‘ගුරුගේ නේචර් පාර්ක්’ වටලයි
ජා ඇල වැලිගම්පිටිය ‘ගුරුගේ නේචර් පාර්ක්’ නම් පුද්ගලික සත්ව උද්‍යානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) වටලනු ලැබිය.
සත්ව හිංසනය මත ලැබුණු තොරතුරු මත වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබූ අතර, එහි නීතිවිරෝධී අයුරින් තබාගෙන සිටි සත්ව විශේෂ හා සත්ව කොටස් ද එහි කළමනාකාරවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ.දික් කොබෙයියන් මාල කොබෙයියන් ඉබ්බන් හා අලියෙකුගේ අස්ථි කොටස්ද එහි තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ.
වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ මේ ආකාරයේ සතුන් තබා ගැනීම තහනම් වන අතර එවැනි සත්ව කොටස් තබාගෙන සිටින්නේ නම් වාර්ෂිකව බලපත්‍ර අලූත් කරමින් ඔවුන් තබා ගතයුතු බව එම දෙපාර්තමේතුව පවසයි.

Last edited:

Ehema saththunta wada didi salli hoyana park wahalama danna one 