනේ.. ඌ කොහොමද හර්ෂි ළඟට ආවෙ..?


    මෙච්චර කාලයක් හිතේ දියවෙලා තිබ්බ ආත්ම විශ්වාසෙ ඩිංගෙන් ඩිංග දියවෙලා යද්දි මං කැඩිච්ච තාප්පෙට හේත්තු වුණා. දෙයියනේ මෙතන මොනවද වෙන්නෙ.. අවුරුදු ගාණක් තිස්සෙ මං හදපු හීන මාළිගාව එකම එක තත්පරේකදි වැටෙන හැටි මං බලන් හිටියෙ අවසිහියෙන් වගේ. ඒත් මෙතන සිද්ධ වෙන ජවනිකාවෙ තවත් චරිත තියෙනවා කියලා මං දැක්කෙ ඊටත් පස්සෙ.. පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙද්දි මං තව තවත් තාප්පෙ පැත්තට නැමුණා. තව ඩිංගක් හරි එයාලා ඉන්න පැත්තට යන්න පුළුවන්කම තිබ්බා නම් හොඳයි කියලා හිතුණත් එහෙම යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද හර්ෂීගෙ බාප්පා, ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනගෙ මෝටර් බයික් එකේ තමයි දෙන්නා එන්න ඇත්තෙ කියලා මට හිතෙද්දි මගේ පපුව පිච්චිලා වගේ ගියා. හීනෙකින්වත් හිතපු නැති විදියට, මගේ පුංචි ලෝකෙ කුමාරිකාව ඩිලාන් ළඟට වෙලා බිම බලාගෙන හිටියා. මගේ පණටත් වැඩියෙන් ආදරේ කරපු මට මේ දීපු තෑග්ග, මට හොඳටම වැඩියි හර්ෂි.. ඉස්සර ඩිලාන්ව පේන්නවත් බැරුව ඉඳපු ඔයා අද කොහොමද ඩිලාන්ට මේ තරම් ළංවෙලා ඉන්නෙ..?


    “දේව්..”


    මගේ පස්සෙන් ඇහුණ ඒ කටහඬින් මං ගැස්සුණා. නිශානි..! ඇස් දෙක ඉස්සරහ තියෙන, මගේ අත් හැරිලා ගියපු ජීවිතේ දිහා බලන් ඉඳපු මට, ඒකිව අමතක වෙලා තිබුණා.


    “දෙ... දෙයියනේ.. අ.. අර මොකද දේව්.. ඒ.. ඒ.. හර්ෂි නංගි නේද..?”


    ඇස්වලින් බේරිලා ආපු කඳුළක ලුණු රසය මගේ දිවට දැනෙද්දි මං නිශානි දිහා බැලුවා.


    “ඔ.. ඔයා අඬනවා දේව්.. මෙ.. මෙතන මොකක්ද මේ වෙලා තියෙන්නෙ..? මට හිතා ගන්නවත් බෑ..! ක.. කවුද අර අතන හර්ෂිත් එකක් ඉන්නෙ..?”


    ප්‍රශ්න පත්තරයක්ම නිශානි මගෙන් අහගෙන අහගෙන ගියා. ඒත් ඒවට උත්තර දෙන හැටියක් මගේ සිහියෙ තිබුණෙ නෑ.


    “මං දන්නෑ.. මං දන්නෑ.. මගෙන් ඕව අහන්නත් එපා නිශානි.. මාත් දැනුයි ආවෙ.. ප්‍රශාන්ට අද එන්න වෙන්්නෑ කියන පණිවිඩේ කියන්න.. ඒත්.. ඒත්.. මං මොනවද මගේ ඇස් දෙකෙන් මේ දකින්නෙ.. අනේ... අනේ.. නිශානි.. මං මේ මොනවද දකින්නෙ..?”


    හිත කඩාගෙන වැටෙද්දි මං නිශානිගෙ අත් දෙකත් අල්ල ගත්තා. එයාගෙ මූණෙ තිබ්බෙ ලොකු දුකක්.. මගේ ඇස් දෙකේම කඳුළු පිරිලා හන්දා වටේ තිබ්බ දේවලුත් මං දැක්කෙ බොඳ වෙලා වගේ.


    “ආ... ඉලන්දාරියා.. ජීවිතේ සුන්දරද මෙතරම්, නේ...?”


    ඒ ගොරෝසු සද්දෙ ආවෙ මායි, නිශානියි පිටිපස්සෙන් වගේ. අපි දෙන්නම හැරිලා බැලුවෙ එක තත්පරේදි. දෙයියනේ ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන.. මූ කොහොමද මෙතනට ආවෙ..?


    “බෝම හොඳයි.. බෝම හොඳයි.. අරහෙත් ලව්.. මෙතනත් ලව්.. ඕම දිගටම කරගෙන යමුකො.. මටත් කරදරයක් නෑ..”


    ඩිලානුයි, හර්ෂියි ඉන්න පැත්ත බලලා ඇල්ෆ්‍රඩ් මට කිව්වා. ඒ රතු පාට වෙච්චි ඇස් මඟ ඇරලා මං හර්ෂි දිහා බැලුවා. එයා හිටියෙ අපි ඉන්න දිහාම බලාගෙන. එයා කලබල වෙනවා මං දැක්කා.


    “අරහෙ ලව් උනාට මෙතන නම් ලව් එකක් නෑ.. මේ මගේ යාළුවෙක්..”


    මං හිටියෙ කතා කරගන්නවත් බැරි තරමෙ හෙම්බත් වෙලා.. ඒ විත්තිය තේරුම් අරගෙන නිශානි කතාව මැද්දට පැන්නා.


    “ආ.. ඒක හින්දද මේ දරුවා, කොල්ලෙකුගෙ අතිනුත් අල්ලගෙන කොලෙජ් ලේන් එකට ඇවිල්ලා ඉන්නෙ..?”


    හැරෙන තැපෑලෙන් ඇල්ෆ්‍රඩ් එහෙම අහපුවාම මං ගැස්සිලා ගියා. ඒ වෙනකොටත් මං හිටියෙ නිශානිගෙ අතින් අල්ලගෙන. මං ඉක්මණට ඒ අත අතෑරලා දැම්මා. ඒක දැකපු ඇල්ෆ්‍රඩ්ගෙ මූණට ආවෙ ලොකු හිනාවක්.


    “දේ.. දේව් අයියා.. මාව බේරගන්න අයියෙ..”


    ටිකකින් හර්ෂිගෙ කටහඬ මට ඇහුණා.. ඒත් ඒ දිහා බලද්දි ඩිලාන්, හර්ෂීගෙ අත් දෙකෙන්ම අල්ලගෙන හිරකරන් ඉන්නවා මං දැක්කා. එයාව බේරගන්න හිතාගෙන මං ඒ දිහාට දුවගෙන වගේ ගියා.. ඒත්.. මං පිටිපස්සෙන් ආපු ඇල්ෆ්‍රඩ්ගෙ ශක්තිමත් අත්වලට මං හිරවුණා.


    “ඇති.. තමුසෙට එතෙන්ට යන්න ඕන නෑ.. ඉලන්දාරියා.. උඹ ගැන හැම දෙයක්ම මං හොඳට දැනගෙන ඉවරයි.. කිරිල්ලියො දෙන්න දෙන්න එක්ක සෙල්ලම් දාන උඹ වගේ අවලම් කුරුල්ලෙක් මට ඕන නෑ මිනිහො..”


    “නෑ.. නෑ.. ඔහේට වැරදීමක් වෙලා.. මේ මගේ ගර්ල් නෙමේ..”


    හිත ඇතුළෙ තිබ්බ දහිරියෙ අන්තිම බිංදුවත් එළියට දාලා මං කෑගැහුවා. ඒත් ඒකෙන් ඇල්ෆ්‍රඩ්ගෙ කෙන්න්තිය තවත් වැඩිවුණා.


    “මට බණ විතරක් දෙසන්න හදන්නෙපා හරී.. මෙයා උඹේ කෙල්ල නොවුණට අනත ඉන්නෙ ඩිලාන්ගෙ කෙල්ල.. අන්න ඒක හොඳට මතක තියාගනිං..”


    හර්ෂි ඉන්න දිහාවට ඇඟල්ල දික් කරලා ඇල්ෆ්‍රඩ් කියවන් ගියා..


    “ඒක බොරු.. ඒක බොරු.. තමුසෙ කියන්නෙ ලොකු බොරුවක් මිනිහො.. තමුසෙ හිතන තරම් ලේසියෙන් මාව තම්බන්න බෑ..”


    ඇල්ෆ්‍රඩ්ගෙ අත ගස්සලා දාලා මං කෑගැහුවා.. ඒ එක්කමයි හර්ෂි ආයෙත් කෑගැහනවා මට ඇහුණෙ..


    “අ.. අනේ.. දේව් අයියෙ.. මාව බේරගන්න අයියෙ.. මං මාව රැවැට්ටුවා.. අනේ..”


    හර්ෂි කෑගහන සද්දෙට මුළු කොලේජ් ලේන් එකම දෙදරලා ගියා.


    “හර්ෂණි කට වහගෙන බයික් එකට නැගපං.. කියන දේ ඇහුවෙ නැත්තං මං උඹව මෙතනම මරනවා.. පට්ට බැල්ලි..”


    යක්ෂයෙක් වගේ කෑ ගහන ඇල්ෆ්‍රඩ්, මෝටර් බයිසිකලේ දිහාට දුවගෙන ගියා. මමත් ඇල්ෆ්‍රඩ්ගෙ පිටිපස්සෙන් දුවගෙන යන්න හැදුවත්, නිශානි මාව ඇඳලා නතර කරගත්තා. එයා හොඳටම බයවෙලා කියනෙක නිශානිගෙ මූණෙන් මං හොඳට දැක්කා. මුළු කොලෙජ් ලේන් එකම අන්දමන්ද වෙලා වගේ තිබුණා. අපි වටේ ඉඳපු පෙම්වතුන් ටික දෙනත් හීන් සීරුවෙ මාරුවෙලා ගිහින් තිබුණා. මීටර් සීයක් විතර ඉස්සරහ හර්ෂි අතරමං වෙලා ඉද්දි තවත් බලාගෙන ඉන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ.. මං නිශානිගෙ අත ගස්සලා දාලා ඒ දිහාට දුවගෙන ගියා.


    “හර්ෂිට මොනා හරි කරලා තිබුණොත් මං උඹව මරනවා ඇල්ෆ්‍රඩ්..”


    ඇල්ෆ්‍රඩ්ගෙ මූණටම එබිලා අත් දෙකත් ගුලි කරන් මං කිව්වා. උගේ මූණ කලුවෙලා යනහැටි මං හොඳටම දැක්කා.. කඳුළු පේලි දොරෙ ගලන් ගියපු හර්ෂිගෙ මූණ දැක්කහම මට හැමදේම අමතක වෙලා ගියා.


    “අ.. අනේ මාව බේරගන්න දේව් අයියා...”


    මුං දෙන්නට පේන්නැති වෙන්න කොහේ හරි තැනකට හර්ෂිවත් ඇදගෙන දුවල යන්න මට ඊගාවට හිතුණා. ඒත් මට ඒක කරන්න බැරි වුණා. හර්ෂීගෙයි, මගෙයි අතරින් මහාමේරු පර්වතය වගේ දැවැන්ත බාධකයක් වෙච්ච ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධන හිටගෙන හිටියා.


    “කට වහපං පරට්ටියෙ.. උඹ ඉන්න ඕනෙ මං කියන විදියට. මේ බල්ලා කියන විදියට නෙමෙයි.. නැගපං බයික් එකට.. තෝව අද හම ගහනවා මං.. යමංකො ගෙදර.. පට්ට බැල්ලි..”


    ඇල්ෆ්‍රඩ් මෝටර් බයික් එක ස්ටාර්ට් කරලා, මිනිහට පිටිපස්සෙන් හර්ෂිවත්, හර්ෂිට පිටිපස්සෙන් ඩිලාන්වත් නග්ග ගත්තා. ඩිලාන්ගෙ මූණෙ තිබ්බෙ මහ බලු හිනාවක්.. බයික් එක රේස් වෙලා ඉස්සරහට යනවත්තෙක්කම මං ඒ ඉස්සරහට දුවලා ගියා.


    “ඇයි..?”


    ඇග්ෆ්‍රඩ්ගෙ ගෙරෝසු සද්දෙ, බයික් එකේ සද්දෙටත් වැඩිය හයියෙන් මට ඇහුණා.


    “හ.. හර්ෂිට ගහන්නෙපා.. මං ඕන දෙයක් කරන්නම්..”


    ජීවිතේ කිසිම දවසක මිනිහෙක් ඉස්සරහ බැගෑපත් නොවුණු විදියට මං ඌ ඉස්සරහ බැගෑපත් වුණා. ඒත් උගේ මූණෙ තිබ්බෙ කැත හිනාවක්. ඒ කියන්නෙ ඌ මං කිව්ව දේ තඹේකටවත් මායිම් කරලා නෑ කියනෙක. හීන් සැරේ ඉකිගහන හර්ෂීගෙ හඬ අස්සෙන් ආයෙමත් ඇල්ෆ්‍රඩ්ගෙ ගොරෝසු කටහඬ ඇහුණා.


    “උඹේ.. අර කලින් තිබ්බ ගණන්කාරකම පුදුම විදියට අඩුවෙලානේ.. බලාගෙන ඉඳපං.. ඉතුරු ටිකත් බහීවි.. හර්ෂිට ගහනවද..... මරනවද කියන එක තීරණය කරන්නෙ මම.. උඹ ඒක කියල දෙන්න එන්න ඕන නෑ.. අර හින්දි පිචර්වල කොල්ලා වගේ ඇවිත් මට දර්ශනේ දාන්න එන්නෙපා බැල්ලිගෙ පුතෝ.. කෑව නම් බිව්වා නම් ගෙදර ගිහින් චූ කරලා බුදිය ගනිං.. අපිට වද නොදී..”


    එක හුස්මට ඒ ටික කියලා ඉවර කරලා දාලා ඇල්ෆ්‍රඩ් තත්පරෙන් දෙකෙන් මං ගාවින් ඉවත් වුණා.. එහෙම ගිය එකත් හොඳයි.. තව ඩිංගක් වෙලා ඌ උගේ පුරාජේරුව මෙතන ගැහුවා නම් අනිවාර්යෙන්ම මං ඌව සුරලෝකෙ යවනවා.. ඒ තරම් ලොකු කේන්තියක් මගේ හිතේ ඌ ඇති කරේ.. ඒ කේන්තිය පිටින්ම මං ආපහු හැරුණා.. මං ඉස්සරහම හිටියෙ නිශානියි, ප්‍රශානුයි.. මූ කොහොමද මේ තරම් ඉක්මනට මෙහේ ආවෙ.. මූ අද එන්නෑ කිව්වනේ..


    “දේව්.. මොකද මචං..”


