෴ University විත්ති ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    j8p6xc.jpg


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොඳුර අපි කොඳුර කොඳුර සොයමු හොඳම පඳුර
    මිනිහෙක් සතෙක්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධකය සංස්කෘතිය. රටකට, ජනතාවට ‘මහා සංස්කෘතියක්’ තියෙනවා. මෙන්න මේ මහා සංස්කෘතියේ බිඳිච්ච, අනන්‍යතා සහිත පිරිසක් වෙනත් සංස්කෘතියක් අරන් යනවා කියන්නෙ ඒක ‘උප සංස්කෘතියක්.’ එකම තැනක ජීවත් වෙනකොට, පතරංග ආර්ථිකයක් නැතිවෙනකොට, සමාන ක්‍රියාවලියක නිරත වෙනකොට සරසරවිය ඇතුළෙ උප සංස්කෘතිය බිහිවෙනවා. නායකත්ව පුහුණු දහදාහක් දුන්නත් සරසවියෙ ත්‍රිල් මට්ටු කරන්න බැරි කතන්දරේ ඒ හැමෝමත් දන්නවා. මෙතැන භාෂාව වෙනස්, කලාව වෙනස්, ආදරය වෙනස්, මතාන්තර වෙනස්, සාමූහිකත්වය වෙනස්....

    භාෂාව ගැන කතාකරද්දි මෙතැන ඉන්න හැමෝම වගේ කාලෙත් එක්ක ඒ භාෂාවට අනුවර්තනය වෙනවා. සමාජයෙ තියෙන වචන වෙනත් අර්ථයකින් සරසවිය ඇතුළෙ ව්‍යවහාර කෙරෙනකොට ඒකෙ තියෙන්නෙ වෙනම සැපක්. දැන් අලුතින් කණ්ඩායමක් එනවා කියන්නේ ‘නැවක් එනවා.’ මේකත් එක්ක බැඳුණු වතගොත ගොඩයි. අෑතින් ඇහෙනවා සින්නෙක්ගෙ සද්දෙ. ඒ කියන්නේ නැව රැග් කරන සීනියර් කෙනෙක්.

    “ආ කියපල්ලා බලන්න මේ නැව කාගෙද?” මුලින්ම ඉන්න කොල්ලා මුනිවත රකිනවා.
    “කට ගෙදර තියලද උඹ ආවේ, කියපං.” කොල්ලා සීතල වෙලා යද්දි හෙමිහිට කට අරිනවා.

    “නැව අපේ.”
    තවත් සින්නෙක්ට ඒකෙන් පට්ටටම අවුල්.
    “ආ... එතකොට කියපන් නැවේ මොනවද තියෙන්නේ..?”
    “බඩු...”
    “තොපි තොපේ සහෝදරියන්ට එහෙම කියනවද?” කොල්ලා ගොළු වෙනවා. අනෙක් අය හිනාවෙනවා.
    “හිනාව කපපන්. හරි, එතකොට කියපල්ලා නැවේ බඩු කාගෙද?” කොල්ලෙක් දෙපාරක් නොහිතා කට අරිනවා.

    “කැප්ටන්ගෙ.”
    “හහ්... හහ්... කවුද ඩෝ කැප්ටන්?”
    “වෙන කවුද... අයියනෙ.”
    මෙන්න මේ වගේ සරසවි ව්‍යවහාරයේ අර්ථයක්, මතුපිට හාස්‍යයක් මුහුවෙනවා. පොදු වැඩකදි ඒ දේට බාධා කරනවා නම් ඒක ‘උදැල්ල දැමීමක්.’ ඒ වගේම බස් එකේ, කෝච්චියේ ටිකට් නැතිව යන එක හෙණ ආතල් වැඩක්නෙ. අන්න ඒකට කියන්නේ ‘ඉබ්බා ගහනවා’ කියලා. හොරෙන් යනවා මදිවට බහින තැනදි කොන්දාගෙන් ඉතුරු ඉල්ලනවා නම් ඒක ‘කැස්බෑවා ගහනවා.’

    කැමැත්ත හිඟා කාලා කාලා එක කෙල්ලෙක්වත් කැමැති නොවෙනවා නම් උෟ ‘ඇණවෙනවා.’ අන්තිමට බැජ් එකේ ‘ඇණපති’ වෙන්නෙ ඒ කොල්ලා. නොහිතපු මිනිස්සු කෙල්ලො දාගන්නවා; උන් ගොඩ යනවා. වයසින් වැඩිමහල් ‘අක්කා පාරක්’ දාගන්නවා නම් උෟ ‘ලැම්බට්’ වෙනවා. ඇම්ඩන් නොවී ලැම්බට් වීමේ තියෙන්නෙ අයිසිං ආතල් එකක් කියලයි ලැම්බට්ලා කියන්නෙ.
    සාමූහික වැඩ කිසිම දෙයකට එන්නැති පෞද්ගලික ක්‍රියාවල යෙදෙන උන් ‘අලයො.’ පාඩම් කරනවා කියන්නේ ‘ක්‍රෑම’ දානවා. ක්‍රෑමෙත් එක එක ප්‍රභේද තියෙනවා. ඒවා පසුව කියන්නම්, ලියන්නම්.

    භාෂා ප්‍රභේද ඔක්කොමත් හරි, කාඩ් දැමිල්ලත් හරි. අලයො නොවෙන හැමෝටම සරසවියේ කාඩ් එකක් වදිනවා. මුල් අවධියේදි උප සංස්කෘතිය ඇතුළෙ නවකයන්ව හඳුන්වන්නේ ‘කුණු ප්‍රෙෂා, කුණු ප්‍රෙෂී’ කියන නම්වලිනුයි. එහෙම යෙදෙන්නේ බාහිර සමාජෙ තියෙන කුහකකම්, පටු චින්තන, ආත්මාර්ථකාමී හැඟීම්වලින් මුල් කාලෙ නවකයන් සමන්විත හින්දා. මාස දෙකකට_තුනකට විතර පස්සෙ මේ කුණු නාමය ඉවත් වෙන්නෙ ඔවුන්ව ‘බකට්’ කළාට පස්සෙයි. සරල අර්ථය මේකෙ කුණු සේදීමයි.
    පුද්ගල ස්වරූපයත් එක්ක බොහෝ වෙලාවට කාඩ් එක වදිනවා.
    “කොට්ටා, කට්ටා, බට්ටි, සොකට්, ඇටයා, දිගන්තුවා, අඟලී”
    අනෙක් කාරණේ ආව ප්‍රදේශයත් එක්ක තවත් කාඩ් හැදෙනවා.

    “පොළොන්නරුවෙ නම් - පොලා
    අම්බලන්ගොඩ නම් - රූකඩයා
    මහියංගණේ නම් - පොරමොලා
    බළන්ගොඩ නම් - මානවී
    අනුරාධපුරේ නම් - කැටයමී”
    හැසිරෙන ආකාරය එක්ක වගේම කිසිම හේතුවක් නැතිවත් කාඩ් වදින්න ඉඩ තියෙනවා.
    “මඩයා, පිංපොං, හේරා, බටුවා, ලෙල්ලා”

    අවුරුදු විස්ස-තිහ ගතවුණත් ඒ අවධියෙ නාමයෙන් ආචාර්යවරුන්ව පවා අදටත් හැඳින්වෙනවා.
    හොඳම උදාහරණය ‘නිර්මාල් රංජිත්.’ බහුතරයක් අදටත් කතා කරන්නේ ‘වමා’ කියලා. ඒක ඒ මනුස්සයගෙ සරසවි ජීවිතේ කාඩ් එක.
    සරසවි කලාවෙ තියෙන්නෙත් උත්ප්‍රාසාත්මක බවක්. පෞද්ගලික හැඟීම් තවරන්න සරසවියෙ තියෙන හොඳම කලාත්මක දැක්ම, මාධ්‍යය ‘සරසවි කුරුටු ගී’යයි. අධ්‍යයන ශාලාවල, බිත්තිවල, නේවාසිකාගාරවල, බංකුවල කුරුටු ගී, වැකි පුපුරු ගහනවා.

    ‘මාක්ස් මැරුණට
    ලෙනින් මැරුණට
    චේ ගෙවාරා මරා දැමුවට
    සෝවියට් රුසියාව වැටුණට
    චීන කියුබන් ක්‍රම උපාය ගැන
    බොහෝ දෙනකුට ප්‍රශ්න තිබුණට
    සහෝදරයා! අපි තාම මෙහි ඉන්නවා
    දුෂ්කරම මේ පැයේ
    දුක් මැද සිතින් නොවැටී ඉන්නවා.”
    (කැලණිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියැවීම් ශාලාව)
    ‘ක්‍රෑම දාලා, දාලා” ඒ කියන්නේ පාඩම දාල දාලා පීඩාවට පත්වෙලා ජීවිතෙන් පලායන්න හිතෙන අතකින් කුරුටු ගීත වැක්කෙරෙනවා.

    “සටහන් මිටිය සමනල කඳු වැටිය වැනී
    නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනී
    දාඩිය මුගුරු සාගරයේ ජලය වැනී
    ඇනුණොත් විභාගය අපි බලු පැටව් වැනී”
    (ජ’පුර - පුස්තකාලය)
    “නිෂ්ඵල වැඩක සිවු වසරක් නිරත වෙලා
    ආපසු යනවා අපි ගම් රටවල් සොයලා
    බැහැ අඳුන්න ගම-නගරය වෙනස් වෙලා
    අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා”
    (පේරාදෙණිය විශ්වවිද්‍යාලය - පුස්තකාලය
    1982.07.12 වන දින)

    නවක වධයට විරුද්ධව වර්තමානයේ පනත් ගෙනාවත් අණවලින් ඇණ නොවන ‘සරසවි සම්ප්‍රදායන්’ ඒ අයුරින්ම පවතිනවා. නවක වධයෙන් නවකයන්ව සමාජයට මුහුකරන්න, ගායනයට, රංගනයට, සාමූහිකත්වයට ඉඩ හසර විවර වෙනවා. ඉස්සර දවසක ‘මහාචාර්ය සරච්චන්ද්‍ර’ තමන්ගේ නාට්‍යවල නළුවො-නිළියො හොයාගෙන තියෙන්නේ මේ නවක වධය දෙන තැන්වලට ගිහිල්ලා. බලන්න, කාලකණ්ණි වර්තමානෙට වඩා ඒ අතීතය සුන්දරත්වය. කොහොමද ඒ විශේෂත්වය.

    ලේ-දහදිය-සුසුම් එක්කරලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයක හෙවණැල්ල ඇති කළ ‘මිනිස්සු’ ගැන ඉදිරියේදී කියන්නම්. අරගල ඇවිළෙන, ප්‍රේමය අස්වද්දන, වේදනා කැළතෙන, චේතනා මුහුවෙන සරසවියට ඇවිත් බලන්න මේක පැහැදිලිවම තැනක්. තැනක්’ කිව්ව පළියට හැම තැනම තැනක් වෙන්නෙ නැහැ. හැබැයි ජීවිතයක හැමදේම විසඳෙන සරසවිය කියන්නෙ තැනක්!!!

    “සොඳුර
    අඳුර අඳුර
    අපි කොඳුර කොඳුර
    සොයමු හොඳම පඳුර”
    (රජරට විශ්වවිද්‍යාලය - අංක 9 ශාලාව)

    කසුන් මහේන්ද්‍ර හීනටිගල
     
    • Like
    Reactions: waligamaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉක්මන් වුණ එකා ළඟ බඩු හතඅටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය

    'ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ සෞම්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි'

    ප්‍රායෝගිකව අතේ පත්තු වෙන ඒ වගේ වැඩවසම්, හිනා යන අදහස් සරසවියට අදාළ නැහැ. ඇත්තටම ප්‍රේමය දිහා සරසවි ඇහෙන් බලද්දි එතැන තියෙන රැඩිකල්කම මොකක්ද? ගාමන්ට් ප්‍රේමයක් යෝජිත ප්‍රේමයෙන් සරසවි ප්‍රේමය වෙනස් වෙන්නෙ කොතැනින්ද? මහ සංස්කෘතියෙන් බිඳෙන උප සංස්කෘතිය ප්‍රේමය කියන සාධකය වැලඳ ගන්නෙ කොහොමද? එන්න, සරසවි ප්‍රේමය දකින්න. සරලයි, සුගමයි, පුදුමයි!

    සරසවිය Love ප්‍රභේද කිහිපයක් තියෙනවා. සරසවි සිසුන් බහුතරය ගෙවන්නෙ මාරු කාසි හෙල්ලෙන ජීවිතයක්. පොෂ් ජීවිත මෙතැනින් අහුලගන්න බැරි තරම්. වෙන්ඩ පොෂ් වෙන්න හදන උදවිය මුල් කාලීනවම සරසවියේදී අලස වෙනවා. අවුරුදු හතර පහ ගෙවුණත් උන් සරසවියෙ දන්නෙ ආචාර්යවරු ටිකයි, පුස්තකාලයයි යන වාහනයයි විතරයි. බහුතර ප්‍රජාව හිතේ හැටියට නැති වුණත්, අතේ මුදලට කනවා - බොනවා. කැන්ටිමේ හාල්මැස්සො හොද්දෙ හාල්මැස්සෙක් දකිනවා කියන්නෙ හෙණ සතුටක්. ඉඳලා හිටලා හරි දවල් බත් එකට දෙන සොසේජස් පෙත්ත මහ දුකක්. ඒක එක දතකටත් මදි. කැන්ටිමේ මෙලෝ රහක් නැති බත වෙනුවට ගෙදරින් බත් අරන් එන, අම්මගෙ උණුහුම තවරපු බත් පතක් කන්න කොල්ලො පින හොයනවා. පින මාර්ගඵල ලැබුවොත් බත් එක අරන් එන කෙල්ලට කටට රහට කන්න කැමැති කොල්ලෙක් පැණිය හලනවා. දිමියා ඇලුණ ගමන් වැඩේ ගොඩ යනවා. ඒ ආදරය නාමකරණය වෙන්නෙ 'බත් Love ' කියලා. කෙල්ල හිතනවා කොල්ලා බඩ බැඳගෙන කෙල්ලට ආදරේ කරනවා කියලා. ඒත් කොල්ලා දත් තිස් දෙකෙන්ම ආදරේ ඒ තඩි, මහත, රස බත් එකට.

    'ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
    කෑවේ පාන් අප හට නැත බත් කන්න
    කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
    කවුරුද කැමැති මට බත් අම්මා වෙන්න'
    (ඉහළ ආපන ශාලාව - රුහුණ විශ්වවිද්‍යාලය)

    ඊළඟ ආදරය ටිකක් සබුද්ධිකයි. සරසවි දේශන ශාලාවල නිදිමත - කම්මැළිකම - අෑනුම් - දේශකවරුන්ගෙ ගොන් පාට් කෝටියයි. කොල්ලො බහුතරය දේශනවලට සහභාගි නොවී කට් එකක් දානවා. ඒකත් සරසවි ව්‍යවහාරයෙ හඳුන්වන්නෙ 'අල වෙනවා' කියලා. කොහොම අල වුණත් අන්තිමේ විභාගෙ කරන්න ඕනි කියන මානසිකත්වයට පත් වෙනවා. ව්ධබඥ නැතිව උත්තර කොහෙන්ද? ලස්සනට - පිළිවෙළට - ව්ධබඥ ලියන කෙල්ලෙක්ට ඇහැ දාලා කොල්ලෙක් ගොඩ යන්න බලනවා. ඒ වෙන කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ව්ධබඥ කන්ද බලාපොරොත්තුවෙන්. මේ ව්ධබඥ Love .
    'අවසානයට පෙර අෑ ගියා' කියන පදය මේ මොහොතෙ පරණයි. ඒක වෙන විදියකට ගත්තොත්,

    'ආ දුරත් දැන් හරි නිසා
    අවසානයේ ඔව්! ඔහු ගියා

    කියන්න සමහර කෙල්ලන්ට මෙතැනදි සිද්ධ වෙනවා. ඒ තුන් වැනි ප්‍රේම ප්‍රභේදය ඇතුළෙ. තනිකරම විනෝදය, කාලය යැවීම, සැප, සොමිය, රහ වෙනුවෙන්ම ගොඩ යනවා නම් සරසවි ජීවිතේ අවසන් වෙන මොහොතෙ ඒ ප්‍රේමයත් නවතිනවා. ඊට පස්සෙ එළියට යන්නෙ නන්නාඳුනන දෙන්නෙක්. මෙන්න මේ විනෝදබර, තාවකාලික ප්‍රේමය තමයි සොමි Love .
    බත් Love , සොමි Love , ව්ධබඥ Love කුඩු කරන්න පුළුවන් එකම එක ප්‍රේමයක් සරසවියෙ ගොඩනැඟෙනවා. ඒ අත්දැකීම හුඟක් අය විඳිනවා. කඳුළ, හිනාව ඇති වෙනවා. නැති වෙනවා. මොන දේ වුණත් ආයෙත් උපදිනවා. ඒ සිරා Love .

    ප්‍රේමය දිනා ගැනීම, විරහව උරුම වීම, රෝමාන්තික වර්ෂාවෙන් සැනසීම කොහොම විඳදරා ගත්තත් ප්‍රේමවන්තියක්, ප්‍රේමවන්තයෙක් නැතිව 'තනිවීම' හෙණ අවුලක්. ප්‍රේමය තරගයක් වෙන අවකාශයක සරසවි කලාව කුරුටු ගීත ඇතුළෙත් ප්‍රේමය රඳවනවා. මේ පරාජිතයකුගෙ අපරාජිත අදහසක්.

    ඉවසන දනා රුපු රුදයට ජය කොඩිය
    මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් වුණ එකා ළඟ බඩු හත අටය
    ඉවසන් හිටපු මම තවමත් තනිකඩය
    (පුස්තකාලය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
    සමාජයක මහ සංස්කෘතියේ රජ කරන කුහක,

    දුර්වල ලක්ෂණත් සරසවි ප්‍රේමයෙ නැතුවම නෙවෙයි. ගොඩ යන්න කලින් කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි සමාජ තත්ත්වය, වත, ගත හොරාට හොයලා බලන කාරණේ ප්‍රසිද්ධ රහසක්. අනෙක් අතට දෙයියන්ගෙ මල්ලි 'නැතිනම් සරසවි පෙමට වුණත් සොරි තමයි මල්ලි.

    'අනේ රුපියල
    නුඹේ බාල්දු වීම
    මගේ ප්‍රේමය
    අහිමි වීමට හේතු විය.'

    (කැටපත් පවුර - රුහුණ විශ්වවිද්‍යාලය)
    නැවේ බඩුවක් ඒ කියන්නේ තමන්ගෙ නැවට අයිති කෙල්ලෙක් ඇතුළෙ අයට කොළේ වහලා පිට කොල්ලෙක් එක්ක ගොඩ ගියොත් ඒ ආදරේ වෙන්නෙ 'ර්.ඩ්.' මේ සංකේතෙ අදහස මුහුදු හොරු.
    පැහැදිලිවම සදය උපහාසයක් මේ ප්‍රකාශනවලින් නිර්මාණය වෙන්නෙ අනිවාර්යයක් හැටියටයි.

    සරසවියට ගොඩබැස්ස දවසෙ ඉඳලා කේශාන්තෙ ඉඳන් පාදාන්තෙ වෙනකල් ප්‍රියංකර නිසංසල - සුපෙම්බර - අහිංසක - හැඟුම්බර කෙල්ලො දකිද්දි ඒ අයට කියන්නෙ ටොයියා කියලා. ඇස් අස්සටම ලස්සන වෙඩි තියනවා නම් කිරි ටොයියා. දෙයියො ළඟ වුණත් සත්තු ඉන්නවා වගේ කරුමෙට හරි කළු වුණොත් - කැත වුණොත් ඒ කෙල්ල යකා වෙනවා. ගොඩාක්ම විරූපී නම් අම්බ යකා වෙනවා. බලන්න බැරිනම් නාමකරණය වෙන්නෙ පට්ටම යකෙක් කියලා. කෙල්ලො පීඩනයට පත්වෙන ඒ වගේ තරමක් පසුගාමී ලක්ෂණත්, හාස්‍යාත්මක වචනත් ව්‍යවහාරයේ කිමිඳෙනවා.
    කෙල්ලො දහයක් පහළොවක් පිරිවරාගෙන එක කොල්ලෙක් මැද්දෙ ඉඳන් දෙසනවා නම් ඒක ඒ කොල්ලගෙ පාත්තිය. නිදහස් වෙලාවක් බලලා හැමෝටම හොරාට හරි, පේන්නම හරි කෙල්ලෙක් ළඟ මරිසි වදන් තෙපලනවා නම් ඒ තමයි තෙමීම. තෙමන්නෝ හපන්නෝ කියන්නත් පුළුවන්. ඒක ද්වි අරුත් තියෙන හැඳින්වීමක්.

    කොහොම වුණත් ප්‍රේමය වෛරය වෙන්න යන්නෙ ඉතාම සුළු කාල අවකාශයක්. විරහව - වේදනාව - කඳුළු එක්ක ලේ තැවරුණ සරසවි පෙම් ඉතිහාස කළු පැල්ලම් තියෙනවා. ඒ පැල්ලම්වලට සුදු හුනු ගානවා වෙනුවට මේ යුගය වඩා හරවත් යුගයක් කරන්න පුළුවන් නම් මාරයි! ර්ණීච්ඡ්ඹ් යන්න වත්කම් නැති, ඒර්ථීර්ථීධ්ඊ යන්න දත නැති සරසවි නිදහස භුක්ති විඳින්න - ගුමුගුමුවෙ තෙපලන්න කැමැති උන් වරෙව්! අහිංසක කෙල්ලන්ගෙ කන්‍යාභාවය පරීක්ෂා කරන්න හදන අසහනකාරී උපකුලපතිවරුන්ගෙ කන් අඩි තාර්කිකව පළන්න දැන් කාලය ඇවිල්ලා.
    සරසවිය අයිති පාලකයන්ටවත් - බලධාරීන්ටවත් නෙවෙයි, නිදහස් අධ්‍යාපනය - ආදරය - ජීවිතය රැකගන්න හදන උඹලටයි! උඹලට විතරමයි!!!

    කසුන් මහේන්ද්‍ර හීනටිගල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    S 3 ක් තියන් උෟ APPIT A 3 ක් අරන් මට TRAFFIC

    “ඉගෙන ගන්න - අරගල කරන්න
    අරගල කරන්න - ඉගෙන ගන්න”

    ලෙනින්ගෙ පට්ට පරසිඳු ඒ කියමනට Salute කරලා මේ මොහොතෙ “අධ්‍යාපන අයිතිය” ගැන කතා කරමු. දන්න කියන කාලේ ඉඳලා අප්පගේ මුත්තගේ කාලෙ ඉඳලා ශ්‍රී ලංකාව කියන්නෙ “සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකෙ රටක්.” මහ පාරක්, පොකුණක්, වැසිකිළියක්, පෞද්ගලික සරසවියක් ගාණේ ආශ්චර්ය දෝරේ ගැලුවත් හෙට උදේ බලද්දිත් අපි සංවර්ධනය වෙමින් පවතින ලාංකිකයෝ පිරිසක්. ඇයි අවුල්ද? අවුල් වුණත් කරන්න දෙයක් නැහැ.

    කිරියෙන් කාලා පැණියෙන් අත හෝදලා නෙවෙයිනෙ මස්සිනා අපි සරසවියට වැඩම කළේ... නිදි වරාගෙන, මතක වනපොත් කරගෙන, ලියලා ලියලා ආපු ගමනක මං සලකුණුනෙ හැමතැනම තියෙන්නෙ. ඒත් කණාවටත් ඕනි කෙනකුට වියදමින් යන්න පුළුවන්.

    “බේ‍රායිලර් උපාධි නිකේතන” මේ ආශ්චර්යවත් දේශයේ තියෙනවා. මේවට යන්න නිදි වර වර පාඩම් කරන්න, තරගකාරී වෙන්න කිසිම දෙයක් ඕනි නැහැ. එක දෙයයි ඕනි. ඒ “සල්ලි”. ඒවා Ok නම් බත් කන හරකෙකුට වුණත් “පෞද්ගලික සරසවියකට” අඩිය තියන්න, උපාධිය ලබන්න පුළුවන්. අඩියෙන් අඩිය උපාධි විකුණන ක්‍රමයක, අතරින් පතරවත් “නිදහස් අධ්‍යාපනය” රකින්න ඕනි කියන අරගල කරන මිනිස්සු හුඟක් වටිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මගෙ සැලකිලි පුදන පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශාවෙන් සිප වැලඳ ගන්නවා. ආයෝජකයන්ට මල් පුදනවා. “නිදහස් අධ්‍යාපන අයිතිය” වෙනුවෙන් පාරට බහින - උද්ඝෝෂණ කරන අඛණ්ඩ උපවාස කරන සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගහනවා. රාජ්‍ය මාධ්‍ය ඉදිරියේ කෙළ ගහනවා. ඉතින් “ප්‍රජා ‘ච’න්ත්‍රවාදෙ ආතල්” ඔන්න ඔහොමයි.
    මෑතක CHOGM තියලා බබල්ගම් වුණ රටක, ඇත්ත යථාර්ථ ඉතිහාසෙ දකින මේ නිමේෂයේ “නිදහස් අධ්‍යාපනය” සැඟවෙන අවකාශයෙ සමස්ත සරසවි පද්ධතියට වෙන අවුල බලන්න.

    ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
    සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
    හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
    දින නියමයක් නැතිව සරසවි වැසී ඇත
    (ජිම් ආපන ශාලාව - රුහුණ විශ්වවිද්‍යාලය)

    සරසවි නේවාසිකාගාරවල කෙල්ලෝ, කොල්ලො විඳින දුක පට්ට කට්ට දන්නෙ උන් විතරයි. සනීපාරක්‍ෂක පහසුකම් පවා ඉතා අවම මට්ටමකට පත්වන ඉඩක අඩු තරමේ ඒවා ගැනවත් නොබලන පාලනයක් මොකටද? Mcdonalds නොයන සබ්මැරීන් නොකන බහුතර සරසවි ප්‍රජාවෙ “ආහාර වට්ටෝරුව“ මෙන්න මේකයි.

    පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
    ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
    මලකඩ වතුර නේරංජන ගඟ වේවා
    සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

    පොරවල් කියලා කොච්චර කොර වෙන්න දැඟලුවත් රටේ බහුතරය සාමාන්‍ය මිනිසුන්. අධ්‍යාපනය වෙළෙදාමක් වුණ මොහොතෙ ඉඳන් ඒක එක පිරිසකගෙ විතරක් වරප්‍රසාදයක් වෙද්දි “බහුතරය අයිතිය අහෝසි වෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් මේ වියමන පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තියෙන ඉරිසියාවක් කියලා. නෑ... මේක “ජෙලක්” නෙවෙයි ගහන්නම ඕනි “තෙලක්”.

    අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නෙ හැමෝටම පොදුවේ භුක්ති විඳින්න පුළුවන් නිසා. ඒක එක පිරිසකට විතරක් මුදල් දීලා හිමිකරගන්න පුළුවන් නම් ඒ වෙනස්කම මහා අපරාධයක්!

    2011දී “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” ඉදිරිපත් වුණත් බහුතරයක සමාජ විරෝධය මැද ඒක හකුළා ගන්නවා. මෑතකදී ගැසට් පත්‍රයක් විදියට වෙස් මාරු කරගත්තෙත් ඔන්න ඔය පනතමයි. “මාලඹේ, අ.ධ්.

    APPIT....” “බැරිනම් කැමැති කඩේකින් අද වෙද්දි උපාධිය තෝරගන්න පුළුවන්. රටේ අනාගත දුප්පත් පරපුරට තමන්ගෙ පන්තියෙ මිනිසුන්ට අහිමි වෙන අධ්‍යාපනය දැක දැක සරසවි සිසුන් මුනිවත රකින්නෙ නැහැ. තමන්ගේ උපාධි හීනෙ මතු පරම්පරාව වෙනුවෙන් පුදන්න සටන් කරන්න උන්ට පැහැදිලි ඇම්මක් තියෙනවා. ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා.

    සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපා
    වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා
    ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැලඳ දෙපා
    වීරයෝ මිසක නිකමුන් බිහිකරනු එපා
    මාක්ස් ප්‍රනාන්දු ශාලාව - පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

    අධ්‍යාපනය විකිණීමත්, මිනිසුන් තනි තනි ලෝකවල හිරවීමත් නිසාම වෙන අනෙක් අවුල තමයි “සාමූහිකත්වය” නැතිවීම. කලිසම් ෂර්ට් මාරු කරගෙන අඳින එක එක බත්පත පහළොස් දෙනා පවා කන එක (දැන් වෙරළු ගෙඩියෙ Version එක වෙනස්) සාමූහිකත්වයේ අනිවාර්ය අංග, කාගෙ හරි අවමඟුලක් වුණාම හැමෝම බුරුතු පිටින් යන එක තමයි කපකට යෑම මේ අන්වර්ථෙ තියෙන්නෙ උත්ප්‍රාසයක්. මොකද මළ ගේ ළං වෙනකල් සින්දු කියලා කියලා ආතල් අරන් ළං වුණු ගමන් ශෝක Mood එකට අනුවර්තනය වෙනවා. ආයෙ එද්දිත් මළ ගෙදර දේශසීමාව පහු වුණු ගමන් ආතල් ගුහාවයි. සාමූහිකත්වය පෙන්වන තවත් දෙයක් වෙන්නෙ “පොදු වැඩ කටයුතු” කලා උළෙලක්, දේශපාලන සංවාදයක්, සංගීත වැඩක් කෙරෙද්දි එකතු වීමත් සරසවි සම්ප්‍රදායක්.

