ඉස්සෙල්ලම කියන්න ඕන මම ම තමයි The Last Row එකෙත්
"පුම්බපු බැලුම් බොලේ…… " විදියටම මේ කතාව ලියුවේ කියලා..
අ.පේ ඉස්කෝල කතා ගානක් ගිය නිසා මටත් හිතුනා නෑ.. නෑ…මේ ඉස්කොලේ උන කේස් එකක් ගැන කියන්න නෙමෙයි පරිබාහිර එකක් ගැන කියන්න හැදුවෙ.
ඇත්තටම උන දෙයක් නෙමෙයි මම ඇතුලු පිරිස කරපු දෙයක්..
“ඉස්සෙල්ලම කියන්න ඕන ඒ කල දේ වැරදී කියල කාවවත් බය කරන එක හොද වැඩක් නෙමෙයි..” නොතේරුම් කමට කොලා කියමුකෝ.
ඉතින් O/L එහෙම ලියල ඉවර උන කාලයක් ඔය ඉස්කොලෙ ගිය ඕන කෙනෙක්ට තියෙනවනේ.ඉතින් ඔය විභාගෙ ඉවර උනාම මිටින් හල(අත ඇරිය කියන එක) කුරුල්ලකු සේ වගේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
ඒත් මොන කරුමයක් ද විභාගෙ ඉවර වෙලා ගෙදර සතියක් ඉන්න වුනේ නැහැ.මෙන්න මාව කොම්පීටර් කැලෑසියකට යවන්න හදනවා.මම ගේ දෙක වෙන්න කෑගහල මගේ විරෝධය පෑවත් අන්තිමට මට ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්න වුණා.යන්න අකමැති වෙන්න හේතු දෙකක් තිබුනා.
1).කඩ්ඩ සම්බන්ධ ප්‍රශ්නය(මොකද මම ඒ කාලේ එච්චරටම ඉංගිරීසියට ආසයි)
2). කැලැසියේ මම වැටුන පන්තියට කොල්ලෙක් කියල පුලුටකටම රෙජිස්ටාර් වෙලා උන්නෙ මම විතරයි.
පොඩි කාලෙ ඉදන්ම පිරිමි පාසලකට ගිය මට ඒක සෑහෙන මෙවුව එකක් උනා.මගේ අකමැත්තෙ තරම කොච්චරද කියනව නම් පලවෙනි දවසෙ අම්මා බලෙන් එක්ක ගිහින් (ඇදන් වගේ කියුවත් හරි) බාර දුන්නෙ නැත්තම් මම කැලේ පනී කියලා.පළවෙනි දවසෙ 5ට ගැන ගන්න බැරුව හිටිය මම දෙවනි දවසේ ඉඳන් 10ත් එහා ගැන්න.
දෙවනි දවසෙ මම එච්චරටම උනන්දුවකින් කැලෑසියට ගියා.මොකද කියනවනම් පලවෙනි දවසෙ උදේම හදිස්සියෙ රෙජිස්ටාර් උන කොල්ලො දෙන්නෙක් හිටියා.මගේ වෙලාවෙ හොඳකමට උන් දෙන්නත් අපේ ඉස්කෝලෙම ඩබලක්.ඔතනින් එහා කැලෑසිය ගැන කියන්න යන්නැහැ.කාටත් පොදු විදියට කාලයාගේ ඇවෑමෙන් ඒ ෆැක්ටර් අපිටත් වැඩකලා.
ඉතින් මේ කැලෑසියේ එක එක ටයිප්(ඒ කියන්නෙ එක වගේ උනුත් හිටිය කියල නෙමෙයි) ඈයො හිටියට ටික දොහකින් කස්ටිය සෑහෙන්න යාළු මිත්‍ර උනා එක ගෑනු ළමයෙක් ඇරෙන්න.අපි මොකද්ද ඒ ගෑනු ළමයට දාන නම සඳා නෑ.. නෑ… නම් මතක් වෙන්නෙත් නැහැ අප්ප..හරි “භාෂි” කියමු.මේ කෙල්ලගෙ පුදුම ආඩම්බරයක් තිබුනේ,ලාවට වගේ ලස්සනකුත් තිබුනා ඒ උනාට ඊට වඩා ලස්සන කෙල්ලො ඕන තරම් ඉන්නවා.කොල්ලො එක්ක තියා හිටපු කෙල්ලො එක්ක වත් මෙයා ගේ එහෙමකට කතා බහක් නැහැ.ඉතින් මේ කෙල්ලගෙ රැස් බස්සන්න අපි සාමූහික ප්‍රයත්නයක් දරන්න ඕන කියල අවසාන තීරණයට කොල්ලො සෙට් එක ආව කියමුකො (සෙට් එක කියුවට වැඩේට සම්මාදන් වුනේ තුන්දෙනයි මේ වෙද්දි තව කොල්ලො හයදෙනෙක් ඇවිත් හිටියා.) ඒත් මොනව කියල කරන්නද කල්පනා සාගර වල ගිලී ඉද්දි ඔන්න මගේ ළපටි මොලේට පොඩි අදහසක් ආවා.