    වෙනදා කරන විහිලු තහළු උගේ කතාවෙ තිබ්බෙ නෑ.. පුදුම දයාබර බවක් ඒ වචන තුනේ තිබ්බෙ.. ඒ දයාබර බව විඳ දරා ගන්න බැරිව, මගේ ඇස්වලට කඳුළු පිරුණා.


    “උ.. උඹ එන්නෑ කිව්වනේ ප්‍රශාන්..”


    “ඒකෙ අවුලක් නෑ දේව්.. තාත්තට ෂේප් එකක් දාලා මං පැන ගත්තා.. ඒත් මං හිතුවා නිශානි යන්නත් ඇති කියලා.. උඹල දෙන්නම තාම මෙතනනේ..”


    “වෙච්ච දේවල් උඹ දැක්කෙ නැද්ද ප්‍රශාන්..?”


    “මොන දේවල්ද බං.. මං මෙතනට ආවා විතරයි.. නිශානිත් හොල්මං වෙලා.. උඹත් අප්සට් වෙලා.. ඇයි බං..? මට මුකුත් තේරෙන්නෑ..”


    “මේ වෙලාවෙ මගෙන් මුකුත් අහන්නෙපා.. ගෙදර යනකොට මං උඹට හිමීට විස්තරේ කියන්නම්.. දැන් හොඳ එකා වගේ නිශානිත් එකක් ඩිංගක් කතා කරලා ඉඳපං.. මං අර හරියෙන් ඉන්නම්..”


    මං එහෙම කිව්වම ප්‍රශාන් මගේ දිහා හොඳට බලලා නිශානිගෙ අතිනුත් අල්ලගෙන කැන්ද ගස් තියෙන පැත්තට ගියා. කොහොමටත් ගෙදර යන ගමන් ප්‍රශාන්ට කියන්න දෙයක් නැතිවෙන එක මට ෂුවර්.. නිශානි හැම දෙයක්ම මූත් එකක් කියාවි.. උං දෙන්නා මං ගාවින් ඈතට ගියායින් පස්සෙ මගේ හිතට ඉස්සලෙල්ලම ආව ප්‍රශ්නෙ හර්ෂි ඩිලාන් එකක් කොලෙජ් ලේන් එකට ආවෙ ඇයි කියලා.. ඩිලාන්ව පේන්නවත් බැරුව ඉඳපු කෙල්ල කොහොමද මුං මෙතෙන්ට ගෙනාවේ.. මොකක් හරි මරාලයක් අදින්න ලෑස්ති වෙනවා කියනෙක මට ඉවෙන් වගේ දැනුණා.. හර්ෂි වුණත් ඉස්සෙල්ලා කෑ ගැහුවෙ රැවටුණා කියලනේ.. මුං මොකක් හරි බොරුවක් ගහලා එයාව එක්කන් ආවද දන්නෙත් නෑ.. ඒත් ඇයි හර්ෂිව එක්කන් ආවෙ..? උං කොහොමද දන්නෙ මං අද කොලෙජ් ලේන් එකට එනවා කියලා.. මගේ හිතට ආවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක්..


    “දේව්.. අපි යමු මචං..”


    තව ඩිංගක් වෙලා යද්දි ප්‍රශාන් ඇවිත් මගේ උරහිසට අත තිබ්බා.. කොලෙජ් ලේන් එකෙන් ගාලු පැත්තට ආවත් අපි තුන්දෙනා අතරෙ කිසිම කතාබහක් තිබ්බෙ නෑ.. අම්බලන්ගොඩ බස්ටෑන්ඩ් එක පැත්තට එද්දි ප්‍රශාන් සුනිල එක ගාව නතර වුණා.


    “නිශානි..! මොනා හරි බීලා යමු නේ..”


    “දැන් නම් ටූ ලේට් ප්‍රශාන්.. මං යනවා.. දේව් මං යනවා.. බායි..”


    හදිස්සියෙන් වගේ එහෙම කියලා බස්ටෑන්ඩ් එක දිහාට ගියපු නිශානි, ආයෙත් අපි දෙන්නා දිහාට ආවා.


    “දේව්.. මොන දේටවත් හිත කලබල කරගන්නෙපා.. හැමදේම විඳ දරාගන්න බලන්න.. මං ප්‍රශාන්ට හැමදේම කිව්වා. ඔයාලා හොඳට හිතලා මොනව හරි දෙයක් කරන්න.. ඔයාට වරදින්නෑ දේව්..”


    නිශානි එහෙම කියනවත්තෙක්කම ගාලු බස් එකක් ආවා. ස්ටෑන්ඩ් එක පැත්තෙ ඉඳලා.. නිශානිව ඒ බස් එකට දාලා මායි, ප්‍රශානුයි ආපහු එන්න හැරුණා.. ඒත් ගෙදර යන්න හිතක් මට තිබුණෙ නෑ.. ඒක හන්දා ප්‍රශානුත් අඬගහගෙන ධර්මාශෝකෙ ඉස්සරහ තියෙන අලියා ස්නැක් බාර් එකේ මුල්ලෙම මේසෙ ගාව මං වාඩි වුණා.


    “ෂි.. ෂී.. ෂී.. උඹ තාමත් මූණ එල්ලගෙන නේ බං.. ඕම තමයි ඩෝ ලව් කරන්න ගියාම.. කටු කන්නත් ඕන.. එතකොට තමයි ආතල් එක තියෙන්නෙ.. නැත්තං කිසි ගතියක් නෑ.. මායි, නිශානියි අද කතා කෙරුවෙ වෙන මොනවත් නෙමේ.. උඹෙයි, හර්ෂීගෙයි ලව් එක ගැන.. උඹලත් දවසක මායි, නිශානියි ගැන කතා කරපල්ලා හරිද..?”


    මූ කියවන්නෙ පිස්සු. මං මේ නන්නත්තාර වෙලා ඉන්නවා. මූ බයිල ගහනවා. වෙනද වගේ නෙමේ.. අද නම් මූ කියවන එක හරි මගේ හිතට නිවනක්.


    “මං දන්නවා උඹ මෙච්චර අවුලෙන් ඉන්නෙ ඇයි කියලා.. ඩිලානුයි, හර්ෂියි කොලේජ් ලේන් එකේ හිටපු හින්දනේ.. ඒක එච්චර ගණන් ගන්න එපා බං.. නිශානි කිව්වෙ ඇල්ෆ්‍රඩුත් හිටියා කියලා.. ඒක හින්ද අවුලක් ඇත්තෙම නෑ.. ඇල්ෆ්‍රඩ්කාරයගෙ බලේට තමයි හර්ෂී එන්න ඇත්තෙ.. මොකද අරූට ෆිට් එකක් නෑ හර්ෂිව තනියෙම එක්කන් එන්න..”


    “මටත් එහෙම හිතෙනවා ප්‍රශාන්..”


    ප්‍රශාන්ට එහෙම කිව්වත් මගේ හිතට මොනවදෝ වෙලා තිබුණා. තත්පර ගාණකට හරි හර්ෂි ඩිලාන් එක්ක කොලෙජ් ලේන් එකේ ඉන්නව ඇස් දෙකටම දැක්කට පස්සෙ පපුව පිච්චිලා ගියපු හැටි ආයෙත් මට මතක් වුණා. දැන් වුණත් පපුව ඇඳුම් කකවා ඒක මතක් වෙද්දි.


    “ඔය තේරෙන්නෙ යකාට වගේ.. උඹ කලබල නොවී ඉඳහං.. මං ඩිලාන්ගෙන් හීන් සීරුවෙ සීන් එක අහගන්නම්.. ඌ මට නොකියා ඉන්නෙකක් නෑ.. සමහර විට.. ඉස්සරහට උං කරන්න යන්නෙත් මොනවද කියලා මට දැනගන්න පුළුවන් වෙයි..”


    “ඔය හැම එකක්ම උඹට කියාවිද ප්‍රශාන්..?”


    “බලමුකො ලොක්කා.. හැමදේ ගැනම සුභවාදීව හිතපං.. එතකොට තමයි ඔක්කොම හරින්නෙ..”


    “ඒත් මචං.. මට මේ සීන් එකේ ඇත්ත මොකක්ද කියලා දැනගන්නකන් නින්ද යන්නෑ බං.. මට මහ මොකක්දෝ වගේ.. හිත හිස්වෙලා බං..”


    “සින් එක කියලා කිව්වෙ හර්ෂියි, ඩිලානුයි ගැනද..?”


    “ඔව් බං..”


    “අප්පට කෙලින්න.. ඒ කියන්නෙ හර්ෂි ගැන උඹට ෂුවර් එකක් නෑ කියලද..? අනේ මේ.. මං උඹට වඳන්නම්.. ඒ වගේ මී හරක් දේවල් නොහිත ඉඳපං.. අරුන්ටත් ඕන ඇත්තෙ උඹට කියලා ඒ දේ ගැන හිතවන්න..”


    “හිතන්නෙ නෑ බං.. හිතෙන එකනේ වැඩේ..”


    “හරි.. මෙහෙම හිතපංකො.. දැන් උඹයි.. නිශානියි අතින් අල්ලගෙන ලේන් එකේ ඉන්නවා උං තුන්දෙනාම දැක්කනේ.. ඉතිං..”


    “යකෝ උඹේ පණිවිඩේ දෙන්නනේ මං නිශානිව හම්බවුණේ..”


    “ඒක හරි බං.. ඒක මං පිළිගත්තට උං පිළිගන්නෙ නෑනෙ.. ඩිලානුයි, ඇල්ෆ්‍රඩුයි දෙන්නම හිතන්නෙ අනිත් පැත්තටනේ.. එහෙම නේද..?”


    ඌ අපහු දේට මං මුකුත් කිව්වෙ නෑ.. ඇත්තටම කියන්න තරම් දෙයක් තිබ්බෙ නෑ.. ඒත් ඩිංගක් වෙලා යනකන් ප්‍රශාන්ගෙ සද්දයක් ආවෙ නැතිහින්දා මං ඌ දිහා බැලුවා. ඌ මගෙන් උත්තරයක් බලාගෙන ඉන්නවා ඇති.


    “මගේ ඔලුව මේ වෙලාවෙ දෙක වෙලා තියෙන්නෙ ප්‍රශාන්.. මට හිතාගන්න බැරි සර්ෂිව කොලෙජ් ලේන් එකට එක්ක ආවෙ කියලා..”


    “ඔතන තියෙන්නෙ තනිකර යටි කූට්ටු වැඩක් බං.. අපි තව ටිකක් ඉවසලා ඉස්සරහට වෙන්නෙ මෙනාවද කියලා බලමුකො.. හැබැයි අපිට ඇල්ෆ්‍රඩ්කාරය ගැන නම් හුඟක් සෝදිසියෙන් ඉන්න වෙනවා දේව්..”


    “ඔය මොනවත් මට වැඩක් නෑ ප්‍රශාන්.. හර්ෂිට අද මොනව වෙයිද දන්නෑ.. අරූ ගියේ මරනවා කියලනේ.. ඌ පුදුම තරම් කේන්තියෙන් හිටියෙ.. මට හිතෙනවා හර්ෂිලාගෙ ගෙදර යන්න..”


    “අනේ මේ.. පිස්සු කෙලින්න ලෑස්ති වෙන්නෙපා බං.. උඹ එහේ ගියොත් හොඳට තියේවි.. ඒ කෙල්ලව, අරූ ඉතිරි කරන එකක් නෑ.. හර්ෂිගෙ මම්මත් ගෙදර ඇතිනේ බං.. මේ ටික දිරවගෙන ඉවර වෙලා අපි තව කන්න යමු.. හරිනේ.. දැන් හොඳ එකා වගේ ගෙදර යමු..”


    තව පැය බාගයක් විතර යද්දි ප්‍රශානුයි, මායි ගෙදර ආවා.. ඌ මාව ගෙයි දොරකඩටම දාලා යන්න ගියා. අම්මටත් කියන්නැතුව, කාටවත්ම කියන්නනැතුව මං උදේ ගෙදරින් ගියේ මොන බාල්දි පෙරලිලාද දන්නෙත් නෑ ගේ ඇතුලෙ.. ගෙට ඇතුලු වෙලාම බලමුකො.. මගේ හිත මට කිව්වා..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ගෙට ඇතුල් වුණ ගමන්ම මං කෙරුවෙ හෙමින් සීරුවෙම කාමරේට රිංග ගත්තු එක. ඇඳුම් මාරුකර ගන්නෙවත් නැතුව මං ඇඳේ හාන්සිවෙලා කන්දෙක දිග ඇගෙන අහගෙන හිටියත් ගේ ඇතුළෙන් මෙලෝ සද්දයක් මට ඇහුණෙ නෑ.. ඒත් කුස්සිය පැත්තට හරි ගිහින් බලන්න තරම් ෆිට් එකක් මගේ හිතෙත් තිබ්බෙ නෑ.

    “චූටි..”


    වැඩිම වුණොත් විනාඩි පහළොවක් ඇස් දෙක පියාගෙන ඉන්න ඇති.. අක්කගෙ කටහඬ මට හීනෙන් වගේ ඇහුණා.


    “මොනාද මල්ලි.. මං ඔයාට කොයි තරම් වෙලා කතා කරාද..? කොයි ලෝකෙද ඇතත්ටම ඔයා ඉන්නෙ..?”


    කාමරේ දොර ගාව ඉඳන් අක්කා හෝ ගාලා කියවන් යනවා.. විලි ලැජ්ජාවෙ පණ යනවා.


    “ප්‍රේත ලෝකෙ..”


    ඔලුවෙ තිබ්බ හැමදේම පැත්තක තියලා මං උත්තර දුන්නෙ ඩිංගක් හිනාවෙන්න බලාගෙන.


    “ඒ විත්තය නම් පේනවා මූණ බලපු ගමන්.. ආපු ගමන් මූනවත් හොදන් නැතුව ඇඳට වුණා නේ.. ඇයි අද දවල්ට කන්නැද්ද..?”


    “පස්සෙ කන්නම්..”


    මං එහෙම කියලා ඇදේ විට්ටමකට කොට්ටෙ හේත්තු කරල හාන්සි වුණා. අක්කත් එක්ක ඩිංගක් වෙලා කතා කරකර හිටිය නම් මේ හිතේ තියෙන අප්සට් එක ඩිංගක් හරි නැතිවෙලා යයි කියලා මට හිතුණා. ඊටත් වැඩිය මේ වෙච්ච දේවල් අක්කත් එක්ක කිව්ව නම් හොදයි කියලත් මට හිතුණා. හිතට ෆිට් එකක් අරගෙන මං අක්කා දිහා බැලුවා. කතාව පටන් ගන්න ඕන කොතනින්ද කියලා මං හිත හිතා ඉද්දියි අම්මගෙ කටහඬ මහා සද්දෙට සාලෙන් ඇහුණෙ.