    මේ සාමූහික සහෝදරකම් මුකුත් නැති අධ්‍යාපනය භාණ්ඩයක් කරගත්ත කඩ ඇතුළෙ ඒක පාවිච්චි වෙන්නෙ. “ඇදලා ගත්තා - දමලා ගැහුවා” වගේ වැඩේ කරගන්නකම් විතරයි.

    ඒත් සරසවියෙ බොක්කවල් ගැන, නේවාසික වේදනා මැද “සාමූහික සැප” ගැන ජ’පුර කියන්නෙ මෙහෙමයි.

    “කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
    කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ
    ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ
    මේවා එකට කවදා හමුවෙද ජ’පුරේ”.

    විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    දවසක් ගාණෙ විකුණන ශ්‍රමයට හරියන්න දශමෙක තරම්වත් වැටුපක් නොලබන මවුපියන්ගෙ දරුවෝ A3ක් අරගෙනත් තක්බීර් වෙද්දි, නායකත්ව පුහුණුවලින් හිරි ඔතප් බිඳිච්ච කෙල්ලො ලැජ්ජාවේ මිරිකෙද්දි,S3ක් ගත්ත සූකිරි පුත්තු අධ්‍යාපනික ස්වයං වින්දනයෙ යෙදෙනවා. එකම සමාජෙක දෙවිදියකට ක්‍රියාත්මක වන මේ අවුල ගැන මෙතැනින් එහාටත් උඹලා - අපි අතරේ කතා බහ කෙරෙන්න ඕනි! මොළේ උඩ ඉඳගත්ත මිනිසුන් දැන්වත් ඔළුව කෝ කියලා හොයන්න ඕනි! මොකද “සරසවියෙ දුක - සැප අහිමි වෙන අයිතිය” ගැන කැක්කුමක් දැනෙන්නෙ ළතෙත් හදවත් එක්ක ඒකාත්මික වන ළයාදරයන්ට විතරයි!!.

    සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
    අම්මා දනී නම් මේ සරසවියෙ තතු
    වර බොල කොලුවො යැයි දෙනෙතින් කඳුළු යුතු
    ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු

    කසුන් මහේන්ද්‍ර හීනටිගල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුපුරන මනසේ කකියන පැතුමක ප්‍රේමය සිපගත් සරසවි ගීතය

    ආදරණීය චේතනා, විරහවේ වේදනා වගේම අත්‍යවශ්‍ය මොහොතෙදී අරගලයෙ කාරණා එක්තැන් කෙරුණු කලා මාධ්‍යයක් තමයි 'සරසවි ගීතය.' කොළඹ වේවා, පේරෙ වේවා සරසවිය මූලික කරගෙන උප්පත්තිය ලැබුව මේ ගීත කලාව හරවත් වැදගත් වගේම අර්ථවත්. හොඳම කාරණය වෙන්නෙ එක් එක් යුගයන් නියෝජනය කරන ගීත ඇතුළෙ දැනෙන රසයෙ වෙනසක් නැති එකයි. ඒ සුගායනයට දෙසවනින් ඉව අල්ලන ගමන් අතින් තට්ටුවක් දාන ගමන් මනසින් කිදා බහිමු, ගීත ඇතුළට...

    මනුස්සයා උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කිව්වා වගේ මං හිතන්නෙ කවියක්, ගීතයක් වුණත් එහෙමයි. සමාජය එක්ක එකඟ වෙන අවකාශයේදී ඒක දැනෙන්න පටන් ගන්නවා. බහුතරයකට සරසවි අධ්‍යාපනයට මංපෙත් විවර නොවෙන ලාංකේය අධ්‍යාපන ක්‍රමයෙදි පශ්චාත්තාප හුඟක් ඇතිවෙනවා.
    දරුවෙක්ගෙ ප්‍රතිඵලේ දැකලා අම්මා පොළොවෙ හැපි හැපී අඬද්දී ඒ කොල්ලා කිව්වලු,

    "අඩෝ අධ්‍යාපන ඇමැතිතුමෝ උඹ අපේ අම්මව ඇඬෙව්වා" කියලා.
    බලන්න, ඒ කියමනත් සපුරාම දේශපාලනිකයි. ඉතින් මෙහෙම ක්‍රමයකදී ඒ/ඹ් යුගයෙ ඉසුරුමුණි පෙම් යුවළ වගේ හැමතැනම කෙටිලා හිටියට සාලියට අශෝකමාලාව ථඪඵඵ වෙන්නෙ පඥඵභතබ ආවට පස්සෙ. පොදු හීන එකතු කෙරුව පෙම්වතා තනිවෙද්දී, පෙම්වතිය පෞද්ගලික හීනෙක වටිනාකමට ළංවෙනවා. පෙම්වතා මනස ඇතුළෙ ආදරණීය පුද්ගල කැරැල්ලක් ගහනවා.
    ප්‍රේමවන්තයා අතීත කාමය ඇතුළෙ විඳවන්නෙ කොළඹ ඉඳන් වෙන්නත් පුළුවන්, අනුරාධපුරේ ඉඳන් වෙන්නත් පුළුවන්... හැබැයි ප්‍රේමවන්තිය ඉන්නෙ පේරෙ. හන්තාන ඇස්වලින් අල්ලන්න පුළුවන් මානෙ.

    හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න...
    මේ ගීතයෙම අන්තරා කොටස් කන වැකුණු ගමන් හිතෙන්න පුළුවන්,
    'ෂහ්... ඒ කොල්ලා මාරයිනෙ, උගෙ හැඟීම පරම පවිත්‍ර පිරිසුදු හැඟීමක්නෙ' කියලා...
    බලන්න එහෙම හිතෙනවද?
    අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න

    කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දැනෙන්න
    මට හිතෙන විදියට ඔතැනදී ඇත්තටම වෙන්නෙ ඕක නෙවෙයි. ඒ කියන්නෙ දැන් කොල්ලා දන්නවා කෙල්ල ගියා. අලුත් පරිසරයක තනිවෙද්දී සීතල දැනෙද්දී, තවත් ජෝඩු දකිද්දී ඉවසන්න අමාරුයි. අනෙක් අතට මෙතැනදී ඇත්ත සමාජ පදනම හැංගෙනවා. සරසවි විද්‍යාර්ථ කෙල්ලෙක් ඉදිරියෙ ඒ/ඹ් සමත් කොල්ලෙක්ට හීනමානයක් දැනෙනවා. පුරුෂාධිපත්‍යයට පැහැදිලි චබබචජඬ එකක් එල්ල වෙනවා. ඔන්න ඕකයි ඇත්ත විරහව_දුක_අතීත කාමය හංගලා කොල්ලා පරිත්‍යාගශීලී අයිසිං තවරන්නෙ.
    දැන් ආයෙ ඒ පද ටික කියවන්න....

    මොනවා වුණත් කොළඹ සරසවියෙ ඉගෙන ගත්ත 'ධම්මික බණ්ඩාර' මහත්තයා අතින් ලියැවුණු ඒ/ඹ් පාලමෙන් ගොඩවෙලා තනියෙන් පේරෙ ගිය ඒ ප්‍රේමෙ හෙට උදෙත් විඳින්න පුළුවන්.
    ආදරයයි_විරහවයි එහෙම අත උස්සද්දී මෙන්න අරගලය අත් දෙකම ඔසවනවා. රෝහණ රත්නායක වෙනුවෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියෙදී සංවිධානය කෙරුව සමරු උළෙලකදී අති විශේෂ ගීතයක් කලඑළි බහිනවා; ‍ෙදාරට වඩිනවා. පේරෙ මූලික කරගත්තත්, ඒ යුගයෙදී ජ'පුර කථිකාචාර්යවරයෙක් වුණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා අතින් පොදු සරසවි ජීවිත ගැන මෙහෙම ලියැවෙනවා.

    හන්තාන අඩවියේ...
    මැඳුරු කුලුනු සුදු සඳලුතලා පිස මේ එන්නේ...
    ප්‍රේමයේ සුවඳ නොවේ...
    කුසින් අඩක් දළ අහරින් සකසා
    කෙසඟ සිරුරු රළු යහනේ සතපා...
    අනියත හෙට ගැන සිතමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා...
    මානව මානවිකාවන්ගේ
    නළියන රුධිරේ උණුසුම් සුසුමයි...
    ප්‍රේමයේ සුවඳ නොවේ...

    අදටත් මේ සරසවි යථාර්ථය ඒ විදියටම දකින්න, අත්විඳින්න පුළුවන්. පාලකයො අහිමි කරන හැම සිසු අයිතිය වෙනුවෙන්ම විඳින පීඩාව ඉදිරියෙම එළියට එන්නෙ පැහැදිලිවම ප්‍රේමයෙ සුවඳ නෙවෙයි. අතීත සටන්වල ස්මරණය තහවුරු කරගෙන අනාගත පරපුර වෙනුවෙන් උපාධිය පවා කැපකරන ජීවිතවලින් හමන්නෙ තාවකාලික සෙන්ට් සුවඳත් නෙවෙයි. ඒ ලේ හොලවලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයේ සහෝදරත්වයේ සුළඟයි.

    පීඩනයෙන් පැනසර හිස ඔසවා
    පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා...
    මළ සොයුරන් සිහි කරමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා...
    මානව මානවිකාවන්ගේ
    පුපුරන මනසේ කකියන පැතුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ...

    යුගයක් තරම් බර මතකයක්, බෙදා හදා ගත්ත දුක් කන්දරාවක්, ලොවට හොරෙන් විලිලා රැකගත්ත ස්නේහයක් අමතක කරන්න පුළුවන්ද? ඇත්ත! කාලය කොතරම් නපුරුද සොඳුරිය???
    සොඳුරිය...
    කාලය කොතරම් නපුරුද
    දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
    රැකගත් කාලය උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොඳුරිය...

    අවුරුදු හතරක_පහක සරසවි ජීවිතය නිමාවෙද්දී කාලය කොච්චර නපුරුද කියන්නත් ආලය මෙච්චර ගැඹුරුද කියලා හිතෙන්නත් පුළුවන්.
    ඒ යුගය කොළඹ සරසවියෙ විවිධ මතධාරී විවිධ පිරිස්, සාහිතකාමී වගේම දේශපාලන කල්ලි හෙල්ලුණු අවධියක්. කෝට්ටෙ යුගයෙදී චබබචජඬ එකට සන්දේශ ලියැවුණා වගේ මෙහෙත් එහෙමයි. එක පැත්තකින් ගීතයක්, කවියක් ලියැවෙද්දී අනෙක් ගුරුකුලයෙනුත් පදරචනා උපදිනවා. මෙහෙම වපසරියක ගීතයකට රහ පුදන්න පද රචනාවකට පණ එනවා.

    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගාණේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
    හමුවේ සිත මාගේ

    හැම හදවතකම මහා පොදු සාධකය ආදරය වෙද්දී දකින සිදුවීම් ඇතුළෙ හැඟෙන හැඟීම් පතුලෙ කොළඹ සරසවියෙ ශාස්ත්‍ර පීඨයේ 'සිත් කවියෙ' ලියැවෙන පෙමක් ඒ අනුසාරයෙන් ජනප්‍රිය ගීතයක් වෙනවා.

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා...

    හඬන්නත්_හිනැහෙන්නත් පුළුවන් ප්‍රේමයක් තුරුලු කරගෙන, මැරෙන්නත්_උපදින්නත් පුළුවන් අරගලයක් එක්ක ජීවිතේ දකින්න... කාර්යබහුල ජීවිත ඉදිරියෙ දුවන මිනිහෙක් නොවී 'දැනෙන මිනිහෙක්' වෙන්න... කොත්තු රොටි ර්භඵඪජ කනවා වෙනුවට අරුත්බර ගීතයක් විඳින්න... පුපුරන මනසේ කකියන පැතුමක නළියන සුසුමක් එක්ක සරසවියට එන්න... එද්දී මතක ඇතිව 'ආදරේ' අරන් එන්න!!!

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු ගෑස්වලින් අපේ කඳුළු දෑස් මට්ටු නොවේ

    මතක හැටියට ඒ සඳුදා දවසක්. ඉගෙන ගන්න සරසවියට වැඩම නොකළත් ශිෂ්‍ය අවධියේ ඉඳන් සරසවිවලට බඩගෑව ‘හිතුවක්කාර අතීතයක්, අංකුර රැඩිකල් දේශපාලනයක්’ කොල්ලෙක් සතුව තිබුණා. සරසවිය දැකලා, ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය හදාරලා, වත්මන් සගයෝ එක්ක එකට වැටිලා, හීනෙන් පවා ලෙනින්ව දැකපු යුගයක් ඒ කොල්ලට තිබුණා. දැන් ප්‍රශ්නයක් නේද ඒ කොල්ලා කවුද කියලා කලබල වෙන්නෙපා. ඒ කොල්ලා මං.

    හරි වයස ආවම දන්න ශිල්ප පෙන්නලා මං සරසවියට ආවා. සරසවිය කිව්වම කියන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා මොහොතකට නවතලා අර සඳුදා දවසට යමු.

    ‘මල්ලී, දන්නවනේ Z Score ප්‍රශ්නනෙ. අද මාධ්‍ය හමුවක් තියෙනවා. කට්ටියත් එක්ක. ඔයත් වාඩිවෙන්න.’
    ඒ විධානය නොව, එව වදන් නිධානය ඉහළ දේශපාලන සගයාගෙන්. සහෝදරයාගෙන් මට ලැබුණා. ඒ අවුරුද්දේ මාත් උසස් පෙළට මුහුණ දුන්නා. මගෙ හීනෙට යන්න මට ඉඩකඩ තිබුණා. (සමහර විට ඒක අහුරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අමතක වෙන්නැති) ඒත් අපේම පන්තියේ අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන් එදා අපි රැස්වුණා. පුංචි අවුලක්. මාධ්‍ය හමුවට නියෝජිතයන්ගෙන් වාඩිවෙන්න තිබුණ ඉඩකඩ සීමිතයි. කලිනුත් කිව්වා වගේ මම එතකොට සරසවියෙ නිලලත් ශිෂ්‍යයෙක් නෙමෙයිනෙ. ඒත් සරසවි ගැටලු ගැන මට යම්කිසි දැනුමක් තිබුණා. මට වාඩිවෙන්න ඉඩක් තිබුණේ නැහැ.

