අලෙවි කරුවෝ විරෝධතා.. ලොතරැයි අලෙවිය ලෙල්ලටම වැටේ..
![]()
ලොතරැයියක මිල රුපියල් 30 තෙක් ඉහල නංවීමට විරෝධය පල කරමින් රට පුරා ලොතරැයි අලෙවිකරුවන් හා අලෙවි නියෝජිතයින් 50,000ක් පමණ අද සිට තෙදිනක් ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කල බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් බී.එස්.එස්. මදරසිංහ පවසයි.
කලින් පැවති රඅපියල් 20 මිලටම ලොතරැයි මිල පහල දමන තෙක් තම විරෝධතාවය පවත්වාගෙන යන බවද කී ඔහු බ‍්‍රහස්පතින්දා දිනට පෙර සාධාරණ විසදුමක් නොලැබෙතොත් දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යන බවද ඔහු කියයි.
මේ අතර ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ රට පුරා ලොතරැයි අලෙවිය වේගයෙන් පහල යමින් ඇති බවත් මේ වනවිට එය 50% මට්ටමට පැමිණ ඇති බවත්ය.
bump
මහා ලොකු මුදල් ඇමතියි නළු මොලෙයි...මුන් දන්න රාජ්‍ය පාලනේ......