    “දේවකී.. ඔයා මෙහෙට එන්න.. එයා ඕන වෙලාවක කාපුවාවෙ.. මුලු දවසෙම රෝන්ද ගහනවා මදිවට තව ගෙදරඑන එන වෙලාවට කන්න දෙන්නත් මැරෙන්න ඕනද..? අපිට ලැජ්ජ කරන්න හැදිච්ච එකෙක්ද කොහෙද..?”


    අම්මා කියවන් ගියපු වචන සෙට් එකම මගේ හිත කඩාගෙන ඇතුළට ආවා. මං ගැන ඉපදිච්ච අනුකම්පාවකින් හිත වෙව්ලුම් කාලා යද්දි අක්කවත් තල්ලු කරල දාගනෙම මං සාලෙට ආවා. මුලු දවස පුරාම සිද්ධ වුණ දේවල් වලින් හෙම්බත් වෙලා ඉඳපු මගේ හිතට තව දුරටත් හැමදේම දරාගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.


    “මං ගියපු රෙද්දක් නෑ.. ප්‍රශාන්ගෙ වැඩකටයි මං ටවුන් ගියේ..”


    එක පාරටම මගේ කටට ආවෙ ඒ වචන ටික. ඒ ටික කිව්වයින් පස්සෙ වුණේ අර අඬනන් හිටපු මිනිහගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ දෙයක්. අම්මත් බලන් ඉන්න ඇත්තෙ මාත්තෙක්ක පැටලෙන්න. ඒකට හොඳම චාන්ස් එකක් අම්මට හම්බවෙලා තිබුණා.


    “තව ප්‍රශාන්වල් අල්ලපං.. උඹේ අසික්කිත ගමන් වලට.. බං බිසෝටත් කියනවා ප්‍රශාන්ව ආයෙ මෙහෙට එවන්නෙපා කියලා..”


    “ඒක යකාගෙ වැඩක්නේ.. ඌ මොනවා කරාටද..? නිකං බොරුවට මෙතන නැට්ට පාගගෙන කෑගහන්න අරන්..”


    “නැට්ටක් ඇවිල්ල තියෙන්නෙ උඹටයි චූටි.. මට නෙමේ.. ඒකයි කිසි දෙයක් තේරුම් ගන්නැතුව හරකෙක් වගේ කෑ ගහන්නෙ..”


    “ෂ්.. ෂ්.. කෑගහන්නෙපා අම්මෙ.. අන්න ප්‍රශාන් මල්ලිත් එනවා මේ පැත්තට..”


    මෙච්චර වෙලා සද්ද නැතුව හැමදේම අහන් ඉඳපු අක්කා අම්මගෙ අතකින් අඳින ගමන් කෑගැහුවා.. ඒත් අම්මව සයිලන්ස් කරන්න බැරිවුණා.. එත්තෙක්කම තමයි ඉස්තෝප්පුවෙ උලුවස්සෙන් මූන දාන ප්‍රශාන්ව මගේ ඇස්වලට ඇහුවුණේ..


    “අඩෙ අප්පා.. මොකද මේ..? උතුර - දකුණ ගිනි අරන් වගේ.. ආ..!”


    වෙලා තියෙන දේ ගැන වෙන්න යන දේ ගැන අවබෝධයක් නැතුව ප්‍රශාන් සාලෙට ආවා.


    “ප්‍රශාන් පුතා ආපු එක හොඳයි.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. අපේ දේව් එකක මීට පස්සෙ හොර ගමන් ගිහිල්ලා තිබ්බොත් මං බිසෝටත් කියනවා ඔයාට මෙහෙට එන්න දෙන්නෙපා කියලා...”


    දෙකක් නෑ.. අම්මා, ප්‍රශාන්ගෙ මූණටම කියලා දැම්මා.. කොච්චර හිනාවෙන් හිටියත් උගෙ මූණ හතරැස් වෙලා යන හැටි මං දැක්කා.


    “මොන හොර ගමන්ද ඇන්ටි..?”


    හතරැස් වෙච්ච මූණ එහෙමම තියාගෙන ප්‍රශාන් අම්මගෙන් ඇහුවා. ඒත් ඌට උත්තරයක් හම්බවුණේ නෑ.. ඒ හන්දම මං කතාව මැද්දට පැන්නා. මට ඕන වුණේ මෙතන වෙලා තියෙන දේ ගැන ඌව දැනුවත් කරන්න.


    “මේ බලපං ප්‍රශාන්.. අපෙ අම්මට මොන යකෙක් වැහිලද මන්දා.. කොයි වෙලාවෙත් ඉන්නෙ මාවම මරාගෙන කන්න.. මං ගෙදර හිටියත් වැරදියි.. ගෙදර නැති වුණත් වැරදියි..”


    “හා.. උඹ දැන් කතා කරන භාෂාව ඒකයි එහෙනම්.. ඇත්ත කතා කරනකොට කාටත් රිදෙනවා.. මට තාත්තත් කියලා ගියේ උඹ ගැන හොයන්න කියලා.. කොටින්ම උඹ ඔය යන තාලෙ මට අල්ලන්නෑ..”


    අම්මගෙ වචන වලින් මගේ හිතේ ඩිංගෙන් ඩිංග අලුත් වෙවී තිබ්බ කේන්තිය හුඟාක් වැඩිවෙලා ගියා.


    “හරි.. මට මොනවද දැන් කරන්න කියන්නෙ.. හැම තිස්සෙම බලාගෙන ඉන්නෙ මගේ වැරැද්දක් අල්ල ගන්න. මාව ගෙදරින් පන්න ගන්නද කොහෙද හදන්නෙ.. ඔයිට වැඩිය හොදයි මාව මරාගෙන කාපල්ලා..”


    “හුහ්.. දැක්කද මුගේ කතාව.. උඹ හැදිලා තියෙන හැටි නම් සෑහෙන්න වටිනවා.. උඹේ වැරැද්දකට බනින්න අපිට බෑනෙ එතකොට.. උඹ මතක තියාගනිං දේව්.. උඹ තාමත් යැපෙන්නෙ අපෙන් කියලා.. උඹේ කටේ සවුඳම බලන්න මට උවමනාවක් නෑ..”


    අම්මා හරියට ඉලක්කෙට පහර දුන්නා. ඒ වචන ටික මට ඇහුණෙ හීනෙන් වගේ.. ඒ අන්තිම හරිය ඇහෙනකොට මාව වේවලලා ගියා.


    “ජරා කතා කියන්නෙපා අම්මෙ..! ඔය කතාව දැන් කීවෙනි පාරටද කිව්වෙ.. නිතරම කන එක ගැන කතා කරන්නෙ.. උඹලට මාව බරක් කියලනේ ඔය නොකිය කියන්නෙ.. ඉඳපල්ලා.. මං උඹලගෙන් ඈත්වෙලා යන්නම්.. එතකොට උඹලට හොඳට නින්ද යාවිනේ..”


    මහා සද්දෙට ඒ ටික කියලා මං නැගිට්ටා.. මගේ හිත කේන්තියෙන් වේවලුම් කාලයි තිබුණෙ.. තවත් ඉවසන එකේ තේරුමක් නෑ.. මට හොඳටම තේරුණා.. හැමදේම නැතිවෙන්න යන වෙලාවෙ තවත් මොනව ඉතිරි කරගන්නද කියලා මට හිතුණා.


    ඔය අතරෙ තමයි ප්‍රශාන් සීන් එකට බැස්සෙ..


    “දේ.. දේව්.. උඹට පිස්සුද බං.. මොකද මේ උඹට වෙලාත ියෙන්නෙ.. ඩිංගක් කූල් ඩවුන් වෙයන්..”


    “අයින් වෙයං ප්‍රශාන්.. මුංට මාව එපාවෙලා.. ඒකනේ කන්න දීපු ඒව මතක් කර කර මට රිද්දන්නෙ.. ඉඳපල්ලා.. මං මිනී හරල හරි කාපු ඒවට ගෙවන්නම්.. ඒ ටික කරනකන්වත් මට වද දෙන්නැතුව ඉඳපියව්..”


    මං පිස්සෙක් වගේ කෑගහගෙන ගියා. මගේ ඇස්වලින් කඳුළු ගලන් ආවෙ දැනුම් දීමක් නැතුවම.. ඇත්තටම මං කිව්වෙ මොනවද කියලවත් මට පැහැදිලි හැඟීමක් තිබුනෙ නෑ.. අන්ත අසරණ වෙලා තිබ්බ මගේ හිත හරිගස්ස ගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් තරමෙ ශක්තියක් ඒ වෙලාවෙ මට තිබ්බා.


    “දේව්.. උ.. උඹ.. ඔ.. ඔය කාටද කතා කරන්නෙ..? ආ.. උඹට මං කියන විදියට දෙර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයං.. එච්චරයි..”


    අම්මගෙ වචන විෂ පොවපු ඊතල වගේ පපුව ඇතුළටම වැදුණා. හිත කෑලිවලට කැඩිලා තියෙද්දි, කියන්න ඕන දේවත් මගේ ඔලුවට ආවෙ නෑ.. කතා කර ගන්න බැරිව මං කේන්තියෙන් අතරමං වෙලා ඉන්දෙද්දි ප්‍රශාන් ආයෙත් මැදට පැන්නා..


    “ඇන්ටි.. ඔන්න ඕක නවත්තලා දාන්න.. මෙච්චර රණ්ඩුවක් යන්න තරම් දෙයක් මෙතන වෙලා නෑනේ..”


    “අනේ ඔව් අම්මෙ.. මල්ලිට බනින්නැතුව ඉන්නකො.. අනේ ප්‍රශාන්.. මල්ලිව කාමරේට එක්ක යන්න..”


    එච්චර වෙලා මුකුත් කතා කරගන්න බැරිව ඉඳපු අක්කා, ප්‍රශාන්ට කිව්වා. ඒත් මගේ හිතට එකතුවෙලා තිබ්බෙ සුළු පටු කලකිරීමක් නම් නෙමෙයි. එක් එක්කෙනෙකුට, දෙන්නෙකුට හරි කාටවත් හරි කෙලින්ම ඉලක්ක කරන්න මං හිතුවෙ නෑ.. මං හිතාගත්තෙ මේ හැමදේටම මගෙන්ම පළිගන්න.


    “ඕන නෑ.. ඕන නෑ.. උ.. උඹල සතුටින් ඉඳපල්ලා.. මං යනවා.. උඹලගෙ ඇස්වලට පේන්නෙ නැති දිහාවකට යනවා.. මෙච්චර දවස් උඹලට ඒ අමාරුවනේ තිබ්බෙ.. දැන්වත් සැනසීමෙන් නිදාගනිල්ලා..”


    කුඩුපට්ටම් වෙලා තිබ්බ හිතට කොහෙන්දෝ මංදා මහා විශාල ශක්තියක් එන්න අරන් තිබ්බා.


    කොයි මොහොතෙ හරි හැම දෙයක්ම ඉවර කරන්න මගේ හිත සූදානම් වෙලා තිබුණා. සාලෙ ඉඳලා ඉස්තෝප්පුවට අඩි දෙක තුනක් තියල මං ආපහු හැරුණා.. ඒ මට අවුරුදු පහළොවේදි විතර, මගේ උපන්දිනේට අම්මා දුන්නු සුරඟන සිහිවටනෙ ගන්න..


    “උඹ ඔය යන්නද හදන්නෙ..? හොඳයි පලයන්.. ඒත් උඹ හිතා ගනිං.. උඹ ගියොත් උඹට අම්මා කෙනෙකුත් නෑ කියලා..”


    “මං මේ වෙනකනුත් එහෙම හිතන්නෑ.. ඒත් මීට පස්සෙ එහෙම හිතුණට මං කණගාටු වෙන්නෙත් නෑ.. මොකද මගේ තිබ්බ අහිංසක හිත මරල දැන් පාංශුකූලෙත් දිලා ඉවර හන්දා.. මං යනවා අක්කෙ..”


    “දේව්.. මචං.. පිස්සු කෙලින්නෙපා බං.. උඹට මොකද මේ වෙලා තියෙන්නෙ..? කොහෙද උඹ මේ යන්න හදන්නෙ..?”


    ප්‍රශාන් ඇවිත් මගේ ඇතේ එල්ලුනා.. මං උගේ අත ගසලා දැම්මා.


    “අනේ චූටි.. ඔයාගෙ හොඳටයි මේ හැමදේම අම්මා කෙරුවෙ. ඒ ගැන ඔච්චර හිතන්නෙපා දෙයියනේ..”


    “හිතන්නැතුව ඉන්න හිතක් නැති වුණා නම් හොඳයි අක්කෙ.. එහෙනම් මං මේ තරම් විඳවන්නෑ..”


    එහෙම කියලා මං මිදුලට බැස්සා. ඇල්ස්ටෝනියා පැල පාර දෙපැත්තෙම වවලතිබ්බ විජේරාම පාරට වෙනකන් මං ඇවිදන් ආවා. අක්කා අඬන සද්දෙයි, අම්මගෙ උස් හඬයි දෙක සම්මිශ්‍රනය වෙලා ඒ අතරෙදි මට ඇහුණා. හැමතැනින්ම තැලිල හෙම්බත් වෙච්ච මගේ හිතට ඒ දේ ගැන එච්චර දුකක් දැනුණෙ නෑ.. මං ඒ සීමාව පහුකරලයි හිටියෙ. හැම දෙයක්ම මේ විදියට සිද්ධ වෙලා යන්න මං මොන තරම් පව් කන්දරාවක් කරන්න ඇද්ද කියලා විතරක් මට හිතුණා. අන්තිමේදි මට ඉන්න තැනකුත් නැතිවෙලාම ගියා.


    “දේව්..”


    පිටිපස්සෙන් දුවල ඇවිල්ලා ප්‍රශාන් මගේ මූණ ඉස්සරහින් හිටගත්තා. ඒත් මං ඌ දිහා බැලුවෙ නෑ.. මං බිම බලාතත්තා.


    “දේව්.. උඹ කොහෙද මේ යන්න හදන්නෙ..?”


    ඇත්තටම ඒ ප්‍රශ්නෙට දෙන්න තරම් උත්තරයක් මට තිබ්බෙ නෑ.. මගේ නිහඬ බව හින්දම ප්‍රශාන් ආයෙමත් මගෙන් ඇහුවා.


    “මං දන්නෙ නෑ..”


    බිදිච්ච හිතෙන් ඒ වචන පිටවුණේ මහා බොල් විදියට.


    “උඹ ඔය යන ගමන තේරුමක් නෑ දේව්.. අම්මා උඹට හුඟක් ආදරෙයි.. ඒකයි මේ හැමදේම එහෙම වුණේ.. අන්න උඹව එක්කං එන්න කියලා කිව්වා..”


    ප්‍රශාන් එහෙම කිව්වහම මගේ හිතට ආවෙ ලොකු කෙන්තියක්..


    “උඹට ඕනෙ නම් පලයං.. දැන් ඉතිං මට වද නොදී උඹ මෙතනිං පලයං..”


    කවදාවත් නැති විදියට මං ප්‍රශාන්ට සැරවුණා.. මූට ටික් අමුතු වෙලාගියත් ඌ පරාජෙ බාර ගත්තෙ නෑ..