    එතැන හිටපු (කැලණිය විශ්වවිද්‍යාලයේ කොල්ලෙක්) මුකුත් නොකියා මට කතා කරලා එතැනින් නැඟිට්ටා. ‘සහෝදරියක් ඇවිල්ලා ඉන්නවා. මං එක්කගෙන එන්නම්’ කටින් වාඩිවෙන්න නොකියා සහෝදරත්වයෙන් පිටට තට්ටුවක් දාලා ඔහු මට වාඩිවෙන්න කිව්වා. මේ සහෝදරයා තමයි මාතලන්!
    බාගෙට ගෙවිච්ච, කැඩිච්ච රබර් සෙරෙප්පු 2ක්, පොඩිවෙච්ච Shirt එකක්. එක්ක පට්ට ගහපු Denim එකක් එක්ක නොගෙවුණු මනුස්සකමක් මං ඒ ඇස් දෙකේ දැක්කා. එවකට එතැනට සියලුම සුදුසුකම් තිබුණ ඔහු වාඩි නොවී සරසවියට යන්න හිටපු මං වාඩිවුණා. හවස යනකොටත් ඒ ඇස් ජයවේවා කිව්වා. කැලණියෙ කොල්ලො එකතු වෙලා අරන්දීලා තිබුණ සෙරෙප්පු දෙක පාවිච්චි නොකර ඒකෙනුත් පටියක් කඩලා පොදු වැඩකට අරන් තිබුණා. මහා මේරුව පවා හෙල්ලෙන්න උද්ඝෝෂණවලදී කෑ ගැහුව මේ මාතලන් අද ජීවතුන් අතර නැහැ.

    මිනීමරුවන්ට මං කියන්න ඕන දේ කලින්ම සරසවි කුරුටු ගීයක කවුදෝ ලියලා.
    තබන තබන වෙඩි ආපිට හැරීයන්
    මරණ මරණ මිනියට පණ ලැබීයන්
    ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
    සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්!
    මාතලන් නියෝජනය කෙරුව ඔහුගේ සමකාලීන හා පසු පරපුර අදත් උද්ඝෝෂණවලදී ඉතාම සක්‍රියයි.

    ‘පේරාදෙණියට අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවනවා’
    ‘ඉන්දියානු අනුග්‍රහකයන්ට කටුනායක පෞද්ගලික සරසවියකට (බඩු ගන්න පුළුන් කඩේකට) ඉඩ හසර විවර කරනවා’
    ‘ආශ්චර්යය ඇතුළෙ ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකින පරම්පරාවක් බිහි කරනවා’
    මෙන්න මේ වගේ ගොන් Part ප්‍රකාශ නිකුත් කරන මා. රා ලන්තයේ අධ්‍යාපන කේවට්ටයන් නිසා සරසවි අරගල දැන් පට්ට උණුසුම්. කඳුළු ගෑස් ටොන් පිටින් ගැහුවත් අරගලකාරී උණුසුම් කඳුළු දෑස් දිලිසෙන්න අනාගත නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන්මයි. එකා පිට එකා මැරුණත් ශිෂ්‍ය ව්‍යාපාරය අතීතෙ ඉඳන් අරුත්බර වෙන්න හේතුව ඒකයි.

    බැටන් පොලු කර පිටම ‍ෙදාං
    කඳුළු ගෑස් වෙඩි උණ්ඩ දුං
    කොයිද සඟයින් එරං
    නැතිය ඉහිලුම් කරන තෙක් සුං
    එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටනේදී තමන්ගෙ පොත් පත් තිබුණ Locker එක වහලා ඉගෙනීමට පෙර අහිමි වෙන (සමාවෙන්න අහිමි කරන) අධ්‍යාපන අයිතිය රැක ගන්න පෙරට ගිය ශිෂ්‍ය ව්‍යාපාරයක් සරසවි ඉතිහාසයේ නොමැකී තියෙනවා.
    සරසවියට අලුතින් එන නංගිලා මල්ලිලා හරිහැටි නොදන්නවා වුණාට, පද්මසිරි ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ වගේ මිනිස්සු රුහිරු අනන්‍යතාවන් රැක ගත්ත අධ්‍යාපන ඉඩකඩ තමයි උඹලා අපි මේ භුක්ති විඳින්නෙ.

    ඔහු කලිසමේ සාක්කුවේ අඩිය හොඳටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි. තවත් දිනෙක උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නේද කකුල් දෙක මාරු කරගෙනයි.’
    මේ පද්මසිරි ත්‍රිමාවිතානයි. ත්‍රිමාට වැදගත් වන්නේ බාහිර අලංකාරය නෙවෙයි. ඇතුළත මානුෂීය සුන්දරත්වයයි. සරසවි ශිෂ්‍යයො කියන්නෙ පැහැදිලිවම Posh වෙන්න දඟලන හාදයෙක් නෙවෙයි.
    වෙන්න Posh ලුම්පන්ස්ලට මෙය අදාළ නොවේ.
    සරසවි ශිෂ්‍යයන්ගේ මානුෂවාදය ප්‍රායෝගික විය යුතුමයි.

    සඳුන් ගැටක් මා අත නම් නෑ රැඳුණේ
    පියුම් හතක් පායට නම් නෑ පිපුණේ
    මුඩුක්කුවේ සල්ගස හෙම නෑ වැඩුණේ
    සිද්ධාර්ථ නම පමණයි මට තිබුණේ
    ඔන්න ඕකයි සරසවි ජීවිතයේ තිත්ත ඇත්ත! කාටවත් කියාගන්න බැරි වේදනා අඳුරුතම මොහොතක කුරුටු ගී වෙනකොට ඒ යථාර්ථය විමුක්තිය හොයන්න බල කරනවා. සමාජය ඉදිරියේ අරගලකාරී සරසවි ශිෂ්‍යයා ත්‍රස්තවාදියෙක් වෙද්දී අධ්‍යාපන ගැනුම්කාරයෝ දෙවිවරු වෙද්දී අධ්‍යාපන නඩු නැති රටට මොට පායාද සූරියා???

    යුක්තියට එරෙහිව ඇති දෙනෙත් වසා
    බුද්ධිය ඉකි ගසයි වැඩකට නොගත් නිසා
    සත්‍යය මරාගෙන සතුරන් සැණින් නසා
    නව ලොව නඟන්නට නැඟිටින් කඳුළු පිසා
    ජීවිතයේ එක අවධියකදී ජීවිතය ගැන පවා නොහිතා අනාගත ජීවිත වෙනුවෙන් සනාථන පැතුම් තවරපු අරගලය අර්ථවත් කරපු අතීත පරම්පරාව හඳුනාගෙන අපි අනාගතයට යමු. මොකද අධ්‍යාපනය තුන්වැනි ලෝකේ රටක Burger සිහිනයක දියවෙද්දී අපි ප්‍රායෝගික යථාර්ථයට මුහුණ දෙමු. එක තැන දුවන රටක නිදහස් අධ්‍යාපනය හරිහැටි පිහිටන University Culture එකක් වෙනුවෙන් අවදිවෙමු!!

    ටයරය ගිනි දලුව යෞවන සිරුර මැඬ
    දුටුවෙමු දකින්නෙමු බුරමින් නැඟෙන හඬ
    අවනීතියට එරෙහිව උන් නඟන හඬ
    යළි යළි ඇසෙයි ගිනි දලුවල සිරස මැඬ

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැත යන්නට සිතක් දමා ඔබ සරසවියෙ

    දෛවය මඟින් ගිලිහුණොතින් ඔබගෙ අත
    එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත
    “ප්‍රේමය සාගරයක් වගෙයි
    ගැඹුරුයි රුදුරුයි
    චංචලයි පියකරුයි
    විඩාවට ප්‍රයෝජන නැත
    ලුණු රස වැඩියි”

    එක එක නිර්වචනවලින් ප්‍රේමය කියවන, තේරුම් ගන්න බරපතළ හදවත් අහුරකින් අද “විරහව” හොයාගෙන යමු. සරසවියට ඇතුළු වෙන පළමුවැනි දවසෙ (හරියට පාසල් ගිය මුල් දවසෙ වගේම) තනිකර තිගැස්මෙන් තාත්තගෙ අතේ එල්ලිලා කෙල්ලෙක් හීනයක් දකිනවා. අවුරුද්ද, දෙක ගෙවිලා ගෙන්දගම් පොළොවට ඇලි ඇලී වෙළුණම හීනෙ නිමා වෙන්නෙ සරසවි කුමාරයෙක්ගෙ සුළැඟිල්ලෙ එල්ලිලා. හීනෙ අතරතුර දැනෙන, විඳින, විඳවන සිදුවීම් දාමයේ අග්‍රඵලය හැටියට පන්ති භේදයකින් තොරව හැමෝටම අත්විඳින්න පුළුවන් දෙයක් තමයි විරහව.

    “පපුව පිරෙන්න ආදරෙයි”
    “සරසවියෙ හැම ගහක් ගලක්ම අපේ ඉතිහාසයෙ සාක්‍ෂිකාරයො”
    “මගෙ පණ - මගෙ මල - මධු මල”
    කියලා මොන මොන ආදර ආමන්ත්‍රණ යොදාගෙන පෙම් පලහිලව් රස ගැන්වුණත් අහෝ දුකකි! (ඉරකි - තිතකි) මාධ්‍යයෙන් ඒවා අවසන් වෙන්න මෙහෙම දෙයක් වුණාද නැද්ද කියලාවත් හිතාගන්න බැරි විදියටයි. ඇතිදා කදමලු බැඳගෙන ප්‍රේම වන්දනා යන මිනිස්සු සබඳකම් නැතිදා උන්නාද මළාද දන්නෙත් නැති තරමට දුරස්ථ කෙරෙන්නෙ කිසිම සාක්‍ෂියක් නැතිවයි. සමාජෙ ඉස්සරහ රෝමියෝ ජුලියට්ගෙන් පටන් අරන් සාලිය - අශෝකමාලා වගේ “ආතල් පරමාදර්ශ” රදා පවතින්නේ පරම හීන ඇතුළෙ විතරයි බව දන්නෙ ඉතාම සුළු පිරිසයි. මේ පරමාදර්ශ ධනේශ්වරය ඇතුළෙ ඇස් ඉස්සරහ කුඩුපට්ටම් වෙද්දි ඒ ආතල් කුඩුවෙනවට ගොඩක් අය අකැමැති ඒකයි. හැබැයි හරිතැනින් අල්ලලා බලන්න. “විරහවෙ තියෙන ඉගෙනීම” තරම් ප්‍රේම තක්සලාවෙ වෙන උදාහරණ ජීවිතේට නැඟී සිටින්න උපකාර කරන්නෙ නැහැ.


    “මම බලාගෙන සිටියා
    කාලයේ නිම්වළලු අතරින් ඇය සැඟව යන අයුරු
    හදවතින්ම ඇයට සුබ පැතුවද
    නැහැ
    කඳුළක් කිව්වේ ඒ සකුරා මලට
    ආයෙත් එන්න
    සයොනාරා කියලා”

    සරසවි ප්‍රේමයෙ උරුමක්කාර විරහව බොහෝ වෙලාවට බොහෝ තැන්වලදි වෛරී ස්වභාවයක් උසුලන්නෙ නැහැ. මොකද සරසවි බහුතරය ජීවිතේ රහ හොයන්නෙ ජීවන අරගලයෙ පීඩාකාරීත්වය මධ්‍යයෙ ඉඳන්. අතීතෙ මැණිකක් තරම් වටින කෙල්ලන් එක්ක ජිම් කැන්ටිමේ රු. 30 බත් එක බෙදාහදාගෙන කාපු හැටි දෙන්නා එක්ක එකතු වෙලා හොරෙන් ඉබ්බා ගහලා බස් එකේ ගිය හැටි. ඒ උකුලත පහසින් සනහස තවරපු හැටි. පණ ගැහෙන හැම හදවතකටම දැනෙන්නෙ අන්න ඒකයි. ඒත් උපාධිය අත්ඇරලා අම්මලා තාත්තලගෙ බලාපොරොත්තු ගැන නොහිතා හැමදේම කැප කරලා රැකගත්ත ආදරේ නොලැබෙද්දි, ඉක්මන් තීරණගත්ත, විරහව විඳදරා නොගත්ත සිදුවීම් කිහිපයක් සරසවි ඉතිහාසයෙ පුපුරු ගහනවා. මොනවා වුණත් ජීවිතේ සම්බන්ධව නිවැරැදි තීරණ තීන්දු ගන්න පුළුවන් කාල වකවානුවක සියල්ල විඳදරා ගන්න පුළුවන් මානසිකත්වයකින් කටයුතු කරනවා නම් ඒක තමයි සරසවිවලදි ලබන්න පුළුවන් හොඳම අධ්‍යාපනය. නොහිතන මොහොතක ඇස් මත්තට කඩාපාත්වෙන නිධානයක් බඳු ආදරේ නොහිතන මොහොතකදීම සිඳී බිඳී විසිරී යනවා නම් ඒ ස්වභාවය උපතින්ම අස්ථාවරයි කියලා ආයෙ අමුතුවෙන් කිවයුතු නැහැ. සරසවියෙ ගැඹුරු අතකින් සරල විදියට සංකීර්ණ දෙයක් ගැන මෙහෙම ලියැවෙනවා.

    “ ආදරයත් පඩයක්ද?
    ගියොත් ගියාවේ”
    සරසවි පරිසරයෙ භූගෝලීය පිහිටීම, සුන්දරත්වයෙන් යුතු වීම වගේම සීතල දේශගුණයත් හාදුවකට සමපාත වෙනවා නම් ඒ මිහිරිතම ආස්වාදය ගැන කියන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. විරහව උරුම වුණොත් පරිසරය දිව්‍ය ලෝකය වුණත් ඉන්පස්සෙ සුන්දරත්වයෙ අංශුමාත්‍රයක්වත් ජීවිතේට සිරාවට දැනෙන්නෙ නැහැ.

