අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා..- ධනසිරි අමරතුංග

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොහුවල මංසන්ධියේ ගුවන් පාලමක් සෑදීම සඳහා මුල්ගල් තැබූ අවස්ථාවට තමන්ට ආරාධනා නොකල බව දෙහිවල-ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් තම කණගාටුව සඳහන් කරමින් සම තම සමාජජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව බිහි කිරීම සඳහා මුදල් කෝටි ගණන් වියදම් කල අය දැන් ආණ්ඩුවට අමතක වී ඇති බවයි.

    එම සම්පූර්න සටහන මෙසේය.

    අද දින කොහුවල හන්දියේ ගුවන් පාලමක් හැදීමට මුල්ගල තියන්න පිටරටක ඇමති කෙනෙක් සහ අපේ රටේ මහා මාර්ග ඇමති ‘මගේ මිත්‍ර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මා’ ඇවිත් මුල්ගල තියලා ගිහිල්ලා තියනවා. කියන්න කණගාටුයි දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මම. නමුත් මට කවුරුත්ම ආරාධනා කරෙත් නෑ මම දන්නෙත් නෑ. මම අද මගේ පෞද්ගලික වැඩකට නුගේගොඩ පාරෙන් යද්දි මම දකිනවා පොලිසියයි මිනිස්සුයි එතන පිරිලා ඉන්නවා. එතන පොලීසියෙන් හිටිය නිසා මම දුරකථන ඇමතුමක් දුන්නා එතැන හිටිය පොලිස් නිලධාරි මහත්මයෙකුට. එතුමා තමයි මට කිව්වේ එතන ගුවන් පාලමකට අද මුල්ගල තියෙනවා කියලා. හයියෝ පුදුම ආණ්ඩුවක්…. අපිම ආණ්ඩුව හදලා, අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කරලා, අපි ආණ්ඩුව හදන්න මහන්සිවෙලා හිඟාකාලා හිඟාකාලා ඡන්ද ටික එකතු කරල ආණ්ඩුව හැදුනට පස්සේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි හරිම කණගාටුයි…!
    මම තාමත් මහින්ද මහත්තයා ට පන වගේ ආදරෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහුවලට ගුවන් පාලමක් අවශ්යයි, අපේ ආණ්ඩුව හරි දේ කරනව ඔහොම යන්,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොහුවලට ගුවන් පාලමක් අවශ්යයි, අපේ ආණ්ඩුව හරි දේ කරනව ඔහොම යන්,


    ආණ්ඩුව හදන්න මහන්සිවෙලා හිඟාකාලා හිඟාකාලා ඡන්ද ටික එකතු කරල ආණ්ඩුව හැදුනට පස්සේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි හරිම කණගාටුයි…!
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නිකන් පිනට ඔය කෝටි ගණන් දෙන්නෙ නැහැනෙ. උන්ට දේවල් නැති වෙනකොට තමයි කෑ ගහන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොහුවලට ගුවන් පාලමක් අවශ්යයි, අපේ ආණ්ඩුව හරි දේ කරනව ඔහොම යන්,
    රටට කුඩු ගේන එකෙක් ඕනෙ වෙලා තියෙන්න ඇති නේද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ගෑස් පෝලිමේ හිටපු මනුස්සයෙක්ට හොඳටම කේන්ති ගිහින්

    "ගෝඨාභය හින්දා තමයි මේ ඔක්කොම" කියලා බැන බැන ඉඳලා ගෑස් පරක්කු උන තැන
    "මම යනවා ගෝඨාභය මරන්න, නැත්නම් මේ ප්‍රශ්නේ විසඳෙන්නෑ" කියලා පොලිමත් අතෑරලා ගියාලු.

    ටික වෙලාවක් ගිහින් අර මනුස්සයා ෂේප් එකේ ඇවිත් ආපහු පොලිමේ පිටිපස්සෙම හිටගන්නවා දැකපු මනුස්සයෙක් "මොකෝ ගෝඨාභය මැරුවද? ආපහු පෝලිටම ආවේ" කියලා ඇහුවලු.

    බිම බලාගෙන උත්තර දීපු මනුස්සයා මෙහෙම කිව්වලු.
    "එතන පෝලිම මීට වඩා දිගයි"
     
    • Haha
    Reactions: sakuntha1996