    “මට කතා කරා නම් මං යනවා දේව්.. අම්මා උඹටනේ කතාකරේ.. ඉතිං වරෙන් අපි යමු..”


    “මට බෑ යකෝ.. මං එක පාරක් කිව්වනේ සිංහලෙන්.. ඔය අනිත් ඈයො ගියා වගේ, උඹත් මාව අතෑරලා දාලා පලයන්..”


    ප්‍රශාන් ගැස්සිලා ගියත් ඌ ගේම අතෑරියෙ නෑ..


    “උඹ කොහේ යනවද කියලා මං දන්නෙ නෑ දේව්.. ඒත් උඹ ඒ යන තැනට යන්න කලින් මං කියන දේත් අහපං.. මොකද පුංචි කාලෙ ඉඳලා උඹයි, මායි එකට හිටියා.. ඒ යාලුකම හින්දවත් ඩිංගක් නැවතියන් දේව්.. මේ තරම් නපුරු වෙන්න උඹට බෑ දේව්..”


    ප්‍රශාන්ගෙ කටහඬ බිඳිලා ගියා.. උගේ ඇස් දෙකේම කඳුළු පිරිලා.


    “මං ලේසියෙන් අඬන එකෙක් නෙමෙයි දේව්.. ඒත් උඹ ගැන හිතනකොට මගේ හිත කැඩෙනවා බං.. උඹ කොයි තරම් සංතෝසෙන් හිටපු කොල්ලෙක්ද..?”


    ඒත ඇත්ත.. මේ හැමදේම වෙන්න කලින් මට වැඩිය සංතෝසෙන් කවුරුවත් හිටියෙ නෑ..


    “ඩිංගක් කල්පනා කරලා බලපං.. උඹ දැන් යන්න ගියොත් මේ ප්‍රශ්නෙ දිග්ගැස්සෙනවා.. ගෙදර ප්‍රශ්නෙ පැත්තකින් තියපං.. හර්ෂීගෙ ප්‍රශ්නෙ.. ඒක එහෙමම ඉතිරියිනේ.. ප්‍රශ්න වලින් පැනලා යන්නැතුව අපි ප්‍රශ්න වලට මූණ දෙමු මචං.. මේ හැම එකක්ම හොඳ පැත්තට විසඳේවි.. අපි එතකන් ඉවසමු.. අනිත්තෙක උඹට ගෙර යන්න බැරි නම් අපේ ගෙදර යමං.. ඒකෙ අවුලක් නෑ.. මොකද කියන්නෙ..? උඹට ඇහෙනව නේද මංක ියන ඒවා.. දැන් හොඳ එකා වගේ මාත් එක්ක වරෙන්..”


    හුඟාක් කියවල කියවලා ඉවර වෙලා ප්‍රශාන් මගේ කරට අතක් දැම්මා.. ඌ කියපු දේවල් වල සෑහෙන්න ඇත්තක් තිබුණා.. දැන් මොකද කරන්නෙ.. මූත් එක්ක මුංගෙ ගෙදර යනවද..? නැත්තං ඔලුව හැරුණ අතේ යනවද..?


    ඒ ප්‍රශ්නෙ ඉස්සරහ මං නතර වුණා.


    “හොඳ එකා වගේ මං කියන දේ අහලා යමං අපේ ගෙදර..”


    මගේ අතින් ඇඳගෙන වගේ ප්‍රශාන් ආයෙත් ගෙවල් පැත්තට හැරුණා.. දැන් ආපහු ගෙදර යන්නත් බෑ.. දැන් මූත් එක්ක යන එක තමයි හොඳම දේ කියලා මගේ හිතත් මට කිව්වා.. අපේ ගෙදර පහුවෙද්දි මං ගේ දිහා බැලුවා.. ප්‍රශාන් හිටියෙ මගේ අතින් තද කරලා අල්ලගෙන.. ඌ හිතුවද දන්නෑ.. මං දුවලවත් කොහේ හරි යයි කියලා.. අක්කයි, අම්මයි ගෙදර ඉස්සරහට වෙලා මායි, ප්‍රශානුයි දිහා බලන් ඉන්න හැටි මං දැක්කා.. මං කෙරුවෙ පුළුවන් තරම් ඉක්මණට බිම බලාගත්තු එක.


    “මල්ලී.....”


    හීන් ඉකිබිඳුමකින් වගේ අක්කගෙ කටහඬ මට පස්සෙන් ඇහුණා. ඒත් ආයෙමත් ඔලුව උස්සලා ඒ දිහා බලන්න තරම් ශක්තියක් මට තිබුණෙ නෑ.. ප්‍රශාන්ගෙ ඉඟියකින් අක්කා නිහඬ වුණා කියලා ඒ අතරෙ ඉවෙන් වගේ මට තේරුණා.. ප්‍රශාන්ලගෙ ගෙදරට ගියපු ගමන් මං කරේ කාමරේට රිංගලා ඇඳේ හාන්සි වුණ එක.


    “ඔහොම ඉදපං.. උඹ කොහේවත් යන්නෙපා හරී....”


    ඌ කුස්සිය පැත්තට ගියා.. මං හිතන්නෙ බිසෝ ඇන්ටිට සීන් එක කියන්න වෙන්නැති.. මගේ ඒ සිතුවිල්ල හරි කියලා මට හිතුණෙ ඩිංගකින් කිරි එකකුත් හදාගෙන බිසෝ ඇන්ටි මං ගාවට ආපු හන්දා.


    “දේව් පුතා.. මං මාලතිත් එකක් කතා කරන්නම්.. ඔයා කලබල නොවී ඉන්න.. හොඳද..?”


    “ඕන නෑ ඇන්ටි..”


    මගේ කටහඬ බොල් වෙලා ගිහින් කියලා මට හිතුණා.. මොකක් හරි උත්තරයක් දෙන්න ඕන හන්දයි බං එහෙම කිව්වෙ.


    “උඹ කෑ නොගහා ඉඳපං.. අම්මා ඒ ගැන බලාගනීවි.. දැන් ඉතිං කන්න යමං.. උඹ දවසටම කාලා නෑනෙ බං..”


    “මට බඩගිනි නෑ ප්‍රශාන් උඹ කාහන්..”


    “ඔය ඉතිං.. ඔය වෙලාවට තමයි මගෙත් ඇණ බුරුල් වෙන්නෙ.. පිස්සු කෙලින්නැතුව මෙන්න මෙහෙ වරෙන්.. හැමදේටම ඉස්සෙල්ලා බඩ පුරවන් ඉඳිමු.. එතකොට තමයි අයිඩියාවක් උනත් එන්නෙ..”


    බඩගින්නක් කියලා දෙයක් මට තිබුණෙම නෑ.. හැම හැඟීමක්ම ඈත්වෙලා කියලා මට හිතුණා.. ඒත්.. ප්‍රශාන්ගෙයි, බිසෝ ඇන්ටිගෙයි හිත රිද්දන්න මගේ කැමැත්තක් තිබුණෙ නෑ.. ඒක හන්දම මං ප්‍රශාන් එකක කෑම මේසෙට වාඩිවුණා.


    “ප්‍රශාන්.. දේව්ට කාමරේ ඇඳ හදලා දෙන්න.. කාමරේ නම් ගන්න දෙයක් නැතුව ඇති..”


    “ඕනෙ නෑ ඇන්ටි.. මේ තියෙන හැටි හොදයි...”


    මං එහෙම කිව්වත් බිසෝ ඇන්ටි අලුත් බෙඩ් ෂිට් එකක් හෙම දාලා මට හොඳට ඇඳ හදලා දුන්නා..


    “ඕන බහු බූතයක් වෙන්න කියලා ඇට්ටි හැලෙන්න නිදාගනිං.. මටත් කුණුවෙන්න නිදිමතයි බං.. යමු..”


    ප්‍රශාන්ට තිබ්බෙ ඩබල් ඇඳක්.. ඒක හන්දා මායි, ඌයි දෙන්නම ඒකෙ ඇලවුණා.


    “තවත් හිතන්නැතුව නිදාගනිං බං.. නිදාගෙන නැගිට්ටම හැමදේම හරි.. මේ ලෝකෙත් වෙනස් වෙලා තියේවි..”


    එහෙම කියලා ප්‍රශාන් අනිත් පැත්තට හැරුණා.. ඒත් නින්ද නම් හිතපු තරම් ඉක්මනට මං ළඟට ආවෙ නෑ.. ඒවෙනුවට අද දවසෙ වෙච්ච හැම සිදුවීමක්ම එක පිට එක වගේ මගේ හිතට ගලාගෙන ආවා. මහා අසරණකමකින් මුළු හිතම වැහිලා යද්දි ඒකෙන් මිදෙන්න මට ඕන වුණා..


    “ප්‍රශාන්.. උඹ නිදිද..?”


    “හ්ම්... හ්.ම්.. හාහ්.. ෂිහ් විතරක්.. නින්ද යාගෙන ආව විතරයි.. ඇයි උඹට නින්ද යන්නැද්ද..?”


    “නෑ.. මටත් නිදිමත හැදීගෙන එනවා කියලා කියන්නයි උඹට කතා කරේ..”


    “හපොයි.. උඹ වගේ ඌරෙක්.. දෙයියනේ.. තොගෙ කියන අවයවේකට වඳින්නම් ඩිංගක් නිදාගනිං..”


    මොනවදෝ කුටුකුටු ගගා කියවල ප්‍රශාන් අනිත් පැත්තට හැරුණා.. හැම දුක් කන්දරාවක්ම ගිනි ගත්තු හිතත් එක්ක සනසල දාන්න, මරණයට තියෙන්නෙ පුදුම හැකියාවක් කියලා මං අහලා තිබුණා. ඒත් නින්දටත් ඒ හැකියාව සුලුවෙන් හරි තියෙනවා කියලා නින්ද යාගෙන එද්දි මට හිතුණා..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    හීන් සැරේ වැටෙන්න ගත්තු පොඳ වැස්ස, මහා වැස්සක් වෙන්න ගියේ බොහොම ටික වෙලාවයි.. මහ පොළව සම්පූර්ණයෙන්ම තෙමලා දාලා, බොර පාට වෙච්ච වතුර නිදහසේ ගලන් ගියා.[/FONT]


    [FONT=&quot]තල් අතුවලට බොරලු වැටෙන සද්දෙට ඇඳ හැලෙන වැස්සත් එක්කම මං හෙමි හෙමිහිට ඉස්සරහට ඇදුණා. කන්දෙක අගුලු වැටෙන සද්දෙට කණ ළඟින්ම අකුණු පුපුරලා ගියත් මට ඒක ඒ තරම් ගාණක් වුණේ නෑ.. හිතේ පිරිලා තියෙන කාන්සිය හේදිලා යන්න වගේ මහ වැස්සට මං තෙමුණා.. ඇතත්ටම මගේ ගමනෙ අරමුණක් තිබුනෙ නෑ.. ඒත් හිතේ හිරවෙලා තිබ්බ ඒ කම්කටොළු තත්පර ගාණකට මං ගාවින් ඈත් වෙනවා කියලා මට හිතුණා. ඒ පුංචි වෙලාවෙදි හිතට ආපු සංතෝසෙට ඇස් දෙකත් වහගෙනම මං මඩපාට වෙච්ච වතුරෙ වාඩිවුණා. දෙපත් කපල හැලෙන වැස්සෙන් මාව සම්පූර්ණයෙන්ම තෙමෙද්දි මගේ හිතට දැනුණෙ පුදුමාකාර සැහැල්ලුවක්.[/FONT]


    [FONT=&quot]“දේව්.. දේව්...”[/FONT]


    [FONT=&quot]කොහේදෝ ඈතකින් පාවෙලා වගේ ඒ මලානික කටහඬ මට ඇහුණා. හොඳට අහලා පුරුදු කටහඬක්.. මගේ ඇස් දෙක ඇරලා වටපිට බැලුවා. මගේ මූණ ඉස්සරහ හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. මගේ ඉටු නොවිච්ච රත්තරං හීනෙ පුංචි කුමාරිකාවි.. හර්ෂි.. ඇත්තටම මේක හීනයක්ද නැද්ද කියනෙක මට හිතාගන්න බැරිවුණා.[/FONT]


    [FONT=&quot]“අ.. අනේ.. දේ.. දේව් අයියා.. ඇ.. ඇයි මේ.. ඔයා හොඳටම තෙමිලා රත්තරං අයියෙ.. අනේ මගෙත් එක්ක කතා කරන්න අයියෙ..”[/FONT]


    [FONT=&quot]ඇස් දෙකම ආයෙත් පිහදලා මං බැලුවා.. මේක හීනයක් නෙමෙයි.. ඒත් මං මේ කොහෙද ඉන්නෙ..[/FONT]


    [FONT=&quot]“අ.. අනේ.. දේව් අයියා නැගිටින්නකො.. ඔ.. ඔයාට මේ මොනව වෙලාද..?”[/FONT]


    [FONT=&quot]හර්ෂි මගෙන් එක දිගට ප්‍රශ්න අහගෙන අහගෙන යනවා.. ඒත් මදිවට දෙන්න තරම් උත්තර මගේ ඔලුවට ආවෙ නෑ.. ඒත් එක දෙයක් විතරක් තත්පරේට දෙකට මගේ ඔලුවට ආවා. ඒ මං මේ ඉන්නෙ හර්ෂිලගෙ ගෙරදර ඉස්සරහ කියලා. මං එතකොට ප්‍රශාන්ටත් නොකියා තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ කියනෙක මට මතක්වෙද්දි මගේ ඔලුව අවුල් වෙන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]“මාව අතාරින්න හෂි.. ඔය අත් දෙකෙන් මාව අල්ලන්නෙපා..”[/FONT]


    [FONT=&quot]හර්ෂි ගැස්සිලා යනවා මං හොඳටම දැක්කා.. ඒත් මට හර්ෂි ගැන ඒ වෙලාවෙ කිසිම හැඟීමක් තිබුණෙ නෑ.. මට තිබ්බෙ මං ගැන ඉපදුන ලොකු දුකක් විතරයි.[/FONT]


    [FONT=&quot]“ඇ.. ඇයි ම.. මගේ දෙව් අයියෙ.. ඔයා මට ඔහොම කතා කරන්නෙ.. දෙ.. දෙයියනේ ඔයාට මේ මොනා වෙලාද.. හොඳටම තෙමිලත් එක්ක.. එන්න.. එන්න.. ගේ ඇතුළට ඔ.. ඔයාව පිහදාන්න..”[/FONT]


    [FONT=&quot]“හර්ෂි.. කවුද ඔය..”[/FONT]


    [FONT=&quot]ගේ ඇතුළෙන් කවුදෝ කෙනෙක් එහෙම අහනවා ඊගාවට මට ඇහුණා.. මං හර්ෂි දිහා බැලුවා.. එයා හොඳටම බයවෙලා.. ඒත් මගේ හිතට බයක් කියලා දෙයක් දැනෙන තරමෙ මානසික තත්වයක නෙමේ මං හිටියෙ.[/FONT]


