‘ගොනෝරියා’ හැදුනොත් මොකද වෙන්නේ?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ලෝකයේ ව්‍යාප්තය වැඩි රෝග අතරේ ලිංගාශ්‍රිත රෝග (Sexually Transmitted Infections – STI) ඉදිරියෙන්ම ඉන්නවා. ඒ අතරින් ගොනෝරියා කියන්නේ නිතර නම ඇසෙන රෝගයක්. ලංකාවේ පවා නිතර රෝගීන් හමුවෙන නිසා ගොනෝරියා ගැන දැනගෙන ඉන්න එක ඔබට වැදගත් වේවි.

    හැදෙන්නේ කොහොමද?

    ගොනෝරියා හැදෙන්නේ නයිසීරියා ගොනෝරියේ කියන බැක්ටීරියාව නිසා. මෙම බැක්ටීරියාව ඇතිවෙන්නේ ලිංගාශ්‍රිතවයි. ඒ කියන්නේ කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව සහ පුරුෂයන්ගේ පුරුෂ ලිංගය ආශ්‍රිතව යි. මේ බැක්ටීරියාව ඉතා ඉක්මණින් ආසාදිත කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්.

    රෝග ලක්ෂණ

    පුරුෂයන්ගේ නම් බොහෝ වේලාවට අධීක මුත්‍රා දැවිල්ල, වෙනදාට වඩා නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව, මුත්‍රා මාර්ගයෙන් සැරව වැනි ද්‍රාවණයක් පිටවීම තමයි රෝග ලක්ෂණ විදිහට හඳුනගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ රෝග ලක්ෂණ එක්ක වෙනත් ශාරීරික අපහසුතා ඇතිවෙන්නත් ඉඩකඩ තියනවා.

    කාන්තාවන්ට නම් යෝනි මාර්ගය හෝ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ශ්‍රාවයක් පිටවීම තමයි ප්‍රධානම රෝග ලක්ෂණය විදිහට දකින්න පුළුවන් වෙන්නේ. ඒත් භයානකම තත්වය තමයි ගොනෝරියා තත්වය උත්සන්න වෙනකල්ම බොහෝ කාන්තාවන්ට රෝග ලක්ෂණ නොපෙන්වීම.

    ප්‍රතිකාර තියනවද?

    ඔව්. ඕනෑම ලිංගාශ්‍රිත රෝගයකට ප්‍රතිකාර තියනවා. මූලික වශයෙන්ම මේ රෝග ලක්ෂණ පවතිනවානම් සහ ඔබ ඔබගේ බිරිඳ හෝ සැමියා නොවන ආගන්තුකයෙක් සමග අනාරක්ෂිතව අභ්‍යන්තර ලිංගිකව එක්වුණානම් (කොන්ඩමයක් පළඳින්නේ නැතිව) හොඳම දේ ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක.

    මේ සඳහා රජයේ රෝහලක නම් ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයට ගිහින් රුධිර පරික්ෂාවක් කරලා ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුද්ගලික රෝහල්වල පවා ඉන්න ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. බොහෝවිට මේ රෝගය නිට්ටාවට සුවකරන්න පුළුවන් නිසා ඉක්මණින් ප්‍රතිකාර ගන්න එක සහ ඒ ප්‍රතිකාර නිසිපරිදි කරගෙන යාම ඉතා වැදගත්.

    ප්‍රතිකාර නොගෙන හිටියොත්?

    මේ ගොනෝරියා රෝගයේ බැක්ටීරියාව ආසාදනයක් සිදුවීම එක්ක ශරීරයේ අභ්‍යන්තරයට පැතිරයන්න පුළුවන්. එහිදී කාන්තාවන්ගේ පැලෝපීය නාල ඉදිමීමක් සමග අවහිරවීමක් වගේ තත්වයක් ඇතිවෙලා මදසරුභාවය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම්විට පැලෝපීය නාලය තුළ ගැබ්ගැනීම් අවදානමක් පවා ඇතිවිය හැකියි. මෙය ඉතා අනතුරුදායක තත්ත්වයක්.

    ඒ වගේම ආසාදිත මවකගෙන් බිහිවෙන දරුවාගේ ඇස්වල ගොනෝරියා විෂබීජ තැවරීමෙන් අන්ධභාවයට පත්වීමේ අවදානමක් ද පවතිනවා.

    පුරුෂයෙක්ගේ ශරීරිය පුරා මෙම රෝගී තත්වය පැතිරුණහොත් විවිධ සංකූලතා ඇතිවීම සහ අකර්මණ්‍යවීම සිදුවෙන්න පුළුවන්.

    මුල් ලිපිය