    “නැත යන්නට සිතක්
    දමා ඔබ සරසවියෙ
    අද ඔබට සහ මට
    සෙවණ දුන් හන්තාන
    සිහිල දුන් මහවැලිය
    මා ඔබ දමා ගිය පසු
    සරසවියෙ තනිකර
    පවුරක් වේවි හන්තාන
    ඔබේ දුක් මගෙන් සඟවන්නට බැඳි
    සෝ ගඟක් වේවි මහවැලිය
    ඒ දුක කියා දිව ඇදෙන”
    ජීවිතේ විඳින, දැනෙන අමු තිත්ත යථාර්ථය විඳින්න තාරුණ්‍යයට හොඳම තැන තමයි සරසවිය. ආදරය කරද්දි නැවුම් බලාපොරොත්තු හිසේ දරන් ඇදෙනවා වගේම ආදරය අහිමි වීමේදී විරහව “පාඩමක්” හැටියට ජීවිතේ එක්ක බැඳෙනවා නම් මීට වඩා යහපත් ක්‍රමයක් ප්‍රාර්ථනා කරන මිනිසුන්ට ඒක “ආදරයට” මඟ කියන රතු සලකුණක් වේවි!!!


    “සිවු විසි පැයෙම සිහිවෙනවා ඔබගෙ වත
    කය මෙහි වුවත් ඇත ඔබ ළඟ මගේ හිත
    දෛවය මඟින් ගිලිහුණොතින් ඔබගෙ අත
    එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත”

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරවරක බොහෝ දේ විඳ දරා ගත් දෑස කොළොම්තොට සරසවිය වී තිබිණි

    ගිනි ගහන දවාලක වුණත් වාහන තදබදය අස්සෙ පෙම්මුල්ලට පවා තුම්මුල්ලෙදි සීතලක් දැනෙනවා. රීඩ් මාවතේ සංවේදීම තැන හැටියටත්, අත්දැකීම් බහුතරය බෙදා හදා ගන්න තැන හැටියටත්, දැනුම් කෝෂ්ඨාගාරය හැටියටත් මෙතැන තියෙන එකම සහ හොඳම තැන “කොළඹ සරසවිය”යි. අතීත ස්මරණයේදී අරගලවලට විතරක් නෙවෙයි කලාවටත් බොක්කෙන් වැදුණු තැනක් තමයි මෙතැන.

    මේ මොහොතෙ “කොළොම්තොට සරසවිය” ගැන කතා නොකර අපි අපේ වගකීම මඟහරිනවා නම් ඒක විශාල වරදක්. ක්‍ෂිතිජයට ඉහළින් ලෝකෙ දකින දරුවො කෙසේ වෙතත් වැලේ වැල් නැති වුණ පරපුරක් තමයි අපි. අධ්‍යාපන ආශ්චර්යය අස්සක මුල්ලකට අස්වද්දන පාලනය දැන් “ලොජින් වැසිකිළි” හදන්නෙත් සරසවිය ඇතුළෙමයි. අධ්‍යයන ශාලා ගැන කිසිම තැකීමකින් තොරව, සනීපාරක්ෂක පහසුකම් පහළම අඩියේ තියෙද්දි ජොකින් කරලා ඕන කෙනකුට ලොග් වෙන්න පුළුවන් “වැසිකිළි පද්ධති” සරසවි භූමියෙ අරක් අරන්. “ලෙක්චර්ස් ඇවිත්, වටයක් ගහලා, කවිතා ගිහින්, ගෙදර ගියා, නිදාගත්තා” පරපුරක් වෙනුවෙන් පාලනාධිකාරිය නැහෙන නැහිල්ල දැකලා හිනායනවා. වෙන මොකකටවත් නෙවෙයි දුකට. අතීතෙ දවසක කොළඹ සරසවිය ගැන ලියැවෙනවා මෙහෙම කුරුටු ගීයක්.

    නිමා විය වසන්තය සරසවියෙ සැරිසරා
    ගමරටට යා යුතුය දැන් ඉතින් පය ගසා
    කාටවත් නොපෙනෙන්න සිතින් ඉකි ගස ගසා
    නුඹෙන් සමුගනිමි මම සමුනොගෙන බැරි නිසා

    එහෙව් අනාගතයක් ගැන හිතන එක හීනයක් විතරක් වෙන්නෙ වර්තමාන භාවිතය ඇතුළෙ. කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට තමන්ගෙ කියලා කියන්න පුළුවන් බිමක බලහත්කාරයෙන් “ඕපපාතික පොට්” හදන එක පට්ට අවුලක්. “ආදරෙන් බැඳෙන්න, ස්නේහයෙන් වෙළෙන්න, විරහ රස විඳින්න හරිහැටි නිදහසක්”වත් නැති මුතු ඇටයක මහාප්‍රාණ හීන මොකටද? සරසවි භාෂාවෙන් “කරත්තයක්” දක්කන් යන අතීත කරත්තකරුවකු ගැන මේ කුරුටු ගී විමසුම බලන්න.

    “සරා සොඳුරු රුව පැටළුණු රීඩ් මාවතේ
    ගියා දිනක් මට මතකයි අෑත අතීතේ
    කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ
    ගැල්කරුගේ පනාව දැක මට හිනා යතේ”
    මෙතැනදි “කරත්තය” කියලා හැඳින්වෙන්නෙ පෙම්වතියයි. ‘කරත්තය දැක්කීම’ කියන්නේ ‘ඇය එක්ක එකට ඇවිදීම’ එහෙමත් නැතිනම් ‘ප්‍රේම කිරීමයි.’ ‘පනාව‘ ඉතින් දන්නවනේ... ඒ තමයි ‘හිනාව.’

    හිස් කලිසම් සාක්කු, සතයක් පාවෙන මුදල් පසුම්බි එක්ක කෝටි ගාණක් වටින බලාපොරොත්තු හිත් බැඳගත්ත මිනිස්සු මෙහේ හැමතැනම සැරිසරනවා. හම්බවෙන හැම මුහුණකම තියෙන්නෙ නොකියවෙන දුකක්. ළමෙක්-දෙන්නෙක් කිරියෙන් කාලා පැණි මුට්ටියෙන් අත් හේදුවට රුපියල් 100ක් අතේ නැතිව බොරැල්ලට පයින් යන මිනිස්සු-ඉබ්බා ගහන්න (බස් රථයේ මුදල් නොදී හොරෙන් යන්න) හයියක් නැති කෙල්ලො සරසවියෙ ඉන්නවා. පිටට හිනාවෙලා හිටියට, යන්තමට හිනාවුණාට දරා ගන්න බැරි දුකකින් ඒ පපු පිච්චෙනවා. මාස දෙක තුනක් ගොඩගැහිලා බ’සරි මුදල් නැතිව බෝඩිමෙන් එළියට ඇදලා දාන්න ළංවෙද්දි නේවාසිකාගාරවලට අයැදුම් කරලා ඒක ලැබෙන්නෙත් ‘හාවා හඳ දකින්න’ වගේ නම් ‘අධ්‍යාපනය’ ගැන තව කවර කතාද?

    “සිඟන්නෙක් තුන්මුල්ලෙදී සිඟමන් යදියේ
    පිහිටක් නැතිව මා වෙත හැරුණයි හදියේ
    යමක් ලැබේදැයි ඔහු තුළ සැක වූයේ
    රටක් ඇතිද අනාථයෙකි මා සරසවියේ”

    අනෙක් දේ මේ අසාධාරණය, දුක කොළඹට විතරක් හිමිවුණ දෙයක් නෙවෙයි. සමස්ත සරසවි පද්ධතියටම එකම අච්චුව තමයි. සමාජ - ආර්ථික- දේශපාලනික විසඳුම් හොයන් නැතිව සැරසිලි තාවකාලිකව ඇටවීමේ භයානකකම තමයි මේ පලදෙන්නේ. කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා.

    ඒක එකිනෙකාගෙ නිදහස හා හැකියාව තමයි. ඒකෙ තර්කයක් නැහැ. ඒත් පාලනයක හැම වේලේම තියෙනව වගේ.
    පැහැදිලිවම සරසවිය ගැන ඇම්මක්, කැක්කුමක් තියෙන්නෙ මේ බිමට අඩියක් තිබ්බ මිනිසුන්ට විතරයි. අද කොළඹට වෙන දේ හෙට ජ’පුරටය... එතැනින් පේරෙට.... රුහුණට... නැඟෙනහිරට... සබරෙට... හැමදෙයක්ම දැක දැක සද්ද නොකර නිශ්ශබ්දව ඉන්න දේ තමයි නරකම. මොකද ලංකාව ඇතුළෙ ‘කොළොම්තොට සරසවිය’ කියන්නෙ ‘පිරිමිකම තියෙන පිරිමි’ වගේම ‘නියම ගෑනු’ හිටිය බිමක්!!!

    රීඩ් මාවත රීඩ් කෙරුමට පෙරාතුව
    ලීඩ් තබමින් ඇවිද යා යුතු බැවිනි
    පුරවරයක බොහෝ දෑ විඳ දරා ගත් දෑස
    කොළොම්තොට සරසවිය වී තිබුණි

    තාර කට්ටෙන් එපිට පාර පැත්තෙන් හිඳින
    ‘පව්කාර ස්ත්‍රියයි’ එකී අම්මගෙ යෙදුම
    හොරෙන් සිගරැට් දීම සිහින් සිනහව පෑම
    ‘මයෙ පුතත් ඔය වයසෙ’ හිතනවද ඇය තාම

    පොත් අතර පෙරළන්න කියවන්න ආලයක්
    ‘පුස්තකාලය’ පතයි චුම්බනයෙ වාරයක්
    නාමයක් දත් නොදත් සොහොයුරන් දාරයක්
    මත සමඟ ගැටී ඇති ඉතිහාස තාලයක්

    හන්තානෙ නැති වුණත් ‘ශ්‍රී පාදෙ’ අෑත පෙනේ
    ගලහ වෙනුවට පාර හරහා සුසුමන් ගියේ
    ‘අවුල’ හෝ ‘කෝලමක’ නාඩගම් බෝ තියේ
    සුපුරුදුම වේදනා ‘කුරුටු ගී’ වෙති රැයේ


    කසුන් මහේන්ද්‍ර හීනටිගල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ආවේ ඉගෙන ගන්න අපට වුණේ නොකා ඉන්න

    සරසවි උප සංස්කෘතියෙ තියෙන අංග ලක්‍ෂණ අතරෙ සමාජෙ වගේම බලධාරීන් ඉතාම උනන්දු වෙන අංගය මොකක්ද? ඉඳුල් කට ගාලා අලුතින් සරසවියට කල එළි බහින නැවේ සෙනඟ ගොඩක්ම බයවෙන අංගය මොකක්ද? නැවක් එනකල් ඇඟිලි ගැන ගැන ජේ‍යෂ්ඨ උත්තම උත්තමාවියො අවංක හිතින් ප්‍රාර්ථනා කරන අංගය මොකක්ද? 'අල' නොවෙනවා නම් හාරිස්පත්තුවේ ඩිංගිරි බණ්ඩාගේ දුවට වගේම බම්බලපිටියෙ ප්‍රනාන්දුගෙ දුවටත් මුහුණ දීම සමාන වෙන අංගය මොකක්ද? මේ තමයි "අචඨ".

    සරසවි භාෂාව, කලාව, දේශපාලනය වගේම "අචඨ" හෙවත් "නවක වධයත්, අනන්‍යතා ඇරැඹීම් ලක්‍ෂණ කෝටියක් තියෙනවා. "නම" ඇහුණ ගමන් බයවෙන එක හරි, විවේචනයට පෙරමං තනන එක හරි නෙවෙයි විය යුතු කාරණේ. මෙතුළින් කෙරෙන්නෙ මොකක්ද, අරමුණ මොකක්ද කියලා හරි තැනින් වටහා ගැනීමයි වැදගත්!
    සරසවියට ඇතුළු වෙන අලුත් පරම්පරාව (පිරිස) එහෙමත් නැතිනම් නවකයො හඳුනාගන්න භාවිත කරන ක්‍රියාමාර්ගයෙ ඉංගී්‍රසි නාමකරණය තමයි "අචඨ." මෙතැනදී "නවකවධය" සමාජෙ බහුතර ඇසින් ගත්තම සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් "නවකයන්ට වධ දීමක්" අරුත් ගැන්වුණත්, සරසවිය ඇතුළත බහුතර අත්දැකීම්, පොදු කාර්යයන් ගත්තම "නවක වධයෙන්" නවකයන් හඳුනා ගැනීම, සහෝදරත්වය වර්ධනය වීම සිදුවිය යුතු කාරණයක්.

    සරසවියේදී මුල් කාලෙ ෆ්‍රෙෂාලා දැක්කම සින්නො ඇඟට කඩා පනින එක ටික ටික මේ පරිසරයට ඔවුන්ව හුරු කරන එක සාමාන්‍ය සම්ප්‍රදායක්. නේවාසිකාගාරෙ හැසිරිය යුතු විදිය, සමාජෙ තේරුම් ගත යුතු විදිය, නිදහස් අධ්‍යාපනය, අතීත පරපුර රැකගත්ත විදිය "තෙල බෙදීම" මූලික අරමුණක්. කෙල්ලෙක් හයියෙන් කියන කියන එකට හිනාවෙනවා නම් "හිනාව කපපං" කියන එක, තෙමනවද - නාන්න ආසද" කියලා අහන එක කථන ලක්‍ෂණයක්. නවකයන්ට සින්නන්ගෙ මුහුණ දැක්කම මුල් කාලෙ මුත්‍රා බර හැදෙන එක, බය දැනෙන එක අහන්නත් දෙයක්?

    "ඔරවා රවා බැලුවා මොහොතක තුටුව
    ගොරවා රවා පැන්නා කන්නට බොටුව
    හිනැහුණි යළිත් මොහොතක් ගිය පසු තුටුව
    හිතුණා මේකවත් දැයි පිස්සන් කොටුව"

    තෙල කාලා, සරසවි පරිසරයට හුරුවෙලා ටික ටික ජේ‍යෂ්ඨ තත්ත්වයට තමුනුත් පත් වෙද්දී සමාජ ක්‍රමයෙ අවුල දැනෙද්දි (වෙනදාටත් වඩා) හැඟෙන්නෙ මෙහෙම දෙයක්ද?

    "අපි ආවේ ඉගෙන ගන්න
    අපට වුණේ නොකා ඉන්න
    ණය තිබෙනවා ඉහ පිරෙන්න
    අපි යනවා ගෙදර යන්න.

    සමාජ ගර්භයේ පවතින ආත්මාර්ථකාමී භාවයන්, කුහකකම්, පසුගාමී ලක්‍ෂණවලට අමතරව පාසල් අධ්‍යාපනයෙ තිබ්බ "අවිද්‍යාත්මක බව" සරසවියේදී මැකෙනවා නම් ඒ ලක්‍ෂණය
    විශිෂ්ටයි. අනෙක් අතට පන්ති සහිත සමාජයක ජීවත් වෙනකොට අනෙකාගේ දුක, වේදනාව හඳුනාගන්න පුළුවන් හදවතකට අනුගත කිරීම වීම මනුස්ස ගුණයක්. මොකද සරසවි ප්‍රජාව ඉල්ලීම් ඉල්ලන්නෙ උද්ඝෝෂණ කරන්නෙ, සත්‍යග්‍රහ උපවාස කරන්නෙ දෙයක් ගෙදර අරන් යන්න නෙවෙයි.

