දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එම මහ නගර සභාවේ සභාපතිව සිටි ධනසිරි අමරතුංග මහතා විසින් විවිධ අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස හෙජාස් ජාත්‍යන්තර පාසලේ ගුරුවරු පිරිසක් විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අංක ACC/BC/2015/161 යටතේ ගොනුකර ඇති මෙම පැමිණිල්ලට අනුව නගරාධිපතිවරයා විසින් එම පාසලේ පාලන අධිකාරයෙන් වරින් වර අල්ලස් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
දෙහිවල සරණංකර පාරේ ඉදිකරන ලද හෙජාස් ජාත්‍යන්තර පාසලේ නව සිව් මහල් ගොඩනැගිල්ලක සැලසුම අනුමත කරදීමේදී මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂගේ රුව ප්‍රදර්ශනය කිරීම සඳහා දැන්වීම් පුවරු සැකසීම වෙනුවෙන් පිලිවෙලින් රුපියල් ලක්ෂ පහක (රු. 500,000) සහ රුපියල් ලක්ෂ දහයක (රු. 1,000,000) මුදලක් එම පාසලේ විදුහල්පතිගෙන් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම ගනුදෙනු, පාසලේ අධ්‍යක්ෂවරු දෙදෙනාගේ හා විදුහල්පතිනියගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමෙන් අණාවරණය කර ගත හැකි බවද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිස වෙත ලබාදී ඇති ලිපිගොනුවේ තවදුරටත් වාර්ථා වේ.
නගරාධිපතිවරයා විසින් බල ප්‍රදේශයේ පුද්ගලයන්ගේ කටයුතු කර දිම වෙනුවෙන් අල්ලස් ලබා ගනිමින් සහ දේශපාලන කටයුතු කිරීම සඳහා තනතුර භාවිතා කර මුදල් ලබා ගනිමින් සභාපති තනතුරේ ගෞරවයට හානි වන අයුරින් කටයුතු කර ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වෙත යොමුකර ඇති ලිපි ගොනුවේ නිරීක්ෂණවල ඒ බව සඳහන් වේ.
ඉහත කරුණු පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද අධ්‍යයන වාර්ථාව 2015.05.11 දින අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව වෙත යොමු කර ඇතත් ඊට අදාලව ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා නොවේ.
පසුගියදා නිමාවට පත් වූ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ අවසන් වටයේදී මේනකා පීරිස් රඟ දැක් වූ නර්ථනය පිළිබඳව එම වැඩසටහනේ නිවේදකයා අමාත්‍ය මර්වින් සිල්වාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා උපහාසය දැනවෙන ආකාරයට පවසා සිටියේ,
‘‘මේනකාගේ නර්ථනයන් පිළිබඳව මට අපේ ධනසිරි හැම වෙලාවෙම කියවනවා’’ යනුවෙනි.
දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මේනකා පීරිස්ගේ තදබල රසිකයෙකු වී ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වන අතර, අවසාන තරඟයේදී ඇයව දිනවීම සඳහා ධනසිරි ඇයට සිම් කාඞ්පත් 5,000 ක් ලබාදී ඇති බවත්, ඊට ප‍්‍රතිඋපකාරයක් ලෙස ළඟදී පැවැත්වීමට නියමිත දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ මහනගර සභා මැතිවරණයන්හිදී එක්සත් සන්ධානයේ මැතිවරණ වේදිකාවට පැමිණ ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායමට සහයෝගය පළ කරන ලෙස හිටපු නගරාධිපතිවරයා මේනකා පීරිස්ගෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
සෙස්ස පස්සට.....