    [FONT=&quot]“හර්ෂි.. කාත්තෙක්කද ඔය කතා කරන්නෙ..?”[/FONT]


    [FONT=&quot]එහෙම අහගෙන ඉස්සරහ දොරෙන් එළියට එබුණෙ හර්ෂිගෙ මම්මා.. මාව දැක්කම එයාගෙ මූණ හොඳටම අවුල් වුණා.[/FONT]


    [FONT=&quot]“කතා කරන්නෙ කාත් එක්කද කියලා දැක ගත්තනේ ඉතිං..?”[/FONT]


    [FONT=&quot]කොණ්ඩෙ දෙපැත්තෙන්ම බේරෙන වැහි වතුර අත් දෙකෙන්ම පිහදාන ගමන් මං හර්ෂිගෙ මම්මගෙන් ඇහුවා. මුළුමනින්ම අවුල් වෙලා තිබ්බ මගේ බාහිර ස්වරූපෙ හින්ද හර්ෂිගෙ මම්මට වචන ගැට ගහගන්නත් ටිකක් අමාරු වුණා වගේ.[/FONT]


    [FONT=&quot]“ඇ.. ඇයි ඔය ළමයා පිස්සෙක් වගේ හැසිරෙන්නෙ.. බලන්න දැන් ඇල්ෆ්‍රඩ් ආවොත් හෙම මොකද වෙන්නෙ කියලා.. හර්ෂි.. මේ ළමයට කියන්න යන්න කියලා..”[/FONT]


    [FONT=&quot]මම්මා හර්ෂිට කිව්වා.. ඒ කිව්ව දේට හේතුවක් නැතත් මට හිනාවක් ගියා..[/FONT]


    [FONT=&quot]“ආන්ටි.. මේ දේවල් තවත් මේ විදියට සිද්ධ වුණොත් මං පිස්සෙක් වෙයි.. ඒ දේට වගකියන්න ඕන ඇල්ෆ්‍රඩ්.. මං ඌට බය නෑ ආන්ටි..”[/FONT]


    [FONT=&quot]මං හයියෙන් කෑගහලා කිව්වා.[/FONT]


    [FONT=&quot]“ඔය ළමයා කරන දේවල් වලින් හර්ෂිටයි කරදර විඳන්න වෙන්නෙ.. ඒකත් මතක තියාගන්න..”[/FONT]


    [FONT=&quot]මම්මා එහෙම කිව්වෙ මට අවවාද කරන්න වගේ..[/FONT]


    [FONT=&quot]“මං හැමදාම හිතුවෙ එයා ගැන ආන්ටි.. හර්ෂිට කරදරයක් වෙන කිසිම දෙයක් මං කරන්නෑ.. හර්ෂි සංතෝසෙන් ඉන්නවා නම් මට ඒ ඇති.. ඒත් මං අද ආවෙ පොඩි කාරණාවක් දැනගෙන යන්න.. ඒක ඇත්තද කියලා අහල යන්න..”[/FONT]


    [FONT=&quot]හීතල සුළං පාරට ඇඟේ හිරිගඩු පිපිල යද්දි... හර්ෂියි, මම්මයි අත් බැඳගත්තා.. ඒත් මට ඒ තරම් සීතලක් දැනුණෙ නෑ.. මගේ හිත ගිණියම් වෙලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“ඔව්.. මොකක්ද කාරණාව..?”[/FONT]


    [FONT=&quot]කලින් තිබ්බ හදිස්සිය නැතිවෙලා වගේ හර්ෂිගෙ මම්මා මගෙන් ඇහුවා..[/FONT]


    [FONT=&quot]“තව සතියකින්.. ඩිලාන් හර්ෂිව බඳිනවද..?”[/FONT]


    [FONT=&quot]උල් පිහියක් ඇඟ ඇතුළට බහිද්දි දැනෙන වේදනාව වගේ ලොකු වේදනාවකින් හිත හෙම්බත් වෙලා යද්දි හිත දැඩිකර ගන්න මං ලොකු උත්සාහයක් ගත්තා. හර්ෂිගෙ මම්මා ටිකක් වෙලා යනකන් කතා කරේ නෑ.. ඒත් සුංරගනා කතාවක් අහන් ඉන්න හදන පොඩි එකෙක් වගේ මං මම්මා දිහා බලන් හිටියෙ එයා කියන්න යන්නෙ මොනවද කියලා... මොකද හර්ෂිගෙ මම්මා බොරුවක් කියන එක්ක නෑ කියලා මට හිතිල තිබුණ හන්ද.[/FONT]


    [FONT=&quot]“ඔව්.. ඒක ඇත්ත..”[/FONT]


    [FONT=&quot]කණ ළඟින් හෙණ හඬක් ඇහුණ වගේ මං ගැස්සිලා ගියා. දෙයියනේ, මං මොනවද මේ අහන්නෙ.. මේක අහගෙන යන්නද මං ආවෙ.[/FONT]


    [FONT=&quot]“නෑ.. නෑ.. නෑ.. දේව් අයියෙ.. මේ ඔක්කොම බොරු.. මං කැමති නෑ.. මගේ අකමැත්තෙන් මේ හැමදේම වෙන්නෙ..”[/FONT]


    [FONT=&quot]මගේ ඇඟේ එල්ලෙන ගමන් හර්ෂී කෑගැහුවා.[/FONT]


    [FONT=&quot]“හර්ෂි.. ගෙට පලයන්..”[/FONT]


    [FONT=&quot]ඒ කටහඬ ආවෙ කොහේ ඉඳලද කියලා බලන්න මං ආපහු හැරුණා.. මේ ලෝකෙ කොයි මුල්ලකින් ඒ කටහඬ ඇහුණත් මට අඳුනගන්න පුළුවන්.. ඒ ඇල්ෆ්‍රඩ්.. මිනිහ දැක්කා විතරයි හර්ෂි තත්පරෙන් දෙකෙන් මගෙන් ඈත් වුණා.[/FONT]


    [FONT=&quot]“හර්ෂීගෙ මගුල තීරණය කරන්නෙ උඹවත්, හර්ෂිවත් නෙමෙයි.. ඒක තීරණය කරන්නෙ මම.. තේරුණානේ.. අනිත් කාරණේ මේ වැසසෙ තෙමිල පිස්සෙක් වගේ ලෙඩ හදාගන්නෙ නැතුව ගෙදරට වෙලා පොතක් පතක් බලාගත්තා නම් නේද හොඳ..?”[/FONT]


    [FONT=&quot]බොහොම ශාන්ත හඬකින් ඇල්ෆ්‍රඩ් මට කිව්වා. ඒ කටහඬ යටින් තියෙන අමනුස්සකම මගේ ඇස් ඉස්සරහ දිලිසෙන්න ගත්තත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ..[/FONT]


    [FONT=&quot]“මට හර්ෂිත් එකක් විනාඩි පහක් කතා කරන්න දෙන්න.. ඔහේට පින්සිද්ධ වෙනවා..”[/FONT]


    [FONT=&quot]පිරිමියෙක් වෙලත්, ආදරේ දැනෙන තේරෙන කොල්ලෙක් වෙලත් හර්ෂි වෙනුවෙන් මං ඒ නරුමයා ඉස්සරහ බැගෑපත් වුණා.. ඒත් ඒකට මට හම්බවුණේ අමන හිනාවක් විතරයි.[/FONT]


    [FONT=&quot]“මං උඹව බල්ලෙක් වගේ මෙතනින් ඇඳලා දාන්න කලින්, කකුල් දෙකට හයිය අරන් දුවපන් බැල්ලිගෙ පුතෝ.. නැත්තං මං මේකිව උඹ ඉස්සරහම මරණවා..”[/FONT]


    [FONT=&quot]ඇල්ෆ්‍රඩ්, හර්ෂීගෙ කොණ්ඩෙන් ඇඳලා අරන් ගේ ඇතුළට තල්ල කරලා දැම්මා.. ඒ තල්ලු කරපු පාරෙ සැර වැඩි කමට.. විසිවෙලා ගිහින් ඉස්සරහ දොරේ වැදිලා බිම වැටුණා.[/FONT]


    [FONT=&quot]“දැක්කනේ.. හර්ෂියි, ඩිලානුයි ලබන සතියෙ බඳිනවා.. ඒක උඹට තියා සක්කරයටවත් වෙනස් කරන්න බෑ.. ඕනෙ නම් උඹට ඉන්විටේෂන් එවන්නම්..”[/FONT]


    [FONT=&quot]හර්ෂීගේ අතින් ඇඳලා වගේ අරන්, ගේ ඇතුළට ගිහිල්ලා ඇල්ෆ්‍රඩ් දොර වහලා දැම්මා. වෙන දේ බලන් ඉන්න බැරි කමටද කොහෙද හර්ෂිගෙ මම්මා ඊට කලින් ගෙට ගිහින් තිබුණා. ඒත් හර්ෂිව මේ විදියට දාලා යන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. මගේ හිතට ධෛර්යය කියන දේ ටිකෙන් ටික එකතු වෙනවා මට දැනුනා. ඒ ධෛර්යයත් එක්කම මං ඉස්සරහට අඩියක් තිබ්බා.[/FONT]


    [FONT=&quot]“උ.. උඹ ගෙට එන්නද හදන්නෙ.. උඹට මං මීට ඉස්සෙල්ලත් කිව්වා.. කිව්වම අහලා පලයන් බැල්ලිගෙ පුතෝ.. නැත්තං ආයෙ දෙකක් නෑ.. මං තොට මේකිගෙ මූණවත් බලන්න ඉඩ දෙන්නෑ.. මං මේකිව ඉවරයක් කරනවා..”[/FONT]


    [FONT=&quot]බල්ලෙක් උඩු බුරනවා වගේ ඇල්ෆ්‍රඩ් කෑ ගහගෙන ගියා.[/FONT]


    [FONT=&quot]“අ.. අනේ යන්න දේව් අයියෙ.. මෙතනින් යන්න.. දෙයියන්ගෙ නාමෙට මං කියන දේ අහලා මෙතනින් යන්න..”[/FONT]


    [FONT=&quot]ඉස්සරහ ජනේලෙ ගාවට ඇවිල්ල හර්ෂි කෑගැහුවා. තවත් මෙතෙන්ට වෙලා හිටියොත් හර්ෂීගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක් නෑ කියලා මගේ හිත මට කිව්වා. මගේ පිරිමිකම මූට පෙන්නන්න ඕන වෙලාව තාම ඇවිල්ල නෑ කියලත් මට හිතුණා.[/FONT]


    [FONT=&quot]“ම.. මං යන්නම් හෂි.. යා හොඳින් ඉන්න බලන්න රත්තරං.. ඔ.. ඔයා බයවෙන්නෙපා නංගි.. මං ආයෙ එනවා..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා මං ආපිට හැරුණා.. ඇත්තටම මගේ ඇස් දෙකේ කඳුළු තිබ්බෙ නෑ.. ඒත් මගේ කටහඬ බිඳිලා ගිහින් තිබුණා.[/FONT]


    [FONT=&quot]“පරිස්සමින් දේව් අයියෙ..”[/FONT]


    [FONT=&quot]හීන් ඉකිබිඳුමකින් වගේ හර්ෂිගෙ කටහඬ වැහිපොද අතරින් දෝංකාර දුන්නත් මං හැරිලා බැලුවෙ නෑ.. ඒ හැරෙන වාරයක් වාරයක් පාසාම හර්ෂිට මහා දුකක් ඉතිරි වෙනවා කියලා මං දැනන් හිටියා. කල්පකාලයක් පෙරුම් පුරලා, ජීවිතේ ඉස්සෙල්ලාම වතාවට ආදරේකරන්න ගත්තු පව්කාරකමට. හර්ෂිගෙයි, මගෙයි මැද්දෙන් මහ විශාල පවුරක් වගේ ඉන්න ඇල්ෆ්‍රඩ් ගැන මගේ හිතේ තිබ්බෙ පුදුම වෛරයක්.. හැම දෙයක්ම උගේ පැත්තට වාසිවෙන විදියටයි වැඩ කටයුතු සිද්ධ වෙලා තිබුණෙ.. අහිංසකයොන්ට දුක් කරදර ළංවෙනකොට දෙවියො වුණත් ඇහැක් ඇරලා බලන්නෑ කියන එක මට හොඳට තේරෙන්න ගත්තා.. ඒත් හැම පැත්තෙන්ම අසරණ වුන මං වගේ එකෙකුට කරන්න තරම් දේකුත් තිබුණෙ නෑ. මුළු ජීවිතේම විඳවලා විඳවලා මැරෙන්න ඳගලනවට වැඩිය දෙයක් ඒ වෙලාවෙ මගේ හිතේ ඉතිරිවෙලා තිබ්බෙ නෑ..[/FONT]


    [FONT=&quot]ඒත් හර්ෂි ගැන ඉපදිච්ච ආදරේ නම් මහා පවුරක් වගේ මගේ හිතේ ඉතුරු වෙලා තිබුණා.[/FONT]


    [FONT=&quot]“ඔයා මගේ නේද දේව් අයියෙ..?”[/FONT]


    [FONT=&quot]ඇස් දෙක පුරාම කඳුළු පුරවගෙන ඉස්සරම දවසක හර්ෂි මගෙන් අහපු හැටි මට ආයෙත් මතක් වුණා.. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් මං දුන්නෙ නෑ.. උත්තරයක් නොදී මං හර්ෂීගෙන් ඇහුවෙ ප්‍රශ්නයක්..[/FONT]


    [FONT=&quot]“ඇයි හෂි.. එහෙම ඇහුවෙ..?”[/FONT]


    [FONT=&quot]“මට අහිමි වෙන්න දෙයක් නෑ අයියෙ.. ඒකයි මං ඇහුවෙ.. මට හා හා පුරා කියලා හිමිවෙච්ච ඔයාවත් දවසක මට නැතිවෙලා ගියොත් මං එදාට ජීවත් වෙන්නෙ නෑ..”[/FONT]