    "විප්ලවවාදීන් බනින්නේ
    දුප්පත්කම නිසා නොව,
    දුප්පත්කම ළඟින් ධනවත්කම
    පෙනෙන්නට තිබෙන නිසාය."
    - කාල් මාක්ස් -

    "සරසවි වධකාගාර" කෙරුව මහත්හොරු අදටත් සමාජෙ ජීවත් වෙනවා. "වධකාගාර පවා සරසවි" කෙරුව මිනිස්සු බහුතරය අද අපි අතර නැහැ. ඉතිහාසය හාස්‍යයක් කෙරුව පාලන තන්ත්‍ර නවකවධය නවත්වන්න, නවත්වන්න කිය කිය කරන්නෙම නවකවධ වටපිටාව උග්‍ර කිරීමයි. මොකද සින්නන්ට (ජේ‍යෂ්ඨයන්ට) නවකයන් හඳුනා ගන්න හරි වැඩපිළිවෙළක් තියෙන්න ඕන. නමුත් වර්තමානෙ සිද්ධ වෙන්නෙ සරසවි සිසු සිසුවියො හඳුනාගන්නෙ සින්නන්ව නෙවෙයි, යුද හමුදා කපිතාන්වරුන්වයි. අලුත් නැව එන කාලෙ ළං වෙද්දි ජේ‍යෂ්ඨයන්ට සරසවි බිම තහනම් බිමක් කරන්න බලධාරීන් දත කද්දී ඒ අයිතීන් කප්පාදුව ගැන ජේ‍යෂ්ඨයො කියන්නෙ කාටද? නවකවධය බිහිවෙන්න බලපාන සමාජ, ආර්ථික තත්ත්ව එහෙමම තියෙද්දි "දඬුවම් දීම" විතරක්ම කළාම ශිෂ්‍යයො සිරිමතුන් වෙයිද? "ත්‍රිමාලා, නිෂ්මිලා, වෙනුරලා, බාලෙලා, රංජිදම්ලා වර්තමාන කිට්ටුව මාතලන්ලා" මැරුව, වීරයො මැරුණ යුගයක හදවත් සහිත මිනිසුන්ගෙ අගය දැනෙන්නෙ සරසවි අම්මාට විතරද???

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමට යන්නට හිතක් නෑ මට තට්ටෙ හොඳටම පෑදිලා

    ජීවිතය රඟ මඬලක් වෙනකොට නිකමටවත් හිතුනද අපි අපිට ඕනි විදියට රඟපානවා කියලා. කැමති විදියකට ඇඳලා, කලා, බීලා, නටලා, නැව ගිලුනත් බෑන් චූන් වෙන්න පුළුවන්ද? මොහොතක් ඉන්න. ඇත්තම කාරණේ කියන්නද? අපි අපේ කැමැත්තට රඟපානවා නෙවෙයි. අපිව මේ සමාජ ක්‍රමයෙන් “රඟපාවනවා”. කලා විෂයන් ඉගෙන ගන්න පට්ට ඇම්මක් තිබ්බ කෙල්ලෙක් අම්මගෙ වුවමනාවට Bio කරනවා. අම්මට ඕනි කෙල්ලව බල්ටියක් ගස්සලා හරි Doctor කෙනෙක් කරන්න.

    ඇයි සමාජෙට වැඩදායී සේවයක් කරන්නද? අනේ නැහැ. එහා ගෙදර දුවට Doctor වෙන්න බැරි වුණානේ. ඊටත් එහා ගෙදර පුතා Doctor වුණානේ. අන්න ඒ හින්දා. මේ වගේ පසුගාමී Copycat කලාවට වැටුණොත් ඒකෙ හානිය බලපාන්නෙ කෙල්ලට අකැමැති දේ කරන්න ගිහින් අන්තිමට හූල්ල හූල්ල ගෙදර ඉන්න සිද්ධ වෙනවා. “ඇයි අපි යනවනෙ ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට”. නංගිලාට, මල්ලිලාට එහෙම සිතුවිලි සංජානනය වෙන එක අවුලක් නැහැ. පළමුවැනි වතාවෙ අසමත් වුණත් තවත් අවස්ථා අරන් විභාගෙ ඉදිරියෙ රංගනය දියත් කරන්න. උපරිම උත්සාහය ගන්න “අපේ යුනිවසිටි කලාපෙට” Admit වෙන්න. ඒ වගේම සරසවියට ඇවිත් ඇත්තටම “මිනිහෙක්” වෙන්න. උඹලා - අපි වගේම තවත් බහුතරයක් “ශිෂ්‍යත්වෙත් අසමත් ආණ්ඩුවක්” යටතේ උසස් පෙළින් “Z”අවුල් වෙලා නන්නත්තාර වුණා කියලා දන්නවනේ. ඉතින් රජෝ එහෙව් සමාජෙක බජව්වලින් විතරක් අනාගතේ තීරණේ කරන්න යන්න එපා.

    මේ කාල වකවානුව සරසවි ඇතුළාන්තෙට “අලුත් නැව්” හා හා පුරා සතුටින් ගොඩබාන අවධියක්. සින්නො දැකලා බය බිරාන්ත වෙන එක, ගම, ඇළ ‍ෙදාළ නැතිව ගෙන්දගම් පොළොවෙ චුයින්ගම් වෙන්න වෙන එක සමාන්‍යයි. දාහක් සෙනඟ අතරෙ “තනිකම” දැනෙන හැම මොහොතෙදිම ආතල් කුඩුපට්ටම් වෙච්ච හැම සිහිනෙකම සිහිවෙන්නෙ දුක් අ‍ෙදා්නා අහුරයි.

    “නෑවත් වතුර මල යට හිඳ නළ වතුර
    තාමත් සිතින් කිමිඳෙමි ගඟ දිය වතුර
    කැම්පස් කැන්ටිමේ බත හරි නැහැ මිතුර
    තාමත් සිහිවෙතිය පෙර කෑ අල බතල”
    මොන දේ වුණත් කාලයක් ගෙවෙනකොට වළක් දෙකක් බැහැලා, මලක් දෙකක් උරලා, බඹර පහස ලබලා “ජීවිතය” හොයනකොට සරසවිය කියන්නෙ මොකක්ද කියන දේ පැහැදිලි වෙනවා. වැස්සකටවත් සරසවියට නාපු කෙනෙක්ගෙන් නෙවෙයි “වැස්සකටවත් සරසවියෙන් නොගිය” කෙනෙක්ගෙන් ඒ රහස්, ඒ පහස්, සහස්, සුවහස් අදහස් දැනගන්න පුළුවන්.

    “සටන් - අරගල - වර්ජන - නිබන්ධන
    පෙළපාළි - පිකටිං - උද්ඝෝෂණ - දේශන
    පත අට එකට සිඳගෙන
    සීනි මී පැණි දමා වළඳනු”
    (කොළඹ විශ්වවිද්‍යාලය)

    සටන් අරගල සිද්ධ වෙන අතරතුරේ අතරින් පතර හරි “ක්‍රෑම”ක්, ඒ කියන්නේ “පාඩමක්” නොදැම්මොත් සියල් බර මහමේරුව වගේ වෙන්නෙ විභාග රාජයා ඇස් දෙකට ඇසිඩ් ගහන දවසට. ඇතුළෙ උප සංස්කෘතියෙන් “විෂයන්” නාමකරණය කරන්නෙ, ලේබල් ගස්සන්නෙ වෙනම ක්‍රමයකට. බලන්න... උඹලා නියෝජනය කරන ක්‍රියාවලිය ආරූඪ වෙන්නෙ කොතැනින්ද කියලා.

    සරසවියෙ “දේශපාලන විද්‍යාව” ඉගෙන ගන්නවා නම් කියන්නෙ “බෙලි කැපීම”. මොකද බල අරගල දෝලනය වෙලා එකාට එකා කැපෙන හින්දා. සිවිල් ඉන්ජිනේරු විෂය බදාම අනනවා. රසායනික ඉන්ජිනේරු විද්‍යාව “බේත් කවලම් කරනවා”. ඉතිහාසය කියන්නෙම දෙදහස් පන්සිය පනහක කුණුගොඩවල් නිසා උත්ප්‍රාසය යෙදෙන්නෙ, “කුණුගොඩවල් ඇවිස්සීම” නමිනුයි. මනෝ විද්‍යාව තමයි “පිස්සු විද්‍යාව”. අපි කවුරුත් දන්න කියන සිංහල ඉතින් “අම්මගෙ බාසාව”. බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් තව කීපයක් අරුත් ගන්වන්නම් මෙහෙම. වෛද්‍ය විද්‍යාව සිසුන් අතරෙ හැඳින්වෙන්නෙ “මස් මරනවා” නමින්. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව “හීන් කම්බි ඔතනවා”. දන්ත වෛද්‍ය විද්‍යාව “දත් ගලවනවා”. යාන්ත්‍ර ඉන්ජිනේරු විද්‍යාවට කියන්නෙ “මලකඩ සූරනවා” කියලා.

    සරසවියට ආවොත් ඕනි කෙනෙක්ට තම තම නැණ පමණ මේ මට්ටම්, තම්මැට්ටම් දැනගන්න පුළුවන්. විෂයයීය ප්‍රවේශය එහෙම නම් “අවසාන ප්‍රතිඵලය” මෙහෙමද කියන කාරණය හදවත් අතරෙ දෝලනය වෙනවා ඇති.

    “වසර හතරක් නොයෙක් දුක් විඳ
    ඇතත් කාලය නිම වෙලා
    ගමට යන්නට හිතක් නෑ මට
    තට්ටෙ හොඳටම පෑදිලා”
    - ජ’පුර විශ්වවිද්‍යාලය
    තට්ටෙ පෑදුනත් “පට්ට” කියන්න පුළුවන් එක මෙච්චර කට්ට කමක්ද?
    “තට්ට හිස ගැන කුමට කම්පා
    පිරුණු මොළයක් තිබේ නම්
    මොළය යොදවා
    සිතා සැනසෙනු
    ගමට ගොස් සතුටින් ලොලේ”
    නේක බාධක, ඇදවැටීම්, පසුබැසීම් අතරෙ හීන ලුහුබඳින පරපුරක හුස්ම හදාගන්න. ඉතින්... බුද්ධිය යොදවලා සරසවියට ආවා වගේම කඩේ නොයන “ජීවන හැඩතල” අල්ලගන්න. තාත්තා කෙනෙක් ඉන්නවා ආඩම්බරයෙන් උඹලා - අපි හැමෝගෙම “ජීවිත රංගනය” සමූල ඝාතනය කරන්න. අන්න ඒකට විතරක් ඉඩ තියන්නෙපා.

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     
    • Like
    Reactions: Nebuchadnezzer

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමේ හොල්මං නුදුටු මේ මං මෙහේ හොල්මං දැකලා හොල්මං

    බඩපොත්ත පිටපොත්තට ඇලිච්ච ක්‍රමයක අපි ජීවත් වෙන්නෙ බඩගින්නට පාරවල් කන්න පුළුවන් රටක. 'සංවර්ධන මිථ්‍යාව-කොමිස් ගිලින විජ්ජාව' කියන්නා වගේ මෙලෝ රහක් නැති ඇත්ත ඉදිරියෙ ප්‍රශ්න ගොඩ ගැහෙනවා. මුහුණෙ සතුටක් තියෙන එක මිනිහෙක්වත් අවංකව හොයාගන්න බැරි තරමටම මේ ප්‍රශ්න සරසවි දිවියටත් අදාළයි. මහපොළ වාරිකය රු. 2,500ක් වෙද්දී ඩෙනිමක් රු. 2,300යි. ප්ලේන්ටියක් බීලා, වඩයක් කාලා, බස් එකේ ගියාම ඉතුරු 200ත් ඉවරයි. මේ දුක කියන්න එක දෙයියෙක්වත් නැති හින්දා, දෙයියො වඩින්නෙත් මුහුණ බලලා හින්දා දුක්ඛප්‍රාප්ති දෑත කවි දෑසක් හොයනවා. මේ හැඟීම් සර්වකාලීනයි.

    අයියෝ සරසවිය අයියෝ සරසවිය
    කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය
    තාත්තා ලෙඩ ඇඳේ මහපොළ තව නැතිය
    අයියෝ අම්මෙ අයියෝ අනෙ මට බැරිය
    (කොළඹ විශ්වවිද්‍යාලය)

    කොච්චර අඩුපාඩු තිබුණත් මෙච්චර ප්‍රශ්න දැවුණත් සරසවියෙ ඇතුළෙ 'හොල්මං'වලින් අඩුවක් පාඩුවක් නැහැ. 'හොල්මං' විශ්වාස නොකරන බහුතර ශිෂ්‍ය ප්‍රජාවක මේ හොල්මන කෙල්ලෙක් වෙන්නත් පුළුවන්, නුහුරු නගරය වෙන්නත් පුළුවන්, දැනෙන දකින විකාර වෙන්නත් පුළුවන්...

    ගමේ හොල්මං
    නුදුරු මේ මං
    මෙහේ හොල්මං
    දැකල හොල්මං
    (කොළඹ විශ්වවිද්‍යාලය)

    මේවා දකින අපි හොල්මං වන තරමටම ඒ කුරුටු ගී ප්‍රබලයි. කඳුළ, සතුට, ප්‍රිය විප්ප්‍රයෝගය කැලතෙන හදවත් අතරේ සරසවි ප්‍රේමයට සුළු මොහොත පවා කප්පරක්. එළියෙ ඉන්න අර මල් මේ මල් සල්මල් බේබිලට වගේ රාත්‍රි සමාජ ශාලා, හෝටල් කාමර, සුපිරි නිකේතන නැති හින්දා ජෝඩු වෙන තැනකට ඇදෙනවා. මේ මිහිරෙ රසපහස දැනෙන්න නම් මේ දේ කොහොමහරි කරන්නම වෙනවා. එතැන තියෙන්නෙ වචන කීපයකට ලඝු කරන්න බැරි ආකාරයේ ලල් එකක්. ඒ කියන්නේ සරසවි ඇතුළාන්තයේ.