මෙහෙම කතාවක් තියෙනව මම ඇත්තද කියල නම් දන්නැහැ ලොකෙ ඉන්න ඕනම ගැණු කෙනෙක් එක්කො කැරපොත්තට නැත්තම් හූනට භයයි ලු.මේක මගේ මීටරේට ආවා.ඒත් භාෂි ඔය මොකාටද භය කියල අපි දන්නෙ නැහැ නේ.කොහොම හරි ඔය සත්තු දෙන්නගෙන් අපිට හොයා ගන්න පුළුවන් උනේ මීඩියම් සයිස් පණ තියෙන කැරපොත්තෙක් විතරයි.දැන් අහන්න එපා මොකෝ හූනෙක් හොයා ගන්න බැරි උනේ කියල.ඇත්තම කියනව නම් හූනෙක් අරන් එන්න එකෙක් වත් ඉදිරිපත් උනේ නැහැ.
ඒ ඇයි කියලා අහන්නත් එපා.
ඔන්න ඉතින් ඒ ලස්සන දවස උදා උනා.උදය පාන්දරින්ම මම ඇතුලු පිරිස කැලෑසියට වාර්තා කොලා කියමුකො.ඔන්න දැන් භාණ්ඩෙ අරන් ආපු පොරත් සේප් එකේ මට අදාල සතා භාරදුන්නා.කැලෑසියෙ සිරිතක් තිබුනා උදෙන්ම ආවම තමන්ට හිමි ආසනයෙන් බෑග් එක තියල පටන්ගන්න කම් (ඇතුලට වරෙව් කියනකන්) එලියට වෙලා වල් පල් කතා කරන එක.අනික් දේ තමයි කෙල්ලො අරන් එන්නේ පන් මලු වගේ ලොකුබෑග් ඉතින් මේ භාෂි ත් එදා උදෙන්ම ඇවිත් ආසනයෙන් බෑග් එක තියල ගියා.
ඔන්න දැන් තමයි මිසන් ඉම්පොසිබල් වෙන්න පටන් ගත්තේ.පන් මල්ල පිටිපස්සට උඩින් ආවා ඔන්න එකායි. දෙකායි.. තුනායි…පන් මල්ල ඇරියා.
අප්පට සිරි ඒක ඇතුලට කැරපොත්ත දැම්මොත් ඌට ආත්මෙකට එලියට එන්න වෙන්නෙ නැහැ.කැරපොත්තා ගැන ඇතිවූ මහත් වූ අනුකම්පාව නිසා අපි භාෂිගේ පැන්සල් කේස් එකට භාණ්ඩෙ නිදහස් කලා.බෑග් එක තිබුන විදියටම ස්ථාන ගත කලා.ඔන්න දැන් පාඩම පටන් ගන්න වෙලාව ආවා.පාඩමට අදාල පොත් පෑන පැන්සල…..අහා
භාෂිත් ඔන්න එයාගෙ පැන්සල් කේස් එකේ Zip එක අරිනවා.සරා………….රා…………….ස්……..”
අහෝ කේදයකි ඉරකි තිතකි.මේ කෙල්ල කැරපොත්තට බය නෑනේ..ගේමක් නැතුව ඇතුලෙ හිටපු කැරපොත්තගෙ අඬු දෙකෙන් අල්ලලා අරන් මූව බිමින් තිබ්බා.
අම්ම ගහයි කොස්සෙන් කියුවලු.මෙන්න දැන් කැරපොත්තා පන්තිය පුරා දුවනවා ඒ කෙල්ල බය නැති උනාට පන්තියෙ හිටපු අනික් කෙල්ලො සෙට් එක ඒකටත් හරි යන්න..කෑගහනවා…”ගහපියාවු,මරපියාවූ,ඊයා..අයියෝ..අම්මෝ”….පුටු උඩ නැඟන් එක මරාලයයි.
කෙල්ලො පැත්තක කියමුකො අනේ කැරපොත්තා කෙල්ලන්ගෙ කලාපයෙන් බේරිලා නිදහස පතා කොල්ලන්ගෙ කලාපයට ආවා.හරියට ගෙනාපු එකාටම මාව ආයේ හිටපු දිහාටම ගිහින් දාපන් කියල වගේ.උගෙ දුක අහන්න එක කොල්ලෙක් වත් හිටියෙ නැහැ.මොකෝ කොල්ලො ටිකත් පුටු උඩ.(මොකද ඔය කරපු වැඩේ හරියටම මොකද්ද කියල දැනන් හිටියෙ වැඩේට සම්මාදන් උන උන්ම විතරයි.).කෙල්ලොන්ටත් වඩා හයියෙන් කෑගහපු කොල්ලොත් හිටියා..බය වෙලා…
ඔය ඔක්කොටම වඩා කැරපොත්තා ගෙනාපු එකයි ප්ලෑන ගහපු මායි බය වෙලා හිටියේ.වැඩේ ඇඩ්වෙන්චර් උන නිසා..කොහොම හරි කැරපොත්තව කැලෑසියෙන් එලියට ගිහින් දැම්මෙත් භාෂි මයි(කැරපොත්තට මොකද කලේ කියල නම් අපි අද වෙනකන් දන්නැහැ.).
මොකෝ අපි ඉදිරිපත් වෙලා ටින්කිරි ගාගන්න ඕන නැහැ නේ.කොහොම හරි කැරපොත්තා පන්තියට ගෙන ඒමේ වගකීම භාෂි ගේ ගිනුමට තමයි බැර උනේ.මොන හේතුවක් නිසාද මන්ද එදා ඒ කේස් එකෙන් පස්සෙ ඉඳලා භාෂි ගේ රැස් නම් බැස්සා..නිකන් පුම්බපු බැලුම් බොලේ අත ඇරිය වගේ…
ඇත්තටම ඇයි ගෑණු ළමයි අර සත්තු දෙන්නට බය?