    [FONT=&quot]“ඔ.. ඔයා මේ මොනවද හෂි කියන්නෙ.. ඔයාට මාව විශ්වාස නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“න්..නෑ දේව් අයියෙ.. මට ඔයාව විශ්වාසයි.. මං මටත් වැඩිය ඔයාව විශ්වාස කරනවා..”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]ඒ රත්තරං අතීතෙ ඇස් ඉස්සරහටම ඇවිත් මගේ හිත පාරන්න ගත්තා. දැන් ඉතිං කොහේ යන්නද කියන තීරණේ ගන්න බැරුව මං මග නතර වුණා. කාටවත් කියාගන්න බැරි තරමෙ දුක් කන්දරාවක් මගේ හිත පුරාම පිරිලා ගියා. මුළු මහත් වටපිටාවම මං වටේට කැරකෙන්න උත්සාහ ගන්නව වගේ හැඟීමක් මට දැනුණා. මගේ ශරීරය මට අවනත නෑ කියනෙකත් මට තේරුම් ගියා. දෙයියනේ මේ මොනවද වෙන්න යන්නෙ.. තවත් නම් ඉස්සරහට ඇවිදන් යන්න බෑකියනෙක මට තේරුම් ගියා.. ඒ හින්දම පදික වේදිකාවට අල්ලලා තිබ්බ යකඩ වැටට මගේ මුළු බරම දීලා, ඒ යකඩ පටිය උඩින් මගේ ඔලුව තියාගත්තා.. මහ හුඟ වෙලාවක් ගෙවිලා ගියාව ගේ කියල දැනුනම මං ඔලුව ඉස්සුවා.. හීන් පොද වැස්ස ආයෙත් මහ වැස්සට හැරිලා තිබුණා.. ගිගිරුම් සද්දෙ දීලා හෙණ පුපුරන්න ගත්තා. ඒත් මට කිසිම හැඟීමක් තිබුණෙ නෑ.. මොර ගෙඩි වගේ ලොකු වැහි බිංඳු පොළවට වැටෙන හැටි මං ඔහේ තෙමි තෙමී බලාගෙන හිටියා.[/FONT]

    [FONT=&quot]“දෙ.. දෙයියනේ ම.. මල්ලි..?”[/FONT]


    [FONT=&quot]ඒ රත්තරං කටහඬ අදුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. කුඩු පට්ටම් වෙලා තිබ්බ, හිත මැද්දෑවට දැනුණ සිසිලස හන්දම පුංචි හිනාවක් එක්ක මං ආපහු හැරුණා.. තත්පරේට දෙකට මං ගාවට දුවල ආපු අයියා මාව බදාගත්තා. සහෝදරත්වයේ බැඳීම, මගේ හිත පුරාම තැවරෙද්දි අයියා ඉකි ගහන සද්දෙ මට ඇහුණා.[/FONT]


    [FONT=&quot]“ම.. මගෙත් එක්ක ඉස්සර බොරුවට රණ්ඩු අල්ලපු මගේ පුංචි කොල්ලට මේ මොකද වෙලා තියෙන්නෙ..? මගෙත්තෙක්ක කතා කරපං.. රත්තරං මල්ලි.. මං ගෙදර ආපු ගමන් හෙව්වෙ උඹව.. මං ගෙදර වෙච්ච හැම දෙයක්ම දැනගත්තා.. ඊට පස්සෙයි මං ප්‍රශාන්ලහට ගියේ.. උඹ එහෙත් නෑ.. උන් ගිණි පත්තුවෙලා උඹව හැමතැනම හොයනවා..”[/FONT]


    [FONT=&quot]වචන සැරින් සැරේ කඩ කඩා අයියා කියවන් ගියා.. මුළු ලෝකෙම විනාශ වෙලා ගියපු වෙලාවෙ අයියා මං ළඟට ආපු එක ගැන මට නම් හිතාගන්නවත් බැරි වුණා.[/FONT]


    [FONT=&quot]“අයියා කොහොමද මාව හොයගත්තෙ..?”[/FONT]


    [FONT=&quot]“ඒ ගැන මං පස්සෙ කියන්නම්.. දැන් හොඳ කොල්ලා වගේ මං කියන දේ අහලා ගෙදර යමං.. උඹ යන්නැත්නම් මාත් කොහේ හරි යනවා මල්ලි.. උඹ නැතුව මුළු ගේම පාළුයි චූටි..”[/FONT]


    [FONT=&quot]අයියා කියවන් ගියපු දේවලින් ආයෙමත් ගෙදර ගියා නම් හොඳයි කියනෙක මගේ ඔලුවට වැටුණා. මොකද හැම පැත්තෙන්ම පැරදිලා, අසරණවෙලා ඉන්නකොට මගේ කියලා කවුරු හරි ඉන්නව නම් ඒක කොයි තරම් ලොකු ශක්තියක්ද කියනෙක මං දැනන් හිටියා.[/FONT]


    [FONT=&quot]“අම්මගෙ අතින් හිත රිදෙන දේවල් කියවුණා නම් ඒව අතෑරලා දාපන් මල්ලි.. උඹ කියන දේ අහන්නැති හන්දා අම්මා ඉන්න ඇත්තෙ කේන්තියෙන්.. මේ ගෙවිලා ගියපු හැමදේම අමතක කරලාදාලා අපි ඉස්සර වගේ හිනාවෙලා ඉමු..”[/FONT]


    [FONT=&quot]ඒ අන්තිම තත්පරේදි අයියගෙ කටහඬ ආයෙත් බිඳිලා ගියා. පුංචි එකෙක් වගේ, වැස්සෙ තෙමි තෙමි මං දිහා බලන් ඉන්න අයියගෙ ප්‍රාර්ථනාවට එරෙහි වෙන්න මං කැමති වුණේ නෑ..[/FONT]


    [FONT=&quot]අපිට ඩිංගක් එහායින් නවත්තලා තිබ්බ ත්‍රීවිල් එක, මං දැක්කෙත් හුඟක් පහුවෙලා. අයියා මාව හොයන්න එන්නැත්තෙ මේකෙන් වෙන්නැති කියලා මට හිතුණා. ගෙදරට ආපු වෙලාවෙ ඉඳලා අයියා මං ගැන හොයලා තියෙනවා කියලා දැනගත්තම මට අමුතු සතුටක් දැනුණා. කොහොම හරි ගෙදරට ලංවෙනකනුත් අයියයි, මායි වැඩි කතාබහක් කරේ නෑ.. අපි දෙන්නම කල්පනා ලෝකවල හුඟාක් දුර ඇවිත් තිබුණා.[/FONT]


    [FONT=&quot]“අ...නේ.. චූටි ඔයා කොහෙද ගියේ රත්තරං.. අපි ඔයාව හැමතැනම හෙව්වා දෙයියනේ..”[/FONT]


    [FONT=&quot]මං ගෙදෙට්ට ගොඩවුණ ගමන්ම අක්කා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. අක්කගෙ මූණ කඳුළු වලින්ම පිරිලා ගිහින් තිබුණා. වැහි වතුරින් තෙතබරිත වෙලා තිබ්බ මගේ කමීසෙ අක්කගෙ කඳුළු වලින් තවත් තෙතබරිත වුණා.. සාලෙ කැබිනට් එකට උඩින් තිබ්බ බුදු පිළිමෙ දිහා බලන් ඉඳපු අම්මා, ඊළඟ මොහොතෙ මං දිහා බැලුවා. අම්මගෙ ඇස්වලින් කඳුළු උතුරලා යන හැටි මං හොඳටම දැක්කා. ඒත් ඒ ගැන මගේ හිතට පුංචි දුකක්වත් ආවෙ නෑ..[/FONT]


    [FONT=&quot]තෙමිච්ච ඇඳුම් හෙම මාරු කරල සරමකට බැස්සහම තමයි මගේ ඇඟට යාන්තන් ෆිට් එක්ක ආවෙ. කෝපි කෝප්ප දෙකකුත් අරන් අක්කයි, අම්මයි කාමරේට ආවෙත් ඒ වෙලාවෙදිමයි. ඒ එක්කම අයියයි, ප්‍රශානුයි කාමරේ ඇතුළට ආවා. අයිය නම් ටවල් එකෙන් තාමත් ඔලුව පිහදානවා. අම්මා කරේ ආපු වෙලාවෙ ඉඳලා මං දිහා බලන් ඉඳපු එක. ඒ මූණෙ තිබ්බෙ කේන්තියක් නෙමෙයි.. මොකක්දෝ නුපුරුදු දුකක අනුකම්පාවක.[/FONT]


    [FONT=&quot]“මගෙ අම්මෙ..! ඇති යාංතං මූව අල්ලගත්තා.. මගේ දෙයියො.. කොහෙද බං ගියේ.. මටත් නොකියා.. ටිකෙන් මගෙ ප්‍රෙෂර් එක වැඩිවෙලා මං මැරෙනවා..”[/FONT]


    [FONT=&quot]ප්‍රශාන් කියවගෙන කියවගෙන ගියා.. උගේ වචනවලට මට හිනාවකුත් ආවා. ඒත් සට දැනගන්න ඕන වෙලා තිබ්බෙ වෙනින් දෙයක්.. ඒ අයියා කොහොමද මාව හොයා ගත්තෙ කියලා. මං ඒ විත්තිය අහන්න කලින් අයියා කතාව පටන් ගත්තා.[/FONT]


    [FONT=&quot]“මං ප්‍රශාන්ලහ ගියා උඹව හොයන්න.. එතකොටයි දැනගත්තෙ උඹ එහේ නෑ කියලා.. මට හිතුණා උඹ යන්නැත්තෙ හර්ෂිලහට තමයි කියලා.. ඒක හන්දා මං එහෙට ගියා.”[/FONT]


    [FONT=&quot]“අයියා හර්ෂිලහ ගියා..?”[/FONT]


    [FONT=&quot]මගේ හිතට ආවෙ ලොකු පුදුමයක්.[/FONT]


    [FONT=&quot]“ඔව්.. මං එහෙට ගියා.. මට මහ මොකක්දෝ අමුත්තක් දැනුණා, මොනව හරි දෙයක් සිද්ධ වෙලා කියලා. මං දොරට තට්ටු කරාම ටිකකින් කලු මහත මිනිහෙක් දොර ඇරියා.. මට තේරුණා මේ තමයි හර්ෂිගෙ බාප්පා කියලා..”[/FONT]


    [FONT=&quot]අපි හැමෝම කතාවක් බහක් නැතුව අයියගෙ කතාව අහගෙන හිටිය. අම්මගෙ මූණෙ වුනත් තිබ්බෙ තේරුම් ගන්න අමාරු හැඟිම් ගොඩක්.[/FONT]


    [FONT=&quot]“ඒත් මං ඊගාවට දැක්කා ගේ ඇතුළෙ බිම වාඩිවෙලා හර්ෂි හොඳටම අඬනවා.. මාව දැක්ක ගමන් එයා මං ගාවට දුවගෙන ආවා.. චානක අයියා.. දේව් වැස්සෙම අර පැත්තට ගියා.. බාප්පා එයාට බොරු වගයක් කිව්වා.. කියලා.. එයාට කියන්න හම්බවුණේ එච්චරයි.. අර කලු මිනිහා අත දිගෑරලා එයාගෙ කම්මුලට ගැහුවා...”[/FONT]


    [FONT=&quot]ඇල්ෆ්‍රඩ්..! උඹ උඹේ ජීවිතය අවුරුදු ගාණකින් අඩු කරගන්නයි ලෑස්තිවෙන්නෙ.. උඹට තවත් උඩ පනින්න ඉඩ දෙන්නෑ.. මං හිතාගත්තා.. අයියගෙ වචනත් එක්ක මගෙ හිතට ආපු කේන්තියෙන් මාව වෙව්ලන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]“ඒත් එක්කම ගේ ඇතුළෙ ඉඳන් දුවගෙන ආපු කවුදෝ ගෑණු කෙනෙක් ඔයා හදන්නෙ මේ කෙල්ලව මරන්නද ඇල්ෆ්‍රඩ් කියලා හර්ෂි නංගිව ගේ ඇතුළට අරගෙනගියා. මං තවත් එතැන ඉන්නෙකේ තෙරුමන් නැති හින්දා, හර්ෂි කියපු විදියටම ඔයාව හොයන් ආව මල්ලි..”[/FONT]


    [FONT=&quot]මං ගාව ඉඳපු හතර දෙනාගෙම ඇස් තිබුණෙ මාව ඉලක්ක කරගෙන. ඒ හැම මූණකම මං දැක්කෙ මං ගැන ඉපදිච්ච විශාල අනුකම්පාවක්, දුකක්.. ආදරයක්.. ඒත් මං හිටපු මානසික තත්වෙ උඩඒ හැම දෙයක්ම මට වැඩක් නැතිවුණා. මගේ හිත මට නැතිවෙලා ගිහින්තිබුණා.[/FONT]


    [FONT=&quot]“අ.. අනේ අයියෙ.. අර යකා හර්ෂිට ගහනවා ඇති.. අපි හර්ෂිව බලන්න යමු.. මට තවත් මෙහෙම විඳවන්න බෑ අයියෙ..”[/FONT]


    [FONT=&quot]මගේ ඇස්වලට ආයෙත් කඳුළු උනාගෙන ආවා. මං ළඟට එන්නද, නොඑන්නද කියන දෙගිඩියාවෙන් අම්මා ඩිංගක් ඈතට වෙලා හිටියා. මං හිතු‍වෙ අම්මා දැන් මගේ ළඟට එයි.. දැන් මගේ ළඟට එයි කියලා..[/FONT]


    [FONT=&quot]“මේ වෙලාවෙ අපි කලබල වෙලා බෑ මල්ලි.. අපි කල්පනාවෙන් මූණ දෙන්න ඕන හැමදේටම.. බැහැයි අද ඉඳලා මෙන්න මේ තත්පරේ ඉඳලා.. කවුරු මේ පැත්ත නොගත්තත් මං ගන්නෙ උඹේ පැත්ත..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා අයියා, අම්මා දිහා බැලුවා.. ඇත්තටම අයියා ඒක කිව්වෙ අම්මට වඳින්න කියනෙක මට තේරුණත් ඒකෙන් මගේ හිතට සතුටක් ආවෙ නෑ.. ඒ ආවෙ නැති සතුට මගේ හිත ඩිංගෙන් ඩිංග කාන්දු වෙන්න ගත්තෙ අම්මා මගේ ළඟට එනවා දැකලා.[/FONT]


    [FONT=&quot]“චූටි..”[/FONT]


    [FONT=&quot]මගේ ළඟටම ආපු අම්මා මාව තුරුල් කරගත්තා.. මගේ ඇස් වලට උනල තිබ්බ කඳුළු ආයතේ අලුත් වුණා.[/FONT]


    [FONT=&quot]“ම.. මං උඹට හුඟක් දුක් දුන්නා රත්තරනේ.. මං උඹේ පුංචි හිත කැඬුවා.. හ්..හ්...”[/FONT]


    [FONT=&quot]අම්මට ඒ ටික විතරයි කියාගන්න පුළුවන් වුණේ.. අම්මගෙ කටහඬ බිඳිලා ගියා. මුළු කාමරේම ඒ වෙලාවෙ තිබ්බෙ පුදුම නිශ්ශබ්දතාවයක්. ඒ නිශ්ශබ්දතාව මැද්දෙම මගේ ඔලුව අතගාලා අම්මා කාමරෙන් ගියා.[/FONT]


    [FONT=&quot]“හප්පේහ්...! අද නම් අම්බානක බොන්න හිතෙනවා චානක අයියෙ.. දැන් ඔක්කොම හරිනේ.. අනේ අම්මප මට මූව කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම්, කොටි ප්‍රශ්නෙ විසඳන එක ඒතරම් දෙයක් නෙමේ..”[/FONT]