    ජෝඩුවලට හාද වෙන්න, හෙමි හෙමින් නාද දෙන්න වෙනම ඉනධබ තියෙනවා. උදාහරණ තොගයක් නැතිව එකක් දෙකක් කියන්නම් රහ දැනෙන්න... ඔන්න ඔන්න පැණි බේරෙන මල්ලිලා කට වහගත්තොත් හොඳයි, නංගිලා ඇස් වහගන්න. මුලින්ම ගමුකො 'කොළඹ.' සමහර අයට හිතෙන්න පුළුවන් මෙහෙ සීතල නැහැනෙ, මහ ගස් වැල් නැහැනෙ, හැංගෙන්න තැන් නැහැනෙ... වගේ නැති එක එක දේවල්. ඒත් ඇත්ත කාරණේ ඒක නෙවෙයි මොන දේ නැති වුණත් නඟිනවා නම් නඟින්න ඕන තරම් තැන් තියෙනවා. වඳිනවා නම් වඳින්න, වඩින්න තැන් තියෙනවා. එක තැනක නම 'සිරිපාදේ.' මේ සිරිපාදෙට වාරෙ අවාරෙ කියලා නැහැ. ගමන් පහසුවට කුඩයක් වගේ දෙයක් තියාගත්තොත් හුඟක් හොඳයි. 'අවුල, අලිකණ' වගේ නම් දරන්නෙත් එහෙම තැන්. නම ඇහුන ගමන් ජෝඩු පිනායන තරම් 'පේරෙ' තියෙන නම රසයි, සැරයි. චුම්බනයක්, අංගනයක්, රංගනයක් තියෙනවා නම් දෙන්නා දෙමහල්ලෝ ද්විත්ව රූපසන්ධි ගළපනවා නම් ඒ ප්‍රදේශය මෙහිදී හැඳින්වෙන්නෙ 'රතී පීඨය' කියලා. රතී පීඨයෙ මොනතරම් පැති තිබුණත් ජෝඩුවලට හති හැදෙන් නැති එක පුදුමයක්! මොහොතක් ඉන්න... මෙහෙම ලියැවෙන්නෙ තවත් රසාන්විත මොහොතක්.

    එම්බා පොත් ගොන්න
    මා ඔබට කෘතඥ වන්නේ
    මා දැනුම දියුණු කළාට නොව
    ඇයත් මාත්
    සිප වැලඳ ගන්නා විට
    ලොව කුරිරු ඇසින්
    අප මුවා කළාටය
    (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

    පොදුවේ ගත්තම සරසවියෙදි උපදේශ පතන්න බලධාරීන්, දේශකවරුන් අවශ්‍ය වෙන්නෙ නැහැ. ශිෂ්‍ය ජීවිතවලට ඇඟිලි ගහන්න ඒ ඒ අයට ඉඩක්-අයිතියක් ලැබෙන්නෙත් නැහැ. සරසවි සගයන්ට අනාගත පරපුරට උපදේශ ලැබෙන්නෙ තමන්ගෙම සහෝදර-සහෝදරියන් අතින්. සමාජයීය උපහාසය, අනිත්‍ය යථාර්ථය හැමතැනදීම ඉස්මතු වෙනවා කියන්නෙ සරසවි ජීවිත ඒ තරමට අව්‍යාජයි. ව්‍යාජ ලෝකයක් වෙනුවෙන් උපාධි හිමිකර ගන්නවාට වඩා අව්‍යාජ මනසින්-හදවතින් සරසවියෙදි පරාජය උරුම කරගත්තත් සැපයි. පේරාදෙණියෙන් නිකන් දෙනවා මෙන්න මෙහෙම උපදේශයක්

    ලෙඩෙක් වෙන්න පොත්වල කොළ කඩාපිය
    ක්ලාස් ගන්න ජෙල හොඳ හැටි කරාපිය
    එක්සෑම් එකෙන් ඒ බී ගොඩ දමාපිය
    ලෙඩෙක්, ඩොකෙක් වී මිනිසුන් මරාපිය

    ඉඩම් උකස් තියලා, කන්දෙක උකස් කරලා තමන්ගෙ එකම වස්තුව වෙච්ච දරුවො සරසවි එවලා අම්මලා තාත්තලා සුදු හීන දකිනවා. අතීතෙදීත් එහෙමයි-මේ මොහොතෙදීත් එහෙමයි-අනාගතයෙදීත් එහෙමයි.
    "මොන දේ නොකළත් යුද්ධෙ ඉවර කොළානෙ..." කියන ගම්බද තාත්තෙක් එහෙව් පාලනයක තමන්ගෙ පුත්‍ර රත්නය රෑට සිකියුරිටි ජොබ් එකක් කරනවා කියලා දන්නෙ නැහැ.
    'හිරුණිකා කෙලීගේ ලස්සන' කට වචනෙන් වස්සන අහිංසක අම්මෙක් තමන්ගෙ කෙලීට නේවාසිකාගාරෙ හරියකට වතුර ටික, වැසිකිළි කැසිකිළි පහසුකම් ටික නැතිව කෙළවෙන කෙළවිල්ල දන්නෙ නැහැ. අන්තිම අපේක්‍ෂාවත් සාංකාවෙන් සාංකාවට පත්වෙද්දී සරසවි මනස අම්මෙක්ගෙ හදවතට රූපාන්තරණය වෙනවා.

    සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව
    මගෙ ලොකු දුවේ ඇයි අද ඔබ මට බැරුව
    කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරුව
    අත් දෙක වන වනා ආවේ කිම දරුව
    (කොළඹ විශ්වවිද්‍යාලය)

    සඳවන් මුහුණු වෙනුවට අව්වෙ රත්වෙන කළු ගැහිච්ච මුහුණු, පිරුණු ශරීර, පීන පයෝධර වෙනුවට කටු ගැහිච්ච ශරීර කූඩු, රථ රෝද මෙන් පුළුල් උකුළු වෙනුවට මැලවුණු හැකිළුණු උකුළු, සුරඟනන් වෙනුවට පොළොවෙ පය ගහපු මේ යුගයෙ කෙල්ලො සරසවියෙන් එළියට බහිනවා. පොෂ් ජීවිත ඇතුළෙ හමන හඬු පුස් ගඳට වඩා පුස් ජීවිත ඇතුළෙ දැනෙන යථාර්ථය ප්‍රබලයි. බයවෙන්න හරි දුක්වෙන්න හරි මේ හැම තැනදිම හිල් වෙවී වැක්කෙරෙන්නෙ දුප්පත්කම් විතරයි. මේ ආශ්චර්යවත් දේශයයි.

    කුරුලෑ උවන කෙටි වරලස උඩ නැඟුණ
    නොවැඩුණ දෙතන උල් රට බොඩියෙන් වැසුණ
    විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
    ඇසිපිය හෙළන පමණින් නොවෙති හොල්මන

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ජීවිතය රඟ මඬලක් පීඩිතයා කෙළි බඩුවක්”

    කලාව, කලාව වෙනුවෙන් නෙවෙයි කලාව කියන්නේ මිනිස්සු වෙනුවෙන් පවතින්නක්. මං අදහන විදියට කලාව අයිති සරස්වතියටවත්, නම් කරපු ගුරු කුලයකටවත්, සංවේදී (කඩේ යන) කලාකරුවො පිරිසකටවත් නෙවෙයි. කලාව අයිති පීඩිත ජනතාවට! වල්මත් වෙච්ච පාලනයක - යං Generation එකක කලාව ඇතුළෙ අපි හොයමු හැමෝටම කුල්මත් වෙන්න ක්‍රමයක්.

    Uni Sity උප සංස්කෘතියේ සංස්කෘතික කාරණා ඉතාම කලාත්මකයි. නෙලුම් පොකුණ තිබුණෙ නැති ඉතිහාසෙක සෙටුත් ගහලා ඇටුක් කරපු, භරත මුනිටත් නාට්‍ය ශාස්ත්‍රය පෙරළපු මිනිස්සු හිටපු යුගයක් තිබුණා. ඒක සාමාන්‍ය ජනතාවගේ පවා කලා ප්‍රබෝධයක් ඇති කරපු “සරසවි නාට්‍ය යුගයක්.” 50-60 දශකවල පේරේ ක්‍රියාත්මක වෙච්ච නාට්‍ය සංගමය මේකට පැහැදිලි උදාහරණයක්. හුඟක් අය පිළිගන්න විදියට ලංකාවේ නාට්‍ය කලාව පුරාතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණ වෙනකොට ඒ බර උසුලන්නේ මේ නාට්‍ය සංගමයයි. ආයේ අමුතුවෙන් කියන්න ඕනි නැහැ. මෙතැන Dail එක සරත්චන්ද්‍ර. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර!

    අදියුරු තැන සැනසුවම ඩප්පියක් ගැහුවා වගේ ප්‍රධාන නිළිය වෙන්න පුළුවන් Short cut එකක් එදා තිබුණේ නැහැ. නාට්‍ය ප්‍රබෝධයක් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇතිවුණ ඒ යුගයෙ ‘සිංහබාහු’ලා, ‘මනමේ’ලා එළියට ආවේ බොක්කෙන්! ඒ වගේම මෙරට සාහිත්‍යයට “පේරාදෙණි ගුරුකුලයෙන්” සාංදෘෂ්ටිකවාදය, ශුන්‍යවාදය උපත ලැබුවේ මෙන්න මේ කාලේ....

    ඉතිහාසෙන් බල්ටියක් ගහලා වර්තමානෙට පනිමු. ප්‍රශ්න වැස්සක් එක්ක සරසවි වහන, කොළඹ ශාස්ත්‍ර පීඨයේ පළමුවැනි වසර නන්නත්ර කරන, රජරට, රුහුණ මඩවළක් කරන, අයිතීන් ගැන ප්‍රශ්න කරන පිරිස් Suspend කරන මොහොතක “කලාව” කොයිබටද? සරසවි ශිෂ්‍යයාගේ නොනිත් වගකීම වෙන්න ඕනි මේ ගිනිදැල් මැද්දේ ‘ජීවිතය’ සොයාගෙන යෑමයි...

    “මරණය සොයා වෙන්වුණ අය අපට කලින්
    අත්පත් කරගන්නට තොරතුරු සුවඳ මලින්
    ආපසු නොආවෝ එහි ගිය පරිදි මුලින්
    යුක්තිය සොයා යමු මරණයෙ ‍ෙදාරටු තුළින්”

    අරගල-පෙළපාළි_සිත් රිදවීම්-එපාවීම් මැද්දේ ‘කලා කප්පාදුවටත්’ එරෙහිව පෙළ ගැහෙන්න වෙන්නේ පීඩිත ශිෂ්‍යයාටමයි. යුගයකදී සරසවියෙන් එළියට පනින “වීදි නාට්‍ය කලාවත්” වෙනසක බලාපොරොත්තුවයි! වීදි නාට්‍ය කෙරෙන්නෙම සමාජ විරෝධය-විකල්පය ඇතුළෙ... වීදි නාට්‍ය කිව්වම මගේ
    මස්තිෂ්කයට මුලින්ම එන්නේ “ඇත් නැත් හිතා මතා - වීදි බැස් අපේ කතා” ඒ කියන්නේ ‘ගාමිණි හත්තෙට්ටුවේගම’ මහත්තයා.

    සරසවි තුළත් නරඹන්නන්ගේ තඹ සතයක් අය කරන්නෙ නැතිව - පොදුවේ පෙන්නන වීදි නාට්‍යවල තියෙන්නෙ තනිකරම වෛකල්පිත මානුෂීය අරමුණු විතරයි. ආහ්... තවත් දෙයක්. පෞද්ගලික විශ්විවිද්‍යාලවලට තව අවුරුදු කෝටියක් ගියත් ගොඩදාගන්න බැරි ‘කලා උළෙලවල්’ පීඩිත ශිෂ්‍යයන්ගේ දෑතින් ‘අපේ විශ්වවිද්‍යාලවලින්’ තාමත් කලඑළි බහිනවා.

    ජනතාව අතරින් ඉපදිලා ජනතාවගේ මුදලින් ඉගෙනගෙන, සමහර විටෙක ජනතාවගේ රළු බැනුම් මැදම (කැටකාරයෝ - චේ ගුවේරාකාරයෝ- ජේ.වී.පී.කාරයෝ - ත්‍රස්තවාදියෝ) කියද්දී මේ සිසුන් හඬ නඟන්නේ ‘ඒ ජනතාවගේම දරුවන් වෙනුවෙනුයි.’

    “සුදු සරමක් ඇන්දා කියා
    සිසු ලේ පිස දැමිය හැකිද
    ආශ්චර්ය වේවි කියා
    උඩ බලාන සිටිය හැකිද
    මඩ පහරක් ගැසුව කියා
    චින්තන ගොඩ නැඟිය හැකිද
    තුවක්කුවත් ගත්තා කියා
    සිසු හඬ යට ගැසිය හැකිද”

    ආ.... තව දෙයක් මතක් වුණා... ජ’පුරේ උපකුලපති කේවට්ට උන්නාන්සේ දෙසුමකදී කියනවා “ලංකාවේ මාක්ස්වාදියෝ හිඟන්නාලු.” මතවාදීමය වශයෙන් ප්‍රයෝගික ජීවිතයේ හෘද සාක්ෂියට එකඟනොවුණ “උන්මත්තකයෙක්” කිව්ව බහුබූතයෝ Type විහිළුවක් ඒක....
    ඉතින් මෙච්චර දේවල් වෙද්දිත් අච්චර අරමුණු අත්හරින්නේ නැතිව ‘කලාව වෙනුවෙන් - පන්ති වෙනුවෙන් - අපි වෙනුවෙන් - නොදැකපු පරපුරක් වෙනුවෙන් ““Fight කරන සහෝදර සහෝදරියනි, උඹලට විතරමයි මේ Salute එක !

    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොට්ට කරගෙන දකින දෙනෙතා රුවිතෙටද බං බැලුවෙ කවිතා

    ‘පිස්සු හැදෙන සඳ කිව්වලු... මේ කැම්පස් ළමයිද? මරුනෙ... අපි නොහිතුවට ඒයි කොච්චර දක්‍ෂ අය ඉන්නවද අෑ... දැන් මයෙ හිතේ ගෝරි බෝරි අඩු ඇති. අදම ලැහැස්ති වෙන්න ලොක්කිවත් තුන්වැනි සැරේට විභාගෙ ලියවලා හරි වාසිටියට යවන්ඩ.’

