‍රටේ අනාගතය කියවෙන ගීතයක්

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ‍රටේ අනාගතය කියවෙන ගීතයක්

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    එවා නොවික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කළුගල් වලට විකුණා ගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝළකට
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට
    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට


    හැමෝටම ඇහිලා තියෙන සිංදුවක් උනාට කීයෙන් කීයද මේ සිංදුව හරියට අහලා තියෙන අය ඉන්නේ.
    මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනය කරපු
    රෝහණ වීරසිංහ සංගීතය නිර්මාණය කරපු නන්දා මාලනී ගායනා කරන් මේ සිංදුවේ කියන සමහර දේවල් දැනටමත් ඇත්ත වෙලා.සමහර දේවල් ඇත්ත වෙන ගමන්.හීනෙකින් වත් නොහිතුවාට තව ටික කාලෙකින් අනික් ඒවත් ඇත්ත වෙයි,සිංහලයෝ විදියට උපන් බිමට මෙහෙවරක් නොකලොත්.උපරිමයෙන් ඕනේ නෑ පොඩිවට හරි.හම්බ ගුබ්බෑයම් වලට රිංගන එක නවත්තපල්ලා.අපේ රටේ දේ අගය කරපල්ලා.හවසට අතේ තියෙන සල්ලි වලට අඩියක් ගහලා ජාතිය ගොඩනගන්න හැදුවට කවදාවත් අපිට නැගිටින්න බෑ.මුලින්ම අපි දියුණු වෙමු.ඊට පස්සේ නැති බැරි තව සිංහලයෙකුට අත දෙමු.එතකොට ඉබේම රට ජාතිය දියුණු වෙයි.ඔය සිංදුවේ කියන දේවල් සිදු වෙන්න නොදී නතර කර ගන්නත් හැකි වෙයි.