    [FONT=&quot]හිනාවකින් මූණ පුරවගෙන ප්‍රශාන් කියද්දි අපි හැමෝටම හිනා ගියා. ඒත් මගේ හිනාවට යටින් පත්තු වුණේ ජීවිතයම පුච්චලා දාන ගින්දරක්.[/FONT]


    [FONT=&quot]මගේ අහිංසක කෙල්ල අන්ත අසරණ වෙලා ඉන්දෙද්දි මං කොහොමද හිනාවෙන්නෙ.. හර්ෂි මේ වෙලාවෙ මොන තරම් විඳවනවා ඇත්ද..?[/FONT]


    [FONT=&quot]“මොකක්ද බං ආයෙත් මූණ හතරැස් කරගත්තෙ..? ඩිංගක් හිනාවෙලා ඉඳපංකො..”[/FONT]


    [FONT=&quot]“මට හරි බයක් දැනෙනවා ප්‍රශාන්.. හර්ෂි ගැන.. ඒත් ඒක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නෑ..”[/FONT]


    [FONT=&quot]“හර්ෂි ගැන බයවෙන්න දෙයක් නෑ දේව්.. ඒකි කවදාවත් වෙනස් වෙන්නෑ කියනෙක මම දන්නවා.. එදා කොලෙජ් ලේන් එකේ සින් එකත් මං ටිකක් හෙව්වා මචං.. ඒක තනිකරම බොරුවක්.. ඇල්ෆ්‍රඩ් කාරයගෙ ගේමක්..”[/FONT]


    [FONT=&quot]“ම.. මට තේරුණ්නෑ ප්‍රශාන්..”[/FONT]


    [FONT=&quot]“ඊයෙ මට ඩිලාන් හම්බවුණා.. උගෙන් තමයි මං සීන් එක අරහෙන් මෙහෙන් අහගත්තෙ.. උඹ කොලේජ් ලේන් එකට එනවා කියලා උං හර්ෂිව එතෙන්ට එක්කන් ඇවිත් තියෙන්නෙ.. ප්‍රශ්න ටික බේරගමු කියලා.. ඇල්ෆ්‍රඩ් දාපු යෝජනාවට හර්ෂි කැමති වෙලා..”[/FONT]


    [FONT=&quot]“ඉතිං බං.. උං කොහොමද දන්නෙ මං කොලෙජ් ලේන් එකට එනවා කියලා.. මාත් ගියේ අහම්බෙන්නෙ..”[/FONT]


    [FONT=&quot]“ඒක තමයි.. ඇල්ෆ්‍රඩ් කාරයා කැමරාවකුත් අරන් ගිහින් තියෙන්නෙ.. ඩිලාන්ට එකපාරම හර්ෂිව බදාගන්න කියලා ෆොටෝස් ටිකක් අරගන්න.. ඒත් ඊට කලින් උඹ එතෙන්ට ඔලුව දාපු නිසා ඇල්ෆ්‍රඩ්ගෙ හැමදේම අවුල් වුණා...”[/FONT]


    [FONT=&quot]“උඹ ඔය හොයාගත්තු ටික නම් කියලවත් කරගන්න බැරි වැඩක් ප්‍රශාන්.. හර්ෂි ගැන තත්පරයක් හරි අහිතක් හිතනෙක පව් කියනෙක මං දැනන් හිටියා. එයා හුඟක් අහිංසකයි.. ඒ අහිංසකකම මං හිමිකර ගන්නවට ඇල්ෆ්‍රඩ් කැමති නෑ.. ඒ ඌ තිරිසනෙක් හින්දා.. ම.. මට හර්ෂි ගැන පුදුම තරම් දුකයි බං.. අ.. අනේ දෙයියනේ මගේ පුංචි කෙල්ල සංතෝසෙන් ඉන්න කියලවත් මට කියන්න පුළුවන් නම්..”[/FONT]


    [FONT=&quot]අන්තිමට මගේ කටහඬ බිඳිලා ගියා. ආයෙත් මගේ ඇස්වලට කඳුළු පිරුණා.[/FONT]


    [FONT=&quot]“අනේ චූටි.. අ.. අඩන්නෙපා මල්ලි.. ඔ.. ඔයාගෙ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි මල්ලි.. දැන් ඩිංගක් හිත සන්සුන් කරගන්න බලන්නකො.. අපි කවුරුවත් ඔයාව තනි කරන්නෙ නෑ..”[/FONT]


    [FONT=&quot]“මං කොහොමද එහෙම හිතන්නෙ අක්කෙ.. මගේ හිතේ පත්තුවෙන ගින්දර ඔයාලට පේන්නෙ නෑ.. දෙයියනේ මගේ ප්‍රශ්න වලට උත්තර නෑ.. මං අසරණයි අක්කෙ..”[/FONT]


    [FONT=&quot]“උඹ එහෙම හිතන්නෙපා දේව්.. උඹට අපි ඉන්නවා.. ඩිංගක් ඉවසපං.. අපි හෙටම ගිහින් මේක විසඳගමු..”[/FONT]


    [FONT=&quot]“උඹ කොහොම කිව්වත් මට අමුත්තක් දැනෙනවා.. හර්ෂි මට කතා කරනව වගේ තේරෙනවා..”[/FONT]


    [FONT=&quot]“පිස්සු නොකිය ඉඳපං දේව්.. හර්ෂිට අවුලක් නෑ.. මායි, චානක අයියයි උඹට පොරොන්දු වෙන්නම් හෙටම ගිහිල්ලා ඇල්ෆ්‍රඩ් හම්බවෙලා මේකෙ දෙකෙන් එකක් බේරගන්නවා කියලා..”[/FONT]


    [FONT=&quot]මගේ අත අල්ලගෙන ප්‍රශාන් කිව්වා.[/FONT]


    [FONT=&quot]“ඔව් චූටි.. මං උඹට පොරොන්දු වෙන්නම්.. උඹට දීපු පොරොන්දු මං කඩලා නැති හන්දා.. ඒවා ඉෂ්ඨ කරලතියෙන හන්දා මාව විශ්වාස කරපන්..”[/FONT]


    [FONT=&quot]සැනසීමක බිංදු මාත්‍රයක් හිතට දැනෙද්දි අයියා කිව්වා.. ඒක හන්දා තවත් දුරට හර්ෂි ගැන කතා කරලා මේ හැමෝගෙම හිත් තලන එක හරි නෑ කියලා මට හිතුණා. ඒ හැමෝම කාමරෙන් පිටවුණාට පස්සෙ මගේ බිත්ති කබඩ් එකේ, ලාච්චුවෙ තිබ්බ හර්ෂිගෙ ෆොටෝ එක මං අතට ගත්තා. හීන් හිනාවක් දෙතොල හිර කරන් ඉන්න මගේ පුංචි කුමාරිව, නොරිදෙන්න මං ඉඹගත්තා. මං අද ඔයාව බලන්න ආපු එක වැරදිද රත්තරං.. මං කොහොමද වෙන කෙනෙක් ඔයාව බඳිනවා බලාගෙන ඉන්නෙ.. ඔයා අයිති වෙන්න ඕන මට හෂි..! මං ඔයාව මගෙන් උදුර ගන්න කාටවත් ඉඩ තියන්නෑ රත්තරං...[/FONT]



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    “දේව්..! දේව්..! උඹ කොහෙද දේව්..”

    ප්‍රශාන්ගෙ කටහඬ ඉස්තෝප්පුව පැත්තෙන් මහා සද්දෙට ඇහුණා. කුස්සියට වෙලා තේ බිබී ඉඳපු මං සාලෙටඅ ආවා. මොකකට හරි බයවෙලා වගේ තියෙන ප්‍රශාන්ගෙ මූණ දැක්කහම මගේ හිතත් ගැස්සිලා ගියා.


    “ඇ.. ඇ.. ඇයි ප්‍රශාන්..?”


    මං පුළුවන් තරම් ඉක්මණට එහෙම ඇහුවත් ප්‍රශාන් බිම බලාගත්තා. ඇයි ඒ..? ප්‍රශාන් කතා නොකර ඉන්නෙ ඇයි..? ඒ එක්කම තමයි මං දැක්කෙ මිදුලෙ තිබ්බ ක්‍රෝටන් ගහ ගාව ඉන්න කෙනාව.. ඒ හර්ෂීගෙ හොඳම යාලුවා වෙච්ච ශානිකා.. මේ හැමෝට හොඳටම බයවෙලා වගේ.. ශානිකාගෙ ඇස් දෙකත් හොඳටම රතු වෙලා..


    “මෙ.. ම.. මං කියනෙක අහලා උඹ ක.. කලබල වෙන්නෙපා දේව්.. ම.. ම.. මං..”


    ප්‍රශාන්ගෙ කටහඬ ගොත ගැහිල නතර වුණා. මගේ මුළු හිතම සීතල වෙලා යද්දි මොකක්දෝ ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ තේරුණා.


    තවත් තත්පර ගාණක් ගෙවිලා යද්දි, ප්‍රශාන් සද්ද නැතුව ඉන්නෙක මට දරාගන්න බැරි වුණා. පපුව ගැහෙග වේගෙ ඩිංගෙන් ඩිංග වැඩිවෙද්දි, මගේ කටට පණ ආවා.


    “ඇ.. ඇයි කියපං ප්‍රශාන්.. මාව බයනොකර කියපං.. මොකක්ද උඹ කියන්න ආවෙ..?”


    “ක.. කලබල වෙන්නෙපා දේව්.. ප්ලීස් මචං.. මේක උඹට කියලත් බෑ.. නොකියත් බෑ..”


    “ප්‍රශාන්..”


    මගේ හිතට ආපු වේගෙට මං ප්‍රශාන්ගෙ කමීස කරෙන් අල්ලල මගේ දිහාට ඇඳලා ගත්තා.


    “අනේ ප්‍රශෘන්.. ම.. මංදන්නවා උ.. උඹ මොකක් හරි බය හිතෙන දෙයක් ගැනයි කියන්න යන්නෙ කියලා.. දෙයියනේ.. මගේ හර්ෂිට කරදරයක්ද ප්‍රශාන්..”


    මං හයියෙන්ම කෑගැහුවා.. ඒ එක්කම තමයි අයියයි, අම්මයි, අක්කයි අපි ගාවට දුවගෙන ආවෙ.


    “ම.. මල්ලි ඇ.. ඇයි මේ..? ප්‍රශාන් මොකද මේ..?”


    ප්‍රශාන්ගෙ කමීස කරෙන් මගේ අත ගලවන ගමන් අයියා අපි දෙන්නගෙන්ම ඇහුවා. රතුපාට වෙලා තිබ්බ ප්‍රශාන්ගෙ ඇස්වලින් කඳුලු බේරිලා යන හැටි ජීවිතේ ඉස්සෙල්ලම පාරට මං දැක්කා.


    “හ.. හර්ෂි වස බීලා දේව්.. උ.. උඹේ හර්ෂී වස බීලා..”


    ඇස් ඉස්සරහම අකුණක් පුපුරලා ගියා වගේ මාව වෙව්ලලා ගියා.. අතේ හිරවෙලා තිබ්බ තේ කෝප්පෙ බිමට වැටෙන සද්දෙ ඊගාවට මට ඇහුණා.. මේචචර වෙලා මගේ උරහිසෙන් අල්ලන් ඉඳපු අයියගෙ අතත් එක පාරටම ගැලවිලා ගියා ගියලා මට දැනුණා. මුළු මහත් ලෝකයම රකුසන් වගේ ඈත ඉඳන් මං දිහාට දුවන් එන හැටි මං දැක්කා. ඒ ඔක්කොම ඊළඟ මොහොතෙ නැතිවෙලා ගිහින් හර්ෂිගෙ අහිංසක මූණ මගේ ඇස් ඉස්සරහ දිලිසුම් දුන්නා..


    “අ.. අනේ හෂි.... ඇයි දෙයියනේ ඔයා මෙහෙම දෙයක් කරගත්තෙ.. ම.. මං කොහොමද තවත් මේවා ඉවසන් ඉන්නෙ..? ප්‍රශාන්.. උඹයි මේ මූසල ආරංචිය අරන් ආවෙ.. ම.. මට කියපන් මගේ අහිංසක කෙල්ලට කොහොමද කියලා..?”


    මං ප්‍රශාන්ගෙ ඇඟේ එල්ලුනා.. ඒත් මං අහපු දේට ප්‍රශාන් උත්තරයක් දුන්නෙ නෑ.. ඌ ඉක්මණට බිම බලාගත්තා.. මං අත්දෙකෙන්ම උගේ මූණ මං දිහාට හරව ගත්තා.


    “මාව පිස්සෙක් වෙන්න කලින් මාව හෂි ළඟට අරන් පලයන්.. මට ඒ අහිංසක කෙල්ලව බලන්න ඕන.. මගේ කෙල්ලට කරදරයක් වෙන්නෑ.. මං ඒක දන්නවා.. මේ ලෝකෙ කොහේ හරි දෙයියො කියලා ජාතියක් ඉන්නවා නම්, මගේ කෙල්ලව බලා ගනීවි.. අ.. අනේ අයියෙ.. මුගෙන් අහන්නකො හෂිට මොකද වෙලා තියෙන්නෙ කියලා..?”


    අයියගෙ අත් දෙකම අල්ලගෙන මං කෑ ගැහුවා. අයියා, ප්‍රශාන් දිහාට හැරෙන්නත් කළින් මං මේ ලෝකෙ අහපු අවාසනාවන්තම වචන ටික ප්‍රශාන්ගෙන් පිටවුණා.


    “හෂි.. මේ ලෝකෙ දාලා ගියා දේව්..”


    සියළු විශ්ව ධාතුවම හිටිවනම නතර වුණා කියලා මට තේරුණා.. ඒ අතරෙ මගේ පුංචි සමනල ලෝකෙ පුපුරලා සී සී කඩ ගියා කියලත් මගේ හිතට දැනුණා.


    “ප්‍රශාන්..! මං උඹව මරනවා.. උඹට එහෙම කියන්න බෑ යකෝ.. මගෙ අහිංසක කෙල්ල මට නොකියා කොහොමද යන්නෙ..? උඹ බොරු කියන්නෙ ප්‍රශාන්.. හ්...ග්...”


    මගේ හිත මට පාලනය කරගන්න බැරි තත්වයකට ඇවිල්ල තිබුණා.. වෙන්නෙ මොනවද, කියන්න ඕන මොනවද කියලා හැඟීමක් මට තිබුණෙ නෑ.. මං අවසිහියෙන් ප්‍රශාන්ට ගහන්න පැන්නත්, අයියයි, අක්කයි එකතුවෙලා මාව ගේ ඇතුළට අරන් ගියා.


    “ක.. කලබල වෙන්නෙපා මල්ලි.. අපි ඩිංගක් ඉවසමු..”