    මධ්‍යම පාන්තික තාත්තලාගෙ, මධ්‍යම ප්‍රතිපදාගත (බුදු නොවෙන) අම්මලාගෙ මනෝ මූලික සාධකය මේ මොහොතෙ රියැලිටියි. Real පීඩිත ශිෂ්‍යයා වෙනුවට’Real Star’ විහිළුවට ඔවුන් හදවතින්ම කැමැතියි. කඳුළු වැටෙන්න නොදී කඳුළු ගෑස් මැදින් එකා පිට එකා වැටෙනවට උනුන් අකමැතියි. එහා ගෙදර එකාට වඩා තමන්ගෙ එකා මොකෙන් හරි ලොකු වෙනවට ඇස් දෙකෙන්ම කැමැතියි. හැම දවසෙම ප්‍රශ්න විතරක් කතා කරන’ ප්‍රවෘත්ති’ තියෙන රටක, ‘ස්වප්නා’ ගෙන් මත්වෙලා, ‘කවිතා’ බලලා ස්වප්න ත්‍රිලක් එක්ක නිදියන්න ඉතසිතින්ම කැමැතියි. පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න... මොකාද මේ කවිතා?

    මේක කියවන බහුතරේ ඔය රියැලිටි වැඩසටහන වෙනුවෙන් එළියට ආව ‘දැන්වීම් ඇන්දීම’ දකින්නැති. කොල්ලො ටිකක් පෝස්ටර් ගහද්දි පොලිසිය ඇවිත්, ඒ ‘කවිතා’ ගැන කියලා දැක්කම ඔළුව අතගාන්න වගේ නම්‍යශීලී වෙන එකක්. ආ! දැන් මතකෙට ආවා නේද? ඔව්, ඒක තමයි. මේ දැන්වීම ඇතුළෙන්ම එළියට එන මැටි idea එක මොකක්ද? සරලව හිතමු. සරසවි ශිෂ්‍යයො අයිතීන් ගැන - ඉල්ලීම් ගැන පෝස්ටර් ගහනවා නම්, උද්ඝෝෂණ කරනවානම් Black list වරෙන්තුව නිකුත් කරන’ ආරක්‍ෂක බත් බැලයො ‘ශිෂ්‍යයො’ ‘මුවපොව්වො’ වොනවානම් ඔළුව අතගාන්න පවා ලැහැස්තියි කියන එකයි.

    ‘2020 වෙනකොට විදේශීය විශ්වවිද්‍යාල 10ක්’ ලංකාවෙ පිහිටුවනවා කියන ප්‍රකාශ එළිදක්වන පාලනයක රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙ ශිෂ්‍යයා ‘නන්නත්තාර භාවයේ නීත්‍යානුකූල වීම’ ඛේදනීයයි. කෙටුම්පත් සකසන්නන්ට අවශ්‍ය විදිහට, ඒ දේවල් ප්‍රශ්න නොකර සින්දුවක් කියලා පොඩි ජනප්‍රිය Mood එකකට Set වෙන පරපුරක් හැදෙද්දී පාලකයන්ට ආතල්! ඒත් ඉතිහාසගතව මේ ආතල් කුඩු කරන ගිනි සිළුවක් වගේ ශිෂ්‍ය ව්‍යාපාරයක්’ තවමත් හුස්ම ගැනීම ඔවුන්ට හිසරදයක්. සරසවි ශිෂ්‍යයො එක්ක දේශපාලනික සංවාදයකට - ඉල්ලීම් ලබාදීමකට - අඩු තරමෙ හමුවකින් ප්‍රශ්න කතිකාවකට ඇඹරෙන ලොක්කො, රියැලිටි වේදිකාවටම නැඟලා සරසවි දියණියෝ සිපගන්න පවා සූදානම්! බලන්ඩ හසන්ත මහත්තයො, ආශ්චර්යය...

    එදිනෙදා අත්විඳින - දකින - ප්‍රායෝගික යථාර්ථය මඟ හැරලා, ගෙදර ගෙනියන්න නෙවෙයි තවත් පිරිසක් වෙනුවෙන් උපාධිය රැකගන්න සත්‍යග්‍රහ කරලා හීන දකින පරපුරක් අමතක කරන්නෙ කොහොමද? විදේශීය ආයෝජකයන්ට ලාංකේය භුමියෙ ඉඩ හසර විවර වෙනකොට Private University කඩ තැන තැන ඇරෙනකොට ‘අපේ උන්ට’ ලැබෙන්නෙ මොනවද? සිරිපාලලා, රන්එතනලාත් ඔන්න ලැහැස්ති වෙනවා ඉඩකඩම්, හරකාබාන උකස් කොරලා දුවලා - පුතාලා බඩු ගන්න යවන්න. අන්තිමට බලද්දී දිනුමත් නැහැ, ගැහුව (ණයට ගත්ත) තුරුම්පුත් නැහැ, ජනතාව බූරුවො වෙලා විතරයි!

    2014දී රියැලිටිකරණ මානසිකත්වයෙන් සරසවි ‍ෙදාරටුවෙන් පිවිසෙන ‘චූන් වෑන් අනාගතය’ වැඩිදුර දුවන්නෙ නැහැ. මොකද ‘කෙළවීමේ මුව‍ෙදාර’ අත ළඟමයි. අතීතයෙ ‘සාහිත්‍යය කන්නදැයි අහපු ආණ්ඩු - ධවල පත්‍රිකා නාඩගම් නැටුව ආණ්ඩු - ඒ මඟ යමින් ක්‍රමය නඩත්තු කරන වර්තමාන ආණ්ඩු’ එකම මොඩලයේ (නම් විතරක් වෙනස්) අනුකාරකයන්. වැදගත්ම දේ වෙන්නෙ මේ අධ්‍යාපන කෙනහිලිකම්වලට කුහකකම්වලට නොබියව විරුද්ධ වුණ ‘සැබෑ චරිත’ මහපොළොවේ සිටීමයි. ඒ මිනිස්සු පොෂ් පෙනුමට ඉන්න ‘සුප් Stars ලා නෙවෙයි... Real Red Stars’ ලා!

    ඉතින්, ‘කවිතා’ නරඹලා - අමාරුවෙන් රෑට උයාගත්ත සම්බෝලෙයි බතයි ගිලලා - අනෙක් දා පාන්දරම කෝච්චියට දුවන හිතවතුනි, මෙන්න මේ ගැනත් අර’ බුද්ධියද මොකක්ද එකෙන්’ හිතන්න...

    (උදුරා වීසිකොට වසන්තය මහපාරට
    හාමතේ ගියෙ කුමකටද?
    කඳුහෙල් අතර පිපී පරවෙන්නට රහසේ
    නොතියාම උන් සුසුම
    නොකියාම ඒ සුවඳ
    නොහඳුනන මිනිසුන් වෙනුවෙන්
    දෑත පා ළය දී ආදරයෙන්
    වැලඳගෙන අත අත නෑර
    මවු කිරද රත් රුහිර කරවමින්
    වෙඩි උණ්ඩ කෑවේ කුමකටද?)

    කාලෙන් කාලෙට එක එක Reality මුහුණු ඇවිත් හොඳ මිනිසුන්ගෙ Ability ගිලගන්න පුළුවන්. රැයක් පත්තු වෙලා උදේ පාන්දර නිවිලා යන දෙකයි පනහේ අන්ධකාර තරුවක් නොවී මේ පට්ට අඳුර මකන පහනක් වෙන්න ඔව්! උඹට ජීවිත අරගලයෙදි පුළුවන්.

    කවිතා, ඔයා තරහා ගන්න කාරි නැහැ... අපි හැමෝම අතරෙ ඔයා දැනටමත් වළදාපු මළමිනියක් වෙලා ඉවරයි! ඕං එහෙනං මේ විදියට අවසන් කටයුතු කොරලා මතක බණක් දෙසුවා අෑ!!!


    කසුන් මහේන්ද්‍ර හීනටිගල

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහපොළ අරගෙන වහ බොමු

    සිකුරාදා පොළ, ඉරිදා පොළ අත්හැරලා ආඩම්බරකාර සිසු සිසුවියෝ දැන් “මහපොළ” ගන්න සුදු ඇඳන් පෝලිමේ යනවා. අසිරිමත් News අස්සෙ ගින්දර හංගන් ඉන්න සිරිමත් කොල්ලො කෙල්ලන්ට රූප පෙට්ටිය හිනා වෙනවා. අසරණ මවුපියෝ මේ ආටක නාටක බලලා පාලක උත්තමයන්ට ‍ෙදාහොත් මුදුන් දීලා නමස්කාර කරනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රු. 7,500න් 3,000ක ඇඳුම් අරන් පොදුවේ 3,500ක් බෝඩිමට දීලා රු. 1,000ක් ගෙදර යවලා හිස් අතින් නැකැතට වැඩ අල්ලනවා. තවත් තැනක (කොටුවක් වගේ තැනක) අනාගත පරම්පරාව වෙනුවෙන් අද දවස කැප කරන අවුරුද්දට පවා අම්මා අප්පා නොදකින පිරිසක් උපවාස කරනවා. අම්මගේ රටේ තමන්ගේ රටේ භාරකාරය මුකුත් නොදන්නවා වගේ මාධ්‍ය සන්දර්ශනයකින් කිරි උතුරවනවා. ඒවා දකින අපිට බඩ එනවා, බඩ යනවා.

    අවුරුද්දට කලින් වගේම අවුරුද්දෙන් පස්සෙ දිස්ත්‍රික්ක මූලික කරගෙන මේ මහපොළ රංගනයෙන් සිසුන් තාවකාලිකව කුල්මත් කිරීමයි අරමුණ. ඒවා ඇති සැටියෙන්, උත්සව තියලා සිද්ධ වෙච්ච විදිය ඔන්න දැන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නයි යන්නෙ. කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගෙන තිබුණ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානයේදී වෙච්ච දේවල් සාරාංශගතව මෙන්න මෙහෙමයි.

    වැඩේ පටන් ගන්න තිබ්බෙ 8.30ට. හැබැයි පටන් ගත්තෙ 10.30ට. සභා ගර්භයට උතුමෝ වැඩියට පස්සෙ සාටෝප ආසාගෙන අත්පුඩි තැළීමයි ශිෂ්‍යයන්ට කරන්න තිබුණේ. ආ! අමතක වුණා. කට්ටිය වඩින්න කලින් දේශප්‍රේමී ගීත දාලා, පොඩි ආතල් එකකුත් දුන්නා. (සාම්ප්‍රදායික ඔළුවලට) පටන් ගත්තට පස්සේ මැති ඇමැති කතන්දර කෝච්චිවල පැයක් 2ක් කට්ටියව ස්වර්ගයට එක්කන් ගියා. නිවැරැදි සිහිය එළැඹෙද්දී ප්‍රායෝගික නිරුවත පෙනෙද්දී හැමෝම හිටියෙ අපායෙ. අරගල ඕනෙ නෑ, උද්ඝෝෂණ එපා, මහපොළ ෂෝයි, ඔයාලා ෂෝයි කියලා පෝලිමට හැමෝටම ඔළුව අතගාලා ටොකු අනින්න ඔවුනොවුන් වගබලා ගත්තා. ළමයි මඟ බලාගෙන හිටියෙ මේක ඉවර වෙන්නෙ කීයටද කියලා.

    ප්‍රශ්න 1,000ක් තියෙද්දි බොරු වැල් බයිලා ඇද බාලා මේගොල්ලො ගිලුණෙ මරාන්ධකාරයේ. ළමයි ගිලුණෙ තදබද අන්ධකාරයේ.
    අනාගත පරපුරක සනාථන පැතුම් අනාථ කරලා ඉවර වෙලා දෙසවන්වලට මී පැණි වැක්කෙරුවට ළමයි ඇන්දෙන්නෙ නැහැ කියලා එස්. බණ්ඩෝත්තමයෝ දන්නෙ නැහැ. කොළඹට ආපු ඒජන්තවරු මේ ගැන දන්නවා. හැබැයි නොදන්නවා වගේ ඉන්නවා.

    පියාඹන්නට කාක්කන්ට
    අයිතිය ඇත හිසට උඩින්
    අහස අපේ නොවන හින්දා!
    ඒත් අපේ හිස මුදුනේ
    කූඩු තනා බිජු දමන්නට
    අයිතිය නැත කාක්කන්ට
    තවම ඔළුව අපේ හින්දා!

    රට හැම තැනම එකම අච්චුවෙන් වුණ මේ වගේ සිදුවීම් ඒ හැමතැනදීම සමරූපීයි. කන්වලට ඇහෙන කතා පට්ට විරූපීයි.
    මහනුවර දිස්ත්‍රික්ය මුල් කරගෙන තිබුණ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානයේදී වෙච්ච දේවල් සාරාංශගතව මෙන්න මෙහෙමයි. මේක මුලින්ම තියෙන්න තිබුණේ අප්‍රේල් 11 වැනිදා. ඒ වුණාට Plans වල හොඳකම කියන්නෙ මේක තිබුණේ 21 වැනිදා. මහපොළ සොච්චමින් අවුරුදු කන්න හිටිය පරපුරට සොරි අෑ. ඒ වගේම වැඩේ පටන් ගන්න තිබුණේ උදේ 8ට. කාලවේලාව පන්නලා කාලගෝල පාලකයෝ Stage නඟිද්දි උදේ 9යි. අතරතුර පැයම වාඩිවෙලා හිටිය (කැම්පස්) කොල්ලො කෙල්ලන්ට අහන්න ලැබුණෙ (පාසල්) දේශාභිමානී ගීත. පටන් ගත්තට පස්සෙ හුරුපුරුදු බයිලාව තාලෙට කියන්න ගත්ත උදවිය පේරාදෙණියේ අඛණ්ඩ සත්‍යග්‍රහය දිහා බල බල ඇවිත්, මහනුවර (දළදා හාමුදුරුවෝ ඉදිරියේ දත් ගලවනවා.) ඔවුන් කියන්නෙ “අද මේ (තුමා) ආවේ නුවර
    ළමයින්ට තියෙන ආදරේ හින්දමයි” කියලා. පව් නේද ඒ බණ්ඩෝත්තමයා!.

    අනෙක් කාරණේ තමයි රට වටා වටේ ගිය මේ සන්දර්ශන මහපොළින් (බ’සරි වගේ ඇයි මේක නොලැබෙන්නෙ?) යටි අරමුණ වුණේ “තෙල” (නිල් තෙල) ඔළුවලට බස්සන එක. ඒත් නායකත්ව පුහුණුව වගේම ඒක “අපේ චූන් අපිට චූන්” වැඩක්! හැම ළමයටම ඕනි වුණේ Check එක මාරු කරලා මුදල් ගන්න එක විතරයි. දුප්පත්කම් හිල් වෙවී වැක්කෙරෙද්දි ඒවාට පැලැස්තර ගහලා අරගල නසන්න අමාරු වෙයි.! සහෝදර සහෝදරියනි ඔය 7,500ත් අරන් අරමුණු 7,50,000ක් තියන් අපි මොනවා කරන්නද?”.

    මහේන්ද්‍ර හීනටිගල