-----------SATHYA KATHA[TALK] KALATA OBATA GODAK PIN. I RESPECT YOUR GREAT INTELLIGENCE. ELAKIRIYE MAMA FIRST TIME REP OBATA DENNA TRY KARANAWA. MATA +1 REP POWER EKAK THIYENAWA. REP +1. REP DUNNA VIDIYA HARIDHA MANDHA. ELAKIRIYE FIRST TIME MEA MAMA REP DENNE. VARADI NAM HARIYATA REP DENA VIDIYA MATA KAWRU HARI KIYALA DENNA PLEASE. Navathath mama mea thread eka dapu kenata mage full respect eka pirinamami![]()
"පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න"
"හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"
අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා
අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ
ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් විසින් යමක් කරන
ස්වාධීන මිනිස්සු හදන්න බැහැ.
හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි.
ආට් ඩිග්රි එකක් අතේ තියාගෙන පාරවල් ගානෙ උද්ගොෂණ කරලා ආණ්ඩුවෙ රස්සාවක් බලහත්කාරයෙන් ලබාගෙන ඉන්න ඔබ සත්‍ය වශයෙන්ම
රටට බරක්. ඔබට පුංචි කාලේ ඉඳලම වියදම් කලේ රජය. ඔබ උපාධිය ගන්නෙත් රජයේ මුදලින්. හැමදේම රජයෙන් කරගෙන බලහත්කාරයෙන්
රජයෙන්ම රැකියාවක් ලබාගන්නා ඔබ ඉහත තත්වයට පත් වෙන්නෙ ඔබේ ස්වකීය වැරදි හේතුවෙන්මයි.
ව්‍යාපාරිකයෙක් යන්නේ නිතැතින් ම අවධානම් දැරීම ඇතුලත් වෙලා තියෙනවා. අවධානම් දැරීමෙන් තොරව කිසිදු සාර්ථක යමක් බිහි වෙන්නෙ නැහැ.
ඔබ තවත් එක් රජයේ සේවකයෙක් වෙනවද එහෙමත් නැත්තන් ස්වකීය උත්සාහයෙන් ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒ සඳහා වෙහෙස වී වැඩ
කරලා තමන්ගේ අනාගතය සුභදායක කරගන්නවා ද කියන තීරණය ඔබ සතුයි.
අවසානයේ ඔබම හිතන්න ලොකු රස්සාව ද හොඳ දිනෙක ලොකු රස්සාවල් සිය ගණනක් බිහි කළ හැකි පොඩි බිස්නස් එක ද හොඳ කියලා. ලංකාව
දියුණු නොවෙන්න ප්‍රභලතම හේතුවක් තමයි අපේ මුල් බැසගත් පරාධීන චින්තනය. රට දියුණු වෙන්න නම් මුලින්ම චින්තන විප්ලවයක් ගොඩනගමු.
“I failed in some subjects in exam,
but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
― Bill Gates
Last edited:

මට කාලයත් එක්ක තේරුණා දෙයක් තමයි. ක්ෂේත්රය මොකක් වුනත් creative mind එකක් තියෙන්නම ඕනේ. එක කලාව සම්බන්ධ ක්ෂේත්‍ර වලට විතරක් අදාල දෙයක් නෙමෙයි. වෙනස් විදිහට හිතන්න බැරිනම මරෙන්නේනම් නැහැ, එත් දියුණු වෙන්න අමාරුයි.