    “තවත් මොනවා ඉවසන්නද අක්කෙ.. නහයටත් උඩින් වතුර ගියාට පස්සෙ.. ම.. මට හැමදේම නැතිවුණා.. අනේ දෙයියනේ................... ඔයා කොහොමද හෂී මේ වගේ දෙයක් කරගත්තෙ..? ම.. මගේ ඔලුව පුපුරන්න එනවා.. අ.. අම්මේ... අනේ.. අම්මේ.... මට හැමදේම නැතිවෙලා ගියා.. අම්මේ ඔයාගෙ චූටි පුතාට මේ ලෝකෙ තිබ්බ වටිනම දේ නැතිවෙලා යන්න ගියා.. ම.. මං ගාවට එන්න අම්මෙ.. මං ගාවට එන්න..”


    අම්මා දුවගෙන ඇවිත් මාව බඳාගත්තා.. මගේ ඇස්වලින් ගලන් ගියපු කඳුළුයි, අම්මගෙ ඇස්වලින් ගලපු කඳුළුයි එක්කහු වෙලා ගංගාවක් වගේ බිමට කඩාගෙන වැටුණා.. පුංචි දුකක්වත් දරාගන්න බැරි අක්කා, ඉකි ගගහා හූල්ලන සද්දෙ මට සැරින් සැරේ ඇහුණා.


    “උ.. උඹත් මහ මෝඩ වැඩනේ ප්‍රශාන් කරන්නෙ.. ඇයි උඹ ඔය කතාව ඉස්සෙල්ලම මල්ලිට කිව්වෙ.. දැන් බලපං දේව්ව කොන්ට්‍රෝල් කරන්න කොයි තරම් අමාරුද කියලා..”


    “මං.. ම.. මං කොහොමද චානක අයියෙ මේ වගේ දෙයක් දේව්ට නොකියා හිතේ තියන් ඉන්නෙ.. අනිත්තෙක මං හොඳටම දන්නවා දේව් හර්ෂිට මොන තරම් ආදරෙන්ද හිටියෙ කියලා..”


    “උඹ කොහොමද දන්නෙ වෙච්ච දේ..?”


    අයියා ප්‍රශාන්ගෙන් අහන දේවලුත්, ප්‍රශාන් අයියට දෙන උත්තරත් මගේ කුඩු පට්ටම් වෙලා ගියපු හිත මැද්දෙ රැඳුණා.. ඒත් අයියා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ශානිකා..


    “ම.. මමයි අයියෙ ප්‍රශාන්ට කිව්වෙ.. ඒක ඇත්ත දෙයියනේ.. හර්ෂි, දේව්ට ලියපු ලියමකුත් තියෙනවා මං ගාව.. අර හර්ෂිලගෙ ගෙදරට පල්ලෙහා ගෙදර ඉන්න මල්ලියි මට ගෙනැත් දුන්නෙ..”


    ශානිකා අන්තිමට කියපු දේවල් මට හොඳට ඇහුණා.. ඒ නිසා අම්මව පැත්තකට දාලා මං ඉස්සරහට ආවා.. ශානිකාගෙ අතේ තිබ්බ ලියුම මං උදුරලා ගත්තෙ දෙපාරක් හිතන්නෙ නැතුව.. මං ඒ ලියුම දිගරිද්දි හැමෝම මං වටේට වටවුණා..


    “මේ මුළු ජීවිතේ පුරාම මේ වෙනකන් මාව ඩිංගක්වත් නොරිදපු, මංගාව ඉඳපු මගේ රත්තරං දේව් අයියව දාලා යන්න වෙන විත්තිය දැනුනහම ඒ දේ මගෙ හිතට දරාගන්න බෑ අයියෙ.. ඒත් මං මේ ගත්තු තීරණේ කොයි තරම් දුරට සාධාරණද කියලා මේක කියවන් යනකොට ඔයාට තේරේවි..


    ඔයා ඊයෙ ඇවිත් ගියාට පස්සෙ චානක අයියත් ආවා.. එයත් ගියාට පස්සෙ බාප්පා හුගක් වෙලා කල්පනා කර කර හිටියා.. ඒ වෙලාවෙම වගේ තමයි මම්මා පල්ලෙහා ගෙදර ඇන්ටිලහට ගියේ.. මම්මා ගිහින් ටික වෙලාවකින් බාප්පා මගෙන් ඇහුවා මං මේ අන්තිම වතාවට අහන්නෙ උඹ ඩිලාන්ව බඳිනවද නැද්ද කියලා.. මම නෑ කියලා ඇඬුවා අයියෙ.. අනේ මගේ දේව් අයියෙ.. මේවා මං කොහොමද ඔයාට ලියන්නෙ.. ඒ වෙලාවෙ ඌ තිරිසනෙක් වගේ කෑගහලා, මාව විනාශ කරා.. ඔයා ගාවට එනකොට ගේන්න මට කිසිම දෙයක් තිබ්බෙ නැති වුණත් මගේ පිවිතුරු බව තිබ්බා අයියෙ.. ඒත් ඒ දේ.. මං මෙච්චර දවසක් බාප්පා කියලා කියපු පාහරයා විනාශ කරාට පස්සෙ මංතවත් ජීවත් වෙන්නෙ මොකටද අයියෙ.. ඔයාලගෙ අම්මල මට කොහොමටවත් කැමති වෙන එක්ක නෑ.. මගේ ජීවිතේට හා හා පුරා කියලා හිමිවෙච්ච ඔයාවත්, මට අහිමි වෙනවා කියලා තේරුණාම මාව පිච්චිලා යනවා වගේ දැනුණා අයියෙ.. මං මේ ලෝකෙ නැති වුණත් මගේ දේව් අයියා ලස්සන ජීවිතයක් ගත කරන්නෝන.. ඔයාගෙ හර්ෂි නංගිගෙ ආශිර්වාදෙ හැමදාටම ඔයාට තියෙනවා.. මං වෙනුවෙන් ජීවත් වෙන්න.. ඉතිං මං සමුගන්නම් මගෙ අයියෙ..”


    ලියුම කියවලා ඉවරවෙනකොට මගේ හිතේ ඉතිරිවෙලා තිබ්බෙ ඉවසගන්න බැරි දුකක්.. හිත ඇතුළෙන්ම ආපු වේගෙට, මං තුන් පාරක් විතර අවසිහියෙන් වගේ ඉස්සරහ බිත්තියෙ ඔලුව හප්ප ගත්තා.. රතුම රතු පාට ලේ කම්මුල් දිගේ ගලාගෙන යද්දි අයියා ඇවිත් මාව බදා ගත්තා.


    බිංදුවෙන් බිංදුව ගලාගෙන යන ලේ ගොඩ දැකලා අම්මයි, අක්කයි කෑ ගහගෙන මං ළඟට ආවා.


    “ප්‍රශාන්.. අර කබඩ් එකේ තියෙන ගෝස් කෑල්ල අරන් වරෙන්..”


    අයියා ප්‍රශාන්ට කෑ ගහලා වගේ කිව්වා. ඒත් පුංචි කැක්කුමක් මිසක වෙන කිසිම අමාරුවක් මගේ ඔළුවට දැනුණෙ නෑ..


    “ඇ.. ඇයි චූටි පුතේ පිස්සෙක් වගේ වැඩ කරන්නෙ..? ඩිංගක් ඉවසලා ඉන්නකො රත්තරං..”


    ප්‍රශාන් ගොස් කෑලිවලින් ලේ පිහදාද්දි අම්මා එහෙම කිව්වා.


    “බයවෙන් එපා ආන්ටි.. එච්චර ඩැමේජ් එකක් නෑ.. පොඩ්ඩක් තුවාල වෙලා..”


    “බයවෙන්නෙපා නෙමේ ප්‍රශාන්.. විජේසිංහ දොස්තර මහත්තයා ගාවට ගිහින් බෙහෙත් ටිකක් දාගමු.. මේ බලන්න තව ලේ එනවා..”


    “දොස්තර නෙමේ.. මාව හර්ෂි ළඟට එක්කන් පලයල්ලා.. මාව එක්කගෙන පලයල්ලා දෙයියනේ..”


    හිතේ වේදනාව ඩිංගෙන් ඩිංග වැඩි වෙද්දි මං හයියෙන් කෑගැහුවා..


    “ඉ.. ඉස්සෙල්ලා බෙහෙත් ටිකක් දාගමු මල්ලි.. මගෙ හොඳ මල්ලිනේ..”


    මගෙ අයියා ඔලුව අතගාන ගමන් කිව්වා.


    “බෑ.. බෑ.. මට මගේ හර්ෂිව බලන්න ඕන.. නැත්නම් මං මැරෙනවා.. මං මැරෙනවා යකෝ.. මං කියන දේ කරපල්ලා.. මෙච්චර දවසක් මං උඹල කියපු දේවල් කරානේ..”


    දුක, වේදනාව, සංතාපය උණුම උණු කඳුළක් වෙලා මගේ හිත දෙදරවද්දි මං සිහිවිලකෙන් කෑ ගැහුවා. එහෙම කෑ ගහද්දියි මං දැක්කෙ මට අවුරුදු පහළොවේදි අම්මා මගේ උපන් දිනේට දුන්නු සුරඟන සිහිවටනේ.. හිතේ තිබ්බ මුළු දහිරියම දාලා මං ඒක පොළවෙ ගැහුවා. කෙඹලින් වලින් හඳලා තිබ්බ ඒ ලස්සන රූපෙ කුඩු පට්ටම් වෙලා ගියේ, හරියට මගේ හිත වගේ.. ඊට පස්සෙ අයියයි, ප්‍රශානුයි එකතුවෙලා මාව ත්‍රීවිල් එකකට දාගන්නවා මගේ මතකයේ යාන්තමට නැත්පත් වෙලා තිබුණා.


    ____________________________


    නිලංකාර වෙලා ගියපු ඇස්දෙක පිහදාලා මං වටපිට බැලුවා. මුලින්ම මං හර්ෂිලගෙ ගෙදරට ආපු දවස වගේම, හර්ෂිගෙ පුංචි අත්වලින් ඉන්ඳපු රෝස පැලවල මහා හුඟක් මල් පිපිලා තිබුණා.. හර්ෂීගෙ ගෙදරට ගොඩවෙන කොටම අයියා මගේ වම් අත තද කරලා අල්ල ගත්තා. මං අයියගෙ අත ගසලා දානවත්තෙක්කම තමයි මම්ම, මහා සද්දෙට අඬනවා ඇහුණෙ.


    ඒ වෙනකනුත් මගේ හිතට කිසි දෙයක් දැනිලා තිබුණෙ නෑ.. ඒත් ඊළඟ තත්පරේදි, සුදු පාට සාරියක් අන්දලා, සුදු අත්මේස් දාලා පුංචි සුරංගනාවියක් වගේ නිදාගෙන ඉන්න හර්ෂීව දැකලා මගේ හැම සංසාරගත බැඳීමක්ම ලිහිල යනවා මට තේරුණා. මුළු සාලෙම සෙනග මහ ගොඩක් හිටියත් මට ඒක ඒ තරම් අවබෝධයක් තිබුණෙ නෑ.. මං ශර්ෂි ළඟට දුවගෙන ගියේ ඇස් වලින් කඳුළු උතුරද්දි.. ඉස්සරම දවස්වල මගේ ඇස් දිහා බලාගෙන කතා කරපු ඒ ලස්සන ඇස් පියවිලා ගිහින් තිබුණා.


    “මං ඔයාව නැති කරගන්නෙ නෑ දේව් අයියෙ.. මං ඔයාව නැති කරගන්නෙ නෑ..”


    මගේ හිත ඇතුළෙන්ම, හර්ෂීගෙ කටහඩ දෝංකාර දුන්නා.. මෙච්චර කාලයක් හිතේ තිබ්බදරා ගැනීමේ ශක්තිය ඩිංගෙන් ඩිංග ඉරි තලන විත්තිය මට තේරුණා.. ඒක ප්‍රශාන්ටත් තේරිලා වගේ ඌ ඇවිත් මාව අල්ලගත්තා.. ඒ එක්කමයි අයියත් මං ළඟට ආවෙ..


    “අතෑරපං ප්‍රශාන්..! මාව අතෑරපං.. ඇයි උඹ මාව අල්ලන් ඉන්නෙ.. බලපං.. බලපං.. මගේ හර්ෂි, මාව දාලා ගිහිල්ලා.. එයාගෙ දේව් අයියව දාලා ගිහිල්ලා.. මාව කවදාවත් නැති කරගන්නෙ නෑ කියපු පුංචි කෙල්ල මාව දාලා ගිහිල්ලා.. අනේ.... අනේ... මට මුළු ලෝකෙම නැතිවුණා හෂි..”


    හර්ෂිගෙ සීතල සිරුර බදාගෙන මං පිස්සෙක් වගේ කෑගැහුවා.. ඒ වෙලාවෙ වෙනකොට මුළු ගෙදරම යක්කු නටපු පිට්ටෙනියක් වගේ වෙලා තිබුණා.. හර්ෂිට අවසාන ගෞරව දක්වන්න ආපු අයත් කලබල වෙලා හිටියෙ.. ඒ අතරෙ තමයි කවුදෝ ඇවිල්ලා මාව පැත්තකට ඇදලා දැම්මෙ.. මේ වෙලාවෙ මාව පැත්තකට ඇදලා දාන්න තරම් වීරයා වෙච්ච එකා බලාගන්න මං හැරුණා.. එතැන හිටියෙ ඇල්ෆ්‍රඩුයි, ඩිලානුයි.. තව කීප දෙනෙකුයි.


    “ඇල්ෆ්‍රඩ්..! මල්ලිව අතෑරපං බැල්ලිගෙ පුතෝ.. නැත්තං මං උඹව මෙතනම මරනවා..”


    අයියා කේන්තියෙන් පුපුර පුපුර එහෙම කිව්වම ඇල්ෆ්‍රඩ් ඉබේටම වගේ මං ගාවින් අයින් වුණා.


    “ඇයි.. උඹටත් කියන්න ඕනද අමනයො..?”


    අයියා ඊළඟට ඩිලාන්ගෙ කොලර් එකෙන් අල්ලලා කෑගැහුවා.. කිසිම දෙයක් වුණේ නෑ වගේ අයියගෙ අතින් කොලර් එකත් බේරගෙන ඩිලාන් අපිව මගෑරලා පැත්තක වුණා.. ඩිලාන් වුණත් හිටියෙ හොඳටම බයවෙලා.. ඒත් මං ඒ ගැන හිතන් නැතුව ආයෙත් මගේ පුංචි සුරංගනාවි දිහාට පහත් වුණා.


    “අනේ පුතාලා මෙතන කලබල කරන්නෙපා.. මේ අහිංසක කෙල්ලටයි ලැජ්ජ වෙන්නෙ.. අනේ ඔයාලා දැන් යන්න පුතේ..”


    හර්ෂීගෙ මම්මා ඇවිල්ලා, අයියගෙ ඇඟේ එල්ලුනා.. මං අයියගෙ මූණ දිහා බලන් ඉද්දි, ඒ මූණෙ තිබ්බෙ හිතාගන්න බැරි අමාරු හිනාවක්..